top of page
  • Writer's picturePrisila Godahewa

♨️අයිරින් ඩිලානි♨️ නොසැලෙන දියණි (38 වෙනි කොටස

තවත් නැවුම් දිනක රන්වන් ලාහිරු රැස්, මුළු කදුකරය පුරා විහිදී යන හෝරාවේ........අලුත් බලාපොරොත්තු රැසක් පොදි බැදගෙන.... නුවරඑළිය කන්‍යාරාම භූමියේ සිට අසළ තිබු විශාල "වින්වර් හිල්ස් "තේ වතු යායට යන පාරේ මම ඇවිද යමින් උන්නෙමි.... පාර දෙපස සීතල මීදුම හා පින්න වැටි....හිරු එළියට ගස්වැල් කොළ දිලිසෙන්න අපූරුව ....පරිසරයේ සුන්දරත්වය විදිමින් හොද පිරිසිදු හුස්ම පොදක් තදින්

ඉහලට ගෙන මුඛයෙන්

වාතලයට පිටකරන මොහතක් පසා ...උනුසුම් දුම් වළලු රැළි, කටින් පිටවන ආකාරය ......තව තවත් එය දකිනු රිසියෙන් මම....කට අරිමින් වහමින් දුම් පිටකරමින් පාරේ ඇවිද ගියෙමි. වට පිටාවේ සුන්දරත්වය විදිමින්, පරිසරයේ ඇති සීතලෙන් මිදීමට මම අත්දෙක පපුවට තද කරගෙන ඇවිද්දෙමි .......මීදුම පැතිරුණු නිහඩ බිමේ වැටි ඇති ගුරු පාර කෙළවර..... තේ වත්තේ කාර්‍යාලය වෙත ඇවිද ගියේ හිතේ සතුටින් වගේම, පොඩි චකිතයකින්ද වේ. .. ...කාර්‍යාලයට යන බිමේ පාර අවට පේනතෙක් මානෙකට විහිදි ගිය තේ වත්ත.... තැන තැන ,උදේ පාන්දර පිටේ තේ කූඩ බැඳගෙන තේ දළු නෙළන, පාට පාට සාරි ඇදගත් දෙමළ ලඳුන්....ඔවුන්ගේ දෙඅත් මැශින් වගේ වැඩ කරන හැටි....තේ කූඩ පිටේ බැදගත් ගැහැනු දෙතුන් දෙනා අතර, පෝර උර පිටේ එල්ලාගෙන තේ දළු කඩන ගැහැනුන්ද වේ. ....දැන් තේ කූඩ සාම්ප්‍රදාය, වෙනස් වී ඇති ගානය...... පහසුවට ලේසීයට වගේම වියදම් අඩු පෝර බෑග් දැන් තේ දළු නෙළන ලියන් පාවිච්චියට පුරුදු වි ඇති හැටි.....මම කන්‍යාරාම බිමෙන් නික්ම තේ වත්තේ වංගු පාරේ ඇවිද ගොස් එහි කාර්‍යාලය වෙත ගියේ අවට සුන්දර දසුන් වලට වශීවෙමින්......තාමත් උදේ නමයටවත් නැති නිසා, අවට බිමේ ඇත්තේ දැඩි සීතලක් සමග මීදුම් අදුරකී..... මම මගෙ කර වටා ඇති බූල් ස්කාෆය ,ඇද මගෙ කර හොදින් වසාගත්තෙමි.


විශාල තේ වතු යාය මැද ඇති තේ ෆැක්ටෙරි ය වෙත ඇවිද ගිය මම කාර්‍යාලයේ ආරක්ෂක කූඩුවට තට්ටු කෙලෙමි.....


"කාව හම්බවෙන්න ද ආවේ...? සිකුරිටි මහතා අසතුටෙන් වගේ මගෙන් ඇසීය.


"රණදේව සර්, මට අද ඉන්ටර්විව් එකකට එන්න කියලා පනිවිඩයක් ඇරලා තිබුනා... ..."


"එහෙනම් ඔය ඉස්සරහ බිල්ඩිමේ.... අර දොරෙන් ඇතුලට යන්න ...ගිහින් ලොකු ක්ලාක් මහත්තයා හම්බ වෙන්න ...."


ඔහු කියපු ලෙස මම බොහෝම බයෙන් එම කාර්‍යාලයේ දොරෙන් ඇතුලට ගියෙමි..... ඒ තුල ඇති විශාල කාමරයේ තැන් තැන්වල පිළිවෙළට තබා ඇති මේස වල පිරිමි දෙදෙනෙක් හා ගැහැනු දෙදෙනෙක් වාඩු වි ෆයිල් වගයක් පෙරලගෙන් වැඩ කරනු පෙනේ...


"ඔය ළමයා මිස් අයිරින්ද...? වයසක පිරිමි කෙනෙක් මා දැක ඇසුවේ ඉංග්‍රීසියෙනි.


"ඔව්..මමද ඉංග්‍රීසියෙන් උත්තර දුන්නෙමි..


"එන්න එන්න මේ මේසය ලඟට.... "


ඔහුගෙ මේසය ඉදිරිපස පුටුව මට ඔහු පෙන්විය..... අවුරුදු හැටකට පමණ කිට්ටු වයසක පිරිමි කෙනෙක් වු ඔහු ශර්ට් එකට උඩින් ජර්සියක් දමාගෙන ඉදී.....ඔහු කන්නාඩියක්ද පැලැද ඇත.

ඔහු මා සමග ඉංග්‍රීසියෙන් කතා කරයි. මගේ පුරුදු කැමති භාශාවෙන් මමද ආසාවෙන් කතා කෙරුවෙමි.


" මම තමයි මෙතන වැඩ, බලන්නේ... මගේ නම රොබට්.... මට අපේ බොස් කිව්වා ඔය ළමයා අද ඉන්ටර්විව් එකකට එයි කියලා .....බොස් නම් කොළඹ ඉදන් ආපහු මෙහෙ ඔෆිස් එකට එන්නේ මාසෙ අන්තිමට තමයි ....මට කිව්වා ඔය ළමයට පුලුවන් උදව්වක් කරන්න කියලා .....ඔය ළමයා නවාතැන් ගෙන ඉන්නේ කන්‍යාරාමයේ නේද....?මොනවද ඔය ළමයා ඉස්කෝලේදි කරපු විශයන්...? මෙහේ ඔෆ්ස් එකේ ගිනුම් කටයුතු තමයි කරන්න තියෙන්නේ...ඔය ළමයට ඒ වැඩ කරන්න පුලුවන් වෙයිද ..."? ඔහු ඉංග්‍රීසියෙන් ම කතා කරයි.


" කවදාවත් මම ඔෆ්ස් එකක වැඩ කරලා නෑ සර්.....ටිකක් කියලා දුන්නොත් මට ඕන වැඩක් කරන්න, අල්ලගන්න පුලුවන් ...." මමද ඉංග්‍රීසියෙන්ම කතා කෙරුවෙමි.


"එහෙනම් අද ඉදන්ම මෙතන වැඩ කරන්න පුලුවන්ද ..?


" ඔව් පුලුවන් සර්..."


"එහෙනම් ඔය ළමයා අර මේසෙන් වාඩි වෙන්න මම කරන්න තියෙන වැඩ පෙන්නන්නම්....."


"තැන්ක් යු වෙරි මච් සර්..."


සම්මුඛ පරීක්ෂණයට ආ මට එදින සිටම මගේ අලුත් රැකියාව පටන් ගැනීමට හැකි විය. මට ඇතිවි තිබුනේ කියාගන්න බැරි සතුටකී....


රණදේව සර්ගෙ තේ වත්තේ , ඔෆිස් එකේ එලෙස වැඩ පටන් ගත් මම බොහෝම ආසාවෙ එහි වැඩ කරගෙන ගියෙමි.

තේ ෆැක්ටෙරියේ කාර්‍යාලයේ වැඩ කරන අනෙක් ගැහැනු දෙදෙනාගෙන් එක් කෙනෙකු , වයස අවුරුදු තිහක් පමණ වන දෙමළ විවාහක ගැහැනු කෙනක් වේ. නීලාමනී නම් ඇය මගේ හොදම යෙහෙළිය වන්නට වැඩි කාලයක් ගත නොවිය...


ඔෆිස් එකේ වැඩට යන්න පටන් ගෙන දැන් මාසයක් ගත වි ඇත.... මාසෙකට පසු මට මගේ රැකියාවේ පළවෙනි වේතනය ලැබීම, මට කියා නිම කල නොහැකි සතුටක් විය.....


"අයිරින්ට අද පළවෙනි පඩිය ලැබුන නිසා, අපි හාෆ් ඩේ එකක් දාලා ශොපින් යමුද...මට අද මගේ කොන්ඩෙත් කපා ගන්න තියෙනවා ...දුවට ගවුමක් ගන්නත් ඕනේ ...ඔයත් එනවද මාත් එක්ක යන්න ...."


"මටත් හරි ආසයි ඔයත් එක්ක යන්න එන්න නීලාමනී ...මම එහෙම කවදාවත් තනියම ශොපින් ගිහින් නෑ....මගේ අතේ සල්ලි තිබිලත් නෑනේ .....අද පඩි හම්බවුන නිසා, ඒහෙනම් මාත් එන්නම් ඔයා එක්ක යන්න ...."


වේතනය ලද දින වේලාසන දවස් භාගයක නිවාඩුවක් දමා, නීලාමනී සමග මම කඩමන්ඩියට ගොස් කන්‍යාරාමයේ , කන්‍යාතුමියන් හැමෝටම කන්න කේක් ගෙඩියක් මීලදි ගත්තෙමි. ලොකු මදර්ට හා සිස්ටර් ෆර්නිට පොඩි තෑගි දෙකක්ද ගත් මම, මගෙ පළවන පඩියෙන් මට ඔෆිස් අදින්න හොද අලුත් ගවුම් දෙකක් සපත්තු දෙකක්ද මිලදි ගත්තෙමි ....මෙපමණ කාලයක්, මීගමුවේ කොන්වන්ට් එකෙන්, බදුල්ලේ බාලිකා නිවාසයෙන්, හා කන්‍යාරාමයෙන්, නොමිලේ ලැබුනු ඇදුම් අදිමින් හිටි මට.....මගේ මහන්සියෙන් රැකියාවක් කර ලැබුනි මුදලින්, මගේ අවශ්‍ය තාවයන්ට ගැලපෙන ලෙස, අද මෙන් මින් ඉදිරියටත් මගේ ඇදුම් පැළඳුම් ගන්නට ලැබෙන එක ගැන මට ඇත්තේ පුදුම සතුටකි ....... ඔෆිස් එකේ වැඩ කරන අනිත් කාන්තාවන් දෙදෙනා මෙන් ලස්සනට අදින්න මටත් ලොකු අවශ්‍යතාවයක් තිබුනි.....ඒ නිසා, මට මගෙ මාසික වේතනය විශාල සහනයක් වි ඇත. ඇදුම් වලට අමතරව ලිප්ස්ටික් එකක් ගන්නටද මම අමතක නොකෙරුවෙමි. ඒ ඔෆිස් එකේ නීලාමනී හා ශැරොන් මෙන් ලස්සනට ඔෆිස් යන්න ආසාවෙනි...


"ආ....අද අයිරින් හරි සතුටින් ...අපට කන්න කේක් එකකුත් ගෙනත්.... ශා....ලස්සනට කොන්ඩෙත් කපාගෙන තියෙන්නේ...."


"කොන්ඩේ හොදටම වැවිලා තිබුන සිස්ටර් ....ඔෆිස් එකේ අනෙක් ලේඩීස්ලා විදිහට මමත් ඔෆිස් යන්න ඕන නිසා අලුත් ඇදුම් දෙකකුත් ගත්තා.. ...."


"ඔව්...ඔව් ඒක හොදයි ....හැබැයි ඉතිං අයිරින් ....ඔයා දැන් ජොබ් එකක් කරන නිසා, ඉස්සරහ කාලේ ඔයාට අලුත් නවාතැනකුත් හොයාගන්න වෙයි.....මොකද ඔයාට ඉස්සරහට මේ කන්‍යාරාමයේ නවාතැන් දෙන්න අමාරු වෙනවා....ඔයා රස්සාවක් කරන කෙනෙක් නිසා...."


"මම දන්නවා සිස්ටර් ....මම ඔෆිස් එකේ නීලාමනී අක්කටත් කිව්වා මට නවතින්න තැනක් හොයලා දෙන්න කියලා ....."


"ඒක හොදයි ඒක තේරුම් ගත්ත එක...."


මගේ රැකියාව නිසත්, සහෝදරයන් හොයා ගන්න ඇති උවමනාව නිසත්, මට කන්‍යාතුමියක් වීමට දැන්ම අදහසක් නැති නිසාත්, මෙහි ප්‍රධාන කන්‍යාතුමිය ,මාව තව දුරටත් ඉදිරි කාලයේ දිගටම මේ නවාතැනේ තියාගන්න කැමති නැති බව මට වැටහී තිබුනි. දිගටම මේ නවාතැනේ සිටින්න මට අවශ්‍යතාවයක්ද දැන් නැත. මට දැන් රැකියාවක් ඇත....ඉදිරියටද මුදල් ටිකක් ඉතිරි කරගෙන මගේ අනාගතය මටම තනියෙන් හදාගන්න උවමනාව ඇතිවි ඇත. එයට දැන් කාලය පැමිණ ඇතැයි සිතේ....


සිස්ටර් ෆර්නි සමඟ කොළඹ ගොස් මගේ සහෝදරයන් සෙව්වත්, මට එයට තවමත් උත්තරයක් ලැබි නැත. නැවත මම තනියම හෝ කොළඹ ගොස්, ඔවුන් සොයාගැනීම වෙනුවෙන් මහන්සි වීමට කාලය ඇවිත් ඇතැයි සිතේ.... තව මාසයක් දෙකක් මේ කන්‍යාරාමයේ, නවාතැන් ගෙන ඉද ,මට අලුත් බෝඩිමක් සොයාගෙන යායුතු යැයි දැන් හිතෙන්න පටන් ගෙන ඇත. මාස දෙකක කාලයක් තවත් මෙහෙ ඉන්න, මදර් ගෙන් අවසර ගත යුතු යැයි මම තිරණය කලෙමි.


උදේ පාන්දර නැගිට කන්‍යාරාමයේ අතුපත ගාන වැඩ කර උයන පිහන වැඩටද උදව් කරන මම වැඩට යන්න ලෑස්ති වෙන්නේ හරිම ආසාවෙනි .....


ඔෆිස් එකේ වැඩ කරන අය දවල්ට කන්න බත් පිඟන් රැගෙන ආවත්....මම වැඩට යන වෙලාවට කන්‍යාරාමයේ දවල්ට කෑම ලෑස්ති නොකරන නිසා....මම එහි උදේට කන්න තියෙන පාන් වැනි දෙයක් මට දවල්ට කන්නට ඔතාගෙන යන්නෙමි. ඔෆ්ස් එකේ වැඩ කරන අය එකට එකතු වී දවාලට කෑම කෑවත්, මම ඔවුන් සමග ඒ වෙලාවට එයට එකතු නොවන්නෙමි.....එකක් මම තවමත් මෙතනට අලුත් කෙනෙක් නිසත්.....මම දවල්ට කන්න ඔතාගෙන ගෙනියන පාන් පෙති දෙක අනෙක් අයට නොපෙනෙන්න කමි. මම කෑම කාමරේ මුල්ලකට වී, එහි ජනේලයෙන් අවට තේ වත්ත දිහා බලාගෙන කන්න පුරුදු වි උන්නෙමි .


"අයිරින් ලොකු බොස් කාලෙකට පස්සෙ ඔෆිස් එකට ඇවිත්....මිස්ට රණදේවට ඔයාව හම්බවෙන්න ඕනෙ කියනවා......ඔයාට බොස්ගෙ රූම් එකට එන්න කිව්වා...."


ඔෆිස් එකේ ප්‍රධාන ලිපිකරු කළබලේ ඇවිත් කිව් පණිවිඩයෙන් මම තිගැස්සි ගියෙමි. මේ තේ ෆැක්ටෙරියේ වැඩට ඇවිත් මාසයක් ගියත් මට කවදාවත් මේ තේ වතු යායේ අයිතිකරු මුණගැසි නොතිබුනි....ඒ නිසා ඔහු මාසයකට පස්සේ වත්තේ, වැඩ බලන්න ආවට පසු, මම ඔහු මුණ ගැසෙන්න යන මුල්ම දවස අදයි...මගේ හිත බයෙන් ගැහෙයි....ඔහු කොයි වගේ කෙනෙක්ද....සැර කෙනෙක්ද...මාත් එක්ක හොදින් කතා කරයිද....මගෙ වැඩ හොද නෑ කියලා මාව මෙතනින් අස්කරලා දායිද....නිමක් නැති ප්‍රශ්න අතරේ මම අතින් කොන්ඩේ හදාගෙන ඔහුගේ කාමරය වෙත ගියෙමි.


"හෙලෝ ....අයිරින් නේද...? පළවෙනි වතාවටනේ ඔය ළමයව මම දැක්කේ....මට සිස්ටර් ෆර්නියි , හෙඩ් මදර්යි ඔයා ගැන හැම දෙයක්ම කිව්වා.....සතුටුයි ඔයාව අදුනගන්න ලැබීම.....රණදේව සර් ඉංග්‍රීසියෙන් මා සමග කතා කරන ගමන් මට අතින් ඔහුගෙ මේසය ඉදිරිපස පුටුව පෙන්වූයේ එහි වාඩිවෙන්න කියන ලෙසයි..... ඔහු මගේ මුහුණ දිහාත්, ඔලුවේ ඉදන් කකුල් දෙකට යනකම් පුදුමයෙන් මෙන් බලා ඉදී.....


"තැන්ක්ස් සර්..."


"කොහොමද අයිරින් ඔයාගෙ අලුත් ජොබ් එක හොදද.....?"


"ගොඩක් හොදයි සර්....මමද ඉංග්‍රීසියෙන්ම උත්තර දුන්නෙමි ...."


උසේ තරමට මහත තළඑළෙලු පෙනුමැති ඔහු, අවුරුදු පනස් ගානක පෙනුමැතිය....ඒ වගේම ඉතා කාරුණික කෙනෙකු බවද බැලූ බැල්මට පෙනේ...."


"ඉස්සර නම් මම නිතර චර්ච් එකට යනවා....මට කාලෙකින් එහෙ යන්නත් බැරි උනා....මට ඔෆිස් එකේ රොබට් කිව්වා කොන්වන්ට් එකේ මදර් ඔයාට ජොබ් එකක් දෙන්න පුලුවන්ද කියලා ඇහුව්වා කියලා ....කොන්වන්ට් එකේ මදර් කිව්වොත් අපි නොකරන දෙයක් නෑ.....මගේ මිසිස් නිතර ආගිය, උදව් කරපු තැනක් තමයි ඔය කන්‍යාරාමය .... ඒ නිසා මදර් උදව්වක් ඉල්ලුවොත් නොකර බෑනේ ....."


"මට සිස්ටර් ෆර්නි මිස්ට රණ්දේවලා ගැන විස්තර කිව්වා...."


" එතකොට ඔයාගෙ මුළු නම, අයිරින් ඩිලානි ෆර්නැන්ඩු ....මම ඔයාට ඩිලානි කියන්නද....?


" සර් කැමති නමකින් මට කතා කරන්න ...."


"මගේ මිසිස්ගෙ නම ලිලානී.....එයත් ටිකක් ඔයා වගේ තමයි ....ලිලානී ඉස්සර තේ වත්තේ බංගලාවට ආවාම වැඩිපුර යන තැනක් තමයි ඔය කොන්වන්ට් එකේ චර්ච් එක....එයා පැය ගානක් චර්ච් එකේ ගත කරනවා....."


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

6 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Commentaires


bottom of page