top of page
  • Writer's picturePrisila Godahewa

♨️අයිරින් ♨️ නොසැලෙන දියණි (46 වෙනි කොටස )

♨️අයිරින් ♨️

නොසැලෙන දියණි

(46 වෙනි කොටස )


රණදේව සර්ගේ තේ වත්තේ, පටු පාරේ කන්දේ උඩහට, බොහෝම හෙමින් අපි යන වාහනය ධාවනය වෙයි.....බොහොම කෙටි තේ වත්තේ, කළු ගල් ඇතිරු පාර දිගේ කන්ද උඩහට වාහනය ඇදි යනවිට, මම රැකියාව කරන තේ වත්තේ ෆැක්ටෙරිය හා කාර්‍යාල ගොඩනැගිල්ලද පෙනේ....


"තෝමස්....ජුඩ්... අර තියෙන්නේ මම් ජොබ් එක කරන තේ ෆැක්ටරිය....අර පහලින් පේන්නේ ඔෆිස් එක...."


"ශා...හරිම ලස්සන තැනකනේ ඔයාගෙ ඔෆිස් එක තියෙන්නේ.....ඔයා හරි වාසනාවන්තයි අයිරින් ...."


පයින් ගස් මායිමට සිටවා ඇති, කළු ගල් ඇතිරු පාර දිගේ වංගු පසු කරමින් ඇදි ගිය වාහනය , ලස්සනට මල් වවා මිදුල සකසා තිබු, කොල පාට තීන්ත ගෑ, කොට වහළයක් සහිත පරන තාලේ, ගෙයක් ලග වාහනය නැවත්විය.


අපි ගිය වාහනය එනවා දැක ගෙදර ඇතුලේ සිට සරමක් ඇදගත් දෙමළ පිරිමි කෙනෙක් විගහට ගෙයින් එළියට විත් කහට ගැසුනු දත් පෙන්නා, වහනය දෙස බලා සිනාසී ගෙනම ඉදී..... අපි හතර දෙනාම වාහනයෙන් එළියට බැස ගත්තේ, හිතට නැග හා සතුට කියා ගන්න බැරිවය......


අවට පරිසරයේ ඇත්තේ කියන්න බැරි තරම් සුන්දර වටපිටාවක් හා හොද කාළගුනයකි....... මේ වන විට හවස හතරත් පසුවි, ලාහිරු බැස යන මොහොතේ , ඈත කඳු මුදුන්වල සිට පහලට කඩා වැටි දසතම ගලා එන, යන මීදුම සමග තද සීතලක්ද අවට පැතිර ගොස් ඇත. ........


"එන්න එන්න සුදුනෝනා ඇතුලට ......ලොකු මහත්තයා කිව්වා නෝනලා අද ආවාහම හොදට සලකන්න කියලා ..."


කහට ගැසුනු දත් පෙන්නා ඔහු අහිංසක ලෙස කිව්වේ බාගෙට සිංහල හා දෙමලෙනි.....


"මේ නෝනලාගෙ බෑග් ටික ඇතුලට ගන්න පෙරුමාල්....."


වාහනේ ඩ්‍රයිවර් ඔහුව හොදට අදුනන ගානයි.....ඒ ඔවුන් එකම තේ වත්තේ වැඩ කරනා නිසා වන්නට ඇති.


කන්දෙ උඩ තිබුනු පැරණි පුංචි බංගලාව ඉදිරිපිට, කළු ගල් අල්ලා, ඉතිරියට සුදු වැලි දමා හදන ලද පුංච් මිදුලක් ඇත...ඒ මිදුල වටා ගල් බැමිවලින් කෙටි තාප්පයක්ද සාදා ඇත....ඊට පහළින් රණදේව සර්ගෙ මුළු තේ වතු යායත්, තේ කර්මාන්ත ශාලාවත්....ඔහුගෙ අලුත් බංගලාවත් පෙනේ..... මීදුම සුදුපාට වළා කුළු ලෙස තැන තැන පාවි යන ලස්සන .......


"හරිම ලස්සන තැනක්... අර ඈතින්, පල්ලෙහායින් පේන්නේ මම දැන් එනකොට ඔයගොල්ලන්ට පෙන්නු, මම වැඩක්කරන තේ වත්තේ ෆැක්ටෙරියයි, ඔෆිස් එකයි...ඒ දෙකම මේ ගේ දොරකඩ ඉන්න කොට පේන එකත් හොදයි ...."


"ඔයා ගොඩක් වාසනාවන්තයි අයිරින් මේ වගේ ලස්සන පැත්තක රස්සාවක් කරන්න ලැබුන එකත්...ටික කාලෙකට හරි අපටත් මේ වගේ පළාතක ඉන්න ලැබෙන එකත් කොච්චර ලොකු දෙයක්ද....."


"එන්න අපි ගේ ඇතුලට යමු. එළිය හරිම සීතලයි...."


පරණ බංගලාවේ , ඇතුලේ පරණ පුටු සෙට්, විසිතුරු බඩු , බිමට කාපට් ආදිය දමා තිබුනේ සුද්දා ගෙ කාලයේ ගාම්භීර බවකුත් ආරූඪ වය. අපට නිදාගන්න ලෑස්ති කර තිබු කාමර ඉතා පිරිසිදුවට පිළිවෙළට, බඩු අඩුවෙන් තියා සකසා ඇත. වෙන්නප්පුවේ අපේ මහ ගෙදරින් ආවට පසු, මම මෙවැනි ගේක නවතින්න ආවාමමයි සිතේ......මෙවැනි ගේක හැමදාම නෙමේ, ටික කාලයකට හරි නැවති ඉන්න ලැබෙන එකත් ලොකු වාසනාවකි...ගෙදර වැඩපල කරන්න පෙරුමාල් නම් දෙමළ සේවකයකුත් සිටීම, ඊටත් වඩා පුදුමයකි...


" සුදු නෝනා එන්න කෝපි බොන්න....ගෙදර වැඩ කරන පෙරුමාල් අපට තේ පෝච්චියක දමා තේ ගෙනත් ඇත්තේ බන්දේසියක් උඩ තබායි.......මේ උළුදු වඩේ මම හැදුවෙ නෝනා කන්න....."


"බොහොම,ස්තුතියි පෙරුමාල් ...."


මට අපේ වෙන්නප්පුවේ ගෙදර, කැබිනෙට්ටුවේ ඇති ග්‍රැනීගේ පිඟන් කෝප්ප සිහි විය.


"නෝනා මේ ගෙදර කාමර හතරක් තියෙනවා ඒවා ඔක්කොම අස්කරලා මම ඇද රෙදි එහෙම දාලා තියෙන්නේ...නෝනලා තේ බිලා වොශ් එකක් දාගෙන එන්න.....අද හවසට ලොකු මහත්තයා මෙහෙ එනවා කිව්වා....."


"හොදයි පෙරුමාල් ...මේ වඩේ හරිම රසයි ...බොහෝම ස්තුතියි මහන්සි උනාට...පෙරුමාල් මේ ගෙදර නැවතිලාමද ඉන්නේ....."


"නෑ නෝනා, මම ඉන්නෙ පල්ලෙහා අලුත් බංගලාවේ ....ලොකු මහත්තයා කිව්වා ටික දවසක් මෙහෙ ඇවිත් නැවතිලා ඉදලා නෝනලාට උදව් කරන්න කියලා ...මම මේ දැන් නෝනලාට රෑට කන්න කෑම හදන ගමන්...."


"එහෙනම් අපි ඇගපත හෝදගෙන එන්නම්...."


"හොදයි නෝනා බාත්රූම් වල උනුවතුර තියෙනවා ....."


"අය්යා ඔයා ජුඩ් එක්ක මේ කාමරේ ඉන්න.... මම රෝසි එක්ක අනෙක් කාමරේ ඉන්නම්......මම එහෙනම් නාගෙන එන්නම්... ..ඔයගොල්ලොත් වොශ් එකක් දාලා හොද ඇදුමක් දාගෙන ඉන්න.....රණදේව සර් හවසට මෙහෙ එනවා කිව්ව නිසා......"


මම විගහින් බාත්රූම් එකට ගොස් නාගෙන අලුත් ඇදුමක් දාගෙන එලියට ආවේ හරි සතුටින් ......අවට මුළු පරිසරයෙම ඇත්තේ පුදුමාකාර නිහඩ බවකි..... රෑවේගෙන එන වෙලාව නිසා හතර වටින් කදුයායම කළුවර වි ඇත.... අවුරුදු ගානකට පස්සේ සහෝදරයන් හමු උන සතුට.....අපි හතර දෙනාට එකට ඉන්න ගෙයක් ලැබීම.... කියා නිම කරන්න බැරිසතුටකින් මගේ හිත පිරි ගොස් ඇත .....

ජුඩ්ටයි තෝමස්ටයි මේ පලාතෙන්ම රස්සාවක් හොයාගන්න පුලුවන් උනොත්.....අපට හැමදාම සතුටින් එකට ඉන්න පුලුවන් වෙයි....


"නෝනා ලොකු මහත්තයා ඇවිත් ....."


"මම එන්නම් එළියට.....තෝමස් ,ජුඩ් රණදේව සර් ඇවිත්...ඔයගොල්ලෝ සර් එක්ක හොදට කතා කරන්න හොදද...එන්න එළියට ....."


අපි නැවති හිදින ගෙදර ලඟ නවත්වපු වාහනෙන් රණදේව සර් බැස ගෙයි වැරැන්ඩාවට ගොඩ උනේ, හවස වැඩ ඇරි ඔහුගෙ බංගලාවටද ගොස් එන ගමන් යැයි මට සිතේ......ඒ ඔහු ඇදන් හිටි තද නිල්පාට ඩෙනිම් කළිසමත්, සුදු ටී ශර්ටයත් නිසයි....ඔහු ඊට උඩින් ජිර්සියක් ඇද හිටියත් එහි බොත්තම් පියවා නැත. ඔහු ඇතුලට ඇඳ සිටින ටී ශර්ටය එයින් හොදින් පේනේ.....ඔළුවේ දමාගෙන සිටි කැප් තොප්පිය, ඔහුගෙ එක අතක වේ....


"ආ...ඩිලානි කොහොම කොළඹ ගමන...... අද ඩිලානි හරිම සතුටකින් ඉන්නෙ කියලා මූණ බැලුවහම පෙනවා........ඉතිං කෝ අය්යලා මල්ලිලා එහෙම ... ...?


"ඒ ගොල්ලෝ දැන් එයි සර්...සර්ට ගොඩක් ස්තුතියි මට කොළඹ යන්න වාහනයක් ලෑස්ති කරලා දීලා, අය්යලා මල්ලිලා මෙහෙට එක්කගෙන එන්න උදව් කලාට...."


"මම මට අමාරුවක් නැතුව කරලා දෙන්න පුලුවන් උදව්වක් තමයි ඩිලානිට කලේ...."


රණදේව සර් වැරැන්ඩාවේ පුටුවක වාඩිවි, ඈත තේ වතු යාය දිහා බලාගෙන මා සමග කතා කරයි. ....


"මේ ගෙදර හොදද ඩිලානි ..... මේක වහලා තියෙන නිසා ඩිලානිලාට නවතින්න දෙන්න කියලා මගෙ වයිෆ් කිව්වේ.....එයා පල්ලියේ මදර් තෙරේසාගෙන් ඔයාගෙ විස්තර අහගෙන....

ඉස්සර මේ තේ වත්ත අපි ගත්ත මුල් කාලේ, අපි හිටියේ මේ ගෙදර තමයි ....පස්සෙ තමයි අපි දැන් ඉන්න බංගලාව අලුතින් හදා ගත්තේ ....."


"ලොකු උදව්වක් සර් අපට කලේ...ගොඩක් ස්තුතියි සර්ටයි මැඩම්ටයි......"


"අය්යයි මල්ලියි කැමතිද මෙහෙට...?


"ඔව් සර්...අර එන්නේ ඒ දෙන්නා.....

තෝමස් ජූඩ් මේ රණදේව සර්....."


"ගොඩක් ස්තුතියි සර් මගෙ නංගිට රස්සාවක් දීලා කරපු උදව් වලට වගේම, අපට මෙහෙ නවතින්න ඉන්න දුන්නට.....


"දැන් තෝමස් , ජුඩ් කැමතිද මෙහෙ නැවතිලා රස්සාවක් එහෙම කරන්න ...?


"ඔව් සර්....අපිට රස්සාවක් හම්බ වෙනවා නම්, මේ පළාතේ නවතින්න අපි හරි කැමතියි ..."


"මම ජොබ් දෙකක් අය්යටයි මල්ලිටයි හොයලා දෙන්නම්....."


"ලොකු දෙයක් සර්...."


"අපේ තේ ෆැක්ටෙරියෙත්, තේ වතුවලත් වැඩ තියෙනවානේ... ඔය දෙන්නා මෙහෙ නැවතුනොත් ඩිලානිටයි නංගිටයි තනියකුත් නෑනේ . ..."


ඔව් සර්...


"එහෙනම් හෙට උදේ වරුවේ ඩිලානි එක්ක ඔය දෙන්නා අපේ ෆැක්ටෙරි එකට එන්නකො... ..අපි ජොබ් එකක් බලමු ඔය දෙන්නට...."


"බොහොම ස්තුතියි සර්..."


"පෙරුමාල් මේ නෝනලාට රෑ කෑම ලැස්තිද...?


"ඔව් මහත්තයා ..මහත්තයා ටත් කෑම කාලා යන්න පුලුවන් ...."


" නෑ....මට බංගලාවෙ කෑම තියෙනවා....මේ නෝනලාට කෑම ලෑස්ති කරලා දෙන්න....එහෙනම් කෑම මේසය ලෑස්ති කරනකම්....අර වයින් විදුරු දෙකක් ගේන්න මටයි මේ මහත්තයාලා දෙන්නටත්..... මම ටිකක් ඉදලා යනවා....කෝ අයිරින්ගෙ නංගි..."?


"එයා ටිකක් හාන්සි උනා මහන්සියි කියලා ....""


"නංගි O/Lකරලද ඉන්නේ...?


"ඔව්...සර්....ඒ උනාට එයා හොදට පාස් නෑ.... ....එයාට ටිකක් දවස් විවේක ගන්න ඇරලා පස්සෙ ජොබ් එකක් හොයලා දෙනවා සර්.....එතකම් මම වැඩට යන වෙලාවට, නංගිව කොන්වන්ට් එකට එක්ක ගිහිල්ලා සිස්ටර්ස්ලා එක්ක ටිකක් නිදහසෙ ඉදලා එන්න කියනවා...."


"එහෙනම් මම යන්නම් ඩිලානි ... ..හෙට අය්යයි මල්ලියි එක්ක ෆැක්ටෙරියට එන්න. ..අපි බලමු මේ දෙන්නට මොනවද දෙන්න පුලුවන් ජොබ් කියලා ...


"හොදයි... සර් ගොඩක් ස්තුතියි ...අපි වෙනුවෙන් කරන හැමදේකටම....."


බ්‍රහස්පතින්දා මගේ වයිෆ් දුවත් එක්ක ලංකාවට එනවා......මේ නත්තල් කාලේ නිසා අපේ ෆැක්ටෙරියේයි ඔෆිස් එකේ අයටයි, එන සෙනසුරාදා අපේ ගෙදර නත්තල් පාටිය........එදාට ඩිලානිත් අය්යලා මල්ලිලා එක්ක අපේ බංගලෝ එකේ පාටියට එන්න...."


"මට පාර්ටි වලට ගිහින් පුරුද්දක් නෑ සර්...."


"හා....හා...පුරුදු වෙන්නත් එක්ක එන්න.....එහෙනම් ඔයගොල්ලෝ රෑ කැම කන්න .....මම යනවා....මට අපේ බංගලො එකේ අප්පො කෑම හදලා ඇති...."


අපි හතර දෙනාටම නුවරඑලියේ නවතින්න කියා, රණදේව සර් කිව් පණිවිඩය, නැතහොත් තෝමස්ට, ජුඩ්ට ‍රස්සාවල් මෙහෙන් හොයලා දෙන්නම් කිව් සැනින් ඔවුන් එයට කැමති වීමත් මට පුදුම සිතේ.... කොහොම හරි ඔවුන් දෙදෙනා කැමති කරගෙන මෙහි සිටිම අපි හතර දෙනාගේම අනාගතයට හොද යැයි කිව යුතු නැත ....අපට නැවති ඉන්න තැනත් සර් ලෑස්ති කරලා දුන්න එකේ, ඉතිරි රැකියා කටයුතුද ඔහු කර දෙනු ඇතැයි සැකයක් නැත..... අපි හතර දෙනාට එකට, මෙහෙ සතුටින් ඉන්න ලැබෙන එකමත් කොයිතරම් නම් සතුටට කාරණයක්ද.....? ... කොළඹ කොන්ක්‍රීට් වනාන්තරේ තව දුරටත්, ජුඩ් හා තෝමස් මොකට ජීවත් වෙනවද කියා මට සිතේ....ඒ තරමට මම නුවරඑළියට ආදරය කරමි. ඒ වගේම ඔවුන්ගේද වාසනාවට මේ පළාතේ පදිංචියට එන්න ලැබීම කොයිතරම් නම් දෙයක්ද...?


"තෝමස් ,ජූඩ් ඔය දෙන්නත් ,මායි රෝසියි එක්ක නුවරඑළියේ ඉන්න එක අපේ ආරක්ශාවටත් හොදයි .....ඔයගොල්ලන්ට අපේ බොස් රස්සාවල් හොයලා දෙන්නම් කිව්ව වගේම, හොයලා දෙයි.....අපට වත්තෙන් නවතින්න ගෙයකුත් දුන්න නිසා අපට වියදමක් නැතුව ඉස්සරහ කාලේ හොදට ඉන්න පුළුවන් .......


" අපිත් හරි කමැතියි මෙහේ නවතින්න .....අපි මේ දැන් කොළඹ ඉදන් කරන රස්සා වලින් උනත් අපට ඒහෙමට හොද ආදායමක්, පඩියක් ලැබෙන්නෙ නැති එකේ.....නවතින්න තැනකුත් නිකන් ලැබුන් එකේ අපි මෙහෙ හතර දෙනා එක්ක හොදින් ඉමු.. .....


"ජූඩ් ඔයාට ඔයාගෙ ඩ්‍රයිවර් රස්සවට අමතරව වෙන මොනවද කරන්න පුලුවන් .....?


"මම ඉතිං හරියට ඉගෙන ගත්තේ නැති නිසා, ඒ රස්සාව තමයි ලේසියෙන් කරන්න පුලුවන් ....."


" එහෙනම් ඔයාට නුවරඑළිය අපේ ෆැක්ටෙරි එකේම, වාහන එලවන රස්සාවක් හොයා ගන්න පුලුවන් වෙයි...."


"මම කැමතියි අයිරින් ඕන රස්සාවක් කරන්න ...... ඔයගොල්ලෝ එක්ක එකට ඉන්න තියෙන එකම මට සතුටක්...."


"තෝමස්ට නම් ඔෆිස් එකේ උනත් රස්සාවක් කරන්න බැරියෑ....එයාට ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් එක ලොකු දෙයක් ...."


"එතකොට රෝසී...?


"එයාට ටික කාලයක් නිදහසේ ගෙදර ඉන්න දෙමු....තාම එයාට ඒ හැටි වයසක් නෑනේ...."


"නෝනා එන්න රෑට කෑම කන්න...මම කෑම මේසෙට ඇරියා....."


"බොහොම ස්තුතියි පෙරුමාල් ,අපි වෙනුවෙන් වෙන මහන්සියට...."


"මේක මගේ රස්සාවනේ නෝනා...."


-හෙට හමුවෙමු-

ප්‍රි*සිලා ගොඩහේවා*

6 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentarios


bottom of page