top of page
  • Writer's picturePrisila Godahewa

ඕට්ස් කැද

Updated: Apr 30, 2020

උදේ ආහාරයට කාටත් ගුනදායක රෝල් ඕට්ස් කැද



අවශ්‍ය දෑ

රෝල් ඕට්ස් කෝප්ප 4 බී ලුණු ගෙඩි 1 පොල් කිරි කෝප්ප 1 හෝ 1/2 (අවශ්‍ය නම් එලකිරි) සුදු ලුණු බික් 6/7 පමන අබ තේ හැදි 2 උලු හාල් තේ හැදි 2 කරපිංචා ඉති හතරක් පමන රම්පෙ කැබැල්ලක් කැමති තෙල් තේ හැදි දෙකක් ( බොහොම ටිකක් ) අවශ්‍ය පමනට ලූනු

සාදන ක්‍රමය භාජනයක් ලිප තබා එයට බොහොම සුලු ප්‍රමාණයක් ඔබ කැමති තෙල් වර්ගයක් එකතු කරන්න . තෙල් ටික රත් උන පසු එයට අබ ඇට, උලු හාල් එකතු කර බැදෙන්න හරින්න. ඉන් පසු කපා ගත් බී ලුණු , සුදුලූනු හා කරපිංචා එකතු කර බැදෙන්න හැර එයට ඕට්ස් හා යහමින් වතුර එකතු කරන්න. දමපු වතුර හොදින් නටන විට එයට රස අනුව ලුණු හා පොල් කිරි ටික එකතු කරන්න .( අවශ්‍ය නම් එලකිරි උනත් පාවිච්චි කල හැක ). අවසානයේ එයට රම්පෙ කොල කැබැල්ලක් එකතු කර හොදින් කවලම් කර ආහාරයට ගන්න. විනාඩි 15 ඇතුලත සාදාගෙන උදේ ආහරයට එකතු කරගත හැක. ඕට්ස් කාටත් ගුනදායක කෑමක් වන අතර එයට එකතු කරන, සුදු ලුනු, උලු හාල් , කරපිංචා , ඉතා ගුනදායක වේ. මෙය ලොකු පොඩි කාටත් රසවත් ගුනදායක කෑමක් වේ.

හදා රස බලා මටත් ප්‍රතිඵල කියන්න

😍😍

**ප්‍රිසිලා ගොඩහේවා **

76 views0 comments

Kommentare


bottom of page