top of page
  • Writer's picturePrisila Godahewa

♨️අයිරින් ඩිලානි ♨️

නොසැලෙන දියණි

(63 වෙනි කොටස )

ඩිල්ශාන්ගෙත් මගෙත් පල්ලියේදී ඉටුවිය යුතු, විවාහ කටයුතු සියල්ල අහවර උන පසු, අපේ මංගල දින දහවල් බෝජන සංග්‍රහය , බාලිකා නිවාසයේ දරුවන් හා එක්ව ගන්නට නියමිතය..... අප දෙදෙනාට ඒ සඳහා බදුල්ල බලා යෑමට, ලස්සනට සරසා වටිනා මංගල රතයක් ලෑස්ති කර තිබුනේ නිශ්ශංක අංකල් විසිනි. අප සමග බදුල්ලේ බාලිකා නිවාසය වෙත යෑමට ,

නිශ්ශංක අංකල් ,පෙරුමාල් , තෝමස් ,ජුඩ් හා රෝසි පමනක් ඒ සදහා සහභාගි විය.....

ලිලානී ආන්ටි හවස අපිව පිලිගැනිමට, නුවරඑළියේ අලුත් බංගලාවේ වැඩ වගයක් කරන්න ඇති බව පවසා බදුල්ලේ බාලිකා නිවාසයට යන්නට නොඅවාය.


ඩිල්ශාන් හා මම ගිය අපේ මංගල රතය, බදුල්ලේ බාලිකා නිවාසය වෙත ලඟා වන විට,.... මට එහි සිට මම පාසැල් ගිය කාලය මතක් වන්නට විය.....බාලිකා නිවාසයට යන පාරේ අපේ වාහනය ඇදී යන විට, ඒ අවට පාරවල් ගෙවල් දොරවල් දකිද්දි මගේ හිතට ඇතිවුනේ දුකක් , කණගාටුවක් වගේම බයකි.... බාලිකා නිවාසය අසල තිබුන කුසුමෙ නැන්දාගෙ ගෙදර දැන් හොදටම පරණ වි ඇත. ඇය දැන් නුවරඑළියේ ඇයගේ දුවගෙ ගෙදර පදිංචිව සිටින බව මට ආරංචි වි තිබුනි. බාලිකා නිවාසය අවට පරිසරය දැන් ගොඩක් වෙනස් උන බවක් පෙනෙන්න ඇත.


සුදු අලුත් ලීලි මල් ගසා, ක්‍රේප් කොළ වලින් සැරසු අපේ මංගල රථය ,බාලිකා නිවාසයේ ගේට්ටුවෙන් ඇතුල් උන පසු, බාලිකා නිවාසයේ බාළිකාවන් ,එහි ඉදිරිපිට පේලියට සිටගෙන අපි එනතෙක් බලා ඉන්නා අයුරු පෙනින....බාලිකා නිවාසයේ ඉදිරිපස බැලුන් එල්ලා කේප් කොළ වලින් සරසා ඇත. අහිංසක දැරියන් පාට, කොඩි වගයක් අතේ තියාන අපේ මංගල රතය දැක, ඒවා වනන්න පටන් ගත්තේ බොහෝම සතුටින්ය.....

අපේ වාහනය පෝටිකෝවේ ඉදිරිපිට නැවත්වු පසු, මම එහි ඉදිරිපස සිටගෙන කොඩි වනන දැරියන් අතර මට දැක පුරුදු මුහුනු සොයන්නට විය....අවුරුදු තුනකට කිට්ටු කාලයක් තුල බාලිකා නිවාසයේ සිටි දැරියන් උස මහත් වි අදුන්නන බැරි ලෙස උස මහත් උන බවක් පෙනෙන්න ඇත. පරණ ළමයි වගේම එහි අලුත් මුහුනුද දකින්න ඇත.... ඔවුන් මා දැක බොහෝ සතුටු වන බවක් පෙනේ.....අහිංසක දැරියන් මගේ සුදු සාරිය ,වේලය දෙස පුදුම වි බලා හිදී....


එහි සිටි දරුවන් සේවකයින් අතර, මට හොදට දැක පුරුදු මුහුන් දෙක තුනක්ද ඇත.... . ඒ සීතම්මා, කුසුමෙ නැන්දා, ඇයගෙ දුව බෑනා, ලතා අක්කා හා ඩිංගි අම්මාය. ඔවුන් හැමෝම මා දිහා බලාහිදින්නේ පුදුමයෙන් හා සතුටින් බව පෙනේ....


"එන්න මිස් බහින්න....මේ ළමයි ඔක්කොමලා අද හරි සතුටින් ඉන්නේ....අපේ බාලිකා නිවාසයේ ළමයෙක් කසාඳ බැදලා හොඳ තැනකට යන එක හැමෝටම සතුටක් .....මේ ළමයි ඊයේ පෙරේදා ඉදන් නිවාසය අස්පස් කරලා, බැලුන් එල්ලලා සැරසුවා... අද මෙහෙ මගුල් ගෙයක් කිව්වහම. ඔක්කොමලා අද හරි සතුටුන් ඉන්නේ මිස්.... . ඩිලානි මිස් එවලා තිබුන අලුත් ගවුම් තමයි හැමෝම ඔය ඇදන් ඉන්නේ......." බාලිකා නිවාසයේ අලුත් පාලිකාව, මම හිතුවාට වඩා හොද කෙනෙක් බව පෙනේ...මෙහි සිටින දැරියන් දැන් ඇය සමග බොහෝ එකමුතුව සිටින බවද පෙනේ....


"එහෙනම් අපි යමු සර්, මිස්, ඇතුලට ...."


ඩිල්ශාන්ව ඔහුගෙ උපස්ථායකයා වාහනයෙන් බස්සවා රෝද පුටුවෙන් තැබීය....ඔහුට දැන් යාන්තමට ඇවිදින්න පුලුවන් කම ලැබුනත්, වැඩි පරිස්සමට ඔහු තවමත් රෝද පුටුවේ යන්නේය.


"එන්න එන්න ඇතුලට ....දැන් දොලහත් පහු උනානෙ කෑම මේසය ඇරියා නම්....කෝ මේ ලතා, ඩිංගි අම්මා...." පාලිකාව ඉතා කඩිසරව අප වෙනුවෙන් මහන්සි වන බව පෙනේ....


ලිලානී ආන්ටි බාලිකා නිවාසයේ හැමෝටම කේටරින් සර්විස් එකකින් කෑම ගෙන්වා බෆෙ ක්‍රමයට කෑම මේසයක් ඇර තිබුනි. ඇය බාලිකා නිවාසයට නාවත් ඇය විසින් අප දෙදෙනාගෙ විවාහය වෙනුවෙන් කලයුතු සියලු දේ හොයා බලමින් කර ඇත. අපේ විවාහය සදහා සියලු වියදම් කිසිම ලෝභකමක් නැතුව ඇය අතදිග හැර වියදම් කරද ඇත.


"මිස් මහත්තයා එක්ක ඉස්සෙල්ලම කෑම බෙදාගන්න..."


මමත් ඩිල්ශානුත් දනවල් කෑම බෙදා ගත්තායින් පසු සේවකයින් විසින් පොඩි ළමයින්ට අපේ මගුල් කෑම මේසෙන් කෑම බෙදා දුන්නේය..... ඔවුන් අද ලස්සන ඇදුම් ඇදගෙන, රසවත් කෑම කන හැටි දැක මටත් ඩිල්ශාන්ටත් ඇති උනේ ලොකු සතුටක්..... අප දෙදෙනාටම අපේ පොඩිකාලේ මෙම නිවාසයේ, අපි ගත කල හැටි, ඒ කාළ වකවානුවල සිද්ද උන සියලු දේද සිතට එන්නට විය.....


"හැමෝටම ඇති වෙන්න කෑම බෙදන්න ලතා අක්කේ....ඉතිං කොහොමද සීතම්මේ,.... කුසුමෙ නැන්දෙ,... ලතා අක්කේ...මම කට පුරා ඔවුන් සමග බොහෝ ආසාවෙන් ආදරෙන් කතා කලෙමි..... ඔවුන් හැමෝටම අද බොහො සතුටු දවසක් වි ඇත.


"අද මගේ හිතට ගොඩක් සතුටුයි ඩිල්ශාන්....ඔයානෙ කිව්වෙ අපේ වෙඩින් එක දවසේ මෙහෙ ළමයින්ට කෑමක් දෙමු කියලා ....අපි අද මෙහෙ ආපු එක හොදයි. අපි ඉස්සරහ කාලේ පුලුවන් විදිහට මේ නිවාසයේ ළමයින්ට උදව් කරමු....."


"ඔයාට වගේම තමයි මටත් අද සතුටු දවසක්....මටත් මේ බාලිකා නිවාසයේ මම හිටිය කාලේ දේවල් යාන්තමට මතක් වෙනවා... .."


දහවල් ආහාරය ගත් පසු, බාලිකා නිවාසයේ ළමුන් සමග අප දෙදෙනා ජායාරූප ගැනිමටද අමතක නොකෙරුවෙමු .


"ඩිල්ශාන් බේබි අපි දැන් එහෙනම් යමුද....? හවස් වෙන්න ඉස්සර නුවරඑළියට යන්න එපෑ...."

අපේ මංගල රථයේ රියදුරු අපට නුවරඑළිය වෙත නැවත යන්නට අඬ ගසන තෙක්, අපි නිවාසයේ අහිංසක දරුවන් සමග කාලය ගත කලේ බොහෝ සතුටින් .....


"හරි එහෙනම් හැමෝටම කියලා එන්න...අපි යමු දැන්....."


මටත් ඩිල්ශාන්ටත් අපේ විවාහ දවසේ, බාලිකා නිවාසයේ දරුවන් හා ගත කල කාලයේ හිතට දැනුන සතුට, මෙතැකැයි කියා කියන්න බැරි තරම්‍ය.


අපි නැවත නුවරඑළියේ නිශ්ශංක අංකල්ගෙ බංගලාවට යන විට හොදටම හවස් වි තිබුනි. අපි එහි යන විටත් බංගලාවේ සේවකයින් රෑට අපි වෙනුවෙන් තියෙන මංගල උත්සවය වෙනුවෙන් ලක ලෑස්ති වෙමින් සිටින බව පෙනින.


" කොහොමද ඩිලානි ....ඔයාගෙ ආසාව ඉශ්ට කර ගත්තද...? කොහොමද බාලිකා නිවාසේ ළමයි සතුටු උනාද....මහන්සි නැද්ද ...?"


" ඔව් ආන්ටි ...අද මටයි ඩිල්ශාන්ටයි හරිම සතුටු දවසක්....පොඩ්ඩක් වත් ඒ නිසා මහන්සි නෑ...."


"එහෙනම් දෙන්නත් එක්ක වොශ් එකක් දාගෙන එන්න...,අද රෑට ඔයාට අදින්න ලෑස්ති කරපු ඇදුම කාමරයේ ඇති.....ඩිලානි තව ටිකකින් අර උදේ ඔයාට අන්දපු ගර්ල් එයි ඔයාට මේකප් දාලා කොන්ඩ මෝස්තරයක් දාන්න....අද රෑට මේ පලාතේ තියෙන තේ වතු අයිතිකාරයන්ට, අංකල් ඩිනර් වලට ඉන්වයිට් කරලා....ඒ නිසා ඔයා රෑට ලස්සනට ඉන්න ඕනේ...."


"හොදයි ආන්ටි ....අපි වොශ් එකක් දාගෙන එන්නම්...."


මම අලුත් බංගලාවේ අපට ඉන්නට නියමිත කාමරය වෙත ඩිල්ශාන්ගේ රෝද පුටුව තල්ලු කරගෙන ගියෙමි .


"මේ කාමරය ලස්සනද ඩිලානි ..."


"හරිම ලස්සනයි ....මම මෙච්චර වාසනාවන්ත කෙනෙක් කියලා මට හිතුනෙම නෑනේ...."


මම ඩිල්ශාන්ගේ නළල සිප ගෙන ඔහුගෙ රෝද පුටුව ලඟ වාඩි විය. ඩිල්ශාන් මාව ආදරයෙන් බදාගෙන මගේ නළල සිප ගත්තේ උනුසුම් ලෙසය......


"දැන් ඉතිං මට වොශ් එක දාන්න, ඔයාට උදව් කරන්න වෙයි ...දැන් මගේ සර්වන්ට් එන්නෙ නෑ මීට පස්සෙ මේ කාමරයට මට උදව් කරන්න ...."


"හරි හරි...ඉන්න මම මේ සාරිය ,වේල් එක ගලවලා ඇවිත් ඔයාට වොශ් එකක් දාගන්න උදව් කරන්නම්.... "


අපේ විවාහය පල්ලියේ සිදු කරලීමෙන් පසුත්, බදුල්ලේ බාලිකා නිවාසයට ගොස් එහි අහිංසක දරුවන්ට දවල් කෑම ලබා දී ආවායින් පසුත් මගේ හිතට කියා ගන්න බැරි සතුටක් සැහැල්ලුවක් ඇතිවි ඇත..... ඩිල්ශාන් වැනි හොද ගතිගුණ තියෙන, ආදරනීය ,පෝසත් පවුලක ,කඩවසම් තරුණයකු මගේ සැමියා කරගන්න ලැබීම ගැන මට ඇතිවි තිබෙන්නේ ලොකු පුදුමයකි......

"ඩිල්ශාන්...නිශ්ශංක අංකල් අද උදේ කිව්වා නේද අපි දෙන්නට ලොකු රහසක් කියන්න තියෙනවා කියලා ....මට නම් ඒක දැනගන්න කම් ඉවසිල්ලක් නෑ ...."


"ඔව් මටත් එහෙමයි.....ඒක දැනගන්න කම් ඉවසිල්ලක් නෑ ...අද ඉතිං අපේ වෙඩින් එකේ පාටි එක නම්, ගොඩක් රෑ වෙනකම් නැගලා යයි......ඒ රහස නම් අද අපට අහගන්න වෙන්නෙ නෑ.....


"ඒක තමයි ...මේ වැඩ ඉවර උනාම අපි දැනගමු...."


"ඩිලානි ...අපි එළියට යමු නේද....අංකල්ගෙ, ආන්ටිගෙ, යාලුවො පාර්ටි එකට එන්න පටන් ඇරන් වගේ...."


"ඔව්...අර සිංදු සද්දෙත් ඇහෙන්නේ...."


"ඔයාට මේ තද රතු පාට පාර්ටි ෆ්‍රොක් එක හරිම ලස්සනයි ඩිලානි .. ...මට මතක් වෙනවා ,ඔයා ඔෆිස් එකේ ක්‍රිස්මස් පාටියට ඇවිල්ලා හිටිය හැටි....එදානේ මම ඔයාව ඉස්සෙල්ලම මේ ගෙදරදි දැක්කේ....."


"මටත් එදා දවස මතක් වෙනවා...


"නිශ්ශංක අංකල් කිව්වා හෙට උදේ දහයට විතර අපට නුවරඑළියේ ග්‍රැන්ඩ් හොටෙල් එකට යන්න ලෑස්ති වෙන්න කියලා... . අපි දෙන්නට දවස් තුනක් විතර ඒ හොටෙල් එකේ නැවතිලා ඉදලා ,ඊට පස්සෙ කොළඹ ගෙදරට යන්න කිව්වා....."


"ඒ කියන්නේ...හෙටද අපි අපේ හනිමූන් එකට යන්නේ..."


"නෑ... නෑ... හෙට වෙනකම් ඉන්න බෑ....අදම යනවා...."


"හ...හා...තියෙන හදිස්සියක් ..."


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා*

7 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page