top of page
  • Writer's picturePrisila Godahewa

**එතෙරින් එතරට **

(17 වන කොටස )

තායිලන්තය හරහා ඇමරිකාවට යන්න නියම වී තිබීම නිසා මම දින දෙකක් තායිලන්තයේ මම කලින් වැඩ සිටි පන්සලේ නැවති ඉද අනෙක් ස්වාමීන් වහන්සේලා දෙනම සමග දින දෙකකට පසුව ඇමරිකාව බලා යන්නට වැඩ කටයුතු ලෑස්ති කරගත්තෙමි.

මා සමඟ තායිලන්තයේ සිට ඇමෙරිකාව බලා වැඩම කිරීමට ලෑස්ති වී සිටි ස්වාමීන් වහන්සේලා දෙනමද මාගේ වයසේ ම පසුවුවන්‍ ය..

තායිලන්ත ගමනට වඩා වැඩිපුර මහන්සි වී මම මෙම ගමනට ලෑස්ති වුනෙමි. ඉතා ශීතල කාලගුනයක අපි ඇමරිකාව බලා යන නිසා මෙම ගමනට ශීත ඇදුම්ද ගෙන යන්නට සිදුවිය. මම බොහෝ ආසාවෙන් මෙම ගමනට ලෑස්ති වූයෙමි.

යන්නට නියමිත දින බන්ඩාරනායක ගුවන් තොටුපොළේ සිට තායිලන්තයට යනකම් මම කිසි අමාරුකමක් නැතුව හොද පුරුදු කෙනෙක් ලෙස ගමන ආරංභ කලෙමි. ගිය පාර ගිය ලෙස ගුවන්තොටුපළ හරහා මා තායිලන්තයට වැඩම කළේ නම් සිතේ කිසිදු බයක් සැකක් නැතුව මය.

මම තායිලන්තයේ පුරුදු පන්සලට යනවිට මා සමග ඇමරිකාවට යන්නට ලෑස්ති ස්වාමීන් වහන්සේලා දෙනමද වැඩ සිටියාහ.

"‘ඔබවහන්සේ ඇමෙරිකාවේ සංචාරයට ගොඩක් කැමැත්තෙන් සිටි නිසා වීසා හම්බ වුණ එක ගැන ගොඩක් සතුටු ඇති නේද?"


“‘එහෙමයි... මගේ ලොකු හාමුදුරුවොත් අපවත් වුණානේ. මට ඉන්න තැනකුත් නැතිවේගෙන තමයි ආවේ. මේ ගමන ලෑස්ති කර ගත්ත එකත් ගොඩක් හොඳට ගියා.‘‘

"‘ඇයි ඉන්න තැන නැති වුණා කිව්වේ.‘‘


"‘‘පන්සලේ ලොකු හාමුදුරුවෝ අපවත් වුණාට පසුව එහි වැඩම කළ නායක හාමුදුරුවො මා ගැන එතරම් පැහැදීමක් තිබුණේ නෑ. මං ඒ පන්සලේ නායක ධුරය බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලයි උන්වහන්සේ හිතාගෙන ඉදලා තියෙන්නේ . මං සංචාරයකට යනව කියපු ගමන් ම උන්වහන්සේ මගේ කුටිය වෙන පොඩි ස්වාමීන් වහන්සේලා දෙනමකට පවරන්න පවා පැවසුවා.‘‘


"‘ඔබ වහන්සේටත් තියෙන්නෙ අපි වගේ වෙන පිටරටක පන්සලක වැඩ වෙසෙන්නයි.‘‘


"‘‘මාත් කැමැතියි. ඒත් පන්සලකින් ආරාධනාවක් ලැබෙන්න ඕනනෙ.‘‘


‘‘අපි... බලමු. ඉස්සරහට මොනවද, කොහොමද කරන්න පුළුවන් කියල.‘‘

අපි තුන් නම ඇමෙරිකාව බලා ගමන් ඇරබුවේ තායිලන්තයේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් අවසර ආශිර්වාද ලබා ගෙනය.

එම ගමන ඉතා දිගු වෙහෙසකර ගුවන් ගමනක් විය. එය පැය දහහතකට ආසන්න විය. අප පිළිගැනීමට කිසිවෙක් ගුවන්තොටුපළට නොපැමිණියහ.


මා සමඟ ඇමෙරිකාවට වැඩම කළ සෙසු දෙනමට මේ ගමන හොඳින් හුරුපුරුදු නිසා, ඒ ගැන බයක් මට නොතිබුනි.අපි කැබ් රථයකින් ඇමෙරිකාවේ ඇති බෞද්ධ පන්සල බලා ගමන් ආරංභ කළෙමු.


තායිලන්තයට වඩා එහෙම පිටින් ම වෙනස් රටක් වූ ඇමෙරිකාවේ ඉතා ජනාකීර්ණ, කලබලකාරී පරිසරයක් විය. එහි දේශගුණය දරා සිටීමට නොහැකි තරම් අදික සීතලක් විය..


ඇමෙරිකාවේ මීට ප්‍රථම සංචාරය කර තිබූ අනෙක් ස්වාමීන් වහන්සේලා මටත් එක්කම ශීත කබා රැගෙනවිත් තිබූ නිසා සීතලෙන් බේරීමට හැකි විය. ඇඟේ බරට හා සමාන බරකින් යුත් ශීත කබා ඇඳගෙන ගමන් ආරම්භ කළ මට, එය ඉතා වෙහෙස කර, අපහසු ගමනක් විය.

අපි උදේ පාන්දර ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් බැස, පසුව කැබ් රථයෙන් අපට නවතින්න නියම පන්සලට යාමට පැය භාගයක් විතර කාලයක් ගත විය.

. අපි නවතින පන්සලට පැමිණි පසු හරිම පහසුවක් සැහැල්ලූවක් දැනින.

නගරයේ තදාසන්න පරිසරයක පිහිටා තිබූ බෞද්ධ පන්සල ඉතා ඉඩකඩ අඩු පන්සලකි. එහි තරුණ ස්වාමීන් වහන්සේ දෙනමක් වැඩ වාසය කළහ. උන්වහන්සේලා අපව ඉතා උණුසුම්ව පිළිගෙන ආවතේව කළහ.

නුපුරුදු දේශගුණයකට පැමිණ සිටි බැවිනුත්, දිගු ගුවන් ගමනක යෙදුනු බැවිනුත් අපි ඉතා තෙහෙට්ටුවෙන් පසු වුණෙමු.


"උණු වතුරෙන් ඇඟපත දොවා ගන්න ප්‍රථම මේ ගිලන්පස වළඳලා සිටියා නම්.‘‘


"කිරි කෝපි හොඳයි සීතල යන්නත් එක්ක.‘‘

එම විහාරස්ථානයේ වැඩ සිටි දෙනම ම ඉතා හොඳ ගතිගුණ ඇති භික්ෂූන් වහන්සේලා යැයි මට සිතිණි. දින දෙකකට ආසන්න කාලයක් ඇඳගෙන සිටි සිවුරු උනාදමා උණු වතුරෙන් ඇඟපත දෝවනය කරගෙන, අලුත් සිවුරක් ඇඳ, ශීත කබායක්ද ඇඳගත් විට ඇඟට හොඳ සනීපයක් දැනුණි.


‘‘වේලාසනම දහවල් දානය වළඳා, වේලාසන සැතපෙන්න යන්න මහන්සි ඇති නේ ඔබ වහන්සේලාට.‘‘

පන්සලේ ලොකු හාමුදුරුවෝ අපට කීහ.


“‘එහෙනම් වඩින්න දාන ශාලාවට ම.‘‘

ඉතා පොඩි දානශාලාව මැද කෑම මේසයක් තිබුනි. කාමරය වටේට කබඩ් ගසා පිරිසිදුව පිලිවෙලට හැම දේම අසුරා තිබුනි.

කෑම මේසයේ සුදුබත් සහ මාළු පිනි තබා තිබුණේ උයපු භාජනවලමය. ඒවා මේසයට තියෙන දීසි තරම්ම පිරිසුදු ලස්සන ඒවා ය. පන්සලේ වැඩවෙසෙන හාමුදුරුවරු ඔවුන්ගේ දානය මාරුවෙන් මාරුවට උයාගන්නා බවත් දායකයන්ගෙන් දානය ලැබෙන දිනද ඇති බව පැවසූහ.


දිගු ගුවන් ගමනින් හා ඇඟපත දොවා ගැනීමෙන් පසු ලොකු බඩගින්නක් තිබූ බැවින් අපි තුන්නම උන්වහන්සේලා පිසින ලද දානය වැළඳුවේ බොහෝම කැමැත්තෙන් ය.


‘‘මෙහේ දේශගුණයට හරි ඉක්මනට බඩගිනි හැදෙනවා. අවශ්‍ය වේලාවට උයන ගෙට ගිහින් අවශ්‍ය දෙයක් වළඳන්න. තේ, කෝපි තියෙනවා. කිරි ෆිජ් එකේ තියෙනවා. අරගෙන වැළඳුවාට කිසිම ප්‍රශ්නයක් නෑ. මෙහේ ආවතේවකාරයො නෑ. අපේ වැඩ අපිම තමයි කරගන්න ඕන.‘‘......

එදින දාවාලෙ වේලාසනම දානය වලදා අවසන් වු විගස වේලාසන නින්දට යන්නට ලැබුණි. දහවල උනත් අවට පරිසරය හරියට ඇදිරි වැටීගෙන එන හවස් වරුවක් වගේ පෙනෙයි.

එකම කාමරයක බිම මෙට්ට තුනක් දමා අපට නිදාගන්න ලෑස්ති කර තිබුනි. මෙට්ට උඩ තද ඝනකම් පොරොවනද තිබුනි. බොහෝම පුංචි කාමරයේ මෙට්ට උඩ ඝනකම් පොරෝන යට ගුලී ගැසී අප තිදෙනා කතාබහෙන් තොරවම සැතපුණෙමු. අවට හිම වැටෙන සීතලේ මෙට්ටයට වැටුනු පරක්කුවෙන් දෑස් පියවුනි.

10 views0 comments

Recent Posts

See All

*එතෙරින් එතරට *

(22 වෙනි කොටස ) වාහනය පැයට කිලෝමීටර් 120ක වේගයකින් එකදිගට ගමන් කරයි. කොරියන් රියැදුරු මගෙන් මොන මොනවාදෝ කොරියන් භාෂාවෙන් ඇසීය. මට කිසිදු...

Komentar


bottom of page