top of page
  • Writer's picturePrisila Godahewa

**එතෙරින් එතරට**

(20 කොටස)


හුග කාලෙකට පස්සෙ මම නුවර පන්සලට වැඩම කලෙමි. එහි වැඩ විසුව කාලයේ මට කරන්න තරම් වැඩ කොටසක් නොවීය. එබැවින් මම නිතර නිවාඩු පාඩුවේ නුවර දළදා මාලිගාව වැද පුදාගන්නට ගියෙමි.

ගමේ ගොස් අම්මා ඇතුලු නෑදෑයෝ බලා කියාගෙන, පුලු පුලුවන් විදිහට ඔවුන්ට උදව් පදව්ද කලෙමි.

ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝද බැහැදැක්කෙමි. පරන පාසැල් කාලයේ යාලුවෝද දකින්න ගියෙමි. ගම දැන් බොහෝ වෙනස් වී ඇත. පරන ඉස්කෝලේ ගිය කාලේ යාලුවො සමහරක් කසාද බැද දරුවනුත් ලැබ හිදියි. සමහරුන් හොද රැකියා කරන අතර සමහරුන් තවම රංචු ගැසෙමින් රස්තියාදු වේ යයි. සමහරක් යාලුවො ගමේ නොසිටියහ.

මම අනිතිමට පාසැල් ගිය දවසේ හොරෙන් ගත්ත බුද්ධ චක්ක්‍රයේ අයිති කරු, එනම් එලවලු මුදලාලිගේ පුතා සමිර, දැන් මුදලාලිගේ එලවලු කඩය භාර ඇරගෙන කරයි. ඔහුගේ ඒ බුද්ධ චක්ක්‍රය නිසා මම අද ගොස් සිටිනා දුරක් ගැන සිහිපත් වී මට ම සිනා ගියේය .

සමිරගේ එලවලු කඩය දැන් හරි සරුය. ඔහු එය තට්ටු දෙකට ගසා උඩ තට්ටුවේ පදිංචි වී හිදින්නේ ඔහුගේ බිරිඳ සමගිනි. පහල තට්ටුවේ එලවලු කඩයට අමතරව හාල් තුනපහ කඩයක්ද දමා ඇත .දැනට මාස තුනකට උඩදී ඔහුගේ විවාහ මංගල්ලය ගමේ ඉතා ඉහලින් පැවැත්වු බව කීවේ මගේ ඒ කාලේ හොදම යාලුවෙකි.


ඔහු නම් තවම තනිකඩව දෙමවුපියන් බලාකියා ඉන්නා බව කීය. දන්න කියන නෑ හිත මිතුරන් හමුවී මම නුවර පන්සලට වැඩම කලේ දින දෙකක් ගමේ පන්සලේ නැවතී හිද හිතේ සැහැල්ලුවෙනි.


නුවර පන්සලේ මට වැඩි දවසක් වැඩ වෙසෙන්න සිදු නොවීය. මම කොරියාවට ඉල්ලුම් කර යවා තිබු වීසා ලැබි තිබෙන බව දන්වා මට ලියුමක් හා එහි මට මාස තුනක් කොරියාවේ ගත කල හැකි බව දන්වා තිබුනි. මම බලාපොරොත්තු උන ලෙස කොරියාවට විසා ලැබී තිබීම මට සතුටට කාරනයක් විය.

ඇමරිකාවේ සිටින කාලයේ සිට මම කොරියානු භාශාව පිලිබද පොත් සොයා ගෙනවිත්, ටික ටික ඒ වනවිට මම කොරියන් භාෂාව ඉගෙන ගෙන තිබුණි. කොරියාවට යෑමට පෙර තව වචන ඉගෙන ගතයුතු යැයි තරයේ සිතට ගත්තෙමි.

නුවර පන්සලේ ලොකු හාමුදුරුවෝ බැහැ දකින්නට ගොස් මම උන්නාන්සේට මගේ කොරියානු ගමන ගැන කීවෙමි .


"‘ලොකු හාමුදුරුවනේ මට කොරියාවේ රටේ පන්සලකින් ආරාධනාවක් ලැබිල තියෙනවා, මාස තුනකට එහෙට වඩින්න කියලා.මම ඇමරිකාවේ ඉන්න කොට ඉල්ලුම් කල ලියුමකට.


‘‘කොයිතරම් දෙයක් ද, රටතොට බලාගන්න ලැබෙන එක.‘‘

මාගේ කොරියා යන ගමනනෙහි කිසි පැහැදිලි බවක් නොපෙන්වයි. වීසා ගැනීමට අවශ්‍ය බැවින් කොරියන් පන්සලකින් ගෙන්වා ගෙන තිබූ ලියමන නිසා මට කොරියාවට මාස තුනකට වීසා ලැබී තිබුණි. එම ලියමන ලබා ගැනීමට මට මුදලක්ද එම පන්සලට ගෙවන්න සිදුවිය.

නමුත් මා කොරියාවට ගොස් මොනවාද කරන්නේ…. එහිදි කොහේද නවතින්නේ කවුද මාව එහිදී පිළිගන්නෙ කියා කිසිම දෙයක පැහැදිලි බවක් නොවීය. මා හඳුනන කෙනෙක්වත් එහි නොසිටියහ.

නමුත් මොන බදා ආවත් කොරියාවට ගොස් මම මාගේ අනාගතය හදා ගන්නට උත්සාහ ගත යුතු යැයි දැඩි තීරණයක මම උන්නෙමි. මම මගේ මෙපමණ කලක් බැංකු ගිනුමේ දමා ඉතිරි කරගෙන සිටි මුදලින් කොරියාවට ගුවන් ටිකට්පතක් මිලදී ගෙන, ඉතිරි මුදල් සියල්ලම මගේ ඉදිරි කාලයේ වියදමට තබා ගත්තෙමි.

ඇමරිකාවේදි මට කොරියානු විසා ලබා ගැනීමට උදව් කල ස්වාමීන් වහන්සේට මම දුරකතන ඇමතුමක් ගෙන මගේ කොරියානු විසාව ගැන උන්වහන්සේට කීවෙමි .


‘‘කොරියාවේ පන්සලක ලංකාවේ මම හඳුනන හාමුදුරු නමක් වැඩ වෙසෙනවා කියලා මම ඔබවහන්සේට කිව්වා මතකයි නේද?....... මම ඒ හාමුදුරුවන්ගේ ලිපිනය හා ටෙලිෆෝන් නම්බරය විපස්සී හාමුදුරුවන්ට දෙන්නම්....... අවශ්‍යතාවක් වුණොත් විතරක්, ඒ හාමුදුරුවන්ටත් කතා කරල උදවුවක් ගන්න පුළුවන් වෙයි.‘‘


‘‘ඔබවහන්සේට මුලින්ම වඩින්න වෙන්නෙ කොරියාවේ ඔබ වහන්සේට වීසා ලබා දුන් පන්සලටයි."....

"එහෙමයි"

ඇමරිකාවේ පන්සලේ ලොකු හාමුදුරුවන් කියු ලෙස මම කොරියානු රටට ගොස් කලයුතු දේවල්; හොදින් සිහි තබාගෙන වැඩකටයුතු ලෑස්ති කරගත්තෙමි.

ඇමෙරිකාවේ පන්සලේ ලොකු හාමුදුරුවන් දුන් කොරියාවේ,..... ලංකාවේ භික්ෂූන් වහන්සේගේ ලිපිනය හා ටෙලිෆෝන් නම්බරය මම පරිස්සම් කර ගනිමින් තියා ගත්තෙමි.

කොරියාවට ගොස් කලයුතු දෑ වගේම කොරියාවට ගෙනයායුතු ඇදුම් පැලදුම් පිලිබදව මම දැඩි උවමනාවෙන් හොයා බලා ලෑස්ති කරගත්තෙමි. කොරියානු භාශාව ඉගෙන ගැනීම ගැනද වැඩි අවදානමක් යෙදවූවෙමි.

- නැවත හමුවෙමු -


** ප්‍රිසිලා ගොඩහේවා **

12 views0 comments

Recent Posts

See All

*එතෙරින් එතරට *

(22 වෙනි කොටස ) වාහනය පැයට කිලෝමීටර් 120ක වේගයකින් එකදිගට ගමන් කරයි. කොරියන් රියැදුරු මගෙන් මොන මොනවාදෝ කොරියන් භාෂාවෙන් ඇසීය. මට කිසිදු...

댓글


bottom of page