top of page
  • Writer's picturePrisila Godahewa

💞අමුතු දිගේ💞අමුතු දිගේ💞

(9) නමවන කොටස

🌹🌹මම කාමරයෙන් එලියට ආවේ පොඩි කාලේ දැක්කට පසු කාලයකට නොදැකපු මගේ අනාගත සැමියා දකින්න ආසාවෙන් හා චකිතයෙන්.... මගේ පපුව ගැහෙන්නේ හොරකමක් කල කෙනෙක් ගානටය......ඒ නම් සතුට වැඩි කමට බව තේරෙයි.


අම්මා, තාත්තා අලුත් නෑදෑයින් රාණි ඇන්ටි හැමෝම සතුටින් ආගිය තොරතුරු කතා කරන්න පටන් ගෙන ඇත්තේ...පුටුවල වාඩි වෙන්නෙත් නැතුවය.


මම කාමරයෙන් එළියට එනවිට හැමෝගෙම කතාබහේ සද්දය ටිකක් අඩුවිය..... හැමෝම මා දෙස බැලුවේද වෙනදා නොදුටු කෙනෙක් දැකපු ගානටය....


රානි ඇන්ටි අතේ රට බෑග් වගයක් ඇත. විකුම්ගේ යාලුවා යැයු සිතිය හැකි කෙනා….අපේ තාත්තා එක්ක කතාව පටන් ගන්න හදයි.... අම්මා රාණි ඇන්ටිගේ අතින් අල්ලාගෙන කට පුරා සිනාවීගෙන ඉදී...

සුදු ටී ශර්ට් එකක් හා නිල් ඩෙනිමක් ඇදගෙන සුදු ඩෙක් ශූස් දෙකක් දාගෙන ඉන්න ගොඩක් කඩවසම් තරුනයා විකුම් බව, දැකපු ගමන්ම මට අදුනගත හැකි විය....... මම හිතුවාටත් වඩා ගොඩක් උස මහත, ගොඩක් පැහැපත් විකුම්ව...., දකින ඕන කෙනෙක්ගේ හිත එක පාරින්ම ඇදී යන තරමේ පෙනුමක් ඔහුට ඇත. විකුම් අතේ ලස්සන රෝස මල් පොකුරක් තිබුනි.


අම්මා තාත්තා ලගට ගොස් ඔවුන් සිපගත් විකුම්....පසුව සිනා සී ගෙනම මා ලඟට ආවේ අමුතු ලෙස ඇස් හීන් කරමින් මා දෙස තියුනු බැල්මක් හෙලමින්‍ය…


හෙල්ලෝ…...සාරදා ...කොහොමද….?සිනා මුසු මුහුනෙන් ඔහු ඇසීය .

මගේ ලගට පැමිනි ඔහු, අතේ තිබුන මල් පොකුර මගේ අතට දී අනෙක් අතින් මාව ඔහුගේ ඇඟට තද කරගෙනම මගේ කමුල් දෙක ම සිපගත්තේ ඉතා උණුසුම් ලෙසය…. මගේ හිත සතුටින් ගැහෙමින් ඉපිලිනි…....ඔහු තුළින් ආවේ ඉතා හොඳ විලවුන් සුවඳක් මිශ‍්‍ර උණුසුමකි.

ඒ සමගම මගේ අතකින් අල්ලා ගත් ඔහු….

‘‘කොහොමද සාරදා? ඉස්සරට වඩා දැන් හරි වෙනස්නේ මෙයා......‘‘


මගේ ඇස් දෙකට ගැබුරු ලෙස එබෙමින්…. ඔහු සිනාසෙන ගමන් කීවේ අම්මලා තාත්තලාටත් ඇසෙන ලෙසය.


අම්මලා තාත්තලා හැමෝ ම අපි දෙදෙනා නොදුටු ගානට ඔවුන්ගේ කතා බහේ යෙදී ඉදියි.... මගේ අත ඇර විකුම්ද ගොස් සාලේ සෙටියේ වාඩි වී උන් ඔහුගේ යාලුවාගේ කිට්ටුවෙන්ම වාඩි විය.


වැඩිහිටි සැවොම සාලයේ වාඩි වී සතුටු සාමීචියේ යෙදෙයි...... මමද විකුම්ට කිට්ටුවෙන් තියෙන පුටුවක වාඩි ගත්තෙමි. සැවොම ආ ගිය තොරතුරු, එන සුමානේ තිබෙන, අපේ වෙඩින් එකේ කළ යුතු වැඩ කටයුතු ආදිය දේ ගැන කතා කරති. එදිනට කලයුතු වැඩ බෙදාගෙන කිරීමට භාර ගනියි. අඩුපාඩු කියයි. දැනට ලෑස්ති වැඩ මොනවද අසයි, කියයි…... හැමෝටම කීමට බොහෝ දේ ඇත.


මම විතරක් හැමෝගෙම මුහුනු දෙස බලමින් ගොලු ලෙස ඉදියි. විකුම් නම්, තාත්තා සමග හරි හරියට කතා කරයි.... තාත්තාට නම් විකුම් හොදටම හිතට අල්ලා ගානයි….. විකුම් ඉදහිට මා දෙස බලමින් දෑසින් ඉගි කරමින් සිනාසෙයි. ඔහුගේ මුහුනේ නිතරම සිත් ඇද බැද ගන්නා සිනාවක් ඇත. විකුම් දුටු මොහොතේ පටන් මගේ හිත සතුටින් පිරි ඉතිරි ඇත.... මෙපමණ කාලයක් මම පෙරුම් පෙරුවේ මගේ අනාගත් සැමියා දැකීමටය..... ඔහු අද මගේ ලගටම ඇවිත් ඇත. මම හිතන් හිටියාටත් වඩා ... ඔහු ඉතා කඩවසම් ජීවයෙන් පිරුනු, දගකාර පෙනුමැති තරුණයකි…...


‘‘දුව ගිහින් මොනවහරි බොන්න ගේන්න හැමෝටම ….කෑම ගන්නත් තියෙන නිසා මොනවහරි කනව ද රාණි... සෝට්ඊට්ස් එහෙම…...‘‘


‘‘නෑ... නෑ.. අපි කූල් ඩි‍්‍රන්ක් එකක් විතරක් බොමු….නැත්නම් රෑට කන්න බැරි වෙයි….‘‘


මා රැගෙන ආ දොඩම් යුශ හැමෝම බොන්නට පටන් ගත්තත්…. විකුම් දොඩම් යුශ වීදුරුව රැගෙන වාඩි වී සිටි තැනින් නැගිට ගේ ඇතුලේ එහෙ මෙහේ ඇවිදින්න පටන් ගත්තේය. ඔහු අපේ ගෙදර අයගේ පරණ පින්තූර ඇති තැනට ගොස් එකින් එක ඒවා ඕන කමින් බලයි..…


වැඩිහිටියන් නා නා මාතෘකා ඔස්සේ නා නා දේ කතා කරයි. පරන පින්තූර බැලීම නතර කල ඔහු, අනිත් අය මග හැර ගෙයින් එළියට ගියේ දොඩම් වීදුරුවද අතේ ඇතුවමය...... ගේ ඇතුළත හැමතැන ම විකුම්ගේ විලවුන් සුවඳන් පිරි ඇත.... එම සුවඳට ඉව අල්ලමින් මමත් ගෙයින් එළියට ගියේ විකුම් සමඟ කතා කිරීමට ඇති ආසාවටය.


ඔහු කලුවර වැටි ඇති වත්තේ මල් ගස් හෙවනේ ඇවිදමින් හිඳින්නේය. ඔහු ඉතා කඩවසම් පුද්ගලයෙකි.... පළල් උරහිසත් උසට ගැලපෙන මහතකින්, පැහැපත් පෙනුමත් නිසා, ඕන තැනක කැපී පෙනෙන පුද්ගලයෙකු යැයි මට සිතේ. ඔහු ඇදන් සිටි අලුත් ඇදුම්ද ඔහුට හොදින්ම ගැලපේ....

.

‘‘ආ... සාරදා එන්න...මම මේ ගේ ඇතුලේ රස්නේ නිසා එලියට ආවා. ඔයාද මේ මල් වවන්නේ...?.‘‘


"අනේ නෑ....අම්මයි, සෝමයි...මට විවේකයක් ඇත්තෙම නැති තරම්නේ....මේ කැම්පස් එකේ වැඩ නිසා......


ඔහු මා දැක මා ලඟට ආවේ සිනා සෙමින්ය. ඔහුගේ මුහුනේ නිතරම දගකාර හිනාවක් ඇත. ඒ හිනාව නම් ඕන කෙනෙක්ගේ හිත ඇදීයන ඉනාවක් ගානයි.


‘‘මං හිතුවට වඩා සාරදා ලස්සනයිනේ...‘‘


‘‘ඇත්තට. තැන්ක්යූ’’


ඔහු මගේ අතින් අල්ලා ගත්තේ මටත් නොදැනීමය. ඒ අතේ උණුසුම වැදී මගේ ඇඟ කිළිපොළා යන්නට ආගානය . ඔහු වෙතින් නික්මෙන විලවුන් සුවඳ මා මණ මත් කරනා තරම් ය.


‘‘දැන් වෙඩින් එකට ලෑස්ති ද සාරදා ...?’’


‘‘ඔව් ගොඩක් දුරට.‘‘


‘‘අම්මලාට ඕන විදිහටනේ හැමදෙයක්ම වෙන්නේ…. මටත් නිවාඩු තිබුණෙ නෑ වේලාසන එන්න. නිවාඩු දෙන්නේ හරි අඩුවෙන්...එතකොට පඩියත් කපනවා...... ඒකයි සුමාන තුනකට නිවාඩු දාලා ආවේ. වැඩ කරන තැනින් නිවාඩු දෙන්නෙ නෑ ලේසියෙන් … .‘‘


‘‘ එතකොට වෙඩින් එකෙන් පස්සේ මාව එහේ එක්කගෙන යන්නෙ කවද විතර ද?’’


‘‘‘ඔයාට වීසා ඇප්ලයි කරන්න අපේ විවාහ සහතිකේ ඕනෑනේ...….. ඒ නිසයි ,මේ ආ ගමන් ම වෙඩින් එක ගන්න හදන්නෙත්….. ඔයාගෙ විභාගෙ ඉවර කරල ම ඔයා එහේ එන එක හොඳයි සාරදා…. .ඒ වෙනකොට මට ඔයාට විසා ඇප්ලයි කරලා ඒ දේවල් ලෑස්ති කරගෙන ඉන්න පුලුවන්…. . එතකොට ඔයාට ඔයාගෙ ඩිග්රිය තියෙන නිසා හොඳ ජොබ් එකක් හොයා ගන්නත් ලේසි වෙයි…... එහෙම නැත්නම් ඔයාට යුනිවර්සිටි එකක ඉගෙන ගන්නත් පුලුවන්….ඔයා කැමති දෙයක් කරන්න පුලුවන් ... ‘‘


‘‘ එතකොට මමත් එහේ ගිහාම... කොහේද අපි දෙන්නා ඉන්නෙ…..?‘‘


‘‘මං දැනට පොඩි යුනිටි එකක යාලුවො දෙන්නෙක් එක්ක ඉන්නේ.... ඔයා ආවට පස්සෙ අපි වෙනම යුනිට් එකකට යමු.... පස්සෙ බැරියැ ගෙයක් දොරක් හදාගන්න.‘‘


‘‘අපි යමු ද කන්න. ඔයාට බඩගිනි ඇතිනේද්?....ඔයාට තුනපහ සැර කෑම කන්න පුළුවන් ද?’’


විකුම,අල්ලන් හිටිය මගේ අත අතහැර ,මගේ කරවටා අත දා මාව ඔහුගේ ඇගටම ලං කර ගත්තේය..... කිසි අකමැත්තක් නොපෙන්වා, මමත් ඔහුගේ ඉන වටා අත දා ඔහුගේ ඇගට තුරුල් විය.


‘‘ඇයි බැරි. අපට... සුද්දෝ කියලා හිතුවද?.....හරියට රසට එහේ අපිට කන්න ලැබෙන්නෙත් නෑ….. ඔය මොනව හරි බර්ග්ර්ස් සැලඞ් තමයි අපි ලේසියට කන්නේ….. සමහර සිංහල යාලුවන්ගේ ගෙවල්වලට ගිහාම…., අපට හොඳට සිංහල විදිහට කෑම හදල දෙනවා….. එතකොට තමයි අපි සිංහල කෑම බඩකට පිරෙන්න කන්නේ….‘‘


‘‘සිංහල අය ගොඩක් එහේ ඉන්නව ද…...?’’


‘‘ෂැමිලිස් තුනහතරක් ඉන්නවා…. . අපිත් එක්ක යුනිවල ඉගෙන ගන්න ළමයිනේ….. ඒගොල්ලොත් මැරි කරලා ඇවිත් රස්සාවල් කරන ගමන් ඉගෙන ගන්න අය….. නිවාඩු දවස්වලට එේ ගෙවල්වලට ගිහින් අපි බඩ කට පිරෙන්න කනවා. අනිත් දවස්වලට හරියට කන්න බැරිවෙන ඒවටත් එක්ක...

ඒ අය වගේ මටත් කසාද බදින්න හිතුනේ ඒ නිසයි..... එතකොට මට ඔයා උයලා කන්න දෙයිනේ.....ඔයා එහේ ආවහම ඔයාටත් ඒ නඩේටම ඉදහිට උයලා කන්න දෙන්න වෙයි....‘‘ විකුම් සිනා සෙයි.


විකුම් ඉතා නිහතමානී කෙනෙක් යැයි මට සිතේ. ඔහුගේ බොරු සෝබන කතා නැතිවීම මට සතුටක් විය..... අප දෙදෙනා එළියෙ කතා කර කර ඉන්නා විට අම්මලා කිසිකෙනෙක් එළියට ආවේ නැත්තෙ අපට නිදහසේ ම කතා කරන්න දෙන්න වෙන්න ඇති....


විකුම් මගේ කර වටේ අත දමාගෙන මාව ඔහුගේ ඇඟට තුරුල් කරගෙන ඉදියි….තොර තෝංචියක් නැතිව ඔහු ඒ රටේ ඉන්න යාලුවන්ගේ විස්තර කියයි.....

මගේ කරවටා අත දාගෙන ඉන්න ගමන් මගේ හිස මුලින් සිම්බ ඔහු.....පසුව.. මුහුණ ද දෙතුන් පාරක්ම සිම්බේය...... මම ඉතා කැමැත්තෙන් ඒ උණුසුමට ලං වී ඉන්නේ….තව සුමානයකින් මම ඔහුගේ බිරිද වීමට සිටින නිසයි…. ජීවිතේ මුල්ම වරට පිරිමියෙක්ගෙන් ලැබුනු උනුසුම් සිප ගැනීම නිසා මගේ හිත සතුටින් වගේම ලැජ්ජාවෙන්ද බර වී ඇත......නමුත් එයින් ගැලවෙන්නට උවමනාවක් මට නැත..... මම තව තවත් ඔහුට තුරුලු වී සිටියේ ඒ උනුසුමෙන් ඈත් වෙන්න ඇත් අකමැත්තෙන් හා ලෝභ කමෙන්‍ ය.....

"සාරදා…. ඔය විකුම් එක්ක කෑම කන්න ඇතුලට එන්න...රෑ උනා...." අම්මා ගෙයි දොරකඩට විත් කතා කරනකම් අපි වත්තේ කලුවරේ තුරුලු වී උන්නෙමු.

ඉතා ජයට රෑ කෑම මේසය සරසා තිබුනි. රානි ඇන්ටි හැර විකුම්ගේ යාලුවා හා විකුම් කිසි ලැජ්ජාවක් නොපෙන්වා ඇති වෙන්න කෑම කෑවේය... . ඔවුන් එසේ කෑම කනවා දැක අපේ ගෙදර හැමෝටම සතුටු සිති ඇත..... ඒ ඔවුන් වෙනුවෙන් කෑම හදන්න වෙච්ච මහන්සිය අපතේ නොගිය නිසා.

විකුම්, පසු දින මාත් සමග වෙඩින් එකට ඕන කරන ඉතිරි බඩු වගයක් හා මට ඇදුම් වගයක් ඇරන් දීමට ඇති බව පවසා.. ., මාව එක්ක යන්න උදයට එන බව පැවසුවේය..... එයට මා උඩින්ම කැමති උනේ ඔහු සමග නිදහසේ රැදෙන්න, එහෙ මෙහේ යන්න තිබු ආසාවටය.


එදින රෑ කෑම කා කතා කරමින් ඉද ඔවුන් අපේ ගෙදරින් යන විට රෑ දහයත් පසු විය.

පසුදින උදේ පාන්දරින් නැගිට ගත් මම ඕනෑවටත් වඩා හැඩවැඩ වෙමින් ලෑස්ති උනේ විකුම් සමග ශොපින් යන්නයි…... ඒ ගමන නම් මම පෙරුම් පුරමින් යන්න හිටි ගමනක්‍ය.....

"අද චූටි නෝනගෙ ලස්සන බලන්න එපෑ…... ඔහොම තමයි අලුතෙන් මනමාලියෝ වෙන්න ඉන්න අය අදින්න ඕනේ...හරිම ලස්සනයි . සෝමා මගේ ගවුම අතපත ගාමින් මගේ කොන්ඩේ හදමින් මා අවට දැවටේ….

"දැන් දුව විකුම් එක්ක කොහේද යන්නේ…? දවල්ට කෑම කන්න ගෙදර එනවද?

"දන්නේ නෑ අම්මේ….විකුම් කිව්වේ ඇදුම් වගයක් ගන්න යමු කියලා.. ..දවල්ට කන්න එන්න නම් බැරි වෙයි. දැනටත් දවල් 10 ටත් ලගයිනේ.... .

"වැඩිය රස්තියාදු ගහන්නේ නැතුව දෙන්නත් එක්ක ඉක්මනට ගෙදර එන්න…"

අම්මා අකමැත්තක් පෙන්නන හා, නොපෙන්නෙන ලෙස කීය.

උදේ දහය වන විට විකුම් ආවේ.... ඔහුගේ යාලුවාගේ සුදු කාර් රතය තනියම එලවාගෙනය. ගේට්ටුව ලග නතර කල වාහනයට මම දුවගොස් නැග්ගේ අම්මා තාත්තාට මම යන බව කෑගසා කියමින්‍ය.

"තියෙන හදිස්සියක් ….අර ලමයට ගෙට අඩගැසුවෙත් නෑ... මොනවත් බොන්නවත් ...අම්මා නෝක්කඩුවෙන් කීය.

වාහනයට නැග විකුම් දෙස බැලු කල මට ලැජ්ජා සිතිනි..... ඒ ඔහු ඇස්පිය නොහෙලා සිනාසෙනින් මා දෙස බලා ඉන්නා හැටි දැකය.

" ඇයි…බලන්නේ...මොනවද බලන්නේ......" මම ඔහු දෙස බලමින් නෝක්කඩුවෙන් මෙන් ඇසිය.

"නිකන් බැලුවේ ...ඇයි බලන්න බැරිද මගේ අයිති කාරයා වෙන්න ඉන්න එක්කෙනාගේ ලස්සන… .. ඔහු මගේ නහය මිරිකමින් කීය.

" තාම අයිතිකාරයා උනේ නෑනේ…. තව සුමානයක් තියෙනවා......දැන් කොහෙද මේ යන්නේ….?

මම බොරු අමනාපයක් ඇරන් කතා කරත් හිතේ උතුරායන සතුටකින් සිටියෙමි.

"කොහේ හරි යමු...දැන් නම් වෙන කොහේවත් නොගිහින් හනිමූන් යන්න ගිතෙනවා දැක්කම…...හරිම ලස්සනයි සාරදා ඔයා...මම හිතුවේ නෑනේ ඔයා මෙච්චර ලස්සන කෙනෙක් කියලා….අපේ අම්මගෙ තේරිම හොදයි එහෙනම්…


"මටත් කියන්න තියෙන්නෙත් ...අපේ අම්මගෙ තේරීමත් නරකම නෑ…කියලා....."


"හා..හා….ඒ කියන්නේ මගේ පෙනුමටත් කැමතියි….


"කැමතියි ...හැබැයි බයයි...තනියම වෙන රටක ඉන්න නිසා….


"ඉතිං...ඔයා පුලුවන් ඉක්මනට එහේ එන්න බලන්න ...ඔයාගේ එග්සෑම් එක කරන්නම ඕනෙ කියපු නිසයි..…නැත්නම් මම ආපහු යනකොට ඔයාටත් ටුවර් එකක් යන විදිහට මාත් එක්කම යන්න තිබුනා…....


" මාත් ආසයි ඔයත් එක්ක බැදපු ගමන්ම යන්න.....ඊට වැඩිය වටිනවනේ…...මගේ අවුරුදු හතරක මහන්සිය ඉවර කරලා, එග්සෑම් එක කරලා ඩිග්ග්‍රිය ඇරගෙනම යන එක…..


"ඒක නම් ඇත්ත සාරදා ...ඔයා ඔය ඉන්න විදිහටම තව මාස හයක් මහන්සි වෙලා එග්සෑම් එක හොදට කරලම එහේ එන්න…..එතකොට ඔයාට හොද ජොබ් එකකුත් එහේ හොයා ගන්න පුලුවන් ....."

"මට දැන් බඩගිනියි , තිබහයි...සාරදා..මම උදේට කාලත් නෑ…..ඉස්සෙල්ලාම අපි මොනව හරි ගිහින් කාලා ඉමුද. ඊට පස්සෙ බලමු යන්නේ කොහේද කියා….."

එදින දවසෙම මම විකුම් ගේ අතේ එල්ලි එහෙ මෙහේ ශොපින් ගියේ සතුටින් ඉපිලෙමින්ය.

වෙඩින් එක දවස එනකම් දිනපතා අපි එහේ මෙහේ ඇවිදමින් වෙඩින් එකට අවශ්‍ය බඩු මුට්ටු ලෑස්ති කරමින් එකටම කාලය ගත කරේ සතුටින්‍ය.

අපගේ විවාහ උත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් කොළඹ තරු පහේ හෝටලයක පැවැත්විණි. එදින මම උඩරට විදිහට ඔසරිය ඇඳ ගෙන හිටියත්, විකුම් යුරෝපීය ඇඳුම් කට්ටලයකින් සැරසී උන්නේ ය. මඟුල් ගෙදර ඇවිත් සිටි සියලූ නෑ හිත මිතුරන් අප දෙදෙනා හොඳට ගැලපෙන ජෝඩුවක් යැයි තැන තැන කතා වෙති.... මමත් විකුම්ට ගැලපෙන ලෙස ඉතා සුන්දර යුවතියක්ව හිදියි යන සතුට මගෙ සිතේද ඇත. සිංහල විදිහට, පෝරුවේ කටයුතු ඇතුලු මංගල්ලය චාරිත‍්‍රානුකූලව පැවැත්විනි. විකුම්ගේ සහෝදරිය හා මස්සිනා ද කැනඩාවේ සිට අපේ විවාහය සඳහා ලංකාවට පැමිණ සිටියාහ.


‘‘විකුම් පුතා හොඳ පෝසත් වැදගත් පවුලක කෙනෙක් නේ... ඉතිං අපිත් ඒ අයට ගැලපෙන තත්ත්වයෙන් ඉන්න නිසා දෙන්නට දෙන්නා හොඳින් ම ගැලපෙනවා.‘‘


අම්මා මට, මගුල් ඇදුම් අන්දපු කෙනා අතින්ම හැඩ වී අද හරි උජාරුවට ඉදී. ...ඇය අද ගොඩක් සතුටින් බව පෙනේ.


‘‘පෙනුම අතිනුත් දෙන්නට දෙන්නා ගැලපෙනවා.‘‘


‘‘ඇයි අපේ සාරදා දුවගේ ලස්සන විතරක් නෙමේ. .. එයාගෙ උගත්කම, තව ටික කාලයකින් එයා කැම්පස් එකෙන් පාස් අවුට් වුණාම උපාධිධාරිණියක්නේ.... ඒක ඉතිං කොච්චර වටිනව ද?’’


අම්මා අපේ නෑදෑයින් ලගට යමින් සතුටින් කතා කරයි.... අද ඇය ඉන්නෙ පුදුම සතුටෙකිනි. ඒ ඇයගෙ එකම දියනියගේ විවාහය හා විවාහයෙන් පසු ඇය විදේශ රටකට පදිංචියට යෑමට සිටිනා බැවිනි.....


විවාහයට ආ සියලූ නැ හිතමිතුරන් අතරේ මම සෙව්වේ නිරංජන් අයියාගෙ පවුලෙ කට්ටියයි. එම පවුලේ කිසිකෙනෙක් අපේ විවාහයට පැමිණ නො තිබුණි.


‘‘කුසුම් නංගිලා මඟුල් ගෙදර ඇවිත් නෑ.වගේ….‘‘ තාත්තා හිටියෙ ඒ ගැන දුකෙනි.


‘‘ආපු නැති එක හොඳයි.‘‘ අම්මා ඒ ගැන සතුටු වෙයි.


‘‘නිරංජන් මඟුල් ගෙදර ආවා නම් සාරදා අප්සෙට් යනවා. මොනවවුණත් ඔය ළමයි දෙන්නගෙම හිතේ පොඩි හාදකමක් තිබුණනේ.‘‘


‘‘නෑන අයිති මස්සිනාට කියල ගොඩක් අය බලන් හිටියෙ සාරදා නිරංජන්ව කසාද බඳියි කියලා.‘‘....


තාත්තා තවමත් ඇගේ එක ම සහෝදරියගෙ පුතාට මාව කසාඳ බැඳ දෙන්නට බැරිවීම ගැන දුක් වන්නේය.


‘‘ඔයාට පිස්සු ද? නිරංජන්ව කසාඳ බැන්දනම් අපටම තමයි සාරදාට කන්න දෙන්න වෙන්නෙත්…. හරියට ඉන්න හිටින්න තැනක් වත් තියෙන පවුලක් නෙමෙයිනේ.... ඔයාගෙ හිත හොඳ වැඩිකමට අපේ කුලී ගෙයක් ඒ පවුලට නිකං ඉන්න ඉඩ දුන්නට ...., එක ම දුව දෙන්න තරම් මෝඩ වෙන්න ඕන නෑ….. අපි ගත්තෙ හොඳ තීරණයක්. සාරදා දැන් විකුම් එක්ක රට ගිහා ම ඔය පරණ හාදකම් ඔක්කොම අමතක වෙයි…..‘‘


අම්මා, තාත්තාගෙ හිත හදන්නෙ නිතර ම කුසුම් නැන්දලාගෙ අඩුපාඩු කියමින්ය.


‘‘ මනාල ජෝඩුවට යන්න වෙලාව ලඟයි වගේ අපි යං අර පැත්තට…..‘‘


‘‘කොහේද දෙන්නා එක්ක දැන් මධුසමයට යන්නේ.‘‘


‘‘නුවර….. ඒ වුණාට කොළඹ හෝටලයක අද රෑ නැවතිලා හෙට උදේ තමය දෙන්නා නුවර බලා යන්නේ.‘‘


‘‘දැන් කොහොමද දෙන්නා නුවර යන්නේ...මොන වාහනේද.‘‘?


‘‘විකුම්ගෙ යාලුවෙක් වාහනයක් ලෑස්ති කරල දීලා‘‘


‘‘ආ... ඒක හොඳයි..‘‘


සියලූ නෑ හිත මිතුරන්ගෙ ආශිර්වාද මැද අප දෙදෙනා නැකතට යෙදී තිබුණ වේලාවේ.... හෝටලයෙන් පිටතට පැමිනියෙමු. . අපට මධුසමය බලා යන්නට ලස්සනට සරසපු සුඛෝපභෝගී වාහනයක් ලෑස්ති කර තිබුණේ විකුම්ගෙ පාසැල් කාලයේ යහළුවන් විසිනි..... නොයෙකුත් විහිළු කෑලි ලියා බැලූන් හා කේ‍්‍රප්වලින් සරසන ලද වාහනයට නගින්ඩ පෙර අප දෙදෙනා අපේ දෙමව්පියන්ට දණ නමා වැඳ ආශිර්වාද ගත්තෙමු. අම්මා නම් මා ඇයට වඳින වෙලේ මාව බදා ගෙන සිටියේ ඇස්වල කඳුලූ පුරවාගෙන ය. තාත්තා ද එලෙස ම මගේ හිස සිඹ අවසර දුන්නේ ය. අයියා , නෑනා සහ චූටි දුවත් මා වැලදගෙන සුභ පැතීය.සියල්ලෝගේ ම සුභ පැතුම් මධ්‍යයේ අප අපේ මධුසමය බලා පිටත් වුණි.


-හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

18 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page