top of page
  • Writer's picturePrisila Godahewa

🌏කොන්ත්‍රාත්තුව🌏

(දෙවන කොටස)

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශ්වවිද්‍යාලයකට, මගේ පශ්චාත් උපාධිය ලබා ගැනීම සඳහා මෙරටට පැමිණි මම ,මේ වනවිට අවුරුදු තුනක් ඔස්ට්‍රේලියාවේ ගත කර තිබුනි. දිගටම ඔස්ට්‍රේලියාවේ නැවති, මගේ ස්තිර පදිංචිය මෙහි සනාත කරගන්නට, පෙරුම් පුරමින් සිටින මම, ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි සියල්ල සකස් කරමින්, මගේ වීසා දික්කරගත හැකි ක්‍රම සොයා බලමින් ඒ වෙනුවෙන් උපරිම වෙහස ගනිමින් ඉන්නෙමි.

මගේ ඔස්ට්‍රේලියානු ජාතික පෙම්වතා, මාහට නීත්‍යානුකූලව කසාඳ බැදගන්නට හැකි උන හොත්, මා හට කිසි අමාරුවක් නැතුවම පුරවැසිභාවය ගන්නට හැකිබව මම දන්නෙමි. නමුත් විවාහයක් සදහා ඔහු මට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරන තුරු, තව අවුරුදු කීයක් හෝ මම බලා සිටිය යුතුය. හේතුව මෙරටේ පිරිමියාට විවාහ වෙන අදහස එනතුරු , පෙම්වතිය ඔහේ, බකන් නිලාගෙන බලා සිටිය යුතු නිසා... . ඒ වෙනුවෙන් ගැහැනියකට කතා කිරීමට අවසරවත්, ඉස්සර විය නොහැකි නිසාත්, මමත් ස්ට්ව් මට විවාහ යෝජනාවක් ගෙනෙන තුරා, දෑස් දල්වා බලා හිදින්නෙමි.

මම දිගටම ස්ටිව්වෝව මගෙ පැත්තට හරවා ගනිමින්, ඔහුව දිගටම මා වෙනුවෙන්ම අදරෙයෙන් බැඳ තබා ගැනීමට උත්සහ ගනිමින් ඉන්නෙමි... . ස්ටිව්වෝ සමග මට පුලුවන් ඉක්මනට විවාහ වෙන්නට ලැබුනොත් මගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අමාරුවක් නැතුවම මට ලබා ගැනිමට හැකි බව දන්නා නිසා, එයට පෙරුම් පුරමින් මම ස්ටිව් මට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරනකම් නොවිසිල්ලෙන් බලා සිටින්නෙමි.

" චතුරි ඔයාව මට යුනිවර්සිටි එකේදි හම්බුනේ, ඔයා මේ රටට ඇවිත් අවුරුදු දෙකකට විතර පස්සෙනේ....එතකම් ඔයාට වෙන බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම හිටියෙම නැද්ද ...?"

"මම ලංකාවේ ඉන්න කාලේ, මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා...ඒත් අපේ අම්මලා එයාට කැමති උනේ නැති නිසා, මම ඒ සම්බන්ධය නවත්තලා තමයි ඔස්ට්‍රේලියාවට ආවේ....මෙහෙ ඇවිත් යුනිවර්සිටි එකේ වැඩයි, රස්සාවේ වැඩයි කරන කොට මට එයාව නිකම්ම අමතක වෙලා ගියා....මට වෙන කා එක්ක වත් යාළුවෙන්න වෙලාවක් තිබුනෙ නෑ මෙහෙ ආව මුල් කාලේ.....මාත් එක්ක කවුරුත් යාළු වෙන්න ආවෙත් නෑ ....මට ඔයාව අදුන්නලා දුන්නෙත්, මාත් එක්ක ඉගෙන ගත්ත ඇන්ජලා නේ....ඔයා එයාගෙ බොයි ෆ්‍රෙන්ඩ්ගෙ යාළුවෙක් උන නිසා...."

"ඔව් මට මතකයි, අපි "බ්ලු මවුන්ටන්ස්" බලන්න ගිය දවසෙ, ටෙරික් මට ඔයාව අදුන්නලා දීපු හැටි....ඇන්ජලයි,ටෙරියි නිසානේ අපි දෙන්නා යාළු උනේ...."

"ඔව්...මට තියෙන එකම ප්‍රශ්නය ,දුක, ඔයාව හම්බුනාට පස්සෙ, ඔයත් එක්ක එක ගෙදරක ජීවත් වෙන්න පටන් ගත්ත නිසා, මට දැන් අපේ අම්මලාට, නෑදෑයින්ට මූණ දෙන්න බැරුවයි ඉන්නේ..."

"ඒක ඉතිං මේ රටේ, හැමෝම කරන දෙයක්නේ....තරුණ ළමයි හැමෝම වගේ, "ලිවින්ටු ගෙදර්"( එක ගෙදරක පදිංචි වෙලා) ඉදලා පස්සෙනෙ කසාද බදින්නේ...ඇයි අපේ යාලුවො හැමෝම, එතකොට ඇන්ජලා ,ටෙරිත් එහෙමනේ....."

"ඒ උනාට අපේ රටේ, සිංහල සංස්කෘතිය අනුව, කසාද බදින්න ඉස්සෙල්ලා ,එක ගෙදරක පදිංචි වෙලා ඉන්න දේවල් සිද්ද වෙන්නෙ නෑ....ලංකාවේ අපි කසාද බැදලා ඉවර වෙලා තමයි ඉස්සෙල්ලම වෙනම ගෙදරක පදිංචියට යන්නේ....මට ඒ නිසා දුකයි ,අපි දෙන්නා එක ගෙදරක ඉන්න බව අපේ අම්මලාට කියන්න ...."

"මම ඉතිං කවදාහරි ඔයාව කසාද බදිනවානේ....අපි දෙන්නා එකතු වෙලා, අපේම කියලා ගෙයක් හදාගෙන පිළිවෙලක් වෙලා, අපි කසාද බදිමු...."

" කසාද බැදලත් ඒවා කරගන්න පුලුවන්නේ ස්ටිව් ...."

"ඒ උනාට ඔළුව නිදහසේ අපි පිළිවෙලක් වෙලාම තමයි කසාඳ බදින්න ඕනේ...."

"එහෙනම් කවදාහරි අපි මෙහෙ කසාද බැදලා, වෙඩින් එක ලොකුවට ගන්න ලංකාවට යමු..... අපේ අම්මලා මම කසාඳ බදිනකම් බලාගෙන ඉන්නෙ ස්ටිව්....ලංකාවේ දෙමව්පියන්ගෙ ලොකුම බලාපොරොත්තුව ,ලොකු මහත්වුන ගෑනු ළමයි ඉක්මනට කසාඳ බන්දලා දීලා නිදහස් වෙන එක...දරුමුනුපුරන් බලන එක.......අපි ඉක්මණට කසාඳ බැදලා, ලංකාවට ගිහින් එමු ස්ටිව් ...මට ආසයි ඔයාව අපේ අම්මලාට අදුන්නලා දෙන්න."

"ඔව්, මටත් ආසයි....ලංකාව බලන්න යන්න ....ඒ වගේම මම ඉපදුන රටට ගිහින් එන්නත් ඕනේ, මගෙ තාත්තගෙ නෑදෑයෝ ඉන්නෙ එංගලන්තයේ,....ඒ නිසා අපි ලංකාවටත් ගිහින්, එංගලන්තයේ රවුමක් ගිහින් අපේ නෑදෑයොත් බලලා එමු. ...."

"ශා...ඒ වැඩේනම් හරිම ශෝක්....මම කවදාවත් එංගලන්තයට ගිහින් නෑ..... හැබැයි අපි ලංකාවට යන්න ඉස්සෙල්ලා කසාඳ බැදලා යන්න ඕනේ....නැත්නම් ඉතිං අපේ නෑදෑයෝ ,ගමේ මිනිස්සු අපේ අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට ඒ මිනිස්සුන්ට දෙන්න උත්තර නැතුව යනවා...."

"බලමු ...බලමු...ඒවට තව කල් තියෙනවා " ස්ටිව් ,විවාහය ගැන කතා කරන හැම දවසකම එය මඟ ඇර යන්නේ එසේය. මට ඒ ගැන ඇත්තේ ලොකු දුකක් හා සැකයකි....ස්ටිව් මාව නීත්‍යානුකූලව කසාඳ නොබැන්දොත් මට වෙන්නෙ මොකක්ද ..? දැනටත් අපි අවුරුද්දකට වැඩි කාලයක් අඹුසැමියන් ලෙස ජීවත් වෙන්න පටන් ගෙන ඇත. මට මම ගැනම ඇතිවෙන්න ලොකු දුකකි.

"අපි යුනිවර්සිටි එකේ ඉගෙන ගත්ත අවුරුදු තුනක කාලය ඉවර වෙලා, උපාධි ප්‍රදානෝත්සවයත් ගිය සුමානෙ ඉවර උන නිසා, ඇන්ජලයි, ටෙරිකුයි කිව්වා, අපි ඔක්කොම එකතු වෙලා, ඒක සමරන්නත් එක්ක .....සිඩ්නි ඔපරා හවුස් පැත්තෙ ගිහින්, රෑට කෑම කාලා, ටිකක් ඒ පැත්තෙ ඇවිදලා එමු කියලා ....තව යාලුවො කට්ටියක් වත් අඬගහගෙන යමු කිව්වා...."

" ශා...ඒක හොදයි ,මට කොච්චර ගියත් ඇතිවෙන්නෙ නැති තැනක් තමයි ඒ පැත්ත.....සිඩ්නි සිටි එකේ මොන රෙස්ටුරන්ට් එකටද අපි එතකොට යන්නෙ....?."

"සිඩ්නි සිටි එකේ, බෙනලොං පොයින්ට් රෙස්ටුරන්ට් එකට යමු කිව්වා ...."

"මගෙ අම්මො...එච්චර ලොකු තැනකට....ලොකු වියදමක් යයිනේ අපට...."

"අපි මෙච්චර මහන්සි වෙලා ඉගෙන ගෙන, දැන් ජොබ් කරලා හම්බ කරන නිසාත්, අපි ගත්ත උපාධි‍ය සමරන්නත් එක්ක අපි එතනට යමු චතුරි , ඒ දෙන්නා අඬ ගැහුව්ව නිසා අපිත් යමු ...අනෙක් යාලුවොත් එයි....."

"'ටෙරියි, ඇන්ජලයි ,අපට එතනට යන්න අඬගැහුව්වට, අපේ කෑමට අපිම වියදම් කරන්න ඕනෙ නේද....?

"සාමාන්‍යයෙන් මෙරටේ ඒ විදිහටනෙ, ඒ දේවල් සිද්ද වෙන්නේ.... ..කට්ටියක් එකට එකතු වෙලා, කෑමට ගියාම, තමන්ගෙ කෑම පිඟානේ වියදම තමන්ම ගෙවන්න ඕනේ....."

"මට නම් ඒ ක්‍රමය හරි වෙනස්...ලංකාවේ අපි නම් කාට හරි කෑමකට යන්න ආරාධනා කලොත්, ඒ ආරාධනා කරපු කෙනා තමයි හැමෝගෙම කෑමට සල්ලි ගෙවන්නේ...මෙහෙ නම් ඒක ඊට වෙනස්,...ඒ විතරක් නෙමෙනේ, යාලුවො කට්ටියක් එකට එකතු වෙලා වෙන කෙනෙක් ගෙ උපන්දිනයක් සමරන්න ගියත්, අපි අපේ කෑමට ගෙවිම කරන්න ඕනේ ...බර්ත්ඩේ කේක් කෑල්ලක් විතරයි නිකන් හම්බ වෙන්නේ...."

"ඇයි සමහරු වෙඩින් එකක් ගන්නකොට ඉන්විටේශන් එක එවනවා, තමන්ගෙ කෑමට තමන් ගෙවිය යුතු බවත් දන්නලා, ඒ නම් හැමෝම නෙමේ,...සමහරු .....ඒ වගේමයි ,තමන්ට වෙඩින් එකට අවශ්‍ය තෑගි මොනවද කියලත්, වෙඩින් කාඩ් එකේම ඒක දන්නවලත් එවනවානේ....ගොඩක් අය කියනවා, ඒගොල්ලන්ට තෑගි වලට, ගෙදරට බඩු මුට්ටු දෙන්නෙ නැතුව සල්ලි ලැබුනොත් හොද බවත්, ඒගොල්ලන්ගෙ ,අලුත් ජීවිතයේ ඉදිරි කටයුතු කරගෙන යන්න...."

"ම්ම්...එක අතකට තමන්ට අවශ්‍යම දේවල් ඒ විදිහට කියන එක හොදයි කියලා මට හිතෙන්නේ .... රට රටවල චාරිත්‍ර වාරිත්‍ර වගේ දේවල් හරි වෙනස්නේ...."

"ඉතිං.....ස්ට්ව් දැන් කවද්ද අපි ඇන්ජලයි ටෙරියි අනෙක් අයයි එක්ක, සිඩ්නි සිටි එකේ කෑමට යන්නේ....? සිටි එකේ ලොකුම, වියදම් අධික රෙස්ටුරන්ට් එකකට යනවා නම් ලස්සනට පිළිවෙළට අපි ඇදගෙනත් යන්න ඕනේ නේද....?

"ඔව්....මගුල් ගෙදරකට යනවා වගේ ලෑස්ති වෙන්න ඕනේ....තව විශේෂ දෙයක් තියෙනවා ,......එදාට ටෙරි, ඇන්ජලාට එයාව කසාඳ බදින්න අහලා ප්‍රොපොස් කරන්න හදන්නේ,..... එයාව කසාද බදින්න කැමතිද අහලා, මුද්දක් දෙන්නයි ටෙරික් හදන්නේ.....අපි කට්ටියටම එන්න කිව්වේ, ඒ දෙන්නගෙ ඒ වෙලාවේ පොටෝ ටිකක් ගන්නයි, වීඩියෝ කරන්නයි....ටෙරි රෙස්ටුරන්ට් එක බුක් කරලා ඉවරයි....අපි ඒ හින්දා අනිවාර්යයෙන්ම යන්න ඕනේ...."

"අනේ.....ස්ට්ව්, මට නම් ඒ චාරිත්‍රය හරි විහිළුවක් වගේ....ඒ දෙන්නා දැන් අවුරුදු ගානක් එක ගෙදරක එකට නේ ජීවත් වෙන්නේ....දැන් මොකටද මේ ,ලස්සන තැනකට ගිහින්, මුද්දක් දාලා කසාද බදින්න කැමතිද අහන්නේ ..."

"ඕවා මේ රටවල ක්‍රම ....මමත් ඔයාගෙන් මාව කසාද බදින්න කැමතිද අහනකම්, ඔයාට මාත් එක්ක එකට ජීවත් වෙන්න සිද්ද වෙනවා...."

"ඒක හරි අසාධාරණයිනේ...පිරිමිකෙනා කසාද බදින්න ලෑස්ති වෙනකම්,එහෙම නැත්නම් පිරිමියා ඒක කෙල්ලගෙන් අහන කම් ,ගෑනු කෙනාට ඒක අහන්න අවස්තාවක් නෑද්ද......?පිරිමි කෙනා අවුරුදු ගානක් ගර්ල් එක්ක එකට ඉදලා, ඒ බෝයිට ඒ ගර්ල්ව එපා උනොත්, එයාව දාලා බෝයිට යන්න පුලුවන් නේ.... ඕන නම් ඒ ගර්ල්ව අමතක කරලා, වෙන කෙනෙක් කසාඳ බදින්නත් පුලුවන් නේ....ඒක හරි අසාධාරණයි ස්ටිව්......මේ ලිවින්ටු ගෙදර් ක්‍රම‍ය මම නම් අනුමත කරන්නේම නෑ... ...කොටින්ම අපි දෙන්නා දැන් අවුරුද්දක වෙලේ ඉදන්, එක ගෙදරක එකට ජීවත් උනත්........."

"එහෙම තමයි ඒවා...මේ බටහිර රටවල සිද්ද වෙන දේවල් ....මේ රටේ ඉන්නවා නම් ඒවාට පුරුදු වෙන්න වෙනවා ඔයාටත් ...."

"අපේ අම්මලා ඔයා ගැන දන්න නිසා, නිතර අහනවා, කවද්ද අපි දෙන්නා කසාද බදින්නෙ කියලා ....මොනව උනත් මම කොල්ලෙක් එක්ක ඒ කියන්නෙ ඔයත් එක්ක යාළු උන එක ගැන නම් අපේ අය්යා කිව්වා ,එයා ඒකට ගොඩක් කැමතියි කියලා ,

"ඒ කිව්වේ....?

"මොකද මේ රටේ, ගෑනු ගෑනු , පිරිමි, පිරිමි කසාද බදින්න අවසර තියෙන නිසා, (සේම් සෙක්ස් මැරෙජ් වලට) අපේ අය්යා බයේ ඉදලා තියෙන්නේ ,මම ඉස්සර එපාර්ට්මන්ට් එකේ හිටිය කෙල්ලෙක් එක්ක යාලුවෙලා, ඒ කෙනෙක් කසාඳ බදියි කියලා ....කොහොම උනත් ඔයා ගැන දැනගත්තට පස්සෙ එයාගෙ හිතට හොදයි කිව්වා....මම ගෑනියෙක්ම කසාඳ නොබැද කොල්ලෙක් කසාඳ බදින්න ඉන්න නිසා."

"හා...හා....මේ රටේ දැන් මෝස්තරයකට වගේ සේම් සෙක්ස් මැරෙජ් හරියට වෙනවනේ..."

"අපේ ඔෆිස් එකෙත් බොස්ලා දෙන්නෙක්, හස්බන්ඩ් වයිෆ් වගේ එකට ඉන්නවා....මට නම් හරි ලැජ්ජාවක් එනවා ඒ දෙන්නා දැක්කහම...."

"ඇයි මගේ එක යාලුවෙක් මේ ලඟදි කෙල්ලො දෙන්නෙක් එකට කසාද බදින මඟුලකට ගිහින්....නොගිහින් බැරි කමට ගිහින් තියෙන්නේ , එතනින් මගුල ඉවරවෙලා එනකම්, ඇඟ හිරි වැටිලා හිටියා කිව්වා..., ඒ ගෑනු දෙන්නා කිස් කරගන්න හැටි දැකලා...."

"අපොයි ...මාත් ඒ වගේ මැරෙජ් දකින්න වත් ආස නෑ....ලෝක විනාසෙ මුල ඔතනයි කියලයි මට හිතෙන්නේ....දෙවියො, ගෑනියෙකුයි පිරිමියෙකුයි දෙන්නෙක් මැව්වෙ, ළමයි හදාගෙන පරම්පරාව ඉදිරියට ගෙන යන්නයි....මේ සේම් සෙක්ස් මැරෙජ් නිසා ඉස්සරහ කාලේ, පරම්පරා බිහි කිරිම නැතුව යනවනේ...."

"ඕවට මේ රටේ නීතියෙන් අවසර දීලා තියෙන නිසා, වෙන දෙයක් බලාගෙන ඉදලා , අපේ දෙයක් හරියට කරගෙන, අපි ජීවත් වෙන්න ඕනේ .....ඒගොල්ලෝ කැමති දෙයක් කරන්න ඒගෝල්ලන්ට අවසර දීලා තියෙන නිසා, අපි ඒවට කළබල වෙන්න ඕනෙ නෑ...."

"ඔව්...ඒක ඇත්ත. ...දැන් අපි එහෙනම් එන සුමානෙ, ඇන්ජලාට , ටෙරික්ගෙ කසාඳ බදින්න ප්‍රපෝස් කරන ගමනට යන්න ලෑස්ති වෙමු නේද....ඇන්ජලා වාසනාවන්තයි.....මට එයා ගැන ඉරිසියත් හිතෙනවා.....ඒත් ඉතිං එයාගෙ දෙමව්පියන් ගොඩක් පෝසත් අයනෙ, ඒගොල්ලන්ට මොනවයින් අඩුපාඩුවක්ද...?

"ඔයා මොකක්ද දැන් එදාට අදින්නේ....?

"මට හොද අලුත් ගවුමක් ගන්නත් ඕනේ, එදාට අදින්න....එදා දවල්ට සැලොන් එකකට ගිහින්, කොන්ඩ මෝස්තරයක් දාගන්නත් ඕනේ...."

"මට නම් අලුත් කෝට් සූට් එකක් තියෙනවා , ඒක මම අදිනවා..."

අවසානයේ ඇන්ජලා හා ටෙරිගෙ විශේෂ දවස සැමරීම සදහා මාත් , ස්ටිව්වෝත් සිඩ්නි නුවර ඔපරා හවුසය ලඟ ඇති, බෙනලොන්ග්, පොයින්ට් හි රෙස්ටුරන්ට් එකට, අපේ වියදමෙන් යාමට හිත හදා ගත්තෙමු.,....

-හෙට හමුවෙමු - *ප්‍රිසිලා ගොඩහේවා

2 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentários


bottom of page