top of page
  • Writer's picturePrisila Godahewa

💞 අමුතු දීගේ 💞 අමුතු දීගේ

💞අමුතු දීගේ 💞 අමුතු දීගේ 💞

( 22 විසි දෙවන කොටස /

🌹🌹 🎎 ජීවිතය පුදුමාකාර ලෙස වෙනස් වී ඇත.... ළමා කාලයේ පටන් එකට සෙල්ලම් කළ එකට ඇසුරු කළ අප දෙදෙනා,තරුණ කාලයේ ආදර හැගුම් හිතේ දරාගෙන..... මීට අවුරුදු තුනකට පෙර දෙමව්පියන්ගෙ කැමැත්තට ඉඩ දී දෙපසකට වුණේ දෙමව්පියන්ට ගරු කරනා හොද දරුවන් ලෙසය......ඒකාලයේ,. අප දෙදෙනා වෙන් වන කාලයේ රස්සාවක්, හරියට ඉන්න තැනක් නොතිබුණු ඔහු අද මේ වෙන විට ජීවිතය ජය ගෙන ඇත..... පරිගණක අංශයෙන් ඉහලට ගොස් හොද රැකියාවක් ලැබ ඔහු නිදහස් තැනැත්තකු ලෙස අද හිදියි ..... . මා අහිමිවීමෙන් පසු ඔහු ඔහුගේ ජීවිතය හොඳ අතකට හරවා ගෙන ඇත....... හරියට රැුකියාවක් නොතිබුණු ඔහු, ඒ නිසාම මා අහිමි කරගත් ඔහු ආත්මශක්තිය ඇතිව වැඩ කර හොඳ රැුකියාවක් ලැබ අද හොඳ තැනක ඉඳීම මට ලොකු සතුටකි...... මා නොලැබුණේ ඔහු ආදායම් නො ලබන දුප්පත් පුද්ගලයෙකුව සිටි බැවින් බව ඔහු අවබෝධ කර ගෙන ඇත..... ඒ අවබෝධ කරගැනීමත් සමඟ ඔහු ඉතා කඩිසරව ඉගෙනීමේ කටයුතු අහවර කර අද හොඳ තත්ත්වයකට පැමිණ ඔහුගේ ජීවිතය ජය ගෙන ඇත...... . රැකියාවෙන් උසස් වීමක්ද ලැබ ඔහුට වාහනයක්ද ලැබී තිබීම ඔහුගේ ආත්ම ශක්තියේ ප‍්‍රතිඵලයකි....... ඔහුට කිසිදෙයක් නො තිබුණු කාලයේ මම ඔහු හැර ගියා යැයි ඔහු ඇතුළු පවුලේ සැම සිතපු දෙය සත්‍යයකි ..... නමුත් ඔහු නැවත මා දැකීමට මා පිළිගැනීමට පැමිණ ඇත. ඔහුට මා එදා අද කියා වෙනසක් නැත. ඔහු අදටත් මට ආදරය කරයි...... . මට ද ඔහු ගැන තද ආදරයක් ඇති වුණේ දැන් ටිකකට උඩදි ....අද රෑය...... මීට ටික දිනකට ප‍්‍රථම ඔහු මුණ ගැසුණු දිනේ සිට මගේ හිතේ ඔහු ගැන පරණ තිබුණු ආදර හැඟීම ටිකෙන් ටික අලූත් වෙමින් තිබුනි..... අද දින ඔහු පුතා වඩා ගෙන ඔහු ගැන සෙවූ බැලූ ආකාරය මතක් වෙන විට මගේ අනාගතය ඔහු වෙනුවෙන් වෙන් කර යුතු යැයි දැන් සිතේ..... විකුම් ගැන මම බලා සිටිය කාලය දැන් හොදටම ඇතැයි සිතේ....... . ඔහුට කැමති දෙයක් කරගන්නට ඇර මම නිරංජන් සමඟ යෑමට සිතා ගත්තේ මිට ටික මොහොතකට පෙර ඔහු සමඟ එකට එකතු උන මොහොතේය..... අප දෙදෙනා එක් අයකු වු පසුය.... ඔව්... ඔහු මට හොදටම ගැලපෙන සහකරුවෙකි..... මම විකුම් අත් හැර ඔහු සමඟ යන්නෙමි. මම විකුම්ගෙන් දික්කසාදය පුළුවන් ඉක්මණට ඉල්ලා නඩුවක් දමන්නෙමි..


ජීවිතය පුදුමාකාරය. නිරංජන් හා මම, නෑනා මස්සිනා වන්නෙමු.....මීට ප්‍රතම අපට එකට ජීවත්වන්ට වරම් නො ලැබුණි. දෙමව්පියන්ගෙ කැමැත්තට ඉඩ දී දෙපසකට වුණු අප දෙදෙනා අද දින නැවත සිතින්....මෙන්ම ගතින්ද එක්තැන් වුයෙමු..... පුතාගෙත් මගෙත් අප දෙදෙනාගේ අනාගතය ගැන මම මීට පසු සිතිය යුතුයි..... මගේ පුතාට තාත්තා කෙනෙකු අවශ්‍යය ...... ඔහු පුතාට ගොඩක් ආදරය කරයි...... ඔහු මගෙ පුතාට හොඳ තාත්තා කෙනකු වෙනු ඇත .මාගේ පුංචි කාලයේ පටන් මම ඔහු හොඳින් අඳුනමි...... ඔහු කවදත් මගේ දුක සැප සොයා බලපු හොඳ යහළුවෙක් ,හොඳ මස්සිනා කෙනෙකු, හා සහෝදරයෙකු විය...... මට ඔහුත් සමඟ මගේ ඉදිරි කාලය යා හැකි බව මම දනිමි...... මම දැඩි තීරණයකට එළඹ විකුම්ගෙන් දික්කසාඳ වන්නට සිතට ගත්තෙමි.

නොයෙකුත් දේ සිතමින් සිටි මට නින්ද ගියේ හොඳට ම එළිවෙලා ය.


මම උදේ නැගිටුන ගමන් බැලූවේ පුතා දෙස ය. ඔහු හොඳට ම නිදිය. මම අත තියා ඔහුගේ නළල, බෙල්ල රස්නෙදැයි බැලූවෙමි...... මට සතුටු සිතිනි. පසුගිය දින රෑ දුන් බෙහෙත්වලට ඔහුට උණ හොඳට ම බැස ගොස් ය. මම විගහට කුස්සියට ගොස් ඔහුට කිරි එකක් සාදා ගෙනවිත් පෙව්වෙමි...... ඔහු නින්දෙන් ම කිරි බෝතලය බී අනිත් පැත්ත හැරී තව නිදන්න පටන් ගත්තේ ය.


නිරංජන් මොනව කරනවා ද?..... තවම නිදි ද?.. ඔහු ගැන මතක් වී මට ලැජ්ජාවක් හා ආසාවක්ද ඇති විය....... ඔහු මොනවද කරන්නෙ කියා ඔහුගේ කාමරයට ගොස් එබී බැලූවෙමි.


ඔහු තවම හොදටම නිදි..... පව්. මම පහුගිය කාලයේ කොයිතරම් නම් දුකක් ඔහුට දුන්නාද?...... මගේ විවාහය ඔහුට කොයිතරම් දුකක් දෙන්නට ඇද්ද? ........තවත් නම් මං ඔහුට දුක් නොදෙමි. මම හෙමිහට ගොස් ඔහුගේ ඇඳේ කෙලවරින් ඇල වුණෙමි....... මා ඔහු ලඟට ආ බව දැනී ඔහු මගේ ඇග උඩින් අතක් දමා මාව ඔහුගේ ඇඟට තද කරගත්තේ භාගෙට නින්දෙන්මය.


‘‘පුතාට සනීප ද?’’ ඔහු නින්දෙන්ම ඇසීය.


‘‘ඔයා නිදි නැද්ද? මං හිතුවේ නිදි කියල. පුතාගෙ උණ බැහැල. මං ඔයාට තේ හදන්නද?’’


‘‘එපා මෙහෙම ඉන්න.‘‘ ඔහු මාව තවත් ඇද , ඇඟට තද කරගත්තේ ය.


‘‘අද ඉරිදානේ... අම්මා ගෙදර ආවේ නැත්තෙ ඇයි කියල බලනව ඇති.‘‘


‘‘අම්ම දන්නවා රෑ වුණා ම මං යාළුවන්ගෙ ගෙවල් වල නැවතිලා ඉඳල එනව කියලා.‘‘


‘‘අනේ... අනේ... මේ වගේ තව ගෙවල්වල නැවතිලා ඉන්නවද දන්නෑ.‘‘


‘‘එහෙම ද හිතන්නෙ, මං ගැන.‘‘


‘‘නෑ... නෑ... නිකං කිව්වේ.‘‘


‘‘මං කොච්චර ඔයා ගැන බලාපොරොත්තු තියාගෙන හිටිය ද? ඔයා අම්මලා කියපු දේට කැමති වෙලා විකුම්ව කසාඳ බැන්ඳනේ.‘‘


‘‘ඒ උනාට කවදාවත් ඔයා මට ආදරෙයි කියලා කිව්වේ නෑනේ.‘‘


‘‘ඒ උනාට ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙන්න එපෑ......‘‘


‘‘හරි....... දැන් ගිය දෙවල් ගියා. අපි දැන් මොකද කරන්නේ..... මට නම් දැන් ආයෙත් විකුම් එක්ක යන්න බෑ. මං අවුරුදු තුනක් එයාට අවංකව හිටියා. ඒත් ඊයේ රැයින් ඒ හැමදෙයක් ම ඉවර උනා..... එයාගෙ වැරැුද්ද නිසයි මං මේ තත්වෙට පත් වුණේ....... ඔයා තාම කොල්ලෙක්. මං කසාඳ බැඳල ළමයෙක් ඉන්න කෙනෙක්...... ඔයාගෙ අම්මලා දැනගත්තොත් ඔයා මෙහේ ආවා කියල මට හොඳට ම බනියි.‘‘


‘‘අපි දෙන්නා බඳිමු. ඔයා විකුම්ගෙන් දික්කසාඳ වෙන්න.‘‘


‘‘එතකොට ඔයගොල්ලන්ගෙ අම්මලා මට මොනව කියයි ද?‘‘


‘‘බලමුකෝ එතකොට.‘‘


‘‘අනේ මන්ද? කුසුම නැන්ද මට මොනව කරයි ද දන්නෑ. අනික මං ඔයා එක්ක මේ විදිහට ඉන්නව කියල දැනගත්තොත් ඉස්කෝලෙ අය මොනව කියයිද දන්නෑ. මං ගුරුවරියක්....... මේ වගේ දේවල් දැනගත්තොත් මාව ඉස්කෝලෙන් අස් කරයි ද දන්නෙත් නෑ.....‘‘


‘‘හරි... හරි.. අපි දැන් ඒවා අමතක කරමුකෝ.‘‘ ඔහු මාව ඇඳේ පෙරලගෙන නැවතත් තදින් සිප ගන්න පටන් ගත්තේ ය.


නිරංජන් එදින අපේ ගෙදරින් උදේටයි, දවල්ටයි දෙකට ම කෑම කාලා...... හවස් වෙලායි ගෙදර ගියේ..... මගේ හිත සතුටින් පිරි ඉතිරි යයි. මගේ අතින් ම උයල ඔහුට කන්න දෙන්න ලැබුණ මුල් ම වතාව මෙයයි...... මං කෑම උයල දෙනකම් ඔහු කුස්සියෙ වාඩිවෙලා මා සමග‘ කතා කරයි...... පුතාව ද වඩා ගෙන ඔහු සමඟ සෙල්ලම් කරමින්....., නිරංජන් ද සතුටින් ගත කරන හැටි දැක්කහම, මම ප‍්‍රාර්ථනා කරපු ජීවිතය මේය නේද කියා මට සිතේ......


විකුම්ව කසාඳ බැන්ඳට මට කවදාවත් විකුම් සමඟ මේ විදිහට එක දිනක් ගත කරන්න ලැබුණෙ නැත...... . අනේ මට නිරංජන් එක්ක මේ විදිහට එකම පවුලක් විදිහට හැමදාම ජීවත් වෙන්න ඇත්නම්. මං කොයිතරම් වාසනාවන්ත වෙයිද ?.


‘‘අපි දවස් දෙක තුනක් කොහේ හරි ටි‍්‍රප් එකක් යමු ද?‘‘


‘ අනේ යමුකෝ.......මට ටි‍්‍රප් එකක් ගිය කාලයක් මතක නෑ........‘‘


‘‘කවද්ද ආයෙත් සෝමා එන්නෙ......‘‘


‘‘සෝමා එන්නෙ තව සුමානෙකින්....එන ඉරිදට එයි.....‘‘


‘‘එහෙනම් මම ඔෆිස් එකේ දවස් තුනක නිවාඩුවක් දාන්නම්.. ... අපි තුන්දෙනා කොහේ හරි ටි‍්‍රප් එකක් යමු.... මගේ කාර් එකත් තියෙනවනේ........‘‘

‘‘අනේ මට හරි ආසයි. කොහේ හරි කමක් නෑ...... සෝමත් නැති එකේ මට තනියම පුතත් එක්ක ගෙදර ඉන්නත් කැම්මැලි තරම්......‘‘


‘‘මං එහෙනම් දැන් ගෙදර ගිහින් අම්මටත් කියල යාළුවොත් එක්ක පුංචි ටි‍්‍රප් එකක් යනව කියලා ඇඳුම් ටිකකුත් ඇරගෙන රෑ වෙලා එන්නම්.‘‘


‘‘අද රෑටත් ඔයා මෙහේ ඉන්නවද?’’ මම සතුටින් ඇසීමි.


‘‘දැන් ඉතිං... තනියම නිදාගන්න බැරි වෙයි.......‘‘ ඔහු ඇස් අඩවන් කර කපටි ලෙස මං දෙස බලමින් කීය.


ඔහුගේ ඇගේ දැවටෙමින් මම සිටියෙද පුංචි කෙල්ලෙක් ගානටය.... .

ජීවිතේ සතුටින් පිරී ඇත. නිරංජන්ගේ ආදර කතා බහ උණුසුම් සිප වැළඳ ගැනීම් මම ප‍්‍රබෝධමත් වී ඇත...... මගේ හිත සතුටින් ඉපිලෙමින් ඇත. අනේ ඔහු සමඟ කොහේ හරි ඈතක යන්න ලැබෙන එක කොයිතරම් නම් දෙයක්ද?. .


‘‘මං එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔයාගෙයි, පුතාගෙයි ඇඳුම් එහෙම ලෑස්ති කරගෙන තියාගන්න...... අපි හෙට උදෙන් ම යමු. මං කොහේද යන්නෙ කියල ටිකක් හොයල බලන්නම්....... හොටෙල් එකක් නවතින්න දාගන්නත් ඕනේ..... කෝකටත් ඔයා ඇඳුම් ලෑස්ති කරගන්න. පුතාට ඕන කරන කිරි පිටි එහෙමත් ගන්න...... ‘‘


" හොදයි ...හෙට දවල්ට කන්න මං කෑමත් උයාගන්න ද.....?‘‘


‘‘අපට මඟින් ගන්නත් පුළුවන්. ඔයා ආසනම්, කරදරයක් නැත්නම් මොනව හරි හදාගන්න...... මඟදි අපට කන්න ගන්න පුළුවන්.‘‘


‘‘හොඳයි ඔයා එහෙනම් පරිස්සමින් ගිහින් එන්න.‘‘


නිරංජන් මගේ ඉනවටා අත දමා මගේ මූන ඉඹ ගෙයින් එළියට බැස ගියේ ය.


මගේ හිත සතුටින් පිරී ඇති එක ගැන කියන්න වචන නැත...... මම ඉක්මණට කාමරයට ගොස් මගෙයි, පුතාගෙයි හෙට ගෙනියන්න ඕන ඇඳුම් ලෑස්ති කර බෑග් දෙකකට අසුරා ගත්තෙමි...... ඉන්පසු පුතාගෙ කිරි පිටි බිස්කට් වර්ග ද පෙට්ටියකට අසුරා ගත්තෙමි...... පසුදිනට ගෙනිය්න අවශ්‍ය කෑම බීම ද රෑටම හදල තියෙනවා කියල හිතාගෙන, ඒවත් ලෑස්ති කරේ නිරංජන් ආපසු එන්නට ප‍්‍රථම ය.

විනෝද ගමන යන්න අවශ්‍ය සියලූ දෑ ලෑස්ති කර ගෙදර ද අස්පස් කර උයා පිහා ඉවර කළෙමි...... නිරංජන් එන්නට ප‍්‍රථම පුතාවත් සෝදා මාත් නාගෙන ලස්සන ඇඳුමක් ඇඳ ගත්තෙ නිරංජන්ව ආයෙත් පිළිගන්නටය...... මං තරුණ කෙල්ලෙක් මෙන් හැඩ වැඩ වෙන්නේ නිරංජන්ට පේන්න යැයි සිතී මට ම හිනා යයි.......

නිරංජන් ගෙදර ආවේ හතත් පසු වු පසුය..


‘‘ඇයි පරක්කු වුණේ.‘‘


‘‘අම්මව පන්සල් එක්ක ගිහින් ගෙදරට බස්සලත් එන්න වුණා.‘‘


‘‘ඇහුව්වෙ නැද්ද අම්මා රෑට යන්නෙ ඇයි කියල.‘‘


‘‘මොකද නැත්තේ. මං කිව්වා උදේ පාන්දර ම ට්‍රිප් එක යන නිසා යාළුවන් ඔක්කොම එක ගෙදර ම හිටිය ම ලේසියි කියල......‘‘


‘‘එහෙනම් මං හින්දා අම්මට බොරුත් කියන්න පටන් ගත්තා.‘‘


‘‘ආදරේ කරන කොට එහෙම තමයි.‘‘ ඔහු මගේ බඳ වටේ අත දා තුරුළු කරගෙන නළල සිම්බාය.


‘‘අද හරි ලස්සනයි. නෑව ද තව ම කොණ්ඩෙ තෙතයි.‘‘


‘‘ඔව්... හෙට ගෙනියන ඒවත් ලෑස්ති කරල, රෑට කන්න උයලා දැන් තමයි නා ගත්තේ.‘‘


‘‘මටත් බඩගිනියි, මාත් වොෂ් එකක් දාගෙන එන්නම්.‘‘


‘‘හා.. මං මේ දැන් පුතාට කෑම කවල ඉවර වුණේ. එයාවත් නිදි කරලා එන්නම්.‘‘


‘‘ඔව් ඒක හොඳයි. අපි දෙන්නටත් රෑට වැඩ තියෙනවනේ.‘‘


‘‘අනේ... අනේ.. හරියට නරක් වෙලා......‘‘ මං බොරු කෝපයක් පෙන්වා පුතාවත් වඩා ගෙන කාමරයට ගියේ ඉක්මණට පුතාව නිදි කරලා නිරංජන්ගේ තුරුලට යන්නයි....... පුතාට තාම කිසිදෙයක් නොතේරෙන වයසක ඉන්න නිසා හොඳයි . ඒ නිසා අපි දෙන්නට ඕන ලෙස හැසිරෙන්න පුළුවන් වී ඇත.


සෝමා ගමේ ගිහින් තිබුණ එක ඊටත් වඩා හොඳට ගියාය...... සෝමා ගමේ ගිහින් ආවට පස්සේ ඉතිං මට නිරංජන්ව ගෙදර රෑට නවත්ත ගන්න බෑරි වෙයි...... ඒ වුණාට මං විකුම්ගෙන් දික්කසාඳ වෙලා නිරංජන්ව කසාඳ බඳින එක සෝමට කිය යුතුයි.... .. මායි, සෝමයි හරියට යාළුවෝ දෙදෙනක් වගේ. මගේ හැම දෙයක් ම මං යාළුවෙක්ට කියනව වගේ කියන්නෙ සෝමාටය.... සෝමත් ඒවා අහගෙන ඉඳලා මට උපදෙස් දෙන්නෙ අම්ම කෙනෙක්, යාළුවෙක් වගේය.... මට ඉන්න හොඳ ම යාළුවා සෝමායි. සෝමාට මම කියනවා. මං නිරංජන්ව කසාඳ බඳින්න කැමති බව.......


‘‘පුතා නිදා ගත්තා ......අපි එහෙනම් කෑම කමු ද.....?’’


‘‘ඔව්... කමු... කමු මට බඩගිනියි.‘‘


හින්දපු මිරිස් මාළු, පරිප්පු හින්දලා, පොල් සම්බෝලයක් , බිත්තර හොද්දක් ,හදලා පපඩම් බැඳල මං උයා තිබූ කෑම නිරංජන් රස කරමින් කන හැටි මං බලා හිටියේ සතුටිනි.


‘‘මං අපි දෙන්නට දවල්ට කන්න බත් මුල් දෙකක් බැඳ ගන්නම් හෙට උදේට,..... උදේට කන්න සීනිසම්බෝල සමඟ පාන් ටිකක් හදා ගන්නම් ඇති නේද?’’


‘‘ඇති ප්ලේන්ටි බෝතලයකුත් දාගන්න. පුතාට බොන්න කිරි එහෙම ලෑස්ති කරගන්න.‘‘


‘‘අපි අද ඉක්මණට නිදා ගමු. උදේ හතරවෙන කොට ගියොත් අපට වේලාසන නුවරඑළියට යන්න පුළුවන්.‘‘


‘‘අපි නුවරඑළි ද යන්නෙ...... අනේ හරිම ෂෝක් මං පුංචි කාලේ ගියාට පස්සෙ නුවරඑළි ගිහින් නෑ.......‘‘


‘‘එහෙනම් ඔයා කුස්සිය අස්කරල එන්න... . මං වාහනේ ටිකක් අස් කරල ලෑස්ති කරල එන්නම්.‘‘


‘‘හොඳයි...‘‘


මං විගහට කුස්සිය අස් කරලා ගෙවල් දොරවල් ද අස්කර ඇඟ පත හෝදා ගෙන දුහුල් නයිටියක් ඇඳ ගත්තේ නිරංජන්ට මාව දැක ආස හිතෙන ලෙස ය....... මම නිරංජන්ව මගේ පැත්තට හරවා ගන්නට උත්සහ ගන්නවා යැයි මට ම සිතේ....... විකුම් මාව අතහැර දමන්න යන බව දැන ගෙන මම හෙමිහිට නිරංජන්ට ලංවෙන්නේ මගේ අනාගතය සාදා ගැනීමටය...... නිරංජන් මං ගැන පිස්සුවෙන් සිටින බව මම දනීමි..... මම තව ම විසිහත් වෙනි වියේ පසුවන්නෙක්මි. නිරංජන් මට වඩා අවුරුද්දක් වැඩිමහල්ය........ යන්තම් තරුණ වියට එළඹෙන වයසේ දී මට නිරංජන් ගැන පුංචි ආදර හැඟීමක් ඇතුව සිටියෙමි. එය එසේ තිබිය දී ම මම විකුම් කසාඳ බැන්ඳේ මගේ ඉදිරි අනාගතය හොඳින් ගෙවා දැමීමටය....... නමුත් මං සිතපු හැටි වැරදි ය. ඔහු මාව කසාඳ බැඳ හෙමිහිට පැත්තකට කර දමා ඔහුගේ ගමන ඔහු තනිව ගියේය...... සමහරවිට විකුම්ට එහි වෙන යාළු ගෑණු ළමයෙක් ඉන්නවා වෙන්න බැරි නැත. අම්මලා සනසන්න ඔහු මාව කසාද බදින්න ඇත......ඒ නිසා වෙන්න ඇති ඔහු මාව මඟ අරින්නේ ..... මම දැන් මගේ ගැන බලා ගත යුතුය. නිරංජන් මාව හොයා ගෙන ආවෙලේ ඔහු සමඟ ම මම යා යුතු යි....... හේතුව මගෙත්, පුතාගෙත් අනාගතය ඇත්තේ ඔහු අතය....


මගේ දිගු කොණ්ඩය පීරා ගැට හැර එය බැඳගත් මම අතපයේ ක‍්‍රීම් ගාගත්තේ වෙනදා පුරුද්දටය. සුවඳ විළවුන් ටිකක් ද කන දෙපැත්තෙ ගා ගත් මම පුතාගෙ කාමරයට ගොස් ඔහු නිදි ද බලා මදුරු දැලත් සකස් කර නිරංජන්ට නිදාගන්න ලෑස්ති කර තිබූ කාමරයට ගියෙමි.


‘‘අම්මේ සුවඳ... ඔය නයිටියට ඔයා හරි හැඩයිනේ.....මේ න්‍යිටි මොකටද.....අපි දෙන්නා විතරනේ ඉන්නේ .......‘‘ නිරංජන් මාව බදා ගත්තේ ය.


‘‘අද ඉක්මණට නිදාගන්න ඕනේ... හෙට උදෙන් ම නැගිටින්න ඕනනේ.......‘‘

‘‘හරි... හරි... ඉතිං නිදාගමු.‘‘


නිරංජන් එක අතක් මගේ කරවටා දාගෙන අනිත් අතින් කාමරයේ ලයිට් එක නිවා දම්මේය........ මා මේ ගත කරන්නෙ මගේ තවත් හනිමුන් කාලයක් යැයි මට සිතේ....... හිතගත දෙක ම සතුටින් උදම්ව ඇත.... අවුරුදු තුනක් පුරා සැඟව තිබූ ,නිදිගෙන තිබූ මගේ හැඟීම් ආශාවන් උත්සන්නව ඇත...... මම දරුවෙක් සිටින මවක් බවවත්, මම ගුරුවරියක් බවවත් මට මතක නැත...... නිරංජන්ගෙ උනුසුම් හාදු මැද ඔහුට තුරුල් උනේ පුදුම සතුටිනි .

උදේ පාන්දර නැගිට නුවරඑළි ගෙනියන්න, රෑඋයා තැබූ කෑම පාර්සල් දෙකකට බැඳ, උදේට කන්න සීනිසම්බෝල පාන්ද තේ වතුර බෝතලයට තේත්, පුතාට කිරිද හදන්න අවශ්‍ය දේවල් ද සාදා ලෑස්ති කර මම නිරංජන් ඇහැරුවෙමි.


‘‘ආ... තුනහමාරයි නේද? මම ඉක්මණට ලෑස්ති වෙන්නම්. ඔයත්, පුතත් එක්ක ලෑස්ති වෙන්න. අපි යන ගමන් උදේට කමු. පුතා නිදි නම් ඒ විදිහට ම ඇරගන්න. මඟ දි එයොගෙ ඇඳුම් මාරු කරගන්න පුළුවන්......‘‘


අප තුන්දෙනා නුවරඑළිය බලා උදේ හතර වෙනකොට ගෙදරින් පිට විය. එළිය වැටී ගෙන එනකොට නුවර පාර දිගේ ඇදී යන අපේ වාහනයෙන් එළිය බලාගෙන මම සිටියේ සතුට දෝරේ ගලා යද්දීය...... මම මෙලෙස විකුම් සමඟ ද අපේ හනිමුන් ගමන ගත කරන්න ගිය හැටි මට මතක් වෙයි..... එදා අපට මීට වඩා නිදහස තිබිණ.... ඒ පුතා නොසිටි නිසාය., පුතා මගේ අතේ තාම නිදි ය..... නිරංජන් වාහනය පදවයි.


‘‘තව ටික දුරක් ගිහින් වාහනය නවත්වලා අපි උදේ ට කමු.‘‘


‘‘ඔව්.. එතකොට පුතාටත් මොනවහරි කවාගන්න පුලුවන් .‘‘


‘‘ඔයා පුතාට කන්න දේවල් ගෙනාවද?’’


‘ඔව්... මම හැමදෙයක් ම ලෑස්ති කරගෙන ආවා.‘‘


‘‘අපට දවල් දෙක තුනවෙනකොට නුවරඑළියට යන්න පුළුවන්. ඔයා පුතාටයි, ඔයාටයි සීතලට අදින්න ජැකට් ගත්ත ද?’’


‘‘ඔව්... ඔව්... හැමදෙයක් ම ගත්තා.‘‘

දවල් දෙක තුන වෙනකොට අපට නුවරඑළියට යන්න පුළුවන් විය. යන පාර දෙපැත්තෙ ඇති තේ වතු, එළවලූ වතු, වංගු, පාරවල්, මීදුම ගලා හැලෙන දියඇලි පාස් කර අප නුවරඑළියට එන විට පොඩි මහන්සියක් ද ගතට දැනුණත් හිත සතුටින් පිරී ඇත.


නිරංජන් අපට බුක් කර වෙන්කර කර තිබූ හෝටල් කාමරයට අපි ආවේ සතුට ඉතිරෙමිනි. පුතා මහන්සියට තාම නිදිය. ඔහුගෙන් අපට කරදරයක් නැත..... ඔහුට කන්න බොන්න දුන් විට ඔහු ටික වේලාවක් සෙල්ලම් කරමින් ඉඳ නිදා ගනියි.. මටත්, නිරංජන්ටත් ඒ නිසා අපේ විනෝද ගමන උපරිමයෙන් ම විඳින්න හැකි විය.


‘‘හරිම ලස්සන පැත්තක්. මට මෙහේ නවතින්න හිතෙනවා.‘‘


‘‘ඔයා නවතින්න. මට නම් වැඩට යන්න තියෙනවා.‘‘


නිරංජන්ගෙ තරුණ පෙනුම, උණුසුම් ආදර කතාබහ මගේ හිත පිරී ඇත. කාලයකට පසු මම සතුටින් උදම්ව ඇත.


‘‘සතුටින් හිටියට අපි මොනවත් ෆැමිලි ප්ලෑනින් එක්කවත් කරගත්තෙ නෑ. මට බයත් එක්ක.‘‘


‘‘මොකට බය වෙනවද? අපි දෙන්න පුළුවන් ඉක්මණට කසාඳ බඳිමු.‘‘


‘‘දික්කසාදය ගන්න එපැයි....අයියට පුලුවන් ඉක්මනට, විකුම්ගේ අම්මට කතා කරලා දික්කසාදය ඇරන් දෙන්න කියන්න ඕනේ ...... .‘‘


"ඔයා ඉස්කෝලෙන් පිට පලාතකට මාරුවක් පුලුවන් ඉක්මනට හදා ගන්න බලන්න ....එහෙම උනොත් අපට ඩිවෝස් එක හම්බවෙනකම් වෙනම ඉන්න පුලුවන් .....


"මම කාලයක ඉදන් හිතාගෙන ඉන්නේ.... අපේ මහ ගෙදර විකුනලා නුවරට මාරුවක් ගන්න....


ඒක නම් හොද අදහස.....මටත් අපේ ඔෆිස් එකේ නුවර බ්‍රරන්ච් එකට මාරුවක් ඉල්ල ගන්න පුලුවන් වෙයි.......එහෙම උනොත් මේ පලාතෙන් ගිහින් අපේ අම්මලාටත් පේන්නෙ නැති වෙන්න ඉන්න පුලුවන් ......


"ඔයාට දුක නැද්ද නැන්දා දාලා මාත් එක්ක එන්න...."


"ටික කාලයකටනේ....ළමෙක් දෙන්නෙක් හැදෙනකොට අම්මලා කැමති වෙයි....."


එහෙනම් මම නුවරට ට්‍රන්ස්සර් එක දැම්මම ඇප්ලයි කරන්නම්.....අයියට කියලා මහ ගේ පත්තරේ දාලා විකුන ගන්න බලන්නමි.....එහෙම හොදයි නේද.....?


"නුවර ගියොත් අපේ අම්මලා ආයියලා ඉන්න නිසා .....ඒගොල්ලන් අපි ගැන බලයි....දැන් නම් අම්මා ඔයාට කැමති වෙයි....


"එහෙම හොදයි ......අපි ඩිවොස් එක ලැබෙනකම් වෙනම ඉමු.....කවුරුත් දන්නෙ නෑනේ...අපි බැදලා නෑ කියලා ....විකුම් මේ රටේ නැති නිසා අපට ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ....


දවස් දෙකක් නුවරඑළියෙ විවේකයෙන්, විනෝදයෙන් ගත කළ අප කොළඹ ආවේ නිරංජන්ට වැඩට යන්න තිබුණ නිසයි. මම කාලයකට පසු ගත කළ විනෝද ගමන උපරිමයෙන් සිතින් ගතින් වින්දෙමි.


-හෙට හමුවෙමු -.

*ප්‍රිසිලා ගොඩහේවා *

52 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page