top of page
  • Writer's picturePrisila Godahewa

*එතෙරින් එතරට **

(38 වෙනි කොටස )


"මට දැන් එලියට බහින්න හිතෙන්නේ නෑ….එලියට බැස්සොත් කවුරු හරි අදුනන අය හම්බවෙනවා. එතකොට ,මම ඉන්නේ හරි අපහසුවකින්…... මට ඒ වෙලාවට ඇතිවෙන තත්ත්වය ඔයාට තේරෙන්නේ නෑනේ …"

"ඒ කියන්නේ...හැමදාම ඔයා ගේ අස්සට වෙලා ඉන්නද කල්පනාව….මොකටද මම ඔයා එක්ක ආවේ...ඉස්සර හිටියා වගේම හිටියනම් ඉවරනේ...මිනිහෙක් ගත්තා එකට ඉන්න...එකට ගමන් බිමන් යන්න.. .. එක දෙයක්වත් මගේ හිත සතුටු වෙන විදිහට සිද්දවෙන්නේ නෑ….මට නම් දැන් මගේ ගැනම ඇතිවෙන්නේ දුකක්……..අනේ මටත් වෙච්ච් දෙයක් …"

සුමුදු කේන්තියෙන් කෑගසා ගෙට ගොස් වාහනයේ යතුර හා අත් බෑගය රැගෙන වාහනයට නැග්ගාය. එයට නැග තදින්ම එහි දොර වසාගෙන හයියෙන් ගියරය දමා වේගයෙන් පාර පැත්තට වාහනය පදවාහෙන ගියාය.

ඇත්තටම බැලුවොත් සුමුදුගෙ පැත්තෙන් ඇය හරිය. අවුරුදු තුනක් විතර කාලයක් සැමියාගෙන් අයින් වී සිටි ඇය මා සමග ආවේ අලුත් ජීවිතයක් පටන් ගන්න නේ…..මා සමග ගෙයින් එලියට බැස ඇවිදින්න යන්න සතුටු වෙන්න ඇය කෙතරම් කැමති ඇද්ද...මෙච්චර කාලයක් තනියෙන් හිටි ඇයට තවමත් ඉන්න වී ඇත්තේ ගමන් බිමන් යන්න වී ඇත්තේ තනියම නේ…..මිනිසුන්ට මූන දෙන්න බැරිව මම ගෙයි මුල්ලට වී ඉන්න එක ඇයට දරා ගන්න බැරි ඇති…. මට සුමුදු ගැන ඇති උනේ දුකක්. මම වගේ ගිහි ජීවිතයට අලුත් කෙනෙක් බැදගෙන ඇය දැන් දුක් වෙනවා ඇති යැයි මට සිතේ….ඇගේ පැත්තෙන් ඇය වැරදි නැති බව මට වැටහේ….


ඇත්තටම බැලුවොත් අපි තවම විවාහ වී නොමැත. සුමුදු ඇගේ සැමියාගෙන් වෙන් වෙන්න අවශ්‍ය ලියකියවිලි සකස් කර ඇගේ සැමියාට ඇරියත් ඒවාට තවම ඇගේ සැමියා උත්තර එවා නොමැත.

ඉස්සරහ කාලේ අපි දෙදෙනාට මෙලෙස විවාහ නොවි දිගටම එක වහලක් යට මෙලෙස සිටිය නොහැකිය. ඉස්සරහ කාලේ දිගටම මට මෙලෙස ගෙට වී මිනිස් වාසයෙන් ඈත් වී සිටිය නොහැකිය. මෙයට තියෙන එකම විසදුම නම්, මම හිතේ තිබෙන මේ සැකය නැති කරගෙන සුමුදු සමග සාමාන්‍ය ලෙස මිනිසුන් අතරට ගොස් ජීවත් වීමට පටන් ගැනීමම පමනය. මේ ලෝකේ පලවන වරට සිවුරු ඇරිය කෙනා මම නොවෙමි…..කොරියාවේ සුමේද හාමුදුරුවෝ සිවුරු හැර දැන් කොයිතරම් නම් හොද පවුල් ජීවිතයක් ගෙන යනවද…. විශ්ව විද්‍ය්ලයේ අපි සමග හිටි ස්වාමීන් වහන්සේලා කී නමක් නම් සිවුරු හැරියද…. ඒ තමන්ගේ කැමැත්ත . හරියට සීලේ..සිවුරේ ඉන්න බැරි නම් සාසනය වනසන්නේ නැතුව සිවුරු හරින එක තමයි හොදම තීරණය කියා මට සිතේ. ඉතිං එහෙනම් ඇයි මේ මම විතරක් ඒ ගැන තැවි තැවී අලුතින් පටන් ගත් ජීවිතය නැති කර ගන්න හදන්නේ…..ඔව් මම මීට පස්සෙ සුමුදු සමග සාමාන්‍ය විදිහට ගිහි ජීවිතය පටන් ගත යුතු යැයි තරයේ සිතට ගත්තෙමි.


කඩිමුඩියේ මාත් එක්ක කේන්තියෙන් වාහනයට නැග එලියට් ගිය සුමුදු නැවත පැයකින් පමන වාහනය පදවාගෙන ආවාය. මම මුකුත් නොවුන ගානට ඇගේ පෙරමගට ගොසා වාහනයේ දොර ඇරියෙමි. සුමුදු මුකුත් නොවුන ගානට මට ඇගේ අත් බෑගය සමග තව කෑම බෑගයක් දික්කලාය. මම බෑගය අතට ගත් පසු ඇය වාහනයෙන් බැස දොර වසා දමා ගේ පැත්තට ඇවිදගෙන යන ගමන් මගේ අතින් අල්ලාගෙන කතා කරන්න විය.

"මම අපිට රෑට කන්න ඉදිආප්ප ගෙනවා."

"ඉදිආප්ප කොහෙන්ද…? මේ පැත්තේ නෑනේ "

"මගේ යාලුවෙක් ඉස්සර කියලා තිබුනා මේ ඉදිආප්ප තියෙන කඩේ ගැන මම නිකමට ගිහින් බැලුවා. හැබැයි පැය භාගයක් විතර දුරට ගිහාම තියෙන්නේ …"

"ඉදිආප්ප, පිට්ටු , බුරියානි, ලංකාවේ ඉන්දියාවේ විදිහට හදන හැම කෑම ජාතියක් වගේම ඒ කඩේ තියෙනවා. එතන වාඩිවෙලත් කෑම කන්න පුලුවන් ….."

අනිත් දවසේ අපි දෙන්නම යමුකෝ….මමත් එන්නම්….සොරි...අද ඔයාව මම කේන්ති ගැස්සුවාට. මම සුමුදු ගේ කරවටා අත දමා ඇයව තුරුල් කරගෙන ගෙට ගියෙමි.

" සොරි නෙමේ...තේරුම් ගන්න හැමදාම ඔයාට මේ විදිහට ගෙට වෙලා ඉන්න බෑ….ඔයා පන්සලේන් ආවා තමයි ...මිනිස්සු දැන ගත්තත් ඔයා සිවුරු හැරිය කෙනෙක් කියලා , ඒක කාලයක් යන කොට නිකම්ම අමතක වෙලා යනවා. අපි මුකුත් නොවුන ගානට ඉන්න තරමට ඒවා මිනිස්සුන්ටත් අමතක වෙලා යනවා….. මොකද ඔයා නෙමේ, මුල්ම වරට මේ ලෝකේ ඉන්න සිවුරු හැරිය එකම පළවෙනි කෙනා…...ඒවාගේ දේවල් ඕන තරම් බුද්ධාගමේ විතරක් නෙමේ , හැම ආගමකම ස්වාමීන් වහන්සේලා අතින් සිදුවන දෙවල්..... .හරි විදිහට තමන්ගේ ආගමට අනුකූලව ජීවත් වෙන්න බැරි නම් එය අතහැරලා යන්න පුලුවන් .... සාසනය පිරිසිදුව පවත්වාගෙන යන්න උදව් කරන එකයි වටින්නේ......

අනික …..මම කාලයක් තිස්සේ තනියම ඉදලා ඔයා එක්ක ආවේ සතුටින් ඉන්න ඕන නිසා….මම ඔයාට කැමති නිසයි.... ඔයත් එක්ක ආවේ..නැතුව වෙන යන්න මිනිස්සු හිටියේ නැති නිසා නෙමේ….. මගේ පස්සෙන් කොච්චර මිනිස්සු ආවද...මම ඒ කිසි කෙනෙක්ට කැමති උනේ නෑ…. මගේ හිත ගියේ නෑ…..ඒ මිනිස්සු මගේ ලග සල්ලි තියෙන බව දන්න නිසා මාත් එක්ක එන්න හදන්නේ කියලා තේරුම් ගිය නිසයි ….ඒ කිසි කෙනෙක් ට මගේ හිත ගියේ නෑ. හිත ගියේ ඔයාට විතරමයි..... ඒකයි තනි මම මේ තරම් අමාරු වැඩ කොටසක් කරලා ඔයාව මෙතනට එක්ක ආවේ.. ඔයා ඒක හොදින් හිතේ තියාගන්න . "


" මට රස්සාවකට යන්න ආසයි….ඒත් මගේ ඉංගිරිසි දැනුම මදි නිසා රස්සාවකට යන්නත් බෑනේ….මෙහෙම ඉන්නත් කම්මැලියි.

"එහෙම කියන්න එපා...ඔයාට වඩා වචනයක්වත් කතා කරන්න බැරි මිනිස්සු මෙහෙ ඇවිත් රස්සාවල් කරගෙන ජීවත් වනවා හොදට…..අපි ඉස්සරහ කාලේ බලමු රස්සාවක් හොයා ගන්න......ඉතිං ඔයා ඉස්සරත් රස්සාවක් කලෙත් නෑනේ...පන්සලට වෙලා හිටියා විතරනේ….

ඒ උනාට ලොකු හාමුදුරුවෝ මට කරන්න කියලා නියම කරපු වැඩ කොටසක් තිබුනා.. පන්සලේ හැම වැඩක්ම මට තමයි බලලා කරන්න නියම වෙලා තිබුනේ…...පන්සලේ කාලෙන් කාලෙට් තියෙන උත්සව වලට මම කොච්චර මහන්සි වෙනවද?......උපාසක ඇත්තන්ගේ ගෙවල් දොරවල් වල දානමාන….. හැමදාම හවසට උපාසකයන් බුදුන් වන්දවන පුජාව, කරන එකත් රස්සාවක් තමයි …. කොරියානු පන්සලේ මට මාසෙකට ගෙවිමක් කලා ඒ වැඩ වලට….."

"එහෙමද එහෙනම් ඔයා ලග සල්ලිත් ඇතිනේ…."

ටිකක් තියෙනවා . මම ඉස්සර ගෙදර නංගි මල්ලිට වියදමට ඇරියා. අම්මා නැති වෙනකම් අම්මටත් සුලු මුදලක් ඇරියා…..මම පිටරට යන ගමන් වලට ගුවන් ටිකට්පත් ගන්නේ ඒ සල්ලි වලින් තමයි . තව් තියෙනවා හදිස්සියකට ගන්න සල්ලි ටිකක් මගේ පොතේ ….ඔයාට ඕන උනොත් කියන්න , මම බැංකු පොතෙන් ඇරන් දෙන්නම්"……."

" ඕන උනොත් ඉල්ලන්නම්කෝ….අම්මෝ ලොකු පෝසෙතෙක් වගේ...සුමුදු මගේ පිටට අතින් ගසා හිනා වෙමින් කීවේ ආදරයෙනි.

මම වොශ් එකක් දාගෙන එන්නම්…..අපි බුදුන් වැදලා රෑට ඉක්මනට කමු…...ඉදිආප්ප එක්ක පොල්සම්බෝල ,කිරිහොදි එක්ක චිකන් හොදිත් තියෙනවා.

"හරි මමත් එන්නම් එලවලු පාත්තියට වතුර දාලා...හැමදාම වතුර දාන්න ඕනේ පැල වලට නැත්නම් ඒවා මැරෙනවා….."


"අපි රෑට කාලා film එකක් බලමුද tv එකේ…."

හොදයි ….මොකෝ ඉතිං උදේට නැගිටලා වැඩට යන්න කියලැයි….ඕන තරයි රෑ වෙනකම් ඉන්න පුලුවන් නේ….

"හෙට අපි වත්තේ අලුත් පාත්ති හදලා වගාව ලොකු කරමු. මම අද තවත් එලවලු ඇට ගෙනාවා පැල කරන්න …..

මට සුමුදු ගැන දුක හිතෙයි. ඇය මා සතුටු කරන්න පුලුවන් හැම දෙයක්ම කරයි. මම ඇය අඩගැහුව නිසා ඇවිත් ඔහේ ඉන්නන් වාලේ ඉන්නා ගානය. හැබැයි දැන් මම වෙනස් විය යුතුයි . සුමුදු කියන ලෙස ගිහි ජීවිතයට මුහුන දෙන්න මම හිත හදා ගත යුතුයි .

" විසල් ඔයා මාත් එක්ක සතුටින්ද ඉන්නේ කියන්න "...

"ඔව් සුමුදු ….ඇයි...?

"ඔයා කරන්න කැමති දෙයක් කියන්න . මම කරන්නම්...ඔයා කැමති නම් ටික දවසකට කොරියාවේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ගිහින් බලලා එන්න. මට පුලුවන් ඔයා ගිහින් එනකම් ශනිකා නංගිව මගේ තනියට ගෙනත් තියාගන්න ….."

"ඒ අදහසට නම් මම හරි කැමතියි . තව මාසෙකින් විතර මම ගිහින් හාමුදුරුවෝ බලලා එන්නම්...ඔයාගෙ අකමැත්තක් නැත්නම් .... ඔයාට ශනිකා ව මෙහේ ගෙනත් තියාගන්න පුලුවන් නම් මට නිදහසේ කොරියාවට ගිහින් සුමාන දෙකක් එහේ ඉදලා එන්න පුලුවන් …."

"එහෙම කරමු….ඔයා එහෙනම් ගුවන් ටිකට් පතක් දැම්ම දාගන්න . මම ශනිකා නංගිටත් කියන්නම් ඒ දවස් වලට මෙහේ එන්න ලෑස්ති වෙලා ඉන්න කියලා ….."

"ආ...හොදයි අපි එහෙම කරමු."

සුමුදු සමග මම නවසීලන්තයේ එක වහලක් යටට විත් දැන් සුමාන තුනක් ගෙවී ගොස්‍ ඇත. අපි ලංකාවේ සංචාරය කර කෙලින්ම ආවේ මේ ගෙදරටය. සුමුදු අපි මෙරටින් යෑමට ප්‍රතම මෙම ගෙය බලා මුදල් ගෙවා තිබුන බැවින් කරදරයක් නැතුව අපට විත් ගෙයි පදිංචි වෙන්න ලැබුනි.

අපි ගෙට එනවිටම මේ ගෙදර අවශ්‍ය කරන හැම බඩුවකින්ම ගේ පිරි තිබුනි. සුමුදු අපට නවතින්නට කුලියට මේ ගේ ඇරන් තියෙන්නේ බඩුත් සමගය.

ලංකාවේ සංචාරය නිමා කර අපි ගුවන් තොටුපොළේ සිට මේ ගෙදරට ආවේ කුලී රතයකිනි. ඒ එන ගමන්, මගදී ගෙදරට අවශ්‍ය හාල් තුනපහ බඩු ටිකක්ද අපි "සුපර්මාර්කට් " එකකින් මිලදිගෙන ආවෙමු. පන්සලෙන් පිටවී ආවාට පසු දිගටම හෝටල් වල, ගෙස්ට් හවුස් වල සුමාන තුනක් පමන සිටි නිසා ගේක පදිංචි වෙන්න ලොකු ඕනෑකමක් අපට තිබුනි. දිගටම හෝටල් වලින් කෑම කාපු නිසා ගෙදර කෑම උයාගෙන කන ආසවක් අපි දෙදෙනාටම ඇතිවි තිබුනි.

" එයර්පෝට් එකේ ඉදන් එන ගමන් බඩුත් අරන් ආපු එකේ අපි ඉස් ඉස්සෙල්ලා කිරිබත් ටිකක් උයාගෙන කාලම නිදාගන්න යමු නේද….."

" ඒක නම් හොද අදහස…."

එහෙනම් මම කිරිබත් උයනකම් ඔයා ගේ ඇතුල ටිකක් අතුගාලා දානවද ?.... ඊට පස්සෙ ඔයා වොශ් එකක් දාගෙන එන්න මම උයලා ඉවරවෙනකම්…….

"හොදයි ….

සුමුදු කිව් ලෙස මුලු ගේම අතුගා දමපු මම ඇගපත හෝදගෙන විත් වත්තේ තබුන පාට මල් ටිකක් කඩා ගෙනවිත් ගෙයි සාලයේ කෙලවර සුමුදු ලෑස්ති කර තිබුනු පුංච් බුදු පිලිම වහන්සේ ලග තියා පුජා කර පැන් වීදුරුවක් ගෙන ඒමට කුස්සිය පැත්තේ ගියෙමි .

"ඔයා බුදුන් වදින්නද හදන්නේ, ඉන්න මමත් වොශ් එකක් දාගෙන එන්නම්. ඉස් ඉස්සෙල්ලා උයපු කිරිබත් වලින් අපි කිරිබත් ටිකක් බුද්ධ පුජාවට තියලා වදිමු. මම උයලා ඉවරයි . මම ඉක්මනට හෝදගෙන එන්නම් …."

"හා…..හොදයි ..

මොනවා උනත් සුමුදු මම ආස කරන ඒවා, ඇයට පුලුවන් ලෙස ලෑස්ති කර තිබීම ගැන නම් මට ඇය ගැන ඇතිවී ඇත්තේ සතුටක් සහ ආදරයකි. ඇය ඉතා කඩිසර හැම දේකටම දක්ශ ගැහැනියකි. මගේ ජීවිතේ ගෙවුනු අවුරුදු 36 පුරාවටම මා හට මුන ගැසුණු සියලු පුද්ගලයින් අතරින් වෙනස්ම චරිතයක් සුමුදු ගේ චරිතය. අවුරුද්දක පමන කාලයක් තුල හදුනාගෙන තිබුනු අප දෙදෙනා දැන් එක ගේක අබුසැමියන් ලෙස ජීවත් වෙන්න පටන් ගෙන ඇත. මගේ ගෙවුණු අතීතය සමග බලන කල මට සුමුදු සමග ගත කරන්න ලැබුනු මේ ගිහි ජීවිතය ගැන මම දැන් සතුටු වන්නමි. සුමුදු වගේ කෙනෙක් මගේ ජීවිතයට මුනගැසුනේ ගිය ආත්මයේ පතාගෙන ආහැටියට වෙන්න ඇති. මේ මම ලබා උපන් හැටිය. මම දැන් මේ ජීවිතයට පුරුදු පුහුණු වෙමින් සුමුදු සමග හොද ජීවිතයක් ගත කල යුතු යැයි තරයේ සිතට ගත්තෙමි.

"හරි මම වොශ් එක දාගත්තා...ඉස් ඉස්සෙල්ලා අපි ගේක පදිංචි වෙන්න ආපු මුල් දවසෙම මේ විදිහට කිරිබත් උයලා...බුද්ධ පූජාව තියලා කෑම කන්න ලෑස්ති වෙච්ච එක කොච්චර හොදද?.... මට හරි සතුටුයි ...සුමුදු ගොඩක් සතුටින් කීවාය…...හරි අපි වදිමු දැන් ...

උයා පිහා ඉවර කල ඇය දැන් ඉක්මනටම ඇග සෝදා ගෙන විත්‍ ය.

ජිවිතේ අපි වෙනස් ආකාරයකට මුන ගැසි මෙලෙස එක වහලක් යටට එක්වුන අද දවස වගේම හැම දවසක්ම ගෙවී යන්න ලැබේවා කියා මම ප්‍රර්තනා කලේ සුමුදු ලෙසටමය.


-හෙට අවසන් කොටසින් හමුවෙමු -


* ප්‍රිසිලා ගොඩහේවා *

3 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page