top of page
  • Writer's picturePrisila Godahewa

අමුතු දීගේ 💞 අමුතු දීගේ 💞

(16 වෙනි කොටස)

🌹🌹 ‘‘ඉන්න... ඉන්න... පුතේ.... මං ගෙදර ගිහින් පුතාට වෙන ලස්සන ඵෝන් එකක් දෙන්නම්කෝ,....මෙයා හරි චන්ඩියෙක් වගේ….."


"ඉතිං…..කොහොමද සෝමා කාලෙකින් දැක්කේ…..‘‘


‘‘නංගිත්, ඉස්සර හිටියට වඩා මහත්වෙලා ලස්සන වෙලා...දැන් ඉස්කෝලෙ යන නිසා හිතට සතුටු ඇති නේද?....’’


‘‘අනේ ඔව් අයියේ... මං ඉස්කෝලෙ උගන්නන්න යන්නෙ හරි ආසාවෙන්….. ගෙදර ඉන්න කොට කරන්න දෙයක් නැති නිසා කම්මැලියිනේ…..‘‘


‘‘ඒක හොඳයි. නංගි රස්සාවක් කරන එක..... මං හිතාන ඉන්නේ විකුම්ට ටිකක් සැරෙන් කතා කරල ඉස්සරහ කාලෙ මොනවද වෙන්නෙ කියල අහල බලන්න…..‘‘


‘‘අයියා කතා කරොත් නම් එයා බය වෙයි….. ඇත්තටම අයියා විකුම්ට කතා කරල අහන්න අපිව එක්ක යනව ද නැත්නම් එයා මෙහෙ පදිංචියට එනව ද කියල… .‘‘


‘‘විකුම් නම් ලංකාවේ පදිංචියට එන එකක් නෑ….. රට ගිය මිනිස්සු ඉතිං ලංකාවට ඇවිත් ආයෙත් පදිංචි වෙන්න කැමති නෑනේ.... එයා අනිවාර්යයෙන් ම ඔයගොල්ලෝ එහෙට ගන්න ඕනේ.... නැත්නම් එයාගෙන් වන්දියක් ඉල්ලලා අපි නඩුවක් දාමු....‘‘


‘‘මට නම් තේරෙන්නෙ නෑ මොනව කරන්නද කියලා. මට නම් බෑ උසාවි ගානේ යන්න …..ඒත් මට තනියම මෙහෙම ඉන්නත් බෑ… .මට හිතෙනවා විකුම්ගෙන් ඩිවෝස් වෙන්න….‘‘


‘‘උසාවි ගානේ නෙමේ…. අපි හොද ලෝයර් කෙනෙක් අල්ලලා බලමු....., ඔයාටයි, පුතාටයි එයා වන්දියක් දෙන්න ඕනේ.... මේ විදිහට ළමයෙක් එක්ක අනාත කරල එයාට සැපට ඉන්න දෙන්න බෑ. මං වැඩි කාලයක් යන්න ඉස්සර එයාට හොඳ වැඩක් කරන්නම්කෝ….මෙච්චර කල් ළමයට තාත්තා කෙනෙක් ඕන නිසා ඉවසුවේ....දැන් ඔය ඇති ඉවසුවා.......‘‘


‘‘අනේ අයියා මේවට පැටලෙන්න එපා…..‘‘


‘‘ඔයා එයාගෙන් ඩිවොස් වෙලා වන්දියක් ඉල්ලන්න.... ඊට පස්සෙ වෙන කසාඳයක් කරගෙන දරුවා හදාගෙන ඉන්න….. .‘‘


‘‘අනේ අපොයි මට නම් ආයි කසාඳ එපා …... මේ වුණ දෙයින් මං හොදටම කළකිරිලයි ඉන්නේ......‘‘


‘‘ඔයා තවම තරුණයි. තාම ඔයාට අවුරුදු 26 යිනේ ..... ඔයා කොච්චර ලස්සන කෙනෙක් ද?.... ඔයාගෙ ලස්සනට තමයි විකුම් ඔයාව කසාඳ බැන්දෙත්…... ඊටත් දැන් ඔයා උපාධිධාරී ගුරුවරියක්.... ඔයාට ඉන්න හිටින්න ගෙයක් තියෙනවා. ආදායමක් තියෙනවා,. මොකට ද නිකං ජීවිතේ නාස්ති කරගන්නේ….. ඔයා විකුම්ගෙන් ඩිවෝස් වෙලා වෙන කෙනෙක් කසාඳ බඳින්න…..‘‘


‘‘අපි ඒවා පස්සෙ බලමු අයියා...හැබැයි දැන් විකුම් ඉස්සර හිටිය ගෙදර මාරු කරලා.....ඵෝන් එකත් වැඩ නෑ ....අපිට එයා ඉන්න තැන අහන්න වෙන්නේ....රානි ඇන්ටිගෙන් තමයි ....ඒත් මට නම් බෑ....එයා එක්කත් දැන් කතා කරන්න ....එයා දැන ගෙන මේ උගුලට මාව පැටලුවා කියලයි මට හිතෙන්නේ.....අයියා රානි ඇන්ටිට කතා කරලා....විකුම්ගේ විස්තර, ඉන්න තැන.....අලුත් ඵෝන් නම්බර් එකත් අහලා.... විකුම්ට කතා කරන්න ....., අය්යා, අහන්නකෝ ඉස්සරහ කාලේ මොනවද වෙන්නෙ කියල…... මටයි, පුතාටයි එයා මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ කියලා…....‘‘


‘‘ඔව් ඉන්නකෝ මං කතා කරල බලන්න වේලාවක් හම්බ වුණ ගමන්ම…..‘‘


නුවර දින තුන හතරක් ගතකල කාලය හිතට සැනසිලි දායක විය.

තාත්තාගෙ අවුරුදු දෙකේ දානේ අයියලාගෙ ගෙදර ඉතා හොදින් පැවැත් උනේ අයියට අවශ්‍ය පරිදීය. රාතියේ බන දේශනාවක් කරවා පසුදින ස්වාමීන් වහන්සේලා දොලොස් නමක් ගෙදරට වඩම්මවා හොදින් දානය හා පිරිකර පිලිගැන්වීය..... අපේත් අයියගෙ නෝනාගෙත් නෑදෑයින් බොහෝ දෙනෙක් එම සාංගීක දානයට සහභාගි විය. දානේ කටයුතුවලට මම ඉතා ඕනෑකමකින් සහභාගි උනේ හිතේ සතුටිනි .


දානේ කටයුතු අහවර උන පසු අම්මා සමග ටික දිනක් ගත කිරීමට ලැබීමත් මට සතුටක් විය. අම්මා දැන් හොඳට ම ඇදිලා වයසට ගොස් ඇත. ඇය මං ගැන දුකෙන් ඉන්නා බව හොදින්ම පෙනේ..... මගේ පුතා අතේ තියාන ඔහු නලවන අම්මා ලොකු කල්පනාවකින් ඉන්නෙ කියා මට සිතෙයි.

දානේ කටයුතු අහවර උන පසු දින දෙකක්ම සෝමා හා පුතා සමග ගමේ පන්සලට ගොස් ටිකක් බෝ සෙවනේ...වාඩි වී සිටින විට.... පන්සලේ ඇවිදින විට මගේ හිතට දැනුනේ පුදුම සැහැල්ලූවකි.....කාලයකට පසු මගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනුනේ.....මගේ රැකියාව නිසත්...අයියා සමග විකුම් ගැන කතා කර ඉදිරියට කල යුතු දේවල් කතා කල නිසා යැයි සිතේ....


ගමේ හුළඟ, ...කුඹුරු, ...ඇලවල්,... කඳු දකින විට හිතට සතුටක් වගේ ම පුදුම සැහැල්ලූවක් දැනේ.... දිගට ම මෙහේ නැවති ඉන්න ඇත්නම් යැයි සිතෙ....


‘‘නංගිලා තව ටික දවසක් මෙහේ ඉඳල යන්න.‘‘


අයියාගෙ නෝනා ඉතා කරුණාවන්ත කෙනෙක්ය. ඇය මේ ගමේ ඉඩකඩම් දේපල තියෙන ,හොඳ ගතිගුන තියෙන කෙනෙක්ද වෙයි...... .. යෝජනාවකින් අයියා ඇය කසාඳ බැන්දේ ද ඇයගෙ තිබුණ දේපල ඉඩකඩම් නිසා, කියා හැමෝම දන්නා කරුනකි....... අයියාව ඇයට කසාඳ බැඳ දෙන්නට මූලික උණෙත් අම්මායි. අම්මාට ඕන විදිහට අප දෙදෙනාට ම කසාඳ බඳින්න සිදු විය. නමුත් මම මෙන් අයියා අමාරුවේ වැටුනෙ නැත. අයියා කසාඳ බැඳපු අක්කා ඉතා හොඳ කෙනෙක් විය ඇයගෙ දේපල ඉඩකඩම් දැන් පාලනය කරන්නේ අයියයි..... අයියා ඉතා ඉහලට තව දියුණු වී, හොඳ අලූත් ගේයක්ද හදාගෙන සතුටින් ඇයත් සමඟ ජීවත් වේයි. මට ඔවුන්ගේ පේන්න ඇති එකම අඩු පාඩුව නම් ඔවුන් දෙදෙනාගේ පෙනුමේ නොගැලපීම විතරමය. ඔවුන් ඒවා ගනන් නොගෙන සතුටින් ජීවත් වෙයි. ඔවුන්ට දුවෙක්ද සිටි. ඇය ද අක්කා මෙන් ම ඉතා හොඳ ගති ගුණ ඇති දරුවෙකි මට අයියා ගැන සතුටුයි. අයියාට විවාහයට හොඳ කෙනෙක් ලැබුණ එක අපේ පවුලට හොඳක් විය. අයියා දැන් අම්මාවත් බලාගෙන ඇයව ඔහු ලඟ නතර කරගෙන ඉඳියි.


‘‘එන සුමානේ නිවාඩු ඉවර වෙනව අක්කේ. හෙට කොළඹ ගියොත් හොඳයි.... අක්කලත් කොළඹ එන්න අපේ ගෙදර ටික දවසක් නැවතිලා යන්න....‘‘


‘‘එන වාරේ දුවගේ ඉස්කෝලෙ නිවාඩුවට එන්නම්කෝ…..දුවත් ආසයි කොළඹ ඇවිදින්න. .‘‘


‘‘ඔව්. ඒ ආවහම කොළඹ ඇවිදලා නොදැකපු ඒවා දැක බලාගෙනත් යන්න පුළුවන්. අම්මවත් එක්ක එන්න ඒ එනකොට..…..‘‘


දවස් හතරක් නුවර අයියලාගේ ගෙදර නැවතී විවේක සුවයෙන් සිටි මාත්, සෝමාත් නැවත කෝච්චියෙන් කොළඹ බලා ආවේ, කෝචිචි ගමනත් හිතට සැහැල්ලූවක් ගෙන දෙන ගමනක් නිසයි...... අයියා අපිව නුවර ස්ටේෂමට ඇරලූවේය….. පුතා දැන් හරි ඉක්ඹනට හැමෝම සමඟ යාළු වෙයි. ඔහු අම්මා, අයියා, අක්කා සමඟත් අයියගෙ දුවත් සමඟත් හොඳට ම යාළු වී සතුටින් ගත කළ දින හතර මටත් සතුටු ගෙන දුන් දිනයන් විය. පුතා සතුටින් සිටින විට මගේ හිතට ද සතුටු දැනේ. පුංචි පුතා,තාත්තා කෙනෙක් නොදැකපු පුතා .....ගැන මට ඇත්තේ දුකකි...... ඔහුට තාම ඒ ගැන වැටහීමක් නැත. කවදා හෝ ඔහු මගෙන් ඒ ගැන අසනු ඇත.ඔහුගේ තාත්තා කෝ කියා අසනු ඇත... .. එදිනට මං මොනවද දෙන උත්තර, මොනවද මම දරුවට කියන්නේ ….. පුතාට තාත්තා ගැන දැනුම් තේරුම් යන්න ඉස්සර මං කොහොම හරි විකුම් සමඟ යාළු වී ඔහු ලඟට යා යුතුයි.... නැතිනම් ඔහුගෙන් අයින් වී වෙන කසාදයක් කර ගත යුත්තේ...පුතා ලොකුවෙන්නට ඉස්සරය. දරුවා ලොකු වී දැනුම් තේරුම් යන්න ප්‍රතම මම පිලිවෙලක් වී දරුවාට තාත්තා කෙනෙක් නැති අඩුව දැනෙන්න නොදිය යුතුයි......


නොයෙකුත් කල්පනා සමඟ කෝච්චියෙන් කොළඹ ආ අපට ගෙදර යෑමට කුලී වාහනයක් සොයා ගත යුතුව තිබුණි. දැන් නම් කෝච්චි ගමන අපි තිදෙනාටම හොදටම මහන්සි දැනී ඇත.


‘‘නෝනා මං මේ බඩු ටිකයි බේබිවයි තියාගෙන මෙතන ඉන්නම්.... නෝනා ගිහින් වාහනයක් කතා කරගෙන එන්න,........ පුතා මගේ අතේ නිදි නිසා මට යන්න බෑනේ.....නෝනා...‘‘


‘‘අක්කට එපා කියද්දී... ගමේ මිරිස් තුනපහ වර්ග දුන්නනෙ.... ඒ බෑග් උස්සගෙන බස් එකේ යන්න නම්, කොහොමත් බෑ…. ඉන්න මං ගිහින් වාහනයක් නවත්ත ගන්න බලන්නම්…...‘‘


කුලී වාහන රථ ගාල ලඟට මං ගියේ වාහනයක් කතා කරගෙන ගෙදර යන්නයි.


‘‘සාරදා... සාරදා... මේ කොහේද ඔයා... කොහේ ගිහින් එන ගමන් ද…..?’’


මම හැරී බැලූවේ කවුද මගේ නම කියන්නේ කියායි...... මට හිතා ගන්නත් බෑ ,අපේ පාසැලේ තුසිත සර් මං ලඟ ඇත….


‘‘ආ....මේ..... තුසිත සර්, නේ... මං මේ නුවර ගිහින් එන ගමන්. පුතයි වැඩ කරන එක්කෙනයි එක්ක.... අපට ගෙදර යන්න කුලී කාර් එකක් බලන්න ආවේ…..‘‘


"‘ආ... මං මේ අපේ අම්මව ස්ටේෂමට බස්සන්න ආව ගමන්.... ඉන්න මං මගේ වාහනය අරගෙන එන්නම්…. මං ඔය ගොල්ලන්ව ගෙදටට බස්සවන්නම්.‘‘


‘‘සර්ට කරදරයක් නේ.‘‘


‘‘මොන කරදරයක්ද සාරදා …. මේ වගේ වෙලාවට නැති උදව් මොකට ද? සාරදා එහෙනම් අතන ඉන්න මං වාහනය ඇරගෙන එතනට එන්නම්. එතකොට සාරදාලා නගින්න.‘‘


‘‘හොඳයි සර්..‘‘ සාමාන්‍යයෙන් පාසැල් වල ගුරුවරුන්ට අනිත් ගුරුවරුන්ට, ළමයි මෙන්ම, සර්...ටීචර් කියා කතා කරන්නෙමු...හොදම ළගින්ම ආශ්‍රය කරන ගුරුවරුන්ට විතරක් නම කියා කතා කරන්නෙමු. මාත් ඒ නිසා තුසිත සර්ට එලෙස කතා කරන්නෙමි....


සෝමාත්, පුතාත් සමඟ තුසිත සර් කියපු තැනට අපි ඇවිත් ටික වේලාවක් යන්න ඉස්සර තුසිත සර් ඔහුගේ වාහනය අපි ලඟ නතර කර අපට නගින්න කීය. බඩු මළු ටික කාර් එකට දා ගත් සෝමා පිටිපස්සෙන් නැග්ගාය..... මං පුතත් වඩා ගෙන ඉස්සරහ සීට් එකෙන් වාඩි වුණේ පිටි පස්සෙන් මං වාඩි වෙන එක හොඳ නැති නිසායි.


‘‘මේ සාරදාගෙ පුතා ද? මහන්සියට නින්ද ගිහිල්ලනේ......‘‘ ඔහු හෙමින් කතා කරන්නේ පුතාට ඇහැරෙයි කියා වෙන්නැති.


"‘ඔව්... අපි අපේ අයියලාගෙ නුවර ගෙදර ගියා.... අයියා දවල් ස්ටේෂන් එකට ගෙනත් බැස්සුවා.‘‘


‘‘දැන් මට පාර කියන්න සාරදාලගෙ ගෙදරට යන.....‘‘


‘‘ඔහොම ඉස්සරහට යං මං කියන්නම්.‘‘


‘‘ගොඩක් දවස් නුවර ගිහින් හිටිය ද සාරදා ....?’’


"‘නෑ දවස් හතරයි. තාත්තාගෙ අවුරුදු දෙකේ දානේ තිබ්බා. ඒකට ගියේ…..‘‘


‘‘එතකොට සාරදා වැඩ කරන කෙනා එක්ක ද කොළඹ ගෙදර ඉන්නේ .‘‘


‘‘ඔව්... හස්බන්ඞ් එන්න තව ටික කාලයක් යයි.‘‘


‘‘කොහේද හස්බන්ඞ් ඉන්නේ.‘‘


‘‘ඉංගලන්ඞ් වල.‘


‘‘ආ.. එහෙට ඉතිං යන්න එන්න වීසා ගන්න අමාරුයිනේ.‘‘


‘‘ඔව්, ඒක තමයි. මාවයි, පුතාවයි එහෙට ගන්න තමයි හස්බන්ඞ් මහන්සි වෙන්නෙ..... තවම බැරි වුණා…...‘‘


‘‘හස්බන්ඞ්ට තියෙන්නෙ ලංකාවට ඇවිත් මෙහෙ පදිංචි වෙන්න.‘‘


"‘එයා ඒ රටේ ඉගෙන ගත්ත කෙනෙක්නේ... කැමති නැ මෙහේ ඇවිත් නවතින්න....‘‘


‘‘ඒක තමයි රට ගිය අය ආස නෑ ලංකාවේ ඇවිත් ජීවත් වෙන්න.... ඒ අය ඒ රටවල, දේවල්වලට පුරුදු වෙලා.... එහේ ඉන්නම තමයි කැමති…..‘‘


‘‘දැන් අනිද්දට ඉස්කොලෙ පටන් ගන්නවනේ, ඉතිං නිවාඩුවත් ඉවරයි….‘‘


‘‘ඒක තමයි.... සාරදා උපාධිධාරිණියක්නේ.... කැමති නැද්ද ටවුමේ ටියුටරියෙ උගන්නල අමතර ආදායමක් ලබාගන්න….., මට පුළුවන් සාරදාට එතන කරන්න පන්තියක් ඇරන් දෙන්න..... ළමයි හරියට එන තැනක්නේ. උපාධිධාරිණියන්ට එතන ඉල්ලූමක් තියෙනවා…..‘‘


‘‘දෙයියන්ගෙ පිහිටෙන් මගේ ආදායම හොඳයි....මට ඒ ඇති.... අයියයි, අම්මයි මට සල්ලි දෙනවා.... හස්බන්ඞ් සල්ලි එවන නිසා මට කරදරයක් නෑ..... පුතාට, මාත් එක්ක ඉන්න තියෙන වෙලාව අඩුවෙනවනෙ…., මං අමතර පන්තිවලට ගියොත්..... මගේ ගුරුවැටුපත් තියෙනවානේ.....ඒ ඇති මටයි, පුතාටයි. ඉතිං….. වැඩිය මහන්සි නොවී සැහැල්ලූවෙන් ජීවිතය ගෙනියන්න තමයි මං කැමති…..‘‘


"‘එහෙනම් කමක් නෑ... මං නිකං කිව්වේ... සල්ලි නම් කොච්චර තිබුණත් මදිනේ... මම නම් එතන උගන්නලා ගන්න සල්ලිවලින් තමයි හොඳට ජීවත් වෙන්නේ…. නැත්නම් ඉතිං අපේ ගුරු වැටපු ගෑවෙන්නත් මදිනේ….‘‘


‘‘කතාවෙන් කතාවෙන් ගේ ලඟටම ආවා. සර්ට බොහොම සතූතියි,..... අපිව ගෙනත් බැස්සුවාට….. ගෙට අඬගහන්නෙ නම් නෑ..….. තේ එකක්වත් බොන්න..... මොකද නුවර යන්න බඩු මුට්ටු ඔක්කොම ඉවර කරල අස් කරල, සෝමයි, මමයි ගියේ…. සර් වෙන දවසක තේ බොන්න එන්නකෝ.... තරහ වෙන්න එපා.... ගෙට අඩ නොගැසුවාට.අද හරි මහන්සියි කෝචිචි ගමන නිසා…...‘‘

‘‘ඒකට කමක් නෑ... අපි ඉස්කෝලෙ දි එහෙනම් හම්බ වෙමුකෝ….මම .යන්නම් සාරදා …...‘‘


‘‘ස්තූතියි තුසිත සර්..‘‘

මං පුතාත් ඇරගෙන වාහනයෙන් බැස ගෙට ගියේ උදේ ඉඳන් කෝච්චියෙන් ඇවිත් තිබූ ඇගේ මහන්සිය ඉක්මනට නිවාගන්නයි.


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

8 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

留言


bottom of page