top of page
Writer's picturePrisila Godahewa

♨️අයිරින් ඩිලානි ♨️ නොසැලෙන දියණි (37 වෙනි කොටස )

"අනේ ඇයි.... ඔයගොල්ලෝ අම්මා දැන් කොහේද ඉන්නේ...?


"අපේ අම්මයි තාත්තයි දැන් ඉන්නෙ කැළනියේ අපේ අය්යගෙ ගෙදර ...."


"අපට ඒගොල්ලෝ ඉන්න තැනක ඇඩ්ඩ්‍රස් එකක් දෙන්න පුළුවන්ද ...අපි ගිහින් අහළ බලන්නම්..."


"අපේ අම්මයි තාත්තයි ඒගොල්ලෝ දැන් ඉන්න තැනක් ගැන දන්නවද දන්නෙ නෑ...."


" ඔයාගෙ අම්මලා මේ ගෙදරින් ගිහින් ගොඩක් කල්ද..?


" ටිකක් කල් ....අපේ අම්මා ගොඩක් අසනීප වෙලා ,මම ගිහින් එහෙ නැවැත්තුවා .......ඕන නම් මම ඇඩ්ඩ්‍රස් එක දෙන්නම්, ගිහින් අහල බලන්න ...."


"අනේ ලොකු උදව්වක් ..."


සිස්ටර් ෆර්නි එක්ක මම නැවතත් කොන්වන්ට් එකේ වාහනයට නැග ගත්තෙමි. ඇය දුන්න ගෙදර ඇඩ්ඩ්‍රස් එක සොයාගෙන අපි නැවත ගමන ආරංභ කලෙමු.


"අයිරින් අර ලේඩි දුන්න ගෙදර නොම්බරේ නම් මේක තමයි ....අපි ගිහින් කතා කරලා බලමුද?...."


අපි යන විට ඒගෙදර ඉස්සරහ, වයසක ගෑනු කෙනෙක්, පූසෙක් අතේ තියාන කම්මැලි කමට පුටුවක වාඩි වී ,පාර බලාන ඉදිනවා දුටුවෙමු.


"අර ලේඩි කිව්ව එයාගෙ අම්මා වෙන්න ඇති අර....අපි ඒ ඇන්ටිගෙන් අහමු....අපි යමු ලඟට..... යමු අයිරින් ..."


"හෙල්ලෝ....


"හෙල්ලෝ සිස්ටර් ....කාවද හොයන්නේ...."


"අපට මෙහේ එන්න කිව්වේ ඔයාගෙ දුව, අර ඉස්සර නාරහේන්පිටියේ නොම්බර 17 ගෙදර හිටිය ග්‍රේස් ,සෑම් ගැන එහෙම ඇන්ටි තොරතුරක් දන්නවද අහන්න අපි ආවේ...."


"කවුද ග්‍රේස් ...? සෑම් ..."


"අර නාරහේන්පිටියේ ගෙදර ඉදන් අවුරුදු දහයකට විතර ඉස්සර ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගියේ...."


"ආ...ග්‍රේස්ලද...? ඒගොල්ලෝ ඔස්ට්‍රේලියාවේ ගිහින් ගොඩක් කල්නේ...."


" ආන්ටි ,ඒගොල්ලන්ගෙ ඔස්ට්‍රේලියාවේ ඇඩ්ඩ්‍රස් එකක් එහෙම දන්නවද..."


"නෑනේ.... ඉස්සර නම් අපි හරි යාළුයි...ග්‍රේස් ඔස්ට්‍රේලියාවේ ගියාට පස්සෙ ලියුමක් දෙකක් අපට එව්වා.... ඊට පස්සේ එහෙමම ආරංචියක් නැතුව ගියානේ..."


"ආන්ට් දන්නවද.... ඒගොල්ලන්ගෙ ගෙදර ඉස්සර අර නැවතිලා හිටිය, කේරි කොලෙජ් එකට ගිය, මීගමුවේ එයාගෙ නංගිගෙ පුතා....තෝමස්.....ඒ බෝයි එහෙම කොහේද දැන් ඉන්නෙ කියලා ආන්ටි දන්නවද..?....එයත් ඔස්ට්‍රේලියාවේ ගියාද...තාම මෙහෙද...?


"ඉස්සර ග්‍රේස් ලග වැඩට කොල්ලෙක් හිටියා මට මතකයි ......ඒයාව නම් ග්‍රේස් ඔස්ට්‍රේලියාවේ එක්ක ගියේ නෑ....ඒ ළමයා සෑම්ගෙ මල්ලිගෙ ගෙදර නවත්වන කතාවක් ග්‍රේස් කිව්වා මතකයි ....ඒත් එයාව අපේ මහත්තයාට පිටකොටුවෙදි දවසක් හම්බවෙලා තිබුනා....ඒ ළමයමයි ඇවිත් අපේ මහත්තයා එක්ක කතා කරලා තියෙන්නේ .....එයා දැන් පිටකොටුවේරෙදි කඩේක වැඩ කරනවා කියලා මගෙ හස්බන්ඩ් කිව්වා.......ඒ දවස්වල අපි දෙන්නා ඒ බොයි ගැනත් කතා කලා....මොකද පව් අහිංසක ළමයා....ග්‍රේස් ඉස්සර පොඩ්ඩ බැරි උනොත් ඒ කොල්ලට ගහනවා....ඒ නිසා අපට හරි දුකයි....ඒකයි මගෙ හස්බන්ඩ් එයාව හම්බුන වෙලේ මට ඇවිත් කිව්වේ....හස්බන්ඩ් කිව්වා එයාට දැන් හොදයි කියලා .... "


"අනේ ආන්ට් මට ඒ බොයිව හොයා ගන්න පුලුවන් වෙයිද...එයා වැඩ කරේ පිටකොටුවේ මොන කඩේද කියන්න පුලුවන් ද..."


"ඒක හරියට මම කියන්න දන්නෑ ළමයෝ .....මගෙ හස්බන්ඩ් තමයි කිව්වේ....අද හස්බන්ඩ් ගෙදර නෑ.....තව දවස් දෙකකින් එන්නේ ටුවරිස්ට්ලා එක්ක ගෝල් ගිහින්..."


"මම අපේ ෆොන් නම්බර් එක දීලා යන්නම්...., අංකල් ආපුවහම ඒ බෝයි ගැන දන්න තොරතුරක් අහල කියන්න පුලුවන් ද ආන්ටි ....ලොකු උදව්වක්.... ඒ මගේ අය්යා....මම එයාව අවුරුදු ගානක ඉදන් හොයනවා.... පුලුවන් නම් මගේ අය්යට මේ මගේ ෆොන් නම්බර් එක දෙන්න කියන්න ආන්ටි ...එයාගෙ නංගි අයිරින් එයාව හොයාගෙන ආවා කියලත් කියන්න ... ...."


"දීලා යන්නකො ඔයාගෙ ඇඩ්ඩ්‍රස් එකයි ෆොන් නම්බර් එකයි......මම හස්බන්ඩ් ආවාම පනිවිඩය කියන්නම්...."


"මිසිස්ට ලොකු පිනක්..... මේ දරුවට එයාගෙ අය්යා හොයා ගන්න උදව් කරන්න. ...මේ ග්‍රේස් ගේ නංගිගෙ ලොකු දුව.....මෙයා දැන් ඉන්නේ නුවරඑළියේ අපේ කොන්වන්ට් එකේ... ...සිස්ටර් ෆර්නි ඒ ගැහැනු කෙනාට කීය.


"හා හොදයි සිස්ටර් කියන නිසා, මම හස්බන්ඩ් ආව ගමන් පනිවිඩය කියන්නම්..."


"අපි එහෙනම් ගිහින් එන්නම්...බොහෝම ස්තුතියි ..."


"හොදයි...."


"අයිරින් ....අපි තව ඔයාගෙ අය්යා නංගිලා ගැන මෙහෙම නොදැන හොයලා වැඩක් නෑ....අර ලේඩි එයාගෙ හස්බන්ඩ් ආවහම පනිවිඩය කියයිනේ....අපි එයාට කෝල් කරලා බලලා තව දවසක් කොළඹ එමු....අපි හෙට උදේ ආයි නුවරඑළියේ යමු....ඔයාගෙ අය්යා හොයාගෙන තමයි අපි නංගියි, මල්ලියි හොයාගන්න යන්න ඔනේ....නැතුව නංගියි මල්ලියි ගැන හරි විස්තරයක් නැතුව හොයාගෙන යන එක තේරුමක් නෑ....අය්යා ඒ දෙන්නා ඉන්න තැනක් දන්නව ඇති..... දැන් ගොඩක් හවස් උනානේ අපි දැන් මීගමුවේ කොන්වන්ට් එකට ගිහින්, අද රෑට එහෙ හොස්ටල් එකේ නැවතිලා හෙට උදේම නුවරඑළි යමු...."


"අනේ සිස්ටර් මම ගොඩක් බලාපොරොත්තු තියාගෙන කොළඹ ආවේ...මගේ අය්යා නංගි මල්ලි හම්බ වෙන්න...මට දුකයි ඒගොල්ලෝ හම්බවුනේ නැති නිසා...."


"අවුරුදු ගානකට උඩදි නැති උන අය එහෙම ලේසියෙන් හොයාගන්න බෑ අයිරින් ....අපි හෙමිහිට බලමු...ඉස්සෙල්ලා අය්යා හොයාගමු...ඊට පස්සේ ඔයාට අය්යත් එක්ක එකතු වෙලා නංගියි මල්ලියි හොයාගන්න පුලුවන් ...."


"හොදයි සිස්ටර් ...."


සිස්ටර් ෆුර්නි එක්ක කොළඹ ගොස් නැවත අපි නුවරඑළිය ගියේ.... මීගමුවේ මම පාසැල් කාලේ නැවති හිටි හොස්ටල් එකේද රාත්‍රීයක්ද ගත කරමින් ඉදය. කොළඹ එන විට මගේ හිතේ තිබුනු බලාපොරොත්තු රැස දැන් දියවි ගිය ගානයි. මගේ හිත නැවත සොවින් බරවි ඇත..... අනේ මට ආයේ කවදා කොළඹ එන්න ලැබේද....? මදර් තෙරේසා මට මගේ සහෝදරයන් හොයාගන්න නැවත උදව් කරයිද....? අර ආන්ටි මගේ අය්යට මම කොළඹ ඇවිත් ගිය ආරංචිය කියාවිද....?මට කවදා මගේ සහෝදරයන් හොයා ගන්න, දකින්න ලැබේවිද....? මට ඇති වි තිබුනේ ලොකු දුකක්....නමුත් ඒ දුක යට, තෝමස් මට කවදාහෝ දුරකථන ඇමතුමක් ලබා දේවි යන බලාපොත්තුවත් සැගවී ඇත.....


මටත් , සිස්ටර් ෆර්නිටත් එදින රාත්‍රීය ගත කරන්න ලැබුනු නේවාසිකාගාරය මීට අවුරුදු ගනනාවකට උඩදී මම නවාතැන් ගෙන තිබුනු මීගමුවේ කොන්වන්ට් එකේ හොස්ටල් එක විය. නේවාසිකාගාරය දැන් බොහෝ වෙනස් වී අලුත් වි ඇත..... මම පාසැල් ගිය කාලේ හිටි , මේට්ට්‍රන් , වැඩ කරන අය බොහොමයක් දැන් එහි නොසිටි අතර, මම හිටිය කාලේ සිටි සිස්ටර්ස්ලා දෙතුන් දෙනෙක් පමනක් මාත් එක්ක කතා කරත්, ඔවුන්ටද මා ගැන ඒ තරම් මතකයක් නොවිය..... කුස්සියේ වැඩ කරපු ලීලා අක්කාට නම් මාව මතක තිබුනි.... ඇයට මාව මතක මාව කොන්වන්ට් එකෙන් බාලිකා නිවාසයකට ඇරිය හේතුව නිසයි.....ඇයත් දැන් වයසට ගොස් ඇත... සිස්ටර් මේරි කරදරයක් වෙලා මේ කොන්වන්ට් එකෙන් ගියා කිව්වට, ඇය ගැන කවුරුත් මුකුත් හරියට කියන්න අදි මදි කරයි....


පසුදින උදයේ මාත් සිස්ටර් ෆර්නිත් නැවත නුවරඑළිය බලා ගියේ තෝමස් ඉන්න තැනක් හොයා අර ආන්ටි, මට දුරකථන ඇමතුමක් ලබා දේවි යැයි බලාපොරොත්තුවෙනි.


"අයිරින් ගිය වැඩේ හරි ගියේ නෑ නේද..? අය්යලා නංගිලා හොයා ගන්න වැඩේ අපි හෙමිහිට කරමු.....ඕවා හිතන තරම් ලේසී නෑ......සදුදාට ඔයාට තේ ෆැක්ටෙරි එකේ ජොබ් එක බලන්න, ඔෆ්ස් එකට එන්න කිව්වනේ... ඒකට සිස්ටර් ෆර්නි එක්ක ගිහින් බලන්න.. ...ඔයාට ජොබ් එකක් හම්බ උනොත් කරදරයක් නැතුව , නංගිලා මල්ලිලා හොයාගෙන යන්න සල්ලි ටිකක් ඉතුරු කරගන්න පුලුවන් නේ...අපටත් ඔයාගෙ වැඩ වලට කොළඹ යන්න එන්න වියදම් කරන්න සල්ලි නෑනේ අයිරින් ....ඒකයි මෙච්චර දවසක් උනත් ඔයාගෙ සහෝදරයන් හොයා ගන්න වැඩේට, අපට ඔයාට උදව් කරන්න බැරි උනේ....ඔයා ටිකක් පිළිවෙළකට එනකම් අපි හිටියේ ඔයාට උදව් කරන්න ....ඔයා මේ කන්‍යාරාමයට එනකොට හොදටම මානසිකව වැටිලා අසනීප ගතියෙන් හිටියේ....ඒකයි සහෝදරයන් හොයන වැඩේට ඔයාව එක්ක යන්න උනත් පරක්කු උනේ...ඊටත් මේවා, කන්‍යාතුමියන් වන අපට අයිති වැඩ නෙමේ....ඔයාට උදව් කරන්න ඕනේ කියලා සිස්ටර් ෆර්නි මට නිතර කිව්ව නිසයි ....එයා එක්ක ඔයාව කොළඹ ඇරියේ....අපට ඔයාව කොළඹ අරින්න වෙන කෙනෙකුත් නෑනේ....ඔයාට ජොබ් එකක් හොයලා දීලා, ඔයාව පිලිවෙලක් කරාම අපට උනත් හිතට නිදහස්....අනික අපට ඔයාව දිගටම මෙහේ තියාගන්න පුලුවන් කමකුත් නෑ....රස්සාව හරි ගියොත් ඔයාට මේ පලාතෙන්ම නවතින්න වෙන තැනක් හොයාගන්න වෙනවා....කොහොම හරි ඔයා සදුදාට ජොබ් ඉන්ටර්විව් එකට ගිහින් එන්නකෝ..... "


"ඔව් සිස්ටර් මම ඒක තමයි රස්සාවක් කරන්න ඕනෙ කිව්වේ......නැත්නම් මමත් ආසයි සිස්ටර් වගේ ලෝගුවක් දාගෙන සැහැල්ලුවෙන් ඉද ගෙන,දෙවියන් වහන්සෙ වෙනුවෙන් කැපවි ඉන්න......


"ඔව් ඉස්සර ඔයා ඔයාගෙ සහෝදරයො හොයා ගන්න ....ඊට පස්සෙ බැරියැ අනෙක් දේවල් ....."


ජීවිතේ තවත් අලුත් සංදිස්තානයක් වෙත යන්නට හදන ගමන ගැන, සිහින මවමින්, බලාපොරොත්තු රැසක් හිත දරාගෙන.... සදුදා උදේ පාන්දර නැගිට ගත්තේ .....තේ කර්මාන්ත ශාලාවේ රැකියාවේ සම්මුඛ පරීක්ෂණය සදහා යන්නටයි.....


සැමදා උදේ මා අතින් ,කෙරෙන කන්‍යාරාමයේ වැඩපල වලට උදව් කල මම, මට තිබුන හොදම ඇදුමෙන් සැරසී ශීත කබායක්ද දමා ගත්තෙමි. ....


කැඩපත ඉදිරිපිට ඔළුව පීරමින්, ඒ තුලින් මගේ හැඩ වැඩ බලමින්, ග්‍රැනී ඇතුළු ගෙදර සියලු දෙනා මතකයට නඟා ගනිමින් මගේ බාල කාලය ගත කල හැටි මෙනෙහි කලෙමි.


වෙන්නප්පුවෙ අපේ මහගෙදරින් පසු, මගේ දෙවන නවාතැන වු කොන්වන්ට් එකත්, ඉන් පසු තුන්වන නවාතැන වූ ළමා මඩමත්, එතනින් පසු මගේ හිතේ බයක් සැකක් නැතුව ඉන්න ලැබුනු මේ කන්‍යාරාමයේ අලුත් ජීවිතය ...., මගෙ හිත සැහැල්ලුවෙන්, යම් තරමකට සතුටෙන් ගත කිරීමට ලැබුනු නිදහස් ජීවිතය ගැන මම අද දෙවියන් වහන්සේට බොහෝ ස්තුති වන්ත වෙමි....


කාළයක සිට මගේ හිතේ තිබුනු ලොකුම ආසාව, බලාපොරොත්තුව ඉශ්ට වී අද දවසේ මට රැකියාවක් සදහා සම්මුඛ පරීක්ශනයකට යන්න අවස්තාව උදාවි ඇත.... තේ වත්තේ ෆැක්ටෙරියේ වැඩට යන්න ආසාවෙන් මගෙ හිත සතුටෙන් පිරි නොවිසිලි ගතියක් ගෙන ඇත....


කන්නාඩිය ඉදිරිපිට සිටගෙන මගේ ජීවිත කතාව ආවර්ජනය කරමින් මගේ රන්වන් පැහැති තඹ කොන්ඩය පීරමින්...කැඩපත තුලින් පිළිබිඹු වන මගේ රූපය දිහා ආසාවෙන් බලා සිටියෙමි.... මගේ රූපය ගැන ,දැන් මට ඇත්තේ ලොකු සතුටක් මිශ්‍ර ආඩම්බරයකී.

මගේ දැන් බාහිර පෙනුම බොහේ වෙනස් වී ඇත...මගේ කොටට කපා තිබූ තඹ පාට කොන්ඩය දැන් නැවත ඉණ ලඟට කැරළි ගැසී, රන්වන් පාටට වැවී ඇත....උසේ තරමට මහත ඇති, කිරිපාට ඇඟ අතපය.... ජීවයෙන් පිරුණු ඇස්, තොල්, නහය කට සහිත අහිංසක පෙනුමැති මගේ රූමත් කම....මගේ ආදර මමීගේ පෙනුමම, දැන් මට ලැබී ඇත්තේ ...., නියම බර්ගර් පෙනුම ඇතුවමය. .... හොද සනීප වාතාශ්‍රය ඇති ප්‍රදේශයක, හොද අලුත් එළවළු පළතුරු සහිත කෑම බීම, කන්නට ලැබීමත්, හිතට දැනෙන නිදහස් සැහැල්ලුව සමඟ.... දෙවියන්ගෙන් නිබඳව ලැබෙන ආශිර්වාදය සමග ගෙවියන කාලය තුල,.....මගේ පෙනුම බොහෝ වෙනස් වී ඇත ... මම එන්න එන්නම බාහිර රෑපයෙන් හැඩ වෙන අතර මානසික සුවයද, නොමඳව මට ලැබෙමින් පවති.......මට ඇත්තේ , මම ගැනම ආඩම්බරයක් මිශ්‍ර සතුටකි........"


මම නැවති සිටින කන්‍යාරාමයේ අවට, අක්කර ගනනාවක් දුරට පැතිර ඇති මහා තේ වත්තේ .....තේ කර්මාන්ත ශාලාවේ, ලිපිකරු රැකියාවක් සදහා අවස්තාවක් ඇතිද බැලීම සදහා මට තනියම එහි යන්නට අවස්තාව උදා වී ඇත. තේ කර්මාන්ත ශාලාවේ සම්මුඛ පරීක්ෂණ සදහා අවස්තාව උදා උනත් , මගේ හිතට ඇති වි ඇත්තේ තිගැස්මකී.....පාසැල් කාලයෙන් පසු රැකියාවට යන්න පෙරුම් පුරමින් ආසාවෙන් හිටියත්, සම්මුඛ පරිශනයකට තනියම යන්නට හිතේ ඇත්තේ බයකි.....ළමා කාලයේ සිට කවදාවත් තනියම ගමනක් ගොස් නොතිබුනු මට.... ලොකු මදර් ලඟ පාත ඇති තේ ෆැක්ටෙරියේ වැඩට තනියම යන්නට කිව්වේ.... ඇය හොදින් දන්නා එහි අයිතිකරුවා නිසා වන්නට ඇත..... ඊටත් වඩා අද සිස්ටර් ෆර්නි අසනීප ගතියෙන් පසුවීම නිසයි.


"අයිරීන් තාම ලෑස්ති නැද්ද...ඉන්ටර්විව් එකට යන්න....ඔයාට තනියම මේතන ඉදන් තේ වත්තේ ඔෆිස් එකට ඇවිදගෙන යන්න පුලුවන් නේද...?


"ඔව් සිස්ටර් මට පුලුවන් ....එත් ඉතිං අද තමයි මම මේ තනියම ගමනක්, පාරට බැහැලා යන්න හදන්නේ....ජීවිතේ මුල්ම වරට බාලිකා නිවාසයෙන් තනියම පැනලා ආව ගමනට අමතරව....."


"පහු ගිය දේවල් ඔක්කොම අමතක කරලා හිතේ සතුටින් ඔයාගෙ අලුත් රස්සාව බලන්න යන්න ....ඊට ඉස්සෙල්ලා පල්ලියට ගිහින් දෙවියන් වහන්සේට "ප්‍රේ" කරලා යන්න....


"හොදයි සිස්ටර් ...."


මම කන්‍යාරාම භූමියෙන් නික්ම , දේවස්ථානයට ගොස්, ටික වේලාවක් දෙවියන්ට යාච්නා කෙරුවෙමි .... මම මේ යන ගමන සාර්තක වෙන්න යැයි දෙවියන්ගෙන් කරුණාවෙන් ආදරයෙන් ඉල්ලුවෙමි......


කඩිනමින් පල්ලිය තුලින් නික්ම, මගේ අලුත් රැකියාවේ සම්මුඛ පරීක්ෂණය සඳහා යන්නට පාරට බැස්සෙමි....


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

4 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page