top of page
  • Writer's picturePrisila Godahewa

♨️අයිරින් ඩිලානි ♨️ නොසැලෙන දියණි ( 53 වෙනි කොටස )

දෙමව්පියන් ,නෑදෑයින්

සහෝදර සහෝදරියන් කිසිත් ලඟ නැතුව , ළමා මඩමක හැදුන වැඩුන මට,ඩිල්ශාන් වැනි කෙනෙක්ගෙන්, විවාහ යෝජනාවක් ලැබුනු එක අදහාගන්නට බැරි තරම් ලොකු පුදුමයක් විය....ඒ වගේම එය මගේ ලොකු වාසනාවක්ද කියා මට හිතේ.....මගේ බාළ , යොවුන් කාලේ, කොන්වන්ට් හා බාලිකා මඩමේ ගෙවුනු කාලේ..... මතක් වන හැම මොහොතකම මගෙ හිත, දුකෙන්, බයෙන්, අසරණ වේ.....අවුරුදු ගානක් පුරා, කාත් කවුරුත් දන්න කියන කිසි කෙනෙක් නැතුව, තනියම මඩමේ ගත කල කාලය අවසානයේ, මගේ එකම ආසාව බලාපොරොත්තුව ඉශ්ට කර ගැනිමට...., අමාරුවෙන් සහෝදරයන් සොයා ගිය ගමන....., අවසානයේ ඔවුන් තුන් දෙනා සොයාගෙන, ඔවුන් සමග එකම නවාතැනක, නොමිලේ නවාතැන් ගන්න ලැබුනු නිවස..... ,මගේ අධ්‍යාපනය සුදුසුකම් වලටත් වඩා හොද රැකියාවක් මට ලැබිම,...... අද මම මේ ගත කරන සැපවත් ජීවිතය ගැන කල්පනා කරද්දී .....මට මේ හැම දෙයක්ම ලබා දුන්, මිස්ට රණදේව හා ලිලානී මැඩම් ගැන මට ඇතිවන්නේ කියා ගත නොහැකි ගෞරවයක් හා භක්තිමත් හැඟීමකි....එවැනි හිතහොද , වටිනාකමක් ඇති ඔවුන්ගේ කැමැත්ත ඇතුව මට ඔවුන්ගෙ ඥාති පුතකු කසාද බන්දා දීමට යෝජනා කර තිබීම කෙතරම් නම් පුදුම සහගතද? ....ඒ ගැන මම කොයිතරම් නම් සතුටු විය යුතුද....කොයිතරම් නම් වාසනාවන්ත විය යුතුද.....අවුරුදු ගානක් පුරා මම විදි දුක්

වේදනා නැති කර මට නැගිටින්න ලැබුනු මේ ශක්තිය දහීර්ය....., දෙමාපියන් නැති උන දුක, තමන්ගෙ ගේදොර අහිමි වීමේ දුක,..... තව දුරටත් මගේ හිතේ ඇති දුක වේදනාව නැති කරගෙන, එය සතුටකට පරිවර්තනය කරන කලාව මම බොහෝ ඉක්මනින් උගත යුතු යැයි මට සිතේ.... රැයක්

දහවලක් නැතුව හඩා වැටුන මගේ හිත....දැන්වත් ශක්තිමත් කරගෙන නැගිට, කෙලිලොල් බාවය නිර්මානය කර ගනිමින්, මගේ ජීවිතය සතුටින් ගත කරලීමට නම්, මා දැන්ම නැගිටිය යුතුයි .....එයට කඩිනම් තීරණ ගත යුතුයි....

ලා හිරු සුවය විඳින්නට ලැබෙන මොහොතක, එයට මුවා වි නොසිට....ලාහිරු බැස යන්නට පෙර, එම සුවය, කඩිනමින් විදීම සදහා මම කඩිනම් විය යුතුයි........

අන්ත අසරණව දුක් විදි මට,...

ජීවිතය නුඹ මහා පුදුමාකාර ආශිර්වාදයක් වී මටත් මගේ සහෝදර සහෝදරින්ටද ජීවිතය දෙන්නට ආ නුඹ, කොයිතරම් නම් අපූරුද...?

ජීවිතය මෙතරම් ආශ්චර්‍යක් වනු ඇතැයි මම කිසිදා නොසිතුවෙමි..... .

ජීවිතය

නුඹ විටෙක දරදඬු මේඝ්‍යක් වි මට දුන් අන්ත අසරණ දඩුවම්....දැන් නිමා කර සරලව, සුන්දරව.....සිනා සෙමින් මට පාර කියා දෙන්නට එන ලස්සන.....පුදුමාකාරය. මේ සියලු දේට....මාහට ආශිර්වාද කරමින් මා දෙස බලා සිටිමින් මා වෙනුවෙන් සියලු දේ මට ලබා දෙන මා ආදර දෙවිදුනි.... ඔබට බොහොමත් ස්තුති වන්ත වේවා....!ඔබගේ කරුණාවෙන් මගේ ඉදිරි ජීවිතය වාසනාවන්ත වේවා......!මම දෑස් පියාන මාගේ ආදරනීය දෙවියන් වහන්සේ වෙනුවෙන් හිතින් යාච්ඥා කරන්නට විය.......


"ඩිලානි.....ඔන්න අපි කොන්වන්ට් එක ලඟටම ආවා.....ඔයා කොහේද ගිහින් හිටියේ.....? ඔයා ඇස් දෙකත් පියාගෙන, ලොකු කල්පනාවක හිටිය නිසා මම ඔයාට කතා කලේ නෑ... .... එහෙනම් ඔයා දැන් බැහැලා යන්න.... දැන් කළුවරත් වැටිගෙන එන්නේ..... මම ඉන්නම් ඔයාවයි නංගිවයි ගෙදරට ගිහින් බස්සන්න...."


"නෑ ඩිල්ශාන් ඔයා දැන් යන්න.මම නංගි එක්ක ඇවිදගෙන ගෙදර යන්නම්.....තැන්ක්ස් මාව ගෙනත් බැස්සුවාට...."


"ම්...ම්...නෑ ඩිලානි.....ඔයා කොන්වන්ට් එක ඇතුලට ගිහින්, ඔහොමම නංගිව අඬගහගෙන එන්න, මම මේ යන ගමන් ඔයාලව ගෙදර ගාවින් බස්ස ගෙන යන්නම්...."


"එහෙනම් ඔයා ඔහොම ඉන්නකෝ... මම ඉක්මනට රෝසිව අඬගහගෙන එනකම්...."

ඩිල්ශාන්ගෙ වාහනයෙන් බැස, මම පිනිපොද වැස්සෙම ,කන්‍යාරාමයේ දොරකඩට දුවගෙන යන විටත් , රෝසි ගෙදර යන්න බලන් ඉන්නා හැටි පෙනින....


"රෝසි එන්න අපි යමු ඩිල්ශාන් සර්ගෙ වාහනේම.....සර් කිව්වා වහින නිසා, අපිව ගෙදර ගාවින් බස්සන්නම් කියලා ...."


" ආ....එහෙනම් ශෝක්....මටත් සර්ගෙ වාහනේ යන්න පුලුවන් ........ඇයද ඔහුගෙ වාහනේ යන්නට කැමැත්තෙන්, විගහට දුව විත් ඩිල්ශාන්ගේ කාරයේ පිටුපස දොර හැරගෙන, එහි පිටුපස ආසනයට ගොඩ විය.


"හෙලෝ රෝසි...කොහොමද ?


"හොදයි සර්...."


"මට සර් කියන්න ඕනෙ නෑ.....මගෙ නම ඩිල්ශාන් ....මට අය්යා කිව්වත් කමක් නෑ .....ඔයාගෙ මුළු නමම මොකක්ද ? .... රෝසි විතරද තියෙන්නේ .....?


පිටුපස සීට් එකේ වාඩිවි සිටින රෝස් ගෙන් ඩිල්ශාන් ඉතා කාරුණිකව විහිළුවක් ලෙස ඇසීය.


"මගේ නම රෝස්මරී....මේගොල්ලෝ මට පොඩිකාලේ ඉදන් රෝසි කියලා කියන්නේ....ඒ නිසා දැන් හැමෝම මට කියන්නේ රෝසි කියලා .....මඩමේදි නම් මට මරියා කිව්වේ...."


" ඒ කියන්නේ, ඩිලානිට වගේම රෝසිටත් නම් දෙකක් තියෙනවා ..... රෝස්මරී කැමති නැද්ද ජොබ් එකක් කරන්න ....?


"කැමතියි...ඒ උනාට මේ අයිරින් කියන්නේ මට තව ටික කාලයක් කොන්වන්ට් එකට වෙලා ඉන්න කියලා ,ජොබ් එකක් කරන්න පස්සෙ පුළුවන්ලු. ..."


"මම මෙහෙම කරන්නද රෝස්මරි....අයිරින්ව ජොබ් එකෙන් අස්කරලා ඔයාව එයාගෙ පෝස්ට් එකට දාන්නද...?

ඩිල්ශාන් වාහනය එළවන ගමන් රෝසි සමඟ විහිලු කරයි. ඔහු කතා කරන විදිහ ගැන, මට ඇතිවන්නේ, ගෞරවයක් මුසු ආදරයකි..... මෙවැනි කාරුණික කෙනෙකු, මගෙ අනාගත සහකරු කරගන්නට ඇත්නම්, මම කෙතරම් නම් වාසනාවන්ත විය හැකිද ?


"අයිරින් කරන ඔෆිස් වැඩ මට කරන්න බෑන ඩිල්ශාන් අය්යා....."


"ඔයාට මොනවද කරන්න පුලුවන් ...."


"මට පොඩිළමයි බලාගෙන, ඒගොල්ලන්ට උගන්නන්නත් පුලුවන් ..."


"ශා...නියමයිනේ....එහෙනම් අපි රණදේව අංකල්ගෙන් අහමු, වත්තේ වැඩ කරන අයගේ ළමයි යන, මොන්ටිසෝරියේ පොඩි ළමයින් බලාගෙන, උගන්නන වැඩකට රෝසිව දාලා දෙන්න පුලුවන්ද කියලා ....රෝසි කැමතිද ඒකට...?


"අනේ ඔව්...මම හරි කැමතියි.... . මම කදානේ නිවාසෙ ඉන්න කාලේ පොඩි ලමයින්ව බලාගෙන ඒගොල්ලන්ට අකුරුත් ඉගැන්නුවා...මට පුලුවන් ඒ රස්සාව නම්....."


"හරි එහෙනම් මම අංකල්ට කියලා ඒ වැඩේ කරලා දෙන්නම්කෝ..."


ඩිල්ශාන්ගේ කතා බහ හරියට රණදේව සර්ගෙ වගේමයි, ඔහුගේ ගතිගුණද ඔහුට පිහිටා ඇති බවක් පෙනේ....ඒ ඔහු මිස්ට රණදේවගේ අක්කාගේ පුතා නිසා වන්නට ඇති..... හොද ගතිගුණ පරම්පරාවෙන් පරම්පරාවට ඇරගෙන යන හැටි...මට ඔහු ගැන සතුටක් දැනේ...මෙවැනි ගුණයහපත් කෙනෙකු හා විවාහ වන්නට ලැබෙනවා නම් මම කොපමණ නම් වාසනාවන්ත විය යුතුද.....?


ඇයි මම ඩිල්ශාන් , දැන් ටිකකට පෙර මට කල යෝජනාවට දැන්ම උත්තරයක් නොදෙන්නේ....? නෑ තෝමස්ටත් කියලා ,මදර් තෙරේසාටත් කියලම මම ඔහුට කැමැත්ත දෙනවා....කළබල විය යුතු නැත.


අද දවසම කඳුකරය වසාගෙන තිබු වැහි අඳුර සමග, හීන් පොද වැස්ස තාමත් යාන්තමට බිමට වැටේ.......අද දවසම හරියට නොදුටු , දවසම වැහි අඳුර යට නිදා සිටි, මළානික හිරු දැන්, යාන්තමට පෙනි නොපෙනි බස්නාහිර පැත්තෙන් හෙමිහිට බැස යන හැටි.....කොන්වන්ට් එකේ සිට,

තේ වත්තේ කඳු පාමුලෙන් ඉහළට දිව යන හීන් පටු, වල ගොඩැලි සහිත, වට වංගු පාරේ, අප යන වාහනය හෙමිහිට ඉහළට දැන් ඇදී යයි......උදේ සිට කඩා වැටුන වැහි වතුර, පාරේ දිය සීරාවක් ලෙස හෙමිහිට ගළා යයි...... පාරේ තැන තැන මඩ කඬිතිද සෑදී ඇත.... තවමත් බිමට වැටෙන හීන් වැහි පොද මැදින් ඩිල්ශාන් වාහනය පදවන්නේ බොහෝම හෙමිහිට, පරිස්සමට, බයෙන් වගෙයි......අවට මුළු පරිසරයම මිදුමෙන් හා වැහි අඳුරෙන් වැසිගොස් ඇත....


"ඔන්න ඔය ගොල්ලන්ගෙ ගේ ගාවටම ආවා....මම එහෙනම් යන්නම් ඩිලානි ...."


ඩිල්ශාන් අපේ ගෙදර ගාව ඔහුගෙ වාහනය නැවත්විය. එයින් බැස ගත් මම රෝසි, ගෙදර දොර අරිනකම් වාහනය ලඟ සිටගෙන ඩිල්ශාන්ට තේ බොන්නට ගෙට අඬ ගැසුවෙමි .


"ගෙට එනවද ඩිල්ශාන් ....තේ එකක් බීලා යන්න ...."


"ම්ම්ම්....නෑ මම දැන් යන්නම්....අංකල්ලත් අද ගෙදර නැති නිසා අප්පු මම එනකම් බලාගෙන ඇති ..... වැස්සේ මට මේ පාරවල් වල ඩ්‍රැයිව් කරන්න එපා කියලා අංකල් මට කියලා තියෙන එකේ, කරුවල වැටෙන්න ඉස්සර මම යන්නම්.....හීනි පටු පාරවල්නේ පරිස්සමට යන්න ඕනේ... ...එහෙනම් ඩිලානි මම අර කියපු දේට උත්තරයක් ඉක්මනට දෙන්න....යන්නම් හොදද... ඔහු සුන්දර ලෙස සිනාසී මට අතින් ෆ්ලයින් කිස් එකක් දුන්නේ රෝසිට නොපෙනෙන්නයි....මට එය දැක සතුටක් ඇතිවි, කටින් හිනාවක්ද පිට විය.


"හා...හා..හොදයි.. ..විකාර නැතුව පරිස්සමින්, පාරේ යන්න...අනම් මනම් ඔළුවේ තියාගෙන යන්නෙ නැතුව ....ඔය කන්දේ පාරවල් ලිස්සනවා, කරුවලේ පාර බලාගෙන යන්න .....ජේසු පිහිටයි...!


ඉර අවරට ගොස් මොහොතේ ,කදුකරයේනොපෙනෙන ගල් ගොඩැලි සහිත කෙටි පටු පාරේ යන ඔහු ගැන මගේ හිතට දැනුනේ බියකි.....මම හිතින් දෙවියන් යැද්දෙමි.....


සිය මෝටර් රථයෙන් ඔෆිස් එකේවැඩකරන කන්‍යාරාමයක, මඩමක හැදුන මාව හා රෝසිව දාගෙන එන්න තරම් ඔහු කාරුණික කෙනෙක් උන එක ගැන මට පුදුමය ...ඊටත් වඩා මෙවැනි කෙනෙක් වෙනුවෙන් ඔහුගේ හිත නැවති, ආදරය ඉල්ලන අයුරු ...., මට ආදරය කරන්න ,මාව විවාහ කර ගන්න ඔහු කැමති උන එක කොයිතරම් නම් ලොකු දෙයක්ද..? මම කොයිතරම් නම් වාසනාවන්තියක්ද...?.


""ග්රාස්......බ්‍රරාස්.........


ඩිල්ශාන් ගිය පාර පැත්තෙන් ඇසුනු විශාල සද්දය.....අනේ මගෙ පපුව.....එය ගැහෙන්න ගත්ත වේගය.....ඒ ඔහුගෙ වාහනයේ සද්දයද..?අනේ මගේ පපුව පැලෙන්න තරම් වේගයෙන් එය ගැහෙන්න පටන් ගත් විගස....මගේ දෙනෙතින් කඳුළු පැන්නේ නිමේශයකින් ...


"අනේ....ජුඩ්....අනේ තෝමස් ...ඉක්මනට එන්න....මොකක්ද සද්දයක් ඇහුනා අර ඩිල්ශාන් ගිය පාර පැත්තෙන්....අනේ දුවලා ගිහින් බලන්න ....මගේ කකුල් දෙක පන නෑ .....මට ඇවිදගන්න බෑ....බයේ...."

මාව හිටගෙන හිටි තැනම බිම ඉන්දවුනේ, කකුල් දෙකට වාරු නැතුවමයි.... මම පපුව අත් දෙකින්ම බදාගෙන, අහස බලාගෙන දෙවියන්ට යාච්ඥා කරන්න පටන් ගත්තෙමි...තෝමස් එක හුස්මට, සද්දෙ ඇහුන පැත්තට දුවයි.......ජුඩ් කිහිළි කරු දෙක බිම ඇන ඇන ගෙයින් එළියට ආවේ ඇස් දෙක ලොකු කරගෙනය .....


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

1 view0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page