එළු මස් හොද්ද බොරයට
- Prisila Godahewa
- Apr 26, 2020
- 1 min read
එළු මස් හොද්ද බොරයට හදාගන්නේ මෙහෙමයි.
පොඩියට කපාගත් එළු මස් වලට බැදපු මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු කහ කුඩු, සියබලා ඉස්ම ටිකක් ලුණු දමා හොදින් අතගා ටික වෙලාවක් එනම් විනාඩි 20විතර තියන්න.
පසුව තෙල් ටිකක් ලිපේ තබා එයට සුදුලූනු , බි ලුණු , ඉගුරු , රම්පෙ කරපිංචා , කුරුදු කෑල්ලක්, බැදෙන්න හැර තුනපහ අතගා ගත් එලුමස් දමා හොදින් කවලම් කරන්න . එයට වතුර ටිකක් එකතු කර තැම්බෙන්න තියන්න. පසුව තව වතුර එකතුකර හොදින් තැම්බෙන්න තියා හින්දා ගන්න. එයට්ස්, සේර කෑල්ලක්, කරදමුංගු කරල් පහක් විතර තලා දමන්න. හොදට හින්දුනාට පසුව බැදපු තුනපහ කුඩු ටිකක් උඩින් දමා වසා තබා ලිපෙන් බා ගන්න .
ප්‍රිසිලා ගොඩහේවා
Comments