top of page
  • Writer's picturePrisila Godahewa

✈️එතෙරින් එතරට✈️ 💥(31වෙනි කොටස )

💥වසර 10 කට පසු 💥


බෞද්ධ ශිෂ්ටාචාරයක් සහිත රටක් වන කොරියාවේ හැම දිස්ති‍්‍රක්කයකම අඩුම ගානේ එක පන්සලක්වත් ඇත .....බොහෝ කාලයකට

පෙර,කොරියාවේ

පන්සල් ආශ‍්‍රය කර ගෙන ගම ගොඩනැගි ඇතුවා වගේම පන්සල් වල නායකත්වයෙන් ගම්දොරවල් බිහිවි ජනාවාස ඇතිවි ඇති බවත් මට මේවන විට දැනගන්නට ලැබි තිබුනි. පන්සල් හා ගම් එකට අත්වැල් බැඳගෙන ගොඩනැගුනු සම්බන්ධයන් නිසා....., මම දැන් වැඩ සිටින මේ පැරණි විහාරස්ථානය පිහිටා තිබෙන ගමේ...., ගම් වැසියන්ගේ උදව් උපකාරයෙන් මෙම පන්සලේ වැඩකටයුතු දැනටත් සිදුවේ ගෙන යයි.....


ලංකාවේ කුඩා වයසින් දරුවන් පැවදි කෙරුවත් කොරියාවේ පන්සල් වල මහණ වෙන්නේ , වයස අවුරුදු 20 , 25 අතර කාලසීමාව ඇතුළත තරුණයන් විමත් විශේශයි.... , ඒනිසා ඔවුන්ට නැවත වරක් උපවැදි වෙන්න අවශ්‍යතාවයක් ඇති වන්නේ නෑ. ......

භික්ෂූවක් ලබන උපසම්පදාවෙදි ආරාමයේ නායක ස්වාමින් වහන්සේ විසින්, ඔහුගෙ ශරීරයේ හණ තිබීම යන්නක් කරති...... එය අතේ ඇතිවන පිලිස්සුම් පැල්ලමකි..... අතේ තැනක් පොඩි පිලිස්සීමක් හදුන්කූරකින් කිරිමෙන් පසු, සදාකාලිකවම ඔවුන් භික්ෂුන් ලෙස කටයුතු කල යුතුයි ......


කොරියාවේ පාසල් වල කිසිඳු ආගමක් දරුවන්ට උගන්වන්නෙ නැති නමුත් එරටේ ඇති පෞද්ගලික බෞද්ධ විහාරාරාම ඉතා හොඳින් පවත්වාගෙන යෑම සිදුවෙනවා..... හොඳන් නඩත්තු කටයුතු කරගෙන යෑමත් සිදුවෙනවා........ කොරියානු රජය විසින් පන්සල් වලට ආධාර ලබාදීම දිගටම කෙරිගෙන යනවා.... විහාරස්ථාන වල යම් කිසි උත්සවයක් පවත්වන්න අවශ්‍ය උනොත් රජයට ඉදිරිපත් කළ පසු, ඒ සඳහා අවශ්‍ය මුදල් ලබා දීමත් සිදුවෙනවා.....


මිට අවුරුදු නමයකට උඩදි කොරියන් පන්සලේ තරුණ භික්ෂූන් පැවදි කරන උත්කර්ෂවත් උත්සව අවස්තාවේ, කොරියානු භික්ෂූන් නමක් ලෙස උපසම්පදා ලබන්නට මට හැකියාව ලැබින..... එදින මට ද කොරියන් ස්වාමීන් වහන්සේලා අඳින කිමෝනා හැඩැති කමිසය හා කලිසම ඇඳගෙන එම උත්සවයට සහභාගි වෙන්න අවස්ථාව ලැබුමත් මගෙ ජීවිතයට විශේෂ අවස්තාවක් විය.


ලොකු හාමුදුරුවන් ඇතුළු 25 නමක් පමන කොරියානු ස්වාමීන් වහන්සේලා ඉදිරිපිට කොරියන් භාෂාවෙන් ගාථා, පිරිත් කියමින් එම උත්සවයේදි මම කොරියාවේ භික්ෂූන් අදහන මහායාන බුද්ධ ධර්මය, මින් ඉදිරියට අදහන බවට පොරොන්දු වි කොරියානු භික්ෂූන් වහන්සේ නමක් බවට පත් විය....

එදින එම උත්සවයට සහභාගි වූ සියලු කොරියන් හිමිවරුන්ගේ පිරිත් මධ්‍යයේ අලුත් භික්ෂූන් වහන්සේලා ඇතුළු මම ද කොරියාවේ බුද්ධ ධර්මය වැලඳ ගත්තෙ එලෙසය..... එම උත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එම පළාතේ සිටින කොරියානු බෞද්ධයන්, පන්සල හා එකතු වි මෙම උත්සවය පැවැත්විමේ කටයුතු කලේය. එදින දවසේ ම පන්සලේ විශේෂ වැඩසටහන් හා පිරිත් සජ්ඣායනා පැවැත්විම එක දිගටම සිදුවිය..... ලංකාවේ බුද්ධ ධර්මය වැලඳ ගෙන සිටි මම කොරියාවේදි මහායාන බුද්ධ ධර්මය ද වැලඳ ගත්තෙ එලෙසය .


මම මුලින්ම මේ ආරාමයට යන විට මට වයස අවුරුදු විසිපහක් වූ අතර කොරියාවේ මහායාන බුද්ධ ධර්මය වැළද ගෙන උපසම්පදා ලැබු පසු,කොරියානු භික්ෂූන් වහන්සේලා ලෙස මම එයට හැඩ ගැසුනෙමි...... මගේ චරිතය පරීක්ෂණයක් වගේ දේකට යොමු කර ඇති බවක්, සෑම භික්ෂුවක්ම මා දෙස බලා සිටින බවත් මට වැටහුනි....

මොහු මොන වගේ චරිතයක්ද? මොහු කොරියානු බෞද්ධ භික්ෂුවක් ලෙස ජීවත් වීමට සූදානම්ද? යන ලෙසය..... මෙම ආරාමයට ආදා පටන්,අනෙක් භික්ෂූන් සමග සහයෝගයෙන් පන්සල පිරිසිදු කිරීමේ කටයුතු , කඳුකරයේ දර එකතු කිරීම් වලට (කාමර දර වලින් රත් කිරිමට), ජලය ඇදීමට ආදී මුළු දවසම පාන්දර 3 සිට රාත්‍රී 9 දක්වා මම කුඹුරුවල වැඩට, වතුර ඇදීමේ වැඩට යනාදී පහත් වැඩවල යෙදී සිටියෙමි..... මාව මේ ආරාමය තුල කොන් වෙයි කියන බයට මම අකමැත්තක් නොපෙන්වා ඒ සියලු වැඩ කලෙමි.


නූතන කොරියානු බුද්ධාගමේ නිකායන් කිහිපයක් අඩංගු වන අතර, ඉන් විශාලතම වන්නේ චෝග්යේ, සියොන් වේ.(සෙන්) අනුපිළිවෙලක් ලෙස , එසෝටරික් බුද්ධාගම, තේගෝ, චියොන්ටේ, චින්කාක්, පවිත්‍ර දේශය, වොන් ඇතුළු අනෙකුත් ඒවාදවේ....ඒවා තුල ඔවුන්ට ඇත්තේ එකම මූලික ඉගැන්වීම් සහ භාවිතයන් වන අතර අවධාරණය කිරීමේදී සුළු වෙනස්කම් ඇත.....


බෞද්ධ භික්ෂූවක් යනු ත්‍රිවිධ සරණ හා දසසිල් සමාදාන වුවන් ලෙසත්

ප්‍රේමණීය කරුණාව ප්‍රගුණ කිරීම,

ත්‍යාගශීලි බව පුරුදු කිරීම, නොදුන් දේ නොගැනීම.,දැනුවත්භාවය පුහුණු කිරීම සහ කාමුක සහ ලිංගික ආශාවන් පාලනය කිරීම. සෞඛ්‍ය සම්පන්න කථාවක් පුහුණු කිරීම, බොරු කීම, කේලාම් කීම හෝ පරුෂ ලෙස කතා නොකිරීම. නිරවුල් මනසිකාරය පුරුදු කිරීම සහ මත් ද්‍රව්‍ය ගැනීමෙන් වැළකීම ලෙස මම ලංකාවේ කවදත් පිළි පැදු

කාර්යන්ම විය.....

කොරියානු බෞද්ධ පිළිවෙතෙහි ප්‍රධාන අංගය වන්නේ භාවනාව, සූත්‍ර අධ්‍යයනය සහ සජ්ඣායනා කිරීමයි..... භාවනාව තුළින් බෞද්ධයන්ට තම සැබෑ ස්වභාවය සොයා ගැනීමට හැකිවේ.


ලංකාවේ තේරවාදි බුද්ධ ධර්මයද, කොරියාවේ මහායාන බුද්ධ ධර්මයයේද ඇති සුළු වෙනස්කම් දුටුවත් ඒවා සියල්ල අමතක කර දමා මම.... ඉපදුන දා පටන් මම අදහන සම්මා සම්බුදුන් වහන්සේගේ ධර්මයයේ සරණ ගිය භික්ෂූවක් ලෙස ඉතා සිල්වත්ව, කරුණාවන්තව කොරියානු භික්ෂූවක් ලෙස දැන් මගේ පැවදි දිවිය ගත කරගෙන යන්නෙමි .......


" ලංකාවේ සිට වැඩම කරවු විපස්සි හාමුදුරුවො අද ඉදන්

‘‘යේචිං‘‘ නමින් උපසම්පදාව ලැබ අපේ පන්සලේ දිගටම වැඩ වෙසෙන්න නියමිතයි.... .‘‘


ලොකු හාමුදුරුවෝ සියලු ස්වාමීන් වහන්සේලා හා කොරියානු බැතිමතුන්ට අවසානයේ මට හිමි කොරියානු නමින් මා හදුන්වා දුන්නේය.....


මා හට කොරියන් නමක් ද, කොරියන් සිවුරු ලෙසම ලැබුණි....

මම දැන් කොරියන් පන්සලේ ‘‘යේචිං‘‘ භික්ෂූන් වහන්සේ ය.

ලංකාවේ සිට කොරියාවට වැඩම කර අවුරුද්දකට පසු කොරියානු බෞද්ධ විහාරස්ථානයක කොරියානු භික්ෂූවක් ලෙස උපසම්පදා ලැබු මම කොරියාවට විත් අවුරුදු දහයක් ගෙවි ගොස් ඇත .... ඒ කාලය තුල කොරියන් භාෂාව හරි ඉක්මනට හොදින් ඉගෙන ගැනීමට හැකි විම විශේශ විය.


පන්සලට පැමිණෙන කොරියානු තරුණ, මහළු සියලු බැතිමතුන් බොහෝ ඉක්මනට ඒ කාලය තුල මා සමග මිතුරු විමත් හරි ඉක්මනටම සිදුවිය..... මට හැකි අයුරින් ඔවුන්ට හොඳින් සලකමින් උදව් උපකාර කිරීම නිසා ඔවුන් අතරේ මට හොද නමක් තියාගෙන ජීවත් වීමට හැකියාව දැන් ලැබි ඇත .....බොහෝ සිල්වත් පැවදි දිවියක් ගත කල මම ගැන කොරියානු බෞද්ධ ජනයා අතර ප්‍රසිද්ධ භික්ෂූවක් විය.


‘‘යේචිං මේ වැඩේ මට කරලා දෙන්න.....”


‘‘යේවිං අද රෑට කෑම හදන්න.‘‘


‘‘යේචිං අපට අද දානයකට වඩින්න තියෙනවා.?


"යේ චිං පන්සලේ විදුලි බුබුළු ,විදුලි උපකරණ කැඩුණු බිදුනු ඒවා හදා දමන්න...."


" අද චීනයේ සිට භික්ෂූවක් අපේ ආරාමයට වැඩම කරනවා, උන්වහන්සේට ආගන්තුක සත්කාර කිරිම ඔබට භාරයි...."


මම නැතුව දැන් පන්සලේ ලොකු හාමුදුරුවන්ට කිසිත් වැඩක් කිරිමට බැරි ගානය ...උන්වහන්සේ නිතර මට කතා කරමින් මගෙන් උදව් ඉල්ලයි....මම ඒ සියලු දේ ඉතා අවංකව සතුටින් ඉක්මනින් කරදීම නිසා, උන්වහන්සේ බොහෝ සතුටට පත් ව ඇත.


කොරියාවේ ගෙවුණු වසර දහයක කාලය තුළ නොයෙකුත් කරදර බාධක, අපහාස උපහාස, දුක සැප, ජය පරාජ ඇතුළු ව අටලෝ දහමට යටත් ව ගෙවී ගිය කාලය ජීවිතයේ අත්දැකීම් බහුල ව ලැබුණු කාලයක් විය...... ලංකාවේ සියලු දෙයින් ඈත් වී ගෙවුණු කාලය, ජීවිතයට බොහෝ අත්දැකීම් ලැබුණු කාලයක් සේම, මම බොහෝ මුහුකුරා ගිය කෙනෙකු ලෙස ජීවිතයට පා තබා තිබුණි.....

පන්සලේ වැඩට උදවු කරමින් එහි සිටි ස්වාමීන් වහන්සේලාගේ හිත දිනා ගෙන කොරියන් භාෂාව ද ඉගෙන ගනිමින් මම කොරියන් පන්සලේ වසර දහයක කාලයක් පදිංචි වී හිතේ සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වන්නෙමි. මේ වන විට දකුණු කොරියාවේ සෑම නගරයක්ම මම සංචාරය කර හමාර වි තිබුනි...... එම කාලය තුළ මට හොඳින් කොරියන් භාෂාව කතා කිරීමට හැකි වී තිබිම මගේ සියලු වැඩකටයුතු වලට ලොකු පහසුවක් විය.... මට දැන් කොරියාවේ ඕනෑ තැනකට තනියම වැඩම කර , ඕන වැඩක් තනියම කරගත හැක.... ඕන කෙනෙකු සමග බය නැතුව කතා කළ හැකි ය...... මම කොරියානු භික්ෂූවක් ලෙස කොරියාවේ බොහෝ හොඳින් ජීවත් වෙමින් මගේ ශීලය ඉතා හොදින් රකිමින්, පිළිපදිමින් ජීවත් වන්නෙමි.... කොරියාවේ බෞද්ධ බැතිමතුන් අතරද හොඳ පිළිගැනීමක් ඇතිව ජීවත් වන්නෙමි. .....

කවදත් පෙනුමෙන් බොහෝ පැහැපත් වු මම කොරියානු ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ පෙනුමටද බොහෝ සමාන කම් දැක්විය..... නොදන්නා කෙනෙකුට කොරියානු ස්වාමීන් වහන්සේලා අදින සිවුරෙන් සිටින මා අදිනාගන්නට බැරි තරමට මම කොරියානු භික්ෂූවක් ලෙසටම සමාන විය.....


අවුරුදු දහයක් පමණ කාලයක් තුළ මම එම පන්සලේ නවාතැන් ගෙන, ඉතා මහන්සි වී පන්සලේ වැඩකටයුතුවලට සහභාගි වුණෙමි..... කොරියානු භික්ෂූන් වහන්සේලා එම රට තුළ වාහන පැදවීම කරන බැවින් මට ද වාහන බලපත්‍රය ගන්නට සිදු විය...... පන්සලේ වැඩකටයුතුවලට එය ඉතා පහසු විය..... මම වැඩ වෙසෙන පන්සල කොරියාවේ ඉතා දුෂ්කර ගම්බද පරිසරයක පිහිටා තිබුන නිසා පන්සලේ ලොකු හාමුදුරුවන් ඇතුළු සියලු භික්ෂූන් වහන්සේලාගේ හිත දිනා ගෙන සිටි මට කොරියන් වැඳුම් පිදුම් ගාථා ඒ ආකාරයට ම ඉගෙන ගන්නට ද හැකි විය..... සුමානයකට දවස් තුනක් හවස පූජාව මම දැන් තනියම පවත්වන්නෙමි..... කොරියන් බෞද්ධයන්ගේ බෝධි පූජා මම ඉතා දක්‍ෂ ලෙස මෙහෙය වන්නෙමි..... මම සිටි ප්‍රදේශයේ කොරියන් බෞද්ධයන් අතර ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වෙමින් මම කොරියාවේ පන්සලේ හිතේ සතුටින්, සැහැල්ලුවෙන් අවුරුදු දහයක් ගෙවා නිම කර තිබුණෙමි.


- නැවත හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

0 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Commenti


bottom of page