top of page
  • Writer's picturePrisila Godahewa

එතෙරින් එතරට (11)

Updated: May 6, 2020

(එකොලොස්වෙනි කොටස 11)



"ආ... එහෙනම් අම්මට එතරම් බරක් නෑ.‘‘

"තාත්තා නැතිවෙලා ටික කාලෙකට පස්සෙ අම්මා ආයෙත් කසාදයක් කර ගත්තනේ….. ඊට පස්සෙ මම කාලයකින් එහේ ගියෙත් නෑ.‘‘

අපි මගේ ගම බලා යන අතරමඟ දී වාහනය නතර කර, හෝටලයකින් දහවල් ආහාර ගත්තෙමු. අපට ගමේ පන්සලට හවස් වනවිට ළඟා වන්නට හැකි විය. මාව හොඳ මගට යොමු කරන්න, මා මහණ කරවීමට මූලික වූ ගමේ ලොකු හාමුදුරුවෝ මම මුලින් ම බැහැ දැක්කෙමි. උන්වහන්සේ දැන් ඉතා මහලු වයසේ පසු වන්නේය. මා දුටු උන්වහන්සේ ඉතා සතුටට පත් වූහ. උන්වහන්සේට මම ගෙන ගිය පිරිකර පූජා කර, වැඳ නමස්කාරද කර එකත් පසෙක අසුන් ගත්තෙමි.

‘‘විපස්සි හාමුදුරුවන්ව අඳුනන්න බැරි තරම්නේ... දැන් හොඳ තරුණ වයසනේ. මට හරි සතුටුයි ඔබ වහන්සේ හොදින් ඉගෙන ගෙන දැන් හොද තැනක ඉන්න එකට. මම ලගට එනකොට හරි චන්ඩියෙක්නේ ඒ කාලේ…..ලොකු සතුටක් ඔබ වහන්සේ ගැන මට තියෙන්නේ…. ඉතින් කොහොමද පොඩිතැන විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු එහෙම?‘‘ ලොකු හාමුදුරුවෝ අද සතුටින් ඉන්නේ මගේ පැමිනිම හා මම හොදින් අද්‍යයාපන කටයුතු කරගෙන ඉහලට ගොස් සිටින නිසා යැයි සිතමි .

"විශ්වවිද්‍යාලයේ අවසාන විභාගය ලියල ඉවර වුණේ ගිය සුමානේ.‘‘

‘‘ එහෙමද ? ගොඩක් ලොකු ගමනක්නේ පොඩි තැන ගිහින් තියෙන්නේ ……… මේ ගමේම කී දෙනාටද විශ්ව විද්‍ය්ලයට යන්න වාසනාව ලැබුනේ. ඒ අතින් ඔබ වහන්සේ ගොඩක් වාසනා වන්තයි. ගමේ හිටියනම් මෙලහකට හොර තිප්පලකට අහුවෙලා ජීවිතේත් නාස්ති කරගෙන. මට ඒ ගැන තියෙන්නේ ලොකු සතුටක්……..මේ වගේ විශ්ව විද්‍ය්ලයට යන්න තරමට දක්ශ කෙනෙක් හදලා සාසනේට භාර කරන්න මටත් උදව් කරන්න පුලුවන් උන එක ගැන …….දැන් විපස්සී හාමුදුරුවෝ ප්‍රතිඵල ආවට පස්සෙ මොකද කරන්න හිතන් ඉන්නේ....?‘‘

“හාමුදුරුවනේ…. පිරිවෙනකවත් උගන්නන්න තමයි යන්න කැමැත්ත… ඔබ වහන්සේට ගොඩක් පිං මම වගේ කෙනෙක් ට මෙ වගේ හොද තැනකට යන්න පාර පෙන්නුවාට.‘‘

‘‘ඒක මගේ යූතුකම නේ….ගමේ දරුවන්ට පාර පෙන්නන එක ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් විදිහට කරන්න පුලුවන් දේ තමයි මම කලේ….

"ආණ්ඩුවෙන් නිකන් ඉගෙන ගත්ත එකේ ඒකට හරියන්න පිරිවෙනක හරි, ඉස්කෝලෙක හරි උගන්වන්න යන එක තමයි හොඳම දේ.‘‘ ලොකු හාමුදුරුවෝ කීය.

“‘දැන් එතකොට විපස්සී හාමුදුරුවෝ අදම ආපහු යනවද, එහෙම නැත්නම් රෑට මෙහේ වැඩ වෙසෙනවද ?.......ගෙදර නෑදෑයෝ බලන්න වෙන්න ඇතිනේ එන්න ඇත්තේ…. පොඩිතැන ගෙ තාත්තා නැතිවුන එක අපට හරි පාඩුයි. ඕන හදිස්සියකට අඩ ගැහුව්වම මට ඇවිත් උදව්කරන උපාසක මහත්තයා නේ...?‘‘

‘‘මම අම්මයි, ගෙදර අයයි බලන්නත් එක්ක තමයි ආවේ ලොකු හාමුදුරුවනේ.. ... දවසක් ගමේ ඉඳලා යන්න කියල හිතාගෙන වැඩම කරේ....‘‘

‘‘ඒක හොඳයි. එහෙනම් උදේ ඉඳන් ඇවිත් මහන්සිත් ඇතිනේ. ගිහින් මූණකට සෝදගෙන ගෙවල් පැත්තෙ ගිහින් එන්න. එතකොට මේ කාර් එකෙන් ආපු මහත්තයා කොහේද රෑට නවතින්නෙ ?‘‘

‘‘ඒ මහත්තයාගෙ යාළුවෙක් ඉන්නවා මේ ළඟ. රෑට එහේ නවතිනවා කිව්වා. හෙට හවසට ආපහු මාත් එක්කම යන්න කියලා ඉන්නේ ‘‘

‘‘ආ... එහෙම හොඳයි.‘‘

"මහත්තයාත් එහෙනම් තේ ටිකක් බීලා යාලුවාගෙ ගෙදර රෑ බෝ වෙන්න ඉස්සර යන්න…….. ඉන්න මම ඇබිත්තියාට කියන්න තේ ටිකක් හදන්න කියලා….. . ලොකු හාමුදුරුවෝ කීය.

" මම මූණ කට හෝදගෙන ගෙවල් පැත්තේ ගිහින් එන්න කියලා හාමුදුරුවනේ…..මම පන්සලේ වැඩ කරන ළමයා අපේ ගෙවල් පැත්තේ තනියට, එක්ක යන්නම්ද ලොකු හාමුදුරුවනේ.. කාලෙකින් නේ ගෙවල් පැත්තේ යන්නේ..

"හොදයි හොදයි ඒකට මොකද.. නිකන් පන්සලට වෙලා ඉන්න එකේ තේ හදලා දීලා ඒ පැත්තේ ඔබ වහන්සේ එක්ක මම යන්න කියන්නම්කෝ...

මුණ කට සෝදගෙන පන්සලේ ඇබිත්තයා එක්ක, අපේ ගෙවල් පැත්තට යන්න පන්සලෙන් එලියට බැස්ස විට හිතට දැනුනේ අමුතුම හැගීමක්. මම මහණ උන අලුත තාත්තාගේ මළගමට ඇවිත් ගියායින් පසු මම මේ ගමේ ආ දෙවැනි අවස්ථාව. ගමෙන් පිටවෙලා මම හිටිය අවුරුදු දහයට ගම ගොඩක් වෙනස් වෙලායයි මට සිතේ. පාරවල් අලුත් වෙලා, අලුත් ගෙවල් කඩ හැදිලා, පරන ගෙවල් අලුත්වෙලා, මිනිසුන් ගේ ඇදුම් පැලදුම් පවා වෙනසක් දැකිය හැක. හැමදෙයක්ම වෙනස් වෙලා අලුත්වෙලා ගමගැන මට ඇතිඋනේ සතුටක්.

අපේ ගෙවල් අවට ගොඩක් වෙනස් වෙලා… පාරට තාර දාලා, පාර ලොකු කරලා , ගහකොළ උස ගිහින්, අලුත් ගස් හැදිලා, අලුත් ගෙවල් දොරවල් හැදිලා විතරක් නෙමේ ගමේ අදුනන්නේ නැති මූනු පවා වැඩි වී ඇත.

අම්මා බලන්න ගිය විට මට දුක සිතිණි. ඇය වයසට ගොස් ඇත. මහගෙදර හොඳටම ජරාවාස වී ඇත. ලොකු අක්කා විවාහ වී ගමේ ම පදිංචි වී ඇති අතර, ඇය දැන් දෙදරු මවක් ය. ලොකු අයියා කසාදයක් බැඳ ඒ අක්කාගේ ගෙදරම බින්න බැස ඇත. ඔහු ළඟදීම ගෙදර පදිංචියට එන බව අම්මා පැවසීය. ඉන් පසු ගෙය අලුත්වැඩියා කරන බවද අයියා අම්මාට පවසා තිබේ. පොඩි නංගී මොන්ටිසෝරි ගුරුවරියක් ලෙස දැන් සේවය කරයි. මල්ලී ආණ්ඩුවේ කන්තෝරුවක රැකියාවක් කරන බව අසා මම ගොඩක් සතුටු වුණෙමි. පවුලේ හැමෝම හොඳින් ඉගෙන ගෙන හොඳින් සිටීම මට විශාල සතුටක් විය. තාත්තා නැති උනාට පසු අම්මා කරගත් දෙවැනි කසාදේ බාප්පා නම් මට මුණ නොගැසිණි. ඔහු ද තාත්තා මෙන්ම ටවුමේ කඩයක සේවය කරයි.

‘‘අම්මා වියදමට මේ සල්ලි තියාගන්න.‘‘

මං ගෙනා බඩ මුට්ටු දුන් විට ඇය ඉතා ආසාවෙන් ඒවා භාර ගත්තාය. වැඩ ඇරී ගෙදර ආ නංගී හා මල්ලී ද මා දැක සතුටු විය.

‘‘අපේ හාමුදුරුවො අඳුනන්න බැරි තරම් වෙනස් වෙලා.‘‘ නංගි සිනාසෙමින් කීය.

‘‘වෙනස් වෙලා කිව්වේ?‘‘

"‘ලස්සන වෙලා සුදු වෙලා, මහත්වෙලා., ලස්සන වෙලා‘‘ නංගි අතින් කට වසාගෙන හිනාවෙවි කීය .

මටද හිනා ගියේ ය. විශ්වවිද්‍යාලයේ කෙල්ලන් කියන්නේ ද මං ලස්සනයි කියා ය.

‘‘හෙට හාමුදුරුවො දවල් දානෙට එහෙනම් මෙහෙට වඩින්න. වේලාසන එනව කියල කිව්ව නම් අද දවල් අපට ලෑස්ති වෙලා ඉන්නත් තිබුණා.‘‘

‘‘හොඳමයි මං තව අපේ පැත්තේ මහත්තයා කෙනෙක් එක්කයි මේ ගමන ආවේ. අපි දෙන්නම එහෙනම් දවල්ට එන්නම්."‘

එදින රාතියේ ගමේ පන්සලේ නැවති පසුදින උදේ හීල් දානය පන්සලෙන්ම ගත් මම ගමේ නෑ ගෙවල් දෙක තුනකටම වැඩම කලේ මල්ලි සමගිනි. ලොකු මාමා, නැන්දා , ඔවුන්ගේ දරුවන් අපේ හාමුදුරුවනේ කියා වැද නමස්කාර කරමින් මා පිලිගත්තේ බොහෝ කැමැත්තෙනි.

ගමේ ඇවිද දන්න කියන පාසැල් කාලයේ යාලුවන්ද බලන්න ගිය මම දහවල් දානයට වාහනේ ආ මහත්තයා සමග අපේ ගෙදර දානයට වැඩීය. මා ආ බව ආරංච් වී අයියා, අක්කා , ඒ අය කසාද බැදපු නෑනා මස්සිනාලා, හා දරුවන්ද මා බලන්න ගෙදරට ඇවිත් තිබුනි.

හැමෝම එකතු වී මට දානය ඉතා රසට උයා පිලිගැන්වුවේ බොහෝ ආදරයෙන් කැමැත්තෙනි. හැමෝටම මම පුලුවන් විදිහට කොළබින් තෑගි ගෙනිහින් තිබුන එක හොදක් විය.

අම්මා හා සහෝදර සහෝදරියන් දැකබලා ගෙන ඔවුන්ට මුදල්වලින් ද උපකාර කළ මම, එදින හවස වාහනේ මහත්තයා සමග නැවත කොළඹ බලා පැමිණියෙමි.

**ප්‍රිසිලා ගොඩහේවා **

12 views0 comments

Recent Posts

See All

*එතෙරින් එතරට *

(22 වෙනි කොටස ) වාහනය පැයට කිලෝමීටර් 120ක වේගයකින් එකදිගට ගමන් කරයි. කොරියන් රියැදුරු මගෙන් මොන මොනවාදෝ කොරියන් භාෂාවෙන් ඇසීය. මට කිසිදු...

Коментарі


bottom of page