top of page
  • Writer's picturePrisila Godahewa

💞 අමුතු දීගේ 💞 අමුතු දීගේ

( 24 වන කොටස )



🌹🌹. ඇයි....නෝනා…….

කොයිවෙලෙත් .හූල්ල හූල්ල අඩන්නේ…."


" මම වෙන මොනව කරන්නද සෝමා….මම වගේ අවාසනාවන්ත ගෑනියෙක්….එක මිනිහෙක් මාව කසාද බැදලා සුමාන දෙකයි හිටියේ දාලා ගියා.......ඉපදිච්ච්ච් දවසේ ඉදන් දන්න මිනිහා ආයුතු ප්‍රයෝජන ඇරන් අම්මගෙ පිටින් දාලා යන්න හදනවා…..අනේ දෙවියනේ මේ මිනිස්සු ඔක්කොම එකයි….අන්තිම හරිය මම සෝමාට නොඇසෙන්න මටම කියාගනිමින් ඇද බදාගෙන අඩුවෙමි.... .


" අඩ අඩ ඉදල හරියන්නේ නෑ…..එන සුමානේ ඉස්කෝලේ පටන් ගත්ත ගමන් මාරුවීමක් හදා ගන්න නුවරට…...

නැත්නම් රස්සාවයි.... ගෙදරයි දෙකම අමතක කරලා දාලා කවුරුත් දන්නෙ නැති පලාතකට ගිහින් ජීවිත් වෙන්න ටික කාලයක් ……...මේවා අමතක වෙන්නත් එක්ක…..ගමේ මිනිස්සු දැන් ඔක්කොම දන්නව ඇති නිරංජන් මහත්තයා මෙහෙ රිංගන්න ආව කතා ....…..ඕවා ඉස්කෝලෙට ආරංච් උනොත්....එහෙම ...."


මගේ රස්සාව අමතක කරලා දාලා ගියත් මම නිරංජන් අමතක කරලා දාලා කොහොමද ඉන්නේ.....


.අනේ දෙවියනේ මම මොනවාද දැන් කරන්නේ මම අත නිකටේ තියාන කල්පනා කලේ ඇස් වලින් කදුලු බේරෙද්දීය…. අනේ මම වගේ අවාසනාවන්ත ගෑනියෙක්...... කසාඳ බැදලා යන්තම් සුමාන දෙකයි කසාද බැදපු කෙනා එක්ක ඉන්න ලැබුනේ. අනේ මම ආදරය කල කෙනා එක්ක සුමාන දෙකක් වත් මට එකට ඉන්න ලැබුනේ නෑනේ…....මම වගේ අවාසනාවන්ත ගැහැනියක්..... මම ඉකි ගසමින් කදුල සලද්දි මගේ දුක නිවන්න සෝමාවත් නොආවාය.


පසු දින නිරංජන් මට, දුරකතනයෙන් කතා කලේය .


"අපි මොනවාද සාරදා දැන් කරන්නේ…."


"ඇයි ඔයා ඊයේ කිව්වෙ කරන්න ඕනදේ…."මම නිරංජන් එක්ක කතා කලේ කේන්තියෙනි.


‘‘ මම ඔයාට මුලින් කිව්වෙ අපි අම්මලා අකමැති උනත් බදිමු කියලනේ …….ඒ උනාට අම්මලා කැමති නැතුව කොහොමද අපි දෙන්න කසාඳ බැඳලා ජීවත්වෙන්නේ…..ඒ ගොල්ලෝ අමතක කරන්නත් බෑනේ…..‘‘


‘‘මට තේරෙන්නෙ නෑ මොනව කරන්න ද කියලා….කොහොමත් දැන් අපි දෙන්නා ගැලපෙන දෙන්නෙක් නෙමේනේ….මම ළමෙක් ඉන්න ගෑනු කෙනෙක්…..පිරිමිනම් නාවලා ගෙට ගන්න පුලුවන්නේ….ගෑනු අපටනේ….ඔක්කොම නීතී…..


මම කසාඳ නො බැඳ ඔයාව පහුගිය කාලේ ආශ‍්‍රය කරපු බව දැනගත්තොත් මාව ඉස්කෝලෙනුත් අස් කරල දායි….. ඒකත් මගේ වරදනේ…...ගුරුවරියක් වදිහට මම දරුවන්ට ආදර්ශවත් විදිහට ජීවත් වෙන්නෙ ඕන එකේ.... මං කරපු මේ නරක වැඬේ ගැන දැන් මට ම බයයි, මගේ අනාගතය ගැන....... කුසුම් නැන්දා ඉස්කෝලෙටත් ඇවිත් මං ගැන ගුරුවරුන්ට කියයි ද දන්නෑ…..ඔයාට නම් මොකද ….අම්මා අකමැති කියලා ලේසියෙන් වෙන කෙනෙක් බැදගන්න පුලුවන්නේ….‘‘


‘‘අපේ අම්මා පහුගිය දවස්වල මට හරියට බල කළා මම කසාඳ බඳින්න ලෑස්ති කරපු ළමයව ගිහින් හම්බවෙන්න කියල....... මං දිගටම ගියේ නැති නිසා වෙන්න ඇති මං යන එන ගමන් බිමන් හොයන්න ඇත්තේ…...‘‘


‘‘ඔයා ඒ ගෑණු ලමයා කසාඳ බඳින්න නිරංජන්....... මං මේ ඉන්න විදිහිහටම ඉන්නම්….....මට දුක මම දෙවෙනි පාරටත් තව මිනිහෙක්ට රැවටුන එකටයි…...‘‘


"ඔයා මාත් එක්ක කේන්තියෙන් කතා කරන්නේ...…මම ඔයාට වැරැද්දක් කරන්න ඕනකමෙන්ම ඔයාට ලංවුනා නෙමේ....මම ඔයාට ඇත්තටම ආදරය කලා....මට තනි තීරනයක් ගන්න පුලුවන් තත්වයකට ..මට දුකයි ඔයායි පුතයි ගැන ......අනිත් පැත්තෙන් අම්මා අඩන හැටිත් මට බලාගෙන ඉන්න බෑ.......මගේ හිතේ අම්මලා අදුනලා දුන්න ඒ ළමයට එතරම් කැමැත්තක් නෑ.‘‘


‘‘ඒ වුණාට අපි දෙන්නට කවදාවත් කුසුම් නැන්දා එකතු වෙන්න දෙන්නෑනේ….ඔයත් දැන් අම්මා කියන දේටනේ කැමති ….ඉතිං ඒ මගුල කර ගන්න….මාව ප්‍රශ්නයක් කර ගන්න ඕන නෑ…...අපි දෙන්නා එකතු වුණොත් ඔයාට වෙන්නෙ ජීවිත කාලෙම දෙපැත්තෙම නෑදෑයෝ එක්ක තරහ වෙලා ඉන්න. මං ආස නෑ කා එක්ක වත් ඔයා තරහ වෙනවා දකින්න…..‘‘


‘‘අපි මොකද කරන්නෙ සාරදා…....‘‘


‘‘මොනව කරන්නද?..... අයෙත් කුසුම් නැන්දා ඇවිත් මට මූණට ම බැනලා...., ගහලා ආයෙත් ගමටම ඇහෙන්න කෑ ගහල මගේ නම කැත කරන්න ඉස්සර අපි මේ සම්බන්ධය නතර කරල දාමු......‘‘


‘‘ඔයාට පුළුවන් ද සාරදා මාව අමතක කරන්න…...‘‘


‘‘බැරි වුණත් මං කරන්නම්…..මෙච්චර කල් තනියම හිටපු එකේ ඕක මොකක්ද ?...... ඔයා අර ගෑණු ළමයා කසාඳ බැඳල හොඳට ඉන්න......‘‘


‘‘අපේ අම්මයි, තාත්තයි කොච්චර දුක් වින්ඳද මාව මේ තත්ත්වයට ගේන්න....... එහෙව් එකේ මං ඒ අයගෙ හිත රිද්දන එක නරකයිනෙ සාරදා …..‘‘


‘‘ඒක තමයි මං කියන්නේ. මං ගුරුවරියක්….. ඔයා එක්ක තියෙන මේ සම්බන්ධය ඉස්කෝලේ දැනගත්තොත් මට රස්සාවත් නැති වෙනවා...... අපි දෙන්නා දුර දිග බලන්නෙ නැතුව අනියම් ඇසුරක් පටන් ගත්තට අපි ඒක අදම නවත්තලා දාමු…... මට විකුම් නැතුව අවුරුදු තුනක් ඉන්න පුළුවන් උන එකේ...... මං ඉතිරි කාලෙත් තනියම ඉන්නම්…..‘‘


‘‘මට දුකයි සාරදා ඔයා ගැන….. මට අම්මා ගැනත් දුකයි…..’


‘‘ඔයා නිසා මං කාලෙකට පස්සෙ ලොකු සතුටක් ලැබුවා…... ඒ සතුට....ඒ මතකය හිතේ තියාන මට පුළුවන් මගේ ඉදිරි ජීවිත කාලේ තනියම ජීවත් වෙන්න…....‘‘


නිරංජන් එක්ක තිබුන කේන්තිය නිසා…..එයාව මට ලේසියෙන් අමතක කරන්න පුලුවන් කියලා ….ලොකුවට කිව්වට... කියන තරම් ලේසි දෙයක් නෙමේ, නිරංජන්ව අමතක කරන එක...... විකුම්ගෙන් කාලයක් තිස්සේ නො ලැබුණ උණුසුම, ආදරය මට නිරංජන්ගෙන් ලබාගන්න පුළුවන් උනේ කොච්චර ටික කාලයක් ද?..... සුමාන එකහාමාරක් වගේ ටික කාලයයි මට නිරංජන්ව ආශ‍්‍රය කරන්න එයත් එක්ක එකට ඉන්න ලැබුණේ…..ඒ ටික දිනට මම කොයිතරම් නම් සතුටින් හිටියද...කොයිතරම් ආදරෙන් ඔහුට බැදුනද….. මගෙ අවාසනාව නිසයි , අපි ගැන නැන්දාට මෙතරම් ඉක්මනට දැනගන්න ලැබුණේ…... .


නිරංජන්ව අමතක කරන එක අමාරු වුණත් මම කොහොමහරි එය කරන්න ඕනේ....... නිරංජන් තවම තරුණ කොල්ලෙක්..... මම ළමයෙක් ඉන්න ගැහැණියක් .... නිරංජන් අර ගෑණු ළමයා කසාඳ බැඳල හොඳින් හිටියාවේ ….... මම ඒ දෙන්නට සුභ පතලා පැත්තක වෙනවා.


‘‘මොනවද නෝනා…..නිරංජන් මහත්තයා කියන්නේ….මටත් ඇහුනා දෙන්නා රංඩු වෙනවා ඵෝන් එකේ…..දැන් මොනවාද නෝනා කල්පනා කරන්නේ…...‘‘


‘‘අනේ මන්දා සෝමා….. නිරංජන් මහත්තයාම මෙහේ එන එක නවත්තනවා කිව්වා ….නැන්දා කැමති නැති නිසා…. .‘‘


‘‘ඒක හොදයි …. නෝනා. නිරංජන් මහත්තයා කසාඳ බඳින්න කෙනෙක් ඉන්නවා කියල කුසුම් නෝනා කිව්වා…..ජනවාරියේ දෙන්නා බන්දනවත් කිව්වෙ …. එහෙව් එකේ නෝනා පැත්තකට වෙලා වෙන අතක් බලා ගන්න…...‘‘


‘‘ඒ ගෑණු ළමයට නිරංජන් මහත්තයා කැමති නෑ…..නැන්දා කියන නිසා එයාව බදින්න කැමති වෙලා තියෙන්නේ …..‘‘


‘‘ඒ උනාට කමක් නෑ. කුසුම් නෝනල හොයල දුන්න කෙනානේ…... නිරංජන් මහත්තයාට ඒකට කැමති වෙලා අම්මල, තාත්තලා සතුටු කරන්න හරි බදින එක හොදයි… නෝනා වෙන අතක් බලා ගන්න….ඔය මිනිස්සුන්ට මුල මතක නෑ…..බලන්න එපෑ….දැන් කුසුම් නෝනගේ කටේ සද්දේ…..පුතාලා ලොකු රස්සාවල් කරලා ගෙවල් දොරවල් හදාගෙන ඉන්න නිසා වෙන්න ඇති…...‘‘


‘‘ඔව් මාත් කිව්වා මීට පස්සෙ මේ පැත්තෙ එන්න එපා... එයා කැමති දෙයක් කරගන්න කියලා.....‘‘


‘‘ඒක හොඳයි. ගුරුවරියක් උනාම කතාවක් හදාගන්නෙ නැතුව ඉන්න ඕනෑ…...‘‘


දෙසැම්බර් නිවාඩුව ඉවර වී පාසැල පටන් ගත්තේ ය. සුමාන දෙකක් ඇතුළත කොයිතරම් නම් දේවල් සිද්ධ වුණා ද......? නිරංජන්ට ලං වී ඔහුට ආදරය කර ඔහුගෙන් සතුටු වී මා සුමාන එකහාමාරක් තුළ වින්ද සතුට හැමදෙයක් ම අද වන විට දිය වි ගොස්ය ...... මං නැවත හිටි තැනටම පැමින ඇත…….


‘‘ගුඞ් මෝනින් සාරදා මිස්...‘‘ පාසැලට ගිය මුල් ම දවසෙ ම තුසිත සර් මට උදේන් ම සුභ පැතීය.


‘‘කොහොමද නිවාඩු කාලේ මොනව ද කළේ?’’


‘‘ගොඩක් දේවල් කළා…....‘‘


‘‘ඇත්තද?.. මං සාරදා හම්බවෙන්න මයි හිතාගෙන හිටියේ…..ගෙදරට අහන්නේ නැතුව එන්න හොද නැති නිසා ඉස්කොලේ පටන් ගන්නකම් හිටියේ….. .‘‘


‘‘ඒ ඇයි?‘‘


‘‘ඔයා වගේ ම මමත් උපාධිය තියෙන කෙනෙක්…...‘‘


‘‘මම ඒක දන්නවා…...‘‘


‘‘මට ඔයාව හම්බ වෙන්න ඕනේ නිවාඩු පාඩුවේ.‘‘


‘‘ඒ ඇයි...?’’


‘‘ඒක මෙහෙම ඉස්කොලේ දී කියන්න බෑ….. දවසක හවස අපි නිදහසේ කොහේට හරි ගිහින් කතා කරමුද?.….. අකමැත්තක් නැත්නම් ලගදිම දවසක් හවසට හම්බ වෙමුද?.......‘‘


‘‘හා...‘‘


මා දැන් පිළිවෙලක් විය යුතුයි…..මට නිරංජන් වගේම…... නිරංජන්ටද මාව අමතක කිරීමට නම් මම ද නැවත කසාඳයක් කර ගත යුතුයි…...


තුසිත සර් කියන්න තරම් වරදක් නැති කෙනෙක් කියා මට දැන් සිතෙයි…... හොඳට සල්ලි භාගෙත් තියෙනවා. මට පුතාත් එක්ක සතුටෙන් ඉන්න පුළුවන් වෙයි….. කවුරු හරි කෙනෙක් මං කසාඳ බැඳ ගත යුතුයි..... තුසිත සර් මට පුතෙක් ඉන්න බව දන්නවා…... මගේ හස්බන්ඞ් මාව දාලා ගිහින් කියලත් දන්නවා. …...ඒක නිසා හැමදෙයක්ම මම ගැන දන්න ගැලපෙන , කෙනෙක් කසාඳ බැඳල මාත් පිළිවෙලක් වෙන එක හොඳයි…... .


තුසිත සර් කසාඳ බැඳලා වෙන් වුණ කෙනෙක් බව චාන්දනී කියනවා මතකයි…... තුසිත සර්ට ළමයින් නෑ ඒ කසාදයෙන්….. ඔහුත් මං වගේ ම මීට ප‍්‍රථම කසාඳ බැඳපු කෙනෙක් නිසා අප දෙදෙනාට ම ප‍්‍රශ්ණයක් නෑ. පහුගිය දේවල් අමතක කර ජීවිතය හරියට හදා ගත යුතු යි.


නිරංජන්ව අමතක කිරීමට නම් මම ඉක්මණටම වෙන කෙනෙක්ව කසාඳ බැඳ ගත යුතුයි...... නැතිනම් නිරංජන්ටත් හරියට පවුල් ජීවිතයක් ගත කිරීමට ලැබෙන්නෙ නැත….. මාත් මගේ හිත ගත දෙක සනසා ගැනීමට වගේම ලෝකයාට පේන්නවත් හරි කසාදයක් කරගෙන පිලිවෙලක් විය යුතුයි.


තුසිත සර් මාව හම්බවෙන්න ඕන කියපු කතාව මම චාන්දනී මිස්ට කිව්වේ ඇයගෙන්ද උපදෙසක් බලාපොරොත්තුවෙන්.....


"ඔව් ..සාරදා ඔයා ඔහොම ඉන්න එක තේරුමක් නැති වැඩක්.....නිකන් ලෝකයාගෙන් කතා අහලා නම කැත කරගන්න ඉස්සර, හොද කෙනෙක් එක්ක පිලිවෙලක් වෙන එක හොදයි ......තුසිත සර් මීට ඉස්සර කසාද බැදලා ඩිවෝස් උන කෙනෙක් නිසා, ඔය දෙන්නා හොදට ගැලපෙනවා.....මමත් තුසිත සර් එක්ක මේ ගැන කතා කරන්නම්කෝ ඔයාට උදව්වක් විදිහට ....


විකුම්ගෙන් ඩිවෝස් වෙච්ච ගමන් මට එතකොට තුසිත සර් බදින්න පුලුවන් .....කතා කරලා දැන අදුනනගෙන තිබ්බොත් ....හැබැයි නිරංජන්ට රැවටුනා වගේ නම් මේ පාර මම තුසිත සර්ට රැවටෙන්නේ නෑ....පිලිවෙලට මේ මගුල කරගන්න ඕනේ.....මම නුවරට මාරුවක් ඉල්ලපු බව, මගේ මහ ගෙදර විකුනලා නුවර යන්න තීරණය කරපු ඒවත් තුසිත සර්ට කියල බලනවා....එයා මට ගොඩක් කැමති නම් මාත් එක්ක නුවර යන්න එයිනේ....නැත්නම් මම පුතා එක්ක නුවර ගිහින් තනියම ඉන්නවා, මේ ඉන්න විදිහටම .....


ජීවිතේ නැවත අලූතින් පටන් ගත යුතුය. මං ආයෙත් කාව හෝ කසාඳ බැඳලා අලූත් ජීවිතයක් ගත කිරීමට පටන් ගන්නවා යන හැගීමෙන් උන්නෙමි .


‘‘සෝමා මං ආයෙත් කසාඳයක් බඳිනවා.. . . . මං ඉක්මනට කසාඳ බැන්දොත් මගේ හිතත් හදාගෙන, නිරංජන්ටත් හිත හදාගෙන අර ගෑණු ළමයා කසාඳ බඳින්න පුළුවන්…..‘‘


‘‘ඒක තමා නෝනා….. නෝනා දන්නවනේ ලොකු නෝනා, නිරංජන් මහත්තයාට මුළින් අකැමති වුණ එකේ….. කුසුම් නෝනලා... නිරංජන් මහත්තයාව නෝනා බැන්දොත්, නෝනට වෙනස්කම් කරයි….. එතකොට නෝනට හිතෙයි දරුවත් හදාගෙන තනියම හිටියනම් ඉවරයි කියලා…...‘‘


‘‘අයියා විකුම්ට කතා කළාලූ….. ඒත් ටෙලිපෝනයට විකුම් ඇවිත් නෑ..... අයියා කියනවා විකුම් වෙන කවුරු හරි ගෑනු කෙනෙක් එක්ක ජීවත් වෙනාව ඇතිලු .... ඒකලු ෆොන් එකටත් කතා කරන්න ආවේ නැත්තේ…. විකුම්ගේ යාලුවෙක් අයියා එක්ක කතා කරලා තියෙන්නේ….අයියා ඒ මනුස්සයා එක්ක විකුම්ට හොදටම බැනලා…..


"ඇත්තද….එහෙනම් ඒ මනුස්සයා විකුම් මහත්තයාට ඒ විස්තර කියයිනේ…..


අයියා කිව්වා එන මාසේ වෙනකොට අපට නුවර පදිංචියට යන්න පුලුවන් වෙයි කියලා….කවුද නුවර ලොකු සල්ලි කාරයෙක් අපේ මේ ගේ ගන්න කැමති වෙලා….අයියා කිව්වා ...අපට එයාලගෙ ගෙවල් කිට්ටුවෙන්ම අලුත් ගෙයක් සල්ලි වලට ගන්න එයා බලලා තියෙන්නේ කියලා ...අපි එන සෙනසුරාදා එහේ යමු අලුත් ගෙදර බලන්න …..


"අප්පේ….ඒක කොච්චර ලොකු දෙයක්ද….මේ ගමේ ඉන්න කේලාම් කාරීන්, ඉරිසියා කාරින් ඔක්කොමලා අමතක කරලා අපට නුවර ගිහින් නිදහසේ ඉන්න පුලුවන්. අනේ වාසනාවන්....


- හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

7 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Commentaires


bottom of page