ඕට්ස් මිශ්‍ර කොල කැද
- Prisila Godahewa
- Apr 5, 2020
- 1 min read
-ඕට්ස් කෝප්පයක් -සුදු ලූනු බික් 7/8 -පොල් කිරි කෝප්ප 1 1/2 -කැමැති කොල වර්ග ( ගොටුකොළ , හාතවාරිය , කරපිංචා බටු කොල, මොනර කුඩුබීය, හෝ එවැනි කවලම් කොල වර්ගත් බටහිර රටවල ජීවත් වන අයට පාස්ලි වැනි කොල වර්ග ද යොදා ගත හැක ) kg1 පමන අවශ්‍ය පමන ලුනු --සාදන අන්දම-- තමන් කැමති කොල වර්ගයක් හෝ කොල වර්ග තුන හතරක් ගෙන හොදින් සෝදා වතුර දමා බ්‍රෙන්ඩරයකින් අබරා ඉස්ම ගන්න. කෝප්ප දෙකක් ඕට්ස් බාජනයකට දමා කපා ගත් හෝ හීනියට තලා ගත් සුදු ලූනුද, වතුර දමා හොදින් තම්බා ගන්න. ඕට්ස් තැම්බුන පසු මිරිකාගත් කොල යුශ හා පොල් කිරි එකතු කර හොදින් කවලම් කර නටවා ගන්න. අවශ්‍ය පමන දිය ලුණු ද එක්කර ගෙන උනු උනුවේ උදයට බීමට ගන්න. ( සාමාන්‍යයෙන් ලංකාවේ කොල කැද, කැකුලු හාල් එකතු කර සාදන අතර , හාල් වෙනුවට ඕට්ස් එකතු කිරීම කාටත් ඉතා ගුනදායක බවක් ඇතිවේ.)
コメント