top of page
  • Writer's picturePrisila Godahewa

✈️එතෙරින් එතෙරට✈️ (41 වෙනි කොටස)

"සුමුදු ඇයි ඔයා මාව ලංකාවට

එක්ක ආවේ....?


"ඇයි ඔයා මාත් එක්ක දවසක් කිව්වේ..... ,අවුරුදු ගානකට ඔයා ලංකාවට ගිහින් නෑ කියලා ,ඒ නිසයි මම ඔයාව මෙහේ එක්ක ආවේ......ඔයාව ටිකක් සතුටු කරන්න මට හිතුනා....මටත් කාලෙකින් ලංකාවට එන්න බැරි උන නිසා, මෙහෙ ආව එක හොදයි කියලා මට දැන් හිතෙනවා ...."


"ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතියි සුමුදු ....සල්ලි වියදම් කරගෙන මාව ලංකාවට එක්ක ආවට....ඇත්තටම මට ගොඩක් සතුටුයි, කාලෙකට පස්සෙ ලංකාවට ඇවිත් අපේ රටතොට බලාගන්න පුලුවන් උනාට...."


"ඔයාට සතුටු නම් මටත් සතුටුයි ....මම මේ හැම දෙයක්ම කරන්නේ ඔයාට තියෙන ආදරේ නිසයි ....ඔයාව සතුටු කරන්නයි...."


" බොහෝම ස්තුතියි සුමුදු මම වෙනුවෙන් කරන් හැම දේකටම .....අපි දැන් ආපහු යන්නේ කවද්ද...? ලංකාවේන් පස්සෙ කොහාටද අපි යන්නේ…?

"සුමාන දෙකක් ලංකාවේ ඇවිදලා අපි ආයෙත් නවසීලන්තයටම යනවා..... මට තව එහේ කරගන්න වැඩ වගයක් තියෙනවා… අපි නවසිලන්තයට ගිහින් ඒ වැඩ කොටස ඉවර කරගෙන පස්සෙ බලමු මොනවද කරන් න පුලුවන් කියලා.......මගේ මහ ගෙදර කුලියට දුන්නනේ….මම වෙන පොඩි ගෙයක්, නගරෙන් ටිකක් ඈත පැත්තක..... අපි දෙන්නට ඉන්න බලලා ලෑස්ති කරලා ආවේ.....ආපහු ගියාම නවතින්න .... පස්සෙ කාලෙක අපි කොරියාවේ සංචාරයකටත් යමු…... මට ආසයි ඔයා නැවතිලා හිට්ය පන්සල බලන්න .…."

" ඒක නම් හොදයි ….මටත් ආයේ කොරියාවේ පන්සලේ ලොකු හාමුදුරුවෝ බලන්න ආසයි.... . මම අද තැනකට ඇවිත් ඉන්නවානම්, ඒ ඉන්නේ උන්වහන්සේ නිසයි...…ඒ උනාට තියෙන ප්‍රශ්නය තමයි මගේ දැන් මේ අඳින ගිහි ඇඳුම......මේ ඇඳුමෙන් මට උන්වහන්සේට මූණ දෙන්න බෑ....."


සුමාන දෙකක් ලංකාවේ විවිධ ප්‍රදේශ වල සංචාරය කල අපි බොහෝම සතුටින් කාලය ගත කෙරුවෙමු ......මට කාලයකට පසු ලංකාවේ අසිරිය දකින්න ලැබීම විශාල සතුටක් විය...... ඒ ගැන නම් මම සුමුදුට බොහෝ ස්තූති වන්ත වෙමි.

සුමාන දෙක නිදහසේ ලංකාවේ බොහෝ ප්‍රදේශ වල සංචාරය කර....., අපේ මදුසමය නිමාකොට, අපි නැවත නවසීලන්තය බලා පියාසර කෙරුවෙමු.


නවසීලන්ත ගුවන් තොටුපොලේ සිට අපි කෙලින්ම අපට නවාතැන් ගන්නට නියමිත කූළී ගෙය බලා ගියෙමු.


"අපි යන ගමන් ෆුඩ් සිටි එකකට ගිහින් කෑම බඩු ටිකකුත් අරගෙනම යමු.....ගෙදර මොනවත් කෑම බඩු නෑ.....අපි ගෙදර ගිහිල්ලා ඉස් ඉස්සෙල්ලා මොනව හරි උයාගෙන කමු...."


"මට නම් ෆුඩ් සිටි එක ඇතුලට එන්න බෑ සුමුදු ...."


"ඔයා ඔහොම ඩ්‍රයිවර් එක්ක වාහනේ ඉන්න...මම ඉක්මනට අවශ්‍යම දේවල් ටිකක් ඇරගෙන එන්නම්...."


සුමුදුට ඇගේ වැඩකටයුතු තනියම කරගන්නට ඇත්තේ ලොකු දැනුමකි. තවමත් ගිහි ජිවිතයට අලුත් මට එය පහසුවකි......

නවසීලන්ත ප්‍රධාන නගරෙන් බෝහෝ ඈත ගම්බද පරිසරයක අපට නවතින්න , සුමුදු කුලීයට බඩුත් සමගම ගෙයක් ලෑස්ති කර තිබුනි...... ලංකාවේ සිට පැමිනි අප දෙදෙනා ගුවන් තොටුපොළේ සිට කෙලින්ම බලා ගියේ ඒ ගෙදරටය. ඒ ගෙදරට යන මඟ දෙපසේ සුන්දරත්වය නම් කියා නිම කල නොහැකි තරම් විය.....බලන බලන අත කොළපාටට දිදුලන කොළපාට තණයායවල්....හොදින් හිරු පායා ඇති නිල් අහස....කඳු අතරින් යන වට වංගු පාරවල්.....බොහෝම සංසුන් , නිහඬ පරිසරයත්.... පිරිසිදු වාතාශ්‍රයෙන් පෝසත් පරිසරයේ ඇති චමත්කාරය මොනවට කියන්නද....?


අපට නවතින්න ,සුමුදු තෝරාගෙන තිබුන කුළී ගෙය ගස්කොළන් වලින් වටවුන විශාල වත්තක පිහිටි පරන තාරේ ගෙයක් විය.....ගෙදර වහළ බොහොම පහතට වෙන්න සකසා ඇති එම ගෙදර බිත්ති ගල් වර්ගයකින් බැඳ තිබුනේය ..... ගස් කොලන් වලින් වට වී තිබුන පැරැණි ගෙදර අවට, විශාල නිදහස් සෞම්‍ය බවක් පෙන්විම මට සතුටක් විය.....එම ගෙදර වටපිටාවේ පේන්න තවත් ගෙවල් දොරවල් නොතිබුන එකත් මගෙ හිතට හොද විය....


"අම්මෝ ....හරිම මහන්සියි.... බඩගිනියි …..ඊටත් වඩා නිදිමතයි ...ඊයේ මුළු දවසෙම එයාර්පෝර්ට් එකෙයි, ෆ්ලයිට් එකෙයිනෙ දවස ගෙවුනේ.....එක දිගටම ඇවිල්ලා හරි මහන්සි , හරි නින්දකුත් නෑනේ….."

"ම්ම්...මටත් බඩගිනියි තමයි...."


"මම ඉක්මනට මොනව හරි උයලා ගන්නම් අපට කන්න....ඔයා අපේ ඇදුම් බෑග් ටික ගෙට ගන්න.....පුලුවන් නම් ගෙයි ජනෙල් ටික ඇරලා දාන්න .....ගොඩ දවසක් ගේ වහල තිබුන නිසා, ගේ ඇතුල පුස් ගඳයි ...."


අපට ස්තිර පදිංචිය සඳහා නවතින්නට ලැබුන නව නිවස, මම හිතුවාට වඩා නිදහස් පරිසරයක පිහිටා තිබිම මට සතුටක් විය..... සුමුදු මගේ හිත සතුටු කරන්නට පුලුවන් උපරිමයෙන් ලකලෑස්ති කර තිබිම මට සතුටකි. ඇයගෙ හිතේ මම වෙනුවෙන් ඇති ආදරය මට දැන් තේරුම් යමින් තිබේ....මගේ හිත සතුටු කරන්න ඇය, පුලුවන් උපරිමයෙන්ම දේවල් ලෑස්ති කර දෙයි......


"ඔයා මොනවද කරන්නේ.... ? ගිහින් ඇඟපත හෝදාගෙන එන්න.... මම මේ ඉස් ඉස්සෙල්ලාම කිරිබත් ටිකක් උයන්න කියලා ගත්තා....අපි දෙන්නා මුළින්ම ගෙදරක පදිංචි උන දවසනේ....අපට ඉක්මනට කෑම කන්න පුලුවන් ....ඊට පස්සෙ අපි හොදට නිදාගමු පැය ගානක්, මහන්සිය යන්නත් එක්ක......"


සුමුදු ඉතා කඩිසර ලෙස ගෙදර වැඩපල, ඉවුම්පිහුම් වැඩ කරගෙන යන දිහා මම බලා සිටියේ සතුටින් හා පුදුමයෙන් ......ඇගේ මහ ගෙදර අවුරුදු තුනක් පමණ කාලයක් තනියම කල් යැවු ඇයට ,මගේ පැමිනිම සතුටක් උන බව පෙනේ....


"විසල් මම කෑම උයලා ඉවරයි ....මම ඉක්මනට වොශ් එකක් දාගෙන එන්නම් කෑම කන්න....ඔයාත් ලෑස්තියි නේද...?"

සුමුදු හරි ඉක්මනට කඩිනමින් කිරිබතක් උයා ලුනුම්රිස් සමග තව හොද්දක් සදා තිබෙන බව පෙනේ .....ඇය ගෙදර දොරේ වැඩ වලට ඉතා කඩිසර බවත්, කම්මැලි කමක් නැති බවත් මට වැටහිනි.....මෙවැනි ලඳක් ලැබීම මගේ වාසනාවකි...සියලු සැප සම්පත් ඇති , හොද ගතිගුණ ඇති එවන් ලඳක් මගේ බිරිඳ කර ගන්නට ලැබෙන එකත් මගේ වාසනාවක් බව දැනේ....

කුස්සිය ඇතුලේම තිබුනු පුංච් මේසය උඩ, උනුවෙන් කෑලි කපන්න ලෑස්ති කර තිබු කිරිබත් පිඟානක් ඇත.... මේසය උඩ කෙසෙල් ඇවිරියක් හා තව දීසි දෙකක්ද ඇත ....

"මම හිටියෙත් හරි බඩගින්නේ..... ,පහුගිය සුමානෙ කොච්චර හොදට හෝටල් වලින් කෑම කෑවත්, ගෙදර වගේ නෑනේ....…පහුගිය දවස් ටිකේ, හෝටල් වලින් කනකොට, පොල්සම්බෝලයි බතුයි කන්න තිබුන නම් කියලා මට හිතුනා,.... එච්චරටම හෝටල් කෑම මට එපා වෙලා තිබුනේ....."


"මම නම් ආසාවෙන් ලංකාවේ කෑම කෑවේ.....කොරියානු කෑම කාලා මට එපා වෙලා හිටියේ.....එහෙනම් කෑම බෙදන්න සුමුදු ....."

කුස්සියේ ඇති පුංචි මේසයට වාඩිවි අපි කෑම කන්නට ලෑස්ති උනෙමු .....මේ ගෙදර අවට පරිසරයේ ඇත්තේ පුදුමාකාර නිහඬ බවකි......කුස්සිය පැත්තෙ ඇති පළතුරු ගස්වල එහෙට මෙහෙට පියාඹමින් කෑගසන කුරුල්ලන්ගේ මිහිරි නාදය දෙසවන් පිනා යයි.... මගේ හිතට එය සතුටක් සමඟ ප්‍රබෝධයක් ගෙන දෙන්නක් විය.....


සුමුදු මගේ පිගානට කිරිබත් කෑලි දෙකක් දමා රතු පාටට උයා තිබුන වෑන්ජනය, ඇය මට බෙදන්න හදන විට මම පිගානට අත තියා ඇය වැලැක්වුවෙමි…


"ඇයි…?

"ඔය මොනවාද ?....


" මස්.."

"මොන මස්ද?....


"හරක් මස්…

දෙවියනේ….....වස දීසියක් හා සමාන හරක් මස් දීසිය දෙස මම බාගෙට බලා, අහක බලා ගත්තේ ක්ශනිකයෙන්.... අපහසුවෙනි......


"මම මස් මොනවත් කන්න කැමති නෑ….."

"ඇයි ඔයා ඇමරිකාවේදි කෑවා කිව්වෙ …."

" ඒ කුකුල් මස්….. දැන් ඒවාවත් මම කන්න කැමති නෑ….. තරහ වෙන්න එපා සුමුදු ඔයත් ඔය හරක් මස් කනවට නම් මම කැමති නෑ…... ඒ විතරක් නෙමේ......මීට පස්සෙ ඕවා මේ ගෙදරට ගේන්නත් එපා… අපි කිරි අම්මා කියන්නේ ඔය සතාට නේද ….කොහොමද අපි ඔය සතාගෙ මස් කන්නේ… වෙන මොනවත් මට එපා...මම ඔයා කරන කිසි දෙයක් ආයෙත් නවත්වන්නේ නෑ....ඔයා මේ දේ විතරක් මට කරන්න ….."

මට සුමුදු ගැන ඇතිවුණේ කේන්තියකි…..මේ වගේ රටවල ජීවත් වන බෞද්ධයන් පන්සල් ගියාට...., දාන මාන දුන්නට, හරක් මස් කෑම තවමත් නවතා දමා නැත.....

මා දෙස ටික වේලාවක් අමුතු ලෙස බලා සිටි සුමුදු, මස් දීසිය රැගෙන කුස්සියට ගොස් ....එය කුස්සියේ තබා නැවත පැමින කිසි කතාබහක් නැතුවම පිගාන දෙස බලාගෙනම කිරිබත් ලුණු මිරිස් සමග කන්නට පටන් ගත්තාය .....


පළවෙනි දවසේ, අලුත් ගෙට පැමිණ ,ඉස්සෙල්ලම උයා කන්න ගත් කෑම වේල.......හරක් මස් දීසිය දැක හිතට දැනුනු කේන්තිය, අප්‍රයාව හා දුක නිසා මට තිබුන බඩගින්න නැතිවි ගියේය..... . උඩින් පල්ලෙන් කිරිබත් සමග ලුණු මිරිස් කා දමපු මම කුස්සියට ගොස් පිගාන හා අත සෝදා කාමරයට ගොස් නිදාගත්තෙමි.....මා මෙන්ම ,කිසි කතා බහක් නැතුව ,සුමුදුද ඇදට විත්, මගේ එහා පැත්තෙන් ඇලවි නිදාගත්තේ කිසි කතා බහක් නැතුවමය.....

ගෙට ගෙවදුන මුල්ම දිනේ...එකට කෑම කන්න පටන් ගත් මුල්ම දිනේ ගෙවි ගියේ එලෙසය.


සුමුදු සමග අලුත් ජීවිතය, නවසීලන්තයේ අලුත් ගෙදර පටන් ගෙන දැන් සුමාන දෙකක් පමන ගෙවී ගොස් ඇත.....


ගිහි ජීවිතය ගැන මම හිතුව තරම්ම සතුටින් ගෙවි යන බවක් නොදැනේ ....සෑම දිනයක්ම එකම ආකාරයේ වැඩකටයුතු සමඟ

තේරුමක් නැතුව ගෙවී යන බවක් දැනේ....... මම මෙන්ම සුමුදුත් රැකියාවක් නොකරපු නිසා තරුණ අපි දෙන්නට දැන් නම් ගෙදර වැඩපල කරගෙන, ගෙදරටම වෙලා ඉන්න එක එපාවී ගෙන එන ගානය..... අදුනන මිනිසුන් මඟදි හමුවෙයි කියන බයට මට ගෙයින් එළියට යන්නට ඇත්තේද සැකයකි....ඒ නිසා අපි දෙදෙනා , බඩුමුට්ටු ගන්නවත් එක මග නිතර නොයන තරම්‍ය. ගෙදරට අවශ්‍ය සියලු දේ, සුමුදු ඇගේ වාහනයේ ගොස් ගෙදර ගෙන එයි....මම ගෙදර අතුපතුගාන වැඩ හා වත්තේ පිටියෙ වැඩ කරගෙන ගෙදරම ඉදින්නෙමි ......


සුමුදු ගේ මහ ගෙදර කුලියට දී තිබුන නිසා අපට මාසෙකට සැරයක් එහි ගෙවල් කුලී ලැබෙයි..... සුමුදුගේ පොතේ තිබෙන ස්තිර තැන්පතුවල මුදල් වලින් ලැබෙන පොලිය නිසා කිසි අඟහිඟකම් , අමාරුකම් නැතුව අපට ජීවත් වෙන්නට හැකියාව ලැබි ඇත.


"අපි වත්තේ එළවලු වගාවක් දාමුද ? ගෙදර ඉදන් වෙන කරන්ඩ වැඩකුත් නැති එකේ…."

මම මට කොරියාවේදි කල පුරුදු වතුවගා කටයුතු නැවත කරනු ආසවෙන් සුමුදුගෙන් ඇසිමි.....


"ඒකනම හොදයි ….අපි එහෙනම් ටවුන් එකට ගිහින් ගෙදරට ඕන කරන බඩුත් ඇරගෙන එලවලු ඇටත් ඇරගෙන එමු…."


ටවුන් එකට, මිනිසුන් ගැවසෙන තැන් වලට ඇවිදින්න යන්න මගේ එතරම් කැමැත්තක් නොතිබුනත් ගෙදරට අවශ්‍ය කරන බොහෝ කැම බඩු හා අතයවශය බඩු ගෙන එන්නට සුමුදු තනියම යවන්න ඇති අකැමැත්ත නිසා, මමත් එම ගමන යන්න ලෑස්ති වුනෙමි.


අපේ ගෙවල් කිට්ටුව තිබුන, අතයාවශ්‍ය බඩු ඇති පොඩි ටවුමේ ඇවිද ගෙදරට අවශ්‍ය බඩු ගන්නට ගියේ සුමුදුගෙ වාහනයෙනි. පැයක පමණ කාලයක් ටවුමේ ඇවිද, ගෙදරට අවශ්‍ය බඩු රැගෙන නැවත ගෙදර එන්න යනවිට.....


"සුමුදු , සුමුදු … ඔයගොල්ලෝ කොහේද මේ....."

කියා කවුද සුමුදුට කතා කරන හඩ ඇසී බලන කල අපි දෙදෙනා ලගට ආවේ......ඒ දවස් වල සුමුදු සමග පන්සල් ආව සිංහල තරුණ ජෝඩුවකි ...මට ඔවුන් හරි ඉක්මනට අඳුනාගත හැකි විය..... මම දාගෙන හිටිය තොප්පිය තව ටිකක් පහතට ඇද මුහුන වසා ගන්න උත්සහ කලත් පිරිමි කෙනා මට අතට අත දී කතා කිරීම කොහොමද මග හරින්නේ….


" ඒත් අපි එකපාරම සුමුදු කාටවත් නොකියා ගෙවල් කුළියට දීලා කොහේද ගියේ කියලා බැලුවා…."


" ඒක තමයි , සුමුදුගෙ හස්බන්ඩ් රට ඉදලා ආපු බවක් අපි දන්නෑනේ…....ඒක තමයි සන්තෝසේ වැඩි කමට වෙන්න ඇති පන්සල පැත්තේ ආවෙත් නෑත්තෙත්..…."


"දැන් ඔයගොල්ලෝ මෙහෙද ඉන්නේ…? එතකොට ඔයගොල්ලන්ගෙ ලොකු ගේ…කුළියට දුන්නද....?


" ඒක ලොකු වැඩි නිසා….ඒක කුළියට දීලා පොඩ්ඩක් නිදහසේ ඉන්නත් එක්ක මේ පැත්තට ආවා....."


" ඒක හොදයි .....මේ පැත්ත හරි ලස්සනයි තමයි ....අපිත් මේ අද නිවාඩු දවස නිසා ටිකක් මේ පැත්තේ ඇවිදින්න ආවා….."


" එහෙමද එහෙනම් වෙන දවසක මේ පැත්තේ ආවොත් අපේ ගෙදරත් එන්න......"


" ඔව් අනිවාර්යයෙන්ම එන්නම්.....එහෙනම් දැන් අපි යන්නම්….."


"හොදයි.....හොදයි ...."


ඔවුන් ගියාට පසුයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ..... මට හරියට හුස්මක් ගන්න ලැබුනේ…..අනේ දෙවියනේ කොයි තරම් නිදහසේ හිටිය කෙනෙක්ද මම ….දැන් හොරෙක් ගානට කවුරුත් මගදි හම්බුනොත් මූන නොදි කතා නොකර ඉන්න වෙලා තියෙන හැටි.....


"මම බයවෙලා හිටියේ ඔයාව අරගොල්ලො අදුනගනියි කියලා ...…ඔයාගෙ අලුත් ඇදුමට, තොප්පිය දාගෙන ඉන්න නිසා කාටවත් අදුනගන්න අමාරුයි ....

. ඒක හොදයි …"


"ඒ උනාට මම මේ දෙබිඩි ජිවිතයට කැමති නෑ සුමුදු ....."

"කැමති නෑ කියලා මේ පටන් ගත් ජිවිතෙන් පැනලා යන්නද?


"ඒක කරන්නත් හිතෙයිද දන්නෑ මෙහෙම ගියොත් "


ජීවිතය එකම විදිහට ගෙවීයයි. අදුනන කතාබහ කරන්න කිසිත් නැති පාලු ගම්බද පරිසරයක...... අපි දෙන්නා විතරක් උදේ හවස එකම විදිහට ගෙවීයන ජීවිතය තුල අලුත් අමුතු යමක් දක්නට නැත.... අවුරුදු ගානකට පස්සෙ මම පටන් ගත් අලුත් ගිහි ජීවිතය කියන්නේ මේකද කියලා හිතන විට, පරණ ජීවිතය ගැන දුකක් ඇතිවේ.....


වැඩි දවසක් නොයා, කුලියට ගත් නිවසේ කුස්සිය පැත්ත සුද්දකර මම පාත්ති හදා එලවලු පැල කරන්න පටන් ගත්තෙමි..... මට පුරුදු එකම රාජකාරියේ යෙදෙන්න මම ලෑස්ති කර ගත්තේ , ජීවිතයේ ඒකාකාරි බවෙන් මිදෙන්න ඇති අවශ්‍ය තාවය නිසයි..... සුමුදුත් ආසාවෙන් ඒ වැඩට උදව් කිරිම මට සතුටක් විය.....


සැමදා උදේ ආහාර ගත් පසු වත්තේ ගස් කොලන් සමග ඉදිමින් ඒවාට සාත්තු සප්පායම් කරන්නෙ බොහෝම ආසාවෙනි . මල් හිටවමින් එළවලු පැල බලා ගනිමින් හිදින විට නම් හිතට සැහැල්ලූවක් ඇතිවි කම්මැලි කම නැතිවි යයි......

" අපි ගෙදරටම වෙලා ඉන්න එකේ කොහේ හරි ඇවිදලා එමුද?..


" අනේ මට නම් බෑ.....එලියට බැස්සොත් අදුනන මිනිස්සු හම්බ වෙනවා....".


" ඒක හරි වැඩක්නේ...එහෙම කියලා හරියනවද.....?

හැමදාම මෙහෙම ගෙදරට වෙලා ඉන්න බෑ.... .මට කම්මැලියි ගෙදරටම වෙලා ඉදලා….."


" ඔයා එහෙනම් වාහනේ ඇරගෙන රවුමක් ගිහින් එන්න…"


" පිස්සුද මට බෑ තනියම යන්න"


"මට දැන් එලියට බහින්න හිතෙන්නේ නෑ….එලියට බැස්සොත් කවුරු හරි අදුනන අය හම්බවෙනවා. එතකොට ,මට ඇතිවන්නෙ හරි අපහසුවක්…... මට ඒ වෙලාවට ඇතිවෙන තත්ත්වය ඔයාට තේරෙන්නේ නෑනේ …"

"ඒ කියන්නේ...හැමදාම ඔයා ගේ අස්සට වෙලා ඉන්නද කල්පනාව….?මොකටද මම ඔයා එක්ක ආවේ...ඉස්සර හිටියා වගේම හිටියනම් ඉවරනේ...මිනිහෙක් ගත්තා එකට ඉන්න...එකට ගමන් බිමන් යන්න.. .. එක දෙයක්වත් මගේ හිත සතුටු වෙන විදිහට සිද්දවෙන්නේ නෑ….මට නම් දැන් මගේ ගැනම ඇතිවෙන්නේ දුකක්……..අනේ මටත් වෙච්ච් දෙයක් …"

සුමුදු කේන්තියෙන් මට කෑගසා.... ගෙට ගොස් වාහනයේ යතුර හා අත් බෑගය රැගෙන ඇවිත් ඇගෙ වාහනයට නැග්ගාය...... එයට නැග තදින්ම එහි දොර වසාගෙන හයියෙන් ගියරය දමා වේගයෙන් පාර පැත්තට වාහනය පදවාහෙන ගියේ මට පේන්නත් එක්ක....

ඇත්තටම බැලුවොත් සුමුදුගෙ පැත්තෙන් ඇය හරිය..... අවුරුදු තුනක් විතර කාලයක් සැමියාගෙන් අයින් වී සිටි ඇය මා සමග ආවේ අලුත් ජීවිතයක් පටන් ගන්න නේ…..මා සමග ගෙයින් එලියට බැස ඇවිදින්න යන්න, සතුටු වෙන්න ඇය කෙතරම් කැමති ඇද්ද...මෙච්චර කාලයක් තනියෙන් හිටි ඇයට තවමත් ඉන්න වී ඇත්තේ, ගමන් බිමන් යන්න වී ඇත්තේ තනියම නේ…..මිනිසුන්ට මූන දෙන්න බැරිව මම ගෙයි මුල්ලට වී ඉන්න එක ඇයට දරා ගන්න බැරි ඇති…. මට සුමුදු ගැන ඇති උනේ දුකක්. මම වගේ ගිහි ජීවිතයට අලුත් කෙනෙක් බැදගෙන ඇය දැන් ඇඟේ ජීවිතය ගැන දුක් වෙනවා ඇති..….ඇගේ පැත්තෙන් ඇය වැරදි නැති බව මට වැටහේ….


ඇත්තටම බැලුවොත් අපි තවම විවාහ වී නොමැත..... සුමුදු ඇගේ සැමියාගෙන් වෙන් වෙන්න අවශ්‍ය ලියකියවිලි සකස් කර ඇගේ සැමියාට ඇරියත් ඒවාට තවම ඇගේ සැමියා උත්තර එවා නොමැත.

ඉස්සරහ කාලේ අපි දෙදෙනාට මෙලෙස විවාහ නොවි දිගටම එක වහලක් යට මෙලෙස සිටිය නොහැක .....ඉස්සරහ කාලේ දිගටම මට මෙලෙස ගෙට වී මිනිස් වාසයෙන් ඈත් වී සිටියද නොහැක. මෙයට තියෙන එකම විසදුම නම්, මම හිතේ තිබෙන මේ සැකය නැති කරගෙන සුමුදු සමග සාමාන්‍ය ලෙස මිනිසුන් අතරට ගොස් ජීවත් වීමට පටන් ගැනීමම පමනය..... මේ ලෝකේ පලවන වරට සිවුරු ඇරිය කෙනා මම නොවෙන බව මම දනිමි…..කොරියාවේ සුමේද හාමුදුරුවෝ සිවුරු හැර දැන් කොයිතරම් නම් හොද පවුල් ජීවිතයක් ගෙන යනවද…. විශ්ව විද්‍ය්ලයේ අපි සමග හිටි ස්වාමීන් වහන්සේලා කී නමක් නම් සිවුරු හැරියද…. ඒ තමන්ගේ කැමැත්ත.... . හරියට සීලේ..සිවුරේ ඉන්න බැරි නම් සාසනය වනසන්නේ නැතුව සිවුරු හරින එක තමයි හොදම තීරණය කියා මට සිතේ..... ඉතිං එහෙනම් ඇයි මේ මම විතරක් ඒ ගැන තැවි තැවී අලුතින් පටන් ගත් ජීවිතය නැති කර ගන්න හදන්නේ…..ඔව් අවසානයේ මම මීට පස්සෙ, සුමුදු සමග සාමාන්‍ය විදිහට ගිහි ජීවිතය පටන් ගත යුතු යැයි තරයේ සිතට ගත්තෙමි....


කඩිමුඩියේ මාත් එක්ක කේන්තියෙන් වාහනයට නැග එලියට ගිය සුමුදු ....නැවත පැයකින් පමන වාහනය පදවාගෙන ගෙදර ආවාය..... මම මුකුත් නොවුන ගානට ඇගේ පෙරමගට ගොසා වාහනයේ දොර ඇර ඇය සමග කතා කරන්න සැරසුනි......සුමුදු මුකුත් නොවුන ගානට මට ඇගේ අත් බෑගය සමග තව කෑම බෑගයක් දික්කලාය... මම බෑගය අතට ගත් පසු ඇය වාහනයෙන් බැස දොර වසා දමා ගේ පැත්තට ඇවිදගෙන යන ගමන් මගේ අතින් අල්ලාගෙන කතා කරන්න විය.

"මම අපිට රෑට කන්න ඉදිආප්ප ගෙනවා."

"ඉදිආප්ප කොහෙන්ද…? මේ පැත්තේ නෑනේ "

"මගේ යාලුවෙක් ඉස්සර කියලා තිබුනා මේ පැත්තෙ තියෙන ඉදිආප්ප කඩයක් ගැන..... මම දැන් නිකමට ඒ පැත්තට ගිහින් බැලුවා..... හැබැයි පැය භාගයක් විතර දුරක් යන්න ඕනේ....…"


"ඇත්තද...ඒහෙනම් ඉදලා හිටලා අපට ලංකාවේ කෑම ගෙන්න යන්න පුලුවන් ...."

"ඉදිආප්ප, පිට්ටු , බුරියානි, ලංකාවේ ඉන්දියාවේ විදිහට හදන හැම කෑම ජාතියක් වගේම ඒ කඩේ තියෙනවා. එතන වාඩිවෙලත් කෑම කන්න පුලුවන් ….."

"අනිත් දවසේ අපි දෙන්නම යමුකෝ….මමත් එන්නම්….සොරි...අද ඔයාව මම කේන්ති ගැස්සුවාට..... මම සුමුදු ගේ කරවටා අත දමා ඇයව තුරුල් කරගෙන ගෙට ගියෙමි.

" සොරි නෙමේ...තේරුම් ගන්න හැමදාම ඔයාට මේ විදිහට ගෙට වෙලා ඉන්න බෑ….ඔයා පන්සලේන් ආවා තමයි ...මිනිස්සු දැන ගත්තත් ඔයා සිවුරු හැරිය කෙනෙක් කියලා , ඒක කාලයක් යන කොට නිකම්ම මිනිස්සුන්ට අමතක වෙලා යනවා.... අපි මුකුත් නොවුන ගානට ඉන්න තරමට ඒවා මිනිස්සුන්ටත් අමතක වෙලා යනවා….. මොකද ඔයා නෙමේ, මුල්ම වරට මේ ලෝකේ ඉන්න සිවුරු හැරිය එකම පළවෙනි කෙනා…...ඒවාගේ දේවල් ඕන තරම් බුද්ධාගමේ විතරක් නෙමේ , හැම ආගමකම ස්වාමීන් වහන්සේලා අතින් සිදුවන දෙවල්..... .හරි විදිහට තමන්ගේ ආගමට අනුකූලව ජීවත් වෙන්න බැරි නම් එය අතහැරලා යන්න පුලුවන් .... සාසනය පිරිසිදුව පවත්වාගෙන යන්න උදව් කරන එකයි වටින්නේ......

අනික …..මම කාලයක් තිස්සේ තනියම ඉදලා ඔයා එක්ක ආවේ සතුටින් ඉන්න ඕන නිසා….මම ඔයාට කැමති නිසයි ඔයත් එක්ක ආවේ.....නැතුව වෙන යන්න මිනිස්සු හිටියේ නැති නිසා නෙමේ….. මගේ පස්සෙන් කොච්චර මිනිස්සු ආවද...මම ඒ කිසි කෙනෙක්ට කැමති උනේ නෑ…. මගේ හිත ගියේ නෑ…..ඒ මිනිස්සු මගේ ලග සල්ලි තියෙන බව දන්න නිසා මාත් එක්ක එන්න හදන්නේ කියලා තේරුම් ගිය නිසයි ….ඒ කිසි කෙනෙක් ට මගේ හිත ගියේ නෑ. හිත ගියේ ඔයාට විතරමයි..... ඒකයි තනි මම මේ තරම් අමාරු වැඩ කොටසක් කරලා ඔයාව මෙතනට එක්ක ආවේ.. ඔයා ඒක හොදින් හිතේ තියාගන්න...... "


" මට රස්සාවකට යන්න ආසයි….ඒත් මගේ ඉංගිරිසි දැනුම මදි නිසා රස්සාවකට යන්නත් බෑනේ….මෙහෙම ඉන්නත් කම්මැලියි.

"එහෙම කියන්න එපා...ඔයාට වඩා වචනයක්වත් කතා කරන්න බැරි මිනිස්සු මෙහෙ ඇවිත් රස්සාවල් කරගෙන ජීවත් වනවා හොදට…..අපි ඉස්සරහ කාලේ බලමු රස්සාවක් හොයා ගන්න......ඉතිං ඔයා ඉස්සර කලේ රස්සාවක් කලෙත් නෑනේ...පන්සලට වෙලා හිටියා විතරනේ…."

ඒ උනාට ලොකු හාමුදුරුවෝ මට කරන්න කියලා නියම කරපු වැඩ කොටසක් තිබුනා.. පන්සලේ හැම වැඩක්ම මට තමයි බලලා කරන්න නියම වෙලා තිබුනේ…...පන්සලේ කාලෙන් කාලෙට් තියෙන උත්සව වලට මම කොච්චර මහන්සි වෙනවද?......උපාසක ඇත්තන්ගේ ගෙවල් දොරවල් වල දානමාන….. හැමදාම හවසට උපාසකයන් බුදුන් වන්දවන පුජාව, කරන එකත් රස්සාවක් තමයි …. කොරියානු පන්සලේ මට මාසෙකට ගෙවිමක් කලා ඒ වැඩ වලට….."

"එහෙමද, එහෙනම් ඔයා ලඟ සල්ලිත් ඇති ....."


"ටිකක් තියෙනවා .... ඉස්සර මම නංගි මල්ලිට වියදමට මුදල් ඇරියා අම්මා නැති වෙනකම් අම්මටත් සුලු මුදලක් ඇරියා…..මම පිටරට යන ගමන් වලට ගුවන් ටිකට්පත් ගන්නේ ඒ සල්ලි වලින් තමයි ...... තව තියෙනවා හදිස්සියකට ගන්න සල්ලි ටිකක් මගේ පොතේ ….ඔයාට ඕන උනොත් කියන්න , මම බැංකු පොතෙන් ඒවා ඇරන් දෙන්නම්.....?


"දැන් නම් මෙහෙම ගෙදරට වෙලා ඉදලා මට ඇති වෙලා තියෙන්නේ ...යාළුවෙක්ගෙ ගෙදර යන්න කියලවත් ,තැනක් නෑනේ....අපි ඉන්න තත්ත්වය ඒ අය දැනගන්න නිසා.....


"අපි දෙන්නම මොනව හරි රස්සාවක් හොයා ගමුද. ....නැත්නම් මෙහෙම ගෙදරටම වෙලා ඉන්න ගිහාම අපට එපා වෙයි."....

"මාත් ඔයාට කියන්න හිටියේ….අපි බලමු….රස්සාවක් හොයාගන්න පුලුවන් ද කියලා ….."


"ඔයාට මොනවද කරන්න පුලුවන් රස්සාවල්...."


"ඔය ෆැක්ටෙරි එකක මොනව හරි වැඩ තමයි ....ඉංග්‍රීසි දැනුම මදි නිසා හොද රස්සාවක් මට කරන්නත් බෑනේ...."


"මම බලන්නම් ඔයාට කරන්න පුලුවන් රැකියා මොනවද කියලා ....."

සුමුදු නිතර කම්පියුටරයෙන් අපි දෙන්නට කරන්න රැකියා හොයයි.... ඇය දැන් දවසෙම කාලය ගත කරන්නේ කම්පියුටරය සමඟය......


අපි දෙන්නාට විතරක් කෑම උයන්න තියෙන නිසා, එය දින දෙකකට වරක් සුමුදු කරයි. අනිත් හැම මොහොතකම සුමුදු කම්පියුටරය බලමින් එහි වැඩක යෙදෙයි.... මම වත්ත පිටියේ ඇවිදමින් එලවලු වගා කරමින් ගෙවල් දොරවල් අස්පස් කරමින් ඉන්නෙමි.


-නැවත හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

0 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentarios


bottom of page