top of page
  • Writer's picturePrisila Godahewa

♨️අයිරීන්♨️

(නොසැලෙන දියණි)

(දෙවන කොටස)


ඉතිං කියන්නකො ග්‍රැනී.....අපේ ග්‍රේට් ග්‍රේට් ග්‍රෑන් ෆාදර් ඉංග්‍රීසි කාරෙක් කියන්නෙ ඇත්තද..?


"ඔව්...අපේ ග්‍රේට් ග්‍රෑන් ෆාදර් ලංකාවට ඇවිත් තියෙන්නේ කොල්ලා කාලේලු.....ඒ කාලේ ලංකාවේ මීගමුවේ පදිංචි වෙලා හිටිය ලස්සන සිංහල ගෑනු කෙනෙක් දැකලා, එයාට

ආසා හිතිලා තමයි ලංකාවේ නැවතිලා එයාව කසාද බැදලා තියෙන්නේ .....හැබැයි හරියටම කසාඳ බැන්දද කියන්න දන්නෙ නෑ....අපේ සිංහල ග්‍රෑන් මදර් හරි ලස්සනයිලු....ඒ දෙන්නා කසාද බැදලා හදාගත්ත පරම්පරාවෙ අය තමයි අපි........මේ බලන්න අපේ අයිරින්ට තියෙන්න ඒ ග්‍රේට් ග්‍රෑන් ෆාදර්ගෙ සුදු පෙනුමමයි....ඒක අපේ පරම්පරාවෙන් අයිරීන්ට ආව දායාදයක්....බලන්නකෝ අයිරින් ගෙ ඇඟේ තියෙන ලස්සන සුද...., නහය කට....... අයිරින්ව දැක්කහම කවුරුත් අහන්නේ පිටරට සුද්දියෙක්ගෙ ළමෙක්ද කියලා ....ඒ තරමට අයිරින් ලස්සනයි සුදුයි, කොන්ඩෙ තඹ පාටට....බලන්නකෝ මගේ අයිරින් කෙල්ලගෙ ලස්සන....." ග්‍රැනී මාව බදාගෙන ඉඹින්නේ ගොඩක් ආදරයෙන්.

ග්‍රැනී අපේ පවුලේ ළමයින් හතර දෙනාගෙන් මට වැඩිපුර ආදරය කරනවා යැයි, තෝමස් නිතර කේන්තියෙන් කියයි.... රෝසි නිතර මමී ලඟ අඩන්නේ.... මගේ ඇඟේ ඇති සුද, බෝනික්කන්ගෙ පාට තඹ කොන්ඩයත් එයාටත් ඕනෙ කියායි.... රොසී ඒ තරම් කළු නැතත්, මම එයාට වඩා පිටරට සුද්දියකගෙ පෙනුමෙන් යුක්තය. අපේ පවුලේ හැමෝම බොහෝම පැහැපත් ඉංග්‍රීසි ජාතිකයන්ගෙ පෙනුමෙන්ම යුක්ත වේ. මේ ගමේ හැමෝම අපිව හදුන්වන්නේ බර්ගර් පවුල කියයි.


අපේ ග්‍රැනීගෙන් පසු, ගෙදර බාලයා වු අපේ මමීට මෙම නිවස, ඇගේ විවාහයත් සමග, පප්පා පවරා තිබුනත්...

...., ග්‍රැනී තවමත් එහි මුල් අයිතිකරවා , බව මමීට ඩැඩිට නිතර මතක් කර දෙන්නටද අමතක නොකරයි.


ඉංග්‍රීසින්ගෙ පාලන සමයේ නිමවෙන්න ඇතැයි සිතන මෙම නිවස, බොහෝ පැරණි ආරුක්කු බූරුක්කු, දොරජනෙල් වලින් සමන්විත, ගාම්භීර පෙනුමැති නිවසක් වේ.... වහලයට උළු සෙවිලි කර නිමවු මෙම නිවසේ පෞරාණික බවත් එහි කාලයකට පෙර පදිංචි ව සිට්, වංශයවත් පරම්පරාවක වැදගත් කමත් මේ ගෙය දකින්නකුට හිතා ගැනිමට හැක. ....


කාමර පහකින් සමන්විත මෙම නිවසේ ඉදිරිපස කොස් දොර පළු දෙකකින්ද ඒ සමගම තව වීදුරු දොර පියන් දෙකක් ගෙයින් එළියටද අරින ලෙස .... ඔක්කොම පියන් හතරකින් ඉදිරිපස දොර නිමවි ඇත. ගෙයි ඉදිරිපස ඇති ඉස්තොප්පුව දෙපස භාගෙට ලෑලි ගැසු ලැටිස් වලින් වෙන් කර ඇත. එබැවිනි ඉස්තෝප්පුවේ කොනක වාඩිවි සිටින්නෙකු, මිදුලට නොපෙනෙන ලෙස ඉදිරි වැරැන්ඩාව සැකසි ඇත.


ලන්දේසි ක්‍රමයට නිමවු නිවසේ, විශාල සාලය කොටස් දෙකකට වෙන්වන්නෙ විශාල ආරුක්කුවකිනි. එහි ඉදිරිපස සාලයේ , පොළොවට බොහෝ පාත් වෙන්න තබා ඇති පැරණි විශාල පුටු සෙට් එකත්, විශාල කැටයම් පෙට්ටගමත්, සාලය කොනක ඇති කැටයම් කැබිනෙට්ටුව උඩ බොහෝ පරණ ග්‍රැමෆෝන් එකක්ද දක්නට ලැබේ. කැටයම් කැබිනෙට්ටුව ඇතුලත පරණ වටින කියන වීදුරු බඩු, පළන්ගන්, වීදුරු කෝප්ප පිරි ඇත. ඊට අමතරව සාලයේ තැන තැන කළු ගැහුනු, පිත්තල මල් පෝච්චි, පහන් තියා සරසා ඇත.


සාලයේ මැද වහලේ, ලස්සන වීදුරු විදුලි මල් පොකුරක් එල්ලි එල්ලි දිස්වේ.... නිතර මේ විදුලි මල් පොකුරේ ගෙවල් හදන්න එන කොන්ඩ කුරුල්ලන් නිසා, එම විදුලි මල් පොකුරේ ලස්සන එළි , කවදාවත් පත්තු වී තිබෙනවා නම් අප දැක නැත. කොන්ඩ කුරුල්ලන් සාදා ඇති කුරුළු කූඩුවේ සිටිනා පුංච් කුරුළු පැටව් වැරදි බිමට වැටෙනකම් හෝ ඔවුන් ලොකුවි ඉගිලි යන්න දගලන හැටි දකින්න පුංච් අපි ඇගිලි ගනිමින් බලා හිදින්නෙමු.


සැමදා උදයට සාලය අතුපතුගාන්න පටන් ගන්නා මමී, විදුලි මල් පොකුර ලග වැටි ඇති හීන් කෝටුබෝටු හා කුරුළු බෙටි දකින මොහොතක් පාසා ග්‍රැනීට හා ඩැඩීට දොස් තබන්නේ ගෙය අතුගා පිරිසිදු කර ඉවරයක් කරන්න බැරි යැයි කියායි.


"මේ මොන කරදරයක්ද... හැමදාම මෙතන කුරුළු බෙටියි කෝටු බෝටුයි, අතුගාලා ඉවරයක් නෑ....මම කොච්චර කියනවද මේ කුරුල්ලො ටික එලවලා දාන්න කියලා ....කොහේද, කාටවත් ඒක කරලා දෙන්න උවමනාවක් නෑ...මට මයි කරදරය..."


"ඈ...කැතී උඹට තේරෙන්නෙ නැද්ද...මේ පොඩි කුරුළු කූඩු කඩලා පව් පුරවගන්න හොද නෑ කියලා ...බොරුවට කෑබෙරිහන් දෙන්නෙ නැතුව ඔන්න ඔය කොස්ස තියපං...එලිසා ආපුහම ගෙවල් අතුගාලා දායි...."


" මමී......අද එළිසා ආපුවහම අර වත්තේ දෙල්ගහේ ගෙඩි දෙක තුනක් හීනියට කපලා බැදලා, පෑණි දාලා ගන්න කියන්න හවසට ළමයින්ට තේ බොන්න ගන්න..."


"ඒ ගෑනිට ඕවා කරන්න වෙලාවක් නෑ... ආපු වෙලේ ඉදන් ළමයි හැඩි කරපුවා අස් කරනවා...උයනවා, රෙදි හෝදනවා.....ඉවරයක් නැති වැඩ....බලමු බලමු....වෙලාව තිබුනොත් කියන්නම්....මටත් දෙල් බැදපුවා කාපු කාලයක් මතක නෑ....."

එළිසා යනු අපේ ගමේ ගැහැනු කෙනෙකිය. ඇය උදේ අටට පමන අපේ ගෙදරට පැමින ගෙදර සියලු වැඩ කර උයාපිහා, නැවත ආපසු ගෙදර යන්නෙ හවස් වෙලයි. ඉස්සර වගේ ගෙදර වැඩට දෙතුන් දෙනෙක් තියාගන්න බැරි එක ගැන නම් ග්‍රැනීට ඇත්තේ දුකකි.


"කොහේද අපේ පප්පලාගෙ කාලේ මේ ගෙදර වැඩකාරයො දෙතුන් දෙනෙක් හිටියා, අතට පයට වැඩ කරන්න ...ඒකට දැන් ඉන්නේ එක ගෑනියි....ඒ ගෑනිත් උදේට ඇවිත් බාගෙට වැඩ කරලා, කොයි වෙලේද ගෙදර යන්නෙ කියලා බලාගෙන ඉදලා යනවා.....ඒ මදිවට ගෙදර ඉතිරි වෙන ඔක්කොම කෑම උස්සන් යනවා වෙන කාටවත් දෙන්න ඉතිරි කරන්නෙ නෑ.......ඒ විතරක්‍යැ මාසෙ අන්තිමට දවසක් එහෙ මෙහෙ වෙන්න බෑ පඩිය දෙනකම්....ඒ ගෑනිට පඩිය කියලා සල්ලි දෙනවා...ඒ උනාට මේ ගෙදර වැඩ වලින් බාගයක් කරන්නෙ මම...."


ග්‍රැනී ...කවදාවත් එලිසාට කැමති නැත. එළිසාට කරන්න නියමිත වැඩ කොටස්, එළිසා උදේ අපේ ගෙදර එන්න කලින්,.... ග්‍රැනී විසින්ම ඒ වැඩ නිම කර මමී එක්ක නිතර එලිසාට බනීන්නේ ඇය වැඩ නොකරන බව කියමින්ය...."


"මම්මා මොකටද එලිසාගෙ වැඩ කරන්නේ...අපි ඒ ගෑනිට පඩියක් දෙන්නේ එයා කරන්න ඕන වැඩ වලට තමයි ....මම්මා එලිසගෙ වැඩ ටික එයා ගෙදර එන්න ඉස්සර කරලා එළිසාට බනිනවා...."


"අපරාදේ ඒ ගෑනිට දෙන පඩිය..."


"එහෙම කියන්න එපා මම්මේ....ඒ ගෑනි ආපුවහම, කොච්චර නම් මේ ගෙදර වැඩ කරනවද..."


"උඹලට ඉතිං ඒ ගෑනි තමයි ලොකු...මම කරන වැඩ මොනවත් පේන්නෙ නෑනේ...."


"අන්න මම්මේ...මාළු කාරයා ඇවිත් බයිසිකලේ බෙල් එක ගහනවා....බලන්න මොනවද අද ගෙනත් තියෙන මාළු කියලා ...."


"ආ...අද උදේම තෙප්පම් ඇවිත් වගේ....ඉස්සො දැල්ලොත් තියෙනවද දන්නෑ...."


"මම්මේ....කකුළුවෝ තිබුනොත් ගන්න විකී කන්න ආසායි...."


"ඇයි උඹ සල්ලි දෙනවද කකුළුවෝ ගන්න....මගේ පෙන්ශන් එක ඉවරයි මේ ගෙදරට ම වියදම් කරලා ...."


" වැල්ලෙ ලෙල්ලමට ගියොත් නම් ලාබෙට හොද මාළු ටිකක් ගන්න පුලුවන් වෙයි....මේ බයිසිකල් කාරයින්ගෙ මාළු හරි ගනන්...ඊටත් මේ මාළු කාරයෝ ඊයේ ඉතිරි උන මාළු ෆ්‍රිජ් එකේ දාලා තියන් ඉදලා ආයෙත් පහුවෙනිදටත් ගේනවා...."


"දැන් වැල්ලට යන්න බෑ...ඔන්න ඔහේ බයිසිකල් කාරයාගෙන් මාළු ටිකක් ගමු...කැතී භාජනයක් ගේන්න මාළු දාන්න...මගේ පර්ස් එකත් අරන් එන්න ...."


"මොකද මේ මාළු මෙච්චර ගනන්....හරියට උඹලා කන්න දීලා ලොකු කරපු උන් වගේනේ...."


"නෑ සුදු නොනේ.... අද උදේම තෙප්පම් දෙකයි ගොඩට ආවේ....මම ඒ ඒකකින් මේ මාළු ඇරන් ආවේ...අපි ඉතිං පොඩි ගානක් තියාගෙන තමයි මාළු විකුනන්නේ.... අපේ දරු පවුලුත් ආරක්ශා කර ගන්න ඕනෙනේ සුදු නෝනේ...."

නිතර අපේ ගෙදර ගාවින් මාළු ගෙනියන බයිසිකල් කාරයෝ ග්‍රැනීව හොදට අඳුනයි.


"කැතී...කෝ ඔය භාජනයක් ගේන්න මාළු දාන්න... එළිසා ආවහම මාළු ටික උයා ගන්න ඕනේ...


"ආ....මම්මේ භාජනය....."


"මොකක්ද බං මේ ගෙනත් තියෙන්නේ.....නෑඹිලියට මාළු දාන්න හොද නෑ කියලා උඹට තේරෙන්නෙ නැද්ද ...?


"එහෙමද....? මම දන්නෙ නෑනෙ ඒක....ඔන්න ඔය හබරල කොළයට මාළු ටික දාලා දෙන්න සීමන්....මට බෑ ආයෙත් ගෙට යන්න..."

අපේ ගෙවල් වටපිටාවට මාළු ගේන බයිසිකල් කාරයෝ, නම් ගම් වලින්ම මමී හා ග්‍රැනී දන්නේය.


"අප්පේ....මේ මාළු ටිකේ ගනන්....හෙට නම් ලෙල්ලමට ගිහින් වත් මාළු ටිකක් ගේන්න ඕනේ...."


අපේ මමී ඩැඩි හා ග්‍රැනී ගමේ ඈයෝ සමග හොද සිංහලෙන් කතා කරනා අතර, ගෙදර ඇතුලේදී පුංච් අපට සිංහල ඉංග්‍රීසි භාශා දෙකෙන්ම කතා කරයි. ඩැඩී නම් අපට ඉංග්‍රීසියෙන් විතරක් කතා කරන අතර ඔහු මමී සමග ගෙදරදී රංඩු කරන්නෙත් බැනගන්නෙත් ඉංග්‍රීසියෙනි. කෙසේ හෝ අපේ ගෙදර හැමෝටම ඉංග්‍රීසි සිංහල භාශා දෙකම හොදට කතා කිරීමට හැකි වීම ලොකු දෙයක් කියා ග්‍රැනී කියයි.


"මම්මා කවද්ද දැන් පප්පගෙ පෙන්ශන් එක ගන්න ටවුමට යන්නේ...."


"ඇයි මොකද උඹ ඒ ගැන අහන්නේ...ඒකටත් තට්ටු කරන්නද...? ඒ මනුස්සයා, වැදගත් කමට ආන්ඩුවේ රස්සාවක් කරලා මැරිලා ගියේ මට පෙන්ශන් එක ගන්න හදලා දීලා... මගේ වාසනාවට ඒ මනුස්සයාගෙ පෙන්ශන් එක තියෙන්නේ.......මම ඒකෙන් තමයි මගේ මාසේ මෙඩිසින් ටික ගන්නේ...උඹලා ඒකටත් කෙල හල හල බලන් ඉන්නවා..."


ආන්ඩුවේ ලිපිකාර රැකියාවක් කල අපේ පප්පා, මිය ගියාට පසු ඔහුගේ පෙන්ශන් එක ග්‍රැනීට ලැබෙයි.... එම පෙන්ශන් එක හැම මාසෙම ගන්න යන්න ග්‍රැනී ලෑස්ති වෙන්නේ ලොකු උවමනාවකිනි.


පෙන්ශන් එක ගන්න යන්න කලින්දා ඇය ඇගේ සුදුවී තිබෙන කොන්ඩය කළු කරන්නේ අපේ මමිට කියායි..... ග්‍රැනී කොට සායකින් හෝ ගවුමකින් සැරසී සපත්තු දෙකක්ද දමාගෙන තැපැල් කන්තෝරුවට යන්න උදේ පාන්දරින්ම ලෑස්ති වෙයි. ඇය තොල් රතු කර හෑන්ඩ් බෑගයක්, කුඩයක්ද අතින් ගෙන පයින්ම ටවුමට යන්නේ, ඩැඩීට ඔහුගෙ කාර් එකෙන් ග්‍රැනී රැගෙන යන්න වෙලාවක් නැති යැයි කියනා නිසයි .ඇය පෙන්ශන් එක ගන්න තැපැල් කන්තොරු යන දවසට, පුංච් අපි ඇය ආපසු එන්කම් නොවිසිල්ලෙන් බලා හිදින්නෙමු. ඒ පැන්ශන් එක ගත්දාට ඇය ආපසු ගෙදර එන්නේ වෙන්නපුවේ කඩ සාප්පු මාර්කට් එක පැත්තේද රවුමක් ගොස්‍ බව අපි දනිමු. ඇය ආපසු තනියම ගෙදර එන්නේ අතින් කටින් පැණි රස කෑම , පළතුරු මස් මාළුද රැගෙනය. ග්‍රැනී පුංච් අපට බොහෝ ආදරය කරයි. අපී ආස කෑම බීම කඩෙන් ගෙනත් දෙයි. එහෙම නැත්නම් ඇය විසින් උයා හදා දෙයි. පුංච් අපි අපේ මමිට වඩා ග්‍රැනී ට ආදරය කරන්නේ එබැවිනි.


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

7 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentários


bottom of page