top of page
  • Writer's picturePrisila Godahewa

💞අමුතු දීගේ දෙවන කොටස අද සිට.....💞

Updated: Jul 9, 2020

2💞අමුතු දීගේ 2 💞අමුතු දීගේ 💞2

----2 කොටස ---


🌹🌹🌹මම සාරදා හංසිනි විජෙවර්ධන නම්…...අවුරුදු විසිනමයක තරුණ බිරිදක් වෙමි....... මට අවුරුදු හතරක චන්ඩි පුතෙක් හා ලස්සන චුට් දුවෙක් හිදියි...... මගේ උපන් ගම හෝමාගම වු අතර දැන් මගේ පදිංචිය නුවර දිස්ත්‍රික්කයේය......

මම කොළඹ විශ්ව විද්‍ය්ලයේ උපාධිධාරීනියක් වන අතර දුව ඉපදෙන කම් ගුරුවරියක් ලෙස සේවය කලෙමි........


මගේ පියා මීට තුන්වසරකට උඩදි මිය ගිය බැවින්, මගෙ මව මගේ එකම සහෝදරයා වන චතුරංග සමග නුවර ඔහුට දෑවැද්දට ලැබුනු ගෙදර දැනට පදිංච්ව හිදියි.......


මගේ පියා එකළ ව්‍යාපාරිකයෙක් ලෙස උත්සාහ වන්තව වැඩ කරපු කෙනෙක් විය...... ඔහුට ව්‍යාපාරික ලෝකයේ ඉහලට යන්නට හැකියාව ලැබි ඇත්තේ මවගෙන් ලැබි තිබු දෑවැද්දෙන් හා ඇයගෙ උපරිම දිරිගැන්වීම මතය...... ඒ වගේම මගේ මවගේ පාලනයට යටත්ව මටත් මගේ, එකම සහෝදරයාට මෙන්ම පියාටද ජිවත් වීමට සිදුවිය......... ඇගේ සියලු තීරණය නිසා අපේ පවුල දියුනුවෙන් දියුනුවට පත්වී ගමේ හොද පිලිගැනිමක් ඇති පවුලක් ලෙසද ජිවත් විමට අපට හැකියාව ලැබිනි........


මගේ සැමියා විකුම් හරිත් එගොඩතැන්න නම් විය...... ලංඩන් හි විශ්ව විද්‍ය්ලයකට වැඩිදුර ඉගෙන ගැනීම සදහා ගිය ඔහුගේ උපන් ගම පානදුරේය.......


ඔහුගේ පියා ඔහු පුංචි සංදියේදිම, මියගියත් මවගෙ උත්සහය උඩ වැඩිදුර ඉගෙන ගැනීමට ඔහුට එංගලන්තයට යන්නට වාසනාව ලැබූ කෙනෙක්‍ය........ පියාගේ පැන්ශන් එක හා පොල්වත්තක ආදායමක් තිබුනෙන් ඔවුන්ට පුංචි සංදියේ පටන් අගහිග කමක් නැතුව ජීවත් වීමට හැකිවි ඇත...... විකුම් ගේ එකම සහෝදරියද හොදින් ඉගෙන ගෙන දැන් විවාහ වී ඔස්ට්‍රේලියාවේ පදිංචි වි හිදියි..... විකුම්ගේ මව ඇය සමග ඇගේ දියනිය බලා ගනිමින් ඔස්ට්‍රේලියාවේ පදිංචි විමට ගියේ මීට වසර තුනකට පමන පෙරය......


මගේ විවාහය.......මගේ දැඩි අකමැත්ත පිට,මටඅවුරුදු විසිතුනේදි….. විශ්ව විද්‍ය්ලයේ ඉගෙන ගනිමින් හිදිද්දිම ව්වාහ දිවියට ඇතුල්වීමට සිදුවුයේ මවගේ බලකිරිමටය....... ඒ.....එංගලන්තයේ ඉගෙන ගනිමින් සිටි විකුම් එගොඩතැන්න නම් අවුරුදු විසිහතරක තරුනයකු සමගය....... මගේ යුගදිවිය ආරංභ උනේ විශාල මංගල උත්සවයකින් පසුය...... විවාහයෙන් සුමාන දෙකකට පසු නැවත එංගලන්තයේ වැඩිදුර ඉගෙනුම සදහා ගිය මගේ සැමියා........ මා හට නැවත දකින්න ලැබෙන්නේ...... වසර තුනකට පසුය........ඔහු අවුරුදු තුනක් මා මග හැර හිද ,ආපසු ලංකාව බලා ආවේ වසර තුනකට පසුය......


විවාහයත් සමග ගැබිනියක් ඌ මා, දරුවා සමග තනි වි..... ඒ වන විට නොයෙකුත් කරදර ප්‍රශ්න නොමනා කතා බහට ලක්ව අසරණව සිටි කාලයක විකුම් නැවත මා සොයා පැමිනියේය.......


නිරංජන් සාරංග කම්කානම්ගෙ...... වන මගේ මස්සිනා සමග පුංච් සන්දියේ පටන් මගේ තිබු ඇයිහොදැයිය නැතහොත් ආදර සම්බන්ධය......, දැන ගත්දා පටන් එය කඩාදැමිමට වෙහෙස ගත්තේ මගේම ආදර මවමය.…...


ඇගේ කීමට පිටින් යමක් කිරිමට ශක්තියක් නැති මම නිරංජන් සාරංග නම්........ මගේ මස්සිනා අමතක කර, විකුම් හරිත් විජේවර්ධන නම්...... විදේශයක ඉගෙන ගැනිමට ගිය තරුනයකු කසාද බැදගෙන…... වින්ද දුක් කම් කටොලුත්…..මගේ.සැමියා මා මග හැර සිටි කාලයේ…..නිරංජන් සාරංග කම්කානම්ගෙ වන මගේ මස්සිනා සමග ......නැවත මම ඇති කරගත් අනියම් සම්බන්දය නිසා සිදුවු අලකලංචිත්.......

මෙම 💞අමුතු දීගේ💞 අමුතු දීගේ 💞 නවකතාවේ පළවන කොටස දිගටම කියවු ඔබට.....තවමත් මතක ඇතැයි සිතන්නෙමි.........


පිටරට සිටියෙදි….මත්දව්‍ය පාවිච්චියට පුරුදු වී ජීවිතය නාස්ති කරගත් මගේ සැමියා….වසර තුනක් මා මග හැර සිට ලංකාවට නැවත ආ පසු…..... මගෙත් සැමියාගෙත් දරුවන්ගේත් කතාවේ ඔබ නොදත් බොහෝ කොටස් මෙතැන සිට මෙය කියවන ඔබට දැනගන්නට ලැබේවි....….. .


💐💐💐💐💐💐💐💐


" විකුම් …..අපට කැනඩාවට විසා හම්බුන එකේ….අපි ඉක්මනටම එහෙ යමු හොදේ…...මට නම් ආසවේ බැරුව ඉන්නේ කොහේ හරි රටකට ගිහින් පදිංචි වෙන්න….. ඔයා දන්නවනේ අපේ අම්මලා අපි දෙන්නව, අවුරුදු පහකට උඩදි කසාද බැන්දෙව්වෙත්….., ඔයා ලන්ඩන් හිටිය කාලේ මාවත් එහේ යවන්නනේ…."

" ඇයි….අමතක ….අපි දෙන්නම අමාරුවේ වැටුනේ ඒ නිසානේ…...

" අනේ මන්දා…..මේ ළමයි එක්ක කැනඩාවට ගිහින් අලුතෙන් ජීවිතේ පටන් ගන්නව කියන්නෙත් ලේසි වැඩක් නෙමේ…..රට ගිය ගමන්ම මට ජොබ් එකක් හම්බවෙයිද දන්නෑනේ සාරදා ….ඒ නිසා මාස තුන හතරකට වත් අපට එහේ ජීවත්වෙන්න සල්ලි ඇරන් යන්න වෙයි...…...මට කාලයකට ජොබ් එකක්, නොලැබෙන්නත් පුලුවන්….... අපි හිතන තරම් ලේසියෙන් පිටරට ජීවත් වෙන්න බෑ…... මේ පොඩි ළමයි දෙන්නත් එක්ක අපට ගොඩක් මහන්සි වෙන්න වෙයි....... කාත් කවුරුත්, අදුනන අය නැති රටක අපි දෙන්නට ගොඩක් කරදර වලටත් මුහුන දෙන්න සිද්ද වෙයි…....මම ඉගෙන ගන්න ලන්ඩන් ගිය කාලෙත් ඊට පස්සේත්, රස්සාවක් හොයාගන්න මම කොච්චර නම් මහන්සි උනාද.....ඒ බව දන්නේ මම විතරයිනේ.... අනේ දෙවියනේ ඒ කාලේ මම කරපු රස්සාවල්....... දැන් නම් කා එක්කවත් කියන්නත් ලැජ්ජයි......... ඒ කාලේ මම අම්මට කරදර කර, ලංකාවෙන් මගේ වියදමට සල්ලි ගෙන්න ගත්තෙ නෑනේ..... මගේ වියදම මමම හොයාගත්තා....."


විකුම් ඒ කාලේ සිද්දවුන දේ ගැන කියන්නේ සතුටින් වගේම දුකෙන්‍ ය..... එංගලන්තයේ අවුරුදු තුනක් නොයෙක් කරදර වලට මුහුන දී ලංකාවට ආ ඔහු දැන් පුදුමාකාර ලෙස හොද ජීවිතයක් ගත කරන්න පටන් ගැනීම මගේ සතුටට හේතුවක් වි ඇත .....

"මේ රටවල් වල වගේ නෙමේ සාරදා ඒ රටවල් වල….... ලමයි බලාගෙන ගෙදරට වෙලා ඔයාටත් නිදහසේ ඉන්න ලැබෙන එකක් නෑ….... ඔයාටත් එහේ ගිහාම මම වගේම රස්සාවක් කරන්න වෙයි..... ලමයි දෙන්නා "ඩේ කෙයර්" දාන්න වෙයි. අපි දෙන්නට ගොඩක් මහන්සි වෙන්න වෙයි රට ගියාට පස්සෙ…... අපට දියුණු වෙන්න, ජිවිතේ ජයගන්න , නම් ගොඩක් මහන්සි වෙලා වැඩකරන්න වෙයි........."

"මම ඕන දේකට ලෑස්තියි විකුම්...... ඔයා තනියම රටගිහින් හිටිය කාලේ මම පුතා හදාගන්න තනියම කොච්චර නම් මහන්සි උනාද ….. සෝමා ලග පුතා තියලා මම ඉස්කොලේ උගන්වන්න ගියේ…... මට හොදට පුරුදුයි මහන්සි වෙලා..... අපි රට ගියාට පස්සෙ ලමයි දෙන්නා "ඩේ කෙයර්" එකකට දාලා මටත් රස්සාවකට යන්න පුලුවන්.....මම ඒකට ලෑස්ති පිට තමයි යන්නේ....."

💐💐💐💐💐💐💐💐💐💐

අපි දෙන්නට කැනඩාවට යන්න වීසා ලැබුනු දවස මගේ අම්මත් අයියත්, ගෙදර වැඩ කරන සෝමාත් පුදුම තරමට සතුටු උන දවසක් විය.....…


මීට අවුරුදු පහකට උඩදී..... මා විකුම්ට කසාද බන්දා දී ලන්ඩන් අරින්න, අම්මා ගත් උත්සාහය…....මග ඇරීගිය නිසත්, ඒ නිසා මට උන පටලැවිලි ගොන්න නිසත්,...... මගේ අම්මා අදටත් මානසිකව වැටී හිදියි….. අපට ගෙවල් දොරවල් විකුනා දමා කොලඹින් නුවර පදිංචිය දක්වා යන්න උන හේතුව....., හොදින්ම දන්නා අයියා හා අම්මාට අදටත් අවශ්‍ය වී ඇත්තේ...... විකුම් හා මා රටින් පිට කිරීමටය......

විකුම් තනියම රට ගොස් හිද ආවාට පසු...... ආයෙත් ඔහුට, රටයන්න කිසි අවශ්‍ය තාවයක් තිබූනේම නැතිය...... මගේ දැඩි උවමනාවට හා පෙරෙත්තය මත...... විකුම්ගේ අධ්‍යාපන සුදුසුකම් ඔස්සේ කැනඩාවට යන්න ඉල්ලුම් පත් යොමුකර,..... අවුරුද්දකට විතර පසු අපට , මුලු පවුලටම රට යන්න වීසා ලැබීම මගේ ඉමහත් සතුටට හේතුවක් විය.....

"සාරදා .. අපට ලංකාවේ කරගන්න ඉතුරු වෙලා තිබුන, වැඩ ටික ඉවර කරගන්න පුලුවන් වුන එකේ…. අපි එහෙනම් තව සුමාන දෙකකින් විතර කැනඩාවට යන්න එයාර් ටිකට් ගමු…...


"අනේ...ශෝක් අපට ඉක්මනට එහේ යන්න පුලුවන් එක.... "


"ඔයා එහෙනම් දරුවෝ දෙන්නටයි අපටයි ගෙනියන්න අවශ්‍ය කරන දේවල් දැන්ම ලෑස්ති කරගන්න....… කැනඩාවේ සීතල කාලගුනය, වින්ටර් එක වැඩි නිසා බබාලා දෙන්නට ශීත ඇදුම් ගොඩක් ඕන වෙයි….... අපිට එහෙ ගියාට පස්සෙත් ඒවා නම් ගන්න පුලුවන් …...ඒත් අපි ඇදුම් ටිකක් මෙහෙනුත් ඇරගෙන ගමු...... ගිය ගමන් අදින්න ඔයාටත් ශීත ඇදුම් ගන්න වෙයි….....මට නම් ලංඩන් වලදි ඇදපු ඇදුම් තියෙන නිසා අලුතින් ඇදුම් ගන්න ඕනේ වෙන එකක් නෑ......"

"අපි දැන් කැනඩාවට ගිහින්, මුලින්ම කොහෙද ඉන්නේ.....?"

" මාත් එක්ක ලන්ඩන් වල ඉගෙන ගත්ත යාලුවෙක් ඉන්නවා කැනඩාවේ….., මම මිනිහත් එක්ක ටිකක් කතා කරා මේ ගැන..... , එයා කියනවා මුලින්ම ඒගොල්ලන්ගෙ ගෙදර ටික දවසක් ඉන්න පුලුවන් කියලා ….., එයා පුලුවන් උනොත් අපට නවතින්න කූලී ගෙයකුත් ඉක්මනට ලෑස්ති කරලා තියන්නම් කිව්වා...….තව එයා වැඩකරන තැනට කතා කරලා මට ජොබ් එකකුත් ලෑස්ති කරගන්න බලන්නම් කිව්වා…"…


" කොහොම උනත් කවුරු හරි අදුනන කෙනෙක් ඉන්න තැනකට, මුලින්ම මේ ලමයනුත් ඇරගෙන යන එක හොදයි... මොන කරදරයක් උනත් අදුනන කෙනෙක් ඉන්න එක වටිනවානේ…"

"අනේ ඔව්,.... ඒ විදිහ නම් ගොඩක් හොදයි. අපි එහෙනම් අපේත් ලමයින්ගේත් ගෙදරට ඕන කරන අත්‍යාවශ්‍ය බඩු පැක් කරලා පෙට්ටි තුන හතරක් කැනඩාවට දාමුද?..... අපට එතකොට අපේ කියලා ගෙදරක, පදිංචියට යනකොට ඕන කරන අතයවශය බඩු ටික තියෙනවානේ…...."

"ඒක නම් හොද අදහස. එහෙනම් මම දීපිකාගෙ හස්බන්ඩ්ට කියන්නම් ඒගොල්ලන්ගෙ ගෙදර ලිපිනයට අපි පෙට්ටි ටිකක් එවන්නම් කියලා….."

" ඒගොල්ලන්ගෙ ගෙදර කවුද තව ඉන්නේ"

"මිනිහා ලගදිනේ කසාද බැන්දේ….තවම බබලා නෑ. අලුත් ජෝඩුව විතරයි ."

" ඒක හොදයි "

" එහෙනම් අපි රට යන්න ඉස්සෙල්ලා කරගන්න තියෙන වැඩත් ඉවර කරගෙන, ගෙනියන්න අවශ්‍ය දේවල් දැන්ම ලෑස්ති කරගෙන ඉවරවෙලාම නෑදෑයෝ යාලුවන්ටත් කියමු අපේ ගමන ගැන......"

සියලු ලංකාවේ කල යුතුව තිබුනු වැඩ ටික ඉවර කර, කැනඩාවට අපේ අතයවශය බඩුමුට්ටු ටිකකුත් පිටත් කර හැර, නෑදෑයෝ,යාලුවන්ටත් අපේ ගමන ගැන කියා කැනඩාවට යන්නට සුදානම් උනෙමු.......


. - හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

11 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page