top of page
  • Writer's picturePrisila Godahewa

💞අමුතු දිගේ💞අමුතු දීගේ💞

(10 වෙනි කොටස)

🌹🌹අප දෙදෙනා රැගත් මංගල රතය, හවස් වේගෙන එන වෙලේ.... කොළඹ ගංගාරාම විහාරස්ථානයට පිවිසියේය.


අප දෙදෙනා විවාහ දිවියට පා තැබු පසු වැඩිහිටියන්ගේ උවමනාවට, ඉස් ඉස්සෙල්ලා, අපට බුදුන් වදින්න එක්ක ආවා යැයි, මා සිතුවත්…..එය ජායාරූප ශිල්පියාගේ උවමනාවට සිදුවු බවක් බව පසුව මට පසක් විය. අපේ විවාහයේ ඡුායාරූප ගත් ශිල්පියාට අවශ්‍ය වී තිබුනේ වෙනස් ආකාටයට අපේ විවාහ දිනේ ජායාරූප ගැනීමටයි…... අප දෙදෙනාගෙ වෙනස් ඡුායාරූප ගැනීමම එහි ප්‍රධාන අරමුණ වි තිබුනි.


ගංගාරාම පන්සල, සීමා මාලකය, ලග බේරේ වැවෙන් එන සුළඟ සමඟ අපගේ විවාහයේ ඡුායාරූප විවිධ අයුරින් ලබාගැනීම ඡුායාරූප ශිල්පියාට ඕන ලෙස බොහෝ වේලාවක් සිදු විය. ඉන් පසු නැවත, අපිට ‍රාතිය ගත කරන්න වෙන්කර තිබූ හෝටලයට යන විට හොදටම කළුවර වැටී තිබුනි. අපේ අයියා සහ අක්කාත්, විකුම්ගේ හොදම යාලුවො දෙදෙනෙකුත් අපි සමගම ඒ ජායාරූප ගන්නට ගිය ගමන් වලටත්… නැවත හෝටලයට අපව බස්සා එන්නටත් අප සමගම ආහ.


අප දෙදෙනාගෙ විවාහ උත්සවය පැවැත් වූ හෝටලයේ ම අපට එදින රාත‍්‍රිය ගත කිරීමට විශේෂ කාමරයක් ලෑස්ති කර තිබුණි. ගංගාරාමය වැද පුදා ගෙන බේරේ වැව වටේත්, සීමා මාලකය අවට ද ටික වේලාවක් ගත කර අප නැවත හෝටලයට ම පැමිණියෙමු. ඒ වන විට අප දෙදෙනා සිටියේ බොහෝ මහන්සියෙන් හෙම්බත්වය. ඒ උදේ ඉදන් ඇදගෙන සිටි මංගල ඇදුම් හා විවාහ චාරිත්‍ර වලට උදේ සිට මුහුන දෙමින් සිටි නිසයි.


තරු පහේ හෝටලයේ අපට නියමිත කාමරයට අයියා හා අක්කාද පැමින අපේ බඩු මලු, කාමරයෙන් තියා අපට සුභ පතා යන විටි රෑ බෝ වෙන්න පටන් ගෙන තිබුනි.


"අයියල..යාලුවෝ හැමෝම ගියා..අපි වොශ් එකක් දාගෙන රිලෑක්ස් වෙමු..…


කොළඹ තරු පහේ හෝටලයක මංගල රැය ගත කිරීමට අපට අවස්ථාව ලැබීම මට සතුටක් විය.


" විකුම්.....හරිම ලස්සනයි නේද මේ රූම් එක ...හැම දෙයක්ම පිලිවෙලයි...පිරිසිදුයි...මම මේ ආවමයි මේ වගේ රූම් එකක නවතින්න.


‘‘ ඔව්..මේක ගොඩක් ලොකු හොද හෝටලයක්නේ….දැන් නම් හරි මහන්සියි සාරදා.... මම ඉක්මණට වොෂ් එකක් දාගෙන එන්නම්ද?..…..‘‘


මම තවමත් කාමරයේ හැඩ බලමින්...එහි තිබුන විශාල ජනේලය ළගට ගොස් අවට බැලුවෙමි...


‘‘විකුම්...... අර ඈත ගෝල්ෆේස් එකත් පේනවා.... මේ ජනේලය ලඟ ඉන්නකොට, ... මේ වෙලාවට හරි ලස්සනට ගෝල්ෆේස් එක පේනවා ..එන්නකෝ බලන්න......‘‘මම පොඩි දරුවෙක් ලෙස කෑගැසුවෙමි.


‘‘මේ හොටෙල් එක ගොඩක් හොඳයි කියල මගේ යාළුවෙක් කිව්වා. ඒකයි මං මේ හොටෙල් එක ම අපේ වෙඩින් එකට තෝර ගන්න කියලා අම්මලා ට කියලා එව්වේ…. .‘‘


‘‘අද ඉඳන් අපි දෙන්නා හස්බන්ඞ් වයිෆ් විදිහට ජීවිතය පටන් ගන්න යන නිසා හොඳ ලස්සන තැනකින් ම අපේ ජීවිතය පටන් ගන්න එක හොඳයිනේ… ‘‘


‘‘ඉන්න විකුම්...‘‘


මම මගේ මංගල ඇඳුම ගලවන්න පෙරම ඒ ඇඳුම පිටින් ම විකුම් ලඟ දණ නමා ඔහුට වැන්දාය.


‘‘මේ මොකද මට වඳින්නේ.‘‘

විකුම් මගේ නළල සිප මාව තුරුල් කර ගත්තේ සතුටින්.


‘‘ඒක චාරිත‍්‍රයක්. මෙච්චර කාලයක් අම්මලත් එක්ක ජීවත් උන මාව….මීට පස්සෙ මාව රැක බලාගන්නෙ ඔයානේ…..‘‘


මම ඔහුට තුරුල් වුණේ ඒ උණුසුමට තව තවත් ලංවෙන්න ආසාවෙන් ය.


"ඔයා වගේ දැන උගත් ලස්සන කෙනෙක් කසාද බදින්න ලැබුනු එක ගැන මට සතුටුයි සාරදා …."

අපි අද වේලාසන කෑම කාලා ඉක්මනට නිදාගමු….එකක් හරි මහන්සියි..අනෙක හෙට උදේ ම අපිව නුවර එක්කගෙන යන්න වාහනයක් එනවා කිව්වා …. අපි නුවර දවස් දෙකක් ඉඳලා ඊට පස්සෙ තමයි ආයෙත් කොළඹ එන්නෙ, අපේ හෝම් කමින් එකට…..‘‘


‘‘එහෙනම් ඔයා වොශ් එකක් දාගෙන එන්න...මම මේ ඇදුම් කොන්ඩ මෝස්තර ගලවනකම්... රෑ වෙන්න ඉස්සර අපි කාලා නිදා ගමු..‘‘


‘‘මං කොහොමත් නිදාගන්න බලාගෙන තමයි ඉන්නේ.‘‘


විකුම් කපටි බැල්මකින් සිනාසෙමින් මං දෙස බලමින් කීය.


‘‘අනේ... අනේ... එහෙනම් ගිහින් ඔයා වොෂ් එකක් දාගෙන එන්න. මටත් මේ කොණ්ඩ මෝස්තරය ගලවන්න ටිකක් උදව් කරන්නකෝ ඊට ඉස්සෙල්ලා.‘‘.....


‘‘මට නම් දැන් බඩගිනියි. දවල් හරියට කන්නවත් හම්බ වුණේ නෑනේ….. කොහේද අර ෆොටෝග‍්‍රැෆර්ලා අපිව ඒ පැත්තට මේ පැත්තට හරව හරව ෆොටෝ ගන්නව ඇරෙන්න අපට කන්න බොන්නවත් දුන්නෑනේ හරියට.‘‘


‘‘එක් නම් ඇත්ත. මටත් හරි බඩගිනියි…. මගුල් ගෙදර ආපු හැමෝම හොදට කනව දැක්කා...අපට තමයි කන්න බැරි වුනේ... අපි වොෂ් එකක් දාගෙන රෑට කාලා ඉමු. මං කෑම මොනව හරි රූම් එකට ම ඕඩර් කරන්නම්….. එළියට ගිහින් කන්න කම්මැලියි. මහන්සි නිසා....‘‘


‘‘අනේ, ඒක ලොකු දෙයක්. වොෂ් එකක් දාගෙන පහසු ඇඳුමක් ඇඳ ගෙන රූම් එකේ ඉඳ ගෙනම කන්න තියෙනවනම් මාත් කැමතියි…..‘‘

විකුම් වොශ් එකක් දාගෙන එනකම් මගේ ඇදුම් කොන්ඩ මෝස්තර ගලවා දැමුවේ.…තව ටික මොහොතකින් ආරංභ වන මදුසමය වෙනුවෙන් ... සිහින බලමින්‍ය. මගේ හිත ගත දෙකම ඒ වෙනුවෙන් බලාසිටින්නේ නොවිසිල්ලෙනි .....


විකුම් නාගෙන ආවට පසු, මම බාත් රූම් එකට ගොස් හිතේ හැටියට නාගත්තෙමි…..


වොශ් එකක් දා ගත් විකුම් ජනේලය ලග තිබුනු පුටුවේ වාඩිවී බියර් එකක් බොයි…..


මගේ හිත නම් දැන් සතුටෙන් ගැහෙයි.... විකුම් වැනි කඩවසම් සැමියෙක් ලැබුනු මම කොයිතරම් නම් වාසනාවන්ත දැයි මට සිතේ….. හොදින් නාගෙන රෝස පාට දුහුල් රාත්‍රි නිදන ඇදුම ඇදගත් විට මටම මගේ ලස්සන කන්නාඩියෙන් දැක සතුටු සිතිනි.

"කෑම ගෙනාවා සාරදා අපි කාලා ඉමුද?...

නානකාමරයෙන් එළියට ආ මා දෙස ඇස්පිල්ලන් නොගසා බලා සිටි විකුම්..... හිටි තැනින් නැගිට විත් මාව බදාග තුරුල් කරගෙන සිපගත්තේ උමතුවෙන් ලෙසය.. .ඒ උනුසුමට කැමති උනත් මම ඔහුව දෑතින් අයින් කලෙමි...….


"අපි ඉස්සෙල්ලා කාලා ඉමු….මට මැරෙන්න බඩගිනියි" ....කීවෙමි.


"කමු….කමු..මටත්..බඩගිනියි ...ඔයාව මෙහෙම දැක්කම මට වෙන ගිනිත් ඇවිලෙනවා......හිණියට ඇස් කරකවා විකුම් මනමාල හිනාවකින් කීවේ.....මගේ ගෙල..මුව බලෙන්ම සිප ගනිමිනි.

වෙන වෙනම දීසිවලට එලවලු මාළු පිනි ගෙනත් මේසය පිරෙන්න කෑම තිබුනි.... කාමරය පුරාම කෑම සුවද පිරී ඇත.... කාමරයේ තිබුනු මේසයේ පුටු දෙකෙන් වාඩි ගත් අපි නිදහසේ බඩ පිරෙන්න කෑම කා අතුරුපසද කෑවෙමු.

"හරි රසයි කෑම...හොදට බඩ පිරුනා.. එලියට නොගිහින් කෑම කාමරයටම ගෙන්න ගත්ත එක හොදට ගියා…..

"එහේනම් වේටර්ට කියන්න මේ දීසි ආපහු ගෙනියන්න කියලා….එතකම් අපි යමු වැරන්ඩා එකට...එතනට හොදට ගෝල්ෆේස් එක පේනවා..."


හෝටල් කාමරයෙ... එලියේ .. තිබුනු වැරන්ඩාවේ....අදුරේ එකිනෙකා තුරුල් වී…. අපි අවට සිරි නැරබුවෙමු...... එසේ සිටියේ හෝටල් සේවකයා අපේ කෑම බදුන් ආපසු ගෙන ගොස් කාමරය අස් කරනා තෙක්‍ය...... ටික වේලාවක් එසේ අවට සිරි නැරබු අපි කාමරයට ගියෙමු


💞💞💞 අපගෙ මදුසමය.....මද්‍යම, රාත්‍රීය උදාවීමට පෙරම නිදහසේ, හෙමිහිට පටන් ගත් ආදර උනුසුම් සිප වැළද ගැනීම් හා කලබලේ නොනැවති ගලා ආ.. ආශාවන් සමග ආරම්භ විය…...💞💞💞💞.


ඉතා කෙටි කාලයක් තුල දැන හදුනාගෙන,දෙමව්පියන්ගේ ආශිර්වාදයෙන්... වීවාහ ජිවිතයට ඇතුලු වෙන්නට තරම් වාසනාවන්ත උනු අප දෙදෙනාගෙ...... විවාහ ජ්විතය... කොයිතරම් නම් සුන්දරදැයි...., මම විකුම්ගේ හැඩිදැඩි බාහුවට හිරවී....ගිමන් හරිමින්ම......තෘප්තිමත් හැගීමකින් හිත ගත පිරි ඉතිරි යන මොහොතේ ඔහුට තුරුලු වී ගෙනම කල්පනා කෙරුවෙමි..... ඉතිරි ජිවිත කාලය පුරාවටම මා රැක බලාගැනීමට දෙමාපියන් මාහට, සොයා බාරකල මාගෙ ආදර සැමියා “විකුම්” කොයිතරම් නම් ආකර්ශනීය කෙනෙක් දැයි සතුටින් මම උදම් වී උන්නෙමි….. මුලු දවස පුරාවටම මංගල ඇදුම් ඇදගෙන නෑදෑයන් මුන ගෑසි තිබුන තෙහෙට්ටුව, අපහසු කම්, නිදිමත... දෙදෙනා තනිඋන පසු කොහෙන් ගියාදැයි නොදැනිනි….. ජිවිතය කෙතරම් නම් සුන්දරදැයි,රාත්‍රීය ගෙවියන මොහොතේ එකිනෙකාට තුරුලුවි හිදගෙනම මම සතුටින් සිතුවෙමි….ආදරනීය සිපගැනීම්....ආකර්ශනීය ආදර හැගීම්.....නොඉදුල් මදුසමය සතුටින් සැහැල්ලුවෙන් ආරංභ වී සැනසිලිදායක තෘප්තිමත් බවකින්, සතුටකින් ගෙවීයමින් පවති…..

පසු දින වේලාසන අප නැගිට ලෑස්ති වුනේ....විකුම්ගෙ යාලුවෙක් අපට මදුසමය ගත කිරීමට වාහනයක් රැගෙන එන බැව් කිව් නිසයි.... උදෑසන ආහාරය ගැනිමට අප දෙදෙනා... හෝටලයේ භෝජනාගාරයට ගිය විට....කොතනින් පටන් ගෙන කොතනින්,... මොන කෑමද කන්නේ කියා හිතා ගැනිමට බැරි තරමට විවිධ ආකාරයට සකස් කරන ආහාර වලින් මුලු ශාලාවම පිරි ඉතිරි ගොස් තිබුනි.

කොයි තරම් මිළ මුදල් තිබුනත් අපේ අම්මලා තාත්තලා මෙවැනි තැන් වලට පැමින ආහාර ගෙන නොතිබුන බැවින්...මට මේ හැම දෙයක්ම අරුම පුදුම දේවල් විය. විකුම්ට නම් මේ කිසි දෙයක අලුත් බවක් නොතිබුනි. ඔහු ඒ හැම දෙයක්ම විද ඇත. උදේ ආහාරය රිසිසේ නොයෙකුත්...ආප්ප, ඉදිආප්ප, කිරිබත්, බනිස්, ජෑම්,එළවලු සලාද ,සොසේජස් , කොළ කැද, පලතුරු, කිව් නොකිව් සියලු ජාති සුලුවෙන් හෝ රස බැලීමට මමත් අමතක නොකෙලෙමි. සියලු අත්දැකීම් විදීමට මම කවදාත් ආස කෙනෙක්මි. උදේ ආහාරය හොදින් ගත් අපි නුවර බලා යෑමට ලෑස්ති වී උන්නෙමු.


අපට නුවර බලා යන්න වාහනයක් රැුගෙන විත් තිබුණේ විකුම්ගේ යාළුවෙකි.... ඔහු අපට දහවල් ආහාරයද ගෙනත් තිබුණි. වාහනය අපට භාර දුන් ඔහු අපේ මදුසමයට සුභ පතා යන්නට ගියේය.


‘‘උඹ එහෙනම් පරිස්සමින් ඩ‍්‍රැයිව් කරපන්. උබ කාලෙකින් නේ උඩහ පැත්තේ ඩ්‍ර්‍යිවර් කරන්නේ පරිස්සමෙන් හිමින් පලයන්...‘‘


‘‘හොඳයි... හොඳයි... බොහොම ස්තූතියි. උඹේ වාහනය අපට හනිමුන් යන්න දුන්නට…..‘‘


‘‘එහෙනම් දෙන්නට ම සුභ පැතුම්..!! පරිස්සමෙන් ගිහින් වරෙල්ලා....අපි හෝම් කමින් එක ලස්සනට එරෙන්ජ් කරලා තියන්නම්...‘‘


විකුම් වාහනය එළව ගෙන ගිය අතර මං ඉස්සරහ සීට් එකේ වාඩි වී අවට සිරි නරඹමින් උන්නෙමි….. අම්මා, තාත්තා සමග ගත කර ජීවිතය නිමා කරමින් මම විකුම් සමඟ අලූත් ජීවිතයක් අරඹා ඇත.... විකුම් මං හිතුවාට වඩා හොඳ පුද්ගලයෙක් යැයි මට සිතේ.... ඔහු ඉතා කඩවසම් පුද්ගලයෙකි. ඒ වගේ ම උගත් පුද්ගලයෙක් වීමත් හොඳින් සල්ලි භාගෙ තිබුන පෝසත් පුද්ගලයෙක් වීමත් මාව ඔහුට කසාඳ බන්දාදීමට අම්මලා කැමතිවීම පුදුමයක් නොවීය.


‘‘අපි දැන් ඉස්සෙල්ලා ම කොහේට ද යන්නේ විකුම්....?’’


වහනය නුවර කඩවත පාරේ හැරී ඈතට යන විට මම ඇසිමි.


‘‘අපි ඉස්සෙල්ල ම නුවර දළඳා මාළිඟාව වැද ගෙන ඊට පස්සේ නුවර හොටෙල් එකට යමු. ඔයාට මොනව හරි බොන්න ඕන නම් අපට වාහනය නවත්වලා බොන්න පුලුවන්......‘‘


‘‘තව ටිකක් ඉස්සරහට ගිහින් ලස්සන තැනක නවත්වලා මහන්සි අරිමු... .‘‘


ලස්සන සිංහල සින්දුවක් දාගෙන වාහනය පදවන විකුම් දෙස මා බලා උන්නෙ සතුටින්.


‘‘මොනවද මං දිහා බලාගෙන ඉන්නේ.‘‘


‘‘ලස්සන.‘‘


‘‘අපි ලස්සනයි තමයි.‘‘


‘‘ඒක තමයි මට බය.‘‘


‘‘ඇයි බය?’’


‘‘එංගලන්තයේ සුද්දියොත් ලස්සන බලනව ඇතිනේ.‘‘


‘‘ඇයි ඉරිසියා ද?’’


‘‘නැතුව දැන් මගේ හස්බන්ඞ් නේ. ඔයා කොච්චර කාලයක් වෙනවද ‘ඉංගලන්ඞ්‘ ගිහින්.‘‘


‘‘අවුරුදු තුනයි.‘‘


‘‘ඔයාට දැන් එහේ හොඳට පුරුදු ද? ඔයාට යාලුවො ගොඩක් ඉන්නවද?...දැන් නැවතිලා ඉන්න ගෙදර තව කී දෙනෙක් ඉන්නවද?... .‘‘


‘‘වෙන ම ගෙයක් නෙමේ පොඩි යුනිට් එකක තමයි තව් දෙන්නෙක් එක්ක ඉන්නේ. ඔයා ආවට පස්සෙ අපි පොඩි ගෙයක් අරගෙන වෙනම ඉමු..‘‘


‘‘ඉතිං ඔයා යාලුවෝ එක්ක කෑම බීම එහෙම ඒකේ හදාගන්නවද?’’


‘‘ලොකුවට නෙමේ බත්, පරිප්පු එහෙමත් උයාගෙනත් කනවා. මස් ජාතිනම් බැදලා ගන්නවා. මයික්‍රො එකේ ම තමයි බත් උයා ගන්නෙත්..., වැඩිය ම කන්නෙ ලේසියට.... මැක්ඩොනලඞ්ස් බන්ස් සැන්විච් තමයි.‘‘


‘‘අනේ පව්. මං ආවහම රසට උයල දෙන්නම්කෝ.‘‘


‘‘ඒක තමයි කසාඳයක් බඳින්නත් හිතුවේ.‘‘


‘‘දැන් ඔයාගෙ එක්සෑම් ඉවර ද?’’


‘‘ඉවරම නෑ. තව යුනිවසිටි එකේ ඩිග්රියක් කරනවා. ඒකත් ඉවර උනා ම මට හොඳ ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන්.‘‘


‘‘එතකොට දැන් කරන ජොබ් එක.‘‘


‘‘ඔය පොඩි පොඩි අතට අහුවෙන ජොබ් කරනවා. යුනිවර්සිටි යන ගමන් අතට සල්ලිත් එපැයි.....යුනියන ළමයි හැමෝ ම එහෙමයි.... මුල් අවුරුද්දෙ විතරයි ගෙවල්වලින් සල්ලි ගෙන්න ගන්නේ. ඊට පසසෙ මොනවහරි ජොබ් එකක් කරල අතට වියදම හොයා ගන්නවා. ඉගෙන ගන්න ගමන්ම......‘‘


‘‘මහන්සි නැද්ද ඉගෙන ගන්නයි ජොබ් එක කරන්නයි.‘‘


‘‘ හරි මහන්සියි…..මහන්සියි කියලා මොනව කරන්නද? ජීවත් වෙන්නත් එපෑ..මම අම්මට කරදර කරලා ලංකාවෙන් සල්ලි ගෙන්න ගන්න මම කැමති නෑ...මගේ වියදම මමම හොයාගන්නවා….’’


අපි දෙදෙනා නොයෙකුත් දේ කතා කරමින් නුවරටම පැමිණියෙමු. මුළින් ම දළඳා මාළිඟාව වැඳ පුදා ගත් අප පසුව අපට ලෑස්ති කර තිබූ හෝටලයට ගියෙමු.


‘‘හරිම ලස්සන පැත්තක්, ලස්සන හෝටලයක්,ඇඟටත් සනීපයි මේ පැත්තේ දේශගුණය.‘‘


‘‘ඒකනේ මං මේ හෝටලය බුක් කරන්න කිව්වෙත්.‘‘


‘‘අනිද්දා උදේම අපි කොලොබ යන්න එපෑ. හවස අපේ හෝම්කමින් එකට. අපි සුමල්ලගෙ ගෙදර ගිහින් ලෑස්තිවෙලා කෙලින් ම අපේ ගෙදර යමු.‘‘


කඩවසම්, පෝසත්, කියන්න තරම් නරක ගතිගුණ නොතිබුණු විකුම් මාගේ සැමියා වීම ගැන මම හිතයටින් සතුටු වුනෙමි. විවාහයෙන් පසු විකුම් සමඟ එංගලන්තයේ පදිංචියට යෑමට බොහෝ කැමත්තෙන් සිටි මම විකුම්ට ලං වූයේ බලාපොරොත්තු රැුසක් හිතේ තබා ගෙන ය.


‘‘සාරදා කවදාවත් කාටවත් ආදරය කරල නැද්ද.’’


‘‘ම්... ඕහ්... නෑ. ඒකනෙ ඔයාව දකින්නෙවත් නැතුව ඔයාට කැමති වුණේ.’’


‘‘බොරු වෙන්නැති කැම්පස් කෙල්ලන්ට මොකද කොල්ලෙක් නැත්තේ.’’


විකුම් මාව ඔහුගෙ ළඟට ගෙන තුරුලු කරගෙන නිතර ආදරයෙන් මා සිඹින්නේය. ඒ උනුසුමට මම පුදුම ලෙස ආකර්ශනය වී ඇත.


‘‘ඔයා හරි ලස්සනයි සාරදා ...... මට දැන් මෙහෙම ඉඳල රට ගිහින් ඔයා නැතුව පාළුවෙ ඉන්න බැරි වෙයි.’’


‘‘එහෙනම් ඔයත් මෙහෙ නවතින්න.’’


‘‘මෙහෙ නැවතිලා කොහොමද ? තාම මගේ ඉගෙනීමේ කටයුතු ඉවරත් නෑනේ.ඊටත් මෙහෙ නැවතුනොත් මට අලූතින් රස්සාවක් මෙහෙ කරන්න වෙනවනේ...... ඊටත් දැන්, මෙහෙ පඩිය අපට මදි.... එහෙ පඩියට පුරුදු වෙලා. මෙහෙ රස්සාවක් කරොත්, පඩිය සුමානෙන් ඉවර වෙයි.’’


‘‘මට එහේ ජීවිතයට පුරුදු වෙන්න පුළුවන් වෙයිද?’’


‘‘අපෝ ඔව්. ඔයාට එහෙ හොඳ රස්සාවකුත් හොයාගන්න පුළුවන් වෙයි. විභාගෙ ඉවර වුණ ගමන් ඔයා එන්න. නැත්නම් මට තනියම පාළුවෙ ඉන්න බැරිවෙයි.’’


‘‘ඇයි මෙච්චර කාලයක් තනියමනේ හිටියේ. දැන් මොකද?’’


මං හිනාවෙවී ඔහුට තුරුල් වන ගමන් අසන්නෙමි.


‘‘ඒ ඉස්සරනේ..... දැන් මේ ඉන්න විදිහට එහෙ ගියා ම ඔයාව මට නිතර ම ඕන වෙයි. මං හිතුවට වඩා ඔයා හරි දක්ෂයිනෙ හැමදේකටම. දැන් නම් ඔයාව දාලා යන්නත් බෑ වගේ.....’’


‘‘විභාගෙ ඉවර වුණ ගමන් ම මම එන්නම්.’’


එකිනෙකාට තුරුළු වෙමින් තොදොල් වෙමින් නිදහසේ සතුටින් අපේ ලෝකයේ සැප වින්ද අප දවස් දෙකකට පසු අපේ මධුසමය නිමාකොට..... කොළඹ බලා පැමිනියෙමු. විකුම් සමඟ විවාහ වී නුවර බලා මධුසමයට මා ගියේ හිතේ සැකෙන්, දුකෙන් දෙගිඩියාවෙනි.... විකුම් එක්ක ගෙවන ජීවිතය කොයි වගේ වෙයිද කියා මට හිතාගන්නවත් බැරිවි තිබුනි. නමුත් ඔහුත් සමඟ ගෙවූ දවස් තුන මගේ ජීවිතයේ සතුටින් ම ගත කළ කාලය විය..... ඔහුගේ ආදර සිපගැනීම් කරුණාවන්ත කතා බහ මා උද්යෝගයට පත් කළේ ය. ඔහුගේ අතේ එල්ලී මං ඔහුට තව තවත් තුරුළු වී උනේ ඔහු මාව දමා ටික දිනකින් ආපසු රට යන බව මතක් වී දුකෙනි. දැන්නම් මට ඔහු නැතුව ජීවත්වෙන්න බැරි ගානය.ඒ තරමට මං ඔහුගෙ සමාගමෙන් ප‍්‍රබෝධමත්ව හැඟීම් උත්සන්නව සිටියෙමි.

-හෙට හමුවෙමු -


* ප්‍රිසිලා ගොඩහේවා *

1,324 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentarios


bottom of page