top of page
  • Writer's picturePrisila Godahewa

💞අමුතු දීගේ 💞 අමුතු දීගේ 💞

(7වන කොටස)

🌹🌹"‘හලෝ...‘‘ මම රිසිවරය ගත්තේ හිතේ චකිතයකිනි


‘‘‘හලෝ... සාරදා කොහොමද…..? එහා පැත්තෙන් ගැබුරු කටහඩකින් මගේ නම කියා කතා කරයි.


"හොදයි….ඔයාට කොහොමද….. ?


"මමත් හොදින් ….. මාව මතකද ඔයාට ...?

"අපි ඉස්සර නම් හම්බුවෙලා තියෙනවා ….අපේ අම්මා මට ඔයාව මතක් කරල දුන්නේ….ඉස්සර දවසක් දෙකක් මම ඔය ගොල්ලන්ගෙ ගෙදර ඇවිත් අයියලත් එක්ක සෙල්ලම් කරලත් තියෙනවා …. මට නම් වැඩිය මතක නෑ….අපේ අම්මා කිව්වා... අම්මලාගේ කාන්තා සමිතියකින් ගිය ට්‍රිප් එකකට ඔයත් ඇවිත් හිටියා කියලා …..අපේ අම්මා තමයි මට කිව්වෙ ඔයත් එක්ක කතා කරන්න කියලා …. ".

‘‘අපෝ ඔව්…...මට ඔයාව මතකයි,...අර පොඩි කාලේ අපිත් එක්ක ට්‍රිප් එකක් යන්න….රානි ඇන්ටි එක්ක ඇවිත් හිටියේ ඔයානේ….. ආඩම්බර කලු කොල්ලා නේද ….?


‘‘මං ආඩම්බර ද…...?‘ හග්... හා..හා…..එහා පැත්තෙන් හිනාවෙන හඩ ඇසෙයි . ඒ කටහඬ, මට හොඳට හුරු පුරුදු යැයිද සිතේ. ගොරෝසු උණත් හැඟීම්බර කටහඬකි.

"මට කළුයි කිව්වා නේ…..මම දැන් සුදුයි හොදද….ඔහු තවත් සිනාසෙයි.


ආ...ඔව් රට ගිය ඇත්තෝ...සුදු වෙනවලුනේ…..ඉතිං කොහොමද ? ….


"ඔයා කලම්බු යුනිවර්සිටි කියලා අම්මා කිව්වා ...තර්ඩ් ඉයර් ලුනෙ….?

"ඔව්….

‘‘දැන් කොහොමද යුනිවසිටි වැඩ එහෙම ... …? කවද ද ෆ්‍යිනල් එග්සෑම්?‘


"‘තව අවුරුද්දක් තියෙනවා ෆයිනල් එක්සෑම් එකට.‘‘


‘‘පාඩම් කරනවද දැන් ම ඉඳන්.‘‘


‘‘ටිකක් විතර….., වැඩ ගොඩ කරගන්නේ නැතුව එදා වැඩ එදාට ඉවර කරගන්නවා‘‘....


“ඒක හොඳයි . මමත් එහේමයි, නැත්නම් විභාගෙ ලං වෙනකොට අමාරුයි…...අපේ අම්මයි ඔය ගොල්ලන්ගෙ අම්මයි කතා වෙලා අපි දෙන්නට කරල තියෙන යෝජනාව ගැන ඔයා දන්නව ද සාරදා ..?’’

‘‘අම්මා මට කිව්වා…....‘‘ මට ලැජ්ජා සිතිනි.


"‘ඔයා මොකද කියෙන්නේ ඒ ගැන…. .සාරදාට කැම්පස් එකේ කොල්ලෙක් එහෙම ඉන්නවද? නැද්ද?’.......නැති වෙන්නත් බෑනේ….යුනිවර්සිටි කෙල්ලන්ට….


‘‘නෑ….තවම නෑ…....‘‘ මම කෙටියෙන් උත්තර දුන්නෙමි.


"‘ඒ බොරුවෙන්නැති…....‘‘ කැම්පස් එකේ තර්ඞ් ඉයර් එකේ කෙල්ලෙක්ට කොල්ලෙක් නැති වෙනවද?’’....


‘‘ඒ කියන්නෙ ඔයාටත් ඔහේ කෙල්ලෙක් ඉන්නවා ඇති…. ඒකනේ මම ගැන එහෙම හිතන්නේ……"


‘‘නැත්තෙත් නෑ….. ඇත්තෙත් නෑ…..මොකටද බොරු කියන්නේ…..ඉස්සර හිටියා….. දැන් මුකුත්ම නෑ….. දැන් හිතෙනවා පිළිවෙලක් වුණොත් හොඳයි කියල…... අම්ම කියන විදිහට ලංකාවෙ කෙනෙක් බැන්දොත් හොඳයි කියලා ….."


‘‘කවද්ද ඔයා ලංකාවට එන්නේ ….?’


‘‘මේ අවුරුද්දෙ අන්තිමට තව මාස හයක් තියෙනවා. හැබැයි ඒ අවහම ලංකාවේ කෙල්ලෙක් කසාඳ බැඳල, එක්කගෙනම යන්නයි හිතාගෙන ඉන්නේ.‘‘....

‘‘එහෙනම් ඉතිං මාව හරියන්නෙ නෑ…....‘‘


‘“ඒ... ‘ඇයි...‘‘


‘‘මගේ ෆයිනල් එග්සෑම් එන අවුරුද්දෙ මැද…. ඒක ඉවර වෙනකම් නම් මං කොහේවත් යන්න කැමති නෑ…....‘‘


‘‘හරි... හරි... බැඳල ඔයා යුනි.... යන්න…... එක්සෑම් ඉවර වුණ ගමන් ඔයාට මාත් එක්ක එන්න පුළුවන්නේ රට…. . මට ඒ කාලේ ඔයාට එහේ එන්න වීසා එහෙම හදාගන්නත් පුළුවන්…..., අපි දෙන්නට ඉන්න තැනක් එහෙමත් ලෑස්ති කරගන්න පුලුවන් ඒ කාලේ වෙනකොට …... ..”


‘‘ එහෙම නම් හොඳයි... මගෙ එක්සෑම් එකට කරදර වෙයිද දන්නෑ. කසාඳ බැන්ඳට පස්සේ…....‘‘


‘‘මං ඔයාව උස්සගෙන ඉන්නෑනේ…... ඔයා හොඳට පාඩම් කරල එක්සෑම් ලියන්න….ඊට පස්සේ මෙහේ එන්න. අනික ඔයාගේ ඩිග්ග්‍රරි එක ගත්තට පස්සෙ ඔයාට මෙහේ හොද ජොබ්‘‘ එකක් හොයාගන්න පුලුවන් ….එහෙම නැත්නම් ඔයාටත් තව මොනව හරි මෙහෙ යුනිවර්සිටි එකක ඉගෙන ගන්න පුලුවන් ,රස්සාවක් කරන ගමන්……"


‘‘ හා….ඒක නම් හොද අදහස….මාත් ආසයි තව මොනව හරි ඉගෙන ගන්න ….මගේ ඉංගිරිසි දැනුම තිබුනට, හොදට ඉංගිරිසි කතා කරන්න බෑ...ශේප් වෙන්න විතරයි පුලුවන් ….මම ඔයාට ඒක මුලින්ම කියන්න ඕනේ කියලා හිතුවා…..


"මම දන්නවා සාරදා…..මමත් මෙහේ ආවට පස්සෙ තමයි හොදට ඉංගිරිසි කතා කරන්න පටන් ගත්තේ….ඒක ප්‍රශ්නයක් නෙමේ..ඔයාටත් පුලුවන් එහෙම...


" දැන් අම්මයි, රාණි ඇන්ටියි කොයිවෙලෙත් අපි ගැන කතා කරනවා…..‘‘


"‘මට ආසයි ඔයාගෙ ෆොටෝ එකක් බලන්න. ඉස්සර පොඩි කාලේ දැක්කට පස්සෙ දැක්කෙත් නෑනේ...අම්මා අපි අර ට්‍රිප් එක ගිය කාලේ ඔයාගෙ ෆොටෝ එකක් එවල තුබුනා….මම ඇහුව්වා මේ ලෑල්ලද කියලා …..‘‘

‘‘ හා...හා….ඉස්සර වගේම තමයි තාමත් මම ලෑල්ලක් වගේ..කෙට්ටුයි කැතයි….. .‘‘


‘‘හා... හා... ලියුමක් එවන වෙලාවක ෆොටෝ එකක් දාලා එවන්න හොදේ...ලෑල්ල දැන් කොයි වගේද බලන්න ආසයි ....‘‘


‘‘ඔයාගෙ එකකුත් එවන්න. මට දැන් ඔයාවත් මතක නෑ…..‘‘


‘‘හා... හා... මං එවන්නම්කෝ. අපේ ගෙදර ගියොත් නම් මගේ ෆොටෝ බලන්න පුළුවන්…..අපේ අම්මා ගේ හැමතැනම මගේ ෆොටෝ ගහල තියාගෙන ඉන්නේ.‘‘


‘‘එහෙනම් ඇත්තට ම යන්න ඕනෑ රාණි ඇන්ටිලාගෙ ගෙදර… පුංචි කාලේ ගියාට පස්සෙ මම ගිහින්ම නෑ…..තමයි "

‘‘රාණි ඇන්ටි නෙමේ දැන් නැන්දා වෙන්න යන්නේ.‘‘


‘‘නැන්දා නෙමේ... නැන්දම්මා...‘‘

කාලය පියඹා ගියේ ඉතා වේගයෙනි. මාත් විකුමුත් නිතර නිතර දැන් ෆෝන් එකෙන් කතා බහ කරන්නෙමු. රටවල් දෙකක ඉන්න අපි දෙරටේ වේලාව ගැලපෙන ලෙස බෙදාගෙන කතාකරන්නෙමු. විකුම් ඔහුගේ අවසාන විභාග කරයුතු කරන ගමන් රැකියාවක් ද කරයි. යාලුවෝ දෙදෙනෙක් සමග තට්ටු නිවාසයක ජීවත් වන ඔහු ජීවිතය දිනන්න ගොඩක් මහන්සි වන බව පෙනේ. මම එම රටට ගිය විට අප දෙදෙනාට ඉන්න වෙනම තැනක් ලෑස්ති කර තෑබිම වෙනුවෙන් ඔහු මේ දවස්වල මහන්සි වන බව කියයි. අපි හිතන තරම් සුන්දර ලෝකයක් එහි නැත. උදේ හවස ඉගෙන ගන්න ගමන්ම රැකියාවක් කිරීම එහි සිටින, ලංකාවෙන් ගිය හා වෙනත් රටවලින් පැමිනි සියලු ශිශ්‍යයෝ කරන දෙයක් බව විකුම් කියයි. ඒ තමන්ගේ දෙමව්පියන්ට බරක් නොවන්නටය. මට ඔහු ගැන දුකත් සිතෙයි. ඔහු ඔහුගේ අම්මාගෙන් මුදල් නොගෙන ඔහුගේ ඉගෙනීමේ කටයුතු වෙනුවෙන් ඔහුම මුදල් සොයා ගනි. හරියට කෑමක් බීමක් නැතිව ඔහු වෙන මහන්සිය ගැන මට ඔහු කියන විට, දුක සිතෙයි. විකුම් හොද වැදගත් පවුලක ළමෙක් උනත්, එසේ මහන්සි වන්නේ තම මෑනියන්ගේ මුදල් නාස්ති කිරීමට ඇති අකමැත්ත නිසාවෙනි. රානි ඇන්ටි ..අංකල්ගේ පැන්ශන් එකෙන් දැන් ජීවත් වෙයි. ඔවුන්ගේ කුරුණෑගල පොල් ඉඩම විකුනා, විකුම්ව එංගලන්තයේ ඇරපු බවත්, ඔහුගේ සොහොයුරියට ඉතිරිය දෑවැද්ද ලෙස දුන් බවත් කීවේ විකුම්‍ය. ඔහු ඉතා අවංක, හිත හොද, බොරු ආටෝපයක් නැති, සෝබන කතා නැති කෙනෙක් බව ඔහුගේ කතාවෙන් මට තේරෙයි.


මමද පාඩම් වැඩ කටයුතු ද හොඳින් කරගෙන විභාගෙට දැන් ම තියා ලෑස්ති වෙමින් උන්නෙමි. විවාහයෙන් පසු ඔහු ලගට ගොස් ජීවිතය ජයගන්න ඔහුට උදව් කලයුතු යැයි මට සිතේ....

අම්මාත් රාණි ඇන්ටිත් ඔවුන් දෙදෙනාට ඕන පරිදි අපේ විවාහය දැන්ම තියා සැලසුම් කරන්නේ...විකුම් තව මාස හයකින් ලංකාවට ආවිට මාව කසාද බන්දා දීමටය. විකුම් කිව් ලෙස මගේ විභාගය අවසන් වු පසු මමත් එංගලන්තය බලා යෑමට නියමිතය.

‘‘අපි ලොකු හොටෙල් එකක වෙඩිං එක ගමු...මම කුරුණෑගල පොල් ඉඩම් විකුනපු වෙලේ ,කවද හරි විකුම්ගේ වෙඩින් එක ගන්න සල්ලිත් අයින් කරා...විකුම් ගෙ අක්කගෙ වෙඩින් එකත් හොදට ගත්ත නිසා….විකුම් ගේ වෙඩින් එකත් හොදට ගන්න ඕනේ…. රානි ඇන්ටි අම්මා සමග සියලු දේ කියයි.

‘‘ඔව්... ඔව්... අපට ඉන්නෙත් එකම කෙල්ලනේ….. නෑදෑයෝ හැමෝට ම කියල වෙඩිං එක ලොකුවටම ගන්න ඕනෑ.‘‘


‘‘අපටත් ඉන්න එකම කොල්ලනේ. විකුම්ගෙ අක්කත් කසාඳ බැඳලා රටනේ ඉන්නේ….. ඒ අයත් ලංකාවට එයි, මල්ලිගෙ වෙඩින් එකට.‘‘


‘‘සාරදායි විකුමුයි නිතර ම ෆෝන් එකේ කතා කරනවා. මට හරි සතුටුයි ඒකට.. . දෙන්නම උගත් ළමයිනේ....‘‘

‘‘රාණි දැන් හෝම්කමින් එක ඔයගොල්ලන්ගෙ ගෙදරනෙ තියෙන්නේ. ඒකටත් ගොඩක් කට්ටියක් එනව ද?’’


‘‘ නෑදෑයන්ට විතරක් කියනවා. යහළුවන්ට වෙඩින් එක කියන නිසා. .‘‘

‘‘ඒක හොඳයි.‘‘

‘‘දැන් කවද්ද විකුම් එන්නේ.‘‘


"තව මාසෙකින්....එයා එනකොට අපට වෙඩින් එකේ වැඩ ඔක්කොම ඉවරකරලා තියාගන්න පුලුවන් .

කාලය බලාගෙන ඉදිද්දි ගෙවිගියේ හරි කඩ්නමින්ය. වෙඩින් එකේ වැඩ ගොඩක් දුරට ඒවෙන විට හමාර වී තිබුනි.


"වෙඩින් එකට සුමානෙකට කලින්නේ විකුම් එන්නේ…"


‘‘සුමානයක් වේලාසනින් හරි ලංකාවට එන එක හොඳයි. එයාට ඕන විදිහට වෙඩිං එකේ ඉතිරි වැඩ බලලා කරගන්නත් පුළුවන්නේ.‘‘

දින ගෙවී ගිහින් අපේ වෙඩිං එකට දින හොදටම ලං විය. එබැවින් විකුම් රට ඉඳන් ලංකාවට එන දිනයද ලං විය. තාම මම මගේ සැමියා වෙන්න සිටින කෙනා කාලෙකට එනම් පොඩි කාලේ දැක්කාට පසු දැක නැත. විවාහයට සුමානයක් තියෙද්දි ඔහු එන නිසා මට ඔහුව දකින්න ලැබෙන්නේ එදිනටය.

මම උන්නේ සතුටින් ඉපිලෙමිනි. මාව මනාලියක් ලෙස අන්දන කෙනා මට දැන් මාසෙක වෙලේ ඉදන්, මගේ මූණට පේෂල් දමමින් මගේ කොණ්ඩය කපා අලූත් මෝස්තරයකට සකසමින්, නියපොතු ඇහිබැමි හදමින් මාව මණමාලියක් ලෙස සැකසීමට දැන් ම තියා ලෑස්ති වෙයි. මම වෙනදාට වඩා දැන් ලස්සන යැයි මටම සිතෙයි .

‘‘අම්මේ... සාරදා ලස්සන වෙලා...... මනමාලයා එන්න ලඟ හින්ද ද කොහේදෝ... කෙල්ල මොඞ්වෙලා ලස්සන වෙලා. බලන්න එපෑ... ලස්සන.....උඹ මේ ටිකට වෙනස් වෙලා තියෙන තරම්...

සුනීතා මගේ කොණ්ඬේ අතගාමින් කතා කරයි.

‘‘දැන් කවද ද මනමාලයා එන්නේ.‘‘

‘‘තව සුමානෙ කින්.‘‘


‘‘අම්මේ... මූණෙ තියෙන පෙම් පාට.‘‘.....හැබැයි උබ එයාව පොඩිකාලේ දැක්කට පස්සෙ දැක්කෙ නෑ කිව්වනේ......


"ඔව්...ඒ කාලේ දැක්කට පස්සෙ ෆොටෝ වලින් තමයි දැක්කේ.....


"අත පය හතර හොදට තිබුනද උගේ.....? නැන්දම්මා මොකද දන්නෑ.....අන්තිම කටේ ඌව උබට පෙන්නන්න හදන්නේ..."


"අනේ....පලයං යන්ඩ...මගේ ඔලුවට ඕන නැති ඒවා දාලා මාව භය කරන්නේ නැතුව .....

අනේ පව්.....විකුම් ...ඌ ...හරි හොද එකා....


" හා...හා....අපටත් තව සුමානෙකින් බලා ගන්ඩ පුලුවන්නේ .....උබේ රට මනමාලයා ....."

9 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page