top of page
  • Writer's picturePrisila Godahewa

**එතෙරින් එතරට**

(16 කොටස )



තායිලන්තයේ දී හමු වූ ස්වාමීන් වහන්සේ නමක් ඇමෙරිකාවේ චාරිකාවේ යන්නට මට ආරාධනා කර එවා තිබූ ලිපිය ගැන මම ලොකු හාමුදුරුවන්ට කීවෙමි.


“‘විපස්සි හාමුදුරුවන් ගිහින් රටතොට දැක බලා ගෙන වඩින්න. අවස්ථාව හම්බ වුණ වෙලාවට වඩින්න ඕනෑ.‘‘

ලොකු හාමුදුරුවන් කවදත් මගේ අනාගතය ගැන සිතන හිමිනමකි. නමුත් ලොකු හාමුදුරුවන් සිටි අසනීප තත්ත්වය නිසා මට උන්වහන්සේ දමා චාරිකාවේ යන්නට නොසිතිණි. නමුත් මම ඇමෙරිකාවට යන්න වීසා බලපත්‍ර ලබා ගැනීමට ඉල්ලුම් කළෙමි. එයට ටික කාලයක් යන බව ද මට දැනගන්නට ලැබුණි.

මම පිරිවෙන් යන පොඩි හාමුදුරු නමකට, ලොකු හාමුදුරුවන් බලාකියා ගත යුතු ආකාරය ටිකෙන් ටික ඉගැන්නුවෙමි. ලොකු හාමුදුරුවන් සෝදා පිරිසුදු කර, බෙහෙත් කැඳ දිය යුතු විදිය වැඩි දිනයක් නොගොසින් ම පොඩිතැන ඉක්මනින් ඉගෙන ගත්හ.

නිතර නිතර ලෙඩ වෙන්නට පටන් ගත් නිසා ලොකු හාමුදුරුවෝ දැන් ඉතා දුර්වල තත්ත්වයෙන් පසුවෙයි උන්වහන්සේ බලාකියා ගැනීම මාත්, පොඩිතැනත් මාරුවෙන් මාරුවට කිරීමට භාර ගත්තෙමු.


උන්වහන්සේ එක් දිනක් උදෑසන අප සියල්ලන් අත්හැර අපවත්ව සිටියහ.

ලොකු හාමුදුරුවන්ගේ අපවත් වීම ගමේ උපාසක උපාසිකාවන්ට දුක්මුසු ආරංචියක් විය. උන්වහන්සේ අපවත් වීමේ සියලු වැඩකටයුතු මා පිට පැවරිණි. සියලු භික්ෂූන් වහන්සේලා හා දායකයන් එකතු කර ගෙන එම අවස්ථාව මම ඉතා හොඳින් නිමකර දැමුවේමි.

‘‘මෙම පන්සල භාර නායක හාමුදුරුවෝ අපවත් වී ඇති බැවින් මේ පන්සලට නායක හාමුදුරු නමක් දැන් අවශ්‍ය කර තිබෙනවා. ඒ ගැන අප ඉදිරියේදී තෝරා පත්කර ගත යුතු යි. "

"දැනට නායක හාමුදුරුවන් ළඟින් ම සිටි උන්වහන්සේ සමඟ එකට පිරිවෙන අධ්‍යාපනය ලැබූ තලාහේනේ සුමනසාර හිමි අපි දැනට පන්සලේ මහානායක ලෙස පත්කර ගමු.‘‘


"‘එහෙම හොඳයි.‘

"උන්වහන්සේත් පැවිදි ජීවිතයට පත්ව අවුරුදු තිහක් සම්පූර්ණ කර ඇති ස්වාමීන් වහන්සේ නමක් බැවින් පන්සලක් තුළින් ගිහියන්ට සිදු විය යුතු යුතුකම් ගැන හොඳ වැටහීමක් තිබෙන . එවැනි ස්වාමීන් වහන්සේ නමක් පත්කර ගැනීම හොඳ දෙයකි.‘‘

පන්සලේ දායක සභාව විසින් උන්වහන්සේ අපේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ ලෙස පත්කර ගනු ලැබීය.

පන්සලේ නායක ස්වාමීන් වහන්සේ ලෙස තලාහේනේ සුමනසාර තෙර සැමගේ කැමැත්ත ඇතිව නායක ස්වාමීන් වහන්සේ ලෙස තේරී පත් වූහ.

අපේ නායක ස්වාමීන් වහන්සේගේ අපවත් වීමෙන් පසු මා පන්සල තුළ අතරමං වූවා සේ මට හැඟිණි.

‘‘විපස්සි හාමුදුරුවො බලන් ඉන්න ඇති නායක පදවිය ලබා ගන්න.‘‘

‘‘ඒක තමයි දැන් ඔය පැත්තකට වෙලා ඉන්නෙ. තලාහේනේ සුමනසාර හිමි වැඩම කළාට පස්සෙ.‘‘

අපේ නායක හාමුදුරුවන් සිටි කාලයේ පන්සලේ වැඩට උදවු නොකළ විශ්වවිද්‍යාල හිමිවරු දැන් ඉතා ඕනෑකමෙන් අලුත් නායක හාමුදුරුවන්ට පෙනෙන්නට නිතර පන්සලේ වැඩට සහභාගි වෙති.

කිසි කෙනෙක් ගැන මට කිසිම තරහක් නැත. කිසි දින මම නායක පදවියක් බලාපොරොත්තු නොවූවෙමි. මම ලොකු හාමුදුරුවන්ට ඇප උපස්ථාන කරමින් පන්සලේ වැඩ සොයා බැලූවේ උන්වහන්සේට කරන උදවුවක් ලෙස පමණි. මා ගැන පන්සලේ වැඩ වෙසෙන අනෙක් හාමුදුරුවරුන් සිතන ලෙස මාගේ යටි හිතේ කිසිදු තණ්හාවක් නොතිබුණෙමි. මා හට විශ්වවිද්‍යාල ගමන යන්නට උදවු කළ ලොකු හාමුදුරුවන්ට බැරි අමාරු අවස්තාවේ, මං උපරිමයෙන්ම සැලකුවෙමි. ඒ ගැන මගේ හිතේ ඇත්තේ කිව නොහැකි තරම් සතුටකි. මා කළ හොඳ දෙය කවදා හෝ මා පසුපස එයි.

අනිත් ස්වාමීන් වහන්සේලාගේ කෙනෙහිලිකම්, වෙනස්කම් මා ඉවසා දරාගත්තේ ලොකු හාමුදුරුවන් සිතින් සිහිපත් කරමින් ය.

පන්සලේ ගතකරන ජීවිතය මගේ සිතට එතරම් හොඳ නොවීය. එහි පත් වී ආ නායක හාමුදුරුවෝද මා ගැන ඒ හැටි හොඳ ලෙස නොසිතුවේ ය. ඔවුන් සියල්ලෝම නිතර ම මා මගහරිති. ඔවුන් සමඟ ගතකරන ජීවිතය මට දැන් එපා වී ඇත . මා හට යන්නට වෙන විහාරස්ථානයක් ද නොවී ය. මා මහණ වූ නුවර විහාරස්ථානය දැන් මට හිමි නැත. යනවා නම් මට යන්නට ඇත්තේ උපන් ප්‍රදේශයේ තිබූ ගමේ පන්සලට ය. ගමේ පන්සලට යන්නට ද මා කැමැති නැත. ඒ මම ගමේ පන්සලෙන් නුවර පන්සලට ගිය හේතුව තවමත් මා සිතේ ඇති බැවිනි.


ටික දවසකට අම්මා, සහෝදර සහෝදරියන් බැලීමට යන්නට සිතිණි. මම ගමේ යන බව අලුත පත්ව ආ ලොකු හාමුදුරුවන්ට පමණක් පවසා ගමේ ගියෙමි.

මම ගමේ ගිය විට ගෙදර සියල්ලෝ ම මා හොඳින් පිළිගෙන ආවතේව කළහ.


‘‘අපේ හාමුදුරුවෝ කාලෙකින් අපිව බලන්න ආවේ.‘‘


තායිලන්ත ගමන ගැන ද ඔවුහු අසන්නට අමතක නොකළහ.


‘‘හාමුදුරුවනේ අවස්ථාවක් හම්බ වුණොත් අපිවත් රට එක්ක යන්නකෝ නංගීත්, මල්ලීත් මා අවට ගැවසේ.

අම්මාගේ දුකසැප බලා ඇයට වියදමට මුදල් ටිකක් දී මා නැවත කොළඹ පන්සලට ආ දින ම මට සතුටුදායක ආරංචියක් ලැබිණි. එය මා ඉල්ලුම්පත් යොමුකළ ඇමෙරිකා සංචාරයට විසා ලැබී තිබීම ය. මට ඒ ගැන ඇති වුණේ කිව නොහැකි තරම් විශාල සතුටකි. මාස හයකට වීසා ලැබී තිබිණි. මා හට ඇමෙරිකාව බලා යෑමට තිබුණේ තායිලන්තය හරහා ය. තායිලන්තයේ පන්සලට ආ ගිය මා සමඟ මිත්‍රව සිටි තව හිමිවරු දෙනමක් මා සමඟ මේ ගමන යන්න ලෑස්ති වී හිදිති. බොහෝම කැමැත්තෙන් මම ඒ ගමනට අවශ්‍ය සියල්ල තනියම ලෑස්ති කර ගත්තෙමි.

‘"නායක හාමුදුරුවනේ මට අවස්ථාවක් ලැබිල තියෙනවා ඇමෙරිකාවට වැඩම කරන්න. ලබන සඳුදා ඒ ගමන යන්න හැමදෙයක් දැන් ලෑස්තියි.‘‘


“‘එහෙම ද?... විපස්සි හාමුදුරුවන් මීට ප්‍රථමත් තායිලන්තයේ වැඩ හිට තිබෙන නිසා ඒ ගැන ඒ රටවල් ගැන හොද දැනීමක් තිබෙන නිසා හොඳයි. කොපමණ කාලයකට ද ඒ රටට වැඩම කරන්න හිතන් ඉන්නෙ‘‘?


‘‘වීසා මාස හයකට ලැබිල තිබෙනවා.‘‘


‘‘එතකොට හාමුදුරුවො කොහේද වැඩ සිටින්න බලාපොරොත්තු වෙන්නේ?‘‘


‘‘එහේ තිබෙන ලංකාවේ හාමුදුරුවරු වැඩ සිටින පන්සලක.‘‘


‘‘හොඳයි... දැන් මේ පන්සලෙත් ඉඩකඩ මදි වේගෙන එන්නේ. එහෙනම් අපට විපස්සි හාමුදුරුවන්ගෙ කුටියත් මේ පොඩි දෙනමට ප්‍රයෝජනයට ගන්න දෙන්න පුළුවන්.”


‘‘එහෙමයි, මගේ කියන්න කිසි දෙයක් නැති මේ රටේ, මගේ කියල කුටියක් තියාගෙන ඉන්න එකත් තේරුමක් නෑනෙ.”

"මං වැඩම කළ විගසම එම කුටිය පොඩි හාමුදුරුවන්ට නවතින්න අවසරයි.‘‘


‘‘මා පන්සලෙන් නික්ම යනවාට නායක හාමුදුරුවන්ගේද කැමැත්තක් ඇතැයි මම සිතුවෙමි.


මෙම පන්සලේ පරණම ගෝලයෙකු වන මා මෙහි සිටීම ගැන උන්වහන්සේ තුළ එතරම් කැමැත්තක් නැති බව මාහට වැටහී ඇත. මට මේ රට වගේ ම, මේ පන්සල ද දැන් අමතක කර දමා තායිලන්තය හරහා ඇමෙරිකාවේ සංචාරය බලා හිත හදාගෙන යා හැකි යැයි සිතිණි.


--නැවත හමුවෙමු -


**ප්‍රිසිලා ගොඩහේවා **

3 views0 comments

Recent Posts

See All

*එතෙරින් එතරට *

(22 වෙනි කොටස ) වාහනය පැයට කිලෝමීටර් 120ක වේගයකින් එකදිගට ගමන් කරයි. කොරියන් රියැදුරු මගෙන් මොන මොනවාදෝ කොරියන් භාෂාවෙන් ඇසීය. මට කිසිදු...

Comentários


bottom of page