top of page
  • Writer's picturePrisila Godahewa

අමුතු දීගේ 💞 අමුතු දීගේ 💞


(17 වන කොටස)

🌹 අගෝස්තු නිවාඩුවෙන් පසු අලූත් පාසැල් වාරය නැවත පටන් ගත්තාය. මං දැන් පාසැල් යන්නෙ හරිම ආසාවෙනි. පුතාගෙ වැඩ සෝමා කරන නිසා මට හරිම පහසුයි. සෝමා හරියට අම්ම කෙනෙක් වගේ, ගෙදර උයන පිහින වැඩ වගේ ම පුතාගෙ වැඩත් මගේ වැඩත් කරදෙන්නෙ කැමැත්තෙනි.


පාසැලේ දී තුසිත සර් වෙනදාට වඩා මාත් එක්ක කතාවට එයි.... විහිළු තහළු කරයි.... ගුරු විවේකාගාරයේ දී අනිත් ගුරුවරුන්ටත් එක්ක චොක්ලට් වගේ කෑමක් ගෙනවිත් මට බෙදා දෙන්න කියයි...... ඔහුගෙ අනවශ්‍ය සැලකිල්ල මට සමහර වෙලාවට කරදරයකි...... මං ගුරුවරියක්, විශේෂයෙන් හස්බන්ඞ් ලඟ නැති ගුරුවරියක් නිසා කාගෙන්හරි කතාවක් හැදෙයි කියා මං සිටින්නේ සැකයෙනි.... තුසිත සර්ට ඒකේ ගානක් නැත...ඔහු . නිතරම මාත් සමග කතාවට එයි. වටපිට සිටින, ඕපාදූප හොයන වායසක ගුරුවරියන් අප දෙස බලන්නේ නොරිස්සුමෙනි . මට තුසිත සර්ට කතාවට එන්න එපා කියන්නත් බෑ. කතා නො කර ඉන්නත් බෑ...... මොනවද කියන්නෙ කරන්නේ කියල හිතාගන්න බැරුව මං ඉන්නෙ දෙලොවක් අතරය....

.

‘‘සාරදා ඇයි මාත් එක්ක වැඩිය කතා කරන්නෙ නැත්තේ.‘‘


‘‘ඉස්කෝලෙනෙ සර්, දන්නවනේ සමහර අය ඉන්නෙ කතා හදන්න බලාගෙන.‘‘


‘‘ආ... ඒකද එහෙනම් අපි එළියෙදි හම්බ වෙලා කතා කරමුද?‘‘


‘‘අපි මොනව කතා කරන්නද….?’’


‘‘ඇයි සාරදා කැමති නැද්ද මාත් එකක් ටිකක් විවේකීව හම්බ වෙලා කතා කරන්න....‘‘


‘‘අනේ නෑ... සර් මං ආස නෑ කතා හදාගන්න…. අනික මං කසාඳ බැඳපු කෙනෙක්. දරුවෙකුත් ඉන්න....‘‘


‘‘මට ආරංචියි සාරදාගෙ හස්බන්ඞ් ලංකාවට එන්න අදහසක් නෑ කියලා....‘‘


‘‘එහෙම නෑ... අපිව එයා ඉන්න තැනට ලඟදිම ගනියි.‘‘


‘‘එහෙනම් කමක් නෑ... මං නිකං පාළු යන්නත් එක්ක හම්බවෙලා කතා කරමු කිව්වේ…..‘‘


මට තුසිත සර් එක්ක ඇති වුණේ කේන්තියකි. එයා හිතනවා ඇති මට මිනිහ නැතුව පාළුයි කියල..... එයා එන්න හදන්නෙ මගේ පාළු යවන්න වෙන්න ඇති. අනේ මෙහෙමත් මිනිස්සු..... ගෑණියෙක් අමාරුවේ වැටෙනකම් ඉන්නෙ ඒකෙන් ප‍්‍රයෝජන ගන්න...

.

මං ඊට පසු උවමනාවෙන් ම තුසිත සර්ව මඟ අරින්න පටන් ගත්තෙමි. ඒ වුණාට ඒ මිනිහ උත්සහය අත ඇර නැත. මගේ පාසැලේ යෙහෙළිය වන චාන්දනීගෙන් ඔහු මං ගැන අසා ඇත.


‘‘දන්නවද සාරදා....? තුසිත සර් මගෙන් ඔයා ගැන ඇහුව්වනේ.‘‘


‘‘මොනවද?’’


‘‘ඔයාව යාළු කරල දෙන්න බැරිද කියලා.‘‘


‘‘මාව... ඇයි අපි තරහ වෙලා හිටියැයි.‘‘


‘‘මිනහගෙ හිතේ ඔයා ගැන අදහසක් තියෙනවලූ.‘‘


‘‘මොනවට ද?’’


‘‘මිනිහ ඔයාට හරි කැමතිලූ. ඔයා එයාව නිතර ම දැන් මඟ අරිනවලූ. බැරිද ඇහුව්වා එයාට ඔයාව එළියෙ කොහේහරි මීට් කරල දෙන්න.‘‘


‘‘පිස්සු.‘‘


"‘ඇත්තමයි සාරදා... තුසිත සර් තව ම කසාඳ බැඳලත් නෑ.... මම හිතන්නෙ එයා ඉස්සර කසාඳ බැදලා ඩිවොස් වෙච්චි කෙනෙක් . දැන් බදින්න කෙනෙක් හොයනවා වගේ...ඔයත් විකුම් ගැන බලාන හිටියට වැඩක් වෙයිද දැන්නෑනේ... මොකද හිතන්නෙ තුසිත සර් ගැන හිතුවොත් නරකද... හොඳ සල්ලිකාරයා. පෙනුමෙන්ද අප්සෙට් එකක් නෑනේ…. මොනව නැතත් සැපට ඉන්න පුළුවන් සල්ලි තියෙන නිසා....‘‘


‘‘ඔයාට පිස්සුද චාන්දනී. දෙයියන්ගෙ පිහිටෙන් මට ජීවත්වෙන්න අමාරුවක් නෑ…. මගෙ අම්මයි, අයියයි, මං ගැන හොදට බලනවා ... විකුම් වුණත් තාමත් මට සල්ලි එවනවා මගෙ පොතට මට කාගෙවත් සල්ලි බලාන පුතාටවත් විකුම්ටවත් අවැඩක් වෙන දෙයක් කරන්න ඕන නෑ…..‘‘


‘‘නෑ... මං කිවේ විකුම් ලංකාවට එන්නෙත් නැත්නම් ඔයාව එහෙට ගන්නෙත් නැත්නම් තනියම ජීවත්වන එකේ තේරුමක් නෑනේ. ඔයා ඔයාගෙ අනාගතය ගැන හිතලා පිළිවෙලක් වුණොත් හොඳයි නේද?’’


‘‘බලමුකෝ.. ඉස්සරහට...‘‘


මට චාන්දනී එක්ක ද ඇත්තේ තරහකි. විකුම් ගැන ඇත්තේ ඊටත් වඩා තරහකි. අඩු වයසින් ම මාව කසාඳ බැඳ දමා මාව ලංකාවේ තනිකර ඔහු රට සැපට ජීවත් වෙයි. ඔහුගෙ ලෙයින් හැදුන දරුවා ගැන ද ඔහුට කිසි ගානක් වටිනාකමක් නැත. මට දරුවෙකුත් එක්ක මිනිස්සුන්ගෙන් අනුකම්පාව ලබා ගැනීමට සිදුවී ඇත. කොයි වෙලේ හෝ තුසිත සර් නිසා මට කතාවක් හදා ගන්න සිද්ධ වෙයි කියා මං සිටින්නේ සැකයෙනි. තුසිත සර් ගැන මට නිකමටවත් කිසිම හැඟීමක් එන්නෙ නැත. ඔහු කතා කරන විට ද ඔහු මඟ ඇර යැමට මං නිතර උත්සහ ගන්නෙ ඔහුගෙ කුකුල් පෙනුමට මං අකමැති ම නිසාවෙනි.


මං මොනවද කළ යුත්තේ, විකුම්ගෙන් දික්කසාඳ වී වෙන කෙනෙක් කසාඳ බැඳ පුතත්, හදාගෙන ජීවත් වෙනවද .....? ජීවිත කාලෙම විකුම් ගැන බලාගෙන පුතත් හදාගෙන ජීවත් වෙනවද? මට මගේ අනාගතය ගැන තව ම හරියට තීරණයක් ගැනීමට තරම් තේරුමක් නැත..... ගුරුවරියක් විදිහට නම කැත කරගැනීමට මං කැමතින් නැත. අයියා නම් කිව්වේ විකුම්ගෙන් දික්කසාද වී වන්දියක් ඉල්ලගන්න කියායි..... අයියා විකුම්ට කතා කරනවා කිව්වා. අයියා කතා කළා ද දන්නෑ..... මං කාලෙකින් විකුම්ට කතා කළෙත් නෑ....එයාගේ අලුත් ඵොන් නම්බර් එක මට කතා කරලා කිව්වෙත් නෑනේ..... මං කේන්තියෙන් ඉන්න බව දන්නා නිසා ඔහු කතා කරන්නෙත් නෑ.... මේ වෙන කොට විකුම්ගේ විභාගය ඉවර වී තිබිය යුතු යි.... හැබැයි දැන් මාස අටකින් විතර ඔහු මගේ පොතට සල්ලි එංගලන්තයේ සිට එවා නැත.... නමුත් මගේ පොතට කැනඩාවේ සිට කවුරු හෝ විකුම් වෙනදා පොතට එවපු ගානම ඩිපොසිට් කරයි..... ඔහු අපව ගෙන්වා ගැනීමට ප‍්‍රථම පුංචි හරි ගෙයක් හෝ ෆ්ලැට් එකක් ගත යුතු බව නිතර ම කියූ හැටි මට මතකයි. ඔව් කේන්තිය, තරහ පැත්තකින් තියල මං විකුම්ට කතා කරල අහනවා ....,එයාගේ ඵොන් නම්බර් එක තිබුනනම්...... ඉස්සරහ කාලේ මටයි, පුතාටයි මොකද වෙන්නෙ කියලා..... අයියා කතා කරල පිළිවෙලක් කරන් නැතෑ. මම එයාට කිව්වනේ....විකුම්ගෙ ඵෝන් නම්බර් එක රානි ඇන්ටිගෙන් ඉල්ල ගන්න කියලා... .…

සුනිතා, විකුම් ගැන සොයා ගත් තොරතුරු අනුව, ඔහු මුලින් පදිංචි වී සිටිය තැන වෙනස් කර ඇත.... මීට කලින් ඔහු නැවති සිටිය ගෙදර තරුන ජෝඩු දෙකක් හා තරුණ පිරිමි ළමයින් තුන් දෙනෙක් හිටිය බවත් දැන ගන්නට ලැබී ඇත....දිනක් පොලිසියෙන් පැමින ඔවුන්ව එතෙනින් බලහත්කාරයෙන් යවා ඇති බවත්...විකුම් කියන කෙනෙක් ඒ අතර හිටිය බවත් ඉන් පසු ඔවුන් කොහේ ගියා දැයි විස්තර හොයා ගැනිමට නොහැකි බවත් විතරයි සුනිතට දැන ගන්න ලැබී ඇත්තේ….දැන් මාස අටක් තිස්සේ විකුම් මට සල්ලි නොඑවන පවත්, මා සමග කතා නොකරන බවත් මම කිසිම කෙනෙකුට නොකිවේ ලැජ්ජාවටය....විකුම් කැනඩාවේ අක්කයි අම්මයි ලගට පදිංචියට ගිහින්ද....?

මම ගුරුපත්වීමට ඉල්ලුම් කරන්න අදහස් කලෙත් විකුම් මට සල්ලි එවන එක නතර කල විගසමය. හැබැයි...ඔහු එංගලන්තයේ සිට එවන ගානම පසු මාසෙක සිට මගේ බැංකු පොතට කැනඩාවෙන් තැන්පතු කරන බවක් පෙනේ…..ඒ නම් රානි ඇන්ට් බව සහහතිකයි…..ඒ කියන්නේ විකුම් කැනඩාවේ පදිංචි වෙන්න ගොස්ද කියා සැකයකුත් මට ඇති වේ…..මාස අටකින් විතර මට ඔහු ගැන තොරතුරක් දැන ගන්න ලැබුනෙම නැත. මට ඒ ගැන දුකක් නැත්තේ...මගේ හිතින් මම ඔහුව අත හැර වෙන අතක් බලා ගැනීමට හිත හදාගෙන ඉන්නා නිසයි.

පාසැලේ වැඩට ආසාවෙන් යන මට නිතර ම ගුරුවරියන්ගෙ ,දරුවන්ගෙ උපන්දින උත්සව, මඟුල් ගෙවල්වලට යන්නටද අවස්තාව ලැබෙයි. ඒ අවස්ථාවල ලස්සනට ඇඳුම් ඇඳ මා යනවිට පාසැලේ ගුරුවරියන් මා ගොඩක් ලස්සන තැනැත්තියක් යැයි මූණට ම කියයි…... ගුරුවරුන් ද ඕනෑකමින් මා දෙස බලයි. තුසිත සර් අමුතුම විදිහට මා දෙස බලයි. මං කවදත් ලස්සන තැනැත්තියැක් යැයි මම දනී..... දිග කෝණ්ඩය තනි කරළට ගොතා උඩරට ඔසරිය ඇඳ ගෙන පාසැල් යන මම පාසැලේ ගුරුවරියන්ගෙ ගෙවල්වල ඇති උත්සව වලට ගවුමක් සායක් ඇඳ ගෙන ගිය විට සාරියටත් වඩා ගවුමට මම හැඩ යැයි ලස්සනැයි යැයි හැමෝම කියති.


‘‘ඔයා හරියට පොඩි එකියක් වගේ සාරදා….. කසාඳ බැඳල ළමයෙක් ඉන්න කෙනෙක් කියල කියන්නත් බෑ….‘‘


අපෝ...මට දැන් විසි හය ඉවර වෙන්න ලගයි....….


‘‘එන මාසේ මගේ පුතාගෙ වෙඩින් එකේ හෝම්කමින් එක. අපි හෝල් එකක ගන්න හිතන් ඉන්නේ. ස්ටාෆ් එකේ ගොඩක් අයට කියනවා. ඔයත් එන්න..... එදාට ‘‘ චාන්දනී මිස් කීය.


‘‘මං එන්නම ඕනද චාන්දනී…..‘?‘


‘‘ඉතිං එන්න..... නිකං තනියම ගෙදරට වෙලා ඉන්න එකේ කාලා බීලා ටිකක් සතුටු වෙලා යන්න.‘‘


‘‘රෑට යන එන එක නිසා තමයි ප‍්‍රශ්ණය.‘‘


‘‘තව ගොඩක් ගුරුවරු එනවනේ. ඔයාට ඒ කා එක්ක හරි ගෙදර යන්න පුළුවන්.‘‘


‘‘බලමු... මං එන්න උත්සහ කරන්නම්.‘‘


" ඔයා එන්න සාරදා ...මම එන්නම් සාරදාව එක්ක යන්නයි බස්සන්නයි......තුසිත සර් එයට කට දැම්මේය…


"බලමු...මම දෙකට දෙවාරේ කීවෙමි.. "


පාසැලයි ගෙදරයි ඇරෙන්න වෙන කොහේවත් වැඩිය යන්නෙ නැති නිසා චාන්දනිගේ පුතාගෙ වෙඩින් එකට මා යුතු යැයි සිතා ගත්තෙමි . වෙනදා අඳින ලා පාට කොට්න් සාරි නැතිව ටිකක් තද පාට අම්මාගේ කහ ඔසරියකින් සැරසුන මම චාන්දනීලගෙ මඟුල් ගෙදර යන්න ලෑස්ති වුනේ වෙනදාට වඩා උවමනාවෙන්මයි.


‘‘නෝනා අද හරිම ලස්සනයි. හැමදාම අඳින ලා පාට ඔසරියට වඩා මේ කහ පාට ඔසරිය නෝනට ලස්සනට ගැලපෙනවා.‘‘


සෝමා මගේ සාරියෙ හැඩ බලමින් කටු ගසයි. සාරිය හදයි.


‘‘මං එන්න ටිකක් පරක්කු වෙයි සෝමා. ….. සෝමට පුතත් එක්ක තනියම ඉන්න බය නෑ නේද?’’


‘‘අනේ නෝනා මොකට බය වෙනවද? දැන් නෝනා කොහොමද මගුල් ගෙදර ඉවරවෙලා රෑට ගෙදර එන්නෙ.....‘‘


‘‘තව ගුරුවරු ගොඩක් ඒකට යනවා. ඔය කා එක්ක හරි එන්න පුලුවන් වෙයි….‘‘


‘‘එහෙනම් පරිස්සමින් ගිහින් එන්න නෝනා.‘‘


‘‘සෝමා පරිස්සමින් ඉන්න…..‘‘


කුලී රියකින් මඟුල් ගෙදර තියෙන හෝල් එකට ගිය මට සතුටු සිතුනි. මගෙත් විකුම්ගෙත් වෙඩින් එකෙන් පසු මම ගිය මුල්ම වෙඩින් එක මෙයයි…... නානා පාටින් විවිධ හැඩයේ සාරි ඔසරි ඇඳගත් ගැහැණු, කෝට් ටයි දාගත්ත පිරිමි ගොඬේ මං කහ පාට ඔසරිය ඇඳලා බෙල්ලට කොණ්ඩය බැඳ, හන්සපූට්ටු මාලයක් බෙල්ලටම බැදගෙන ඉන්න කොට මං තවත් ලස්සනයි කියා මටම සිතේ..


‘‘එන්න.. එන්න සාරදා අපේ මේසයට. අම්මේ… අද... සාරදා උඩරට කුමාරිහාමි කෙනෙක් වගේ හරිම ලස්සනයි….‘‘


‘‘ඇයි මං විතරක් ඔය ගොල්ලොත් හැමෝ ම ලස්සනයිනේ....‘‘


‘‘අපේ ගුරු මහත්තයාලා බලන්න එපා කෝට් දාගෙන සුද්දො වගේ... වයසක ගුරුවරියක් කීය.‘‘


අප හිටපු මේසෙට එහා මේසයේ තුසිත සර් වාඩි වී කා සමඟ ද කතා කරමින් සිටින්නේ හරිම සතුටකිනි. ඔහු තාම මාව දැක නැත. මම ඔහු දෙස බලනවිටම මාව දැක ඔහුගේ මූණේ මලක් පිපුනි. හිටි තැනින් නැගිට මං ලඟට ඔහු ආවේ සතුටිනි.


‘‘අම්මෝ මේ අපේ නුවර මැණිකෙගෙ ලස්සන,..... ‘‘ඉතිං... ඉතිං.. සාරදා කොහොමද ආවේ.‘‘


‘‘මං කැබ් එකක ආවා.‘‘


‘‘ඒක හොඳයි.....යනකොට මම සාරදා ව බස්සන්නම්...."


"බලමු තුසිත සර්..."


" අද අපේ ස්ටාෆ් එකේ අය හරිම ලස්සනයි. බලන්න එපෑ ලොකු මැඩම්ගෙ ලස්සන.‘‘


‘‘ඇයි අනිත් අය තුසිත සර්රුත් සුද්දෙක් වගේනේ ටයි කෝට් දාගෙන…..‘‘


එකිනෙකා සතුටින් කතා කරයි. මනාල ජෝඩුව පෝරුවෙන් බැස එකිනෙකා ලඟට විත් කතා කරයි. ලස්සනට සරසපු හෝල් එක, මියුරු සංගීතය නානා විධ මෝස්තර ඇඳුම් ඇදගත් උත්සවයට සහභාගී වූවන්ගේ හැමතැනම ඇහෙන හිනා හඬවල් කතා බහ මොහොතකට හිතේ ඇති දුක පාළුව මඟ අරුනා යැයි මට සිතේ.


තුසිත සර් කොතන ගියත් ඈත ඉඳන් මා දෙස බලමින් ඉන්නෙ අමුතු සැර බැල්මකිනි. සමහර වෙලාවට මට ඔහුව මඟ අරින්නත් බැරි ලෙස ඔහු මා වටා ම කැරකෙයි. අද ඔහු ටයි කෝට් දාගෙන ඉන්න විට වෙනදාටත් වඩා කඩවසම්ය...... මේ වගේ දිනක ඔහු මඟ අරින්නෙ නැතිව මම ඔහු සමඟ කතා කළ යුතු යැයි සිතා ගත්තෙමි.....


චාන්දනී වතුර වීදුරුවක් රැගෙනවිත් ගුරුවරුන්ට අල්ලා කෑම මේසයට ආරාධනා කළාය.


‘‘එන්න.. එන්න හැමෝම කන්න...එන්න.... ඔන්න මං සිංහල චාරිත‍්‍රයට ඔයගොල්ලන්ට වතුරත් ඇල්ලූවා.‘‘


‘‘අයියෝ වතුර ඕන නෑ. අපි එන්නම් කන්න ....‘‘

අපි හැමෝම ඉඳගෙන සිටි මේසයෙන් නැගිට කෑම මේසය තිබුණ තැනට කෑම බෙදා ගැනීමට ගියෙමු…. ලොකු සෙනඟකට ආරාධනා කර තිබුණු මඟුල් ගෙදර දෙවන ගමන ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.


මගේ මඟුල් ගෙදරින් පසු මං සහභාගී වුණ පළවෙනි මඟුල්ගේ මෙය වෙයි.......මගේ මඟුල් ගෙදර මට සිහිනයක් සේ මතකයට වීත් දුක මිශ්‍ර සතුටක් ඇතිවිනි...... පසුව විශාල දුකකින් මගේ හිත පිරී ගියේ මෙවන් විශාල සෙනඟක් මැද මනාලියක් වුණු මම අද සැමියත් නැතුව තනි වී ඉන්නා හැටියටයි..... .

එකිනෙකා ලබා උපන් හැටියට තමයි හැමදෙයක් ම සිද්ධ වෙන්නෙ. කොයිතරම් සෙනඟකට ආරාධනා කර කසාඳ බැන්දත් කවදා හෝ ඒ යුවලට ජීවත්වන්නට වන්නේ තනියමය..... අද මේ සිටින සෙනඟ, ජීවිත ගමන අමාරුවෙන් ගෙනයෑමේ දී දකින්නටවත් නැත..... ජීවිතය නම් පුදුමාකාර දෙයකියැයි මට සිතේ ......අප උපත ලබා, ලමාකාලය ,තරුණ කාලය විවාහ ජීවිතය, මැදි වයස, මහලූ කාලය මරණ්‍ය අතර තුර ගෙවන ජීවිතය කොයිතරම් නම් කරදර බාධකවලට අප මුහණ දිය යුතු ද.....? අප උපදින්නෙ තනිව ම මැරෙන්නෙත් තනිවම ඒ අතරතුර කාලයේ නොයෙකුත් මිනිසුන් ජීවිතයට මුණ ගැසී වෙන් වී යයි...... උපත හා මරණය අතර තුර කාලය තුලදි අපිට මූහුන දෙන්නට වෙන කරදර බාදක කොයිතරම් නම් ගෙවා දැමිය යුතුද?..... මගේ ලමාකාලය, කොයිතරම් නම් සැපවත් ජිවිතයක් ගත කල කෙනෙක් ද මම...... විවාහයත් සමග මා අද ජිවිත ගමනේ තනිවී ඇත. ..... ජිවිත ගමන, තාත්තා නැති කිරි සප්පයකු සමග ගෙවා දමමින් සිටිමි..... ජීවිතය ගැන මම කලකිරී ඇතැයි මට සිතේ...... මේ දකින සියලූ නානා අලංකාර දසුන්, සුන්දර මිනිසුන් සැමදෙයක් ම අතරහැර දිනක අපට අප ගෙනා ආයුෂ ගෙවා දමා වෙන් වී යන දිනක් පැමිණේ..... ඒ දිනට අපට ගෙන යාමට ඇත්තේ මොනවද....? අප කරන පව් පින් පමණක් රැුගෙන අප මේ සියලූ භෞතික දේ අතහැර යා යුතු යි..... මා ටිකෙන් ටික ජීවිතය ගැන කළකිරී ඇතැයි මටම සිතේ.....

‘‘සාරදා... ඔයා කොහේද මේ.....?’’


කවුද මගේ පිටට අත තියනවාත් සමඟ හුරුපුරුදු කටහඬක් ඇසුනේ සංගීත රාවය මැද්දේ ය.


--එහෙනම් හෙට හමුවෙමු ...

* ප්‍රිසිලා ගොඩහේවා *

3 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

コメント


bottom of page