top of page
  • Writer's picturePrisila Godahewa

♨️අයිරින් ඩිලානි♨️ නොසැලෙන දියණි (41 වෙනි කොටස)

අද උදේ වරුවම මම කාර්‍යාලයේ වැඩ කරේ පුදුමාකාර සතුටකින් හා උනන්දුවකිනි.... ඒ අද උදේ රණදේව සර්ගෙ, වාහනේ එන්න ලැබුනු සන්තෝෂයටත් ඔහුගෙ නිවුනු කතා බහටත්‍ය....


දහවල් වෙනදා මෙන්ම කෑම පැයේ, මම කාර්ය මණ්ඩලේ අය කෑම කා ඉවර උනාට පසු,.... මගේ දවල් කෑම එක වන, පාන් පෙති දෙක, ඔතාගෙන ආ පත්තර කොළය මේසය උඩ තියාගෙන, එය කන්නට පටන් ගත්තේ , කෑම කාමරේ මුල්ලකට වය.... මම වාඩිවී සිටින මේසය ලඟ ඇති ජනේලයෙන්, තේ වත්තේ එක් කොනක් හොදින්ම පෙනේ...දැන් දහවල් එකට විතර උනත්, ජනෙලයෙන් එහා ඇති අවට බිම් පෙදෙස කළුවර වි ඇත....එළියේ හීන් පොද වැස්සක් මීදුම අතරින් බිමට වැටෙනවාද පෙනේ... .මම ඒ දෙස ආසාවෙන් බලමින් මගේ පාන් පෙති දෙක කමින් උන්නෙමි ....


"හෙලෝ ඩිලානි......කොහොමද...දැන්ද ලන්ච් ගන්නේ......? රණදේව සර් මගේ ලගට එනකම් මම දැක්කෙ නැති හැටි......මම වහා වාඩි වි සිටි තැනින් නැගිට ගත්තෙමි .....


"හා..හා...වාඩි වෙන්න... වාඩි වෙන්න ....නැගිටින්න ඕනෙ නෑ....ඇයි මේ ඩිලානි...... ලන්ච් එකට පාන් කන්නේ......ඔහු මගේ කෑම කොලේ දෙස බලාගෙන් අහනකොට මට ඇති වුනේ ලැජ්ජාවකි......මම මුකුත් නොකියා බිම බලා ගත්තෙමි ....


"ඇයි බත් කලා ලස්සන ෆිගර් එක කැත වෙයි කියලද පාන් කන්නේ....."?


"නෑ සර්.... උදේට කොන්වන්ට් එකේ බත් උයන්නෙ නෑනේ..."


"අය්යෝ කියන්න එපෑ......මම අපේ බංගලාවෙ අප්පුට කියන්නම්, ඩිලානිටත් මීට පස්සේ දවල්ට කෑම එකක් බංගලාවෙන් එවන්න කියලා ....


"අනේ එපා සර්....මට මෙහෙම හොදයි ......"


"ඇයි ළමයො....හැදෙන ළමයි උනාම දවල්ට ලන්ච් එකට පාන් කාලා ඉන්න පුලුවන්ද .....?


මම මුකුත් නොකියම බිම බලාගෙන සිටියෙමි.....


"ඉන්න මම ඔයාට හොද කිරි තේ එකක් ගේන්න කියලා පියන්ට කියන්නම්....."

රණදේව සර් මම සිටිය තැනින්

නික්ම යනවා පෙනේ...


වැඩි වේලාවක් යන්නට මත්තෙන්, ඔෆිස් එකේ සේවකයකු මට බිස්කට් පිඟානක් සමග කිරි තේ එකක් ගෙනත් මගේ ලඟින් තිබ්බේය.


මට මගේ ගැන දුකකුත්.....රණදේව සර් ගැන ලොකු ආඩම්බරයක්, ගෞරවයක් වැනි හැඟිමකුත් ඇති විය... මෙවැනි විශාල තේ වතු යායක් හිමි ඔහු, මම වැනු අනාත කෙල්ලෙක්ට උදව් කිරීම ,නිහතමානීව කතා බහ කිරීම, මා ගැන පැහැදීමකින් සිටිම වැනි දේ ගැන මට ඇත්තේ පුදුමයකී....


එවලේ, මගේ ගැන උනන්දු වු රණදේව සර් ඉන් පසු, මම සිටින පැත්තට නොඅවාය.... ඔහු ඈත රොබට් සර්ගෙ ඔෆිස් රූම් එකේ ඔහු සමග කතා බහ කරමින් එහෙ මෙහෙ සැරෙන් සැරෙ යමින් ඔෆිස් එකේ වැඩ බලන හැටි මට ඈතට පෙනේ.....මම හොරැහින් ඔහු දෙස බලමින් මගේ වැඩ කරගෙන ගියාය ....


ඉරිදා සහෝදරයන් දකින්න, කොළඹ යන්න තියෙන ආසාව වගේම....., සෙනසුරාදා හවස රණදේව සර් පල්ලියට එනවයි කියා කිව් නිසා, මම

සෙනසුරාදා උදේ වරුවම කනයාරාමයේ පිරිසිදු කිරිම් කටයුතු වලට උදව් කර මගේ වැඩට අදින ඇදුම් හෝදා දමා නගෙන, ලෑස්ති උනේ හවස හතර වෙනකොට පල්ලියට යෑමටයි.....හැමදාම මම හවස් වරුවේ පල්ලියට යන නිසා සිස්ටර්ලාට ඒය විශේශයක් නොවිය .....


සෙනසුරාදා හවස් වරුවේ මම පල්ලිය වෙත ගියේ රණදේව සර් පල්ලියට හවස් වරුවේ එනවයි කිව් නිසයි ....ඔහුව දකින්න වගේම මට ඔහු සමග කතා කරන්නත් ආසාවක් ඇති වි ඇත....ඒ ඔහුගේ අහංකාර කමක් නැති කතා බහ නිසා වන්නට ඇති.....


වෙනදා මෙන්ම පල්ලිය හා අවට බිමේ ඇත්තේ පුදුමාකාර නිස්කලංක බවකි....සුදු පුළුං ගුලි මෙන් එහෙ මෙහෙ ගලා යන සීතල මීදුම් කුට්ටි වලින් පරිසරය තවත් අලංකාර වි ඇත.... මම පරණ කන්‍යාරාම බිමෙන් නික්ම, පල්ලිය පැත්තට ඇවිද යන පාර දෙපැත්තෙ , කැලෑවට වැවි තිබු ලිලී හා ඩේලියා මල් පොකුරු කඩා ගත්තෙ ....පල්ලියේ අල්තාරය දෙපස ඇති මල් පෝච්චියට දමන්නයි..... තව වැඩිපුර මල් ටිකක් කඩා ගත්තේ රණදේව සර්ට දෙන්නත් එක්කයි..... අවට පරිසරය පුරා බොහෝ නිහඬ තාවයක් පැතිර යමින් ඇත.... ඉද හිට හමා යන සීතල සුළඟින් ඇඟ කිලිපොළා යන ගානය.


හරිත පැහැයෙන් දිදුලන කඳු වැටි මැද්දෙන් හා තේ වතු යාය පහුකරමින් මම කෙටි ගුරු පාර දිගේ ඇවිදගෙන පරණ පල්ලිය පැත්තට ගියෙමි.


අතේ ඇති මල් වලින් කොටසක් අල්තාරය ඉදිරිපිට මල් බඳුනට දමා, ඉතිරිය බංකුවේ පැත්තකින් තියා එහි වාඩිවී මම ජේසුස් වහන්සේගෙ පිළිරුව දෙස බලාන උන්නෙමි. ඒ අසල ඇති මරිය තුමියගේ ප්‍රතිමාව දිහා බලාගෙන ඇගේ කරුනාව, බැල්ම ආශිර්වාදය නිබඳව මට ලැබෙවා හිතින් පැතුවෙමි .....හෙට දින කොළඹ ගොස් සහෝදරයන් සොයා ගන්නට මට පිහිට වෙන්න යැයි එතුමියගෙන් ආදරයෙන් කරුණාවෙන් ඉල්ලුවෙමි...

හිතාගන්නට බැරි විදිහට , මරිය තුමිය මා දෙස දෑස් ලොකු කර පුදුමයෙන් වගේ බලාගෙන ඉන්න අයුරු මට පෙනේ.... මම පල්ලියේ ඉදිරියට ගොස් එතුමියගේ ප්‍රතිමාව ලඟ දන ගසාගෙන, මරිය තුමියගේ ප්‍රතිමාව දෙස ඇස්පිල්ලන් නොගසා බලා සිටියෙමි.... . එවිටත් මම දුටුවේ එතුමිය මා දෙස පුදුමයෙන් වගේ ඇස් දෙකම ලොකු කරගෙන බලා සිටින අයුරුයි..... තත්පර කීපයක් එසේ මා දෙස බලා උන් ඇය, මා සමග ලස්සනට සිනාසෙනවා මට පෙනින..... ඒ සමග මගේ ඇස්වලට කදුළු උනා ආවාය....... . කුඩා කාලයේ සිට, මට මරිය තුමිය ගැන තිබුනේ ලොකු භක්තියක් ආදරයක් ....එය ඇති වන්නට ඇත්තේ ,මගේ ආදර ග්‍රැනී නිසා වන්නට ඇතැයි මම විශ්වාස කරමි..... ඇය මට බාළ කාලයේ කියා දුන් ඔරසම්.... ඊයෙත් අදත් හෙටත්, හැම දවසකම මම උදේට හා රාත්‍රීයට.... ඔරසම් කියමින් මටත් මගේ සහෝදරයන්ටත් දෙවියන් වහන්සේගේ ආශිර්වාද පැතුව හැටි....එය ඉදිරියටත් එසේම වේනවායි මම දන්නෙමි.....


බංකුවේ වාඩි වි දෙවියන් නැමද මටත් මගේ සහෝදර සහෝදරියන්ට නැවත එකතු වෙන්නට ආශිර්වාද කරන්නැයි ඇගෙන් ඉල්ලා තවත් යාච්ඥා කෙරුවෙමි......ජේසු පිහිටයි මටත් මගේ සහෝදරයන්ටත්....

ආමේන් ....!!!


යාච්නා කර ඉවර වි පපුවේ කුරුසය ඇද ගත් මම ඇස් ඇර අවට බලද්දි මගේ බංකුව කොනේ රණදේව සර් දෑත් බැදගෙන ඉදගෙන සිටින හැටි මට පෙනින.... ඔහු මෙතනට කොයිවෙලේද ආවේ කියා මම කල්පනා කරන්නට විය.... මම ඔහු දෙස බැලු විට, ඔහු මා දෙස බලා සිනාසුනේ ප්‍රිසන්න ලෙසය....


"සර් කොයි වෙලේද ආවේ..."


"ගොඩක් වෙලා...අයිරින් වදිනවා දිහා මම බලන් හිටියා...අපි එළියට යමුද අයිරින් ..."?


"යමු සර්...මේ මල් ටික සර්ගෙ නංගිගේ සොහොනට තියන්න.....මම කැලෙන් කඩාගෙන ආවේ....."


"ශා හරි ලස්සනයි ...එහෙනම් මාවත් මතක් කරලා අයිරින් මල් කඩලා...ඔහු ප්‍රසන්න ලෙස සිනාසි මගේ අතින් මල් පොකුර ගත්තේය.....


මම අත් දෙකින්ම ඔහු අත මල් පොකුර තැබුවෙමි.


"ඩිලානිත් එනවද මගේ නංගිගේ සොහොනට ඉටිපන්දම් පත්තු කරන්න යන්න ..."


"එන්නම් සර්....මම දවසක් දැක්කා.... සර් වෙන්න ඇති ,තව දෙන්නෙක් එක්ක මේ පල්ලියට ඇවිත් ඔතනින් පල්ලෙහාට සොහොන ලගට යනවා...."


"මම කිව්වේ මම ඔයාව දවසක් දැක්කා කියලා ....ඒ එදා වෙන්න ඇති....."


"ඉතිං ඩිලානි කියන්න දැන් ඔයාගෙ පවුලේ විස්තර....."


අප දෙදෙනා මිදුම වැටුනු පල්ලිය බිමේ සිට සොහොන් බිම වෙත ඇවිද ගියේ මගේ පහුගිය කාලේ විස්තර කතා කරනා ගමන්මය....... සර් එදා වගේම, ඇදන් ඉන්නා ඇදුමට උඩින් ලොකු කළු කබායක් ඇද තොප්පියක් ද පැලද හිදී..... ඔහුගෙ වයස කීයක්ද කියා සිතා ගැනිමට බැරි තරම්ය.... ඔහු කඩවසම් බව පමනක් මට තේරේ.....ඔහු අවුරුදු පනහ පැනපු කෙනෙක් වෙන්නට ඇතැයි මම අනුමාන කලෙමි.


පල්ලිය වත්තේ මල් එළවළු පාත්ති අතරින් පලාතෙ අසිරිය විදමින්, මගේ යටගියාව ඔහුට කියමින්..... අපි සොහොන් කොත් පැත්තට ඇවිද ගියෙමු..... පැහැදිලි අහසේ අළු පැහැ වලාකුළු එහෙ මෙහෙ හුළගට ගසාගෙන යන අයුරු පෙනේ.. ...මුළු දහවල මුළුල්ලේ .....පෑයු හිරු කිරන, අවට කඳු වලළු වලට මුවා වෙමින් හෙමිහිට බැස යන අයුරු ......


"ඉතිං ....ඩිලානි හෙට කොළඹ යනවා කිව්වේ....මොකේද දැන් කොළඹ යන්නේ.....?


"මම හෙට තනියම බස් එකේ යන්න හිතාගෙන ඉන්නේ සර්......සිස්ටර් ෆර්නිට කරදර කරන්නත් බෑනේ..... ."


" ඩිලානිට තනියම යන්න පුලුවන්ද ....?"


"පුලුවන් සර්....ගිහින් බලනවා...."


"ම්ම්....බලමු...."


"මේ සොහොන සර්ගෙ නංගිගෙද.?...නංගි මොනව වෙලාද තරුණ වයසෙන්ම නැති උනේ සර්.....?


"ඩිලානි මේ මගේ නංගිගෙ කිව්වට, මගේම නංගිගේ සොහොන නෙමේ.......මේ මම ඉස්සර ඉස්කෝලේ යන කාලේ යාලු වෙලා හිටිය ගර්ල්ගෙ සොහොන ....., එයාගෙ නම මර්ලි.... අපේ ගෙදරින් මර්ලිට කැමති උනේ නෑ එයා ක්‍රිස්තියානි කියලා .....අපේ අම්මලා හොද බුද්ධාගම් කාරයෝ..... ඉතිං අපි දෙන්නා කතාකරගෙන, ඒ කාලෙම වෙන් උනා.....අපේ අම්මලා ගෙනාපු ප්‍රපෝසල් එකකට කැමති වෙලා මම අවුරුදු විසිහතරෙන් කසාද බැන්දා....මගේ වයිෆ්ට මම මර්ලි ගැන කියලා තියෙනවා ......මම කසාද බැදලා රටගිය නිසා, මම ඊට පස්සෙ මර්ලි ගැන හෙව්වෙ නෑ.....දැන් අවුරුදු තුනකට විතර ඉස්සෙල්ලා හදිසියේ.... මට මේ කොන්වන්ට් එකේදි මර්ලිව හම්බ උනා. එතකොට තමයි මම දැනගත්තේ ,එයා සිස්ටර් කෙනෙක් වෙලා කියලා ....මට එතකොට හරියට දුක හිතුනා....ඊට පස්සෙ මම නිතර එයාට ඵෝන් එකෙන් කතා කලා....මදර් තෙරේසා ඒකට වැඩි කැමැත්තක් දැක්වුවේ නෑ.....ඒත් අවසනාවකට ඒ වෙනකොටත් එයාට කැන්සර් එකක් හැදිලා ඉදලා තියෙන්නේ ....එයා ටිචර් කෙනෙක් නිසා, සිස්ටර් කෙනෙක් උන අලුත කොන්වන්ට් වල ළමයින්ට උගන්වලා තියෙනවා ....අසනීප උනාට පස්සෙ තමයි මේ කොන්වන්ට් එකට ඇවිත් තියෙන්නේ....දැන් අවුරුදු එකහමාරකට උඩදි අසනීපෙ වැඩි වෙලා එයා ආන්ත්‍ර උන බව දැන ගත්තේ මම රට ඉන්න කොට....මට හරියට දුක හිතුනා....ඊට පස්සෙ මම නුවරඑළියේ වත්තට ආවාහම මෙතනට ඇවිත් ඉටිපන්දම් පත්තු කරලා යනවා......

එයා අන්තිම කාලේ ගොඩක් කළකිරිලා ඉදලා තියෙන්නේ .... ,කොන්වන්ට් එකෙන් ඉල්ලලා අස්වෙලා කාවවත් මුණගැහෙන්නෙ නැතුව ඉදලා තියෙන්නේ ......"


"අනේ හරිම දුක කතාවක්...."


"මේ තියෙන්නේ ඩිලානි ....මේ සොහොනෙ එයාගෙ පින්තූරය ගහලා .....එයා කොන්වන්ට් එකේ පාවිච්චි කරපු නම, සිස්ටර් මේරි ..... ඩිලානිත් එන්න එයාට ඉටිපන්දම් පත්තු කරන්න....


"අනේ.....දෙවියනේ ....මේ සිස්ටර් මේරිගෙ පොටෝ එකනේ.......එතකොට මේ සිස්ටර් මේරිගෙ සොහොනද..? .....මම දැන ගෙන හිටියෙ නෑනේ සිස්ටර් මේරි නැති උන එක ගැන.....අනේ සිස්ටර් මේරි මට මීගමුවේ කොන්වන්ට් එකේ ඉන්න කාලේ උගන්වපු කෙනෙක් ....ඒ වගේම ගොඩක් උදව් කරපු කෙනෙක්, ......මට හරි දුකයි සර්.....හරි පුදුමයි සිස්ටර් මේරි සර් අදුනන කෙනෙක් උන එක......සිස්ටර් මේරි මාව බලන්න බදුල්ලේ බාලිකා නිවාසයටත් ඉස්සර නිතර ආවා ගියා...මම නිවාසෙන් එන්න අවුරුද්දක විතර කාලයක් ,හිටි හැටියේ සිස්ටර් මේරි මට කතා කරන එක, බලන්න එන එක නැවතුනා...මම ඒ ගැන නිතර හිතුවා....සිස්ටර් මේරිට කරදරයක්ද කි‍යලත් ....අනේ මට හරි දුකයි සිස්ටර් මේරි ගැන .... ."


"මේ පල්ලියේ මදර් තෙරේසා ඇරෙන්න හැමෝටම මම කියලා තියෙන්නේ සිස්ටර් මේරි මගේ නංගි කියලා .....මට එයා ගැන දුකයි....මම හින්දා තමයි එයා කන්‍යාතුමියක් වෙලා තියෙන්නේ ....මම ලංකාවට ආවහම , පුලුවන් වෙලාවට මේ සොහොන ලඟට ඇවිත් ඉටිපන්දම් පත්තු කරලා යනවා....මම බුද්ධාගම්කාරයෙක් උනත්...."


"මේ ලංකාව කොයිතරම් පොඩි රටක්ද කියලා හිතෙන්නේ....මේ වගේ අපේ හිතට ගොඩක් ලං උන අය, එකට හම්බ වෙනකොට, දැනගෙන හින්න කොට තමයි සර්......"


"එන්න ඩිලානි මේ ඉටිපන්දම් පත්තු කරන්න මට උදව් කරන්න ....ඔහු ලොකු කබා සාක්කුවෙන් ඉටිපන්දම් හතරක් ගෙන ලයිටරයකින් ඒවා පත්තු කරන්න පටන් ගත්තේ, ඉතිරි ඉටිපන්දම් ටික මගේ අතට දෙමින්....


"මේ මල් ටිකත් තියන්න සර්......"

ඔහු සිස්ටර් මේරිගෙ සොහොන ඉදිරිපිට මම කඩා ගෙනත් තිබුන මල් ටිකද තිබ්බේය.... එයින් මලක් මමත් තියා සිස්ටර් මේරි වෙනුවෙන් ඔරසම් කියන්න පටන් ගත්තෙමි.


"අපි දැන් යමු ඩිලානි .....මට මදර් තෙරේසා හම්බවෙන්නත් ඕනේ.....


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

1 view0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Commentaires


bottom of page