top of page
  • Writer's picturePrisila Godahewa

♨️අයිරින් ඩිලානි ♨️ නොසැලෙන දියණි (55 වෙනි කොටස)

ඩිල්ශාන්ව නුවරඑළියේ සිට, කොළඹ නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරිම සඳහා, ඔහුව ගෙනා ඇම්බියුලන්ස් රතයෙන්ම මට කොළඹට එන්න ලැබිනි.....ඔහු කොළඹට රැගෙනා ආ වහා, නවලෝක රෝහලට ඇතුලත් කරන වැඩකටයුතු සියල්ල ලිලානී ආන්ටි විසින් ලෑස්ති කර තිබුනි. ඔහුව නුවරඑළියේ සිට කොළඹ රෝහට ගෙනෙන මොහොතේ ලිලානී ආන්ටිද රෝහලට ඇවිත් සිටියාය. ඇය මා දැක මා ලඟට ඇවිත් කතා කරේ දැඩි දුකකිනි....නමුත් ඇයගේ ඇති ආත්ම ශක්තිය ගැන මට පුදුම සිතිනි.


"බලන්නකෝ ඩිලානි , මේ ළමයා කර ගත්ත දෙයක්....මේ ළමයට අපි කිව්වා, ඔය කඳුකරේ වාහන එළවන්න එපා කියලා ...කොහේද, කාලයක් පිටරට ඩ්‍රයිව් කරපු අයනේ..., ඒ වගේ අයට මේ ලංකාවේ, වාහන එළවන්න අමාරුයි කියලා තේරුම් ගත්තේ නෑනේ ...අනේ මන්දා....අපි තව සුමාන දෙකකින් රට යන්න හිටියේ....හොද වෙලාවට ලිහිණි දුව පෙරේදා ආපහු තනියම රටගියා එයාට "යුනි" එකේ වැඩ තියෙනවා කියලා .....කොහොමත් මේ ඩිල්ශාන් කරගත්ත වැඩේ නිසා, දැන් ඉතිං අපට දැන්ම රට යන්න හම්බවෙන්නෙ නෑ..... මමයි හස්බන්නුයි තව ටික දවසක් මෙහෙ ඉදලම යනවා කියලා හිතුවා .....මේ ළමයව දැන් තනියම දාලා යන්නත් බෑනේ....අද හවස ඩිල්ශාන්ගෙ අම්මත් කොළඹ එනවා කිව්වා.....ඩිල්ශාන්ගෙ අම්මත් ලෙඩ ගානේ ඉන්නේ....ඩිල්ශාන් කැමති නෑ නුවර අම්මා ලඟට ගිහින් ඉන්න....ඒ ළමයා පිටරට හැදුන ළමයනේ....ඒ නිසා අපි තව ටිකක් මෙහෙ ඉදලා ,ඩිල්ශාන්වත් ඇරගෙනම රට යන්න ඕනේ..... මේ ළමයා ඇක්සිඩෙන්ට් උනා කිව්වහම ඩිල්ශාන්ගෙ අම්මා හොදටම බය වෙලා.... ."


"ඔව් ඒක හොදයි ආන්ටි ....ඩිල්ශාන්ට ටිකක් සනීප වෙනකම්ම ඉදලම යන එක...."


"ඩිල්ශාන්ව හොස්පිටල් එකට ගෙනාපු ගමන්, ඔපරේෂන් එකකට ගන්න අපි මෙහේ ඩොක්ටර්ස්ලාට කතා කරලා තිබ්බේ......දැන් එයාව ඔපරේෂන් එකට ගනී.....එයාව දැන්ම වෝඩ් එකකට දාන එකක් නෑ......අපි ගෙදර ගිහින් වොශ් එකක් දාගෙන ආපහු හොස්පිටල් එමු ඩිලානි ....මම හස්බන්ඩ් ට කියලා කියලා එන්නම්..... හස්බන්ඩ් ඔපරේෂන් තියටර් එක ලඟ, අපිත් ඒ පැත්තට යමුද ?...."


"මට නම් යන්න හිතෙන්නේ නෑ ආන්ටි .... ඩිල්ශාන්ව වෝඩ් එකට ගේනකම්....ඇම්බියුලන්ස් එකේ එනකම් ඩිල්ශාන් එක වචනයක් කතා කලේ නෑ.....මට දුකේ බෑ.....හීනෙන් වගේ කෙදිරි ගගා ආවේ, එයාට නින්ද යන්න බෙහෙත් දිලා තියෙන්නේ කියලා, නර්ස් කිව්වා.. ...මම නුවරඑළියේ ඉදන් කොළඹට එනකම් දෙවියන්ට යාච්ඥා කර කර ආවේ, එයාට ඉක්මනට සනීප වෙන්න කියලා ...."


"ඩිල්ශාන්ට ඇක්සිඩෙන්ට් එකක් වෙලා කොළඹ ගෙනාවා කියලා මදර් තෙරේසට ආරංචි වෙලා, මට අද උදේ කෝල් කලා,..... හෙට අනිද්දා දිහාවට මදර් තෙරේසත් කොළඹ එනවා කිව්වා.... වෙන වැඩකට ඒන ගමන්, ඩිල්ශාන්වත් බලලා යන්න එන්නම් කිව්වේ.....ඔයත් කොළඹ ආව බව ආරංචි වෙලා ..."


"ආ...ඇත්තද...?


"අන්න හස්බන්ඩ් එනවා, අපි යමු ඒ පැත්තට ....අනේ ඇයි.... මේ....ඇයි.....නිශ්ශංක ඔයාගෙ ඇස්වල කඳුළු....?


"නිශ්ශංක ඇයි මේ....?


"අනේ ඩිලානි ...ඩිල්ශාන්ගේ කකුල ...###


"ඔව් ඇයි...මොකද ඩිල්ශාන්ට....ඩිල්ශාන්ගෙ කකුලට මොකද වෙලා තියෙන්නේ ....ඇයි ඔයා ඔච්චර දුකෙන්....??"


"එයාගෙ කකුලට හොදටම ඩැමේජ් වෙලා, දනිස්සට පහලින් කපන්න වෙයිලු. ....ඔපරේෂන් එක වෙලාවෙදිලු ඒක හරියට කියන්න පුලුවන් ....කෝකටත් මගෙන් අත්සනක් ගත්තා,.... ඔපරේෂන් එකට එයාව තියටර් එකට ගන්න ඉස්සර.....අනේ මගේ කොල්ලගෙ කකුල ලිලානි ...."

රණදේව සර් ඩිලානි ආන්ටිගෙ උරහිසේ ඔළුව තියාගත්තේ ඇස් දෙකේ කඳුළු පුරවගෙන බාගෙට අඬමින් .... ....මෙතරම් ශක්තිමත් , නොසැලෙන ගුණයෙන් හෙබි ඔහු ,ඩිල්ශාන් වෙනුවෙන් මානසිකව වැටි සිටින අයුරු දැක, මටද ඒ සමග ඉකි ගැසී හොදටම ඇඩුනි.....අනේ දෙවියනේ ...ඩිල්ශාන් ගේ කකුල කැපුවොත් .....?? එතරම් කඩවසම් ඔහුගෙ ජීවිතය ..... ඊයේ මාත් එක්ක කොච්චර සතුටින් කතා කරපු ඩිල්ශාන්ද අද මේලෙස අමාරු වෙලා ඉස්පිරිතාලේ......අනේ ඩිල්ශාන්ට උන දෙයක්....මේ නම් මගේ කරුමයක්ම තමයි ...මගේ අවාසනාව, ඒ රත්තරං මනුස්සයා පිටින් ගිහින් තියෙන හැටි....අනේ මම අදහන දෙවි කෙනෙක් ඉන්නවා නම් ඇයි මගේ හිතට සතුටක් ලබා නොදෙන්නේ....??මගෙ හිත සතුටින් බර වෙන එක නීමේශයක, ඇයි මේ විදිහට මට දඩුවම් කරන්නේ ...මාව අඩවන්නේ....මට කවදාවත් මගේ ජීවිතේ සතුටක් ලබන්න වාසනාවක් නැති කෙනෙක්ද....මට මං ගැනම ඇති වුනේ කියාගන්න බැරි තරම් කේන්තියක්....


"ඔයා අඩන්න එපා නිශ්ශංක ....අපි එයාව කොහේ හරි රටකට හරි එක්ක ගිහින් ඉක්මනට සනීප කර ගනිමු......පව් අහිංසක කොල්ලා, මම කියපු නිසයි ලංකාවට ආවේ..., එයාට එයාගෙ පාඩුවේ පිටරට ඉන්න දුන්න නම් ඉවරයි .....එත්.....

වෙන්න දෙයක් තියෙනවා නම්....ඒක කොහේ හිටියත් වෙනවා කියනවනේ....." ලිලානී ආන්ට් මිස්ට රණදේවට වඩා මානසික වශයෙන් ශක්තිමත් බවත්, ඇය ඔහුගේ දුකේදී ඔහුව සනසන්න හදන හැටිත් ගැන මට ඇති උනේ පුදුමයක්....වගේම සතුටක් .....ඩිල්ශාන් කියන්නේ, රණදේව සර්ගේ අක්කගෙ පුතානේ......ඔහුට ඒ නිසා, ලිලානී ආන්ටිට වඩා, දුක වැඩි ඇති....ඊටත් ඔහු ගැන වගකීම, ඩිල්ශාන්ගේ දෙමාපියන් භාර දීලා තියෙන්නේ ඔහුටනේ....ඒ නිසා මිස්ට රණදේව වැඩිපුර බයවෙලා ඉන්න හැඩයි..... රණදේව පොඩි කාලේ ඉදන් තමන්ගෙ ලඟ හැදුන වැඩුන දරුවා නිසා ,මොහු මෙතරම් දුක් වෙනවා ඇති ....ඊටත් වඩා පුතෙක් නැති රණදේව සර් ඩිල්ශාන්ට සලකන්නේ ඔහුගෙ පුතෙක් ලෙසමය....ඒ නිසා ඩිල්ශාන්ට උන දේ ගැන ඔහුට දුක වැඩි බව ඔහුගෙ මුහුණෙන් පෙනේ.....


"ඩිල්ශාන්ව දැන්ම අපට බලන්න බෑනේ නිශ්ශංක ......එයාගෙ ඔපරේෂන් එකෙන් පස්සෙ ඉන්ටෙන්සිව් කෙයාර් එකට එයාව දායි.......අපි ගෙදර ගිහින් ආපහු රෑ වෙලා හොස්පිටල් එමු....දැන් හොදටම හවස් උනානේ..... ඊයේ රෑ ඔයා නුවරඑළියේ ගිය ඇදුම් පිටින්මනේ මේ ඉන්නේ.....අපි ගෙදර ගිහින් වොශ් එකක් දාගෙන මොනව හරි කාලා ආපහු එමු....තව ටිකකින් ඩිල්ශාන්ගෙ අම්මත් කොළඹ අපේ ගෙදර එයි....."


"එහෙනම් යමු....ඩ්‍රයිවර් ඉන්නවා නේද...ඔයාගෙ වාහනේ...."

රණදේව සර් අසන්නේ ලිලානී ආන්ටිගෙන්..


"ඔව්....මගේ වාහනේ ඩ්‍රයිවර් ගෙනෙයි....මම එන්නම් ඔයාගෙ වාහනේ එලවගෙන, ඔයාට ගොඩක් මහන්සි පාටයි....." ලිලානී ආන්ට් රණදේව සර්ගෙ වාහනය එළවගෙන යන්න ලෑස්ති වෙන්නේ, ඔහු සිටින මානසික තත්ත්වය ගැන සිතයි..... මට ලිලානී ආන්ටි ගැන ලොකු පැහැදීමක් ඇති විය. ඇය ඇගේ සැමියා කරදරයෙන් සිටින මොහොතේ ,ඔහු වෙනුවෙන් ඉදිරිපත් වී ශක්තිමත්ව සිටිම ගැන.....


ලිලානී මැඩම්, මිස්ට රණදේවගෙ අතින් අල්ලගෙන ඔහුගෙ වාහනය වෙත ගියේ ඔහු ගැන ලොකු දුකකින් වගෙම ආදරයකිනි.....මොවුන් දෙදෙනා එකිනෙකාට ආදරෙන් ඉන්නා හැටි දැක මට ඇති වුනේ සතුටක්....


අනේ ඩිල්ශාන් එයාට කරදරයක් වෙයිද....අනේ එයාගෙ කකුල කැපුවොත් , කොහොමද එයා වෙනදා වගේ එයාගෙ වැඩ ගමන් බිමන් කර ගන්නේ ...මට ඇතිවුනේ කියා,ගන්න බැරි තරම් වේදනාවක්.....තවමත් සැරෙන් සැරේට මගේ දෙනෙතින් කඳුළු බේරේ....මගේ ඇඩීම, මගේ කඳුළු ලීලානි ආන්ටිටවත් රණදේව සර්ටවත් ප්‍රශ්නයක් නැත....ඔවුනුත් ඩිල්ශාන් වෙනුවෙන් දුක් වෙමින් කඳුලු සලන නිසා....


අපි නවලෝක රෝහලේ සිට රණදේව සර්ගෙ බත්තරමුල්ලේ ගෙදරට ආවෙමු..... එය ඉතා විශාල නවීන පන්නයට සෑදු අලුත් බඩු භාන්ඩ වලින් සමන්විත ලස්සන ගෙයක් වේ....එම ගෙදර වැඩටද සේවකයින් දෙදෙනෙකු හිදී.....


අපි එහි යන විටත්, ඩිල්ශාන්ගෙ මව නුවර සිට එහි පැමිණ සිටියාය. ඇය ඉතා චාම් ඇදුමක් ඇදගෙන සිටින ගමේ කමට හැදුන කාන්තාවක් බව බැලු බැල්මට පෙනේ....ඇය බොහෝ දුකෙන් හිඳින බවද පෙනේ....


"අක්කා දැන්ද ආවේ...?


"ඔව් මල්ලි ....කොහොමද දැන් පුතාට...?


"දැන් ටිකක් හොදයි ...අපි ටිකක් රෑවෙලා ගිහින් බලමු...."


රණදේව සර් ,ඩිල්ශාන්ගෙ තත්ත්වය ඇයගෙන් වසංන් කර කතා කරයි.


"ඩිලානි ඔයා ඔය උඩ තියෙන ලිහිණිගෙ කාමරයට යන්න....එයා පෙරේදා රට ගියානේ....ආයි ඉතිං අවුරුද්දකට මෙහා ලංකාවට එන්නෙ නෑ....අපි බලකරලා එක්ක ආවොත් විතරයි ....එයාගෙ අල්මාරියේ තියෙන ඕන ඇදුමක් ඔයා ඇරගෙන අදින්න....ඔයා හෝදගෙන ඇදුමක් දාගෙන මොනව හරි කන්න එන්න ඩිලානි ...."


"මට බඩගිනි නෑ ආන්ටි ..."


"එහෙනම් නිශ්ශංක ඔයත් වොශ් එකක් දාගෙන එන්න, මොනව හරි දවල්ටත් එක්ක කන්න ...මම විනිතාට කියන්නම් කෑම මේසයට අරින්න කියලා ...."


"මට බඩගිනි නෑ ලිලානී ....මටත් කෑම එපා...."

රණදේව සර්, ලිලානී මැඩම්ට වඩා, ඩිල්ශාන්ට උන දේ වෙනුවෙන් දුක් වෙන බව පෙනේ....ඒ ඔහුගෙ වගකීම නිසයි.


"අක්කා දවල්ට කාලත් නැතුව ඇතිනේ...."


"නෑ නංගි...මේ විනිතා මම ආවට පස්සෙ, මට කෑම ලෑස්ති කරලා දුන්නා...මටත් ඩිල්ශාන් පුතා බලන්න යනකම් ඉවසිල්ලක් නෑ......

කවුද ලිලානී නංගි මේ සුදු ළමයා....? ඔයගොල්ලොත් එක්ක ලංකාවට ආව කෙනෙක්ද...?


"නෑ අක්කේ...මම අර කිව්වෙ, අපේ ඔෆිස් එකේ වැඩ කරනවා කියලා , ඩිලානි ...මෙයා තමයි ඩිල්ශාන් එක්ක ඇම්බියුලන්ස් එකේ නුවරඑළියේ ඉදන් ආවේ....මොකද ඊයේ රෑ හදිස්සියේ නුවරඑළියේ බංගලාවෙන් කෝල් කරලා, ඩිල්ශාන් ඇක්සිඩෙන්ට් උනා කිව්වහම ,නිශ්ශංක තනියම නේ නුවරඑළි ගියේ....වාහනේ ආපහු කොළඹට ගේන්න විදිහක් නැති නිසා නිශ්ශංක එයාගෙ වාහනේ ඇවිත්, ඩිලානිව ඩිල්ශාන් එක්ක කොළඹ එව්වේ තනියට ....."


"එහෙමද...ලස්සන, සීදේවි ගෑනු දරුවා....මාත් දකින්න ආසාවෙන් හිටියේ.... ඒ උනාට බලන්නකො අපි එකට හම්බවුන දවස, ....අනේ ඩිල්ශාන් පුතා දකිනකම් මට ඉවසිල්ලක් නෑ ලිලානී නංගි....."


ඩිල්ශාන්ගේ අම්මා ගමේ ගොඩේ විදිහට හැදුනු ගැමි කාන්තාවක් වීම වගේම,.... ඇය අහිංසක කාන්තාවක් බව පෙනේ.... ඇය ගමේ පාසැලේ, දරුවන්ට ඉගැන්වු ගුරුතුමියක් බව ඇයම මා සමග පැවසුවාය. ඇය දැන් විශ්‍රාමික සුවයෙන් පසුවේ. ඇයගේ වැඩිමහල් දුව හා පුතා, මිස්ට රණදේවලා සිටින නිව්සීලන්ඩ් වල පදිංචි බව මම මීට ඉස්සර දැන සිටියෙමි. ඒ ඩිල්ශාන් කියා තිබු බැවින්....ඩිල්ශාන්ගෙ පියා දැනට අවුරුදු තුන හතරකට පෙර මිය ගිය වගත් ඩිල්ශාන් මට කියා තිබුනි. ඩිල්ශාන්ට ඇගේ මවගේ ගැමි පෙනුම නොලැබෙන්න ඇත්තේ, ඔහු පොඩිකාලේ සිට, පිටරට පන්නෙට හැදුනු තරුණයකු නිසා වන්නට ඇත.

මට නවතින්න කියා, ලිලානී ආන්ටි දුන් කාමරය ,ඇයගේ එකම දියනිය වන ලිහිනිගෙ කාමරය වේ....ඇය නිතර ලංකාවට නොආවත් , ඇයගේ රෝස පාට කාමරය ඉතා පිරිසිදුවට, රෝස පාට ඇද රෙදි, ජනේල් රෙදි දම සරසා ඇත. බිත්තියට අල්ලා සකසා තිබු ඇගේ දිග අල්මාරිය උඩ විවිධ පාට, වර්ග වල බෝනික්කෝ හා ටෙඩිබෙයාර්ස්ලා තබා ඇත. මෙවැනි ලස්සන කාමරයකට මම ආවාම යැයි මට සිතේ...ඩිලානි ආන්ටි කිවේ, ඇගපත සෝදා ඇගේ අල්මාරියෙන් කැමති ඇදුමක් ඇරගෙන මට අදින්න කියායි....මම ඇගේ නාන කාමරයට ගොස්, නාගෙන ඇගේ අල්මාරියෙන් මට ගැලපෙන ඇදුමක් ඇදගෙන ලෑස්ති උනේ, පුලුවන් ඉක්මනට ඩිල්ශාන් බැලීමට යෑමට නොවිසිල්ලෙනි. මගේ හිත තවමත් ඩිල්ශාන් දැකගන්නකම් ඉවසුමක් නැත. ඔපරේෂන් එකේදි ඔහුගෙ කකුල කපන්න වේවි යැයි දොස්තරවරු අනුමාන කරපු විදිහට උනොත්....අනේ ඔහු කොහොමද ඉස්සරහ කාලේ ජීවිතයට මුහුණ දෙන්නේ....අනේ දෙවියනේ එහෙම දෙයක් වන්නට නම් එපා.....මම දෙවියන්ට නොනවත්වා යාච්ඥා කෙරුවෙමි .


*ප්‍රිසිලා ගොඩහේවා *

-හෙට හමුවෙමු -

2 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentarios


bottom of page