top of page
  • Writer's picturePrisila Godahewa

**එතෙරින් එතරට **

Updated: Jun 3, 2020

(37වෙනි කොටස )

නවසීලන්තයේ ගුවන් තොටුපොලෙන් ගුවන් යානයට නැගුනු අප දෙදෙනා සිංගප්පූරුව හරහා ලංකාව බලා ආවේ හවස් වරුවකය. මීට වසර දෙලහකට පමන පෙර කොරියාව බලා මෙම ගුවන් තොටුපොලින් ලංකාව හැරදමා ගිය මම මේ බොහෝ කාලයකට පසු මෙරටට පැමිනි සිටියේ.

බලන බලන අත හැමදෙයක්ම බොහෝ වෙනස්කම් වලට භාජනය වී ඇත. අප දෙදෙනා ලංකාවේ ගුවන් තොටුපොළේන් ගත් කූලි කාරයට ගොඩවී කෙලින්ම ගියේ නුවර ක්වින්ස් හෝටලය බලාය. සුමුදු එයාට කැමති ලෙස අපේ මේ ගමන් සියල්ල ලෑස්ති කර ගෙන ඇත. නුවර හෝටලයට යන විට බොහෝ රෑ බෝවී තිබුනි.

අවුරුදු ගනනක් පරන ක්වින්ස් හෝටලය පැරණි ගෘහඅලංකාර අනුව සාදන ලද බොහෝ ලී කැටයම් ආදියෙන් යුක්ත හෝටලයකි. දළදා මාලිගාව ඉදිරිපිට ඇති මෙම හෝටලය ආරංභ කරපු මුල් කාලයේ සුදු ජාතිකයන් නවාතැන් ගත් ස්තානයක් වෙයි. හෝටලය පුරාවටම ඇත්තේ පෞරාණික වැදගත්කම් ඇති ගෘහ භාන්ඩ ආදියයි. එහි ඇතුලතද ඒ ලෙසටම ලී කැටයම් ආදියෙන් නිමවා ඇත.

අවුරුදු 12කට විතර පසු ලංකාවට පැමිනි මට ලංකාවේ ඒ කාලය තුල සිදුවු බොහෝ වෙනස් කම්, ….ගුවන් තොටුපොළේ සිට මහනුවර දක්වා කුලී රියකින් එන කල දැක ගත හැකි විය.

ගුවන් තොටුපොළේ සිට මහනුවරට එන විට බොහෝ රෑබෝවිතිබුනි. ගුවන් තොටුපොළේ සිට එන ගමන් මගින් නවත්වා රෑ කඩයකින් එලවලු රොටි බිත්තර රොටි ගත් සුමුදු කුලී වාහනය එලවන රියදුරාටද දී ඒවා දී මා සමග ඒවා කා වතුර බිවාය.

දවස් එකහාමාරක් විතර කාලයක් නවසීලන්තයේ සිට මහනුවර දක්වා ඒමට ගිය බැවින් අප දෙදෙනාම සිටියේ බොහෝ මහන්සියෙන් හා හෙම්බත් වය. හෝටලේ කාමරයට ආගමන්ම නාන කාමරයට ගොස් ඇගපත හෝදාගත් සුමුදු ඇදටවැටි නිදන්න විය. ඇය ලෙසම මාත් ඇගපත හෝදාගෙන නිදාගත්තෙමි.

උදේ පාන්දර පන්සලක ඝාන්ටාර ශබ්දයන් ඇසී දෙනෙත් හැරිය මම හෙමිහිට ඇදෙන් බැස්සෙමි. අපි නවාතැන් ගත් කාමරයේ බැල්කනියට යන දොර හැර එයින් එලියට ගියෙ සුමුදු ට නොඇහැරෙන ලෙසය. අපි ක්වින්ස් හෝටලයේ දෙවන මහලේ හිටිය නිසා කමරයේ බැල්කනියට ගිය විට නුවර දළදා මාලිගාවට ඇතුල් වෙන දොරටුව හොදින් පෙනෙන්න විය. උදේ පහට ඇසෙන තේවා මුරයේ හේවිසි හඩ, බෙර හඩ කන්දෙකට ඇහෙන විට හිතට දැනුනෙ…….පුදුමාකාර සතුටු හැගීමකි. හිතට දැනුන සතුට කියා ගත නොහැකි හැගීමෙන් අත් දෙක එකතු කර දොහොත් මුදුන් දී වැදගෙන දළදා මාලිගාව දෙස බලාන බුදුන් වැන්දෙමි .

මාලිගාවට උදේ පාන්දර සුදු ඇදුම් ඇදගෙන කිරිපිඩු පුජා රැගෙන යන බැතිමතුන් දැකගත හැකි විය. දළදා මාලිගාවේ ඉදිරිපිට ඇති ක්වින්ස් හෝටලයේ මෙම බැල්කනියට දළදා මාලිගාවේ ඇතුල් වීමේ දොරටුව හොදින්ම පෙනීම මට සතුටක් විය. බැල්කනියේ බොහෝ වේලාවක් ඉදිමින් මාලිගාව හා ,නුවරවැව අවට සුන්දරත්වය, බැති මතුන් මල් විකුනන්නන් ආදි හැම දෙයක්ම දැක්කේ කොයි තරම් කාලෙකට පස්සේද කියා සිතමින් සතුටින් වින්දෙමි .


" ඔයා ඔතන මොකද කරන්නේ…..මම බැලුවා ඔයා කෝ කියලා….

"එන්න සුමුදු බලන්න….. දළදා මාලිගාව මෙතනට හොදට පේනවා. මම මේ උදේ ඉදන් මෙතනට වෙලා ලස්සන බැලුවා ."

" ඒක තමයි ….මම මේ හොටෙල් එක බුක් කරෙත්….ඔයා ආස වෙයි කියලා හිතුන නිසා …"

"අපි දවල් වෙන්න ඉස්සර දළදා වහන්සේ වදින්න යමුද…. මට හරි ආසයි උදේ පාන්දර වදින්න ."

"එහෙනම් දැන් යමු….. අපි තේ එකක් බීලා දළදා වැදගෙන ඇවිල්ලා උදේට කමු."

අනේ ඔව්….ඒකනම් හොද අදහසක්...එහෙනම් මූණ හෝදගෙන අපි ඉක්මනට යමු.

උදේ පාන්දර දළදා වහන්සේගේ වැදපුදාගැනීමට ගියේ අවුරුදු ගනනාවකට පසුය .හිතේ හැටියට දළදා වහන්සේ වැදපුදාගැනීමට ලැබීම ගැන මට ඇති වී තිබුනේ ලොකු සතුටකි.

" එහෙනම් අපි උදේට කාලා පේරාදෙණිය උදායානය බලන්න යමු. මටත් කාලෙකින් බලන්න යන්න බැරිවුන තැන් තමයි මම මේ පාර ඔයත් එක්ක බලන්න යන්න දාගත්තෙත්……"

" අවුරුදු දොලහකට විතර පස්සෙ මම මේ මහනුවරට ආවේ "

"ඔයාට ඔයගොල්ලන්ගෙ ගෙදර අය බලන්න යන්න ආසද?...

"අපෝ….නෑ...මම කැමති නෑ ලංකාවේ මම අදුනන කාවවත් දකින්න යන්න …..

"එහෙමද …..

"එහෙනම් අපි මොකද කරන්නේ ඉස්සරහ දවස් වල…"

" අපි තව ලංකාවේ වෙන පලාත් ටිකක් බලන්න යමු….


"එහෙනම් අපි හෙට නුවරඑළියට යමු. ඊට පස්සෙ ඇල්ල වැල්ලවාය පැත්තෙන් කතරගම මාතර ගාල්ල පැත්ත බලාගෙන ආයෙත් කොලබ යමු….."

" එතකොට සුමුදු අදුනන අයගේ ගෙවල් වල යන්නේ නැද්ද …?

" මාව අදුනන අයට ඔයාව මට අදුනලා දෙන්න විදිහකුත් නෑනේ….. මෙහේ ඉන්න කවුරුත් දන්නෙ නෑ…..මම දැන් ඉන්නේ තනියම කියලා . මම ලංඩන් වල මගේ හස්බන්ඩ් එක්ක ඉන්නව කියලා තමයි හැමෝම දන්නේ..

"එතකොට අපි දෙන්නා දැන් මේ විදිහට ඉන්න එකත් නරකයිනේ… ඒ කියන්නේ අපි කසාද බැන්ද නම් නේද හොද?

ඔව්.. මෙච්චර කාලයක් මම මගේ හස්බන්ඩ්ට ඩිවෝස් එක දුන්නෑනේ…. ඒ නිසා මම එයාගෙන් මුලින්ම ඩිවොස් වෙන්න ඕනේ ….. කොහොමත් මම ඔයා එක්ක මෙහේ එන්න ඉස්සර එයාට මගේ ඩිවෝස් එක ඉල්ලලා පේපර්ස් ඇරලා ආවේ. අපි අවුරුදු තුනක් විතර වෙනම හිටිය නිසා...අමාරුවක් නැතුව ඩිවෝස් එක ගන්න පුලුවන් වෙයි….අපි ඊට පස්සෙ කසාද බදිමු…."


"අපි දැන් ආපහු ලංකාවේන් කොහාටද යන්නේ…?

සුමාන දෙකක් ලංකාවේ ඇවිදලා අපි ආයෙත් නවසීලන්තයටම යනවා. මට තව එහේ කරගන්න වැඩ වගයක් තියෙනවා… අපි නවසිලන්තයට ගිහින් ඒ වැඩ කොටස ඉවර කරගෙන පස්සෙ බලමු මොනවද කරන්නේ කියලා …..

"මම හිටිය පන්සල ලග ගේ කුලියට දුන්නනේ….මම වෙන පොඩි ගෙයක් අපි දෙන්නට ඉන්න බලලා ලෑස්ති කරලා ආවේ ගියාට පස්සෙ නවතින්න ."

" පස්සෙ කාලෙක අපි කොරියාවේ සංචාරයකටත් යමු… මට ආසයි ඔයා නැවතිලා හිට්ය පන්සල බලන්න .…."

" ඒක නම් හොදයි ….මට ආයෙත් කොරියාවේ පන්සලේ ලොකු හාමුදුරුවෝ බලන්නත් ආසයි . මම අද තැනකට ඇවිත් ඉන්නවානම් ඒ ඉන්නේ උන්වහන්සේ නිසානේ…


සුමාන දෙකක් ලංකාවේ විවිධ ප්‍රදේශ වල සංචාරය කල මට කාලයකට පසු ලංකාවේ අසිරිය දකින්න ලැබීම විශාල සතුටක් විය. ඒ ගැන නම් මම සුමුදුට බොහෝ ස්තූති වන්ත වෙමි.

සුමාන දෙක නිදහසේ ලංකාවේ බොහෝ ප්‍රදේශ වල සංචාරය කල අපි නැවත නවසීලන්තය බලා ගියෙමු.

නවසීලන්තයේ මාව දන්න හදුනන අය ඉන්න එක ගැන නම් මට ඇත්තේ සැකයකි. ඒ මම කොරියානු පන්සලේ බොහෝ ප්‍රසිද්ධියට පත් වී සිටි "යේචිං "හාමුදුරුවෝ ලෙස කවුරුත් දන්නා කෙනෙක් නිසාය. කවුරුන් හෝ යන එන අතර මගදි මා අදුනාගනීවි යන බයෙන් මම නිතර පසුවුනෙමි .


පන්සලෙන් පිටවෙන්න ඉස්සර හිස මුඩු කිරිම නැවැත්තු නිසා, මේ වෙනකොට එය හොදටම දැන් වැවී ඇත. දැන්නම් මාව කිසි කෙනෙකුට අදුනාගත නොහැකි තරම්‍ය..

දැන් අදින කලිසම් කමිස සපත්තු ,තොප්පිය නිසා මට දැන් නියම ගිහියෙකු ගේ පෙනුම ලැබී ඇත.

මගේ පෙනුම ගැන සුමුදුට තිබෙන්නේ ලොකු සතුටක් සහ ආශාවකි. ඇගේ සීමාව ඉක්මගිය ආශාවන් සමහර වෙලාවට මාව කළකිරීමකටද පත් කරයි. ඒ වෙලාවට සුමුදු මට කේන්තියෙන් බනින අවස්ථාද ඇත.

" ඔයා දන් සිවුරු ඇරපු කෙනෙක්...දැන් වත් මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න…. තාමත් හරියට තපසේ ඉන්නවා වගේ හැසිරෙන්නේ ….ඇය නිතර කියයි….

නවසීලන්තයේ නගරෙන් බෝහෝ ඈත ගම්බද පරිසරයක අපට නවතින්න , සුමුදු කුලීයට බඩුත් සමගම ගෙයක් ඇරන් ලෑස්ති කර තිබුනි. ලංකාවේ සිට පැමිනි අප දෙදෙනා ගුවන් තොටුපොළේ සිට කෙලින්ම ඒ ගෙදර පදිංචියට ආවෙමු. එම ගෙය විශාල වත්තක පුංච් පරන ගෙයක් විය. ගස් කොලන් වලින් වට වී තිබුන ගෙදර අවට විශාල නිදහස් බවක් පෙන්වයි.එම ගෙදර වටපිටාවේ වැඩිය ගෙවල් දොරවල් නොතිබුනු එක මට සතුටක් විය.

සුමුදු ගේ මහ ගෙදර කුලියට දී තිබුන නිසා අපට මාසෙකට සැරයක් එහි ගෙවල් කුලී ලැබෙයි. සුමුදුගේ පොතේ තිබෙන ස්තිර තැන්පතුවල මුදල් වලින් ලැබෙන පොලියත් නිසා කිසි අමාරුවක් නැතුව අපට ජීවත් වෙන්නට හැකිය.

"අපි වත්තේ එළවලු වගාවක් දාමුද ? ගෙදර ඉදන් වෙන කරන්ඩ වැඩකුත් නැති එකේ….මම මට කොරියාවේදි කල පුරුදු වැඩේ නැවත කරන්න ආසවෙන් ඉදිමි .

"ඒකනම හොදයි ….අපි එහෙනම් ටවුන් එකට ගිහින් ගෙදරට ඕන කරන බඩුත් ඇරගෙන එලවලු ඇටත් ඇරගෙන එමු…."


ටවුන් එකට, මිනිසුන් ගැවසෙන තැන් වල ඇවිදින්න යන්න මගේ එතරම් කැමැත්තක් නොතිබුනත් ගෙදරට අවශ්‍ය කරන බොහෝ කැම බඩු හා අතයවශය බඩු ගෙන එන්නට සුමුදු තනියම යවන්න කැමති නැති නිසා මමමත් එම ගමන යන්න ලෑස්ති වුනෙමි.

සුමුදු අලුතින් ගත් පුංච් කාර් රතයේ අපි ටවුන් එකට ගියෙමු. ගම්බද පරිසරයක තුබුනු පොඩි ටවුන් එකේ බොහෝ වේලාවක් එහෙ මෙහේ ඇවිද අවශ්‍ය බඩු රැගෙන එනවිට..

"සුමුදු , සුමුදු … කියා කවුද සුමුදුට කතා කරන හඩ ඇසී බලන කල අපි දෙදෙනා ලගට ආවේ...ඒ දවස් වල සුමුදු සමග පන්සල් ආව සිංහල ජෝඩුවකි... ...මට ඔවුන් හොදට මතකයි . මම දාගෙන හිටිය තොප්පිය තව ටිකක් පහතට ඇද මුහුන වසා ගන්න උත්සහ කලත් පිරිමි කෙනා මට අතට අත දී කතා කිරීම කොහොමද මග හරින්නේ….

" ඒත් අපි එකපාරම සුමුදු කොහේද ගියේ බැලුවා….

හස්බන්ඩ් ආපු බවක් අපි දන්නෑනේ….ඒක තමයි සන්තෝසේ වැඩි කමට පන්සල පැත්තේ ආවෙත් නෑනේ….

"දැන් මෙහෙද ඉන්නේ…? එතකොට ඔයගොල්ලන්ගෙ ලොකු ගේ…?

" ඒක ලොකු වැඩි නිසා….පොඩ්ඩක් නිදහසේ ඉන්නත් එක්ක මේ පැත්තට ආවා."

"ලස්සන පැත්ත අපි මේ අද නිවාඩු දවස නිසා ටිකක් මේ පැත්තේ ඇවිදින්න ආවා…

" එහෙමද එහෙනම් වෙන දවසක මේ පැත්තේ ආයෙත් ආවොත් අපේ ගෙදරත් එන්න.."

" එහෙනම් අපි යන්නම්…


ඔවුන් ගියාට පසුයි මට හරියට හුස්මක් ගන්න ලැබුනේ…..අනේ දෙවියනේ කොයි තරම් නිදහසේ හිටිය කෙනෙක්ද මම ….දැන් හොරෙක් ගානට කවුරුත් මගදි හම්බුනොත් මූන නොදි කතා නොකර ඉන්න වෙලා.


"මම බයවෙලා හිටියේ ඔයාව කවුරුත් අදුනගනියි කියලා …" ඔයාගෙ අලුත් ඇදුමට, තොප්පිය දාගෙන ඉන්න නිසා කාටවත් අදුනගන්න අමාරුයි . ඒක හොදයි …"

"ඒ උනාට මම මේ දෙබිඩි ජිවිතයට කැමති නෑ.."

"කැමති නෑ කියලා මේ ජිවිතෙන් පැනලා යන්නද?

"ඒක කරන්නත් හිතෙයිද දන්නෑ මෙහෙම ගියොත් "

" ඔයාට ඒක කරන්නත් බැරු කමක් නෑ "

ජීවිතය එකම විදිහට ගෙවීයයි. අදුනන කතාබහ කරන්න කිසිත් නැති පාලු ගම්බද පරිසරයේ අපි දෙන්නා විතරක් උදේ හවස එකම විදිහට ගෙවීයන විට නම් ගිහි ජීවිතේ කියන්නේ මේකද කියලත් හිතෙන තරම්.

කුලියට ගත් නිවසේ කුස්සිය පැත්ත සුද්දකර මම පාත්ති හදා එලවලු පැල කරන්න පටන් ගත්තෙමි. සුමුදුත් ආසාවෙන් ඒ වැඩට උදව් කරයි.

මම උදේ ආහාර ගත් පසු වත්තේ ගස් කොලන් සමග ඉදිමින් ඒවාට සාත්තු සප්පායම් කරන්නෙමි. මල් හිටවමින් එලවලු පැල බලා ගනිමින් හිදින විට නම් හිතට සැහැල්ලූවක් ඇතිවේ.

" අපි ගෙදරටම වෙලා ඉන්න එකේ කොහේ හරි ඇවිදලා එමුද?..

" අනේ මට නම් බෑ...එලියට බැස්සොත් අදුනන මිනිස්සු හම්බ වෙනවා".

" ඒක හරි වැඩක්නේ...හැමදාම මෙහෙම ඉන්න බෑනේ….මට කම්මැලියි ගෙදරටම වෙලා ඉදලා…"

" ඔයා එහෙනම් වාහනේ ඇරගෙන රවුමක් ගිහින් එන්න…"

" පිස්සුද මට බෑ තනියම යන්න" සුමුදු කේන්තියෙන් කීය .

- හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *


12 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentários


bottom of page