top of page
  • Writer's picturePrisila Godahewa

💞අමුතු දීගේ 💞 අමුතු දීගේ 💞

(13 වෙනි කොටස)

🌹🌹 ‘‘අපේ පරම්පරාව ගෙනියන්න දැන් පුතෙක් ඉන්නවා..... අනේ...විකුම් පුතා ඉපදුන දවසේ වගේමයි…..ලස්සනේ බෑ..... .‘‘

විකුම්ගෙ අම්මා පුතා තුරුලු කරගෙන ඉන්නේ සතුටිනි. විකුම්ගේ සහෝදරියට දුවක් සිටින නිසත්, කුළුදුලේ මටත් විකුම්ටත් පුතෙක් ලැබුනු එකත් ඇයට ලොකු සතුටක් වී ඇත.


අපේ අම්මා ද දරුවා වඩාගත් විට ඉන්නෙ සතුටින් උන්නත්,, ඇගේ සතුට යටින් ඇත්තේ දුක් මුසු පෙනුමකි. ඇය දෙවන වතාවට ද දැන් මිත්තණියක වී ඇත.


මා හට ආවතේව කිරීමට අම්මා, සෝමා හා රාණි ඇන්ටි ද සැදී පැහැදී ඉඳී….. ඔවුන් මට කිසිම වැඩක් කිරීමට නොදෙයි.... කිරි එරෙන්න කියා නොයෙකුත් කෑම වර්ග හදා කන්නට දෙයි. පුතාව හෝදන, නාවන, නැපි මාරු කිරීම් කරයි......කවුරු උදව් උපකාර කළත් දරුවාගෙ තාත්තා, විකුම් නැති සොවින් මම උන්නෙ කළකිරීය.


විකුම් දෙවන වරට කරන අවසන් විභාගය නිසා මේ දිනවල ඔහුට ලංකාවට ඒමට පුළුවන් තත්ත්වයක් නොවීය. ඔහු මට කෝල් කර සුභ පැතීය.


‘‘ඔයාගෙ පුතාව බලන්න එන්නැද්ද විකුම්.....?’’ මම බාගෙට අඩමින් අසන්නේ දුකෙන්...


‘‘පුළුවන් ඉක්මණට එන්නම් සාරදා…... විභාගෙ කරන ගමනම මට කරන්න පොඩි හොද ජොබ් එකකුත් භම්බුනා….. ඒක පරිස්සම් කරගන්නත් ඕනේ නේ…... මං අපි තුන්දෙනාට ඉන්න ගෙයකුත් ලෑස්ති කරල ඉවරවෙලාම එන්නම්….. මං ආවහම ඔයාවයි, පුතාවයි දෙන්නවම එක්කගෙන ම යන්න එන්න ඕනේ …... ඔයාට තනියම පුතාත් එක්ක ප්ලේන්වල ඇවිත් පුරුදු නෑනේ…..",


" එහෙනම් පුතාට මාස හය සම්පුර්ණ උනාට පස්සෙම ඔයා එන්න…., එතකොට ඔයා යනකොට අපටත් ඒ එක්කම යන්න පුලුවන්.....අනික, නැත්නම් අපි දෙන්නම දන්නෑනේ පුතාව බලා ගන්න ඕන විදිහවත්..…. මටත් තනියම පුතාව බලාගන්න පුලුවන් වෙන්නත් ඕනනේ......ඔයාටත් මට උදව් කරන්න බැරි නිසා...... ඉක්මණට අපි දෙන්නවත් ඔයා ලඟට ගන්න විකුම්…. මට නම් දැන් තනියම ඉදලා ඇතිවෙලා ඉන්නේ..... මම තව ටික කාලයක් ඉවසගෙන ඉන්නම්…..ඔයා අපිව ඉක්මනට ගන්න බලන්න .....‘‘


කාලය හෙමින් හෙමින් ගෙවී යයි . පුතා, ඔලුව කෙලින් තියා ගනියි...., මුනින් පෙරලෙයි...., දගළයි, නැගිටින්න හදයි…. . කිරි සිනා පෙන්වමින් ඔහු සිනාසෙන හඩ ගේ පුරා පැතිරෙයි….දරුවාගේ කිරි සුවදින් මුලු ගෙදරම පිරී ඇත. දරුවාට මාස හයක් හෝ අවුරුද්දක් සම්පුර්ණ වෙන තුරු රට නොයන ලෙස අම්මා හා රාණි ඇන්ටි කිව් බැවිනි..... ,මම දින ගන්න කරමින් විකුම් ලගට යන්නට පෙරුම් පුරමින් උන්නෙමි .


පුංච් දරුවා බලාගන්නට ඇති අපහසුව හා ගෙයක් දොරක් හදාගෙන පිලිවෙලක් වෙන්නට කාලය අවශ්‍ය බැවින් අම්මා හා රානි ඇන්ටිගෙ අදහසට විකුම්ද ඉහලින්ම කැමති වී ඇත. තමාගේ ලෙයින් හැදුන දරුවා ගැන නම් විකුම්ට ලොකු හැගීමක් නැති ගානය.....කොහොමත් සෙල්ලක්කාර ගති පැවතුම් තිබුන විකුම්....කසාද බැදපු ඉක්මනට දරු සුරතල් බැලීමට ඔහුට කිසිම උවමනාවක් නොතිබු බව මම දැනන් උන්නෙමි. අපේ අවාසනවටද....මගේ අවාසනාවටදෝ.....පුතා මෙපමන ඉක්මනට අපේ ලගට ආ එකට විකුම් මගේ මූනටම කියා දුක් උනත්....චූටි පුතාගේ කිරි සිනා දකින හැම මොහොතකම ගිනි කන්දක් යට සිට් ගෙන මම හිත සතුටින් පුතා වැලදගන්නෙමි...


සියල්ලෝම කියන කියන දේට ඔලුව වනමින් මම දරුවා තුරුලු කරගෙන තනියම දුකෙන් කදුලු සලන්නෙමි.....

අම්මා හා සෝමා මගේ දරුවා බලාකියා ගනිමින් මට උදව් උපකාර කරයි.... රාණි ඇන්ටි ඉඳහිට ඇවිත් පුතාව බලා යයි. විකුම් මාස පතා අපි දෙන්නාගේ වියදමට, පොතට සල්ලි එවයි.... එය මට සහනයකි….හේතුව පුතාට අවශ්‍ය කිරි පිටිවලට හා වෙනත් දෑට දැන් මා හට නිතර නිතර මුදල් අවශ්‍ය වීමයි.

තාත්තාගෙ බිස්නස් එකෙන් ලැබෙන සම්පුර්ණ ලාභයම අයියා දැන් ලබා ගනී. අයියා ඒවා පාලනය කරන්න පටන් ගත් පසු එසේ උනත්, තාත්තා ඉන්නා කාලේ නම් මුලු ලාභ්‍යම අම්මාට ඕන විදිහට පාලනය විනි..... තාත්තා නැති උනාට පසු , අයියා තාත්තාගේ ව්‍යාපාර වල තනි අයිතිය ඔහුට අවශ්‍ය ලෙස හිමි කරගෙන ඇත. මට ඒවා ගැන දැනීමක් නැති නිසා, ඒවා එසේ වී ඇති බව අම්මා මට කියන්නේ අකමැත්තෙනි. නමුත් අම්මා.... අයියාගෙන් හැම මාසයේම අම්මාගේ වියදමට කියා මුදල් ඉල්ලා ගනී. නමුත් ඔහු ඒවා අම්මා අතට දෙන්නේ ගානකට මිම්මකට බව අම්මා මා සමග කියන්නේ කේන්තියෙනි. අම්මා දැන් ඇයට ලැබෙන මුදලින් වැඩි කොටසක් මගේ වියදමට කියා මගේ අතට දෙයි.....


‘‘නංගිගෙයි දරුවගෙයි වියදම දැන් සැරයි ලොකු පුතේ.... තව කීයක් හරි වැඩිපුර මට දෙන්න නංගිගේ වියදමටත් එක්ක. ... තාත්තාගේ බිස්නස් වල ඔක්කොම තනි අයිතිය ඔයාටනේ මම දුන්නේ.‘...."‘


‘‘ඇයි ඉතිං මෙච්චර ලොකු මහගෙදර අම්මා, නංගිගේ තනි නමට ලියල දුන්නනේ... .‘‘


‘‘ඒ වුණාට නංගිට කියලත් මොනව හරි තාත්තගෙ බිස්නස් එකෙන් දෙන්න ඕනේ....අඩු ගානේ මාස පතා සල්ලි කීයක් හරි අතට දෙන්න ඕනේ….

‘‘ඇයි .... නංගිගේ වියදමට විකුම් සල්ලි ඇති වෙන්න එවන් නැද්ද?’’


"විකුම්....වියදමට සල්ලි එව්වට අපිත් එයා ගැන බලන්න ඕනිනේ….. දරුවගෙ වියදමත් දැන් සැරයි...අනික ඔය ව්‍යාපාර වල අයිතිය නංගිටත් තියෙනවා....


"අම්මා... කට පියාගෙන ඉන්න..... නංගිට දෙන දේවල් අපි එයාට දීලා තියෙන්නේ...ව්‍යාපාර අයිතිය ගැන අම්මා නිකමටවත් නංගිට කියන්න ඕනේ නෑ....විකුම් ඊට පස්සේ ඒවට ඇහැ ගහගෙන් ඉදියි.....


"ඒ උනාට ඒ කෙල්ලට තව මොනව හරි දෙන්න ඕනේ කිය කියා තාත්තා හිටියේ ......." අම්මා මම වෙනුවෙන් කතා කරයි.


‘‘දැන් විකුම් කවද්ද නංගිව එයා ඉන්න තැනට ගනනවා කියන්නේ...‘‘ අපරාදේ...කැම්පස් එකේ අවසාන විභාගේ කිය කිය හිටියා...දැන් බැදලත් අවුරුද්දක් උනා...ළමයට මාස හය පහූ උන හැටියෙම කොහොම හරි එයාව විකුම් ඉන්න තැනකට අරින්න. ...."


"ඒක තමයි මමත් මේ බලාගෙන ඉන්නේ බයේ.....විකුම්...සාරදාට විතරක් නෙමේ.. රාණිටත් සලිලි එවනවා... මං හිතන්නෙ විකුම් එවන සල්ලි රානි එයාගෙ නැදෑයින්ට බෙද බෙදා ඉන්නවා.... සාරදා විකුම්ගෙන් අහන්න එපෑ….ඔය දේවල්.... මේ මෝඩ කෙල්ල ඕවා නවත්ත ගන්න එපෑ දැන්ම ඉදන්....... ඔහේ ඉන්නව ළමයා බදාගෙන......ඒ අම්මන්ඩි ඔය දැන් කැනඩාවල ඉන්න දුව ලගට යන්න ලෑස්ති වෙනවා කියන්නේ......ඕවටත් විකුම් තමයි වියදම් කරනවා ඇත්තේ....‘‘


"මේකී ඉතිං කවදත් මෝඩීනේ.....අරය මෙයා කියන ඒවා කර කර ඉන්නවා...කිසිම දෙයක් තමන් හිතලා කරන්න ඕනේ කියලා හිතන් නෑනේ..."


මගේ විශ්ව විද්‍ය්ලයේ යාලුවෝ හැමෝම චූටි පුතා බලන්න ආවේ එකට කතා වෙලා....


"අප්පේ...මේකා සුද්දො පැටියෙක් වගේ...හරි ලස්සනයි .....තාත්තා වගේමයි."

" දැන් කවදා විතරද සාරදා ....ඔයා පුතා එක්ක විකුම් ලගට යන්නේ...."


"අනේ මන්දා....සුනීතා...මම අම්මලාට කිව්වෙත් නෑ....විකුම් දැන් අමුතු කතාවක් කියනවානේ....


ඒ..මොකක්ද?


"එයා ඉන්ග්ලඩ් ගිහින් තියෙන්නේ ස්ටුඩන්ට් වීසා ඇරගෙනනේ.... ඒකත් අවුරුදු හතරකට.....එයා මාව මැරි කරලා මාස හයෙන් රට එක්ක යන්න හදනකොටත්.....මාස අටකටලු එයාගේ වීසා ඉවර වෙන්න ලං වෙලාලු තිබුනේ .... ඒකලු වෙඩින් එක ඉක්මන් කලේ........ එයා හිතල තියෙන්නේ....වීසා ඉවර උනොත් කොහොම හරි වීසා දික් කරගෙන මාව ගෙන්න ගන්න පුලුවන් වෙයි කියලලු......ඒත් එයාගේ ෆියිනල් එග්සෑම් එක ෆේල් උන නිසා....විසා දික් කරගන්න බැරි වෙලා...එයා දැන් එහේ ඉන්නේ විසා නැතිවලු.....ජොබ් එකක් හම්බුන නිසා ...එයාගෙ පඩි දැන් හොදයිලු.....කොහොම හරි කරලා එයා...ජොබ් විසා එකක් ඇරගෙන මාව එහෙට ගන්නවා කියනවා.....අනේ මන්දා තව කොච්චර කල් යයිද මන්දා....එයාට පුතාව බලලා යන්නවත් එන්න බැරිලු....විසා නැති නිසා....ආවොත් ආයෙත් යන්න බැරිලු....එයා ලංකාවේ ඇවිත් ජොබ් එකක් කරන්න කැමතිත් නෑ....මට අම්මලාට කියන්නත් බයයි....මේවා....


"හරි යකෙක් නේ...විසා ඉවරවෙන්න කටේ තියාගෙනද පෑලෑන් කරලා කසාද බැන්දේ....


‘‘දැන් විකුම් කවද්ද ඔයාව එයා ඉන්න තැනට ගනනවා කියන්නේ.. ආයෙත් ව්සා ඇප්ලයි කරලා ඊට පස්සෙද?.‘‘


‘‘අනේ මන්ද? අද ගන්නම්, හෙට ගන්නම් කියනවා. මටත් දැන් අහල අහල ඇති වෙලා ඉන්නේ....‘‘


‘‘මිනිහ මඟ අරින්න හදනවද දන්නෑ.‘‘


‘‘මටත් ඒක හිතුනා.මුලින් සාරදාව එහෙට ගන්න තිබුන හදිස්සිය දැන් නෑ වගේ....


“ අම්මලත් කලබලේ ඔයාව ඒ මිනිහට බන්දල දුන්නා......ඔය රටවල ගිහින් ඉන්න මිනිස්සු කොහොම විශ්වාස කරන්නද.... කවුද දන්නෙ එහෙ සුද්දියෙක් බැඳපු මිනිහෙක් ද කියලත්.....‘‘


‘‘මටත් දැන් ටික ටික බය හිතෙනවා ඒ ගැන..... කොහේද මේ අපේ මෝඩි ටිකක් සැරට කතා කරලා මිනිහ ලඟට යන්න බලන්න එපෑ.... ඔහේ ළමයා මත්තෙ වැටිල ඉන්නවා. මිනිහ රට මොනව කරනවද මන්දා...........’’


පුතාට මාස හයක් සම්පූර්ණ විය. විකුම් පුතා බලන්න ආවේ ම නැත . මට දැන් ටික ටික හිතට දැනෙන්නේ බයකි.... ඉස්සර වගේ විකුම් මට දැන් නිතර නිතර කතා කරන්නේ ද නැත. මං කතා කළත් කලබලේ ටිකක් කතා කර වැඩ වැඩියි කියා ෆෝන් එක තියයි...... සමහර දවස්වලට ඔහු සමග කේන්තියට මම ද කතා නොකරමි....... . අන්තිමට බලා ඉද මටම ඔහුට කතා කරන්න සිද්ද් වෙයි....... විකුම් මාව හොඳට ම මඟ අරින්න පටන් ගෙන ඇතැයි දැන් දැන් මට සිතේ.... .


විකුම්ගේ අම්මා ,රාණි ඇන්ටි කැනඩාවේ එයාගෙ දුව ලඟට පදිංචියට ගියේ ඔය කාලේදීමය. ඇයත් ඕන කමෙන්ම මාව මග හැර ගියා දැයි මට සිතේ.....


දැන් පුතාට මාස අටටත් කිට්ටුයි. විකුම් ඉදහිට කතා කර පුතාගේ දුක සැප අහයි....නිතර මාසමග කතා නොකරන්නේ.....කතා කරන හැම දිනකම මම ඔහු සමග රංඩු කරන නිසා බව ඔහු කියයි. ඇත්තටම .... මට දැන් විකුම් එක්ක ඇත්තේ කේන්තියකි...... ඔහුට ඔහුගෙ ලෙයින් හැදුන දරුවා බැලීමට ඒමටවත් උවමනාවක් නැත..... මට මගේ පාඩවේ ඉන්න නොදී මාව කලබලේ කසාඳ බන්ඳා දුන් අම්මා ..... ඒ ගැන මා සමග කතා නො කරයි. ඇය සෝමාට මාවත් පුතාවත් බලාගන්න ඉඩ හැර දැන් නුවර අයියලාගේ ගෙදරට වෙලා ඉන්න පටන් ගෙන ඇත. මට දැන් අම්මා එක්ක ද ඇත්තේ කේන්තියකි..... ඇයගෙ මහන්තත්ත කමට, මාව ඉගෙන ගෙන ඉවර වෙන්න ඉස්සර කසාඳ බන්ඳා දී....මිනිහෙක් ලග නැති ගැහැනියක් බවට මාව පත් කර ඇත......තාත්තෙක් ....ඉපදුනාට පස්සේ දැක නැති ළමයෙක් සමග මාව තනිකර ඇත. .. දැන් මම තනියම දරුවෙකුත් සමග තනිවී ඇත.. දරුවාට තාත්තෙක් නැත . මගෙ තනියට ස්වාමි පුරුශයෙක් නැත .

කාලය වේගයෙන් ගලා යයි..... විකුම් කියන්නෙ මටත් පුතාටත් දැන්ම ඔහු ලගට ගන්නට හැකියාවක් නැති බවයි.... ඔහු ඉන්නා රටට වීසා ගන්නට නොහැකි , ඔහුට හොඳ ස්තිර රස්සාවක් නැති බැවින්ලු.....දැනටත් ඔහු ඒ රටේ ඉන්නේ...විසා නැතිවලු......අනේ මන්දා.....හැමෝම කියන දේවල් අසමින් මම චූටි පුතා තුරුල් කරගෙන මුලු දවස පුරා කදුලු සලන්නේ.. තමන්ගේ කියන්න කාත් කවුරුත් නැති අසරනියෙක් ගානටය.


-හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

1 view0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page