top of page
  • Writer's picturePrisila Godahewa

♨️අයිරින් ඩිලානි ♨️

නොසැලෙන දියණි

(66 වෙනි කොටස)

ඩිල්ශාන් අපි වාඩිවෙලා හිටිය තැනම,මේසය උඩ ඔළුව ගසාගෙන ඉන්න හැටි දැක මට ඇති උනේ ලොකු දුකක්....මම හෙමිහිට ඔහුගෙ ඔළුව අත ගාන්නට විය. ඔහු අඬනවා යැයි මට හැඟේ....


"අංකල් අපි වෙන දවසක ඉතිරි කතාව අහගන්නද...?මම නිශ්ශංක අංකල්ගෙන් හෙමිහිට ඇසුවෙමි ...."


"නෑ නෑ අංකල් ....ඉතිරි ටිකත් දැන්ම කියන්න...."


ඩිල්ශාන් ඔළුව නොඋස්සාම අංකල්ට කීවේ නහය බරවුන සද්දෙකින් ...


" එහෙනම් අංකල් දැන්ම කියන්නකෝ.....අදම මේ කතාව අහලා, දැනගෙන ඉවර උනාම ලේසියි ......"


"ඔව් මටත් මේක හිතේ තියාගෙන හිටිය කාලය ඇති....පොඩි කාලයක් නෙමේනේ, අවුරුදු විසිපහක් තිස්සෙ මම මේ රහස හංගගෙන ඉන්නේ...."


"එතකොට කොහොමද අන්තිමට අංකල් ඩිල්ශාන්ව හොයා ගත්තේ....?


මම ඩිල්ශාන් වෙනුවෙන්, නිශ්ශංක අංකල්ගෙන් පහුගිය කාලයේ විස්තර ඇසුවෙමි.


"ඩිල්ශාන්ව, කතෝලික පල්ලියකට සම්බන්ධ ළමා මඩමකට දුන්නෙ කියලා ලිලානී අසනීප උන වෙලේ කිව්වනේ....ඒක මට මතක තිබුනා....ඒ නිසා කතෝලික කෙනෙක්ගෙන්, ඒ වෙනුවෙන් මම උදව් ගන්න ඕනේ කියලා හිතුවා..... ඒත් ඒ කාලේ මම අඳුනන කතෝලික කෙනෙක්ට කියන්න හිටියේ, ලංකාවේ හිටිය මගෙ පරණ ගර්ල් ෆ්‍රෙන්ඩ්, මර්ලි විතරයි....

ඒත් එයාට මුළින් කතා කරන්න මගෙ හිත දුන්නෙම නෑ....මොකද මම එයාට කරපු වැරැද්ද නිසා.....බැරිම තැන මම එයා ඒ කාලේ වැඩ කරනවා කියලා කියපු කොන්වන්ට් එකට ඵෝන් එකෙන් කතා කරලා, එයාගෙන් උදව් ඉල්ලුවා මට ඩිල්ශාන් හොයා ගන්න.....ඒ දරුවා ලිලානීගෙ කියලා මම එයාට කිව්වෙ නෑ....අපි අඳුනන කෙනෙක්ගෙ ළමෙක් කියලා තමයි මම කිව්වේ...,


"ඉතිං එයා ඒවා විශ්වාස කරාද...? ඒවගේම අංකල් හම්බවෙන්න මර්ලි ආවද...?


"විශ්වාස කරාද දන්නෙ නෑ....ඒ වගේම එයා මාව හම්බවෙන්න එන්න නම් බෑ කිව්වා.....ඒ එයා මම ලිලානිව කසාද බැදපු එකට තරහින් ඉන්නෙ කියලා මම හිතුවා....හැබැයි එයා, දරුවා හොයාගන්න උදව් කරන්නම් කියලා නම් මට කිව්වා...."


"ඉතිං අංකල් රට ඉදන් ලංකාවට ගිහින් ගොඩක් කාලයක් ලංකාවේ හිටියද...?


"මාසයක් විතර හිටියා....ඒ උනාට මට මගේ දුව ලිහිණි, මතක් උන නිසා ආයෙත් රට යන්න ඕන උනා....මොකද මර්ලි මාව හම්බවෙන්න ආවෙත් නෑනේ...."


"ඉතිං අංකල් ආපහු රට ගියාට පස්සෙත්, මර්ලි අංකල්ට උදව් කලාද...?


"කතෝලික පල්ලියකට සම්බන්ධ ළමා මඩමක ඩිල්ශාන් ඉන්නෙ කිව්ව නිසා, මර්ලි හොයාගන්න බලන්නම් කිව්වනේ....."


"එයා එක දවසක්වත් අංකල් හම්බවෙන්න ආවෙ නැද්ද ?

" මම ලංකාවේ හිටිය මුළු මාසෙම ,එයා එක දවසක්වත් මාව හම්බවෙන්න ආවේ නෑ....ඒ ගැනත් මට දුකක් තිබුනා.... එයා ටෙලිෆෝන් එකෙන් විතරයි මාත් එක්ක, ඒ ඩිල්ශාන්ට සම්බන්ධ අවශ්‍ය දේවල් ගැන කතා කලේ.... අපි දෙන්නා, යාළුවෙලා හිටිය කාලේ උන දේවල්වත් , වෙන්වන්න හේතු උන දේවල් වත්, එයා ඒ වෙනුවෙන් දුක් වෙන බව වත් මාත් එක්ක කිව්වෙ නෑ....කතා කලේ නෑ....කොටින්ම මම එයාව අමතක කරලා ලිලානීව කසාද බැන්දා කියලා මට බැන්නෙ වත් නෑ.... එයා එතකොට ඉන්නෙ කොන්වන්ට් එකක කියලා විතරක් කිව්වේ.... එයා කන්‍යාරාමයක, සිස්ටර්ස්ලාට උදව් කරගෙන ඉන්න නිසා මාව හම්බවෙන්න එන්න බෑ කියලා තමයි මට කිව්වේ... , මටත් එතනට එන්න එපා කිව්වා .....කොහොමත් මට ඩිල්ශාන් හොයාගන්න කම් ලංකාවේ ඉන්න බැරි නිසා මම ආයෙත් රට ගියා....මොකද ඒ කාලේ මම ඒ රටේ ඔෆිස් එකක මාසෙ පඩියට වැඩ කරපු කෙනෙක් ...."


"අංකල් රට ගිහින් ආයෙත් ලිලානී ආන්ටි එක්ක යාළු උනාද...?


"ඔව්...මට ඕන උනේ නෑ, ඩිල්ශාන්ට උන දේ ලිහිණිට වෙනවා දකින්න....ඒ කියන්නේ මට ඕන උනා ලිහිණිගෙ අම්මා තාත්තා දෙන්නම එයා ලඟ හැමදාම ඉන්නවා දකින්න....."


" ඊට පස්සෙ ,ඉතිං අංකල්ගෙ ගර්ල් මර්ලි, ඩිල්ශාන්ව හොයාගෙන තිබුනද...?


"ඔව් ...මාස දෙකකට විතර පස්සෙ, මර්ලි මට ඒ රටට කෝල් කරලා කිව්වා, මම හොයපු ළමයා හම්බුනා කියලා ....හැබැයි විස්තර ඔක්කොම හරි උනාට, ඩිල්ශාන්ට දාලා තිබුන නම වෙනස් එකක්...."


"මොකක්ද අංකල් ඒ නම...?


"රෝවන් ජෑන්ස්" කියලා මඩමේ හිටිය ළමයට නම දීලා තිබුනේ......එයාගෙ භාර කාරයා විදිහට හිටිය කෙනා තමයි ඒ නම එයාට දාලා තියෙන්නේ .....ලිලානිගෙ බොයි ෆ්‍රෙන්ඩ්ගෙ සර්නේම් එකත් දාලා තිබුනා......ඒ කියන්නෙ, ටෙරන්ස් ජෑන්ස්ගෙ නමත් එයාගෙ උප්පැන්නෙ, තාත්තා කියලා ලියවිලා තිබුනා....අම්මා තාත්තා අවිවාහකයි කියලා තමයි උප්පැන්නෙ ලියවිලා තිබුනේ......"


"හානේ....එතකොට අම්මා ලිලානී කියලත් තිබිලද...?


"ඔව් තිබිලා...."


"අයිරින් දන්නවද...? ඩිල්ශාන්ගෙ භාර කාරයා විදිහට හිටියෙ කවුද කියලා .. .....?


"නෑ...ඒ කවුද...?


"ලිලානීට ඩිල්ශාන් හම්බවෙන්න ඉන්න කොට, ඒගොල්ලෝ ඉදලා තියෙන්නේ වෙන්නප්පුවේ,....."


"ලිලානි ආන්ටිලාගෙ ගෙවල් වෙන්නප්පුවේ තිබුනෙ කියලා ආන්ටි මට කිව්වා...."


"ලිලානීලාගේ ගෙවල් කිට්ටුව හිටිය බර්ගර් වයසක ලේඩි කෙනෙක් වන විනිෆ්‍රීඩා කියලා කෙනෙක් තමයි ඩිල්ශාන්ගෙ භාරකාරයා විදිහට එයාව ළමා මඩමට භාර දීලා තියෙන්නේ ...."


"මොනවා ඒ මගේ ග්‍රැනීද....? ග්‍රැනීගේ නම විනිෆ්‍රීඩා තමයි ..... දෙවියනේ....එතකොට ඩිල්ශාන්ව මඩමට භාර දීලා තියෙන්නේ මගේ ග්‍රැනීද ....???


"ලිලානීට කසාද බදින්නෙ නැතුව , බබෙක් හම්බවෙන්න ඉන්න ලැජ්ජාව වහගන්න බැරුව ලිලානිගෙ අම්මලා එයාගෙ ළමයා නැති කරන්න හදන කොට, ඒ බර්ගර් ලේඩි තමයි ලිලානීව එයා අඳුනන ගේක නවත්වලා, බබා හම්බ වෙනකම් බලාගෙන තියෙන්නේ ...."


"දෙවියනේ...ඒ කියන්නෙ මගේ ග්‍රැනී ඩිල්ශාන්ව දැකලා තියෙනවා ....ග්‍රැනී කොහොමත් ඒ කාලේ, මුළු ගමේම අයට උදව් කරපු කෙනෙක් ...මාව හම්බවෙන්න ලීලානි ආන්ටි අපේ ගෙදර ආපු දවසේ, ග්‍රැනීගේ හොද හරියට කිව්වෙ ඒකයි එහෙනම්....ඒ වගේම ,ලිලානී ආන්ටි අපට මෙච්චර උදව් කරලා තියෙන්නෙත් ඒකයි මේ...."


" විනිෆ්‍රීඩා ආන්ටි තමයි ,ලිලානිගෙ බබා බේරලා එයාව ..... අදුනන ගෙදරක නවත්තලා තියාගෙන ඉදලා තියෙන්නේ ... ....ලිලානී ඩිල්ශාන්ගෙ තාත්තට, ඒ කියන්නේ, ටෙරන්ස්ට ගොඩක් වයිර කර කර කේන්තියෙන් ඉදලා තියෙන්නේ ....ඒ නිසා එයා ඩිල්ශාන්ව හදා ගන්න කැමති වෙලාම නෑ.....පස්සෙ ග්‍රැනී දන්න කියන ෆාදර්ස්ලා ,සිස්ටර්ස්ලාවගයකට කියලා තමයි ඩිල්ශාන්ව බදුල්ලේ බාලිකා නිවාසයේ නතර කරලා තියෙන්නේ..... . බදුල්ලේ බාලිකා නිවාසයේ අවුරුදු හයට අඩු පිරිමි ළමයි ටික දෙනෙක් ඒ කාලේ ඉදන් ඒකේ ඉදලා තියෙනවා...., ඩිල්ශාන් මඩමේ හැදුනෙ ඒ නිසයි .... ඩිල්ශාන් හැමදාම මගෙන් ඇහුව්වනේ, ඇයි එයාව පොඩි කාලේ මඩමක තියාගෙන හිටියෙ කියලා ......දැන් ඔයාට ඒක තේරෙනවද ඩිල්ශාන් ...."


ඩිල්ශාන් හෙමිහිට ඔළුව වැනුවේය.... ඔහු මේස පුටුවේ වාඩිවි, පිටුපසට වි එහි ඇන්දට ඔළුව තියාගෙන ඈත බලාගෙන ,නිශ්ශංක අංකල්ගෙ කතාව ඕනෑවට එපාවට මෙන් අහගෙන ඉදියි....මම ඩිල්ශාන් වෙනුවෙන් නොනවත්වා ,නිශ්ශංක අංකල්ගෙන් පහුගිය විස්තර අසමින් ඉන්නේ ලොකු ඕනෑකමකිනි....


"එතකොට ලිලානි ආන්ටිට, මගේ ග්‍රැනී එයාට කරපු උදව්ව නිසා තමයි, අපට මෙච්චර උදව් කරන්නේ.... දැන් තමයි මට ඒක හරියට තේරුනේ...."

"ඩිල්ශාන් අවුරුදු හයක් බදුල්ලේ බාලිකා නිවාසයේ හැදුන එක ඩිල්ශාන් මතක් කරන්නවත් කැමති නෑ කියලා මම දන්නව..."


"එතකොට නුවර අම්මා කොහොමද මේ කතාව ඇතුලට ආවේ...?


"ඒ මගේ අක්කා....... මම මර්ලිට කිව්වෙ ඩිල්ශාන්ගෙ දෙමව්පියන් නැති නිසා.....එයාව මට හදා ගන්න ඕනෙ කියලා ........ඒ වගේම මම මගේ අක්කට කිව්වා, මට පුතාලා නැති නිසා, මේ ළමයා මම මඩමෙන් ඇරන් හදා ගන්නවා කියලා ....එයාට ටික කාලයක් එයාගෙ අම්මා ඔයා විදිහට අදුන්නලා දීගෙන එයාව බලාගන්න කියලත් කිව්වා......

මම පුලුවන් ඉක්මනට ඩිල්ශාන්ව මම ඉන්න රටට ගන්නවා කිව්වා.....

ඊට පස්සෙ මම මර්ලිට කිව්වා, මේ දරුවා මගේ කියලා මට මගේ නමට හරවගන්න ඕනේ කියලා .....මර්ලි, මගේ කීමට, අඳුනන කෙනෙක්ට කියලා, රෝවන්ගෙ පරණ උප්පැන්න සහතිකය වෙනුවට අලුත් එකක් ඩිල්ශාන් කියන නමත් එක්ක රණදේව වාසගම දාලා හැදුවා...."


"මට දැන් තේරෙනවා .....මගේ උප්පැන්නෙ රණදේව කියලා තියෙන නිසා මම හිතන් හිටියේ, නිශ්ශංක අංකල් මගේ තාත්තා කියල මයි. .....අංකල් මට සැලකුවේ අංකල්ගෙ පුතෙක්ට වගේ.....ඒත් නුවර අම්මා,මගේ අම්මා කියලා මට කොහොමත් හිතුනෙ නෑ....ටිකක් ලොකු වෙනකොට මට තේරුනා මගේ උප්පැන්න සහතිකේ අම්මා කියන තැන තිබුන මර්ලි මගේ අම්මාමයි කියලා ......මොකද මම ළමා මඩමෙ ඉන්න කාලේ මාව බලන්න ආවේ සිස්ටර් මේරි විතරයි... . එයා ඒ ආපු දවසට මට බත් කවලා, මාව හෝදලා, මට ඔරසම් කියන්නත් ඉගැන්නුවා ..... එයාගෙ ආදරේ බලාගෙන, පොඩිකාලේ මම එයා එනකම් මග බලාගෙන ඉන්නවා..... එයා මට ටොපි චොක්ලට් ,ඇදුම් තෑගි එහෙම ඇරගෙන මාව බලන්න එන්නේ....එයා ඇවිත් යන දවසට මම හරියට අඬනවා මට එයත් එක්ක ආපහු යන්න ඕනේ කියලා ....මඩමේ හැමෝම හිතුවෙ එයා මගෙ අම්මා කියලා...." .


" මම ඔයා ගැන බලන්න කිව්ව නිසා තමයි මර්ලි ඔයාට ඒ විදිහට සැලකුවේ, කොටින්ම ඔයාගෙ උප්පැන්න සහතිකේ හදනකොට,...ඒකේ ඔයාගෙ තාත්තා කියන තැනට මගේ නම දාලා, අම්මා කියන තැනට මොකක්ද දාන්නෙ කියලා මගෙන් ඇහුව්වහම, මම කිව්වා ඔයා අකමැත්තක් නැත්නම් මර්ලි කියලා දාන්න කියලා ....එයා ඇත්තට කැමැත්තෙන් ඒක එහෙම කරලා තිබුනා....මම ඔයාව අපි ඉන්න රටට එක්ක ගියේ ඊට පස්සේ ..... ලිලානී ඇත්තටම හිතුවේ ඔයාගෙ අම්මා මර්ලි කියලා ....ඒ නිසා තමයි ලිලානී ඔය ඉස්සර ඉදන්, ඩිල්ශාන් එක්ක මම සිස්ටර් මේරිගෙ සොහොනට යනවට අකමැති ...."


"ඒ නිසා වෙන්න ඇති

එයා ලිහිණිට වඩා වෙනස් විදිහකට මට සැලකුවේ.... මම හිතුවෙම සිස්ටර් මේරි මගේ අම්මා කියලා ....කොටින්ම ඊයේ වෙඩින් එකෙන් පස්සෙ මම සිස්ටර් මේරිගෙ සොහොනට ගිහින් ඉටිපන්දම් පත්තු කරලා මල් තිබ්බෙත් එහෙම හිතාගෙන.... "


"මර්ලි මාව හම්බවෙන්න ආවෙ නැති උනාට, ඔයා ඉන්න තැන හොයලා, නිතර ඔයාට තෑගි බෝග ඇරන් බලන්න ගිහින් තිබුනා....ඔයාට අවුරුදු හයෙන් පස්සෙ පිරිමි ළමා නිවාසයකට ඔයාව දාන්න යන බව මට එයා කෝල් කරලා කිව්වා, ඒ පාර මම මගේ නුවර අක්කට කතා කරලා, ඩිල්ශාන්ව ටික කාලයකට හදා ගන්න කිව්වා,එයාගෙ ළමයෙක් විදිහට, මම ඒ කිසි දෙයක් ලිලානිට කිව්වෙ නෑ.....කොටින්ම ඩිල්ශාන්ව මම නිව්සීලන්ඩ් එක්ක ඇවිත්වත් එයාට ඩිල්ශාන් එයාගෙ පුතා බව කිව්වෙ නෑ......මට පුතාලා නැති නිසා මම ඩිල්ශාන්ට ගොඩක් ආදරෙන් හිටියා....ලිලානී හිතුවෙ, ඩිල්ශාන් , මගෙයි මර්ලිගෙයි දරුවෙක් කියලා .....හැබැයි ලිලානී මට ඒකට මුකුත් කිව්වෙ නෑ....එයා මඩමක දාලා ආව එයාගෙ පුතා මතක් වෙන නිසා, එහෙම කරන්න ඇති.. "


"එතකොට, ටෙරන්ස් අංකල් දන්නවද ඩිල්ශාන් ගැන....?"


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා*

7 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page