top of page
  • Writer's picturePrisila Godahewa

♨️අයිරින් ඩිලානි ♨️ නොසැලෙන දියණි ( 52 වෙනි කොටස )

තේ වත්තේ, කඳු මුදුනේ සිට පහළට දිව යන හීන් පටු, වල ගොඩැලි සහිත, වට වංගු පාරේ, අප යන වාහනය හෙමිහිට පහළට ඇදී යයි......උදේ සිට කඩා වැටුන වැහි වතුරෙන්, පාර තෙත් බත්වි ඇත. පාරේ තැන තැන මඩ කඬිතිද සෑදී ඇත. තවමත් බිමට වැටෙන හීන් වැහි පොද මැදින් ඩිල්ශාන් වාහනය පදවන්නේ බොහෝම හෙමිහිට, පරිස්සමට, බයෙන් වගෙයි......අවට මුළු පරිසරයම මිදුමෙන් හා වැහි අඳුරෙන් වැසිගොස් ඇත....


තේ වතු යාය අයිනේ ඇති මහ විශාල ආන්ඩුවේ රක්ෂිතය පසු කොට, තව කිලෝමීටරයක් පමන දුරක් කොන්වන්ට් එක වෙත යා යුතුයි.... පිටරට හැදුනු වැඩුනු ඩිල්ශාන්ට මෙම දුශ්කර කඳු පල්ලම්, පටු, වංගු පාරවල් වල, වාහන එළවලා පුරුද්දක් නැති ගානයි..... ඊටත් වඩා මෙවැනි මීදුම සහිත වැහි පොඳ අස්සේ ලිස්සන ,වැලි ගොඩැලි සහිත පාරවල් නම්, ඔහුට කොහෙත්ම පුරුදු නැති බව මට වැටහේ....ඔහු වාහනය එළවන හැටි දැක, මගේ හිතට ඇතිවන්නෙ බියකි..... ඒ මීට සුමාන ගානකට උඩදි මීදුම සහිත වැස්සේ, ජුඩ්ගේ වාහනය මේ පාරෙම පල්ලමකට ලිස්සා ගොස් වැටි, ඔවුන්ට සිදුවු අනතුර මට සිහි වෙද්දි හිතට දැනෙන්නේ බියකි.


" නිශ්ශංක අංකල් නම් කොළඹ යනකොට කියලා ගියේ, මේ පාරවල්වල මට ඩ්‍රයිව් කරන්නෙ නැතුව , වත්තේ ඩ්‍රයිවර් කෙනෙක් එක්ක එහෙ මෙහෙ යන්න කියලා . ...."


"ඔව් ඇත්ත ....ඔයාට මේ කඳුකරේ, පටු පාරවල් වැඩිය පුරුදු නැති එකේ අංකල් කිව්ව විදිහට කරා නම් නම් තමයි හොද..."


" අද තමයි මේ වැස්සෙ , වාහනය එළවන කොට ,ඇත්තටම අංකල් කිව්ව දේ හරි කියලා හිතෙන්නේ ...වෙනදට අංකල් එක්ක වාහනේ පිටිපස්සෙ සීට් එකේ වාඩිවෙලා යන්නෙ හරි කම්මැලි කමේ.....ඒකයි අංකල්ට කියලා මම මේ වාහනය ,එළවන්න ගත්තේ ....බංගලාවේ අප්පුත් කිව්වා කරුවල වැටෙන්න ඉස්සර බංගලාවට එන්න කියලා .... "


" ඒක හොදයි ,මාව බස්සලා ඔයා ඉක්මනට යන්න....."


"ඔයාට දැන් නංගිත් එක්ක ඊට පස්සෙ, පයින් නේද ගෙදර යන්න වෙන්නේ..."


"ඔව් ඒකට කමක් නෑ....."


"ඔයාව එදා නත්තල් පාර්ටිය දවසේ දැක්කහම මට පුදුම හිතුනා ඩිලානි ....."


" ඒ ඇයි....?.මමත් ඔයාව දැක්කෙ එදාමනේ....මම රණදේව සර්ගෙ ඔෆ්ස් එකේ වැඩට ඇවිත් ටිකක් කාලයක් වෙනවා......ඒත් ඔයාව දැක්කෙ එදා පාටිය දවසෙ විතරයි ......ඔයා වැඩිය ලංකාවට එන්නෙ නැද්ද?"


"ඔව්.... මම ලංකාවට වැඩිය එන්නෙම නෑ......මගේ මාස්ටර්ස් ඉවර උනාට පස්සේ, අංකල් මට මේ තේ වත්ත බලාගන්නයි, මේකේ වැඩ ඉගෙන ගන්නයි, ලංකාවට එන්න කිව්වනේ....දිගටම ඉන්න නෙමේ , ටික කාලයකට.........මොකද කවදා හරි නවසීලන්තයේ මොනවා හරි වගාවක් පටන් ගන්න අංකල්ගෙ හිතේ තියෙනවා ....., මම මෙහෙත් වගාවන් ගැන ඉගෙන ගෙන තිබ්බහම ඒ වැඩේට අංකල්ට ලේසි නිසා.....කවද හරි මම අංකල්ගෙ බිස්නස් එකට සම්බන්ධ වෙනවට අංකල් කැමතියි .....අංකල්ට පුතෙක් නෑනේ ඒකයි.....ඉන්න දුව බිස්නස් වලට කැමති නෑ...."


ඩිල්ශාන් වාහනය එළවන ගමන් මා සමග කතා කරන්නේ, බාගෙට මා දෙසට හැරි මගේ මුහුණ බලමින්ය...... එවිට මට ලොකු අපහසුවක් ඇතිවේ.....ඔහුගෙ දෙනෙත මඟ හැර මම, ජනේලයෙන් එළිය බලාගෙන ඔහුට උත්තර දෙන්නෙමි.


"ඉතිං මොනවද අලුත් තොරතුරු අයිරින් ...?


"විශේෂ මුකුත් නෑ....ඩිල්ශාන් ඔයා බුඩිස්ට් ද කැතලික් ද.....ම්ම්ම්

ඔයා චර්ච්ද පන්සල්ද යන්නේ....?"


"මම.....බුඩිස්ට්....රට ඉන්න කොට, ලිලානී ආන්ටි ,අංකල් එක්ක ඒහේ පන්සල් ගියා.....ලංකාවට ආවාහම මගේ අම්මා මාව පන්සල් එක්ක යනවා....අපේ තාත්තාගෙ දානේ වගේම, අම්මා නිතර පන්සල් ගහින් දානමාන දෙනවා....ඒ උනාට අංකල් එක්ක ලංකාවට ආවහම, ඔයගොල්ලන්ගෙ චර්ච් එකටත් යනවා....ඒ ගිහාම ඉදහිට, අංකල්ගෙ තනියට,

සිස්ටර් මේරිගෙ සොහොනට මල් තියන්නත් යනවා....ලීලානි ආන්ටි ඒවා දන්නවා...."


එහෙමද....?


"ඔව් සිස්ටර් මේරි නැති වෙන්න ඉස්සෙල්ලා, එයා අසනීප වෙලා හිටිය කාලේ ඔය කොන්වන්ට් එකට අංකල් නිතර ආවා ගියාලු.....සිස්ටර් මේරි ඉස්සර අපේ අංකල්ගේ ගර්ල් ෆ්‍රරෙන්ඩ්ලුනේ.....ආච්චිලා කැමති වෙලා නෑනේ, අංකල් එයාව මැරි කරනවට, ඊට පස්සෙ තමයි අංකල් ,ලිලානී ආන්ටිව කසාද බැදලා රට ගිහින් තියෙන්නේ ....අපේ අංකල්ගෙ ඔය කතා ලිලානී ආන්ටි දන්නවා...., ඒ නිසා වෙන්න ඇති , සිස්ටර් මේරි හිටපු ඔයගොල්ලන්ගෙ කොන්වන්ට් එකට ඒ දෙන්නා උදව් කරන්නේ....ඒ නිසා තමයිලු මදර් තෙරේසා ඔයාට ජොබ් එකක් හොයලා දෙන්න කිව්ව ගමන්, අංකල් ඔයාව එයාගේ ඔෆිස් එකේ වැඩට ඇරගෙන තියෙන්නේ...."


"ඔව්..මට මදර් තෙරේසා කිව්වා...."


"ඩිලානි මට තනියම හම්බවුන එක හොදයි ....ඔයාට මම මේක කොහොම කියන්නද කියලා හිත හිතා හිටියේ...."


"ඒ මොකක්ද ...?


" අවුරුද්දක කාලෙක විතර ඉදන්, අපේ අංකල් ආන්ටි ඒ මදිවට අපේ අම්මා, මට කසාඳ බදින්න හොඳ කෙනෙක් හොයනවා....... ඔයාව මෙහේදි, අංකල් නිශ්ශංකට හම්බුන මුල් දවස් වල මම හිටියේ පිටරටනේ....අංකල් ලිලානී ආන්ටිට කියලා මට මැරි කරන්න හොද ගර්ල් කෙනෙක් මෙහෙ ඔෆිස් එකේ වැඩ කරනවා මට ලංකාවට එන්න කියන්න කියලා ,ඔයාව බලන්නත් එක්ක .....හැබැයි ඔයා සිස්ටර් කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් කියලත් කිව්වා....ඔය, ලිලානී ආන්ටි උනත් කළබලේ මේ ලංකාවට ආවේ ඔයාව බලන්නත් එක්ක.... ඇත්තටම ඒගොල්ලෝ මට ඔයාව අදුන්නලා දුන්නෙත්, ඔයාගෙන් මට වැඩ ඉගෙන ගන්න කිව්වෙත් ඒකයි....ඒගොල්ලන්ට ඕන උනේ අපි දෙන්නට අඳුන ගන්න උදව් කරන්න ...."


"මම ඒ වගක් දන්නෙ නෑනේ...."


" ඔයා ගැන මට, ආන්ට් ලිලානි රට ඉන්න කොට කිව්වා ,....ආන්ටි ඔයා ගැන කිව්වට මොකද,.....බොරු කියන්නෙ මොකටද ඩිලානි.....කවදාවත් මම දැකලා නැති ,කතා කරලා නැති ඔයාව හම්බවෙන්න මගේ කැමත්තක් තිබුනෙ නෑ........ඒ උනාට එදා ඔයාව දැකපු මුල්ම දවසේ,.... එදා පාටිය දවසේ......, මට ඔයාව හොදට හිතට ඇල්ලුවා......අපි දෙන්නා අදුනගෙන තාම සුමාන දෙකක් විතර උනාට....., මම ඇත්තටම ඔයාට කැමතියි ....මම ලිලානී ආන්ටිට කිව්වා මම ඩිලානිට කැමතියි කියලා .....ඒ පාර ආන්ටි මට කිව්වා, ඒක ඔයාට කෙළින්ම කියලා, ඔයා මට, කැමතිද කියලා අහන්න කියලා ..... ඒගොල්ලෝත් ඔයාට කැමතියිලු.... . ඒ දෙන්නා කැමතියි මම ඔයාව කසාද බදිනවට..... ඇත්තටම ඩිලානි ....මම ඔයාගෙ ගතිගුණ වලට, අදහස් වලට වගේම ඔයාගෙ පෙනුමටත් ගොඩක් කැමතියි .....කොටින්ම මම ඔයාව මැරි කරන්න කැමතියි...... ඔයා මොකද ඒ ගැන කියන්නේ..."?


ඩිල්ශාන් ඒ දේ කෙලින්ම මට කිව්ව විදිහ ගැන මට ඇතිවුනේ පුදුමයක්.....වගේම ලැජ්ජාවක්....එක පාරටම, අඳුනගෙන සුමාන දෙකක් වගේ කාලයක් තුල ,ඔහු මට විවාහ යෝජනාවක් ගෙනත්....එයට මිස්ට රණදේව , ආන්ටි ලිලානීත් කැමතියිලු..... හරි පුදුමයි....ඒ වගේම මගේ හිතට ඇතිවුනේ සතුටක්....එත් මම එයට, එක පාරම කොහොමද උත්තරයක් දෙන්නේ.....මගේ හිත අමුතුම සතුටකින් පිරි ගිය බවක් මට දැනේ.....මෙවැනි කඩවසම් ,හොද ගතිගුණ තියෙන ,පෝසත් කෙනෙකුට මම මොකට අකමැති වෙනවද....? නමුත් ඒ බව ඔහුට නොපෙන්වා මම කතා කෙරුවෙමි ......


"ම්ම්...එක පාරටම එහෙම ඇහුව්වම මම කොහොමද ඒකට උත්තර දෙන්නේ...."


"වැඩි කාලයක් බලාගෙන ඉන්න බැරි නිසා මම මෙච්චර ඉක්මනට ඒක ඇහුව්වේ ...ආන්ටි කිව්වෙ ඔයාගෙන් අහන්න කියලා ...."


"ඔයා වගේ කෙනෙක්ට, ගර්ල් කෙනෙක් නැද්ද තාම....?පිටරට ඉන්න කොට ගර්ල් කෙනෙක් හිටියෙ නැද්ද ....?


"බොරු කියන්නෙ මොකටද ඩිලානි .....එක්කෙනෙක් නෙමේ දෙන්නෙක් එක්කම මම යාළු වෙලා ඉදලා තියෙනවා ....ඒ දෙන්නම ඒ රටේ සුදු අය....ආන්ටි වැඩිය කැමති උනේ නෑ ඒ අයට,.....මොකද ඒ අය ලංකාවට ඇවිත් පදිංචි වෙන්න කැමති අයත් නෙමේ..... කොහොමත් එයින් එක්කෙනෙක් කාලයක් ආශ්‍රය කරන කොට මට එපාම උනා....අනෙක් එක්කෙනා උනත්, ඒ රටවල සංස්කෘතියට ගැලපෙන විදිහට හැදුනු අයනේ.... අපේ අම්මා, අංකල් එයාට අකමැති වෙයි කියලා හිතලා ,මම ඒකත් පස්සෙ අත් ඇරලා දැම්මා.... හැබැයි ඔයාව එදා දැක්කහම ,කතා බහ කරන කොට ,ඔයාගෙ ගතිගුණ දැක්කහම මට හිතුනා ඔයා මට ගැලපෙයි කියලා ....කොහොමත් දැන් මගේ වයසත් හරිනේ...දැන් කසාදයක් බැදගෙන පිළිවෙලක් වෙන්න ඕනේ කියලා මටම හිතෙනවා.....".


"ඔයාට මං වගේ අනාත මඩමක හැදුන කෙල්ලෙක් ගැලපෙන්නේ නෑනෙ ඩ්ල්ශාන් ..... ඔයාට හොඳ කෙනෙක් පස්සෙ ලැබෙයි.... මං වගේ කෙනෙක් බැන්දොත් මිනිස්සු ඔයාට කතා හදාවි..... හිනා වෙයි.....ඔයාට හොද කෙනෙක් අංකල් ආන්ටි පස්සෙ හොයලා දෙයි. ....."


"මට පිට මිනිස්සුගෙන්, අනිත් අයගෙ කතා වලින් වැඩක් නෑ ඩිලානි ......මට ඔයාව අඳුනගත්තහම හිතුනා ,ඔය මට ගැලපෙන කෙනෙක් කියලා ......ඊටත් ඕනෑවටත් වඩා නෑදෑයෝ යාලුවො ඉන්න අයටත් මම කැමති නෑ....එතකොට බැඳීම් වැඩියි කියලා හිතෙනවා.....ඔයා බාලිකා නිවාසේ හැදුනේ කාත් කවුරුත් නැතුවනේ....ඒක මට ප්‍රශ්නයක් නෙමේ....මට දැනගන්න ඕනෙ ඔයා මට කැමතිද කියලා විතරයි.....මට පිටරට ඉන්න කොට, එහේ අංකල්ගෙ, ආන්ටිගේ, ලංකාවේ යාළුවන්ගෙ ළමයින්ගෙන්, ගොඩක් ප්‍රපෝසල් මට ආවා, ඒ උනාට ඒ අයට මම කැමති උනේ නෑ...., අංකල්ගෙ, අපේ දේපළ වලට.....තත්ත්වයට කැමති වෙලා මාව බදින්න අහන අයට මම කැමති නෑ....ඊටත් ලංකාවේ අය ඕනෑවටත් වඩා අපේ නෑදෑයෝ ගැන, ලංකාවේ ගෙවල් දොරවල් ගැන,බිස්නස් ගැන හොයනවා....මම ඒවට කැමති නෑ.....මගේ අංකල් ආන්ටි ඔයා ගැන හොදට හොයලා තමයි මට ඔයා ගැන කිව්වේ....ඔයා මඩමක හැදුනට ඔයා හොද පවුලක කෙනෙක් කියලා මදර් තෙරේසාත් ආන්ටිට කියලා තිබුනා ......මම ඔයාට කැමති වගේම , ඔයත් මට කැමතිද කියලා විතරයි මට දැනගන්න ඕනේ......"


"එතකොට ඔයාගෙ අම්මා මට කැමති වෙයිද...?


"මම හැදුනේ අංකල් ආන්ටි ගාව නිසා, ඒගොල්ලෝ කියන දේකට අම්මා අකැමති වෙන්නෙ නෑ....".


"මම කැතලික් කෙනෙක්නේ....ඒත් ඔයා බුඩිස්ට් ...ඉතිං ඒගොල්ලෝ කැමති වෙයිද...?


"ඒගොල්ලන්ගෙ අකමැත්තක් නෑ ....අංකල් නිශ්ශංක ,ඉස්සර ඉදන් ලොකු කේන්තියකින් ඉදලා තියෙන්නේ ,එයාගෙ අම්මලා, එයාගෙ ගර්ල් මර්තා එයාට කසාද බදින්න දුන්නෙ නැති එකට, .....මම හිතන්නේ මම කැතලික් ගර්ල් කෙනෙක් බදිනවට එයා අකමැති නැත්තෙ ඒක නිසා වෙන්න ඇති. ඔයා මේ ගැන හිතලා කියන්නකෝ...."


" මම හිටපු තැන ඉදන් බලනකොට, මට ඒ කාලේ ඉදන් කාටවත් ආදරේ කරන්න, කාවවත් කසාද බදින්න උවමනාවක් තිබුනෙ නෑ....මගෙ හිතේ තිබුනේ සිස්ටර් කෙනෙක් වෙන ආසාව විතරයි ....මට ඒ ගැන තාම හිතන්න ශක්තියක් නෑ වගේ කියලා මට හිතෙන්නේ ඩිල්ශාන් ... මම කසාද බදින්න, වගේම තාම මිනිස්සු ආශ්‍රය කරන්නත් බයයි..... හොස්ටල් එකේ, මඩම් වල හැදුන මට විවාහ ජීවිතයක් ගැන හිතන්න බයයි වගේ..... මම කවදා හරි සිස්ටර් කෙනෙක් වෙන්න තමයි මෙච්චර කල් හිතාගෙන හිටියේ....ඒ උනාට අපේ අය්යයි, නංගියි මල්ලියි නිසා ඒක වෙනස් උනා....."


"ඔයාට ආදරේ කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම්, ගෙවල් වලින් ප්‍රශ්නයකුත් නැත්නම් , ඔයා සිස්ටර් කෙනෙක් වෙන්න අවශ්‍ය නෑනේ......මම ඔයාට හරි කැමතියි ඩිලානි....අපේ අංකල් ආන්ට්ත් අපි දෙන්නට කැමති එකේ, අපි දෙන්නා ඉක්මනට කසාද බදිමු....ආන්ටි ආපහු රට යන්න ඉස්සර ඒක වෙනවා දකින්න ආන්ටිට ඕනේ...."


"මට මේ ගැන තව හිතන්න ඕනේ ඩිල්ශාන් ....මදර් තෙරේසාට කියන්න ඕනේ.... මගේ අය්යගෙන් අහන්න ඕනෙ...."


"හරි ඩිලානි ...මට තේරුනා.... ඔයාට මාව තාම විශ්වාස නැහැ වගේද ?.... කොහොමත් කෙනෙක්ව දැක්ක ගමන් විශ්වාස කරන්නත් බෑනෙ නේද....තාම අපි අඳුනගෙනත් සුමාන දෙකයි....ඔයා කල්පනා කරලා පුලුවන් ඉක්මනට මට උත්තරයක් දෙන්න....

පහුගිය දවස් වල අපි දෙන්නා අදුනගෙන එකට වැඩ කල කාලය තුල, මගේ හිතේ ඔයාට ඇති වුන කැමැත්ත නිසා, මම මේක ඔයාගෙන් කෙලින්ම ඇහුව්වේ....ඔයා මට උත්තරයක් ඉක්මනට දෙන්න බලන්න ...."


මම ඩිල්ශාන් දෙස පුදුම වෙලා වගේ බලාගෙන හිටියේ ....මෙවැනි කෙනෙක්, මාව් අදුනගෙන මෙපමණ ඉක්මනට , මගෙන්, විවාහ වෙන්න කරපු යෝජනාව ගැන ....මට හරිම පුදුම දෙයක් උනා මේක.... මෙතරම් පෝසත් , හොද පෙනුමැති හොද ගතිගුණ තියෙන මෙවැනි කඩවසම් පුද්ගලයෙකුට මම මොකට අකමැති වෙන්වද කියලත් මට හිතේ....පහුගිය සුමාන දෙක ඇතුලත මගේ හිතේ ඔහු ගැන ඇතිවුන හැගීම, පැහැදීම නිසා ඇයි මම ඔහුට උත්තරයක් දෙන්න් තව කාලය ගන්නේද කියා මට සිතේ....


"මම ඔයාට අකමැති නෑ ඩිල්ශාන් ....මට තේරෙන්නෙ නෑ......මම මොනවද කියන්නේ, මොනවද කරන්න ඕනේ කියලා ...."


"මම එක පාරටම, මෙච්චර ඉක්මනට මේ වගේ දෙයක් ඔයාගෙන් අහපු නිසා, ඔයාට පුදුම ඇති....ඔයා කල්පනා කරලා බලලා මට කියන්න ...."


"ඔව්...මට ටිකක් කල් දෙන්න ...."


"මට ඔයා අකමැතියි කියලා මට හිතෙන්නෙත් නෑ ඩිලානි ....ඔයාගෙ හිතේ මට කැමැත්තක් ඇති කියලා පහුගිය කාලේ මට හිතුනා.....ඒ ඔයාගෙ කතාබහ නිසා.... ඒකයි මම අද බය නැතුව ඔයාගෙන් මේක ඇහුව්වේ ....ඒ වගේම අංකල් නිශ්ශංක ,ආන්ටි ලිලානී උනත් ඔයාට කැමති නිසා තමයි මම මෙච්චර ඉක්මනට ඔයාගෙන් මට කැමතිද කියලා ඇහුව්වේ.. ....."


"මම මදර් තෙරේසාගෙනුත් අහලා ඔයාට කියන්නම්....එයානේ දැන් මගේ භාර කාරයා වගේ ඉන්නේ...."


"දැන් මගේ කසාද බදින වයස හරි නිසා මම කැමතියි ඉක්මනට ඔයාව කසාදබදින්න.... ඔයා මට ඉක්මනට උත්තරයක් දෙන්න බලන්න ඩිලානි ....අපේ වෙඩින් එකක් ගන්නවා නම් ආන්ටි ලිලානී යන්න ඉස්සර කෙරෙන්න ඕනේ....අංකල්ට නැත්නම් ඕවා තේරෙන්නෙ නෑ....ඊටත් මට මෙහෙ වැඩිය යාළුවො නෑදෑයෝ නෑ.....ඒ නිසා වෙඩින් එකක් ගත්තත් ගොඩක් චාමෙට තමයි කරන්න වෙන්නේ....අපේ අම්මා අංකල් ,ආන්ටි කියන දෙයකට අකමැති වෙන්නෙ නෑ....මම ඒ දෙන්නා ලඟ හැදුන නිසා...."

-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

4 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page