top of page
  • Writer's picturePrisila Godahewa

💞 අමුතු දීගේ 💞 අමුතු දීගේ

(23වන කොටස )


🌹🌹බදාදා රෑ අපි නැවත කොළඹ ආවේ හොදටම හවස් වෙලාය. ඒ එන විට අපි රෑට කන්න ගෙනාවෙමු. ඇග පත හෝදා රෑට කෑම කෑවට පසු නිරංජන් ගෙදර යන්න ලෑස්ති විය.


"ඔයා අදත් ඉදලා යන්න.....


"බෑ සාරදා ...අම්මා හොයනව ඇති දැන්.... දවස් තුනක් ගෙදර හිටියෙ නෑනේ......යාලුවන්ගෙ ගෙවල් වලට "කෝල්" කරලා මාව ඇහුව්වද දන්නෙත් නෑ....."


"එහෙම උනොත් හරි වැඩේ.....අපිත් එක්ක ගිය බව දැනගත්තොත්...."


නෑ....මම මගේ හොදම යාලුවො දෙන්නට කෝල් කරලා කිව්වා... අම්මා ඇහුව්වොත් කොහේ හරි ට්‍රිප් එකක් ගියා කියන්න කියලා .....උන් අම්මව ශේප් කරයි... "


"ශා...හොද යාලුවොනේ ඉන්නේ මෙයාට....හොර වැඩ වලට උදව් කරන්න ...."


"මම දවස් දෙක තුනක් මේ පැත්තේ ආයෙත් එන්නෙ නෑ.....වටපිට මිනිස්සු සැක කරන්න බැරි නෑ.....මම මෙහෙ එනකොට.....මුලු ගමම මාව අදුනනවානේ....."


"ඔව්...ඒක හොදයි .....ඔයා මට කෝල් කරන්න ......එන ඉරිදට සොමා ආයෙත් ගෙදර එනවා….ඒ ආපුහම අපට මේ වගේ එකට ඉන්න ලැබෙන එකක් නෑ….. එතකොට ඔයා මෙහේ රෑට නවතින්න එන්නත් එපා…..‘‘


‘‘දැන් නම් මට එක දවසක්වත් ඔයා නැතිව ඉන්න බෑ….සාරදා ....‘‘


‘‘ඒ උනාට පුරුදු වෙන්න. මං පුළුවන් ඉක්මණට අපේ දික්කසාදය ගැන විකුම් එක්ක කතා කරන්න අපේ අයියට කියන්නම්….. මං අපේ අයියට හෙට ම කෝල් කරල ඒ ගැන කියනවා...... පුළුවන් ඉක්මණට මං දික්කසාද වුණොත් අපට බයෙන් බයෙන් හම්බ වෙන්න ඕන නෑනේ…..‘‘


එක්කෝ...සාරදා ...අද බදාදා..….සෝමා එනකම් මං මේ දවස් තුන මෙහේ රෑට නවතින්නද....ආයෙත් කවද මේ වගේ චාන්ස් එකක් ලැබෙයිද දන්නෑනේ....


‘‘අවට වටපිට ගෙවල්වල මිනිස්සු දැක්කොත් ඔයාගෙ කාරෙක රෑට රෑට අපේ ගෙදර නවත්තලා තියෙනවා….ඔයා අද ගෙදර යන්න ....අම්මත් බලාගෙන ඇතිනේ.....හැබැයි ගිය සෙනසුරාදා ඉරිදා වාහනේ වත්තෙ තියෙනවා නෝට් කරද දන්නෑ…..‘‘


‘‘කාර් එක හංගන්න බෑනේ….ගමේ මිනිස්සුනේ...ඕපාදූ හොයන්න හරි ආසයිනේ...පරිස්සමට ඉන්න ඕනේ....‘‘


‘‘අනේ මන්ද අවුරුදු තුනක් කතාවක් හදාගත්තෙ නැතුව හිටිය මම.. දැන්නම් ඉතිං ඒකත් ඉවර වෙයි වගේ…..‘‘


සෝමා ඉරිද ගමේ ගිහින් කොළඹ ආවාය…... ඇය ගමේ පළතුරු, එළවලූ ද එනවිට ගේන්න අමතක නො කරයි. පුතාට විශේෂ මොනව හරි සෝමා කඩෙන්ද ගෙනෙයි. පුතා සෝමාට හරි ආදරෙයි….සෝමා ආවාට පසු පුතාට මාව අමතකව ගිය හැඩයි…..


සෝමා සමඟ පුතා දැන් වචන පටලැවිමෙන් කතා කරයි…...ඒ අස්සේ නිතර ම නිරංජන්ගෙ කාර් එකේ,එහෙ මෙහෙ ගිය හැටිද සෝමාට කියයි….. ඒවා හරියට සෝමාට තේරුම් ගැනීමට නොහැකි වීම මගේ හිතට සැහැල්ලුවක් විය...


අපි නිරංජන් එක්ක නුවරඑළි ගිය කතාව, නිරංජන් මෙහේ දින තුනක් නැවති හිටි කතා මම සෝමාට නොකිව්වෙමි..... පුතා නිරංජන් ගැන කියන කතා වලින් අපි නිරංජන් එක්ක කොහේ හරි ගිහින් තියෙන බව, සෝමාට ටිකක් තේරි ගිය ආකාරයක් පෙනේ….


නිතරම පුතා…"මාමා නෑ… මාමා අද එයිද අම්මි…." කියමින් දොරකඩ ලගට වී බලා ඉදී... ඔහු එනකම් පුතා මඟ බලාන ඉන්නෙ ආයෙත් කාර් එකේ යන්නටය.


‘‘ ඈ ...නෝනා...චූටි බේබි නිතරම කාර් එකේ ගියා කියන්නෙ….නිරංජන් මහත්තයා එක්ක නෝනලා කොහේ හරි ඈතක ගියාද?…...‘‘


‘‘අපි අර එදා වගේ කොළඹ පැත්තේ ඇවිදින්න ගියා…... අපට සෝමත් නැති නිසා පාළු ඇති කියල නිරංජන් එක්ක ගියා...‘‘


‘‘ අනේ මන්දා...මම නැතුව මොකට ඔය ගමන් ගියාද…..ගමේ මිනිස්සු දැක්කොත් පද හදයි ද දන්නෑ….. මං නැති වෙලේ නිරංජන් මහත්තයා මෙහේ ඇවිත් ඉන්නවා දැකලා....‘‘


‘‘මිනිස්සු ඉතිං බලන් ඉන්නෙ පද හදන්නනේ. මම මේ ළමයෙක් එක්ක තනියම ජීවත් වෙනව මගේ දුක පාළුව බලන්න කවුරුත් නෑ…...‘‘මට සෝමත් එක්කත් ඇති වුනේ තරහක්….


‘‘දැන් මොනවද නෝනා මෙතන වෙන්නේ ….... එක්කෝ විකුම් මහත්තයා නෝනවයි, බේබිවයි රට එක්ක යන්න ඕනේ….... නැත්නම් විකුම් මහත්තයා ලංකාවේ පදිංචියට එන්න ඕනේ…... දැන් අවුරුදු තුනකුත් ඉවරයිනේ. කසාඳ බැඳලා මෙහෙම ඉන්න එකේ තේරුමක් නෑනේ…..එහෙම නැත්තම් දික්කසාද වෙලා වෙන කසාදයක් කර ගන්න ඕනේ......‘‘


‘‘ඔව් සෝමා මම අයියට කිව්වා…... විකුම්ට කතා කරල එයා මොනවද කරන්න ඉන්නෙ කියල අහන්න කියල…..කොහේද එයාගෙ ඵෝන් නම්බර් එකත් නෑනේ...ඒක රානි ඇන්ටිගෙන් ඉල්ල ගන්න වෙලා…...‘‘


‘‘ඒක හොඳයි…..මොනව හරි ඉක්මනට කරන්න...චුට් බේබි ලොකු වෙන්න ඉස්සර ...පව් මේ දරුවා….සෝමා මගේ අම්මා මෙන් පුතා ගැන දුක් වෙයි…..‘‘


‘‘මං විකුම් මහත්තයාගෙන් දික්කසාඳ වෙනවා…..මම ඒකට හිත හදාගෙන ඉන්නේ…..‘‘


‘‘ඊට පස්සෙ.‘‘


‘‘නිරංජන් තාම කැමතියි මාව බාරගන්න.‘‘


‘‘ අබුද්දස්ස කාලේ…..නේ….ඔව් ඉතිං නෑන මස්නිනානේ.. ලොකු නෝනට ඒ කාලේ නිරංජන් මහත්තයා හොඳ නොවුනට දැන්නම් හොඳ වෙයි…...‘‘


‘‘ඔව් ඉතිං දැන් රස්සාව තියෙනවා. වාහනයක් තියෙනවා…..ඒ මුකුත් නෑ කියලනේ රට බෑනෙක්ට මාව බන්දලා දුන්නේ….සෝමා එක්ක මම, මේ කසාදය මට කර දුන් එකට නිතර අම්මාට බනින්නෙමි.‘‘


‘‘ ඒක ඇත්ත…..ලොකු නෝනගෙ ඉක්මන් වීමයි, මහන්තත්තකමයිනේ, සාරදා නෝනා අමාරුවේ වැටුනේ…..දැන් කෝ ඔය නෝනව අමාරුවේ දාපු අය….නාකි මට දුවයි...මුනුපුරාවයි භාර දීලා කට්ටියම පැත්තකට වෙලා ඉන්න අපූරුව… කොහේද ගමේ ගිහිල්ලා මට හුස්මක් කටක් නිදහසේ ගන්න බැරි වුනා….අනිත් පැත්තට ආවා දරුවා ලෙඩ වෙලා හිටිය නිසා….ඒ අස්සේ කතාවකුත් හදාගෙනද දන්නෑ…..‘‘


‘‘ ඕවා දැන් කතා කරල වැඩක් නෑ….සෝමා...පුලුවන් ඉක්මනට මම මේ ගේ විකුනලා නුවර අය්යලගේ ගෙවල් කිට්ටුවට යනවා….එතකොට සෝමට බැරියෑ ගමේ ගිහින් නිදහසේ ඉන්න…..‘‘


සෝමා ගෙදර ආපසු නිරංජන් රෑට ගෙදර නවතින්න ආවේ නැත…. හැබැයි එක දවසක් වැඩ ඇරිල එන ගමන් ගෙදරට විත් පුතත් එක්ක ටික්ක වේලා සෙල්ලම් කරමින් ඉඳ පුතාව වාහනයේ දමා ගෙන ටිකක් ටවුම පැත්තෙ ගිහින් ඉඳ ආවේය......


සෝමාට බයේ මම ඔහු සමග වාහනේ නොගියෙමි…..නමුත් අපි දිනපතා දවසට දෙතුන් පාරක් දුරකතනයෙන් කතා කෙරන්නෙමු…. . සෝමා නැති දිනවල නිරංජන් එක්ක ගත කළ කාලය මතක් වෙද්දි රෑට මං නිදාගන්නෙ හරිම අමාරුවෙනි….. නිරංජන්ටත් එලෙස ම වෙන්න ඇති….


සෝමා ඇවිත් දින තුනහතරකට පසු නිරංජන් දිනක් දවල් කෝල් කර කිව්වෙ මට ටවුමට තනියම එන්න කියායි.....


‘‘සාරදා මම හෙට දවල්ට ටවුමට එන්නම්….අපි දෙන්නා කොහේ හරි යමු…. ඔයා සෝමට කියල කොහෝ හරි යනවා කියල ටවුමට එන්න…..‘‘


‘‘හා... තව ඉස්කෝලේ පටන් ගන්න සුමානයක් විතර තියෙනවානේ....බඩු මොනව හරි ගන්න යනවා කියලා ,.... මං මොනව හරි කියල එන්න බලන්නම්…..‘‘


මටත් නිරංජන් එක්ක කොහේ හරි ගොස් තනිවී කතා කරන්න අවශ්‍ය වී තිබුනේ…..ඒ තරමට මට දැන් ඔහු නොදැක ඉන්න බැරි ගානයි.


"සෝමා...අය්යත් කැමති වුනා…. මම මේ ගෙදර විකුනලා නුවර එනවට...එයා අද හෙට ගේ විකුනන්න පත්තරේ දානවා කිව්වා ….මමත් නුවරට මාරුවක් අද හෙටම දානවා...පුලුවන් උනොත් තව මාස දෙක තුනකින් අපට නුවර යන්න පුලුවන් ….."


"අනේ.. නෝනා....ඒකට නම් මම හරි කැමතියි .. එතකොට මට නිතර දළදා වහන්සේ වදින්න යන්න පුලුවන්….


පසු දින යාළුවෙක්ගෙ ගෙදර යනවා කියා...සෝමට බොරුවක් කියා මම නිරංජන් සමඟ නිරංජන්ගෙ යාළුවෙක්ගෙ ගෙදර ගියේ මහ දවාලේ ය…...


මගදි මාව හම්බුන විට නිරංජන් හිටියේ හරි කළබලයකිනි…..ඔහු වටපිට බලමින් මාව වාහනයට නග්ගවගෙන ගියේද බයේ මෙන්‍ය.


"ඇයි...ඔයා බයෙන් වගේ…


"අම්මට පොඩ්ඩක් ආරංච් වෙලා වගේ මම ඔයාව හම්බවෙන්න එන එක...මගෙන් ඇහුව්වා සාරදා බලන්න ගෙදරට ගියාද කියලා …"


"ඉතිං ...හරි වැඩේනේ...දැන් මොකද කරන්නේ .…"


"මම බාගෙට කියලා මග ඇරලා ආවා…..අද හවස ගෙදර ගිහාම හරියට විස්තර අහයි….ඒකට ලෑස්ති වෙලා යන්න ඕනේ….

යාළුවාගෙන් නිරංජන් ඔහුගේ ගෙදර යතුර ඉල්ලා ගෙන විත් තිබුණි. ඔහුගේ බිරිඳ දරුවත් සමග අම්මලාගේ ගෙදර ගිහින් තිබුන නිසා….කිසිකෙනෙක් නැති ගෙදර අප දෙදෙනා පැය දෙකක් පමණ නිදහසේ ගත කළෙමු.


‘‘මෙහෙම හරි අපි දෙන්නට හම්බ වෙන්න ලැබුණ එක ලොකු දෙයක්. ... පසුගිය දවස්වල මම හිටියෙ හරි ම අමාරුවෙන්….ඔයා නැතුව …...‘‘


‘‘මටත් එහෙමයි.‘‘


‘‘සාරදා ඔයා අයියට කිව්ව ද විකුම්ට කතා කරලා දික්කසාදය ගැන අහන්න කියලා.‘‘


‘‘ඔව් මං කිව්වා. අයියා කතා කරන්නම් කිව්වා.‘‘


‘‘ඒක හොඳයි. අපි පුළුවන් ඉක්මණට කසාඳ බඳිමු. දැන්නම් දෙතනක ඉන්න එක හරිම අමාරුයි…...‘‘


‘‘කුසුම් නැන්දලා මොනව කියයි ද දන්නෑ.‘‘


‘‘අනේ මන්දා මටත් බය අම්මලා ගැන තමයි…....‘‘


නිරංජන් සමඟ පැය දෙකක් පමණ එයාගෙ යාළුවාගේ ගෙදර ගත කළ මා නැවත නිරංජන් ටවුමට ගෙනත් බැස්සුවේය. මම ගෙදර ගියේ හිතේ සැකෙන් කලබලයෙන්ය. කවුරු හරි….. අපි නිරංජන් ගේ යාලුවාගේ ගෙදර හිටියා දැකල තිබුනොත් කියන බයෙන්‍ය.


මම ගෙදර ගේට්ටුව ඇරගෙන වත්තට ඇතුල් වෙනකොට…..පුතා සමග වත්තේ හිටිය සෝමා,…..මාව දැක මූණ පුළුටු කරගෙන ගෙට ගියේ ඇයි දැයි මට බය සිතිනි.


‘‘ඇයි සෝමා කේන්තියෙන්.‘‘


‘‘ නෝනා කොහේද ගියේ…..මම මෙච්චර දවස් මේ ළමයා නිසා නෝනගෙ තනියට හිටියේ නෝනගෙ අම්ම වගේ…...මට නම් ඔය කොහේවත් යන ගෑනුන්ගෙන් ආයෙත් බැනුම් අහන්න බෑ නෝනා…..


"ඇයි මොකද උනේ…..මගේ හිත ගැහෙන්න පටන් ගත්තේය...

.

"අන්න නිරංජන් මහත්තයාගෙ අම්මා ආවා.... හොඳට ම කුනු වෙන්න දෙහි කපලා ගියේ. මගෙ අම්මේ …..කියපු කතන්දර …..අහන් ඉන්න ලැජ්ජයි….. නිරංජන් මහත්තයාව මෙහෙට ගෙන්න ගන්නව කියලා…බැනපු බැනිලි.…….නෝනට නම් බැන්නත් කමක් නෑ…...අනේ මේ…..උදේ හවස බුදුන් වදින වයසක මටත් බැන්නා…..කියන්න පුලුවන් ඔක්කොම ජාති කියලා….මම ජීවිතේට දැකලා නෑ...කුසුම් නෝනා..ඔය තරම් කේන්තියෙන් ඉන්නවා…..මොනව උනත් තමන්ගේ දරුවෝ වැරදි පාරේ යනකොට…..අමාරුවේ වැටෙන්න යනකොට….අම්මලාට තියෙන අමාරුව වෙන කවුරුත් දන්නෑනේ .‘‘


‘‘නැන්ද ආවා…..මගෙ අම්මේ…..‘‘


‘‘ගෙට ඇවිත් වාඩි වෙන්න කිව්වා.. ….මොන ඔය උලුවස්සේ ඉදන් පලාතටම ඇහෙන්න බැන්නේ..…..මට නවත්තන්න බැරි උනා….මම කට වහගෙන දරුවා එක්ක ගෙට වෙලා හිටියා…


"මොනවද කිව්වේ…..?


" අපි හිඟන්නො කියලා….අපිව ඒ කාලේ සත පහකට ගනන් ගත්තේ නෑ…...අපේ කොල්ලා ඒකාලේ හොද නැති වුනා උපාදියක් ගත්ත ඒජන්සෙ උත්තමාවියට….. ලොකු කුමාරිහාමි දුවව ලොකු පෝසතෙකුට බන්දලා දුන්නෙ...රට අරින්න.. ... දැන් කෝ ඒ මණමාලයා...ලැජ්ජා නැද්ද ...ගුරුවරියක් නේද….ළමෙක් ඉන්න අම්ම කෙනෙක් නේද.... අපේ කොල්ලා දැන් මෙතනට ගෙන්න ගන්නේ…..ඌ දැන් හොඳ තැනකට ඇවිත් ඉන්න හින්ද වෙන්න ඇති ගෙදරට ගෙන්න ගන්නේ...... මට ආරංචියි දින දෙක තුනක් ටි‍්‍රප් එකකුත් ගිහින් ආවා කියලා….මේ ගෙදර දින තුන හතරක්ම නවත්තගෙන තියෙනවා….සෝමා උබ තමයි ඕවට උදව් කරන්නේ......මීට පස්සෙ මගේ කොල්ලා මේ ගෙදරට ගෙන්න ගත්තොත් මම හොද වැඩක් කරනවා….කියපං උබලගෙ ඉස්කොලේ හාමිනේට…..මම ඉස්කෝලෙට ඇවිත් කියලා රස්සාවත් නැති කරනවා......එහෙම කියලා….. කුසුම් නෝනා හොඳට ම බැනල ගෙදර ගියේ.‘‘


මගේ හිත බයෙන් ගැහෙන්න විය.

නිරංජන්ගෙ අම්මා අපෙ තාත්තාගෙ නංගීය. ඔවුන් අපට වඩා අඟහිඟකම්වලින් පෙලි සිටි බැවින් අම්මා ඔවුන්ව ආශ‍්‍රය මඟ හැර දැම්මා ය. අම්මාගෙ මහන්තත්ව කමට නැන්දා මාමාව අපට වැඩිය ආශ‍්‍රය කිරීමට අපට නොදුන්නාය. නමුත් තාත්තා ඔවුන්ට කල උදව් උපකාර නිසා….ඒ කාලයේ ඔවුන් අපේ අම්මාගේ වෙනස්කම් ඉවසගෙන හිටි අයයි…..මාගේ විවාහ උත්සවයෙන් පසු ඔවුන් අපිත් සමඟ හොදටම තරහ වී සිටි අතර නැන්දත්, මාමාත් තාත්තාගෙ මළගෙදරට පැමිණ කා සමඟත් කතා නොකර ම යන්න ගියේ... අම්මාගෙ මුහුණවත් නොබලාය…... නිරංජන් දැන් හොඳ තැනකට විත් දියුණු වී ඉඳන කල අප ඔහුව ගෙට ගත්තා යැයි සෝමා සමඟ නොසෑහෙන්න මට දොස් කියා ගොස් තිබූ ඇය….. කොයිවෙලේ හෝ නැවත පැමින මට බැන හෝ ගසා යයි දැයි බියෙන් මා තැති ගැන්වී උන්නෙමි. මගේ දෑසින් කදුලු බේරෙන්න පටන් ගෙන ඇත....


‘‘නෝනා, නිරංජන් මහත්තයාගෙ අම්මා නම් කවදාවත් නෝනටයි මහත්තයාටයි එකතු වෙන්න දෙන එකක් නෑ….ඒ ගෑනි නෝනව මරයි….එහෙම නැත්නම් හෙට අනිද්දට කොඩිවිනයක් කරයි පවුලම හැදිගෑවිලා යන්න කියලා …... නෝනල හැමදාම මෙහෙම ඉන්නද හදන්නේ…... දරුවටත් හොඳ නෑනේ…. මේ විදිහට ගිහින් ඉස්කෝලෙට ආරංචි වුණොත් නෝනගෙ රස්සාවත් නැතිවෙයි…....’’

සෝමා වැඩිහිටියෙකු ලෙස මට අවවාද කරයි.


‘‘මට තේරෙන්නෙ නෑ සෝමා මොනව කරන්නද කියල….... විකුම් ආයෙත් එන එකක් නෑ කියලයි මට හිතෙන්නේ….ඒ නිසා මේ දරුවට තාත්තා කෙනෙක් ඕන නිසයි මම නිරංජන් පස්සෙන් ආපුවෙලේ…..මේ ගෙදරට ගෙන්න ගත්තේ…... අනේ මං වගේ අවාසනාවන්ත ගැහැණියක්…..දවස් කීයද මම අවුරුදු ගානකට පස්සෙ සතුටින් හිටියේ…..ඇයි දෙවියන් මටම මෙහෙම වෙන්නේ...මම පුතා බදාගෙන කෑගසා අඩන්න ගත්තේ අවුරුදු ගානක් හිතේ සගවාගෙන හිටිය දුක වේදනාව දියවී යනකම්‍ය…. . .

මං දැනගෙන හිටියා….කවදාවත් මට නිරංජන්ව කුසුම් නැන්දලාගේ කැමැත්ත ඇතුව කසාඳ බදින්න ලැබෙන එකක් නෑ කියල…... ඒත් මාත් ලෙයින් මසින් උපන් ගැහැණියක්නේ...මට කියලා ආසාවන්...නැද්ද...දැන් අවුරුදු තුනක් තිස්සේ මම හිතින් විදි වේදනාවන්…..කිසි කෙන්ක්ට මගේ දුක තේරුම් ගන්න බෑ….මං වගේ පව්කාර ගැහැනියක් …..


"නෝනා...දැන් අඩල වැඩක් නෑ….මීට පස්සෙ මේ පලාතේ නිරංජන් මහත්තයා ගෙන්න ගන්න එපා…..දැන් කොහොමද අපි රෙද්දක් ඇදගෙන මේ ගමේ පාරේ යන්නේ…. මුලු ගමටම ඇහෙන්න අර ගෑනි කෑගැහුව්වා….මොලේ කල්පනා කරලා නිරංජන් මහත්තයා එක්ක තියෙන ගනුදෙනු නවත්තලා දාන්න…..මාත් යන්න යනවා ආයෙත් අර ගෑනි මේහේ ඇවිත් කෑ ගැහුව්වොත්…..


". මං කොහොමද මූන බලාගෙන නිරංජන්ට මෙහෙ එන්න එපා කියන්නේ…..සෝමා…..’’


"එහෙනම් කෝල් කරලා කියන්න….නිරංජන් මහත්තයා බදින්න කෙල්ලෙක් ඉන්නව කිව්වා….කුසුම් නෝනා….මේ එන ජනවාරියේ කසාදේ කරනවා කියලත් කිව්වා…..නෝනට නිරංජන් මහත්තයා එක්ක තියෙන ගනුදෙනු ඔක්කොම නවත්තලා අයින් වෙන්න කිව්වා ...නිරංජන් මහත්තයගේ ජීවිතෙන්…..


නිරංජන්ගෙ අම්මා ඇවිත් සෝමා සමඟ මට බැන වැදී ගිය විස්තරය එදිනම රාතියේ මම නිරංජන්ට කිව්වේ හිතෙ තිබුන බයටමය.


"අපි දැන් මොකද කරන්නේ නිරංජන් …."

මම කියපු දේ අසා සිටි ඔහු….. කියපු දෙයින් මගෙ හිත ගල් ගැසී බයෙන් වෙව්ලුවේය…


මම මේ කෝල් එක ඔයාට ගන්නෙත්…..පාරට ඇවිත්….අපේ අම්මා සෝමට ඇවිත් බැනල ගිය එක මට ආරංච් උනා….මම ඔයගොල්ලන්ගෙ ගෙදර ආව ගිය ඒවා...දින වෙලාවන්...පැය ගානත් එක්කම මේ ගමේ කවුද අම්මට කියලා…..අම්මා මට හොදටම බැන්නා…..මම ඔයාව බැන්දොත් අම්මා තවත් ජීවත් වෙන්නෙ නෑ කිව්වා….ගගක මුහුදක පැනලා මැරෙනවා කිව්වා…...


‘‘දැන් මොනවද නිරංජන් අපි කරන්නේ…..’’


‘‘මටත් තේරෙන්නෙ නෑ. මොනව කරන්නද කියල


"ඔන්න ඔහේ අපි මේක නවත්තලා දාමු සාරදා .....මට අම්මට විරුද්ධ වෙන්නත් බෑනේ....."


"මගේ හිත ගැස්සි දුකෙන්....නිරංජන් එක්ක ඇති වුනේ කේන්තියකි.....


-හෙට හමුවෙමු -


* ප්‍රිසිලා ගොඩහේවා *

7 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page