top of page
  • Writer's picturePrisila Godahewa

♨️අයිරීන්♨️ නොසැලෙන දියණි (12 වෙනි කොටස)


කන්‍යාරාමයේ නවතින්න ඇවිත් මාස දෙකක කාළයකට පසු මම ගෙදර ගිය පළවෙනි නිවාඩුව...., මම ගෙදර හිටි දවස් වලට වඩා ගෙදර එහෙන් පිටින්ම වෙනස් පෙනුමක් ගෙන තිබුනි. ජුලීයා ආන්ට් තනිකරම ගෙදර අනිත් පැත්ත පෙරලා බොහෝම හැඩ වැඩ කර තිබුනි. ඒ වෙනසට මගේ හිත ගියේ නිතැතින්මයි. මමීට නම් පස්වෙනි දරුවා හම්බවෙන්න බොහෝම ලං වී ඇති බව මට තේරුනි ...


"කොහොමද අයිරින්..හොස්ටල් එක මමී මම ගෙදර ගිය දින මාව තුරුල් කරගෙන මගේ ඔළුව අතගාන ගමන් ඇසිය..."


"හොදයි මමි හැම දෙයක්ම හරි පිලිවෙලට තියෙනවා, අපි කරන හැම වැඩක් ගැනම සිස්ටර්ස්ලා , මේට්ට්‍රන් බලාගෙන ඉන්නවා....පොඩ්ඩ බැරි උනොත් අපට බනිනවා ඒ වෙලාවට නම් ගෙදර හිටියනම් කියලත් හිතෙනවා...."


"ඒ උනාට අයිරින් ඒගොල්ලෝ හැමෝම ඔයගොල්ලන්ගෙ හොදටනේ වැරදි කරාම දඬුවම් දෙන්නේ....ඒ නිසා ඒගොල්ලෝ කියන විදිහට හොදට ඉන්න. අනේ මේ බලන්න අයිරින් ඔයාගෙ කොන්ඩෙත් දික්වෙලා...ඔයා තවත් ලස්සන වෙලා... ලොකු වෙලා...." මමී මගේ මුහුණ ආදරෙන් සිපගෙන මා තුරුලු කරගත්විට, රෝසි හා ජූඩ්ද පැමිණ මමීගෙ තුරුළට පැන ගත හ.


"මේ ජූඩ් රෝසි ඔයා නැතුව පාලුවෙ හිටියේ...දැන් ඉතිං ඔයා මාසයක් ගෙදර ඉන්න නිසා ඒ දෙන්නට සතුටුයි ..."


"මමී.... තෝමස් කවද්ද දැන් නිවාඩුවට ගෙදර එන්නේ...මට එයාව දකින්න ආසයි ..."


"ඔව් එයාටත් ඉස්කෝලේ නිවාඩු නිසා හෙට අනිද්දට ඩැඩි ගිහින් එක්ක එයි.."


"අපි තෝමස් ආපුවහම කොහේ හරි ට්‍රිප් එකක් යමුද මමි, ඉස්සර වගේ..."


" ඔව් මාත් ආසයි යන්න...තෝමස් ආපුවහම අපි ඩැඩීට කියලා ට්‍රිප් එකක් යන්න දාගමු....."


මාසෙක ඉස්කෝලේ නිවාඩු කාලය මම රෝසි ,ජුඩ් තෝමස් මමි ඩැඩි සමග ගත කලේ ලොකු සතුටකිනි. තෝමස් අය්යාත් නිවාඩු වට කොළඹ සිට ගෙදර ආව නිසා, මුළු ගෙදරම සතුටින් පිරි ගොස් තිබුනි. ...අපි හැමෝම සතුටින් සිටියාට අපේ ගෙදර වැඩට ඇවිත් හිට් ජුලියා ආන්ටි නම් ඉන්නෙ ඒ තරම් සතුටකින් නොවන බව පෙනෙ...ඇය අපි හැමෝටම කෑම උයා, ගෙවල් අස්කර, රෙදි සෝදා අස් කර දුන්නට ඒ සියල්ල කරන්නේ අකමැත්තෙන් බවද පෙනේ.... ඇය නිතර ජූඩ්ට හා, රෝසිට තරවටු කිරිම මගේ හිතට හරි නැත. මට මෙන්ම තෝමස්ටත් එය තේරි තිබුනි..... අවුරුදු දොළහක් වයස තෝමස් වරක් ජූලියා ආන්ටි, පොඩි වැරැද්දක් කට ජූඩ්ට තලපු වේලේ..... ජූලිය ආන්ටිට කෑගසා බැන්නේය...."


"ජූඩ් තවම පොඩියි ජූලියා ආන්ටි....එයාට මීට පස්සෙ එහෙම අත තියන්නෑ....අපේ මමී ඩැඩි කවදාවත් ඔය විදිහට ළමයින්ට ගැහුව්වෙ නෑ....මම ඩැඩිට කියනවා ඔයා ජූඩ්ට ගැහුව්වා කියලා හොදද...?


"කියලා බලන්නකො ඩැඩිට...ජුලියා සිනාසෙමින් තෝමස් ට කීය.


"ආන්ටි... ජූඩ් තාම පොඩියි එයාට ගහන්න එපා...මම ඩැඩිට කියනවා කියා නැවත තර්ජනයක් කලේය.


"ඩැඩි මට කියලා තියෙන්නේ වැරදි කලොත් ගහල බැනලා ළමයි හදලා ගන්න කියලා ..."


ජූලියා ආන්ට් පුංච් ජූඩ්ට රෝසිට මොනව කරත් මමී නොදැක්කා ලෙස ඉදී....මම් ඉස්සරට වඩා ජූලියා නිසා කනස්සල්ලෙන් සිටින බවද පෙනේ...ගෙදර සියලු වැඩ කරනා ජූලියා නිසා මවට පහසුවක් ඇති නිසා, මමී එසේ සිටිනවා වෙන්න ඇති කියා සිතේ.... ඇය ගෙදර ගියොත් නැවත ගෙදර වැඩ, තමන්ට කිරීමට වේ යැයි මමී සිතනවා ඇති. ඒ නිසා කරබාගෙන ජූලියාට අවශ්‍ය දෙයක් කරන්න ඉඩ ඇර ඇත.


ජූලියා ආන්ටි මොන වැරදි කලත් ඩැඩි නම් ඇයට මොනවටවත් වැරදි නොකියයි. ඒ විතරක් නෙමේ....ඩැඩී ජූලිය ආන්ටි සමග ඕනෑවටත් වඩා විහිලු තහලු කරමින් ඇය සමග ඕනෑවටත් වඩා කතා බහටත් යන බව පෙනෙන විට මට ඇතිවන්නේ ඩැඩි සමග කේන්තියකී. ඒ මදිවට ජූලියා ආන්ටි, ඩැඩි සමග කතා කරන කොට හුරතල් වෙමින් හිනහ වෙමින් ඇඹරි ඇඹරි කතා කිරීමත් මගේ හිතට අල්ලන්නේම නැත .


"ඩැඩි, මමීට වඩා ජූලියා ආන්ට් එක්ක තමයි දැන් වැඩිපුර කතා කරන්නේ...විහිලු කරන්නේ..... ඒ මදිවට ජූලියා ආන්ටිව ඩැඩි මාකට්ටුවටත් එක්ක යනවා, එයාගෙ කාර් එකේ.....ඉස්සර ග්‍රැනී ඉන්න කාලේ ග්‍රැනී මාර්කට් ගියෙ පයින් ඇවිදගෙන....කවදාවත් ඩැඩි ග්‍රැනීව කාර් එකේ මාර්කට් එක්ක ගියේ නෑ....ඒකට ජූලියා ආන්ට් කවදාවත් පයින් මාකට් යන්නෙ නෑ...එයාට ඕන ගමන් බිමන් ඔක්කොම යන්නේ ඩැඩි එක්කමයි...මට නම් ඩැඩී එක්ක හරි කේන්තියි එයා මමී ගැන බලන්නෙ නැතුව ජුලියා ආන්ටි එක්ක ඕනෑවටත් වඩා එකතුයි, කතා කරනවා හිනා වෙනවා. කොයි වෙලේ බැලුවත් ජූලියා කුස්සියේ වැඩක් කරන කොට ඩැඩිත් ඒකට රිංගලා එයා එක්ක කතාව.....මමී මේවා දන්නෙ නැද්ද මන්දා කොයි වෙලෙත් ඇගට අමාරුයි කියලා නිදී..."


"ඔව් තෝමස් මටත් එහෙමමයි හිතෙන්නේ.."


"මමී ගෙදර වැඩට අකමැති නිසා තමයි ඩැඩි ජූලියා ආන්ටිව මෙහෙට එක්ක ආවේ...එයා ආපු හින්දා තමයි එලිසා වැඩට එන එක නැවත්තුවේ....කොහොම හරි දැන් ජූලියා ආන්ටි ගෙදර අයිතිකාරයා වගේ එයාට ඕන විදිහට තමයි ගෙදර වැඩ ඔක්කොම කරන්නේ... ...මට නම් දැන් මේ ගෙදර ඉන්න ආසම නෑ...ඉස්සර ග්‍රැනී ඉන්න කොට අපට කොච්චර හොදට සැලකුවාද...ඒකට දැන් අපට ගානට මිම්මට ගෙදර කෑම දෙන්නෙත්....මමීට වත් හරියට කෑම දෙන්නෙ නෑ ජුලියා...දවසක් ඒක කියන්න ගිහින් මමි ඩැඩිගෙන් හොදටම බැනුම් අහගත්තා...ඩැඩි දැන් වැඩ කරන්නේ ජූලියාට ඕන විදිහට විතරයි .....එයා මමි ගැන හරියට බලන්නෙත් නෑ කියලා මට හිතෙන්නේ...."


"ඩැඩීට දැන් අපි එක්ක ගමනක් යන්න වත් උවමනාවක් නෑ.... නෑ...එයා හැම තුස්සෙම ජුලියා එක්ක මාකට් යනවා කියලා කාර් එකේ පැය ගනන් ගිහින් ඉදලා එනවා...බලන්න එපෑ ඒ වෙලාවට ජූලියා මගුල් ගෙදර යන්න වගේ ඩැඩිගෙ වාහනෙ නැගලා යන්නේ..."


"ඔව් මට හරි කේන්තියෙන් ඩැඩි එක්කත්....එයා මමි ගැන බලන්නෙ නැතුව ජූලියා එක්ක කෝලම් කරනවා....."


"ඔය ජූලියා ඉස්සර අපේ මමී එක්ක ඉස්කෝලේ ගිහින් තියෙනවලු නේද....ජුලියා මමීට ඉස්සෙල්ලා කසාද බැදලා ගමෙන් ගිහින් ඉදලා,....ඊට පස්සෙ ඒ බැදපු කෙනා ඩිවොස් කරලා ගමේ ඇවිත් ඉන්න කොට තමයි අපේ මමී මෙහෙ වැඩට ගෙන්න ගත්තේ.


"අපේ මමීත් කම්මැලි කමට ගෙදර ඉන්නව වැඩක් පලක් නොකර ....ඒ නිසානේ ඩැඩි ජුඩ්වයි, රෝසිවයි බලාගන්න ජුලියා එක්ක ආවේ..."


"අනේ මන්දා ජුලියා නිසා,ඩැඩි වෙනස් වෙලා,...මමීට අපට වෙනස් කම් කරනවා මට මමී ගැන දැන් හරි දුකයි..."


නිවාඩු කාලේ ඉවරවි නැවත කොන්වන්ට් එකට එන දිනේ මමී මාව බදාගෙන ඇඩුවේ ඇයි කියන්න මට නොතේරුනි... ජූලිය උයා දෙන දෙයක් කා දරු උපතකට සැරසෙන මමී ගැන මට ඇතිවි තිබුනෙ කියා ගන්න බැරි දුකකි.....මට වගේම තෝමස් උනත් මමී ගැන දුකෙන් ඉන්න බව මට තේරුම් ගොස් තිබුනි. ජුලියාට ඩැඩී ඕනැවට වඩා සලකාගෙන ඉන්නවා මිසක් මමී වත් අපි ගැනවත් හොයන්න ඩැඩිට දැන් වෙලාවක් නැති ගානය. ගෙදර ඉන්න වෙලාවට ඩැඩි කැමැත්තෙන් හිනා වෙවි කතා කරන්නෙ ජුලියා එක්ක පමණි. මමී හැම දේකටම කම්මැලි කමෙන් දුකෙන් දැන් කාමරයට වෙලාම ඉන්න පුරුදු වි ඇත්තේ ඇගේ ශාරීරික දුර්වලතා නිසාත් වන්නට ඇත. ග්‍රැනී නැතිවුනාට පසු අපි හැමොගෙම ජීවිත වෙනස් වි අසරණ උන බවක් පෙනේ.....ඩැඩි හා ජූලියා එයට මූලික හේතුව කියා දැන් නම් මට හිතේ..මට ඇය ගැන ඇති වන්නේ කේන්තියකි.


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

0 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page