top of page
  • Writer's picturePrisila Godahewa

ආච්චිගේ පැණි මුල

Updated: Apr 30, 2020

අවුරුදු ගනනාවක සිට අපේ පවුලේ හැමෝම එකට එකතු වෙලා වසරකට සැරයක් කතරගම වන්දනාවේ යෑම නොවරදවාම සිදුකරන්නකි. මේ සිද්දිය නම් 1993 වර්ශයේ සිදුවුන අදටත් පවුලේ කට්ටිය එකට එකතු උන විට මතක් කර හිනාවෙන දෙයකි.

සාමාන්‍යයෙන් කතරගම ගමනට අම්මා තාත්තා ,නිමල් මාමා, ආච්චි අයියලා තුන් දෙනා එකම අක්කා, මස්සිනා හා චූටි දුව මේ ගමනට එකතු වෙති.

පවුලේ හැමෝටම වන්දනා ගමන යන්නට ලොකු වෑන් රථයක් ලෑස්ති කරන්නේ ලොකු අය්යායි. පිටරට රැකියාවක් කරන ඔහු නිවාඩුවට ලංකාවට ආවිට, පවුලේ හැමෝම කතරගම වන්දනාවේ යන්නට ලෑස්ති වන්නේ ගොඩක් ආසාවෙන්ය. බොහෝ විට මුලු අවුරුද්දටම නිවාඩුවක් කියා ගමනක් යන්නේ නම් ඒ කතරගම හෝ නුවර දළදා වහන්සේ වැදපුදාගැනීමට යෑම වාගේ වන්දනා ගමනක්ම පමනි. ඒ නම් අම්මාගේ සහ ආච්චිගේ උවමනාවටමය. ඒ කාලයේ පවුලේ සැවොම රැකියාවන් කල නිසා කතරගම යන වෑන් රථයට හා නවාතැන පලට යන වියදමට සැවොම එකතුවී දායක වූවෙමු.

නඩේ ගුරා ලොකු අයියාය .පවුලේ කවුරුත් ඔහුට ගරු කරන්නේ පවුලේ හැම විශේෂ වැඩක්ම ඔහුගේ සහය ඇතුව සිදු කෙරෙනා බැවිනි. අම්මා තාත්තා ඇතුලු සැවොම ඔහුගේ අදහස් වලට එකගය..

"කතරගම වන්දනාවේ යන නිසා අපි අද ඉදන් දවස් තුනක් ගෙදර මස් මාලු හදන්නේ නෑ "අම්මා අපට වේලාසන දැනුම් දෙයි.

මස් මාලු නැතුව කෑම කන්නට අකමැති සුදු අයියා සහ මම දවල්ට කන්නට ගෙදරින් ගෙනයන කෑම පැකැට්ටුව උවමනාවෙන් අමතක කරදමා යන්නෙමු .හවසට ගෙදර ආපසු, ඒ වෙනුවෙන් නම් වරුවක් අම්මාගෙන් බැනුම් අසන්නට සිදු වෙයි. දවල්ට අප දෙදෙනාම රැකියා ස්ථානයේ කැන්ටිමෙන් මාලු පිනි සමග බත් කා එන්නේ රෑටත් ගෙදර මාලු මස් නැතිබව දන්නා නිසාය. අපි එසේ කලත් තාත්තා නම් එලවලු බත් මුල ගෙදරින්ම ගෙන යයි. ඒ අම්මාගෙන් බැනුම් අහනු බැරි නිසාය .ඒ බත් මුලට වෙන්නේ කුමක්දැයි අපි නොදනිමු. ඔහුටත් කරවල කෑල්ලක් වත් නැතුව බත් කෑමට බැරිබව නම් අපි දනිමු .

සුමානයක් තිස්සේ කතරගම ගමනට ලක ලෑස්ති වන අම්මා මුලු ගේම අස්කර පිරිසිදු කර මස් මාලු නොකා පේවෙන්නේ පුදුම භක්තියකිනි.

කතරගම යන දිනට පෙර දින, ගෙදර වැඩකරන කරුනාවතී ලවා බී ලූනු කපා සීනී සම්බෝල සාදන්නේ නම් අම්මාමය. ඒ සීනි සම්බෝලේ රසට නම් කාටවත් සිනී සම්බෝල සැදීමට නොහැකිය .එදින හවසට තාත්තා පසු දිනට ගෙනයාමට පාන් ගෙඩි පහක් හයක් ගෙදර ගෙනවිත් කපා පෙට්ටි වලට දමා අම්මට උදව් කරයි.

විවාහයෙන් පසු වෙනම පදිංචි වී ඉන්න අක්කා උදේට කන්න, පරිප්පු හොද්දක් හා පැනිරස කෑමක් නොවරදවාම සාදන්නීය.

සුමානයක් තියා කතරගම ගෙන යන්න ආච්චි කොඩිවැල් මසා ලෑස්ති කරගනී. හදුන්කූරු පහන්තිර තෙල් ලෑස්ති කරගන්නෙත් ඇයයි. ඊට අමතරව හැමෝටම අවශ්‍ය බෙහෙත් මල්ල ලෑස්ති කරගන්නේද ඇයමය. කතරගම ගෙනියන්න වේලාසන මල් කඩා තියන්න කරුනාවතීට ආච්චිගෙන් කතරගම යන දිනට පෙර දින අණ ලැබෙයි.

"මේ පාරත් කතරගම ගිහින් එනකොට තිස්සමහාරාමය පැත්තෙන් හොද පැනි මුලක් ගේන්න ඕනේ.... මේ පාර අවුරුද්දට කැවුම් හදන්න පුලුවන් එතකොට " ආච්චි ඇයට ගත යුතු පැනි මුල ගැන වේලාසන දැනුම් දෙයි .

"අම්මා ඉතින් අවුරුද්දට හදන පැනි කොන්ඩ කැවුම් තරම් රසට වෙන කාටවත් කැවුම් හදන්න බෑනේ.." අපේ අම්මා කිය.

ගෙදර හැමෝම කතරගම යන්න ඕනෑකමින් ආසාවෙන් ලෑස්ති වෙති. ලොකු අයියායි තාත්තයි මහරගම පොලට ගොස් කතරගම දේවාලයට පූජාව තියන්න පලතුරු වේලාසන ගෙනත් තියා ගනියි. වේලාසන කතරගම නවතින්න ගෙනයන ඇදුම් බෑග් ගෙදර හැමෝම ලෑස්ති කර තබා ගනිද්දී මම පමනක් එදින උදේට ඇදුම් දෙක තුනක් බෑගයට දාගන්නෙමි.

මුලු සුමානෙම ගෙවල් දොරවල් අස්පස් කර පිරිසිදු කර අම්මා පෙර දින නා පිරිසිදු වී රෑට නිදාගන්න යන්නේ සියලු වැඩ ඉවර කර රෑ දොලහත් පසුවූ පසුවය.

වේලාසන නිදාගන්න යන අපට ඇය වේලාසන මතක් කරදෙන්නේ...

"ඔන්න මම හැමෝටම කිව්වා... හෙට උදෙන්ම නැගිටලා ලෑස්ති වෙන්න.... උදේ පහට කතරගම යන්න වෑන් එක එනවා "


අම්මාගේ වැඩට උදව් කරමින් ඉද තාත්තාද නිදියන්න යන්නේ රෑ දොලහත් පසු වු පසුය.

" ඔන්න සනාටයි සුදූටයි කියන්නේ..හෙට උදේට ඉක්මනට නැගිටලා ලෑස්ති වෙන්න.... අක්කලාව මගින් වෑන් එකට නග්ගගෙන යන්නත් තියෙනවා ..." පවුලේ බාලයන් වන අපදෙදෙනාට නිතරම අම්මාගේ නීතීවලට යටත් වන්නට සිදුවෙයි.

තොරතෝංචියක් නැතුව හැමෝටම එක එක වැඩ පවරන අම්මා, උදේ තුනට නැගිට කතරගම යන්න ලෑස්ති වෙන්න කියා අපට, ඇය නිදියන්න යයි.

*******************

. පාන්දර ගෙදර දොරට කවුද ගසන ශබ්දය ඇසී මම උඩ ගොස්බිම වැටිනි. නිදීමතේම කලබලේ ගොස් දොර ඇරිය විට එලියේ සිටියේ කතරගම යන්න ලෑස්ති කර තිබූ වෑන් රථයේ රියදුරුය.

"මහත්තයා වෙලාව උදේ පහයි...කට්ටිය ලෑස්තිද?"

මට දෙලොව රත් උනී. ගෙදර හැමෝටම හොදටම නින්ද ගොස් ඇත. තාත්තා හැමදාම රෑට තියන එලාම් එක අද විතරක් වැදුණේ නැත්තේ කොහොමද කියා සිතනා ගමන්ම මම කතා කලෙමි .

"අනේ අංකල් ගෙදර හැමෝටම නින්ද ගිහින් වගේ..ටිකක් මෙතන වාඩිවෙලා ඉන්න. අපි ඉක්මනටම එන්නම්" එසේ කියාගෙන දුවගොස් මම ගෙදර හැමෝම ඇහැරුවෙමි

"අම්මේ, තාත්තේ වෑන් එක ඇවිල්ලා ඉක්මනට නැගිටින්න , සුදු අයියේ ලොකු අයියේ, ආච්චියේ කතරගම යන්න වෑන් එක ඇවිල්ලා ඉක්මනට නැගිටින්න."

ගෙදර එකම කඩි ගුලක් සේය. සැවොම එහේ මෙහේ දුවමින් ලෑස්ති වෙති. ඒ අතර අම්මාගේ තොර තෝංචියක් නැති බැනුම් මැද උඩින් පල්ලෙන් මුහුන කට සෝදා ගෙන සියල්ලන් වාහනයට නැග්ගේ උදේ තේ වත් නැතුවය.

අම්මාගේ බැනීම නම් තවමත් ඉවරවී නැත.

"කොහේද මේ අලි කොල්ලො දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා... එලාම් එක වැදෙනකම් ඉන්නේ නැතුව පොඩ්ඩක් වේලාසන නැගිටින්න එපෑ...මම ඊයේ රෑ දොලහත් පහුවුනා නිදියන්න යන කොට....අම්මා වෑන් රථයට නැග ගත් මොහොතේ සිට ගෙදර හැමෝටම බනින්නේ ඇයට උදේ හරියට ටොයිලට එකට වත් යාගන්න බැරි උන නිසාය. කෙසේ හෝ කලබලේ ම බඩුමුට්ටු වෑනයට දාගත් අපි උදේ 5.45 වනවිට කතරගම බලා ගෙදරින් පිටත් උනි.

අතර මගින් අක්කලාවත් වෑනයට නග්ගා ගත්තෙමු

"ඇයි පරක්කු උනේ..? අපි බේබිවත් උදේම නැගිට්ටලා ලෑස්ති කරගත්තා. ඇයත් වාහනයට නැග ගත්තේ බැන බැනමය.

"කොහේද මේ කොල්ලෝ හිටියට වැඩක් තියේද..ඩ්‍ර්‍යිවර් ඇවිල්ලනේ අපිව ඇහැරුවේ...අම්මා තවමත් කේන්තිය පිටකරන්නේ අයියලාට සහ මටය.

"උදේට තේවත් බොන්න බැරිවුනා" ආච්චි නෝක්කාඩු කියයි.

ඇයද කතරගම වන්දනාවේ යන්නට අපේ ගෙදර විත් නැවතී සිටින්නේ සුමානයක සිටය. තාත්තාගේ කිසිම සද්දයක් නැත. කට ඇරියොත් අම්මාගෙන් බැනුම් අහන්න වෙනබව දන්නා බැවිනි. හැමදාම රෑට එලාම් එක තියෙන තාත්තාට අද කොහේ හරි වැරදි ඇත.

" ඔය ඩ්‍ර්‍යිවර්ට කියන්න කොහෙන් හරි ඉස්සරහින් වාහනය නවත්වන්න කියලා. තේ බි බී ඉන්න වෙලාවක් නැති නිසා මම උනුවතුර බෝතලයට තේ එකක් දාගත්තා. අම්මා කීය .

"ඒක හොදයි එතකොට පාන් පෙත්තක් කාලා මට බෙහෙත් පෙති ටිකත් බොන්න පුලුවන් ." ආච්චි කීය . යාන්තම් උදේ හත විතර වෙනකොට වාහනය ගාලු පාරේ මුහුද අයිනේ පොල්වත්තක් ලග නතර කලාය.

" ඉක්මනට ඔය කෑම ටික බෙදලා ගන්න ආච්චිට බෙහෙත් බොන්න තියෙනවානේ.." අම්මා කීය.

අක්කා සහ අම්මා පාන්, සීනි සම්බෝල , පරිප්පු හාජන හැර අපට කන්නට දුන්නාහ. බඩ පිරෙන්න පරිප්පු ,සීනි සම්බෝල සමග පාන් කෑවේ උදේට තේවත් නොබී සිටි නිසාය. කෑම කා අසල හෝටලයක ටොයිලට් එකට ගොස් අපි නැවත ගමන් ආරංභ කලෙමු.

නඩේ ගුරා ලොකු අයියා වැඩි සද්ද බද්දයක් නැති කෙනෙකිය. ඔහු කතරගම යන අතරමග වාහනය නවත්වන්නට අවසර දෙන්නේ උදේට කන්නට හා හදිසි අවස්ථාවකටම පමනි. කොට්ටාවේන් වාහනයට නැග්ග පසු කෑමට නැවැත්තු වාහනය, නැවත කතරගම ශුද්ධ භූමියට එනතෙක් එක දිගටම එයි. දැන් වගේ හෝටල් ඒ කාලයේ නොතිබුණු නිසා හෝටල් වල නවතින පුරුද්දක් නොතිබුණු අපි ඒ කාලේ කතරගම ගිය කල දුටුගැමුණු විශ්‍රාම ශාලාවේදී නවාතැන් ගත්තේමු. උදේ 11.30 /12.00 විතර වෙනකොට දුටුගැමුණු විශ්‍රාම ශාලාවට එන වාහනයෙන් අපි බිමට බහින්නේ අත පයේ හිරි අරිමින්‍ ය. වාහනය එක දිගට ඒමේදි පුදුම අපහසුවකින් එන්නට සිදුවෙයි.

"දොලහත් පහු වෙලා අපි දවල්ට කෑම කාලම කාමර වලට යමු." අම්මා කියයි.

,වෙලාවට කන්න ඕන අය නම් ලොකු අයියා , ආච්චි හා අම්මාය.

"එහෙනම් කෑම කන්න යමු."

කොළබින් විශ්‍රාම ශාලාව ලෑස්ති කරගෙන, කෑම, වේලාසන ඇනවුම් කර එන නිසා අපට ආපන ශාලාවට ගිය වහා කෑම මේසයට ගෙන එයි. ආපන ශාලාවේ සේවකයින් වතුර ජොග්ගු දෙකක්ද ගෙනත් මේසයෙන්

තබයි .වතුර ජොග්ගු  දෙකක්ද ගෙනත් මේසයෙන් තිබුවත්, ඒවායින් වතුර බීම අම්මා තහනම් කර ඇත.          "හා හා..ඔය වතුර බොන්න එපා..ලොකු පුතේ අපි ගෙදරින් ගෙනාපු වතුර බෝතල්  දෙකක් ගේන්න අපට බොන්න . අම්මා අපට කට සේදීමටවත් කිවුල්  ව්තුර නොදෙයි.                      දුම් දමන උනු කැකුලු බත්, පරිප්පු , මෑකරල්, වට්ටක්කා , පොල්සම්බෝල ,පපඩම්, තක්කාලි හා ලූනු සම්බෝල සමග මේසයට කෑම තිබ්බ ගමන් බෙදාගන්නේ ලොකු අයියයි.ආච්චිට වගේ ලොකු අයියාටත් වෙලාවට කෑම ගත් යුතුයි .

"මට නම් මෑකරල් එපා..සීතලයි ආච්චි කියයි.   " මට  වට්ටක්කා එපා..පැනි රසයි " තාත්තා කියයි.            මස් මාලු නැතත් මට නම් එම කෑම පුදුම රසයි. හේතුව තුන්සියහැටපස් දවසෙම අම්මා උයන බත් වලට වඩා වෙනස් නිසාය . ලෝභ නැතුව සේවකයින්  කෑම මේසයට ගෙනෙයි. හිතත් බඩත් පිරෙන්න කෑම කන අපි පසුව යන්නේ කාමර වලටය.               "අපි මැනික් ගගේ නාන්නේ නැද්ද ?   "මේ දවස්වල මැනික් ගගට කිට්ටු කරන්නබෑ සෙනග. අපි කාමර වලින්ම නාගමු"

ලොකු අයියා කියයි. නඩේ ගුරා කියන දේ අපිත් අසන්නෙමු.                "යමු යමු කාමර වලට නාලා ටිකක් විවේක ඇරගෙන පූජා වට්ටි හදන්නත් ඕනනේ.". තාත්තා කියයි.                   දුටුගැමුණු විශ්‍රාම ශාලාවේ කාමරවල , එක කාමරයක ඇදන් දෙකක් හෝ තුනක් තියා ඇත. ඒවාට උඩින් මකුනු දැල් එල්ලෙයි. ‘‘ගෑණු කට්ටිය එක කාමරයකට යන්න.’’ ‘‘අක්කලාට වෙන ම කාමරයක් දෙන්න. බබත් ඉන්න නිසා.’’.

එක ඇඳක දෙන්නා ගානේ නිදා ගත යුතු ය. ‘‘කවුද ඉස්සෙල්ලා ම බාත්රූම් එකට යන්නෙ.’’ ‘‘ආච්චි යවමුද’’ ‘‘ආපෝ අද අපට හෝද ගන්න හම්බ වෙන්නෑ. දේවාලේ පූජාව ඉවර වෙනකම්.’’ ‘‘එහෙනම් අම්මා යන්න.’’ ‘‘අම්මත් ඊට හපන් මං යන්නම්.’’ එක කාමරයක් තුළ තිබූ නාන කාමරයට යන්නට පෝලිමේ සිටිය යුතු ය. එකා දෙන්නා හෝදා ගෙන විත් ඇඳන්වලට වී විවේක ගනිති. ‘‘අපි කීයට ද දේවාලයට යන්නේ.’’ ‘‘හතර විතර වෙනකොට යමු. හයට පූජාවට එන්න ඉස්සෙල්ලා කිරි වෙහෙර වඳින්නත්  ඕනනේ.’’ ‘‘වෙලාව වැඩිනේ.’’ ‘‘නෑ... නෑ... ආච්චිව අල්ලගෙන යනකොට වේලාව නිකම්ම යනවා.’’

ගෑණු කට්ටිය එක කාමරයකට යන්න.’’ ‘‘අක්කලාට වෙන ම කාමරයක් දෙන්න. බබත් ඉන්න නිසා.’’ දුටුගැමුණු විශ‍්‍රාම ශාලාවේ කාමරවල එක දිගට ඇඳන් තබා ඇත. ඊට උඩින් මදුරු දැල ද එල්ලෙයි. එක කාමරයක ඇඳන් හතරක් හෝ තුනක් ඇත. එක ඇඳක දෙන්නා ගානේ නිදා ගත යුතු ය. ‘‘කවුද ඉස්සෙල්ලා ම බාත්රූම් එකට යන්නෙ.’’ ‘‘ආච්චි යවමුද’’ ‘‘ආපෝ අද අපට හෝද ගන්න හම්බ වෙන්නෑ. දේවාලේ පූජාව ඉවර වෙනකම්.’’ ‘‘එහෙනම් අම්මා යන්න.’’ ‘‘අම්මත් ඊට හපන් මං යන්නම්.’’ එක කාමරයක් තුළ තිබූ නාන කාමරයට යන්නට පෝලිමේ සිටිය යුතු ය. එකා දෙන්නා හෝදා ගෙන විත් ඇඳන්වලට වී විවේක ගනිති. ‘‘අපි කීයට ද දේවාලයට යන්නේ.’’ ‘‘හතර විතර වෙනකොට යමු. හයට පූජාවට එන්න ඉස්සෙල්ලා කිරි වෙහෙර වඳින්නත්  ඕනනේ.’’ ‘‘වෙලාව වැඩිනේ.’’ ‘‘නෑ... නෑ... ආච්චිව අල්ලගෙන යනකොට වේලාව නිකම්ම යනවා.’’ හවස් වේගෙන  එනකොට හොදට නාලා පිරිසිදු වෙලා ලොකු අයියයි, තාත්තයි, මමයි හවස තුනට විතර  පූජා වට්ටි හදන්න ගියෙමු . ඒ ලොකු අයියා ආසම රස්සාවය. ඔහු කතරගම දෙවියන්ට පූජා වට්ටි හදන්න ඉතා කැමතිය. හවස හතර වෙනකොට නාගෙන පිරිසිදු වී සුදු ඇඳුම් ඇඳ තෙල් මල් රැුගෙන සියල්ලෝ ම කිරි වෙහෙර වඳින්න යන්නෙ මැණික් ගඟ අවට ඇති විශාල බිම පසු කර ගොස් මැණික ගගේ පාලම උඩින්ය. ඉතා සෞම්‍ය ගස් කොළන්වලින් වට වූ ඒගොස් මැණික ගගේ පාලම උඩින්ය. ඉතා සෞම්‍ය ගස් කොළන්වලින් වට වූ ඒ බිම හිතට සැහැල්ලූවක් ඇති කරයි. නමුත් එම විශාල බිම් හැමතැනම සිට ඇවිත් අතපාන හිඟන ගැහැණුන් හා ළමයින්ගේ කරදරයට නම් මා කැමති නැත. ‘‘තාම වඳින්න යන ගමන්නේ. එන ගමන් දෙන්නම්.’’ අත පාන සියල්ලෝ ම ශුද්ධ භූමියට යන බැතිමතුන්ට කරදර කරමින් සල්ලි ඉල්ලති. මැණික් ගෙඟ් පාලම උඩින් ගොස් කතරගම දේවාලය පසු කර යන අප කෙලින් ම යන්නෙ කිරි වෙහෙර වඳින්නටය. කිරි වෙහෙර වඳින්න ඇවිත් සිටිනා බැතිමතුන්ගෙන්  කවදත්  එය පිරී ඇත. ‘‘ආච්චිව අල්ල ගන්න මඟ ඇරෙයි.’’ කවුරු හෝ ආච්චිව අල්අල්ලාගෙන යා යුතු ය. බොහෝවිට එයට අසුවන්නේ මාය. මගේ අතේ එල්ලෙමින් බකල ගසමින් හෙමින් ඇවිද එන ආච්චි මට පින්දෙයි. ‘‘අනේ දරුවෝ උඹට පිං මේ ශුද්ධ භූමියේ මාව ඇවිද්දනවාට.’’ ඇය තෙල් දමා මල් පූජා කර කිරි වෙහෙර භූමියේ බිම වාඩි වී බොහෝවේලා ගාථා කියමින් වඳියි. සැවොම මල් පූජා කර වැද විත් ඇය වැද නැගිටිනකම් වට පිට සිරි නරඹයි. දෙවන මලූවට ගොස් පහන්ද පත්තු කරයි. කිරි වෙහෙර වැද අප යන්නේ කතරගම දෙවි රජුන් වැඩ සිටිනා දේවාලය ලඟට ය. ‘‘අද සෙනසුරාදානේ, හරියට  සෙනඟ පූජාව තියන්න ඇවිත්.  දේවාලෙට පෝලිම කිලෝමීටර් දෙකක් විතර දිගයි.’’ ලොකු අයියා අපි හැමෝම වෙනුවෙන් වේලාසන ගොස් පෝලිම අල්ලාගෙන හිදියි. තාත්තා අපේ පූජා වට්ටි ආරක්ෂා කරයි.  දේවාලේ වටේම ඉන්නා වඳුරෝ රිලවුන්ගෙන් ඇත්තේ හරිම කරදරයකි. ඔවුන් පූජා වට්ටිවලට ඇහැ ගහගෙන ඉන්නෙ ඔවුන්ගෙ බඩ කට පුරවා ගැනීමටය. පැයකි පමණ පෝලිමේ ඉඳ කතරගම දේවාලය තුළට යන අප ඒ තුළ දී හිර වී මිරිකෙමින් කතරගම දෙවි රජුන් වැඳ පුදා ගන්නේ ඉතාමත් භක්තියෙනි. සිදුපාට කුඩක් නලලේ ගාන කපු රාල ලඟ පෝලිමේ ඉඳ අතට වත් කරන පැන් ටිකක්   බී ඉතිරිය ඔලූවේ ද ගා ගන්නේ පැන් බිඳක් නාස්ති නොකරය. විනාඩි තුන හතරක් තුළ දී මේ සේරම කරගෙන අප එළියට ආ යුතු යි. ඒ තරමට කතරගම දෙවි රජුන් වැද පුදා ගන්නට ඉන්නා අනිත් බැතිමතුන්ට ඉඩ සලසා දිය යුතු බැවිනි. ‘‘පූජා වට්ටිය ගත්ත ද?’’ අම්මා ඉක්මණින් අසයි. ‘‘ඔව්... ඔව්... ලොකු අයියගෙ අතේ.’’ ‘‘එහෙනම් කවුරුත් පූජා වට්ටියේ පලතුරු මොන වා හරි  කන්න.’’ තාත්තා අපට පලතුරු බෙදා දෙයි. කතරගම දේවාලය වැද පුදා ගෙන පලතුරු ද කා අප කලූවරේම මැණික් ගඟ උඩින් වැටී ඇති පාර දිගේ කඩමන්ඩියට යන්නේ විශාල බැතිමතුන් අතර හිර වී තෙරපී ගෙනමය. ‘‘අනේ මට මාල වළලූ ගන්න  ඕනෑ.’’ ‘‘අපි කළු දොදොල් ගමු.’’ ‘‘අපෝ මේ කළු දොදොල් හොඳ නෑ. අපි මඟ තියෙන කළු දොදොල් කඩවලින් ගමු.’’ කතරගම ටවුමේ ඇති තොරම්බල් කඩවල ඔහේ ඇවිද ඇවිද බඩු ගන්නවාට වඩා අතපත ගාමින් ඇවිදින අප ? අට නමය වනවිට දුටුගැමුණු විශ‍්‍රාම ශාලාවට එන්නෙමු. ‘‘දැන් නම් බඩගිනියි. අම්මේ දැන්වත් අපි මාළු කමුද. දවස් තුනකින් මස් මාළු කන්න ලැබුනේ නෑ " . ලොකු අයියාට ද සුමානයක් මස් මාළු නැතුව කාල එපා වී ඇත. ඔහු අප මෙන් නොව අම්මා කියන ලෙසම වැඩ කරනා කෙනෙකි. ඔහුත්, අම්මාත්, ආච්චීත් පමණක් සුමානෙම මස් මාළු නැතුව හරියට එළවලූයි, බතුයි කාපු අයයි. අයියාත්, මමත්, තාත්තාත් දවාලට වැඩපලෙන් ගත් මාළු බත් කෑ බව දන්නෙ අපි විතරමය. ‘‘ශා... කෑම රසයි.’’ හැමෝම කීය. ඉදිආප්පයි, මිරිස් මාළුයි, අල හොඳියි, පරිප්පු හා පොල් සම්බල් ද ඉතා රසැතිය. කෑම කා කාමරය යන අපට එළිවෙනතෙක් නින්දක් නැත. ? එළිවෙනකම්ම දුටුගැමුණු ශාලාවේ නවතින්න පැමිණි මිනිසුන්ගෙ සද්ද බද්ද කහින සද්ද කට කාරන සද්ද, කතා බහ මේ සියල්ල ඇසෙද්දි පාරේ බුදියාගත්තා නම් මීට හොඳයි සිතේ. ඒ කාලවල කතරගම එන මහා සෙනගක් සිටි බැවින් කවදත් කතරගම පූජාබිම පිරි පවති. උදේට පෝලිමේ නාන කාමරවලට ගොස් මූණ කට හෝදාගෙන පැමිණෙන අප අපේ බඩු මුට්ටුත් අරගෙනම අප ආ වාහනයට නගින්නෙ ගෙදර යන්නටය. උදේට තේ බීමට නොලැබේ. ‘‘අපි ආප්ප කාලම තේ බොමු.’’ කතරගම එන හැම දවසකම ආප්ප කඩවලින් ආප්ප කෑමට අමතක නොකරමු. ආප්ප කඩ තියෙන හරියකින් වාහනය නවත්වා ගන්නා අප සියල්ලෝ ම යන්නෙ ආප්ප කන්නටය. ‘‘එක ලඟ තියෙන ආප්ප කඩ දෙකකින් වාඩිවෙන්න. ගණන් බලා ගෙන කන්න. තමන් කාපුවා තමන් මතක තියාගන්න.’’ පස් හය දෙනෙක් වාඩි වෙන්න පුළුවන් ආප්ප කඬේක, බංකු උඩ වාඩි වන අප තාච්චියෙන් එළියට බාන බාන ආප්ප එකිනෙකා කයි. බිත්තර ආප්ප නම් දෙකකට වඩා කන්නෙ නැත. ලූණු මිරිස් නමටම ගැලපෙන ලෙස සාදා ඇත. එහි ඇත්තේ ලූණු සහ මිරිස්ම පමණය. දෙහි වෙනුවට විනාකිරි දමා ඇත. බඩගින්නට රස ප‍්‍රශ්නයක් නැත. ආප්ප පහ හයකට වැඩ දෙන අප කඩෙන් වතුර නොබොමු. අම්මා වතුර බෝතලය කිහිල්ලේ ගහගෙන සැරෙන සැරේ අපට කඬේ වතුර බොන්නට එපා යැයි හෙමිහිට කියයි. උදේට කාබී වාහනයට නගින අප ඉන් පසුව යන්නේ තිස්ස මහාරාමයටය. දාගැබ වැද පුදා ගෙන පසුව අප යන්නෙ දෙවුන්දර විශ්ණු දේවාලයටය. එහි ටික වේලාවක් වේලාව ගෙන වැද පුදා ගන්නා අපට සමහර දවසට මුළුතැන් බත්ද කන්නට ලැබෙයි.  නිමල් මාමා ඉන්න දවසට නම් මුළුතැන් බත් ඇති වෙන්න හම්බ වෙයි. ‘‘දැන් කොහේද අපි යන්නේ. යන ගමන් මට ගෙදර ගෙනියන්න එළවලූ ගන්න  ඕනේ. ෆිජ් එකේ බඩු ඔක්කොම ඉවර කරලා හෝදලත් දාලා ආවේ. " උයන්න එළවලූ ගෙනියන්න  ඕනේ.’’ අම්මා ගෙදර ගිය පසු උයාගෙන කන දේවල් ගැන හිතයි. ‘‘මට ඔෆිස් එකේ අයට කළු දොදොල් ගන්න  ඕනෑ.’’ සුදු අයියා වැඩපළේ ගෑණු ළමයින්ට අනිවාර්යයෙන් ම බෙදන්න කළු දොදොල් ගනියි. ‘‘ඇයි කිරි පැණි නම් ගන්නම  ඕනේ. මෙහෙ තියෙන කිරි පැණි තරම් රහ නෑ කොළඹ ඒවා.’’ ‘‘මට අවුරුද්දට කැවුම් උයන්න පැණි මුලක් ගන්නම  ඕනේ.’’ ආච්චි කවදත් ගන්නෙ පැණි ය. අතරමඟ මග දිගට වාහනය නවත්ව නවත්වා එළවලූ, කළු දොදොල්, කිරි පැණි ගන්නා, අම්මා, අක්කා, ආච්චි නිසා දැන් අපට වාහනය තුළ වාඩි වී යෑමටත් බැරි තරම් ය. සීට් ලඟ කකුල් තියා ගත නොහැක. වට්ටක්කා හා මුරුංගා මිටිය. කොමඩු ගෙඩි වාහනය බ්‍රේක් ගහන ගහන වේලාවට එහේ මෙහේ පෙරලි පෙරලි යයි. වාහනය තුළ ටික වේලාවක් යන විට එළවලූ ගද ගහන්න පටන් ගනී. ‘‘අනේ පුතේ මගේ මේ පැණි මුල පරිස්සම් කරගෙන ගෙනියන්න  ඕනෑ.’’ ආච්චි රත්තරං මුලක් ලෙස පැණි මුල පරිස්සම් කරයි. ආරක්ෂා කරයි. ‘‘අනේ පුතේ මේක ටික දුරක් අතේ තියාගෙන යන්නකෝ. බිම තිබ්බොත් පැලිලා යයි.’’ ‘‘අනේ ආච්චි මට බෑ. කොළඹට යනකම් උස්සගෙන ද යන්න කියන්නෙ.’’ ‘‘කෝ... කෝ... දෙන්න මං තියාගන්නම්.’’ තාත්තා ආච්චි ගැන දුක හිතී පැණි මුල අතට ගත්තේ ය. ‘‘ටික දුරක් යනවිට අනේ පුතේ මෙන්න මේ පැණි මුල ටිකක් අතේ තියාගන්න.’’ තාත්තා එය මට දුනි. ‘‘මේ මොන මල කරදරයක් ද?’’ පැණි මුල අතට ගත් මා එය පැණි මුලේ එල්ලෙන හනපු පටියෙන් ඩ‍්‍රැයිවර්ගෙ පිටිපස්සෙ ඇති පොල්ලෙ ගැට ගැසුවෙමි. ‘‘අනේ පුතේ පින්සිද්ධ වෙනවා. මං  ඕක ඔය පරිස්සම් කරගෙන යන්නෙ උඹලට අවුරුද්දට කැවුම් හදන්නනේ.’’ යාන්තම් කවුරුත් පැණි මුලෙ කරදරයෙන් බේරිනි. දහවලට රත්නපුරේ රෙස්ට් හවුස් එකකට ගොස් රසට ෆ‍්‍රයිඞ් රයිස් එකක් කා බීම බොන්නට අපට අවස්ථාව ලැබිණි. එය සුදු අයියාගේ ගිණුමටය. ඔහු බැංකුවක වැඩ කරන නිසා යහමින් ඔහු ලඟ සල්ලි ඇත. දහවල් කෑම කනවිට හවස දෙකත් පසු වී තිබිණි. අප නැවත වාහනයට නැග ගත්තේ කෙලින් ම ගෙදර නවත්වන තෙක් කොහේවත් වාහනය නවත්වන්නෙ නැති බව ලොකු අයියා කිව් නිසා ය. වාහනයට නැගපු ගමන් ආච්චි මට කතා කළේ ය. ‘‘අනේ පුතේ පැණි මුල හොඳට තදට ගැට ගහල නේද තියෙන්නේ. පොඞ්ඩක් බලපන් කොලූවෝ.’’ ‘‘ඔව්... ඔව්... ආච්චි ඒක හොඳට මං ගැට ගැහැව්වා.’’ කෝකටත් මං පැණි මුල අල්ලා බැලූවේ එය ගැටය බුරුල් වී බිමට වැටුණොත් ආච්චි මා ඉතුරු කරන්නෙ නැති බව දන්නා නිසා ය. හවස පහ හය විතර වී ගෙන එන විට අපට කොළඹට එන්නට හැකි විය. ඉස්සෙල්ලා ම ආච්චිව හා මාමාව ආච්චිගෙ ගෙදරින් බැස්සවීමට තිබුණි. පසුව අක්කා සහ අයියාව ද අන්තිමට අපට බැස ගන්නට තිබුණේ කෑම බීම් බඩු බොහෝමයක් අපේ නිසා ය. ආච්චි මට කතා කළා ය. ‘‘පුතේ පැණි මුල ගලවල දෙන්න මට ඒක අමතක වෙයි.’’ ‘‘නෑ... නෑ... ආච්චි ගේ ගාවට ගිහාම ගලවල දෙන්නම්.’’ ‘‘අනේ පුතේ ගලවල මගේ අතට දීපන්කෝ.’’ ආච්චි ආච්චිගෙ දේවල් ඉතා පරිස්සමෙන් බලා ගන්නා බව ද, ඉතා ලෝභ කෙනෙක් බව ද නෑදෑයින් අතර ප‍්‍රචලිතය. මා පැණි මුල ආච්චි අතට ගලවා දුන්නෙමි. ආච්චිගෙ සීට් එකේ අනිත් පැත්තෙ වාඩි වී සිටියේ සුදු අයියායි. ‘‘මට පාර පෙන්නනවද?’’ ඩ‍්‍රැයිවර් සුදු අයියාට කතා කරේ ආච්චිගෙ ගේ ළඟින් නවත්තන්නට ගේ තියෙනා තැන බලා ගැනීමට ය. ආච්චි සහ සුදු අයියා වාඩි වී සිටියේ ඉස්සරහම සීට් එකේ ය. සුදු අයියා නැගිට්ටේ ඩ‍්‍රැයිවර්ට පාර පෙන්වීමට ය. ‘‘අර අර මාර ගහ තියෙන්නේ වේවැල් කඩය ලඟ. එතනින් නවත්වන්න.’’ ඔහු ඩ‍්‍රැයිවර්ට පාර පෙන්නුවේය. ‘‘හා.. හොඳයි.’’ ආච්චි ලඟ වාඩි වී සිටි සුදු අයියා නැගිට ඩ‍්‍රැයිවර්ට පාර පෙන්වීමට

මට පාර පෙන්නනවද?’’ ඩ‍්‍රැයිවර් සුදු අයියාට කතා කරේ ආච්චිගෙ ගේ ළඟින් නවත්තන්නට ගේ තියෙනා තැන බලා ගැනීමට ය. ආච්චි සහ සුදු අයියා වාඩි වී සිටියේ ඉස්සරහම සීට් එකේ ය. සුදු අයියා නැගිට්ටේ ඩ‍්‍රැයිවර්ට පාර පෙන්වීමට ය. ‘‘අර අර මාර ගහ තියෙන්නේ වේවැල් කඩය ලඟ. එතනින් නවත්වන්න.’’ ඔහු ඩ‍්‍රැයිවර්ට පාර පෙන්නුවේය. ‘‘හා.. හොඳයි.’’ ආච්චි ලඟ වාඩි වී සිටි සුදු අයියා නැගිට ඩ‍්‍රැයිවර්ට පාර පෙන්වීමට ගිය විට, ආච්චි සුදු අයියාගේ සීට් එක උඩින් පැණි මුල තිබ්බා ය. ‘‘බ්රාස්.. බ්රාස්...’’ ඩ‍්‍රැයිවර් පාර හරහා පැනපු මිනිසකු බේරා ගැනීමට විශාල බ්රෙක් එකක් ගැසීය. හිටගෙන සිටි සුදු අයියා විසි වී ගොස් ආච්චි ලඟ තිබූ ඔහුගේ සීට් එකේ ඉන්දවිනි. ඔහු සීට් එකට වැටුනු ගමන් ම ආයිත් ඉද්ද ගැසුවා සේ නැගිට ගත්තේ පිටුපසින් පැණි බේරී බේරීය. ආච්චිගේ පැණි මුල උඩට විසි වී වැඩුණු සුදු අයියාගේ බරට පැණි මුල පුපුරා සීට් එක පුරා හැම තැනම පැණි බේරී බේරී යයි. සුදු අයියාගේ කලිසම පිටුපස පැණි බේරෙයි. අප සියල්ලන්ටම සිනා ගියත් කට වහගෙන සිනාව තද කරගත්තේ ආච්චිගෙන් බැනුම් ඇසීමට බැරිවය. සුදු අයියාගේ ක‍්‍රීම් පාට කලිසමේ පිටුපස්ස පුරාම දුඹුරු පාට පැණි බේරෙයි. ‘‘උඹ මගේ පැණි මුල කෑවා. කතරගම ඉදන් මෙච්චර දුරක් පරිස්සම් කරගෙන ඇවිත් ගේ පෙනි පෙනිමනේ පැනි මුල නැතිකලේ…. ආච්චි සුදු අයියාට බනින්න පටන් ගත්තේ අප්ප මුත්තා මතක් කරමිනි. ‘‘ඈ සුදු පුතේ උඹට ගෙදර යනකම් ඉන්ඩ බැරි අමාරුවක් තිබුණ නම් අපි වාහනය නවත්වනවනේ.’’ තාත්තා කිව්වේ සුදු අයියාගේ පස්ස පැත්තේ බේරෙන පැණි දෙස බලමිනි. අපි හැමෝට ම සිනා ගියේ ඒකට මය. ආච්චිගේ පැණි මුල ඉවරයි. ඩ‍්‍රැයිවර් සීට් එක සෝදා ගැනීමට අවශ්‍ය යැයි පවසා අප ගෙදරින් බස්සපු ගමන් කෙලින් ම ගියේ වාහන හෝදන තැනකට ය. කතරගම සිට පරිස්සම් කරගෙන ආ ආච්චිගෙ පැණි මුල ගේ පෙනි පෙනී පුපුරා ගිය හැටි පවුලේ කට්ටිය එකට එකතු උන වෙලාවට මතක් කර හිනා වෙන්නෙමු.




103 views0 comments

Comments


bottom of page