top of page
  • Writer's picturePrisila Godahewa

♨️අයිරින් ඩිලානි ♨️

(60 වෙනි කොටස )

දින දෙකකට පසු

ඩිල්ශාන් හා ඔහුගේ උපස්ථායකයා සමග සිංගප්පූරුව බලා ගිය මට එහි දකින, කියන, බලන, හැම දෙයකම අලුත් ,අමුතු ,අපූරු, පුදුම සහගත දේවල් විය.

ඉංග්‍රීසි දැනුමෙන්, කතා බහෙන් ඉදිරියෙන් සිටි මට ඩිල්ශාන් වෙනුවෙන්, සිංගප්පූරු රෝහලේදි විශේෂඥ වෛද්‍යවරුන්, හා රෝහලේ කාර්‍යා මණ්ඩලය සමග කිසි අපහසුවක් නැතුව සියලු වැඩකටයුතු කතා කරගනිමින්, කර ගැනීමට හැකි විය. ඩිල්ශාන්ගේ වගේම, උපස්ථායකයාගේද මගේද සියලු වියදම් ලිලානී ආන්ටි විසින් සපයන ලදී.....එම සියලු වියදම් වෙනුවෙන් මුදල්, ඇය මට ලංකාවෙන් එන්නට පෙර ලෑස්ති කර දුන්නාය. එබැවින් මම ඒ සියලු වියදම් ඉතා අරපිරිමැස්මෙන් පාවිච්චි කිරිමට වග බලා ගත්තෙමි... .


මට නවාතැන් ගන්න ,රෝහල කිට්ටුව ලිලානී ආන්ටිගෙ, යහළුවෙකුගෙ මහල් නිවාසයක කාමරයක්,ලිලානී ආන්ටි විසින් ලෑස්තිද කර දුන්නාය. ඉතා පොඩි එම මහල් නිවසයේ සිටියේ, ඇගේ යෙහෙළියත් මමත් පමණි. ඇය ඇයගේ කෑම බීම සාදාගෙන උදේ පාන්දරින් ඇගේ රැකියාව සදහා පිටත්ව යන නිසා, අප දෙදෙනා සැමදා මුණ ගැසෙන්නේ රෑට පමනි.

එම මහල් නිවාසයේ සිට මම, සෑම දිනකම උදේට ඩිල්ශාන් නැවති සිටින රෝහල වෙත යන්නෙ ඇවිදගෙනය. කිලෝමීටරයක් පමණ දුරක් මට රෝහල වෙත ඇවිදගෙන යන්නට සිදු උනත්, මම ඒ දුර කිසිම කම්මැලි කමක් නැතුව ,වටපිට සියලු දේ දෙස බලමින් ඇවිද යන්නේ බොහෝ කැමැත්තෙනි. ඩිල්ශාන්ගෙ සියලු අවශ්‍යතා සොයා බලමින්, ඔහුගේ උපස්ථායකයාටද මම ඔහු බලා ගන්නට උදව් කරන්නෙමි. මට හා ඩිල්ශාන්ට අවශ්‍ය කෑම බීම ගන්නට, මම ඒ ලඟ ඇති සුපර් මාකට් එකට හා අවට කඩ සාප්පු වලට, තනියම යන්නට පුරුදු විය. මම නැවති සිටින, නිවසේ සිට, ඩිල්ශාන්ට අවශ්‍ය, ඔහු කැමති කෑම බීම, හදාගෙන ගෙන ගොස් දිම, හැම දවසකම වාගේ කෙරුවෙමි. ඔහුගෙ වැඩකටයුතු කිරීමට ගිය උපස්ථායකයා ඔහුව ඉතා හොදින් බලා ගනිමින් ඔහු සමගම රෝහල් කාමරයේ නැවති සිටියේය.


අපි ලංකාවේ සිට සිංගප්පූරුවට පැමිණ දින තුනකට පසු, ඩිල්ශාන් ශල්‍යකර්මයක් සදහා භාජනය විය..... ඉන් සුමානෙකට පසුද, නැවතත් ඔහු තවත් ශල්‍යකර්මයක් සදහා භාජනය වුවේය. ශල්‍යකර්ම දෙකෙන් පසු, ඔහුගේ කකුලේ අමාරු, තරමක් දුරට අඩුවු බව ඔහු පැවසීය.


ඉන් පසු ඔහුට රෝද පුටුවක වාඩි වි, රෝහලේ එහෙ මෙහෙ යන්නට හැකිවිය. ඒත් ඒ මගේ උදව්වෙන් හෝ ඔහුගේ උපස්ථායකයාගේ උදව්වෙනි.


"ඇත්තමයි ඩිලානි ....ඔයා හිටිය නිසා තමයි මම මෙච්චර ඉක්මනට රෝද පුටුවක යන්න පුලුවන් තරමට හරි සනීප උනේ....මගේ අත ආදරෙන් අත ගාමින් ඩිල්ශාන් නිතර කියයි...."


"හරි හරි...දැන් ඕක ඔච්චර කියන්න එපා.....දැන් මේක කාලා ඉන්න...."

මාසයක කාළයක් පොඩි දරුවකුට මෙන් මට, ඔහුට කෑම කැවිමට සිදු විය..... ඔහු කන්න කැමති කෑම, මගේ අතින්ම හදා, උයා, ගෙනවිත් මම ඔහුට කැව්වෙ පෙව්වේ බොහෝම ආදරයෙනි.....ඔහු ඉස්පිරිතාලේ සිටි මාසයක කාලය තුල අප දෙදෙනා බොහෝ හදවතින් ලං විය.... ඔහුගේ රෝහල් කාමරය තුල අපි, නිදහසේ නොයෙකුත් මාතෘකා ඔස්සේ කතා බස් කරමින්, කාලය ගත කලේ බොහෝ සතුටින්, සැහැල්ලුවෙන් ......ඔහුගෙ තනියට මම ඇවිත් සිටිම, ඔහුට මානසික වශයෙන්ද හොද විය.... ඔහුගේ රෝද පුටුව තල්ලු කරගෙන මම ඔහුව රෝහලේ මිදුල දක්වා ගෙන යන්නේ බොහෝ සැහැල්ලුවෙන් ආදරයෙනි. .....ඒ අතර, වැඩි කාලයක් නොයා ඔහුට තනියම ඇවිදින්න, හොදටම කකුල සනීප වෙන්න යැයි සිතමින් මම දිනපතා දෙවියන්ට යාච්ඥා කෙරුවෙමි.


"ඩිලානි ඔයාට කියන්න මට ලොකු කතාවක් තියෙනවා ...."


" අප්පේ.....මෙච්චර දවස් නොකියපු ඒ කතාව මොකක්ද ....?


ඩිල්ශාන් ඔහුගෙ එක අතක් මගේ ඉනවටා යවා අනෙක් අතින් මගේ අත තද කර අල්ලාගෙන, මාව ඔහුගෙ රෝද පුටුවේ ඇන්දෙන් වාඩි කරවා ගත්තේය.


"මාව දැන් මෙතනින් වැටෙනවා...කෝ....කෝ... ඉන්න මම මේ පුටුවෙන් වාඩි වෙනකම්....මම ලඟ තිබුන පුටුවෙන් වාඩිවෙලා ඔහුගෙ කරවටේ අත දාගත්තේ, පොඩි ළමෙක් කියන්න යන දෙයක් අහන අම්මා කෙනෙක් මෙන්‍ය.


"ඉතිං කියන්න ...."

මම ඔහුගෙ ඔළුව ආදරෙන් සිප ගෙන කීවෙමි.


"අපි ලංකාවට ගිය ගමන් කසාද බදිමු...."


"ඒ මොකද ඔච්චර හදිස්සියක්...ඔයාගෙ කකුල හොදටම හොද වෙනකම් ඉමු...."


"බෑ...මට එච්චර කාලයක් ඉන්න බෑ...මට ඔයාව මගේ ලඟ මගේ කාමරේම තියාගන්න ඕනේ..."


"අනේ...අනේ තියෙන හදිස්සියක් ....අපි දැන් මේ ආදරෙන් ලං වෙලා ඉන්නේ...."


"එහෙම නෙමේනේ ඩිලානි ....කසාද බැද්දහම අපි නිදහස්නේ...."


"හරි...හරි මාත් ආසයි ඉක්මනට ඔයාව කසාද බැදලා ඔයා ළඟටම වෙලා ඔයාට උදව් කරන්න ...ඔයා ගැන බලන්න ..."


"ඩිලානි...ලංකාවට ගිහාම ඔයා හිටිය බදුල්ලේ බාලිකා නිවාසය බලලා එන්න යන්න ඔයා කැමති නැද්ද ...?


" මේ මොකද හදිස්සියේ බාලිකා නිවාසය මතක් උනේ.....අකමැත්තක් නෑ...මම එතනින් පැනලා ආව නිසා, තාම එතනට මම බයයි....එහෙම යන්න නම් ලොකු උවමනාවක් නෑ..."


"අපි අපේ වෙඩින් එක ඒ බාලිකා නිවාසයේ ගනිමුද ඩිලානි ...?


"බාලිකා නිවාසයේ....??ඒ ඇයි...?? ඩිල්ශාන්ගෙ කතාවට මම පුදුමව ඔහුගෙන් ඇසීය.


"මට ඒ බාලිකා නිවාසයේ ඔයාගෙයි මගෙයි වෙඩින් එක ගන්න ඕනේ...."


"මට නම් එහෙම ආසාවක් නෑ..."


"ඔයා දන්නවද ඩිලානි ...ලිලානී ආන්ටි ඔයාවයි මාවයි එකතු කරන්න හදන්නේ ඔය බාලිකා නිවාසය නිසා...."


"බාලිකා නිවාසය....?? ඒ මොකක්ද ඒ කතාවෙ තේරුම...."


"ඔයා වගේම මමත් පොඩිකාලේ ඒ බාලිකා නිවාසයේ ඉදලා තියෙනවා...."


"මොකක්ද ඔයා කිව්වේ....?


"ඔයා හිටිය ඒ බාලිකා නිවාසයේ මමත් අවුරුදු හය වෙනකම් හිටියා...."


"මට තේරෙන්නෙ නෑ ඔයා මොනවද කියන්නෙ කියලා ..."


"මම අවුරුදු හයක් වෙනකම් බදුල්ලෙ බාලිකා නිවාසයේ ඉදලා ,ඊට පස්සෙ තමයි නුවර අම්මලාගෙ ගෙදර ගියේ...."


"අනේ මට ඔයා කියන දේ තේරෙන්නේම නෑනේ....මම බාලිකා නිවාසයේ ඉන්න කාලේ , අවුරුදු හයෙන් පහල පිරිමි ළමයි හත් අට දෙනෙක්ම ඒ නිවාසේ හිටියා තමයි ....හැබැයි ඒගොල්ලන්ට අවුරුදු හත පිරුන ගමන් පිරිමි නිවාස වලට අරිනවා කියලා මම දන්නවා....එතකොට ඔයා කොහොමද ඒ බාලිකා නිවාසයට ගියේ...."?


"ගියේ කොහොමද කියන්න දන්නෙ නෑ....මට මතකයි මම නිවාසෙ හිටිය කාලේ, ඉදහිට සිස්ටර් මේරි මාව බලන්න නිවාසෙට එනවා.....එයත් එක්ක තව වැඩකරන ගෑනු කෙනෙකුත් ආව මතකයි.... සිස්ටර් මේරි මට හරි ආදරෙයි. එය එනකොට මට තෑගි බෝගත් ගෙනත් දෙනවා....ඒ ආපු දවසට මට කෑමත් කවනවා.....මාව උකුල උඩ තියාගෙන ඉන්නවා.....ඊට පස්සෙ සිස්ටර් මේරි,... මට අවුරුදු හයේදි, මාව බාලිකා නිවාසයෙන් ඇරන් අපේ නුවර ගෙදරට එක්ක ගියා. නුවර අම්මව මට අදුන්නලා දුන්නේ සිස්ටර් මේරි......මට ඒක තාම මතකයි ...."


" මේ මොන කතාවක්ද....මේ...?? මට හිතා ගන්න බෑ ඔයා ළමා නිවාසයක හිටියා කියලා ....එතකොට සිස්ටර් මේරී...?? එතකොට ඔයාගෙ අම්මයි, තාත්තයි ඇයි ඔයාව මඩමකට භාර දීලා තිබුනේ..."


" මම ඒ ගැන ඇහුව්වම, අම්මා එක එක කතා කියනවා....මටත් ඒක සැකයි.....ඊට පස්සෙ අපේ අම්මා ඉගැන්නුව නුවර ඉස්කෝලේට තමයි මම අවුරුදු දහයක් වෙනකම් ගියේ.... "


"ඊට පස්සේ...."


"ඊට පස්සෙ නිශ්ශංක අංකල් ලංකාවට ඇවිත්

මාව නවසීලන්තයට එක්ක ගියා...ඊට පස්සෙ දිගටම මම එහේ තමයි හිටියේ...."


"ඒක මාර කතාවක් නේ.....හරිම පුදුමයි මට.....ඔයාව අංකල් නිව්සීලන්ඩ් එක්ක යනවට නුවර අම්මයි තාත්තයි අකමැති උනේ නැද්ද...?


"නෑ...ඒගොල්ලෝ මට එහෙම ලොකු ආදරයක් පෙන්නපු අය නෙමේ ...මට කන්න බොන්න දුන්නා, ඉස්කෝලේ වැඩ කියලා දුන්නා...පන්සල් එක්ක ගියා....ඒ ගෙදර හිටිය අක්කයි අය්යයි හරි හොදයි .. ..මම ඒගොල්ලෝ එක්ක හරි ඉක්මනට එකතු උනා......"


"එතකොට ඔයා නිව්සීලන්ඩ් ගිහාම ලිලානී ආන්ටි ඔයාට හොදට සැලකුවාද..."


" ආන්ටිට එතකොට ලිහිණි හම්බවෙලා, එයාටත් අවුරුදු හයක් විතර.....නුවර අම්මා තාත්තා වගේමයි ලිලානී ආන්ටිත් මට සැලකුවේ....ලිහිණිට තරම් මට ආදරේ කලේ නෑ.... හැබැයි ඉතිං ලිහිණි එයාගෙ දුවනේ....හැබැයි නිශ්ශංක අංකල් මට සැලකුවේ මගේ තාත්තටත් වඩා ආදරෙන්...එයා තමයි මාව ඉස්කෝලේ එක්ක ගියේ, ආෆ්ටර් ස්කූල් ක්‍රිකට් පැරැක්ටිස් වලට එක්ක ගියේ...මම ඉල්ලන හැම දේම මට ඇරන් දුන්නා...."


"මට හරි පුදුමයි ඩිල්ශාන් මේ දේවල් ...."


"ඔව් මටත් එහෙමයි...... ඒගොල්ලෝ මට හොදට ඉගැන්නුවා.....වියදම් කලා....

ඒ වගේම ලිලානී ආන්ටි උනත් ලෝභ නැතුව මම වෙනුවෙන් සල්ලි වියදම් කලා.....එයා තමයි මාව බලකරලා ලංකාවට එව්වේ......ආන්ටි මාව නුවරඑළියට ගෙන්න ගන්න හදනකොට අංකල් වැඩිය ඒකට කැමති උනෙත් නෑ....ලිලානී ආන්ටිගෙ බල කිරීමට තමයි මම ලංකාවට ආවේ...."


"මට නම් පොඩ්ඩක් අවුල් වගේ ඔයා බාලිකා නිවාසයේ හිටපු කතාව ...."


"ඔයාට විතරක් නෙමේ මටත් එහෙමයි...නුවර අම්මට සනීප නැතුව හිටියලු මම පොඩි කාලේ ...., ඒකලු මාව පොඩිකාලේ නිවාසෙ නවත්වලා තිබුනේ...."


"ඒ කියන්නේ ඩිල්ශාන් ඔයත් මම වගේම බදුල්ලේ මඩමේ හිටපු කෙනෙක්නේ ....හරි පුදුමයි.....ඔයාට බදුල්ලේ නිවාසෙ මතකද..?


"ගොඩක් මතක නෑ...ගොඩක් ළමයි හිටිය තැනක හිටියා වගේ මතකයි , ලොකු හෝල් එකක පොඩි, පොඩි මේස උඩ පිඟන් තියාගෙන කෑම කෑවා මතකයි. ටිකක් ලොකු අක්කලා අපට කෑම කවනවත් මතකයි ...."


"එතකොට කවුද ඔයාව එහේ ඉන්න කොට බලන්න ආවෙ ගියේ....?


"සිස්ටර් මේරි ...."


"සිස්ටර් මේරිව ඔයාට මතකද...?


"සුදු ලෝගුවක් දාගෙන එන කෙනෙක් ....මට එනකොට චොකලට් ,ඇපල් ,මිදි එහෙම ගේනවා මතකයි ....මාව උකුලේ උඩ තියාගෙන කෑම කවනවත් මතකයි ....එයත් එක්ක තව තරුණ ගෑනු කෙනෙකුත් ආවා.... ගෑනු කෙනෙත් හරි හොදයි . ඒ ආපු සිස්ටර් තමයි මාව නුවර ගෙදර එක්ක ගියේ....ගිහින් කිව්වා මේ ඔයාගෙ අම්මයි තාත්තයි ඔයා මිට පස්සෙ මෙහේ ඉන්න කියලා ...."


"ඉතිං ඔයා කැමැත්තෙන්ද එහෙ නැවතුනේ...."


"ඔව්....එහෙ හිටිය අක්කයි අය්යයි හරි හොදයි ....ඒගොල්ලෝ මාත් එක්ක සෙල්ලම් කලා, සරුංගල් ඇරියා...මට තාම මතකයි.... ඒ අක්කයි අය්යයි දැන් ඉන්නේ නිව්සීලන්ඩ් වල ....ඒගොල්ලන් දැන් කසාද බැදලා ,ළමයිනුත් ඉන්නවා..."


"අපි දෙන්නම බදුල්ලේ බාලිකා නිවාසයේ හිටපු නිසා, ...ඔයා කිව්වා වගේ මටත් ආසයි දැන් බාලිකා නිවාසයේ අපේ වෙඩින් එක ගන්න...."


"අපි අපේ වෙඩින් එක එතන, ඒ අහිංසක ළමයි එක්ක සමරමු ඩිලානි ...."


"මොනවා හරි ලිහාගන්න බැරි ප්‍රශ්න ටිකකුත් තියෙනවා වගේ ඔය ළමා නිවාසය අස්සේ...."


"මටත් එහෙම හිතෙනවා....ඒ උනාට අපි දෙන්නම දැන් හොදට ඉන්නවානේ....අපි ඒවා අමතක කරලා හොදට ඉමු...."


"ඔව්...හෙට අපි ලංකාවට යනවනේ....දැන් මට එහෙ යන්නත් ආසයි...."


"මාසයකට පස්සෙ අපි හෙට ලංකාවට යනවනේ ....මට දුකයි , සිංගප්පූරුවේ ඇවිත් මාසයක කාලයක් ඉදලත් මට ඔයාව මේ රට බලන්න එක්ක යන්න බැරි උනානේ... "


"ඒකට කමක් නෑ ඩිල්ශාන් ....ඔයාට හොදටම හොද උනාම අපි සිංගප්පූරුවේ ටුවර් එකක් එමු....කසාද බැදලම එමුකෝ....එතකොට ඔයාට නිදහසේ කකුල් දෙකෙන්ම ඇවිදින්න පුලුවන් වෙලා තියෙයිනේ...."


"ලිලානි ආන්ටියි අංකල්ලුයි පහුගිය දවස් වල රට ගිහින් ඉදලා ,ආයෙත් ලංකාවට ගිහින්......, අපි දෙන්නා ලංකාවට එන නිසා....මගෙ ඔපරේෂන් එක සාර්තක උන නිසා,අංකල් හරි සන්තෝසෙන් ඉන්නෙ කියලා ආන්ටි කිව්වා....අංකල් මට සළකන්නේ එයාගෙ දරුවෙකුට වගේ....ඒ එයාට පුතාලා නැති නිසාලු.... මගේ කකුලේ තිබුන ලොකු අමාරු සනීප උන නිසා හැමෝටම සතුටු ඇති දැන්.. ..."


" ඔයා ඔය කිව්වට, තාම හොදටම කකුල සනීප වෙලා නෑ....පරිස්සමට ඉන්න කියලා ඩොක්ටර්ස්ලා කිව්වා මතකද..."


"මේ වීල් චෙයාර් එකේ ගිහින්, ඊට පස්සෙ තමයි මට කිහිලි කරු වලින් යන්න ලැබෙන්නේ....ඊටත් පස්සෙනෙ මට තනියම ඇවිදින්න පුලුවන් වෙන්නේ.....මම බලාගෙන ඉන්නේ ඒ දවස එන කම්...."


"දැන් මෙච්චර සනීප වෙලා ඉන්න එකේ ඉතිරි ටික කාලෙත් පරිස්සම් වෙන්න...."


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

0 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

コメント


bottom of page