top of page
  • Writer's picturePrisila Godahewa

💞 අමුතු දීගේ 💞 අමුතු දීගේ

( 21 වන කොටස )



🌹🌹පුතාව වඩාගෙන ගෙට ඇතුල් උන නිරංජන් මගේ මූන දෙස බලා.....


‘‘කොහේද පුතා ඉන්න කාමරය….’’


කියා හෙමිහිට ඇසුවේ පුතාට ඇහැරෙයි කියා බයෙන් වගේ...


මම අතින් මගෙත් පුතාගෙත් කාමරය පෙන්විය.


හෙමිහිට පුතාව කාමරයට ගෙන ගිය ඔහු පුතාව නොඇහැරෙන ලෙස සීරුවට ඇදේ තබා ලඟ තිබුන රෙද්දෙන් ඔහුගෙ ඇඟත් වසා දමා ඇදට උඩින් එල්ලෙන මදුරු දැල ඇද වටා දැම්මෙ මම ලග ඉදියදීමය.


මම ඒ දෙස බලා සිටියේ පුදුමයෙන්...හරියට පුංචි දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් ගානට නිරංජන් හැසිරෙන ආකාරය ගැන මට දුකත් සිතිනි..... ඉන් පසු කතා නොකරම අපි දෙන්නා කාමරයෙන් එළියට ආවේ පුතු ඇහැරෙයි කියා බයටය.


‘‘පුතාට කිරි බෝතලයක්වත් හදල පොවන්න සාරදා….. ඩොක්ට ගාව දී බෙහෙත් දුන්න නිසා ආයිත් රෑට බෙහෙත් දෙන්න එපා කිව්වනේ...ඔහොමම පුතාට නින්ද යයි...දැන් උණ බැහැලා නිසා ....’’ඔහු කීවේ දරුවාගේ තාත්තා ලෙසය.


“ඔව් මම පුතාට කිරි එකක් හදාගෙන එන්නම්…...‘ඔයාට බඩගිනියි කිව්වනේ... කාල ඉන්න නිරංජන් අයියේ....’’


‘‘ඔයා වොෂ් එකක් දාගෙන එන්න සාරදා ... පුතා ඔයාගෙ ඇගේ වමනෙත් දැම්මනේ….. අපි දෙන්නම එකටම කමු.’’


මම නාන කාමරයට ගොස් ඇඟ සෝදා අලූත් ඇඳුමක් දාගත්තෙ හවස පුතා ඩිස්පැන්සරියේදි මගේ ඇගේ වමනය කර තිබු බැවිනි. …..මම ඇග සෝදා ගෙන එනවිට නිරංජන් මැද සාලයේ වාඩිවී ටෙලිවිෂනය නරබමින් උන්නේය.


‘‘එන්න අයියා කන්න …. ඔයාට බඩගිනියි කිව්වනේ. මම සමහර වෙලාවට ඔහුට, නිරංජන් කියමි...සමහර වෙලාවට නිරංජන් අයියා කියමි....වැඩි ආදරයක් ඇති උන වෙලාවට අයියා කියමි....හැබැයි පොඩි කාලේ සිට ඔහු මට සාරදා කියා විතරක් කියයි.


"මට නම් තාම බඩගිනි නෑ..... පුතා අසනීප උන නිසා මම හොදටම බය වෙලා උන්නේ….. හොද වෙලාවට ඔයා ආවේ....අද සෝමා නැතුව මම පළවෙනි පාරට ඩොක්ටර් ගාවට පුතා ඇරගෙන ගියේ.....හොද වෙලාවට ඔයා හම්බුනේ...... බෙහෙත් ගත්ත නිසා දැන් නම් හිතට හොදයි……. ."


"දැන් හොදටම උන බැහැලානේ..... බයවෙන්න දෙයක් නෑ...." නිරංජන් කීය.


සාලේ කෑම මේසය උඩ තිබුනු කොත්තු පැකට් දෙක පිගන් දෙකක් ගෙන එහු උඩින් තියා මම එක පිගානක් සහ වතුර වීදුරුවක් නිරංජන් ලගින් තිබ්බෙමි..... මේ විදිහට අපි පොඩි කාලේ අයියලා ඔක්කොම එක්ක එකතු උන වෙලාවට අපට කාලා පුරුදුය.....


අප දෙදෙනාගේ සද්දෙට පුතා ඇහැරෙයි කියා බයේ අපි හෙමිහිට කතා බහ කරමින් කෑම කෑවේමු....


කෑම කන අතරෙත් කෙලින් ම මගේ ඇස් දෙක දිහාම බලා කතා කරමින් නිරංජන් මාව අපහසුවට පත් කරයි…. ඔහුගේ දැසින් පිටවෙන අමුතුම කාන්තිය මගේ හිත ගැහෙන්නට විය.


‘‘ දැන් මොකද වෙන්නේ සාරදා….මම ඔයාගෙන් අහන්නම කියලා හිතාගෙන හිටියේ….විකුම් ලඟදි එනවද නැද්ද….? එහෙම නැත්නම් වෙන ප්‍රශ්නයක්ද..?….. සාරදා.’’


‘‘එන එකක් නෑ වගේ….


"ඒ කිව්වේ….?


"එයා කාලෙකින් මට කතා කලෙත් නෑ.... ඇයි දන්නෑ.. එයා වෙනස් උනේ…. පුතාව බලන්න එක පාරක් වත් ආවෙ නෑනේ…


"ඉතිං අම්මලා හොයල බැලුවේ නැද්ද ...?


"ඉන්න තැනක්වත් කියල එවන්නෙ නෑනේ...රානි ඇන්ටිත් සද්ද නැතුවම කැනඩා ගිහිල්ලා....එයාගෙන් තමයි විකුම් ගැන දැන ගන්න පුලුවන් ....අයියා හොයලා බලන්නම් කිව්වා....කොහොමත් මම එයාගෙන් ඩිවොස් වෙනවා....මට මේ අවුරුදු තුනට හැම දෙයක්ම එපා වෙලා ඉන්නේ....."


"ඉතිං ඔයා එයා එන්නැත්නම්...තනියම ඉන්න එකේ තේරුමක් නෑනේ…. ඒකට පිලියමක් හොයා ගන්න එපෑ…..


"අයියා කිව්වා එයාට කතා කරලා මට ඩිවෝස් එක දෙන්න කියනවා කියලා….. අයියා නම් කිව්වේ ලොකු වන්දියකුත් ඉල්ලන්න කියලා….ප්‍රශ්නේ...එයාගේ ෆොන් නම්බර් එකවත් අපි ලග නෑනේ...එයා කැනඩාවට ගිහින් හැඩයි….රානි ඇන්ටිගේ නම්බර් එකවත් අපි ලග නෑ...අයියා නම්බර් එක කොහොම හරි හොයාගෙන කතා කරලා බලන්නම් කිව්වා...’’


‘‘ඇත්තට ඇයි මට මේ දේවල් නොකිව්වේ….. ඒත් මට හිතුනා. මොකක් හරි ප‍්‍රශ්නයක් ද කියල ඔයා තනියම මෙහේ ඉන්නේ…..’’


‘‘මොනව කරන්නද මගෙයි පුතාගෙයි පව…..’’


‘‘එහෙම කියන්නත් එපා සාරදා..... ඔයා තාමත් තරුනයි. ඔයාට ආයෙත් කසාද බදින්න පුලුවන්නේ…."


"ළමෙක් ඉන්න මාව කවුරු බදින්නද…?


"එහෙම කියන්න එපා...මම ඔයාව දන්නේ පොඩි කාලේ ඉදන්….මට දුකයි ඔයා ගැන..මම තවමත් ඔයාට ආදරෙයි….ඒකයි මම ඔයාව ආයෙත් හම්බුනාට පස්සෙ නිතර හම්බවෙන්න ආවේ…...මං නම් තවමත් ඔයාට කැමතියි...ඔයාව මැරි කරන්න කැමතියි…... අපේ අම්ම තමයි ප‍්‍රශ්නය....’’


‘‘ඔයා මං ගැන කරදර වෙන්න එපා…. ඔයාට හොඳ කෙනෙක් අම්මලා හොයලා දීලනේ තියෙන්නෙ.. ඔයා එයාව කසාඳ බැදලා සතුටින් ඉන්න….මම ගැන වද වෙන්න එපා...”


“දැන් ඒ යාලුකම නෑ”


“ඒ ඇයි “


“මගෙ හිතේ කොහොමත් එයාට එච්චර කැමත්තක් තිබුනෙ නෑ…..එදා මගුල් ගෙදර දවසේ ඔයා හම්බුනාට පස්සේ මට ආයෙත් ඔයා ගැන හිතේ තුබුන ආදරේ අලුත් උනා…...දැන්නම් ඔයාව ආයෙත් අත අරින්න වෙයි කියලා මට බයයි….

මම තවමත් ඔයාට කැමතියි සාරදා….. ඔයා විකුම් ගෙන් පුලුවන් ඉක්මනට ඩිවෝස් වෙලා එන්න…. . අපි ඊට පස්සෙ බදිමු…...මගෙ හිත ගැහෙන්න විය.


""ඔයා කැමති උනාට නැන්දලා නම් මට පොඩ්ඩක් වත් කැමති වෙන එකක් නෑ…... ඔයා එක පාරක් කසාද බැදලා ලමයෙකුත් ඉන්න ගෑනියෙක් බදිනවාට" මම කීය.


‘‘ ඒක හරි...මුලින් අකමැති වෙයි...... කොයි අම්මත් කැමති නෑනේ බැදලා ලමෙක් ඉන්න කෙනෙක් තමන්ගෙ පුතා බදිනවාට….. අපට පුලුවන් බැදලා ටික කලයක් කොහේ හරි ඈතක ගිහින් ඉන්න….ටික කාලයක් ගිහාම අම්මලා කැමති කරවා ගන්න බලමු….."


"ඔයා කියන තරම් ඒවා ලේසි දේවල් නෙමේ.....…. කොහොමත් නැන්දා නයි වයිරෙන් ඉන්නේ අපේ අම්මා එක්ක...ඒ හින්දා ඔය කාරනාවට නම් කවදාවත් මට සමාවක් දෙන එකක් නෑ…..

"ඒක ඇත්ත... අපේ අම්මා ඔයාගෙ අම්මත් එක්ක ඉන්නෙ හරි කේන්තියෙන්..... ලොකුකමට ලොකු අතු අල්ලගන්න ගියා කියලා.’’


නිරංජන් කිව්වෙ තවමත් අපේ අම්මා එක්ක තරහින් වගේ... ..ඒ කියපු විදිහට නම් මට ලැජ්ජත් සිතුනි....ඔහු එය මටත් එක්ක කිව්වා සේය...


‘‘මං දන්නවා. අපේ අම්මට තමයි මුලින් ඕන උනේ අපි දෙන්නව දෙපැත්තකට කරල මාව විකුම්ට බන්දලා දෙන්න. මගෙත් තිබුන කරුමයකට ඒ වගේ මනුස්සයෙක්ට කැමති වෙලා බැන්දනේ….ඒ කාලේ මම ඔයාට දුන්න දුක තමයි මම මේ විදවන්නේ....’’මට ඇඩෙන්න ආවේ මා ගැනම දුකෙන්ය.


"හරි හරි...ගිය දේවල් ගියා...මම ඔයාට ඇත්තටම ආදරේ කරපු නිසා...දැන් ඔයා ඉන්න තත්වය බල බල මට වෙන කෙනෙක් බදින්න බෑ….. අපේ අම්මලාගේ කැමැත්ත නම් අපට ලැබෙන එකක් නෑ…..ඒ උනාට මම තීරණයක් ගන්නම්…..මොකද ඔයා කියන්නේ සාරදා ....., ඔයා ඩිවෝස් එක ගත්තට පස්සෙ මාව බදින්න කැමතිද …..?


"මම මොකටද අකමැති වෙන්නේ..මට දුකයි ඔයා ගැන. ඔයා වගේ තරුනයෙක්.... මම වගේ බැදපු ගෑනියෙක් මොකට බදිනවද….? ඊටත් ලමයෙකුත් ඉන්න ගෑනියෙක් …ඔක්කොටම වඩා...නැන්දාගෙ කැමැත්ත නැතුව, අපි කොහොමද බදින්නේ…..


"මට දුකයි පොඩි පුතා ගැන සාරදා ...තාත්තා කෙනෙක් ගෙ උනුසුමක් නොදැනුන දරුවා….. මට හරි ආදරෙයි පුතා...මගේ ඇගේ එල්ලිලා පුතා සෙල්ලම් කරන වෙලාවට මට දරුවා ගැන ඇති වන්නේ හරි දුකක්….ඒකයි ඔයා ගැන වගේම දරුවා ගැනත් හිතලයි මම ඔයාව කසාද බදින්න ඇහුව්වේ….


"ඔයාගෙ කැමැත්තක්...... නැන්දා මට සාප කරයි….. මට දැන් කෝකත් එකයි නිරංජන්.... ඔයාට හොද විදිහක් කරන්න... මම හිතෙන්නේ විකුම් ආයෙත් අපිව බලන්න ලංකාවට එන එකක් නෑ…. සමහර විට එයා දැන් වෙන කෙනෙක් බැදලත් ඇති.....මට හිතෙන්නෙම එයා අම්මයි අක්කගෙයි කීමට මටත් නොකියා කැනඩා ගිහින් කියලා.....මටයි පුතාටයි වියදමට සල්ලි දාන්නෙත් කැනඩාවෙන්.....මමත් මෙහෙම තනියම ඉන්න එකත් තේරුමක් නෑනේ...මම අයියට කිව්වා කොහොමත් මම විකුම්ගෙන් ඩිවෝස් වෙන්න කැමතියි කියලා…..."


‘‘ ඔව් …..ගිය දේවල් ගියා. අපි ඉස්සරහ ගැන බලමු. මොනවාද කරන්න පුලුවන් කියලා’’


නිරංජන් පිගාන උඩ තිබුනු කොත්තු පැකට් එක කාලා ඉවර වෙලා කොළය දෙකට තුනට නමා ගත්තේය. ලග තිබුන වතුර වීදුරුව එක හුස්මට බීපු ඔහු මේස පුටුවෙන් නැගිට්ටේ කුස්සියට අත හෝදන්න යන්නයි ........ ඔහුට මේ ගේ ඔහුගේ ගේයක් මෙන්ම හොදට පුරුදු තැනක්ය. ඉපදුන කාලයේ ඉදන් ඔහු වැඩියම ආව ගිය තැනක් තමයි අපේ ගෙදර ...මටත් ඔහු මෙහේ ඉන්න කොට, තනියම ගෙදර ඉන්න මට…., පිට මිනිහෙක් ගෙදර ඉන්නේ කියන හැගීම නොඑයි….


‘‘මාත් කාලා ඉවරයි. ඔයා ගිහින් අත හෝදාගන්න.’’ මම කීය


නිරංජන් කුස්සියට ගිහින් අත හෝදා ගෙන එනවිට මාත් කුස්සියට ගියේ අත හෝදන්නයි.. .මම අත සෝදනකම් සර්වියට් එකෙන් අත පිස දමමින් කුස්සියේ එහේ මෙහේ ඇවිද ඇවිද සිටි නිරංජන් එකවර නැවතී ඇස්පිල්ලන් නොගසා මා දෙස බලා සිටින අකාරය දැක මගේ හිත ගැස්සිනි…... අත සෝදා ඉවර කල මම සින්ක් එක ලග සිටම සර්වියට් එකෙන් අත පිසදා ගත්තෙමි........


මට පිටුපා.... හෙමිහිට ඇවිදගෙන මාගෙ ලඟට ආ නිරංජන් ..... මගේ ඉනවටේ අත් දෙක දමා ගෙන මාව බදා ගත්තේ හෙමිහිටය ........ඉන්පසු මගේ ඔළුව උඩින් ඔහුගේ නිකට තියා ගත්තේය....... ඔහුගේ හැඩි දැඩි සිරුරට මාව හෙමිහිට තරපවා අල්ලාගෙන හිටියේ මට හෙල්ලෙන්නවත් බැරි ලෙසය...... ඉන් පසු ඔහුගේ මුහුන මගේ බෙල්ල පිටුපසින් හෙමිහිට තියාගෙන මගේ ගෙල හෙමිහිට සිප ගත්තේ සියුම් ලෙසය….ඔහුගේ සිරුරේ උනුසුම මගේ සිරුර පුරා දිවගියේ ඇඟ හිරි වට්ටවමිනි….


මාසෙක දෙකක පමණ කාලයක් අපේ ගෙදරට ආ නිරංජන් කිසිදින මගේ අතෙන්වත් ඇල්ලීමට උත්සහ නොකළාය…. සමහර විට පුතා වඩා ගන්නා විට ලඟින් යනවිට අපගෙ අත් එකට ගෑවුණත් එය විශේෂයක් නොකල නිරංජන් අද කවදාවත් නැතුව මගේ ඉන වටේ අත දාගෙන මගේ ගෙලේ මුහුන හංගාගෙන හෙමිහිට මා සිප ගනියි…... මට දැනුනේ මම වෙනම ලෝකෙකට ගිය... ගෙන යන අමුතුම හැඟීමකි.... මා කිසිත් නොකියා එලෙසම සිටියේ ඒ උනුසුම් සිහින් සිප ගැනීමෙන් මගේ හිත සතුටින් ගැහෙන්න පටන්ගෙන තිබුන නිසයි .....…..මගේ පිටට දැනෙන ඔහුගේ මුලු ඇගේම උණුසුම මම විදගත්තේ කියා ගත නොහැකි සතුටකිනි......මට වත් සිතා ගැනිමට නොහැකි අවස්තාවක ලද මිහිරි සැප... සිහිනෙන් ලද සැපක් සතුටක් ගානය..….


‘‘අකමැත්තක් නෑනේ.’’ මගේ කනට කර රහසක් කියන්නා

සේ ඔහු හෙමිහිට ඇසුවේය.

මම හෙමිහිට ඔලුව දෙපැත්තට වැනුවේ අකමැත්තක් නෑ කියනා ලෙසය.


නිරංජන් මාව හෙමිහිට ඔහුගේ පැත්තට හරවාගත්තේ මගේ අකමැත්තක් නැති බව දැනගෙන සතුටිනි....…මගේ හිතත් සතුටින් පිරී ඇත......ඔහු හෙමිහිට මා තදින් ඔහුගේ සිරුරට තරුළු කරගත්තේ මගේ මුලු සිරුරම පන නැතිවේගෙන එද්දීයි... . ඒ උණුසුමට වශීවුන මං ඔහුගේ පපුවට හිස තියාන තව තවත් තුරුළු උනේ ඔහු මා අත අරියි කියා බියෙන් වගේයි......


විවාහ උන කාන්තාවක් උනත් සුමාන දෙකක් වැනි පුංච් කාලයක් විතරක්..... අබුසැමියන් ලෙස සැමියා සමග එකට ඉන්න ලැබුනු...මම ... ඒ කෙටි කාලයට දරුවෙකුත් ලද මා අවුරුදු තුනක්ම සැමියෙක් නැතුව දරුවත් සමග තනියෙන් ජීවිත් උන ගැහැනියෙකි. අවුරුදු තුනකට ප‍්‍රථම සැමියාගෙන් ලද ආදරනීය ස්පර්ශය......අනියම් පෙම්වතුකුගෙන්......එනම්.... නිරංජන්ගෙන් ලැබෙද්දී මට...., විකුම් අමතක වී ගොස්…. මා සිටින්නේ කොහේද කියාද අමතකවිය…. අමුතුම ලෝකයකට මා ගෙන ගියේ නිරංජන්ගේ උනුසුම් තොල් පෙති මගෙ තොල් මත එහෙ මෙහෙ යමින්..... සිප ගනිද්දීය….... මගේ හිතේ ගතේ කාලයක් තිස්සේ හිරවී තිබූ සියලු හැඟීම් දිය වී ගියේ මටත් නොදැනීමය…..... ගොඩ වේලාවක් එලෙස එකිනෙකා වෙලී සිටිමින් සිපගත් අප අපේ ම ලෝකයකට පිවිසියේ ටික වේලාවකට පසුයි...


‘‘අද මං රෑට නවතින්ද...?’’


මගේ මුහුණ ආදරයෙන් සිපගනිමින්ම..... රහසින් මෙන් කනට කර නිරංජන් ඇසීය…. මගේ ඇග හිරි වැටී ගියේ....අද රෑ ඔහු සමග මේ වහල යට එකට ඉන්නට ලැබෙන බව දැනී සතුටිනි........ මම මුකුත් නොකිව්වෙමි…...මම ඔහුගේ දෑතට හිර වී ඉන්නා ගමන් ඔහුගේ දෙනෙත දිහා බැලූවේ මගේ අකමැත්තක් නෑ කියන්නා සේ ය.


‘‘පුතාට කිරි හදලා පොවන්න තියෙනවා. කෝ... කෝ එහාට වෙන්න ’’


මං බොරු තරහක් පාමින් ඔහුගෙන් ඉවත් වී වතුර කේතලය ලිපේ තබිබේ...... උතුරා යන කියාගත නොහැකි හැඟීම් ආශාවන් රාශියකින් .... මුළු ගත ම හිරිවැටී ගොස් තිබීයදීය........

මාව අත හැර කුස්සියෙන් එළියට ගිය නිරංජන් ගෙයි දොරත් ඇරගෙන එළියට යනවා මට ඇසිනි ….. . ඔහු කොහෙද යන්නේ බලන්න මමද හෙමිහිට ඔහු පසු පස ගියේ නොදැනුවත්වමය.


ගෙයින් එලියට ගිය ඔහු ඔහුගේ කාර් එකේ දොර හැර බෑග් එකක් රැගෙන ගෙට ආවාය….


‘‘මොනවද ඔය බෑග් එකේ…...’’


‘‘සමහර දවසට රෑට පාර්ටි වලට එහෙම ගිහින් රෑ වුණාම අපි යාළුවන්ගෙ ගෙවල්වල ඉඳලා උදේට යන නිසා…. ..ඇඳුම් බෑග් එකක් කාර් එකේ තියාගෙන ඉන්නවා….. මං වොෂ් එකක් දාගෙන එන්නම්….. උදේ ඉඳන් හිර කරගෙන ඉඳල ඇඳුම් ගලවන්නෙ කොයිවෙලෙද කියල බලාගෙන හිටියේ……..’’


නාන කාමරය තුළට ගිය නිරංජන් එනතෙක් මා පුතාට කිරි පොවා ඔහුව හොඳින් පොරවා නෙට් එක ද දැමුවේ මදුරුවන්ගෙන් බේරීමටය. කුස්සිය හා ගෙයි අනිත් ලයිට් නිවා දැමුවෙමි....


නිරංජන්ට නිදාගැනිමට , ගෙයි ඇතුලත අපේ කාමරයට යාබද කාමරයේ......., ඇති ඇඳට රෙද්දක් කොට්ටයක් දමා කාමරය සකසන විට....... සරමක් පමණක් ඇඳගත් නිරංජන්,.... වොෂ් එකක් දාගෙන කාමරයට ආවේ දිලිසෙන හැඟුම්බර දෑසත් ,සුන්දර සිනාවකුත් සමඟය....... නිරුවත් ඔහුගෙ උඩුකය දුටු මගේ හිත ගැහෙන්න පටන් ගත්තෙ ආශාවෙන්ය…. . කාමරයේ ලයිට් එක නිවා දමපු නිරංජන් ඇඟ සෝදා සීතලව තිබු ඔහුගෙ ඇඟට මා තුරුල් කරගත්තේ ඉතා කලබලයෙනි……. අවුරුදු තුනක් පුරා නිදාසිටි මගේ හැඟීම් ආශාවන් සියල්ල යළි පිබිඳී ආවේ නිරංජන්ගේ උණුසුම් සිප වැළඳ ගැනීම් අතරය .... අපි අපේ ලෝකයේ බොහෝ වේලාවක් සතුටින් ගත කලේ......දෙදෙනාගෙම පිබිදී තිබූ සියලු ආශාවන් නිදහසේ මුදාහරිමින්ය…..


පසුව .....එකිනෙකට තුරුළුව බොහෝ වේලාවක්.... ඔහු ලඟ නිදාගත් මට පුතා මතක් වුණේ පැයක් දෙකක් ගිය පසුවය....... නිරංජන් මගෙ ඇග වටේ අත දමාගෙන සැහැල්ලු ලෙස හුස්ම ගනිමින් හොදටම නිදිය…....මම නිරංජන්ට නොදැනෙන ලෙස විගහට ඇඳෙන් බැස… අපේ කාමරයේ පුතා ලඟට ගොස් ඔහුත්, තුරුල් කරන් නිදාගත්තේ අවුරුදු ගාණකට පසු හිතේ ගතේ තිබුණ සියලූ කායික හැඟීම් ආශාවන් නිදහස් වුණාට පසු හිතට දැණුන සතුට සැහැල්ලුවත් සමගය. හිත සතුටින් පිරී ඉතිරී යයි.....…..

විකුම් සමඟ විවාහ වී අබුසැමියන් ලෙස මට එකට ජීවත්වන්නට ලැබුණේ සුමාන දෙකයි….. ඔහු විවාහයෙන් පසු රට ගිය දින පටන් මම ඔහුගේ, බිරිඳ ලෙස අවුරුදු තුනක් තනියම පිරිසිදු ලෙස ගත කළෙමි…... . ඔහුගේ ලෙයින් සැදුණු කිරි පස්පයාව ද බලා කියා ගනිිමින් ඔහුවද පෝෂණය කරමින් මා ගත කළ අවුරුදු තුන පුරාවට ම මම ඉතා අවංකව පිරිසිදුව විකුම්ගෙ බිරිඳ ලෙස ජීවත් වුණෙමි…... නමුත් මා තව කොපමණ කාලයක් ඔහු වෙනුවෙන් ජීවත් වෙන්න ද…..? මාස අටකින් කිසිම ආරංචියක් නැති..මට කෝල් එකක් දෙන්නට බැරි ඔහු ගැන මම තවත් බලා සිටිය යුතුද …..? මා නිතර මඟ අරින, මාවත් පුතාවත් ඔහු ඉන්න තැනට ගෙන්න ගැනීමට උනන්දු නොවන, නැතහොත් ඔහු අප සිටින තැනට පැමිණීමට අකමැති නම් මං ඔහු වෙනුවෙන් තවදුරටත් බලා සිටීම අවශ්‍යද….?. ඔහුගෙන් පුළුවන් ඉක්මණට මං දික්කසාඳ විය යුතුයි….. මම මං ගැන බලා ගත යුතු කාලය පැමින ඇත...... මගේ විවාහය ඉක්මණ් කිරීමට කටයුතු කළ අම්මා හා රාණි ඇන්ටි දැන් මට පේන්නවත් නැත…... . ඔවුන් මා මඟ හරියි. දැන් මේ කිරි සප්පයත් සමග මං දැන් තනි වී ඇත…..... මා දැන් තීරණයක් ගත යුතු කාලයයි….. . තවදුරටත් ඔහු ගැන බලා ගෙන සිටිනවා ද නැතිනම් ඔහුගෙන් දික්කසාඳ වී වෙන අතක් බලා ගන්නවා ද කියන තීරණය මම පුලුවන් ඉක්මනට ගත යුතුයි……

-- හෙට හමුවෙමු --


*ප්‍රිසිලා ගොඩහේවා *

2 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page