top of page
  • Writer's picturePrisila Godahewa

💞අමුතු දීගේ 💞 අමුතු දීගේ 💞

(8 අටවන කොටස

🌹🌹මේ දිනවල විකුම් මට වෙනදාට වඩා නිතර දුරකතනයෙන් කතා කරයි. වෙඩින් එකේ විස්තර අහයි. ඔහු සිටින රටින් ගෙනෙන්න අවශ්‍ය දෑ අහයි….අපි දුරකථනයෙන් විවිධ මාතෘකා ඔස්සේ කතා කරමින් හිනාවෙමින් සතුටින් අපේ වෙඩින් එකේ විස්තර, ඒවා කරන හැටිත් කතා වුනෙමු..... කාලය වේගයෙන් ගෙවී ගොස් විකුම් ලංකාවට එන දිනයද ලං විය ..


විශ්වවිද්‍යාලයේ අවසන් විභාගෙට මම ලෑස්ති වෙමින් සිටි කාලය බැවින් අම්මගෙ හා රාණි ඇන්ටිගේත් කැමැත්තට විවාහයේ හැම දෙයක් ම සිද්ධ වෙමින් පවති.. තාත්තා අම්මා කියනා ඕනදෙයකට කැමති වෙමිනි ප‍්‍රශ්න මඟ හැර පැත්තට ම වී හිදියි. අයියා මගේ වෙඩින් එකට අවශ්‍ය සියලු වියදම් දරන බව කීවේ අම්මයි.


"ලොකු පුතාලා වෙඩින් එකට, දින තුනක් තියල තමයි කොළඹ එනව කිව්වේ...එයාගෙ බිස්නස් වැඩ නිසා, කොළඹ ඇවිත් ගොඩ දවසක් ඉන්න බෑ කිව්වා.... ඒ උනාට ඒ දරුවා සාරදාගේ වෙඩින් එකට ඕන කරන සල්ලි ඔක්කොම මට වේලාසන මගේ බැංකු පොතට දැම්මා .


"මොනව උනත් හොද සහෝදරයෙක්...එයාගේ නෝනා ලසන්ති.. උනත් හොද ගතිගුන තියෙන ළමෙක්...එයා තමයි ලොකු පුතාට කියලා තියෙන්නේ...නංගිගේ වෙඩින් එකට ඕන කරන සල්ලි ඔක්කොම අම්මට දෙන්න කියලා…


"කොච්චර දෙයක්ද…. ඒ නිසා තමයි ඒ දරුවෝ හොදින් දියුණු වෙලා ඉන්නෙත්…

තාත්තාගේ හිතේ අයියා ගැන ඇත්තේ ලොකු පැහැදීමක් මිශ්‍ර ආඩම්බරයකි. ඒ ඔහු වැඩ කටයුතු කරන පිලිවෙල නිසයි... .

මගේ විවාහයට ඇත්තේ තව සුමාන දෙකකි. තව සුමානයකින් විකුම් ලංකාවට එන්නට නියමිතයි. පොඩි කාලේ දැක්කාට පසු මම විකුම්ව දැක නැත. ඔහු සමග මාස හයකට කිට්ටු කාලයක් දුරකතනයෙන් කතා කර හදුනගෙන හිටි විදිහට නම්, ඔහු හොද ගතිගුන තිබෙන බොරු සෝබන කතා බහ ඇත්තෙක් නොවෙන බව මට තේරුම් ගොස් තිබුනි.

විවාහයට තව සුමාන දෙකක් පමනක් තිබෙන නිසා ගෙදර හැමෝම ඒ වෙනුවෙන් මහන්සි වෙයි. මමත් පුලුවන් ආකාරයට ඒ වැඩ වලට සම්බන්ද වෙමි. හැම දේකටම වඩා මට දැන් අවශ්‍ය විකුම්ව දැක ගැනිමටය. තවම මම මගේ අනාගත,.... තව සුමාන දෙකකින් මගේ සැමියා වන විකුම්ව කාලයකට දැක නැත. මට ඔහුව දකිනකම් ඉවසුම් නැත. ඒ වගේම මගේ හිත සතුටින් හා බලාපොරොත්තු රැසකින් පිරි ඇත.

මාත් යන්න ඕනෑ එයා රට ඉදන් එන දවසට එයාර්පෝට් එකට…. අම්මලා මාව එක්ක යයි ද දන්නෑ…. අම්මගෙන් අහන්නත් ලැජ්ජයි ,එයර්පෝට් යන්න එන්නද කියලා .... අම්මා මාව එක්ක යනවනම් වේලාසන කියයිනේ....


හිත හදාගෙන උන්නේ කොයිවෙලේ හෝ අම්මා මටත් විකුම් රට ඉදන් එන දවසට එයර්පෝට් යන්න අඩගසයි කියා බලාගෙනය.


දින දවස් ගෙවී ගිහින් අපේ වෙඩිං එකට දින හොදටම ලං විය. එබැවින් විකුම් රට ඉඳන් ලංකාවට එන දිනයද ලං වි මගේ හිත සතුටින් පිරී ගොස් තිබේ…

මගේ විශ්ව විද්‍ය්ලයේ හොදම යාලුවා සුනීතා, මේ දිනවල අපේ ගෙදර නැවති ඉදිමින් වෙඩින් එකේ වැඩ වලට උදව් කරයි...වෙඩින් කේක් ඔතන වැඩ, වෙඩින් හෝල් එක සරසන මල් වැල් ආදිය සකසන්න, ඇදුම් පැලදුම් සැකසීම ආදී බොහෝ වැඩවලට ඇය අපේ ගෙදර නැවතී උදව් කරයි. එය මටත් අම්මාටත් බොහෝ පහසුවකි. ඇය මගේ දෙවන මනමාලිය වීමට බලාසිටින්නේ සතුටිනි.


‘‘ සාරදා…..දැන් මේ සුමානේ විකුම් ආවහම ආයෙත් කවද්ද ‍රට යන්නේ…..‘‘ සුනිතාට තාම විකුම් ගැන ඇත්තේ සැකයකි. ඒ මාස හයක් ඇතුලත දැන හැදිනගෙන කලබලේ මම කසාද බදින්න යන හේතුව නිසාවෙනි.


‘‘වෙඩින් එක ඉවර වෙලා සුමාන දෙකයි ඉන්නේ.‘‘


‘‘අයියෝ...හනිමූන් කාලේ... හොඳම කාලේ තව ටිකක් ඉඳල ගියානම්නේ හොඳ….‘‘


‘‘ඒක තමයි නිවාඩු ඉවර වෙන්න ඉස්සර එයාට යන්න ඕනලූ…. මගේ එක්සෑම් එක තව මාස හයකින් ඉවර වෙනවනේ….. එතකොට ඉතිං මාව එහෙට ගෙන්න ගන්න ඕන කරන ලියුම් වගේ දේවල් ලෑස්ති කරගෙන ඉන්න පුළුවන්ලූ…..‘‘


‘‘ඔව් උඹලගෙ කසාඳ සහතිකේ තියෙන්න එපෑ වීසා ගන්න වැඩවලට…..‘‘


‘‘ඔව්... ඒ හින්දලූ හදිස්සියෙ බඳින්නේ….මේ පාර නිවාඩුවට ආපුගමන්……...‘‘


‘‘ඒක හොඳයි….හැබැයි බැඳපු ගමන් බැරි වුණත් පුළුවන් ඉක්මණට මිනිහ ලඟට පලයං…. නැත්නම් මිනිහට උඹව අමතක වෙයි…...‘‘


"සුනිතා දුවලගේ අම්මලත් එදාට වෙඩින් එකට එනවනේ...සතුටුයි අපට එදාට ඒගොල්ලන්ව අදුනගන්න පුලුවන්.. …."


"ඔව් ඇන්ටි ...අපේ අම්මලත් ඇන්ටිලාව එදාට අදුනගන්න ආසාවෙන් ඉන්නේ...මාතර ඉදන් ඒ ගොල්ලෝ එන්නත් එපෑ...


‘‘ සාරදාගේ….වෙඩින් එක අපි, විකුම් මේ පාර ඇවිත් යන්න ඉස්සර ගන්න හදන්නේ….අපෙත් එකම දුවනේ….ලොකුවට වෙඩින් එක ගන්න ඕන නිසා තමයි අපි කොලබ ලොකු හෝටලයක වෙඩින් එක ගන්න ලෑස්ති කලෙත්…..


අම්මා සතුටින් කලබලයෙන් නෑදෑයින් ,යාලුවන් සමග මගේ වෙඩින් එක ගැන කියමින්, පුරසාරම් දොඩමින්, ලෑස්ති වෙන්නේ, විකුම්ව අදුනගත්ත දිනේ සිටය..

වෙඩින් එකට ලං උනාට පසු, මම අන්තිම දවසේ විශ්ව විද්‍ය්ලයට ගිහින් එන්න ගිය විටදි... නිරංජන් අයියා මගදි හමුවීය. මට ඔහු දුටු විට දුක සිතිනි. ඔහුට මං විවාහ වෙන බව මෙලහකට ආරංචි වී තිබිය යුතුය. එය කුසුම් නැන්දා අනිවාර්යයෙන්ම කියන්නට ඇත. මේ වනවිට අම්මා මගේ මඟුල් කාඞ් බෙදා දී හමාරය. කුසුම් නැන්දලාටත් මගේ වෙඩින් එක කියන්න ඇති….මම ඒ ගැන නොවිසුවෙමි. තාත්තාගේ එකම නැගනිය වන කුසුම් නැන්දලාට, මොන තරහක් තිබුනත්, වෙඩින් එක කිව යුතුමය.

නිරංජන් අයියා මාව හම්බවෙන්න බස් නැවතුමට, මම එන වෙලාවටම එන්න ඇත්තේ මා සමග කතා කරන්න වෙන්න ඇතැයි මට සිතිනි.

මීට කාලයකට පෙර ඉතා තදින් ම නොවුණත් අප දෙදෙනාට දෙදෙනා හිතින් ආදරය කළෙමු. ආදරය ගැන කතා නොකළ ද අපි හිතින් ලං වී සිටි බව අපට වැටහි තිබුනි. නිරංජන් අද ආවේ, එදා මාත් සමග අමනාප වී බසයකට නැග ගියාට පසු අදමය.


‘‘නිරංජන් අයියා දන්නවනේ... අම්මල මට රානි ඇන්ටිගෙ පුතා, විකුම්ට මාව කසාඳ බන්දල දෙන්නනෙ හදන්නේ කියලා. දැන් වෙඩින් එකට දින ලගයි….‘‘


නිරංජන් අයියා එයට කිසිම දෙයක් කිව්වේ නැත. ඉන්පසු මං ඔහුට විකුම් ගැන කියන්නට නොගියේ, නිරංජන් ඔහු ගැන මතක් කරනවාටද අකමැති බැව් තේරුන බැවිනි .

නිරංජන් මට ආදරය නොකිව්වාට අප දෙදෙනාගෙම හිතේ ආදරයක් තිබුන බව මා දනිමි. මට ආදරය කියන්න තරම් ශක්තියක් නිරංජන්ට නොතිබුනත් ඔහු මට බොහෝ ආදරය කලබව මම දනිමි. අම්මා තාත්තා ,නෑදෑයෝ නිසා මම නිරංජන් අමතක කර දමා විකුම් එක්ක යන්න තීරණය කලේ අනාගතය සැපවත් කරගැනීමටය. ඒ බව මගේ හිත පසුතැවිල්ලෙන් සිතයි..... මම අනාගතයේ සැපවත් බව පතා දරුනු ලෙස උවමනාවෙන් ම කිසිත් නොදන්නා ,නොවුනු ගානට ඔහුගේන් සමුගත්තෙ දරුනු තැනැත්තියක් ලෙසය.

‘‘නිරංජන් අයියේ එන සුමානෙ මගේ වෙඩින් එක. ඇයි ඔයා කිසිම දෙයක් මාත් එක්ක ඒ ගැන කතා නොකරන්නෙ.’’


‘‘මොනව කතාකරන්න ද සාරදා ඔයගොල්ලන්ගෙ අම්මා මට කැමති නෑනේ….. කොටින්ම මං ඔයගොල්ලන්ගෙ ගෙදර එනවටවත් එයා කැමති නෑ. ඒකයි මං ඒ පැත්තෙ එන්නෙ නැත්තෙත්.... ඔයා ඉතින් මට වඩා ගොඩක් උගත්නෙ.... ඔයාට විකුම් ගැලපෙනවා. ඔයා විකුම් කසාඳ බැඳලා සතුටින් ඉන්න…..’’


‘‘ඒ වුණාට මගෙ හිතේ කැමැත්ත තිබුණෙ ඔයාට ... ඔයා කවදාවත් මට ආදරේ නොකිව්වාට….. මට හිතින් ආදරය කරපු බව මං දන්නවා….. අම්මලාට පිටු පාන්න, ඒ ගොල්ලන්ගේ හිත් රිදවන්න බැරි නිසයි මම අම්මලා කියන දේකට කැමති උනේ.... ඔයාට දුක නැද්ද මං විකුම් කසාඳ බඳිනවට.’’


‘‘ඇයි නැත්තෙ. ඉෂ්ට කරගන්න බැරි දේවල් වෙනුවෙන් මං දුක්වෙන්න කැමති නෑ…. ඒ හින්දා ඔයා මාව හිතින් අමතක කරලා විකුම්ව කසාඳ බඳින්න. අපේ අම්මා කිව්වා ඔයාගෙ වෙඩින් එක අපටත් කිව්වා කියල…... ඒත් මං එදාට එන්නෙ නෑ. මට බෑ ඔයා විකුම්ගෙ මනමාලි වෙලා ඉන්නව බලන්න… ”’


කිසිදිනක ආදරේ යැයි එකිනෙකාට නොකිවූ අප හිතින් ආදරය කර හිතින් ම දුක මකා ගෙන වෙන් ව ගියේ එසේ ය.

තව සුමානයකින් විකුම් ලංකාවට එන නිසා මං උන්නෙ ගොඩක් සතුටෙනි. ඔහුව දකිනකම් මට ඉවසුම් නැත.

මාස,දින ගෙවී ගිහින් අපේ වෙඩිං එකට දින ලං විය. මගේ හිත බයෙන්, සැකෙන්, සතුටින් නොවිසිල්ලෙන් පසු වෙයි. විකුම් රට ඉඳන් ලංකාවට එන දින මම ද බලාපොරොත්තුවෙන් සිටියේ, එයාර්පෝට් එකට යන්නටය. නමුත් මට එයට කවුරුත්ම කතා නො කළේ ය.

‘‘විකුම් පැය විස්සක විතර ගුවන් ගමනකින් පස්සේ ලංකාවට එන නිසා, එයාගෙ මහන්සි නිවුණම….. ඊට පහුවෙනිදාටම අපේ ගෙදර එක්කගෙන එන්නම් කිව්වා රාණී…. මණමාලිව බලන්න…..‘‘ අම්මා කීය.


එහෙනම් විකුම් එන්නෙ අනිද්දට වෙන්න ඇති. මං මගේ අනාගත සැමියා බලන්න පෙරුම් පුරමින් සිටියෙමි. අවුරුදු ගනනාවකට උඩදි ඔහු දැක්කාට පසු මම ඔහු කාලෙකට දැක නොතිබුනි.


තව සුමානෙකින් ඔහුගේ බිරිද වන්න ඉන්න මම ඔහු දකින කම් ඉන්නේ නොවිසිල්ලෙනි. ගේ දොර අස්පස් කරන වැඩවලට වගේ ම ඔවුන් එන දිනට හදන කෑම බීම හදන්නට ද මම සෝමාට උදව් කළෙමි.

මේ දිනවල මං කැම්පස් නොයා ගෙදරටම වී ඉන්නෙ විවාහ උත්සවයට ලෑස්ති වෙමින්ය .


‘‘විකුම් හෙට එලිවෙන්න උදේ එකට විතර එයර් පෝට් එකට එනව කියන්නේ. .. ‘‘

අම්මා තාත්තාට කියන්නේ මටත් ඇසෙන සේය.

‘‘මහින්සි ඇරල හෙට රෑ කෑමට ,රානි එක්ක එන්නම් කිව්වා.‘‘


"‘ඒක හොඳයි රෑට එන එක.... මේ දවස්වල රස්නෙත් වැඩියිනෙ දවාලට...රට ඉදන් එන අයට මේ රස්නේ උහුලන්න අමරුයි…..’’


තාත්තා ද විකුම් පිළිගැනීමට අම්මා මෙන් ම ලෑස්ති වී ඉඳියි. ඇගේ එකම දියනියගේ විවාහ මංගල්ලය ගැන ඔහුගේ හිතේද ඇත්තේ සතුටකි.


‘‘ලොකු පුතාලා එන අඟහරුවාදා නුවර ඉඳන් එනව කිව්වා වෙඩින් එකටත් එක්ක.‘‘


‘‘අනේ කාලෙකින් මිණිපිරිව දැක්කෙත් නෑ. ඒ ළමයින්ට වෙනම කාමරයක් ලෑස්ති කරලා තියන්න… පොඩි දරුවත් ඉන්න නිසා‘‘

"ඔව්, ඔව්... ඒවා නම් දැන්ම ලෑස්තියි... . මගුල් ගෙදර දවසට ගන්න ලොකු පුතාලා කැවුම් කොකිස් ඔක්කොම ජාති නුවරින් ගේනවා කිව්ව නිසා අපට ලේසි උනා….. නැත්නම් ඒවා මෙහේ හදන්න හිටියනම් අපට වැඩ වැඩි වෙනවා...

"ලොකු පුතාලගේ නුවර නෑදෑයෝ ගොඩක් නුවර ඉදන් ඇවිත් කොලබ හෝටල් වල නවතිනවලු වෙඩින් එකට එන්න…."


‘‘ හැමෝම ඉතිං සල්ලි කාරයෝනේ…...ඒ හින්දා කමක් නෑ….එහෙනම් බැරියැ නොදැක්ක යාළු මිත‍්‍රාදීන් නුත් දැක බලා ගන්න වෙඩින් එක දවසට ම….‘‘


‘‘දැන් හෙට රෑ කෑමට විකුම් ලට දෙන දේවල් එහෙම ලෑස්තිද? තව මොනවහරි කඩෙන් ගේන්න ඕන නම් කියන්න….. විකුම්ට හොඳට කන්න දෙන්න ඕනේ. පළවෙනි පාරටනේ මේ ගෙදරට එන්නේ ඒ ළමයා…. ඒ ළමයට සැර කෑම කන්න පුළුවන්ද දන්නෙත් නෑ.. . කාලයක් රට හිටපු කෙනෙක්නේ.‘‘


තාත්තා හරි උවමනාවෙන් ලක ලෑස්ති වෙන්නේ ඇගේ දුවගේ අත ගන්න එන මනමාලයා පිලිගැනීමටයි.... අම්මා ඊට ඉහලයි ඇගේ රට බෑනා පිලිගන්න පුදුම උනන්දුවකින් ඇය ලෑස්ති වෙයි….


විකුම් ලංකාවට ආ බව පසුදා උදෑසන ම රාණි ඇන්ටි අපේ ගෙදරට දුරකතන ඇමතුමක් දී මට කීවාය. ඇය සතුටින් ඉපිලෙමින් ඉදිතැයි මට සිතේ.


‘‘සාරදා ඔන්න ඔයාගෙ මණමාලයා ඊයේ රෑ. ආවා.....තාම නිදි පැය විස්සක් විතර නිදාගන්න බැරි වුණා කියල…. අපිත් ඇහැරෙව්වේ නෑ. අද හවස හය හත වෙනකොට අපි ඔහේ එන්නම්…..‘‘


‘‘රාණි ඇන්ටි තව කවුද ඇන්ටිලා එක්ක හවසට අපේ ගෙදර එන්නේ .‘‘


‘‘මායි විකුමුයි එයාගෙ හොදම යාලුවයි විතරයි…. විකුම්ට ඔයාව බලන්නත් ආස ඇතිනේ…. වැඩි කට්ටියක් ආවාහම ඔය දෙන්නට කරදර නිසා අපි තුන්දෙනා විතරයි එන්නේ....‘‘


‘‘හොඳයි ඇන්ටි.‘‘


ඒ විදිහට මමත් කැමතියි . මගේ හිතත් සතුටින් පිරි ඇත. ඔහුව අද හවසට දකින්න ලැබෙනකම් මට ඉවසුම් නෑත.

උදේ ඉදන් හවසට කන්න දෙන්න හදන විශේෂ කෑම වර්ග , අතුරුපස හදන්න ගෙවල් දොරවල් ලස්සන කරන්න මමද මහන්සි විය.

එදින හවස් වනවිට මම නාලා ලස්සන ගවුමක් ඇඳ ගෙන ලාවට පොඩි මේක්අප් එකක් ද දාගත්තේ විකුම්ට පේන්න ලස්සනට ඉන්න ඕන නිසයි. ඉස්.. ඉස්සෙල්ලා ම කාලයකට පස්සෙ දකිනකොට ලස්සනට ඉන්න එපෑ. මම ඇද පැලද ගෙන දෙතුන් විටක් කන්නාඩියෙන් හැඩ බලමින් සිටියේ නොවිසිල්ලෙනි .


අම්මා තාත්තා, සෝමා කෑම බීම ලෑස්ති කරමින් ගෙවල් පිළිවෙලට සකස් කරමින් කඩිමුඩියේ විකුම් පිළිගන්න ලෑස්ති වෙයි.


‘‘ආ... දුව අද හරි ලස්සනයිනේ….. විකුම්ට පේන්නත් එක්ක ලස්සනට හොඳට ඉන්න එක නම් හොඳයි....‘‘

අම්මා මා දැක සතුටින් කීවා ය.


තාත්තා ද වෙනදාට වඩා උවනාවෙන් මා දෙස බැලීය.


"පුංච් නෝනා අද හරිම ලස්සනයි. විකුම් මහත්තයා එන නිසා වෙන්න ඇති….

සෝමාද මගේ ගවුම් වාටියේ තිබුන නූල් කෑල්ලක් ඇරන් දමමින් කීවේ සතුටිනි…..ඇය අම්මා තරමටම මට ආදරේ කරන තවත් කෙනෙක් තමා සෝමා…. ඇය මට මතක ඇති කාලයේ පටන් අපේ ගෙදර ඉන්න කෙනෙකිය.

හවස් වන විට මම ගෙදර දොරකඩට, නිතර යමින් ගේට්ටුව දෙස බලමින් නැවත ගෙට ගියේ ඉවසුම් නැතුවය..

හවස ඇදිරි වැටී ගෙන එන වෙලේ, අපේ ගෙදර ගේට්ටුව ලග නතර කල වාහනය දෙස මම බලා උන්නේ මගේ කාමරයේ ජනේලයෙනි.

විකුම්ලා එදින හවස අපේ ගෙදර ආවේ විකුම්ගෙ යාලුවෙක්ගෙ කාර් රතයෙනි. එය පදවාගෙන ආවේ ඔහුගේ මිතුරාය.

තාත්තා ගේට්ටුව ඇර ඔවුන්ව ගේ තුළට කැඳවා ගෙන එන සද්දය මට ඇසි....හිත සතුටින් ගැහෙන්න පටන් ගත්තේය.


-හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

44 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page