top of page
  • Writer's picturePrisila Godahewa

**එතෙරින් එතරට **

( 19 වන කොටස )

" ඔබ වහන්සේ කොරියාව වගේ රටක ගිහින් නවතින්න කැමතිද?"......

" ඔබ වහන්සේ කොරියාව වගේ පන්සලක නවතින්න යන්න කැමතිද?......


"කොහේ උනත් ප්‍රශ්නයක් නෑ හාමුදුරුවනේ ".....

"‘මං දන්න හිමිනමක් කොරියාවේ පන්සලක වැඩ වෙසෙනවා. උන් වහන්සේ කාලෙකට උඩදි කොරියාවට ගිහින් එහේ පන්සලක නැවතුනා...... මම හිතන්නේ උන් වහන්සේට එහේ දැන් හොදයි කියලයි......කාලෙකින් කතා කරන්න බැරි උනා, උන්වහන්සේට........මම ලගදි "කෝල්" එකක් දීලා අහල බලන්නම් විස්තර එහෙම ...... ඔබ වහන්සේටත් එහෙට වඩින්න පුලුවන්ද කියලා ..‘‘


‘‘අනේ හාමුදුරුවනේ ලොකු උදව්වක් ....... . මට දැන් ලංකාවට ගියත් වැඩ වෙසෙන්න පන්සලක් නැති තරම්..... තිබුනත් හිතේ නිදහසක් නැතුව ඉන්න තැනක මම ඉන්න කැමති නෑ......... මට ඕනේ නිදහසේ බනක් භාවනාවක් කරගෙන නිදහසේ ඉන්න පුලුවන් තැනක් ලොකු හාමුදුරුවනේ ......"


‘‘මං කතා කරල බලන්නම්. හැබැයි මාස තුනකට වඩා නම් කොරියාවට වීසා දෙන එකක් නෑ. ගිහිල්ලා පස්සෙ තමයි වීසා දික්කර ගන්න වෙන්නේ......‘‘


"‘එහෙම වුණත් කමක් නෑ හාමුදුරුවනේ ......ගිහින් එහේ පන්සලක එක දිගට ඉන්න තැනක් මොනවා හරි කරලා ලෑස්ති කරගන්න පුලුවන් උනොත්..... මට ඕනේ විදිහට නිදහසේ ඉන්න පුලුවන් වෙයිනේ.......‘‘


‘‘කොරියාවට වීසා හදාගන්න එකත් හිතන තරම් ලේසි නෑ.‘‘


‘‘කොරියාවේ පන්සලක් තියෙනවා, වෙන රටවල ස්වාමීන් වහන්සේලාට වීසා ගන්න ලියුමක් ලෑස්ති කරලා දෙනවා. ඒ කියන්නේ කොරියාවේ සංචාරය කරලා එන්න වගේ........හැබැයි ඒ ලියුම ගන්නත් අපි ටිකක් ලොකු මුදලක් ඒ පන්සලට ගෙවන්න ඕනෑ......"‘


‘‘මුදල් ගැන නම් ප්‍රශ්නයක් නෑ හාමුදුරුවනේ….. . තායිලන්තයේ ඉන්න කාලෙදි උපාසක උපාසිකවන්ගෙන් පිරිකරට හම්බු වුණ මුදල් ටිකක් මං ඉතිරි කරගෙන ඉන්නවා. ඒව ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මට කියල වෙන වියදමකුත් නෑනෙ.‘‘


“‘ඒක කොරියන් පන්සලක්නේ.... . ඔබවහන්සේට ගිහින් එහි වැඩ වෙසෙන්න වෙන්නෙ කොරියන් හාමුදුරුවරු එක්ක.....භාෂාව තමයි ප්‍රශ්නයක් වෙන්නෙ.‘‘......


‘‘ටික ටික කොරියන් භාෂාව මම ඉගෙන ගන්න උත්සහ කරන්නම්........ කොරියන් භාෂාව උගන්වන පොත් එහෙම තියෙනවනේ. ඒ පොත් ගෙනත් ඉගෙන ගන්න බලන්නම්.....‘


“‘ඔව්... කොරියාව වගේ රටකට ගියොත් නම් එහේ භික්ෂූන් වහන්සේලාට ගෙවීමකුත් කරනවා.‘‘


“‘ඔබවහන්සේට පුළුවන් නම් මට කොරියන් වීසා එක ගන්න උදවු කරන්න. මට ඕන තැනකට ගිහින් ඒ පරිසරයට හැඩ ගැහෙන්න පුළුවන්.‘"

තායිලන්තයේ සිටි කාලයේදී මම ඉංග්‍රීසි භාෂාව අමාරුවෙන් ඉගෙන ගත්තෙමි. යාන්තමට මට ඉංග්‍රීසි භාෂාව තේරුම් ගැනීමට හා කතා කිරීමට හැකියාව ලැබී ඇත. ඇමෙරිකාවට ආ පසු ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත් එකේ වටිනාකම මට තදින් ම දැනිණි. කොරියන් භාෂාව වුවද ඉගෙන ගත්තොත් අහක යන්නෙ නැති බව මට වැටහී තිබිනි. මම කොරියන් භාෂාව කොහොම හරි ඉගෙන ගත යුතු යැයි සිතට ගත්තෙමි.

මාස හයක කාලයක් ඇමෙරිකාවේ ලංකාවේ හාමුදුරුවරු වැඩ සිටින පන්සලේ වැඩ සිටින ගමන්, මා කොරියාවට වීසා ඉල්ලුම් කළේ, එහි වැඩහිටි ලොකු හාමුදුරුවන්ගේද සහාය ඇතිව ය.

ඇමරිකාවේ වැඩවිසු මාස හය සම්පූර්ණ වී, මා හට නැවත ලංකාවට යන්නට සිදු විය.


ලංකාවට යන විට, මට ඇමෙරිකාවේ පන්සලේ දී උපාසක උපාසිකාවන්ගෙන් පිරිකර ලෙස ලැබුණු මුදල් ටිකක් ද ඉතිරි කර ගැනීමට හැකි විය. ඒවා මම කොරියන් ගමනට කියා ඉතිරි කරගෙන තියාගත්තෙමි.


ඇමෙරිකාවේ සංචාරයෙන් පසු නැවත මම ලංකාවට වැඩම කළෙමි.

නැවත ලංකාවට ගිහාම මම කොහේද වැඩ වෙසෙන්නේ කියන ප්‍රශ්නය ඇමරිකාවේ ඉන්න කාලේදි මම කල්පනා කලෙමි. අවසාන තීරනය වුනේ කොළබ නොගිහින් නුවර හෝ අවිස්ලාවේල්ල පන්සලට යන්නයි.

අවසාන තීරනය වුනේ ලංකාවට ගොස් නුවර පන්සලේ නවාතැන් ගන්නට යන්නයි. එසේ හිතාගත් මම ගුවන් තොටුපොළේ සිට කෙලින්ම නුවර බලා යන්නට කැබ් රතයකට නැග ගත්තෙමි .


මම පැවිදි වුනු නුවර පන්සලට වැඩම කළේ, කොළඹ පන්සලට නැවත යෑමට ඇති අකැමැත්ත නිසාවෙනි. නුවර පන්සලේ ලොකු හාමුදුරුවෝද ඉතා වියපත් වී ඉන්නා හැටි දැක මට දුක සිතිණි. පන්සලද වෙනස් වී ඇත. බොහෝ අත්දැකීම් ලැබ ගත් පන්සල, මම පැවිදි දිවිය ලැබ ගත් පන්සල දැන් වෙනස් වී ඇත. මේ වනවිට මා විසිපස් වැනි වියේ පසු විය. මා තව බොහෝ කාලයක් ජීවන ගමන ගමන් කළ යුතුව ඇත. මට නවාතැන් ගැනීමට තැනක් අවශ්‍ය ය. මම ටික කාලයක් නුවර පන්සලේ වැඩ හිටියේ එහි ලොකු හාමුදුරුවන්ගේද කැමැත්ත ඇතුව ය.

මට නුවර පන්සලේ වැඩ වෙසෙන්න සිදු වූයේ මාසයකටත් අඩු කාලයකි.


- නැවත හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

8 views0 comments

Recent Posts

See All

*එතෙරින් එතරට *

(22 වෙනි කොටස ) වාහනය පැයට කිලෝමීටර් 120ක වේගයකින් එකදිගට ගමන් කරයි. කොරියන් රියැදුරු මගෙන් මොන මොනවාදෝ කොරියන් භාෂාවෙන් ඇසීය. මට කිසිදු...

Comments


bottom of page