top of page
  • Writer's picturePrisila Godahewa

♨️අයිරින් ඩිලානි ♨️ නොසැලෙන දියණි ( 58 වෙනි කොටස )


නුවරඑළියේ සිට කොළඹ ආ තෝමස් හා රෝසි සමග, ඔහුගේ වාහනයෙන්, අවුරුදු ගානකට මට මුණනොගැසුනු, සීතම්මා බලන්න යන්න ලැබීම, මට සතුටක් වගේම, ඉන්පසු හිතට සැහැල්ලුවක් දැනින..... මම ඇය බලන්න යෑම මට වගේම සීතම්මාටද විශාල සතුටක් විය. මට පුලුවන් වෙලාවට නැවත ගොස් ඇයගේ දුකසැප බලා ඒමට මම සිතට ගත්තෙමි.


සීතාම්මා කිව් ලෙස, මාව නුවරඑළියේ කන්‍යාරාමයට භාර දුන්නේ, සිස්ටර් මේරි බව ඇය කිව් කතාව, මට මදර් තෙරේසාගෙන් අසනකම් ඉවසිල්ලක් නොවිය..... හේතුව මම බදුල්ලේ බාලිකා නිවාසයෙන් පැන යන කාලය වන විට, සිස්ටර් මේරි ,ආන්ත්‍ර වී සිටියා නම්, ඇය කෙසේද මාව නුවරඑළියේ කන්‍යාරාමයට සම්බන්ධ කරන්නෙ....?? එම හේතුව මගේ හිත දෙගිඩියාවෙන් පසු කල කාරනයක් විය. ඒ වගේම ඇයි ඇය මාව නුවරඑළියේ කන්‍යාරාමයට සම්බන්ධ කරන්න හේතුව ....???


අහම්බෙන් දිනක,බදුල්ලේ බාලිකා නිවාසයෙන් පැන ගොස්, කුසුමෙ නැන්දාගේ නුවරඑළියේ දුවගෙ ගෙදර හිටි මාව, නුවරඑළියේ කන්‍යාරාමයට භාර දුන්නේ , නුවරඑළියේ පොලීසියෙන් හා ළමා පරිවාස දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතුව බව පමනක්, මෙපමණ කාලයකට මම දැනන් සිටි කාරණයක් විය. මදර් තෙරේසාගෙන් ඒ කාරණාව දැනගන්න කම් මට ඉවසුමක් නොවිය. ඒ වගේම සිස්ටර් මේරිගේ තරුණ කාළයේ, පෙම්වතා වු මිස්ට රණදේවගේ පවුළ, මගේ ජීවිතයට දැන් සම්බන්ධ වී තිබීමත් මට, මේ වන විට තව ලිහා ගැනීමට ඇති ප්‍රෙරෙහෙලිකාවක්ය.


"ඩිලානි අද දවල් වෙනකොට මදර් තෙරේසා , අපේ ගෙදර එනවා කිව්වා ඩිල්ශාන් බලන්න යන්න ...එහෙනම් ඔයා අද දවල්ට ඩිල්ශාන් බලන්න මදර් තෙරේසා එක්ක හොස්පිටල් යන්න....මදර් ආවාම, විනිතාට කියලා ,දවල් කෑම ලෑස්ති කරලා දෙන්න .....මම දැන් එළියට යනවා, අද මට තව කරගන්න වැඩ වගයක් තියෙනවා ....මම අද හවස ඩිල්ශාන් බලන්න එන්නම් කියලා එයාට කියන්න ...."


"හොදයි ආන්ටි ..."


දහවල් දොළහ විතර වෙනකොට, මදර් තෙරේසා නුවරඑළියේ සිට කොළඹ ඇවිත් තිබුනේ, මිස්ට රණදේවගේ තේ වත්තේ වාහනයකිනි.


"මදර් අද උදේම නුවරඑළියෙන් එන්න ඇති නේද...?


"ඔව් අයිරින් ....අද උදේ පහට නුවරඑළියේන් ආවේ....ඩිල්ශාන් බලලා මට තව කොළඹ කොන්වන්ට් එකක සිස්ටර් කෙනෙක් හම්බවෙන්නත් යන්න තියෙනවා...."


"අපි එහෙනම් මොනව හරි දවල්ට කාලා ඉමු මදර්...."


"හොදයි....අයිරින් මාත් එක්ක ඩිල්ශාන් බලන්න හොස්පිටල් යන්න එයි කියලා, ලිලානී මැඩම් මට කිව්වා..."


"ඔව් මදර් ,අපි දවල්ට කෑම කාලා යමු. ....."


මිස්ට රණදේවලාගේ කොළඹ ගෙදර සේවකයින් දැන්, මමත් මේ ගෙදර කෙනෙක් ගානට ගෙන, මගේ උපදෙස් පිලි පදී..... ලිලානී ආන්ටි ,මට මේ නිවසේ සැහැල්ලුවෙන් හිදීමට සියලු වැඩ සලස්වා දී තිබීම පුදුමසහගතය. ඇය සේවකයින්ට මාව හදුන්වා දී ඇත්තේ මේ පවුලේ කෙනෙකු ගානටය. එබැවින් මෙහි සිටින සේවකයින්ගේද හොද හිත දිනාගෙන සිටිමට මම උත්සහ ගන්නෙමි.


" අයිරින් ,කොන්වන්ට් එකේ ඉදන්, මිස්ට රණදේවලාගෙ බංගලාවේ ගෙදර පදිංචියට ගියාට පස්සෙ අපිව අමතක කලා වගේ...."


"අනේ නෑ මදර්....දිගටම වැඩ තිබුනා....පහුගිය දවස් වල ජූඩ් ඇක්සිඩෙන්ට් උන නිසා මට වැඩ වැඩි උනා...වැඩට ගියෙත් නෑ සුමානයක් විතර.... ඊට පස්සෙ නේ ඩිල්ශාන් සර් අසනීප වෙලා, මට ලිලානී මැඩම් කොළඹ එන්න කිව්වේ..."


" දැන් අයිරින් හරි වෙනස්නේ....ගොඩක් ලස්සන වෙලා, ලස්සන ඇදුම් ඇදලා,... සුද්දියක් වගේ.....ඒ නිසා වෙන්න ඇති ලිලානී මැඩම් ඔයාට ඔච්චර කැමති ...."


"මදර් දන්නවනේ ....මම ඉස්සර සිස්ටර් කෙනෙක් වෙන්න ආසාවෙන් හිටිය කෙනෙක් කියලා ......අය්යලා මල්ලිලා නිසා තමයි මම ඒ අදහස අත් හැර ගත්තේ ... "


"ඔව්...මුළින්ම තිබුන අදහස නිසා තමයි මම ඔයාව අපේ කන්‍යාරාමයේ නවත්ත ගන්න කැමති උනේ....ඒත් පස්සෙ මට හිතුනා, ඔයාගෙ හිතේ තියෙන්නේ සහෝදරයන් හොයා ගන්න ආසාව කියලා, ඒකයි මම ඔයාට ඒකට උදව් කලේ....ඊට පස්සෙ මගේ ඉල්ලීමකට තමයි මිස්ට රණදේව ඔයාට රස්සාව දුන්නේ...., ඔයගොල්ලන්ට කුළියක් නැතුවම ඉන්න ගෙයක් දුන්නේ...."


"ඔව් මම ඒක දන්නවා මදර් ....මදර් නිසා තමයි මට මේ හැම දෙයක්ම හම්බ උනේ...ඊටත් වඩා, බදුල්ලේ බාලිකා නිවාසයේ හිටිය මට නුවරඑළියේ මේ කන්‍යාරාමයේ නවතින්න අවස්තාව ලැබුනෙත් මදර් නිසානේ....."


" ඔයාට අපේ කන්‍යාරාමයේ නවතින්න ලැබුනේ, මම නිසාම නෙමේ අයිරින්.... ,ඔයාට අපේ කන්‍යාරාමයේ නවතින්න අවස්තාව ලැබුනේ....?? ඔයාට මම මෙච්චර කාලේකට කිව්ව නැති කතාවක් කියන්නද...?


"ඒ මොකක්ද මදර්...."


"වෙන්නප්පුවේ ඉපදුන ඔයා, මීගමුවේ කොන්වන්ට් එකට ගිහින් එතනින් බදුල්ලේ බාලිකා නිවාසයට ගියෙත්,එතනින්අපේ කන්‍යාරාමයට ආවෙත් අහම්බෙන් නෙමේ..... වෙන කෙනෙක්ගෙ ඉල්ලීමකට.....නැතුව අපි අපේ කන්‍යාරාමයට ඔයා වගේ, ළමයි භාර ගන්නෙ නෑ......"


"ඒ කිව්වෙ මැඩම්....මට තේරුනේ නෑ...."


"ඔයා බදුල්ලේ බාලිකා නිවාසයෙන් පැනලා පොලිසියට භාර උනාට පස්සේ,.... ඔයාව මේ කන්‍යාරාමයට එව්වේ ඔයා හොදට දන්න කෙනෙක්ගෙ ඉල්ලිමකට.. ...."


"අනේ මට තේරෙන්නෙ නෑ මදර්....මාව මෙහෙට එව්වේ පොලීසිය හරහා පරිවාසෙන්නේ...."


"ඔව් ඒක හරි....බදුල්ලේ බාලිකා නිවාසේ මැඩම්ව පෝලීසියෙන් අත් අඩංගුවට ගත්තට පස්සේ, ළමා සුරැකුම් දෙපාර්තමේන්තුව හා පරිවාසෙන් ඒ නිවාසයේ ඉන්න ඔක්කොම ළමයින්ගෙ විස්තර ඇතුලත් "පර්සනල් ෆයිල්" චෙක් කරලා තිබුනා...., ඔයාගේ පර්සනල් ෆයිල් එකත් චෙක් කරනකොට තමයි ඒගොල්ලෝ දැකලා තිබුනේ, ඒකේ කාලයකට ඉස්සෙල්ලා කරලා තිබුන විශේෂ සඳහනක්......., ඒ ෆයිල් එකේ ලියලා තිබිලා, ඔයා අවුරුදු දහයේ ඉදන් කන්‍යාතුමියක් වීමේ බලාපොරොත්තුවෙන්, ආසාවෙන් ඉන්න බවත්, ඒ නිසා ඔයාව අවුරුදු දහඅට පිරුනට පස්සේ, නුවරඑළියේ, මන්දාරම් නුවර අපේ කන්‍යාරාමයට ඔයාව භාර දෙන්න කියලත් ....ඒ කෙනාගේ ඉල්ලීම අහක දාන්න බැරි කමට තමයි අපි ඔයාව අපේ කන්‍යාරාමයේ නවත්ත ගත්තේ....."


" ඒ කවුද මදර් එහෙම, මගේ ෆයිල් එකේ ලියලා තිබිලා තියෙන්නේ ...?


"කවුරු කියලද ඔයා හිතන්නේ ...?


"මට හිතා ගන්න බෑ මදර්...."


"ඔයාව මීගමුවේ කොන්වන්ට් එකෙන් බදුල්ල බාලිකා නිවාසයට එක්ක ගියේ කවුද...?


"මාව එක්ක ගියේ සිස්ටර් මේරි ....."


"ඔව්...සිස්ටර් මේරි ඔයාගෙ පර්සනල් ෆයිල් එකේ විශේශයෙන් එහෙම ලියලා ,ඔයාව සිස්ටර් කෙනෙක් කරන්න කියලා ,.... ඒ විතරත් නෙමේ, ඔයාව අපේ, මන්දාරම් නුවර කන්‍යාරාමයට භාර දෙන්නත් කියලා ...."


"අනේ දෙවියනේ ....සිස්ටර් මේරි ....මට අම්මා කෙනෙක් වගේ හිටිය කෙනා, මගේ දුක බෙදාගෙන මට ඉගෙන ගන්න , මගේ අනාගතය හදා ගන්න පාර පෙන්නු කෙනා....එයා කැමැත්තෙන් ඉදලා තියෙන්නේ මම සිස්ටර් කෙනෙක් වෙනවා දකින්නද...මදර්..?."


"සිස්ටර් මේරි හිටි හැටියේ අසනීප උනානේ....ඒ පාර එයා මීගමුවේ කොන්වන්ට් එකෙන් ඉල්ලලා අස්වෙලා අපේ නුවරඑළියේ කන්‍යාරාමයට ඇවිත් නැවතුනා....ඒ එනකොට එයාට හොදටම අසනීප වෙලා හිටියේ...ඔයාට කතා කරන්නවත්, පණිවිඩයක් අරින්නවත් එයාට සිහිය තිබුනේ නෑ....හැබැයි එයා කිව්වා, එයා මීගමුවෙන් එන්න ඉස්සර ඔයාට කතා කලා, බදුල්ලේ නිවාසෙට කතා කරාම එතන මේට්ට්‍රන් ඔයා එතන දැන් නැති කතාවක් කියනවා කියලා ......සිස්ටර් මේරිට ඔයාව බලන්න යන්නවත්, ඔයාට මොනවද උනේ කියලා හොයන්න පුලුවන් කමක්වත් තිබිලා නෑ, එයාගෙ අසනීපේ නිසා ....එයා හදිසියේ ආන්ත්‍ර වෙන්න මාස දෙකකට විතර ඉස්සර,..... කාලයක් එයාව ලඟින්ම ආශ්‍රය කරපු දෙන්නෙක්ට කතා කරන්න ඕනේ කිව්වා.....එහෙම කියලා , පිටරට හිටිය ලිලානී මැඩම්ට කතා කලා....හැබැයි ලිලානී මැඩම් හදිසි වැඩ වගයක් ඒ රටේ තියෙනවා කියලා ,මිස්ට රණදේවව තමයි ලංකාවට එව්වේ...., එයා ඒ දෙන්නට කතා කරපු ගමන් එයාව හම්බවෙන්න රට ඉදලා ආවේ මිස්ට රණදේව .....ඒ දෙන්නා ඉස්කෝලේ යන කාලේ ඉදන් යාළුවොලු......"


"මට මිස්ට රණදේව ඒ ගැන කිව්වා...."


"අපරාදේ කියන්න බෑ, මිස්ට රණදේවයි, ලිලානී මැඩම්මුයි ඊට පස්සෙ, අපේ මේ කන්‍යාරාමයට ගොඩක් සල්ලි වලින් උදව් කරන්න පටන් ගත්තා....."


"එතකොට මිස්ට රණදේවලා ඇයි මට උදව් කලේ...."?


"ඔයා මෙහේ නවතින්න ආවට පස්සෙ මම මිස්ට රණදේවට කිව්වා, ඔයාව අපේ කන්‍යාරාමයේ නවත්ත ගත්තේ සිස්ටර් මේරි නිසා කියලා ....ඔයාගෙ ෆයිල් එකේ මේරිගෙ අත් අකුරින් ලියලා තිබුන ඒවා මම පෙන්නුවා ......ඒ පාර තමයි මිස්ට රණදේව ඔයාට ගොඩක් උදව් කරන්න පටන් ගත්තේ...."


"මම මේවා දැනගෙන හිටියේ නෑනෙ මදර්...සිස්ටර් මේරි මට කොන්වන්ට් එකේ ඉන්න කාලේ ඇදුම් පැලදුම්, පොත් පත් පවා ඇරන් දීලා, මට ආදරෙන් සැලකුවා....අනේ පව් සිස්ටර් මේරි මැරෙන්න ඉස්සර මට ඉන්න තැනකුත් ලෑස්ති කරල දීලානේ ගිහින් තියෙන්නේ ....කොයිතරම් හොද කෙනෙක්ද...? ඒත් එයාගෙ ආසාව තිබිලා තියෙන්නේ මම සිස්ටර් කෙනෙක් වෙන එකටනේ....ඒක මම දැන් ඉශ්ට කරන්න ඕනද මදර්...?


"අයිරින් ලිලානී මැඩම් මේවා ඔක්කොම දන්නවා....ලිලානී මැඩම් නම් අහම්බෙන් තමයි , ඔයාව අදුනගත්තේ.....ඔයාගෙ ග්‍රැනීලා, මමීලව හොදට දන්න නිසා, තමයි එයා ඔයාට කැමති උනේ....ඔයාගෙ ග්‍රැනී එයාලට ගොඩක් උදව් කරලා තියෙනවලු ඉස්සර කාලේ....අයිරින් දන්නවද ලිලානී මැඩම් මට ඔයා ගැන කියලා තිබුන දේවල් ....


"නෑ මදර්.....මම මැඩම් ගෙ මුහුන බැලුවේ, ඒ මොනවාද කියා අසනා ලෙසයි...."


"ලිලානී මැඩම් ඔයගොල්ලන්ගෙ පවුලේ විස්තර ඔක්කොම දැනගෙනනේ ඔයාව හම්බවෙන්න ඔයගොල්ලන්ගෙ ගෙදර ආවේ ....ඒ එනකොටත් ලිලානී මැඩම්ගෙ හිතේ ඔයා ගැන වෙන අදහසක් ඇති වෙලා, මිස්ට රණදේවගේ අක්කගෙ පුතාට ඔයාව බන්දලා දෙන්න....... "


"ඔව් මදර් මම දන්නවා...."


" ඒ කියන්නේ.....ඔයාට ඩිල්ශාන් ඇක්සිඩෙන්ට් එකට ඉස්සර මොනව හරි යෝජනාවක් කරාද...?


"ම්ම්...ඔව් මැඩම් ...."


"ඔයා ඒකට මොනවද කිව්වේ.... ..?


" මට ඩිල්ශාන්ට ඒ ගැන මොනවත් තාම කියන්න බැරි උනා....ඒත් ඇක්සිඩෙන්ට් එකෙන් පස්සෙ මට හිතෙනවා ,මම එයාට ඉස්සරටත් වඩා දැන් ගොඩක් කැමතියි කියලා ....කොහොමත් එයා දැන් ඉන්න තත්ත්වය උඩ මම එයාව අමතක කරන්න කැමති නෑ.... , ලිලානී ආන්ටිලා මට කැමති නම්......මම එයාට අකමැත්තක් නෑ....මගේ අය්යා තෝමස් උනත් කිව්වා, දැන් මගේ කසාද බදින වයසත් හරි නිසා, ඒකට එයාගෙත් අකමැත්තක් නෑ කියලා ....."


"ඒ කියන්නෙ ඔයා ඒ යෝජනාවට කැමතියි ..."


"ඔව් මම දැන් ඩිල්ශාන් ඉන්න තත්ත්වය උඩ එයාට කොහොමත් කැමතියි මදර්. ....එයා වෙනුවෙන් මම ඕන උදව්වක් කරන්නත් කැමතියි .... එකම ප්‍රශ්නය ඩිල්ශාන්ගෙ අම්මා මට කැමති වෙයිද දන්නෙ නෑ....එයා හොද බුද්ධාගමේ කෙනෙක් නිසා..... මදර් කැමතිද මම බුද්ධාගමේ කෙනෙක් මැරි කරනවට...?"


"ඒක ඔයාගෙ කැමැත්ත නේ....ඒක මට ප්‍රශ්නයක් නෑ....."


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා*

4 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page