top of page
  • Writer's picturePrisila Godahewa

♨️අයිරින් ♨️ නොසැලෙන දියණි (11 වන කොටස )


මම මුළින්ම නේවාසිකාගාරයේ නවතින්න ගියේ, බයෙන්, සැකෙන් දුකෙන් උනත්....වැඩි දවසක් නොයා මම ඒ ජීවිතයට හරි ඉක්මනට පුරුදු විය. ඒ වගේම ආසා කලාය. වැඩිපුර මුදල් ගෙවා ඩැඩී මාව ළමයින් තුන් දෙනෙක් පමනක් සිටින විශේෂ කාමරයක නැවත්වු නිසා, මටත් තනි කාමර වල සිටින අනෙක් දරුවන්ට මෙන් විශේෂ සැලකිල්ලක් මේට්ට්‍රන්ගෙන් ලැබේ.... කුස්සියේ සේවය කරන සීතා, ජේන්, කමලා නම් වැඩකරන තුන් දෙනාගෙන්ද අපට වැඩි සැලකිල්ලක් ලැබෙන්නේ එම නිසා වන්නට ඇත. ගෙවන කාමරවල සිටින දරුවන් බලන්න ඉදහිට එන ඔවුන්ගේ දෙමව්පියන්, කුස්සියේ වැඩ කරන අය අතේ සුලු මුදලක් තැබීම, තෑගි බෝග දීම, විශේෂ කෑම බීම ඔවුන්ටත් ගෙනත් දී යෑම නිසා, ඔවුන්ද විශේෂ කාමර වල සිටින දරුවන්ට විශේශයෙන් සලකති. ඔවුන් කෑම බෙදන වෙලාවට වැඩිපුර හොදි මාලුද , වැඩිපුර බිස්කට් එකක් රස කැවිල්ලක් අනෙක් අයට හොරෙන්ද දෙයි. නිතර පැමිණ අපේ දුකසැපද අසයි. ගෙවන කාමර වල සිටින ළමයින්ට එසෙ විශේෂ සැලකුම් ලැබෙද්දී.. ..අනෙක් පොදු ශාලාවේ එක දිගට ඇති ඇඳන් වල සිටින ළමයින්ට අඩු සැලකිල්ලක් ඇති බවත් බැලු බැල්මට පෙනේ...ඔවුන් සියල්ලන්ටම පොදු ලොකු නාන කාමරයද පාවිච්චි කරන්න වෙන්නේ පෝලිමේ සිටය. ඔවුන්ට තමන් ඉන්න ශාලාව දිනපතා බෙදී අතුගාන්නද වේ....ඊට අමතරව අපි හැමෝටම තමන් නිදන ඇඳේ රෙදි හරියට හදාතබන්න, ඇදුම් පිරිසිදු කරගන්න එක නම් අනිවාර්යයි.


කන්‍යාරාමය නොහොත් කොන්වන්ට් එකේ පාලනය තනිකරම ඇත්තේ මදර් සුපීරියර් අතෙයි. ඇය ඇදන් ඉන්නා සුදු ලෝගුව පැත්තකින් එල්ලෙන යතුරු කැරලි ගොන්නත්, පොඩි බෙල් එකත් වේවැලත් ඇය ලඟ නිතර තිබෙන දේ වේ... යතුරු කැරැලි ගොන්න අතර ඇත්තේ නේවාසිකාගාරයේත් විශේශ කාමර වලත්, ගබඩා කාමරය, පිගන් බඩු කාමරය, කාර්‍යාල කාමරය හා ඇගේ නිදන කාමරයේ යතුරු වේ. මදර් සුපීරියර් කොරිඩෝවේ ඈත එන විටම ඇගේ ලෝගුවේ පැත්තක එල්ලාගෙන ඉන්නා යතුරු කැරලි සද්දය ඈතටම ඇහේ.....ඒ සද්දය ඈතින් ඇහෙන කොටම දරුවන් සියලු අනවශ්‍ය වැඩ නතර කර, කෑකෝ ගැසීම නතරකර පොත්පත් අතට ගෙන පාඩම් කරන්න පටන්ගනී.... වැරදිලාවත් ඇයට අපව වැරදි වැඩක් කර අහු උනොත් ඇගෙන් සමාවක්ද නැත කියාද හැමෝම අසා ඇත.... අතේ අල්ලට ඇගේන් ලැබෙන වේවල් පාරට බය ලමයින් වැරදි වැඩ වලින් ඈත්වී සිටිමට වග බලා ගත්තත්.... වේවැල තිබුනට ඇය එය පාවිච්චි කරනවා දැකපු කවුරුත් නැති තරම්‍ය. ඇගේ මේ ගති ගුණ නිසා නේවාසිකාගාරයේ වගේම කන්‍යාරාමයේ දරුවන්ද බොහෝම හොද කිතුනු දරුවන් ලෙස හැඩ ගැහෙමින් හොද පුරුදු , හොද ගතිගුණ , හොද කතාබහා, ශීලාචාර, කම් සියල්ල කන්‍යාරාමයේ දරුවන්ට මදර් සුපීරියර්ගෙන්, සිස්ටර්ස්ලාගෙන් හා ගුරුවරුන්ගෙන් නොඅඩුව ලැබේ.


"ළමයින් එන සුමානේ ආරංභ වන ශුද්ධ වූ සතිය ගෙවා දැමිමට අපි හැමෝම පුලුවන් විදිහට සුදානම් විය යුතුයි ......


"මොකක්ද සිස්ටර් ශුද්ධවූ සතිය කියන්නේ...?


"ඔය ළමයි දැන් ලොකුයි....කිතුනු දරුවන් විදිහට ඕවා හරියට දැනගෙනම ඉන්න ඕනේ.... ශුද්ධවූ සතියේ ඇති විශේෂත්වය තමයි ළමයි ......

ක්‍රිස්තුන් වහන්සේගේ නිහතමානි මනුෂ්‍යත්වය, පුජකත්වය හා මහානුභාසම්පන්න දෙවිකත්වය ලොවට හෙළි කළ අමරණිය සතිය කියලයි අපි පිළිගන්නේ.....


ඒ වගේම තමයි ළමයි..... ගොඩක් කතෝලික අය වගේම කතෝලික නොවන අයත් හිතාගෙන ඉන්නේ නත්තල් මංගල්ල්‍යය එහෙමත් නැත්නම් ජේසු තුමාගේ උපත සිහි කරන එක තමයි කිතු බැතිමතුන්ගේ සුවිෂේශි ම දිනය කියලා.....ඒ කතාව වැරදියි..... ඒක හැමෝම දැනගන්න ඕන දෙයක්.... ශුද්ධවු සතිය ජේසු තුමාගෙ උපත වගේම කතෝලික අපට තවත් වැදගත්ම දිනයක්..... එයින් මහ බ්‍රහස්පතින්දා දිනය.....එකළ ජෙරුසලමේ නුවරට වැඩම කල ජේසුස් වහන්සේ තම ප්‍රාණය පුජා කිරීමට පෙර දින වූ මහා බ්‍රහස්පතින්දා තම ගෝලයන් සමග වලදන ලද අවසන් රාත්‍රී භෝජනය මෙම සතියේ පුජනිය වත්පිළිවෙත් වල ප්‍රධාන තැනක් ගන්නවා....

ඒ වගේම ශුද්ධවූ සතියේ වැදගත්ම දිනයක් වන මහා සිකුරාදා.... ජේසුස් වහන්සේ කපාල කදු මුදුනේ කුරුස ගසක තුන් පැයක් එල්ලී සිට තම ප්‍රාණය ලෝක සත්වයා වෙනුවෙන් පුජා කල දිනයයි..... එය මහා සිකුරාදා නමින් හදුන්වනබව ඔය ළමයි කවුරුත් දන්නවානේ.....ඒ කියන්නේ Good Friday නමින් හදුන්වන දිනය.... මෙදින කිතුනුවෝ තම ස්වාමින් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සහ මරණය සිහි කරමින් දුක්වෙමින් කාලය ගත කරනවා.... ඒ වගේම සමහරු එක්වරු ශිලයද රකිනවා.... සවස් භාගයේ දේවස්ථානයේ දුක්ප්‍රාප්ති මෙහෙයට සහභාගී වෙනවා..... ලෝකයේ බොහෝ රටවල් මෙදින නිවාඩු දිනයක් ලෙසද සමරනවා....

ඒ වගේම දරුවනේ.... අළු බදාදයින් පස්සේ එන සුවිශේෂී දිනය තමයි ගොක් ඉරිදා කියන්නේ.....

ගොක් ඉරිදා දවසට කිතුනු දේවස්ථානවල දිව්‍ය පූජාවන් පැවැත්වෙනවා....එදා ජෙරුසලමේ වැසියෝ පාවිච්චි කරපු ඔලිව් අතු වෙනුවට, ලංකාවේ මිනිසුන් ගොක් කොළ පාවිච්චි කරන නිසයි, මේ ඉරිදට ලංකාවේ කිතුනු බැතිමතුන් ගොක් ඉරිදා කියලා කියන්නේ..... එදාට බැතිමතුන් පූජාවට අරන් එන ගොක් කොළ ආශිර්වාද කරවනවා.... ඒ ගොක් කොළ අරන් ගිහින් කුරුස හදලා ගෙවල්වල උළුවස්සේ එල්ලන්නත් කිතුනුවන් අමතක කරන්නේ නෑ....ඒක ඔය ළමයින්ගෙ ගෙවල් වලත් කරන දෙයක් කියලා මම හිතනවා.....අන්න එහෙම එල්ලන ගොක් කුරුසවල අලු තමයි ඊලග අවුරුද්දේ අළු බදාදා දවසේ පියතුමා කතෝලිකයන්ගෙ නලලේ තවරනු ලබන්නේ.....


මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාවේ අවසානයක් නැති අතර, මහ සිකුරාදා හා ආලේලුයියා සෙනසුරාදා මෙහෙයේ ආරම්භයක් ද නැත. මෙම දින තුනේ එකම දිව්‍ය පූජාවක් පැවැත්වේ. එනම්, මහ බ්‍රහස්පතින්දා ඇරඹෙන දිව්‍ය පුජාව අවසන් වන්නේ ආලේලුයියා රාත්‍රී පූර්ව පාස්කු මෙහෙයය හෝ පාස්කු ඉරු දින දිව්‍ය පූජාව අවසන්වීම සමගය. අපේ කිතුනු දරුවන් මේ දේවල් දැනගෙන සිටීම හරි වැදගත් ....


පුංචි කාලයේ සිට ග්‍රැනීගෙන්, දැන ගත් කිතුදහමේ වැදගත් දේ වගේම නොදැනගත් දේ මට කන්‍යාරාමයේ නවතින්න ආපසු දැන ගන්නට ලැබුනි.


කන්‍යාරාමයේ ඉගෙන ගන්න පැමින නේවාසිකාගාරයේ නැවති ගතකල මාස දෙකක කාලය නිමවී...., පාසැල් නිවාඩු කාලය පැමිනීම නේවාසිකාගාරයේ ළමුන් සියල්ලට සතුටු දායක කාලයක් විය.... පාසැල් නිවාඩුව ආරංභයත් සමග ඩැඩි මාව ගෙදර එක්ක යන්න එනවයි කිව් දිනේට පෙර දිනයේ සිට මම ගෙදර යන්න බලා සිටියේ නොවිසිල්ලෙනි....මම මෙන්ම කන්‍යාරාමයේ දරුවන් සැමෝම නිවාඩුවට ගෙදර යන්න ආසාවෙන් ලෑස්ති වි හිදියි. අපි නැවත ගෙදර යන විට අපේ පාසැල් පොත් පත්ද රැගෙන යන්නැයි ගුරුවරුන් කීහ. ඒ පාසැලේ ගුරුවරුන් නිවාඩු කාලයට දුන් ගෙදර වැඩ කීරිමටත් පාඩම් වැඩකටයුතු අමතක වේ යැයි සිතායි.


"මට ඉවසිල්ලක් නෑ ගෙදර යනකම්...."


"ඔයාට වගේම තමයි මටත් ගෙදර යනකම් ඉවසිල්ලක් නෑ..."


"මට නම් ඉතිං ගෙදර යන්න විදිහක් නෑනේ...අපේ අම්මා අලුතින් බැදලා ඉන්න අංකල් කැමති නෑ මම ගෙදර එනවට...ඒ නිසා අපේ අම්ම අංකල් ට හොරෙන් ඇවිත් මාව බලලා යනව විතරයි මාව ගෙදර එක්ක යන්නේ දෙසැම්බර් නිවාඩුවට විතරයි ..."


"මට දුකයි සිල්වියා ඔයා ගැන... අපි මේ පාර ගෙදර ගිහින් එනකොට ඔයාට රස කෑම ගොඩක් ඇරගෙන එන්නම්කෝ...."


පාසැලේ නිවාඩු කාලයට රූබි නිලන්ති හා මම ගෙවල් බලා යන්න පෙරුම් පුරන්නේ බොහෝ ආසාවෙනි .


" මම ගෙදර එනකම් අපේ මමී එක එක ජාතියේ කෑම හදාගෙන බලාගෙන ඉන්නවා...


"ඇයි අපේ ඩැඩි තමයි වැඩියම කැමති මම ගෙදර එනවට..."


"අපි ගෙදර ගිහින් එනකොට සිල්වියා ට මොනව හරි රස කෑම හදාගෙන එමු නේද..."


"ඔයගොල්ලන්ගෙ ගම කොහේද අයිරින් ...?මටත් ආසයි ඔයගොල්ලන්ගෙ ගමේ යන්න...එතකොට ඔයගොල්ලෝ ශොපින් කරන්න යන්නේ කොහේටද ..?


"අපේ ගම වෙන්නප්පුවනේ... ඒ උනාට ....ගොඩක් වැදගත් වැඩ කර ගන්නට ග්‍රැනී හා ඩැඩි වැඩිපුර ගියේ මීගමුවටයි .... ග්‍රැනී කියන්නේ මීගමුව තමයි ලංකාවේ තිබෙන පුංචි රෝමය කියලා .... පැරණි කතෝලික පල්ලි මහ ගොඩක් මීගමුව හා අවට නගර වල තියෙනවා ....


"ඇයි අපට ටීචර් කියලා දුන්නේ... මීගමුව අවට නගර,

පුරාණයේ ඉදන් වෙළෙඳ අර්ථිකය පැතිර ගිය නගර කියලා..."


"ලන්දේසින්ගෙ කාළයේ ඔවුන් වෙළඳාමට මෙන්ම ආගමික කටයුතු සඳහා ද මුල් තැන ලබා දීලා තියෙන්නේ මීගමුවටලුනේ....."


"ඔයාට මතකද සිල්වියා අපට ටීචර් කියලා දුන්නේ....ඒකාලේ ලංකාවට පෘතුගීසින් ලන්දේසින්ගෙ පැමිනීමත් සමග කතෝලික ආගම් මේ මුහුදු කර මායිම් ප්‍රදේශ වල බිහි වුන බව.. ..... පෘතුගීසින් ලන්දේසින් මෙරටට පැමිනීමට පෙර ඉදන් මුහුදු බඩ ප්‍රදේශ වල ජීවත් උන අය කතෝලික ආගම් වැලද ගෙන ඇත්තේ ඔවුන්ට සුද්දන්ගෙන් ලැබුනු විවිධ ලාභ ප්‍රයෝජන, තානාන්තර නිසාලු.... එහෙනම් අපේ මුතුන්මිත්තන් ද ඒ විදිහට මේ කතොලික ආගම වැලද ගන්න ඇති නේද.......?

" එහෙම වෙන්න ඇති .....දැන් කවුද අයිරින් ඔයාව හොස්ටල් එකෙන් අද ගෙදර එක්ක යන්න එන්නේ...දැන් කවුද ඔයගොල්ලන්ගෙ ගෙදර ඉන්නේ..."


"මාව එක්ක යන්න නම් ඉතිං ඩැඩී තමයි එන්නේ.....හැබැයි අපේ ග්‍රැනී දැන් ගෙදර නැති නිසා මුළු ගෙදරම පාලු ඇති..... මමීයි රෝසියි ජුඩ්වයි තමයි මම බලන්න ආසාවෙන් ඉන්නේ..."


- හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

9 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page