top of page
  • Writer's picturePrisila Godahewa

♨️අයිරින් ♨️ නොසැලෙන දියණි (43 වෙනි කොටස)

"කතාවෙන් කතාවෙන් රෝසි ඉන්න ළමා මඩම ලඟටම ආවා......මායි ජුඩුයි මෙහෙම මෙතන ඉන්නම් අයිරින්....ඔයා ඇතුලට ගිහින් බලන්න .....පිරිමි අපි ගිහාම මැඩම් සැක හිතන්න පුලුවන් ....ඔයා එයාගෙ නංගි කියලා ඔප්පු කරන්න පුලුවන් උප්පැන්න සහතික තියෙන ෆයිල් එකත් ඇරගෙන යන්න...."


"ඔව් ඔය දෙන්නා ඔහොම ඉන්න....මම ඔෆිස් එකට ගිහින් මැඩම් හම්බවෙලා එන්නම්......මදර් තෙරේසා මෙහෙට කෝල් කරලා, රෝසිව මෙතනින් මට භාර දෙන්න කියලා දීපු ලියුමත් තියෙනවා ....මගේ උප්පැන්න සහතික එහෙම තියෙන නිසා, රෝසිගෙ අක්කා කියලා ඒගොල්ලන්ට මාව අදුනගන්න ලේසි වෙයි.....දැන් තෝමස් අපට රෝසිව අදම මේ මඩමෙන් එක්ක යන්න බෑනේ....අපිට කුළියට නවතින්න තැනක් හොයාගෙන නේද රෝසිව මෙහෙන් අපි එක්ක යන්න ඕනේ... "


"ඔව් අයිරින් ....මම අදුනන ඇන්ටි කෙනෙක්ගෙ ගෙදර කාමරයක් කුළියට දෙන්න තිබුනා,මම ඒ ඇන්ටිගෙන් අද ගිහින් ඒක අහල බලන්නම්......හෙට හරි අනිද්දා හරි අපි රෝසිව මඩමෙන් ගෙනියන්න එනවා කියලා මැඩම්ට කියන්න ..."


තෝමස් හා ජුඩ් කදානේ ළමා නිවාසේ ඉදිරිපිට වාහනය නවත්වගෙන ඉදිද්දී.....මම කදානේ ළමා මඩමේ ගේට්ටුව ඇරගෙන එහි ඇතුලට ගියේ හිතේ දුක වේදනාව නැවත නැග එද්දියි.....මට මම බදුල්ලේ බාලිකා නිවාසයේ ගතකල කාලය නැවත මතක් වී භයෙන් මගේ පපුව ගැහෙන්න පටන් ගෙන තිබුනි....... විවිධ වයසවල ගැහැනු ළමයි මඩමේ.... එහෙ මෙහෙ ඇවිදමින් සෙල්ලම් කරමින් ඉදී......මට මගේ පුංච් කාලය සිහි වි ඇස් වලට කදුළු ඉනින... මම ළමා මඩමේ පාලිකාවගෙ කාර්‍යාලය සොයා ගොස් එයට ඇතුළු විය.


"ආ...එන්න එන්න. ....මේ මිස් වෙන්න ඇති අයිරින් කියන්නේ .... මට නුවරඑළිය කන්‍යාරාමයේ මදර් තෙරේසා කතා කරලා විස්තර කිව්වා.....රෝසිගෙ වයසත් හරි නිසා අපි එයාව, එයාගෙ භාර කාරෙක්ට භාර දෙන්න බලාගෙන හිටියේ..... ඔයා එයාගෙ වැඩුමහල් සහොදරිය කිව්වනේ..... ඔයා අදම රෝස්මරිව එක්ක යනවද...?


"නෑ මැඩම්..... මම හෙට හරි අනිද්දා හරි රෝසිව මෙහෙන් එක්ක යන්නම්......මට අද රෝසිව එක්ක ගිහින් තියාගන්න තැනක් නෑ.... මම මගේ අය්යයි මල්ලියි එක්ක කුළියට ගෙයක් හොයාගෙන ඊට පස්සෙ රෝසිව එක්ක යන්න හිතන් ඉන්නේ......."


"ආ ...?....මේ එන්නේ මරියා ......අපි මෙයාට මෙහෙදි ඒ නමෙන් කතා කලේ....ලේසියට.....

මෙයා රෝස්මරි නේ......ඔයගොල්ලෝ රෝස් කිව්වට අපි මෙයාට මරියා කිව්වේ....අපි දැනගෙන හිටියෙ නෑ මෙයාට ඔයා වගේ ලස්සන වැදගත් සහෝදරියක් හිටියා කියලා....ඔයා ඇයි මෙයාව බලන්න මෙච්චර කාලයක් මෙහෙ ආවේ නැත්තෙ.....?"


මගේ ලඟ කෙට්ටු අහිංසක පාට, තැති ගැනුනු ගැහැනු ළමයකු හිටගෙන ඉදී....අනේ මේ රෝසිද....මට අදුන ගන්නම බැරි තරමට රෝසි වෙනස් වි ඇත. පුංච් කාලේ මා දුටුව ලස්සන හැර ගිය, ඒ නහය කට පමනක් ඉතිරි වි රෝසි කෙට්ටු වි උස ගොස් ඇත. ඇයගේ මුහුනේ ඇත්තේ සැකය මිශ්‍ර තැති ගැන්මකී....ඇයට මාව අදුනගත නොහැකි ගානයි.....ඇය පුදුමයෙන් මා දෙස බලා හිදී....ඇයට මා සමග හිනාවෙන්න අමතක උනද ගානයි.....ඇයට මා දැක සතුටක්වත් දුකක් වත් කිසිම දෙයක් නොදැනුන ගානට මා දෙස බලා ඉදී....


"අනේ රෝසි ඔයාට මාව අදුන ගන්න බැරිද....? මම ඔයාගෙ අක්කා අයිරින් ......අපි ග්‍රැනී මමී ඩැඩි එක්ක වෙන්නප්පුවේ ගෙදර සතුටෙන් හිටිය හැටි ඔයාට මතකද.....තෝමස් ජුඩ්....ඔයාට මතකද.....ඒගොල්ලොත් ඔයාව බලන්න ඇවිත් ඉන්නේ....."


හිතා ගන්න බැරි තරමට රෝසි වෙනස් වි ඇත.... ඉතා කෙසග මූනේ අතපය වල තුවාල පැල්ලම් ඇතිව හිදී..... ඇගේ කොන්ඩය පොල් කෙස්සක් මෙන් ඝනකම් වි තඹ පාට ගැහි අපිළිවෙලට පිරා ඇත.....ඇය පරණ බාච්චු ආකාරයේ ගවුමක් ඇද හිදියි..

අහිංසක රෝසි..... අදුනගන්න බැරි තරමට වෙනස් වි ඇති හැටි දැක මට ඇතිවුනේ කියාගන්න බැරි දුකක්.....

මම ඇයව ආදරෙන් බදාගෙන සිප ගත්තේ ඉවසාගත නොහැකි ...දුකෙන් ඇඩෙද්දිය.


"අනේ රෝසි ඔයා...ඔයාට මේ මොකද වෙලා තියෙන්නේ ...අනේ දෙවියනේ ඇඟ හැම තැනම තුවාල කැලැල්.....ඒ මදිවට මුහුනේ නියපොතු පාරවල් ...ඔයාට ඇයි මෙහෙම උනේ.....ඔයාට මාව මතකද රෝසි ....පොඩි කාලේ මම ඔයා මගේ බෝනික්කි කියලා හිතාගෙන ඔයත් එක්ක සෙල්ලම් කලේ........ඔයා ඒ කාලේ ඒ තරමට ලස්සනයි ....ඒකයි මමී ඔයාට රෝසි කිව්වේ.... ."


" මට ඔයාව ටිකක් මතකයි ....මට මෙහෙ ඉන්න බෑ අයිරින් ......මාව කොහේ හරි එක්ක යන්න ...ඇයි මමී ඩැඩි අපිව මේ වගේ මඩම් වලට දාලා යන්න ගියේ.....අපට දුක් විදින්න ඇරියේ....අපේ ග්‍රැනී අපට කොච්චර ආදරෙන්ද හිටියේ... රෝසි අඩන්න පටන් ගත්තේය ...."


"රෝසි මට ඔයාව තවත් එක දවසක් වත් මෙතන තියන්න හිතෙන්නෙ නෑ..... අපි අදම මෙතනින් යමු රෝසි......එලියේ තෝමස් ජුඩ් ඇවිත් ඉන්නවා..අපි යමු....ඔයා ඔයාගෙ ඇදුම් ඇරන් එන්න..... මම ඔයගොල්ලන්ගෙ මැඩම්ට කියලා ඔයාව අදම එක්ක යනවා ..... එන්න අපි යමු.......මගෙ ඇඟ කේන්තියෙන් දුකෙන් ගැහේ.......මේ ළමා මඩම් වල දරුවන් මෙසේ රදවාගෙන මොවුන් මානසිකව හා ශාරිරිකව දෙන වද වේදනා ගැන මමත් දැනෙගෙන හිටිය නිසා, මට රෝසි ගැන දුක වගේම බ‍යක් ඇති විනි..... .මම නැවත මඩම ඇතුලට ගොස් ළමා මඩමේ පාලිකාව හමුවි ඇයට කතා කර රෝසිව මම අදම මේ මඩමෙන් රැගෙන යන බව පවසා එළියට ආවේ කේන්තියෙනි.


"මැඩම් මම නංගිව අදම මෙතනින් එක්ක යනවා.....ඒ ලමයා ගැන මට දුකයි.... "


"ඔයා මෙයාගෙ අක්ක කියලා ඔප්පු කරන්න ලියකියවිලි තියෙන නිසා ප්‍රශ්නයනයක් නෑ අදම එක්ක ගියත්......ඇය ඉතා දරදඩු පාලිකාවක් බව බැලු බැල්මට පෙනේ.....ඇගේ නපුරු අඩම්තේට්ටම් වලට යට වි රෝසි අවුරුදු දොළහකට වැඩි කාලයක් මෙතන ඉද ඇත. රෝසිගෙ ඇග ඇත පයේ මුහුනේ කැලල් වලින්, ඇය අකාරුණික පාළිකාවක් යටතේ හැදුන බව තේරුම් ගන්නට හැකිය......


"එහෙනම් අපි යනවා මැඩම් ....."


මම විගහට, වැඩි දේවල් කතා නොකර ,අවශ්‍ය ලියකියවිලි පෙන්වා, රෝසිත් ඇදගෙන ළමා මඩමේ ගේට්ටුවෙන් පිටවි එළියට ආවේ.... දුක වේදනාව ඉවසාගත නොහැකිව මගෙ හිත අඬා වැටෙව්දීය. .....අපි එයින් එළියට එද්දි.......ළමා මඩමේ ගේට්ටුවෙන් එළියෙ ඇති වාහනයේ සිටි තෝමස් හා ජූඩ් පැමින රෝසි බදා ගත්තේ....සතුටකින් හා ආදරයකිනි.... රෝසිගෙ වැඩිමහල් සහෝදර සහෝදරියන් උන අපට ඇය ගැන ඇතිවි තිබුන ලොකු කළකිරිමකී......


"අපි ඉක්මනට මෙතනින් යමු ජූඩ්.......ඒ මඩමේ මැඩම් නම් පුදුමාකාර තරම් දරදඩු නපුරු කෙනෙක් බව බැලු බැල්මට පෙනවා.......පව් රෝසි පහු ගිය අවුරුදු ගනනාවම හරියට දුක් විදලා වගේ....දැන් එයාගෙන් මුකුත් අහන්න එපා......අපි කොහේට හරු ගිහින් මොනව හරි දවාලෙට කමු......මගෙ හිත දැන් නම් සතුටෙන් පිරිලා තෝමස් ......අවුරුදු ගනනාවකට පස්සේනේ අපි හතර දෙනා මේ ආයෙත් හමු උනේ.....


"මගේ හිතත් සතුටෙන් පිරිලා අයිරින්... ...හරි එහෙනම් අපි කොහේට හරි ගිහින් දවල්ට කමු.......දැන් හවස දෙකත් පහු වෙලා....."


"මට නම් පොඩ්ඩක් වත් බඩගිනි නෑ....මගෙ හිත සතුටෙන් පිරිලා....කොච්චර කාලෙකට පස්සෙද අපි මේ වගේ එකට එකතු වෙලා ඉන්නේ....."


ජුඩ්ගෙ වාහනෙන්

අපි ටිකක් නිදහස් තැනක තිබුන රෙස්ටුරන්ට් එකක උඩ තට්ටුවකට ගොස් කෑම ඉල්ලුම් කර, අපේ පරණ විස්තර කතා කරන ගමන්ම ඉස්සරහ කාලේ කලයුතු දේවල් සාකච්ඡා කලෙමු.


"දැන් ඔයයි රෝසියි කොහේද අද රෑට ඉන්නේ .....? අපි ඉන්න බෝඩිම් වල, තැන් වල ඔය දෙන්නව අපට තියා ගන්න බෑනේ..."


"මට දවස් දෙකක් ,මදර් තෙරේසා අදුන්වලා දුන්න කොළඹ කොන්වන්ට් එකේ නවතින්න පුලුවන් වෙයි .....මම නුවරඑළියේ මදර්ට කෝල් එකක් දීලා, මේ විස්තරේ කියලා..... රෝසිව අද රෑට විතරක් මගේ ලග නවත්ත ගන්න අවසර ඉල්ලලා දෙන්න පුළුවන්ද අහන්නම්......"


"ඔව් අයිරින් ...ඒක හොදයි ....මම හෙට වෙනකොට මොකක් හරි පිළිවෙලක් කරන්නම් ඔය දෙන්නට නවතින්න..."


"දැන් අපි රෝසිව මඩමෙන් එළියට ගත්තා වගේ නෙමේ, අපට නවතින්න තැනකුත් හොයාගන්න වෙනවා....මට කොන්වන්ට් එකේ රෝසිව දිගටම තියාගන්නත් බෑ....නුවරඑළියේ ගියත්, රෝසිටයි මටයි නවතින්න බෝඩිමක් ඉක්මනට හොයාගන්න වෙනවා....දැන් අපි මොකද කරන්නේ තෝමස් ...."


"ඔයා නුවරඑළියේ කොන්වන්ට් එකේ මදර්

තෙරේසාට කතා කරලා බලන්න ...එයා ඔයාට උදව් කරයි....."

"මම වැඩ කරන නුවරඑළියේ ඔෆිස් එකේ සර් තමයි මට කොළඹ එන්න වාහනේ දුන්නේ......මට ඒ සර්ට කෝල් එකක් දීලා ඔයගොල්ලෝ හම්බුන කතාව කියලා....රෝසිත් දැන් අපි ළග ඉන්නෙ කියලා ...එයාගෙන් උදව්වක් ගන්න පුලුවන්ද බලන්නම්. .....ඒ සර් දන්න අය කොළඹ ඉන්න පුලුවන් ....අපට නවතින්න තැනක් හොයලා දෙන්න පුලුවන්ද කියලා මම අහන්නම්..... "


"එහෙනම් අපි කෑම කාලා ඉවර වෙලා, ඒ සර්ට කොල් එකක් දෙමු......"


"රෝසි ඔයා තවමත් බය වෙලා වගේ ඉන්නේ ඇයි...බලන්න ඔයාගෙ හැටි...? මට කියන්න...ඔයාට කන්න බොන්නවත් හරියට ලැබුනද මඩමෙදි....."


"කන්න ළැබුනා අයිරින්...... ඒ උනාට මැඩම් අපෙන් උදේ ඉදන් රෑ වෙනකම් කුස්සියේ, මඩමෙ පොඩි ළමයින්ගෙ වැඩ කරව ගන්නවා.....අපට හරියට වෙන්ස්කම් කරනවා...පොඩ්ඩ බැරු වෙනකොට අපට ගහනවා ....අද ඔයා ඇවිත් මාව මඩමෙන් එළියට ගෙනාපු එක, මගෙ හිතට පුදුම සැනසීමක් සතුටක් දැනෙන්නේ..... දැන් මම නිදහස්නේ....ඊටත් ඔයගොල්ලෝ එක්ක එකට ඉන්න ලැබෙනවා නම් ඒකත් ලොකු දෙයක්.....ඔයගොල්ලෝ එක්ක එකට ඉන්න කොට මට,අපේ පොඩි කාලේ මතක් වෙනවා අයිරින් ....අපිව වට කරගෙන ග්‍රැනී ලස්සන කතා කියපු හැටි, බත් කවපු හැටි පල්ලි ගිය හැටි මට තාමත් මතක් වෙන කොට ආසයි දුකයි....."


"හොදට කන්න රෝසි......අයිරින් .....මම අද බුරියානි ඔර්ඩර් කලේ අද විශේෂ දවසක් නිසා...."


" කෑම හරිම රසයි තෝමස් ....මම ගානේ.... ඩෙසර්ට්...., අපි වටලප්පන් කමු..."


"අපි අයිස්ක්‍රීම්මුත් කමු.....අයිස්ක්‍රීම් මම ගානේ...." ජුඩ් කීය.


"තෝමස් මට මේ කඩෙන් රණදේව සර්ට කෝල් එකක් ඇරන් දෙන්න පුළුවන්ද ...?


" ඔව්...එන්න අයිරින්.... අපි හවස් වෙන්න ඉස්සර ඒ සර්ට කතා කරලා බලමු......නැත්නම් අපි දැන් , ඔය දෙන්නට ඉන්න තැනක් හොයාගන්නත් වෙනවනේ...."


මම ඒ රෙස්ටුරන්ට් එක ලග තිබුනු දුරකථන පෙට්ටියක් ලගට, තෝමස් සමග ගොස් රනදේව සර්ට දුරකථන ඇමතුමක් ගත්තෙමි .


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා*

7 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page