top of page
  • Writer's picturePrisila Godahewa

එතෙරින් එතරට (9)

( නමවන කොටස 9)




‘‘අපේ හාමුදුරුවන්ගෙ තාත්තගෙ මළගෙදර වැඩකටයුතු හොඳින් කෙරෙන්න ඇති නේද ?


‘‘එහෙමයි ලොකු හාමුදුරුවනේ.‘‘ ඔබ වහන්සේට බොහොම පිං තාත්තගෙ මළගමට වියදම් කරන්න මුදල් අම්මට දුන්නට.”


‘‘ඒක සුළු දෙයක් මටත් පුළුවන් හැටියට තමයි දුන්නෙ. දන්නවනෙ පොඩිතැන අපටත් මුදල් එහෙම පිරිකරට නොලෙබෙන බව. මට ආණ්ඩුවෙන් සුළු විශ්‍රාම වැටුපක් ලැබෙනවා, ඒකෙන් තමයි මම ඔය අනිත් උන්නාන්සේලාගේ ඕනෑ එපාකම් එහෙමත් හොයා බලන්නෙ."


‘‘විපස්සි හාමුදුරුවන්ට ලගදිම අවිස්සාවේල්ලෙ පිරිවෙනට ඉගෙන ගන්න යන්න පුළුවන් වෙයි. අවිස්සාවේල්ල පන්සලෙන් මට දන්වා එවා තිබෙනවා ඔබවහන්සේට තව සුමානෙකින් විතර එහෙට වැඩම කරන්න සූදානම් වෙන්න කියල.‘‘


"එහෙමයි ලොකු හාමුදුරුවනේ.‘‘


නුවර පන්සලේ අවුරුදු තුනකට අදික කාලයක් වැඩවිසුව මට දැන් අවිස්ලාවේල්ලට කිට්ටුව පන්සලකට වැඩමකරන්න සිදුවී ඇත. නුවර පන්සලේ සැමගේ හිත දිනාගෙන හොද ස්වාමින් වහන්සේ නමක් ලෙස සිටි මට දැන් මෙම පන්සල අත හැර යාමට දුකක්ද ඇත.

ඊට පසු සුමානයේ මා අවිස්සාවේල්ල බලා ගියේ අවුරුදු තුනකට අධික කාලයක් සිටි නුවර පන්සලට හා එහි සිටි ස්වාමීන් වහන්සේලාට සමු දෙමිනි. මා මහණ දම් පුරන්න පටන් ගත් පන්සලේ මා සමඟ යාළුවන් ලෙස සිටි අනෙක් පොඩි ස්වාමීන් වහන්සේලා සැමගෙන් සමු අරන් මා අවිස්සාවේල්ල බලා වැඩම කළේ සිවුරු දෙකතුන හා පිරිවෙනේ පොත්පත් ටිකද රැගෙන ය. මා බසයට නැග්ගවීමට විමලේ අයියා පැමිණියේ මගේ පොත්පත් බෑගය ද රැගෙන ය.


‘‘බොහොම ස්තුතියි විමලෙ අයියේ,

අවුරුදු තුනක කාලයක් මට ඇප උපස්ථාන කරාට."


“‘මගේ රාජකාරියනෙ මම කලේ පොඩි හාමුදුරුවනේ. ඔබ වහන්සේට හොඳට ඉගෙන ගන්න පුළුවන්. පිරිවෙනෙන් ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයට යන්න උත්සාහ ගන්න. ඒක තමයි ඉගෙන ගැනීමේ අන්තිම ප්‍රතිඵලය. ඊට පස්සෙ පුළුවන් ගුරු පත්වීමක් එහෙම ගන්න.‘‘


‘‘හොඳයි විමලෙ අයියෙ. එහෙනම් මං යන්නම් බස් එක එනවා.‘‘

විමලෙ අයියා දෙකට නැමී මට වැන්දේය.

අවිස්ලාවේල්ල බලා යන බස් රතයේ බොහෝ සෙනග සිටි. නමුත් කෙතරම් සෙනග සිටියත් ස්වාමින් වහන්සේ නමක් බසයට නැග්ග විට මගින් බසයේ ඉස්සරහ සීටි එක ස්වාමීන් වහන්සේට පිලිගන්වයි.

දහවල් දානයට ප්‍රථම මට අවිස්සාවේල්ලට යන්නට නොහැකි වේ යෑයි මට සිතේ. වැඩි වේලාවක් නොගොසින් බසය හෝටලයක් අද්දර නතර කලහ. ඒ මිනිසුන්ට තේ බොන්න හා දවල් කෑම කන්නටය. බසය නතර කළපසු රියැදුරු මහතා, මා ලගට පැමින කතා කළේ ඉතා ඕනෑකමිනි.


‘‘ඔබ වහන්සේ අවිස්සාවේල්ලට වඩින්නේ කිව්ව නේද? දානෙට ඉස්සෙල්ලා අපට අවිස්ලාවේල්ලට යාගන්න බැරි වෙයි. අපි මෙතනින් දානේ වලදමු හාමුදුරුවනේ…."

පරක්කු වෙනව නේ හාමුදුරුවනේ. මං හෝටලේ මුදලාලිට කියන්නම්.‘‘*


‘‘ආ... ඔය මොනව වුණත් කමක් නෑ. මං ළඟ සල්ලි තියෙනවා. ලොකු හාමුදුරුවො දුන්න. සල්ලි වගයක් මම ලග තියෙනවා‘‘


‘‘නෑ... නෑ... සල්ලි ඕන නෑ හාමුදුරුවනෙ. මං හෝටලයේ මුදලාලි හඳුනනවා. එහෙනම් වැඩම කළා නම්."‘


ඇත්තටම ලංකාවේ බෞද්ධ ජනයා ස්වාමීන් වහන්සේලාට දක්වන ගරුසරුකම්, ඇප උපස්ථානකම් ඇත්තටම වෙන රටවල ස්වාමීන් වහන්සේලාට නැතිව ඇතැයි මම සිතුවෙමි. බසයකට නැග්ගත්, පාරක ගියත් හැම තැනකම බෞද්ධ ස්වාමීන් වහන්සේලාට තියෙන විශේෂ සැලකීම ඉතා අග්නේය.


බසය නවත්වපු තැන හෝටලයේ මුදලාලි මහතා මා හට දහවල් දානය පිඟානකට ම බෙදා ඉක්මනට සකස් කර දී, දහවල් දානයට මුදල්ද නොගත්තේය.

මම පන්සලෙන් පිටවීමට පෙර ලොකු හාමුදුරුවෝ මගවියදමට කියා මට රුපියල් පන්සියයක් දී තිබුනි..


"බොහෝම පිං ලොකු හාමුදුරුවනේ"

යැයි කියමින් මා එය අතට ගත්තේ ලොකු හාමුදුරුවන්ට පිං දෙමිනි. මීට ප්‍රථම පන්සලට ආපසු මා කවදාවත් මුදල් අත ගා නොතිබුනි. මාගේ ගමන් වියදමට හා පිරිවනට අවශ්‍ය කරන දේකට එය තියා ගැනීමට කියා ලොකු හාමුදුරුවෝ මගේ අතේ තැබුවේ සිතේ සතුටින් බව මම දනිමි.

මා අවිස්සාවේල්ල පන්සලට යන විට දහවල් දෙක පමණ විය. එම පන්සලේ මගේ වයසේ තවත් ස්වාමීන් වහන්සේලා වැඩ සිටියහ. ඔවුන් සියල්ලෝ ම අවිස්සාවේල්ල පිරිවෙනේ ඉගෙන ගන්නා හිමිවරුන්ය. පිරිවෙන අධ්‍යාපනයට රජයෙන් මුදල් ලැබෙන නිසා අපට කිසිදු වියදමක් දැරීමට අවශ්‍ය නොවීය. අප නැවතී සිටි පන්සලේ ලොකු හාමුදුරුවන් ඇතුළු සෙසු, පිරිවෙනට යන අනෙක් ස්වාමීන් වහන්සේලා පන්සලට එන දායක දායිකාවන්ගේ බෝධි පූජා, දාන, බණ, පිරිත් ආදියට උදවු උපකාර කළහ. සවසට බෝධි පූජාවට එන උපාසක උපාසිකාවන්ට පන්සිල් දී වැන්දවීම පිරිවෙන අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලාට නියමිත කටයුත්තක් විය.


‘‘විපස්සි හාමුදුරුවෝ හොඳට වන්දවනවා. බෝධි පූජාවත් හොඳින් කරනවා.‘‘

මා හවස පූජාව කළ දිනට උපාසිකාවෝ සතුටින් මා හට පිරිකර ලෙස මුදල් ද පූජා කරයි.


‘‘මේ මුදල පිරිවෙන වැඩකට තියාගන්න හාමුදුරුවනේ.‘‘


“‘සල්ලි නම් ඕන වෙන්නෙ නෑ.‘‘ එහෙම කිව්වත් මම දෙන මුදල් භාර ගන්නෙමි.

නුවර පන්සලේ හාමුදුරුවන් දුන් රුපියල් පන්සියය දමා මා බැංකු ගිණුමක් ඇරඹුවේ මුදල් අතේ තබාගෙන සිටීමට මා අකමැති බැවිනි. උපසාක උපාසිකාවන්ගෙන් ලැබෙන මුදල් ද මම බැංකු පොතට දමා ඉතිරි කර ගත්තෙමි. ස්වාමීන් වහන්සේලා වන අපට මුදල් වියදම් කිරීමට අවශ්‍යතාවක් ඇති නොවේ. අපට අඳින සිවුරු, අඳනකඩයේ සිට සියලු දෙයක්ම බැතිමතුන්ගෙන් ලැබෙයි. අප විනීතව, සන්සුන්ව ජීවත් වෙනවා දකින විට උපාසක උපාසිකාවන්ගෙන් අපට ලැබෙන ගරුකිරිම් පිලිගැනිම් වගේම පිරිකර ද වැඩි ය.

අවිස්ලාවේල්ල පන්සලේ ගත කල අවුරුදු තුන බොහෝ ඉක්මනින් ගෙවි ගියේය. අදඅද්‍යයාපන වැඩ කටයුතු වලට දැඩි කැපවීමක් කරමින් මම හොදින් ඉගෙන ගත්තෙමි. පන්සලේ භාහිර කටයුතු වලටද උදව් කලෙමි. අනෙක් ස්වාමීන් වහන්සේලා සමග බොහෝ හිතවත්ව වැඩකටයුතු කලෙමි

** ප්‍රිසිලා ගොඩහේවා **

3 views0 comments

Recent Posts

See All

*එතෙරින් එතරට *

(22 වෙනි කොටස ) වාහනය පැයට කිලෝමීටර් 120ක වේගයකින් එකදිගට ගමන් කරයි. කොරියන් රියැදුරු මගෙන් මොන මොනවාදෝ කොරියන් භාෂාවෙන් ඇසීය. මට කිසිදු...

Commentaires


bottom of page