top of page
Writer's picturePrisila Godahewa

♨️ අයිරීන්♨️ නොසැලෙන දියණි (14 වෙනි කොටස)


සුමාන තුනක පාසැල් නිවාඩු කාලෙන් පසු මම නැවත කන්‍යාරාමයට ගියේ ගෙදර අය ගැන කළකිරිමෙන්‍ මෙන්ම හොස්ටල් එකේ තව දුරටත් නැවති සිටින්න ආසාවෙනි..... ඒ තරමට මට ජුලියා ආන්ටි නිසා මුළු ගෙදරම එපාම වි තිබුනි. මට දුක මමීයි ජුඩ් හා රෝසි ගැනයි. ජුලියාගෙ වෙනස් කම් එක්ක ඔවුන්ට ඉන්න සිද්ද වෙලා තියෙන්නේ.... ඩැඩීට ජුලියාට වඩා වෙන කවුරුත් වටින්නේ නැතුව ගිහින් තිබුන නිසයි.


"හෙලෝ.....අයිරින් ..කොහොමද නිවාඩු කාලේ සතුටින් ගත කලාද....? මට නම් අද හොස්ටල් එකේ නවතින්න එන්න හිතුනෙම නෑ... අපේ අම්මා ඔයගොල්ලෝ ඔක්කොටම බෙදාගෙන කන්න කියලා රස කෑම ගොඩක් හදලා දුන්නා...ඔයා මොනවද අපට ගෙනාවේ..."


"අපේ මමීට සනිප නැති නිස, මොනවත් මට හදල දුන්නෙ නෑ...ඩැඩි මට මේ චොක්ලට් කේක් එක ඇරන් දුන්නා ගිහින් බෙදාගෙන කන්න කියලා එච්චරයි ..."


"ආ අපේ අච්චා නම් මට සීනි සම්බෝල , කලුදොදොල්, බිස්කට් කේක් එහෙම ගොඩක් ජාති ලෑස්ති කරලා දුන්නා...යාලුවො එක්ක තියාගෙන කන්න කියලා ..."


නිවාඩුවට ගෙදර ගිහින් ආව ළමයි හැමෝම එක එක කෑම ජාති අලුත් ඇදුම් පැලදුම් ඇරගෙන විත් ඇත. ඒත් මට ඒ කිසි දෙයක් නැත.....දැන් ගෙදර වියදම් සල්ලි, ඩැඩ් ජුලියාට දෙන නිසා, ඇය ඉතා අරපිරිමැස්මෙන් ගෙදර වියදම කරගෙන යන බව මමී කිව්වේ දුකෙනි....ගෙදර වියදම අඩුවෙන් ජූලියා කරගෙන යන එක ගැන ඩැඩි නම් ඉන්නේ සතුටිනි.. ...ඇය ඒ ගැන මමීටත් කියනවා මම අහගෙනය. එත් අපට ඉස්සර වගේ හොද අලුත් විශේෂ කෑම මොනවත් මේ නිවාඩු කාලේ නොලැබුනි.... ඩැඩිට ඒ ගැන ගානක් නැත. ඇයට ජුලියා මිස අපට වෙන අඩුපාඩු ගැන හැගුමක්, ගානක් තිබුනේම නැත.


අලුත් පාසැල, හොස්ටල් ජීවිතය වෙනදා වගේම ගෙවි යයි...මම දැන් මේ ජීවිතයට හොදටම පුරුදු වී හිදිමි.මම පුලුවන් තරම් හොදින් පාසැලේ ඉගෙනීමේ කටයුතු කරමින් හොදින් ඉගෙන ගන්න උත්සහ ගනිමින් ඉන්නෙමි. නැවත වතාවක් ගෙදර ගොස් මමී ජුඩ්,රෝසි බලා එන්නට ආස හිතුනත්, තව මාස දෙකකින් ලැබෙන අවුරුදු නිවාඩුවට මිස ඩැඩි මාව නැවත ගෙදර එක්ක නොයෙන බව මට තේරුම් ගොස් තිබුනි .


"මේ පාර ඔයා ගමේ යන්නෙ නැද්ද අයිරින් ....?


" යන්න ආසායි....අපේ ග්‍රැනී නැති වෙලා අවුරුද්දකුත් ලං වෙන්න එන්න ලඟයි... ..මේ මාසේ තමයි අපේ මමීට අලුත් බබා හම්බවෙන්නෙත්...ඒ නිසා මට ගෙදර යන්න ඔනේ ඒ උනාට ඩැඩි කවදා එයිද දන්නෙනෑ මාව එක්ක යන්න....."


හොස්ටල් එකේ නවතින්න ඇවිත් මාස හතක කාලයක් ගෙවී ගොස් ඇත. මම දැන් මෙහි දරුවන්, ගුරුවරුන් හැම කෙනෙක් එක්කම හොදින් යාළුවී නේවාසිකාගාරයට හා කන්‍යාරාමයට පුරුදු පුහුණු වී ඉන්නෙමි.


නේවාසිකාගාරයේ කුස්සියේ වැඩ කරන සීතා අම්මා දැන් මාත් එක්ක බොහෝ මිතුරු වි ඇත. සීතා අම්මා මට අනෙක් දරුවන්ට වඩා විශේශයක් දක්වන්න පටන් ගෙන ඇත. ඒ මම ඇයට ආදරෙන් කරුණාවෙන් කතා බහ කිරීම නිසා වන්නට ඇත. සීතා අම්මා දකින මොහොතක් පාසා මට ග්‍රැනී සිහිවේ....එබැවින් මම විවේක තියෙන වේලාවට ඇය හමුවන්න ගොස් ඇය සමග කතා කරන්නේ ග්‍රැනී සිහි කරගෙනය.


"අයිරින් බේබී එන්න, මම බේබිගෙ කොන්ඩේ තනියම ලස්සනට ගොතා ගන්න හැටි කියලා දෙන්න...."

ඇය විවේක වෙලාවට මගේ කොන්ඩය පීරා ලස්සනට තනියම ගොතා ගන්නා හැටි කියා දෙයි....ඉදහිට කුස්සියේ සිස්ටර්ස්ලාට, හදන විශේෂ කෑම වලින්, පොඩ්ඩක් හොරෙන් ඔතාගෙන විත් මට දෙන්නටද අමතක නොකරයි .....කොන්වන්ට් එකේ ඉස්සර සිදුවුන පරණ කතා,....ඇගේ ගමේ තොරතුරු , ලස්සන සුරංගනා කතාද ඇය මට වෙලාව ලැබෙන ලෙස කියා දෙයි.... මට ඇයගේ කරුණාව ගැන ඇත්තේ සතුටකී.


"මගේ දුවටත් ඉන්නවා අයිරින් බේබි වගේම දුවක්....ඒ වගේම මේ හොස්ටල් එකේ ඉන්න අනෙක් ළමයින්ට වඩා බේබි හරි කරුණාවයි...ඒකයි මම බේබිට ආදරේ..."


"සීතා අම්මත් හරියට අපේ ග්‍රැනී වගේ...මට ආදරෙන් සලකනවනේ....ඉතිං මමත් සීතා අම්මට හරි ආදරෙයි...."


"ඒ උනාට බේබී මේට්ට්‍රන් නෝනට පේන්න, වැඩිය මේ කුස්සිය පැත්තට එන්න එපා....දැක්කොත් මටත් බනියි..."


කෙසේ හෝ කොන්වන්ට් ජීවිතයට, මම හිතුවාට වඩා ඉක්මනින් පුරුදු වීමට ලැබීමත්, ගෙදර ඉන්නවාට වඩා මෙහි ඉන්නට මම කැමති වීමත් මගේ හිතට හොද විය.


කාලය එසේ ගෙවි යද්දී.... දිනක් මම පාසැලේ ඉගෙනීමේ කටයුතු කරමින් ඉදිදිද්....හොස්ටල් එකට, ලොකු ආන්ටි බැදලා ඉන්න සෑම් අංකල් මාව ගෙදර එක්ක යන්න ආවේ කළබලේමය. ඔහු ආවට පසු

" මැඩම් සුපීරියර්" මට ඔෆ්ස් එකට අඩගසා කිව් දෙයින් මගෙ හිත ගැස්සින.


"අයිරින් ඔයගොල්ලන්ගෙ ගෙදර කරදරයක් වෙලා,... ඔයාව ගෙදර එක්ක යන්න මේ අංකල් ඇවිත් ඉන්නේ.....මම මිස්ට සෑම්ට කිව්වා, ඔයාව අපි සිස්ටර් මේරී එක්ක ගෙදර එවන්නම් කියලා . ...."


"ඇයි අංකල් හදිස්සියක් කිව්වේ..."


"දන්නෑ අයිරින් මට ඔයාව ගෙදර එක්ක එන්න කියලා විතරයි ඩැඩි කිව්වේ...තෝමසුත් මම ගෙදර ගිහින් බැස්සුවා......."


"අයිරින් ඔයාට කොන්වන්ට් එකේ වාහනේ, සිස්ටර් මේරි එක්ක ගෙදර ගිහින් එන්න යන්න පුළුවන්.... "

මාව ගෙදර එක්ක යන්න ආව සෑම් අංකල් වේලාසන ගෙදර ගිය අතර, සිසිටර් මේරිත් මමත් අපේ ගෙදර ගියේ හොස්ටල් එකේ වාහනයෙනි.


සෑම් අංකල් මාව මේ හදිස්සියේ ගෙදර එක්ක යන්න ආවේ ඇයිද කියා මට ප්‍රශ්නයක් ඇත....ගෙදර කාට හරි කරදරයක්ද...? රෝසි , ජූඩ් මමී...අනේ මට බයයි ගෙදර කරදරයක්ද කියලා ...මගෙ හිත බයෙන් ගැහෙන්න පටන්ගෙන ඇත.


"කොන්වන්ට් එකේ නිළ රතය" අපේ ගෙදරට ලඟා වන විට ගෙදර ඉස්සරහා පොල් ගස් දෙකක් අතර ඇද තිබුන කළු කොඩිය දැක මගේ හිත ගැස්සුනි.


මීට මාස ගානකට උඩදි කලු කොඩියක් ගෙදර ඉස්සරහ පොල් ගස් දෙක අතර බැද තිබුනේ ග්‍රැනීගෙ මළගමදාය.... . මට එය සිහිවි හිතට දැනුනේ ලොකු බයකී. ගේ ඉදිරිපස කළු ඇදගත් මිනිසුන් පිරි ඉදිති.... ඒ අතර අපේ පරණ යාලුවො , අහල ,පහළ ගෙවල් වල අයත් සිටිම මට පුදුම හිතුන දෙයක් විය. මීට මාස නමයකට පමණ උඩදි ග්‍රැනිගෙ මළ ගෙදර එදා ඇවිත් හිටි අය අදත් සිටිමත්... ඔවුන්ගේ මුහුනු වල දුක සංතාපය පිරි තිබු අයුරුද මගේ හිතට ඇති කලේ පුදුමයකි...බයකී.

මම සිස්ටර් මේරි සමග කොන්වන්ට් එකේ වාහනයෙන් බිමට බැස, ගෙදර දෙසට යන විට ගෙදර මිදුලේ සිටි ගැහැනු හැමෝම මම දෙස බලන් හිටියේ අත් මුහුනේ ගසාගෙන දුකෙනි.


සිස්ටර් මේරි මගේ අතින් අල්ලාගෙන ගෙදර ඇතුලට ගියේ, කලු ඇදගත් මිනිසුන් හැමොම මා දෙස දුකින් බලා හිදියදිය.

ගෙදර ඇතුලේ, විශාල සාලය මැද තිබුනු පුටු සෙටිය ඉවත් කර එතන මැද ග්‍රැනී හිටියා වගේම මිනිපෙට්ටියක් තියා ඇත.... ඒ ලඟ තෝමස් දුකින් අඩමින් ඉන්නා හැටි පෙනේ....රෝසිව වඩාගෙන ලොකු මමී මීනි පෙට්ටිය ලග ඇඬු කදුලෙන් ඉදී.... ජූඩ් කකුල් දෙකෙන් ඉස්සි ඉස්සි මිනිපෙට්ටිය ඇතුල බලයි.... එතන ලඟ පුටුවක ඩැඩ් බිම බලාගෙන වාඩි වි හිදී......මගේ පපුව ඇතුලේ එකපාරට ලොකු ගලක් හිරවී පෙරළෙන ආකාරයක් දැනුනි.... පපුව පැලෙන්න තරම් රිදුමක් ඇති විය....ඒ සමගම මගේ මුවින් ලොකු ඉකියක් පිටවුනේ දරා ගත නොහැකි ලෙස දුකෙන්ය....මම සිස්ටර් මේරිගේ අත, අතහැර මිනිපෙට්ටිය ලගට දිව ගියේ....කවුද එහි නිදා ඉන්නේ කියා බැලිමටය. මම හිතුවා හරි.......ඒ එක්කම මම දුටු දෙයින් මගෙ හිත කඩා වැටුනාය.... මගේ මමී සුදු දිග ගවුමක් ඇද මල්පොකුරක් අතින් ගෙන මිනිපෙට්ටිය තුල නිදාගෙන ඉන්නා හැටි දැක.... මම සිහිනයක පාවෙනවා මෙන් දැනින..... ඒ සමගම මගේ හිතට දැනුන දුක වාවාගත නොහැකිව මගේ ඇස් නිලංකාර වෙනවා මට මතකය....


මාව වත්තන් කරගෙන සිසිටර් මේරි අසල පුටුවකින් වාඩි විය.

මට සිහිනෙන් මෙන් මළගෙදර ඇවිත් සිටි ගැහැනුන්ගෙ කතාබහ ඇසෙයි...

ටික වේලාවකට පසු මට සිහිය එනවිට මගේ වටේ සිස්ටර් මේරී, හා තව ගමේ ගැහැනු හතර පස් දෙනෙක් මගේ මුහුණ දිහා බලා ඉන්නවා මට පෙනින. ඔවුන්ගේ මුහුණුවල ඇත්තේ දැඩි කණගාටුවකි.

සිස්ටර් මේරිගෙ උකුලේ ඔළුව තියාන ඉන්න මට, මීට ටික වෙලාවකට කලින් සිහිනැතිවුන බව මතකය.... මට අපේ මමී මැරිලා කියලා හිතෙන්නෙ නෑ....අනේ අපේ මමි...ග්‍රැනී වගේම අප හැර ගිහින් නේද... ...අනේ මමි කවුද අපිව මීට පස්සේ බලාගන්නේ...අනේ මමි ඇයි ග්‍රැනී වගේ අපිව දාලා ගියේ මමි....මම ඉකිගසමින් නැවත අඩන්න පටන් ගත්තේ හිතේ ඇති දුක නිවෙනකම්‍ය.


"අයිරිනි එන්න නැගිටලා ...සිස්ටර් මේරි මාව වත්තන් කරගෙන මමීගෙ මීනි පෙට්ටිය ලගට ගියාය.

මමීගෙ මිනිපෙට්ටිය ලඟට ගිය මම නැවත ඒ තුලට එබි බැලීය. සුදු ගවුමක් ඇදගෙන මල් පොකුරක් අතේ තියාන ඉන්නා මමීගෙ ඇඟට හේත්තු කර කළු ගැසුනු චූටි නංගියෙක් සුදු ලොකු ගවුමක් ඇදන් ඉන්නවා පෙනේ..... ඇය ඉතාම පොඩි දරුවෙක්ද බව පෙනේ...ඇයට අන්දා තිබෙන දිග ගවුම, ග්‍රැනී විසින් රෝසිගෙ ක්‍රිස්නින් එකදා පල්ලියට අන්දාගෙන යන්න, මැසු සුදු ලේස් ගවුම බව මට සිහි විය.... වෙනදාට ලස්සන

මමීගේ සුදු මුහුණ අද කළුවි, ඇය අපහසුවෙන් නිදා ඉන්නා හැටියක් පෙනේ...ඇගේ මුහුණ දෙස බලාගෙන ඉන්දෙද්දී මගේ ඇස් වලින් කදුලු බිදු සට සට ගා බිමට වැටෙන්න පටන් ගත්තේ ග්‍රැනීගේ මළගම දවසේ වගේමය. ග්‍රැනී මළගිය පසු කවදාවත් අපට ආයෙත් ඇයව දකින්න, ඇගේ කඩහඩ ඇහෙන්න, ඇගේ ආදරේ විදින්න නොලැබුන හැටි, සිහිවි මට මගේ මමීත් එලෙස කවදාවත් ආයෙත් දකින්න නොලැබේ කියා සිති, නැවත කෑගසා අඬෙන්න විය. මගෙ ඇඬීමත් සමග ජූඩ් හා තෝමස්ද පැමින මාව බදාගෙන ඔවුන්ද අඩන්න පටන් ගත්තේය.


"අනේ අපරාදේ...හොද සිදේවි කැතරින් නෝනා.....ලොකු නෝනා නැතිවෙලා අවුරුද්දක් ගියේ නෑනේ.....පව් මේ ළමයින් ගැන තමයි අපට දුක.... ලොකු නෝනා හිටියනම් මේ ළමයි ටික ආදරේන් බලාගන්නවා...උන්දෑ වේලාසන නැති උනෙත් මේ ළමයිගෙ අවාසනාවටමයි......"


"අනේ දෙවියනේ කවුද දැන් මේ පොඩි ළමයි දෙන්නා බලාගන්නේ..."


"හොද වෙලාවට ලොකු ළමයි දෙන්නා හොස්ටල් වල නැවත්තුවේ..."


"ඇයි අර ළමයි බලාගන්න කියලා ඇවිත් ඉන්න කැතරින් නෝනගෙ යාළුවා.... ජුලියා නෝනා ළමයා දෙන්නා බලාගනි...."


"අපොයි ඔව්...අර ඉන්නේ ඒ උඩැක්කිය....ඔය කැතරින් නෝනට ඔය ගෑනි හරියට සැලකුවේ නෑ......විකී මහත්තයා එයාව ඕනෑවටත් වඩා උඩ දාගෙන හිටිය නිසා, ඒ දුකෙන් තමයි කැතිරින් නෝනා පහුගිය කාලේ හිටියේ...."


" අපි දන්න විදිහට නම් කැතරින් නෝනා දන්න කාලේ ඉදන් පපුවේ අමාරුවකින් හිටියේ....ඒකයි බර්ගර් ගෙදර ලොකු නෝනා, කැතරින් නෝනගෙන් ගෙදර වැඩවත් ගන්නෙ නැතුව හරි පරිස්සමට කැතරින් නෝනව බලාගත්තේ....දෙවියො දෙන දරුවො කිය කියා ලෙඩ තියාගෙන දරුවො හදන්න ගිහින් තමයි කැතරින් නෝනා ආන්ත්‍ර උනේ...."


"අපට ආරංච් උනේ නම් වෙන දෙයක් ...


"ඒක තමයි ....මටත් අර සක්කරවට්ටම සැකයි....අපට ඕවා කියන්න බෑනේ......


"විකී මහත්තයා කියලා තියෙනවානේ කැතරින් නෝනට කොහොමත් ඉස්සර ඉදන් පපුවේ අමාරුවක් තිබුනා කියලා ......ඒ නිසා කැතරින් නෝනා දරුවා හම්බවෙන්න ගිහින් නැතිවුනා කියලා තමයි ඉස්පිරිතාලෙන් මිනිය බාර දීලා තියෙන්නේ ...."


"අනේ මන්දා ඕවා...පව් මේ අසරණ ළමයින්ට අම්මයි ආච්චියි දෙන්නම නැති උනානේ...අනේ අනිච්චං ..."


"අන්නා පල්ලියේ ෆාදර්ස්ලා එනවා එනවා....මිනිය උස්සන්න වෙන්නැති හදන්නේ..."


- නැවත අඟහරුවාදා හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

1 view0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

留言


bottom of page