top of page
  • Writer's picturePrisila Godahewa

♨️අයිරින් ඩිලානි ♨️

නොසැලෙන දියණි

(65 වන කොටස)


"ඩිල්ශාන් ....,ඩිලානි ඔය දෙන්නා ලෑස්තිද හොටෙල් එකට යන්න ...."


"ඔව් අංකල් අපි ලැස්තියි...ලිලානී ආන්ටිත් එනව නේද අපිත් එක්ක යන්න ....?


"නෑ ඩිල්ශාන් ...ඊයෙ රෑ වෙනකම් පාර්ටිය ගිය නිසා, ආන්ටි තාම නිදි...අපි යමු, මම ඔය දෙන්නව බස්සවලා එන්නම්..... ."


අපේ විවාහය පල්ලියේ නීත්‍යානුකූලව සිදු විමේන් පසු, මගේ හිතට දැනෙන නිදහස සතුට ගැන කීමට වචන නැත..... මින් පසු ඩිල්ශාන්ගේ ආදරණිය බිරිඳ ලෙස, ඔහු ලඟටම වී ඉන්න ලැබීම කොයිතරම් නම් වාසනාවක්ද...? ළමා හා යොවුන් කල මම වින්ද අනන්ත අප්‍රමාණ දුක්ගැහැට නිමාකරමින්, මට මෙවන් ධනවත්, උගත් හොද ගතිගුණ ඇතුව හැදුනු තරුණයකු හා විවාහ වෙන්න ලැබීම නම් මගේ භාග්‍යයක්ම වේ..... පසුගිය දින අපේ විවාහ ජිවිතයේ, මංගල රාත්‍රීයේ ආරංභය ,.... අඹුසැමියන් වි ආරංභ කල පවුල් ජීවිතය......,කවදා හෝ අප දෙදෙනාගෙන් කෙනෙකු මේ ජීවිතයෙන් නික්ම යන තෙක්,....කිසිම කරදරයක්,හානියක් සිදු නොවි, මුළු හිතින්ම, අපේ මුළු ජීවිත කාලයම අප දෙදෙනාට ආදරයෙන්, සතුටින් ඉන්න ලැබේවායි මම දෙවියන්ට, යාච්ඥා කෙරුවෙමි ..... .


ඩිල්ශාන් වැනි කෙනෙකුගේ බිරිඳ වීමට මට ලැබිම, කොයිතරම් නම් මගේ භාග්‍යක් වාසනාවක්ද.......?


නිශ්ශංක අංකල් හා රියදුරු මහතා සමග, නුවරඑළියේ ටවුම මැදින් ඇදීගිය අපේ වාහනය , එහි අතුරු පාරක් දිගේ ගොස් නුවරඑළියේ මහ හෝටල් වත්තට ඇතුළු විය. එම නා නා වර්ණයන්ගෙන් යුතු මල් පිරුනු , ලස්සනට තණකොළ කපා පිළිවෙළට සකසා ඇති ගෙමදුල ඉදිරිපිට ඉතා ගාම්භීර පෙනුමැති මහා හෝටල් කොරිඩෝව යට අපේ වාහනය නතර කල පසු, නිශ්ශංක අංකල් වේලාසන වාහනයෙන් බැස ගත්තේය ....


"ඔන්න අපි හොටෙල් එකට ආවා....එහෙනම් පරිස්සමට බැහැ ගන්න ඩිල්ශාන් ...ඔයා අද ඉදන් පරිස්සමට කිහිලි කරුවෙන් යන්න...ඩිලානි ,ඩිල්ශාන්ට උදව් කරන්න...."


නිශ්ශංක අංකල් එසේ කීවත් ,ඔහු පැමින ඩිල්ශාන්ට හෝටලය ඇතුලට යන්න උදව් කලේය.


"අපි ඉස්සෙල්ලම මොනව හරි කාලාබිලා ඉමුද...? අද උදෙත් හරියට කන්න ලැබුනෙ නෑනේ...."


"ඔව්....එහෙම කරමු, ඩිල්ශාන් ඔයාට කිහිලි කරු දෙකෙන් ඇවිදගෙන එන්න පුලුවන්ද ...? පොඩ්ඩක් පරිස්සමට දෙන්නත් එක්ක ඇවිදින්න...වැඩිය එහෙ මෙහෙ යන්න එපා.....හනිමූන් එක ගෙදරම ගත කරලා හරියන්නෙත් නෑනේ, ඒකයි මම මේ හොටෙල් එකට දෙන්නව එක්ක ආවේ ...."


"අනේ ඔව් අංකල් ...අපට මෙහෙම තැනක නවතින්න එන්න ලැබුන එක නම් හරි සතුටක්......මම නම් ජීවිතේට මේ වගේ තැනකට ඇවිත් නෑ....හරිම නිදහස් ලස්සන තැනක්...."


"එන්න අපි අර කොනේ තියෙන සෙටියෙන් වාඩිවෙමු.....මට ඔය දෙන්නට කතාවක් කියන්න තියෙනවා කියලා කිව්වා...., ඔය දෙන්නට මතකද...?


"ඔව් අංකල් ...අපි දෙන්නම ඒක දැනගන්න ආසාවෙන් ඉන්නේ...."


සුදු සරමක් ශර්ට් එකක් ඇදගත් වේටර් වරයකු පැමින අපට හකුරු සමග තේ කහට පිළිගැන්විය....මෙය මේ හෝටලයට එන අමුත්තන්ට, මුළින්ම නොමිලේ ලැබෙන දෙයක් බව මට පැහැදිලි විය.


"අපි තව ටිකකින් ලන්ච් ගමු....එතකම් මේක බොමු, මේ සීතල යන්නත් එක්ක....."


" පරණ සුද්දගෙ කාලේ ඉදන් එන මහ හෝටලයක්නෙ මේක......හරි ගාම්භීර පෙනුමයි....තාමත් හරිම පිලිවෙලට ලස්සනට මේක තියාගෙන ඉන්න ලස්සන...."


"අංකල් අර කතාව දැන් කියන්නකෝ...."


" හරි ඩිල්ශාන් .... මම එහෙනම් කතාව කියන්නම්කෝ....."


"මාත් ඒක දැනගන්න ආසාවෙන් ඉන්නේ...."


"ඩිල්ශාන්.... මම මේ කියන්න යන කතාව කිව්වට පස්සෙ, ඔයා කා එක්ක වත් හිතේ තරහක් තියා ගන්න බෑ හොදේ..."


"ඇයි අංකල් ...?


"එහෙම නෙමේ...මම මේ කතාව කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ....???ඒ තරමට දිග කතාවක් නේ මේක....කොටින්ම කිව්වොත් මේ කතාව හරියටම ඔයාගෙ වයසටත් වඩා, තව අවුරුද්දක් පරණ එකක්......හරි....මම මෙහෙම කියන්නම්කෝ .... ඊයේ රෑ ආව ටෙරන්ස් අංකල් මතකනේ....?


"ඔව්...එයත් මේවට සම්බන්ධද?


"ම්...එයා තමයි මේ කතාව ඇති වෙන්න මූලික හේතුව .....එයා ගොඩක් පෝසත් කෙනෙක් .....එයාගෙ දෙමව්පියන් එයාට ඕන විදිහකට නටන්න ඇරලා, අතපය දිග ඇරලා වියදම් කරපු අය......ටෙරන්ස් තරුණ කාලේ හරිම සෙල්ලක්කාර ගෑනු පිස්සෙක්ලු......, එයාට හරියට කෙල්ලො ඉදලා තියෙනවා හැම තැනම....කෙල්ලොත් එයාගෙ පස්සෙන් වැටිලා ඉදලා තියෙන්නේ මිනිහත් කඩවසම් බවට,තව සල්ලි තියෙන කෙනෙක් නිසා...".


"අංකල් එයාව ඉස්කෝලේ යන කාලේ ඉදන් දන්නවද...?


"නෑ ඩිල්ශාන් ...මම පස්සෙ එයා ගැන හරියට දැනගත්තේ...."


"ඉතිං...ඉතිං ...."


"මිනිහා ඉස්කෝලෙන් අවුට් උනාට පස්සෙ , අර එයාට හිටපු කෙල්ලො ගොඩෙන් එක කෙල්ලෙක්, කසාද බදින්න හිතාගෙන ලඟින් ආශ්‍රය කරලා තියෙනවා ,....හැබැයි හිටි හැටියේ ඒ සම්බන්දෙ නවත්තලා දාලා තමයි එයා, ජූලියාව කසාද බැදලා තියෙන්නේ.....ජූලියා ඒ දෙන්නගෙ මැද්දට පැනලා, ඒ සම්බන්ධය නතර කරලා තමයි ටෙරන්ස්ව කසාද බැදලා තියෙන්නේ කියලා කියනවා. ... ...."


"අප්පෝ...ඒ ගෑනි නැති තැනක් නෑ....අපේ පවුලත් එයා තමයි විනාශ කරේ...."


"ඉතිං......ටෙරන්ස් මුළින් යාළුවෙලා හිටිය කෙල්ල හොදටම අප්සෙට් ගිහින් වහ වගයක් බීලා, මැරෙන්න හදලා තියෙනවා ....මොකද එයත් මෝඩ වෙලා, ටෙරන්ස් එක්ක එහෙ මෙහෙ රවුම් ගහලා,.... එයාට ටෙරන්ස්ගෙන් ඒ වෙනකොට බබෙක් හම්බ වෙන්න ඉදලා, ...."


"අනේ පව්....අනේ අංකල් ඒ ලේඩි කවුද...?


"කතාව ඉවර උනාම ඒ කවුද කියලා කියන්නම්....."


"ඉතිං ඒ ගෑනු ළමයගෙ ගෙදරින් මේ කෙල්ලට හම්බවෙන්න හිටිය බබා නැති කරන්න හදලා.....මොකද කසාද නොබැදපු කෙල්ලෙක්ට බබෙක් හම්බවෙන්න ආවාම ගමේ ගොඩේ, ඉන්න බැරි නිසා.....ඒ කෙල්ලත්, ටෙරන්ස් එක්ක කේන්තියට, මේ හම්බවෙන්න හිටිය බබා, නැති කරගන්නම ඕනේ කියලා ....ඒ පාර ගෙදර අයත් එක්ක එකතු වෙලා, බබා නැති කරගන්න එක එක දේවල් කරන කොට....., ඒ ළමයින්ගෙ ලඟ පාත ගෙදරක හොද ගෑනු කෙනෙක් එයාගෙ හිත හදලා,....ඒ බබා නැති කරගන්න එපා කියලා... ,

ඒ බබා හම්බ වෙනකම් ඒ ගෑනු කෙනා දන්න කොහේද ඈත ගෙදරක, ඒ ගෑනු ළමයව නවත්වලා තියෙනවා ...."


"නෑ...අනේ කවුද ඒ ගර්ල් ...?


"පස්සෙ ඒ කෙල්ලට, බබා හම්බවුනාට පස්සෙ ,..... මේ කෙල්ල මේ බබාට, කිරි දෙන්නවත් කැමති වෙලා නෑ, ටෙරන්ස් එක්ක තියෙන කේන්තියට...ඒ පාර ඒ ගෙවල් ලඟ ගෑනු කෙනා,....මෙයාගෙන් ඒ බබා ඉල්ලගෙන, ඒ ලේඩි දන්න පල්ලියකට සම්බන්ධ ළමා මඩමකට මේ බබා හදා ගන්න දීලා....ඒ දරුවගෙ භාරකාරත්වය ඇරගෙන තියෙන්නේ ඒ ගෙවල් ලඟ හිටිය ගෑනු කෙනා.....මොකද අර ගර්ල්ගෙ අම්මලත් ටෙරන්ස්ගෙ ළමයා භාර ගන්න කැමති වෙලා නෑ....ඒ ටෙරන්ස් සෙල්ලක්කාරෙක් නිසා....අන්තිමට බබාව ළමා මඩමට භාර දීලා අවුරුද්දකින් විතර, අර ගර්ල් වෙන කෙනෙක් කසාද බැදලා රට ගිහින්...."


" අම්මෝ....මාර අම්මෙක්නේ එයා.....ඉතිං අංකල් කියන්නකෝ කවුද ඒ ලේඩි...කවුද ඒ ළමයා,...ඒ මමද,...? ඩිල්ශාන්ද ?


"ඔයාගෙ ළමා කාලේ ඔයාට මතකයිනේ ඩිලානි ....ඒ ළමයා ඩිල්ශාන් ...."


"මම....ඒ කියන්නෙ මගේ තාත්තා ටෙරන්ස් අංකල්ද...???


"ඔව්...ඒ නිසා තමයි , ලිලානී ආන්ටි ඔයා අයිරින්ව කසාද බදිනවට කැමති උනේ ...ඔයාගෙ තාත්තා ටෙරන්ස් උප්පත්තියෙන්ම ක්‍රිස්තියානි කෙනෙක්...ඒ නිසා ඔයත් ක්‍රිස්තියානි ආගමේ කෙනෙක් කසාද බදින එක හොදයි කියලා ලිලානී ආන්ටි හිතුවා....."


" එතකොට කවුද මගේ අම්මා...."?


"හරි ඒක මම කියන්නම්....ඊට ඉස්සෙල්ලා අහගන්නකෝ,..... ටෙරන්ස් අංකල්ව බැන්ද ජූලියාට ළමයි ඉදලා නෑනේ ඒ කාලේ......ඒ වගේම ටෙරන්ස් අංකල්ට සල්ලි තිබුන නිසා, එයා ඒ කාලේ, ක්ලබ් ගානෙයි, ගෑනු පස්සෙයි ගිහින්, අන්තිමට එයා ජූලියාව ඩිවෝස් කරලා ...."


"අපි දැනගෙන හිටියා, ජූලියාගෙ හස්බන්ඩ්ගෙන් එයාට ළමයි නෑ කියලා ඩිවොස් කරපු කතාව...."


"ඔය ටෙරන්ස්ලගෙ තාත්තලාට නුවරඑළියේ ලොකු තේවත්තක් තිබුනා...., සුද්දගෙ කාලේ ඉදන් එන ඒවා....ටෙරන්ස්ගෙ තාත්තගෙ තාත්තා සුද්දෙක්ගෙ සුපිරින්ටන් කෙනෙක්ලු ඒ කාලේ.. ...සුද්දා අක්කර ගානක තේවත්තක් ඒගොල්ලන්ට නිකන් දීලා, ඒවයෙ ආදායමෙන් තමයි ටෙරන්ස්ලා ඒ කාලේ ඉදන්, සුද්දො වගේ වියදම් කරගෙන ඉදලා තියෙන්නේ ...."


"ඉතිං අංකල් කියන්නකෝ මගේ අම්මා කවුද....?


"ටෙරන්ස් ඊට පස්සෙ ආයෙත් කසාද බැදලා , ඒ ලේඩිටත් ළමයි ඉදලා නෑ.....ටෙරන්ස් තාම ඉන්නෙ එයත් එක්ක තමයි , එයා ඇමරිකාවේ ඉන්නේ.....ඔය ඉද හිට ටෙරන්ස් ලංකාවට තනියම ඇවිත් යනවා...., ඔයගොල්ලන්ගෙ වෙඩින් එක එයාට කිව්ව ගමන් එයා ලංකාවට ආවා, ඔයාව දකින්න ආසයි කියලා......"


"එතකොට අංකල් මගේ අම්මා,... ඉස්සර මාව බලන්න මඩමට ආව සිස්ටර් මේරිද...?


"සිස්ටර් මේරි කියන්නේ හරිම හොද කෙනෙක් ...මට එයා කසාඳ බදින්න බැරි උනේ, එයා කැතලික් නිසා..."


"එතකොට, මගේ අම්මා, ආච්චිලා, මාව ඒගොල්ලන්ගෙ ළමෙක් කියලා මාව භාර ගත්තේ නැත්නම්,..... කවුද මාව ළමා මඩමට භාර දුන්නේ....කවුද අර මගේ අම්මලාගෙ ගෙවල් ලඟ හිටිය හොද ගෑනු කෙනා...."


"ඒ අර ගර්ල්ගෙ, ගෙවල් ලඟ හිටිය ගෑනු කෙනා , එයා දන්න කියන ෆාදර්ස්ලා ,මදර්ස්ලාට කියලා පල්ලියකට අයිති ළමා නිවාසයකට ඔයාව භාර දීලා තියෙන්නේ ...."


"එතකොට මම කොහොමද නුවර අම්මලාගෙ ගෙදර ගියේ,..?


මගේ කට රිදෙනවා ඩිල්ශාන් ...අපි පොඩ්ඩක් එලියේ ඇවිදලා ඇවිත් දවල්ට කන ගමන් ආයෙත් කතා කරමුද.?...


"මට නම් කෑම කන්න ඕනත් නෑ, මේ දේවල් අහන්න තියෙනවා නම්....මට ඉවසිල්ලක් නෑ, මගෙ අම්මා කවුද කියලා දැනගන්න කම්..."


"පොඩ්ඩක් ඉවසන්න...."


නුවරඑළිය මහ හෝටලෙන්, අපි තුන් දෙනා දහවල් ආහාරය ගෙන, පසුව හෝටලයේ ඉදිරිපිට ඇති ලස්සනට තණකොළ වවා කපා ,වටේට නා නා මල් වර්ග සිටවා පිළිවෙළට සකසා ඇති මල් වත්තට ඇවිද ගියෙමු. ඩිල්ශාන්ට කිහිලි කරු දෙකෙන් ඇවිදින්න උදව් කරමින් නිශ්ශංක අංකල් ඔහු ලඟින්ම හිදී....


"ලිලානි ආන්ටි ,අංකල්ව හොයනවද දන්නෙ නෑ...."


"නෑ මම කියලා ආවේ, අද ටිකක් හවස් වෙනකම් ඔයගොල්ලෝ එක්ක ඉදලා එන්නම් කියලා ....එන සුමානේ අපි ආයෙත් රට යන නිසා, අපි ආයෙත් කාලෙකට හම්බ වෙන්නෙ නෑනේ....ඒ නිසා අපි ටිකක් අද නිදහසේ කතා කරමු...."


"එතකොට ලිලානී ආන්ටියි ,අංකල්ලුයි කසාද බැන්දේ, "ප්‍රොපොසල්" එකකින්ද....?


"ඔව්නේ...දෙන්නට දෙන්නා අඳුනගන්න වත් කාලයක් තිබුනේ නෑ...ලිලානීගෙ මාමා කෙනෙක් නිව්සීලන්ඩ් හිටියා, අපි කසාද බදින්න ඉස්සෙල්ලා එයා අපිව එහෙට ගන්න දේවල් ඔක්කොම ලෑස්ති කරලා තිබුනේ....ඒවා ඔක්කොම ලිලානිගෙ අම්මලා ලෑස්ති කරලා තිබුන දේවල් ....අපේ ගෙදර අයටත් මාව රට අරින්න ඕන කමක් තිබුනානේ....මායි මර්ලියි අතර තිබුන සම්බන්ධය කඩන්න....ඒක බලාගෙන අපේ අම්මලා, මාව රට අරින්න ඕන නිසා ලිලානිට කැමති වෙලා තියෙන්නේ .....ඉතිං මටත් ලංකාවේ ඉන්න එපා වෙලා තිබුනේ......ඒ නිසා මමත් ලිලානී බැදලා රට ගියා...."


"ඉතිං...ලිලානී ආන්ටි ,අංකල් එක්ක කැමත්තෙන්ද හිටියේ......?


"ඔව්...එයා මට හරි ආදරෙන් හිටියා....මමයි ලිලානියි කසාඳ බැදලා ,රට

ඇවිත් මාසෙ පඩියට තමයි ඔෆිස් දෙකක වැඩ කලේ....අපි බොහෝම අමාරුවෙන් එහේ හිටියේ....අපි කසාද බැඳලා අවුරුදු තුනකට පස්සෙ තමයි ලිලානිට ලිහිණි හම්බවෙන්න ආවේ......ලිහිණි දුව හම්ව උන අලුත, ලිලානි හොදටම අසනීප උනා...එයාට මානසික ලෙඩක් හැදිලා කියවන්න ගත්තා...., අමුතුම දේවල් කියෙව්වා....ඒ අතර එයාගෙ පුතා දාලා ආවා කියලා නිතර අඬන්න ගත්තා...එයාගෙ පුතා ඕනේ කිය කිය අඬන්න ගත්තා....මම ලිලානීගෙ පරණ කතන්දර දන්නෙ නෑනේ...මම එයාව ඩොක්ටර්ස්ලා දෙතුන් දෙනෙක් ලඟටම එක්ක ගියා....එතනදී තමයි මම දැනගත්තේ මාව කසාද බදින්න ඉස්සර ලිලානීට දරුවෙක් ලැබිලා තිබුන බව....ඒ කියන්නේ ටෙරන්ස්ට දාවා දරුවෙක් ලැබිලා තිබුනේ ලිලානීට.....එයා මට හොරෙන් ලැබුන දරුවා, මඩමක දාලා, මාවත් බැඳගෙන රට ඇවිත් තිබුනේ........එයා ඒ ඔක්කොම දේවල් මට හංගලා, හොරෙන් මාව කසාද බැදපු බව මම දැනගත්තේ එතකොට ....."


"එතකොට මගේ අම්මා ලිලානී ආන්ටිද...??????


"ඔව් ඩිල්ශාන් ....මට ඒ කතා දැනගත්තහම හරියට කේන්ති ගියා.

මාත් පිරිමියෙක්නෙ... එයා මාව රැවැට්ටුව නිසයි, කේන්තියයි නිසා.....මම ලිලානී එක්ක තරහ වෙලා ලිහිණියි, ලිලානීයි දාලා ඒපාර ලංකාවට ආවා.....


"අනේ දෙවියනේ වෙලා තියෙන දේවල්.....එහෙනම් ලිලානී ඇන්ටිත් එසේ මෙසේ කෙනෙක් නෙමේ...."


"ඊට පස්සෙ මම තනියම ලංකාවේ ඉදගෙන දන්න කියන අයට කියලා ඩිල්ශාන්ව හොයන්න පටන් ගත්තා...."


"ලිලානි ආන්ටිට අංකල්ව බැන්ද අලුත ඒ ගැන දුකක් තිබුනෙ නැද්ද.. ....?


"මාව කසාද බැදලා ආපු අලුත, ලිලානී කිසි වෙනසක් නැතුව හොදට හිටියා, .....ඒ උනාට එයාගෙ හිතේ, ලොකු දුකක් තියෙන්න ඇති පුතා නැති කරගත්ත එක ගැන....ඒකයි ලිහිණි හම්බවුනාට පස්සෙ එයාට පුතා මතක් වෙලා දුක හිතිලා මනස අවුල් වෙන්න ඇත්තේ........"


"එයා, පුතාව අමතක කරලා තියෙන්නෙ, එයාගෙ උවමනාවටද, අම්මලාගේ උවමනාවටද...?


මේ වන විට ඩිල්ශාන්ට, එයාගෙ අම්මා කවුද කියලා තේරුම් ගොස් තිබුන නිසාද මන්දා, එයා මට නිශ්ශංක අංකල් ගෙන් ප්‍රශ්න අහන්න ඇර සද්දයක් නැතුව ඉදී..... ඔහුගෙ ඇස්වල පිරි තිබෙන කදුළු දැක මට ඇතිවුනේ ලොකු දුකක්.....


"ඩිල්ශාන් ඔයාට මේවා අහන කොට දුක ඇති....ඒ උනාට ඔයා මේ කතාවෙ ඉතිරි විස්තර ඔක්කොම ටික හරියට දැනගන්න ....මට ලොකු උවමනාවක් තිබුනා ඒක ඔයාට කියන්න...ඒකයි මම අද දවස මේක කියන්න තෝරා ගත්තේ...."


"එතකොට ලිලානී ආන්ටි ඇයි ඊයෙ ඉදන් වැඩිය අපට මූණ නොදී දුකෙන් වගේ ඉන්නේ...."


"ඇත්තම කියනවා නම් ඩිලානි .... ලිලානී දැන් ඉන්නේ ඩිල්ශාන්ට මුහුණ දෙන්න බැරුව ලැජ්ජාවෙන් ...එයා දන්නවා මම අද ආවේ මේවා ඩිල්ශාන්ට කියන්න කියලා ....එයා බයෙන් ඉන්නේ ඩිල්ශාන් මොනවගේ තීරණයක් ගනීවිද කියලා .... ."


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා

6 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page