top of page
  • Writer's picturePrisila Godahewa

අමුතු දීගේ 💞#2 අමුතු දීගේ#2

( 16 වෙනි කොටස )


කැනඩාවට විත් ගෙවුනු අවුරුද්දක කාලය..... දුවගේ අසනීපයත් සමග, අපේ වැඩ රාජකාරි කරමින්, ගෙවුනු කරදරකාරි, අසහනකාරි කාල පරිච්ඡේදයන් ඔය විදිහට ගෙවී යයි.…….. සියලු කරදර කම්කටොලු සමග ගෙවියන ජීවිතය තුල.…..දරු දෙදෙනා බලා ඉදිද්දි ලොකු විය…..කැනඩාවට ඇවිත් අවුරුද්දක්ද ගෙවි අවසන් විය…..


"සාරදා ...දැන් නම් මේ පුංච් ෆ්ලැට් එකේ හිටිය කාලේ ඇති…. මේ පුංච් ගේ ඇතුලේ මේ ළමයි දෙන්නට හැරෙන්නවත් ඉඩ නෑනේ....පව් ළමයි දෙන්නට නිදහසේ සෙල්ලම් කරන්න ...අපට යාලුවො කාව හරි ගෙදරට ගෙන්න ගන්න....ටිකක් ලොකු තනි ගෙයක් තිබුනොත් හොදයිනේද..... දැන් අපි දෙන්නම වැඩ කරන නිසා කාමර දෙකක පොඩි තනි ගේක පදිංචියට යමුද…?


" අනේ....කොච්චර දෙයක්ද….මාත් ඔයාට කියන්න හිටියේ….අපි හැමදාම අනිත් යාලුවන්ගෙ ගෙවල් වල යනවා…..තාම කාටවත් අපේ ගෙදර එන්න කිව්වෙත් නෑ…..ගේ පොඩි නිසා කාටවත් එන්න කියන්නත් බෑනේ…. ඒ නිසානේ….ගිය පාර පුතාගේ උපන් දිනේ ගත්තෙත් රෙස්ටුරන්ට් එකක……"


"එහෙනම් පුතාගෙ ඉස්කෝලෙට ලගින්ම වගේ කුලියට තනි තට්ටුවේ ගෙයක් හොයා ගමුද....."


"ඒක හොදයි ….දැන් දරුවො දෙන්නා ටිකක් ලොකු නිසා...අත පය දිග ඇරලා සෙල්ලම් කරන්න පුලුවන් පොඩියට වත්තකුත් තියෙන ගෙයක් හොයා ගමු…..එතකොට මට එළවලු මල් එහෙමත් වවාගන්න පුලුවන් ….."


කැනඩාවට විත් අවුරුද්දක් ගෙවුනු පසු අපි කාමර දෙකක තනි ගෙයක කුලියට ගියේ දරුවන් දෙදෙනා ලොකු මහත් වී තනි කාමරයේ ගෙදර , ඉඩකඩ මදි වුන නිසයි…...


කාමර දෙකේ තනි ගෙදරක කුලියට ගිය පසු මට කරන්න තිබුන වැඩ වැඩි විය….. නමුත් මම හරි ආසාවෙන් ගෙදර දොරේ වැඩ කර ගත්තෙමි …... වත්තේ එළවලු මල් සිටුවා ඒවාට සාත්තු කලේ හරි සතුටින් .….... දුවටත් පුතාටත් වත්තේ ඇවිදිමින් සෙල්ලම් කිරිමට ඉඩ කඩ ලැබීම ,විකුම්ටත් මටත් ලොකු සතුටක් විය.....


කැනඩාවේදි අදුනාගත් යාලුවන්, අපේ ගෙදරටද ගෙන්වා ගෙන සතුටුසාමිචියෙ යෙදෙන්න අවස්ථාව ඒ නිසා සැලසිනි.


#########


විකුම්ට ස්තිර රැකියාවක් ලැබෙන විට අපි මෙරටට ඇවිත් වසර තුනක්ද ගත වී ගොස් තිබුනි….ඒ වන විට දුවත් මොන්ටිසෝරි යන්න පටන් ගෙන තිබුන නිසා...මම දිගටම "ඩේකෙයාර්" එකේ ළමයි බලන ගමන් "ඩේකෙයාර්" පිලිබද පාටමාලාවක් හදාරන්න පටන් ගත්තෙමි…... ඒ සමගම දුවත් පුතත් ඉස්කෝලේ එක්කගෙන යන වැඩත් සමගම මට ඩ්‍රයිව් කරන්න ලයිසන් ගන්නටද හැකි විය…... එය විකුම්ටද ලොකු පහසුවක් විය. මම දැන් දුවයි පුතයි පාසැල් එක්කගෙන යන්නේ විකුම්ගේ කාර් රතයෙනි…....විකුම් බස් එකේ ඔහුගේ රැකියාව සදහා උදේන්ම පිටත් වෙයි... .. දෙවියන්ගේ පිහිටෙන් කැනඩාවට ඇවිත් අවුරුදු තුනක් ගෙවෙන විට අපිට අපේ කරදර කාල අමාරුවෙන් ගෙවා දමා යම් හොද තතත්ත්වයකට එන්නට ලැබුනි.


" සාරදා …..අම්මයි අක්කයි කියනවා දුවව කවදාවත් දැකලත් නැති නිසාත්….පුතා ලොකු උනාට පස්සේ දැක්කෙත් නැති නිසා….ඔස්ට්‍රේලියාවේ ඒගොල්ලන්ගෙ ගෙදර නිවාඩුවකට අපට ඇවිත් යන්න කියලා ….


"අනේ..කොච්චර දෙයක්ද විකුම් …..අපි ලංකාවෙන් ආවට පස්සෙ කොහේවත් වෙන රටකට ගියෙත් නැති එකේ….නිවාඩු කාලයක් බලලා ගිහින් එමුකෝ…."


" ඔයත් ආසනම් ….මම ඔස්ට්‍රේලියාවේ විසා වලට ඇප්ලයි කරන්නද…?


"ඔව්...අපි දෙසැම්බර් නිවාඩුවට සුමාන තුනකට විතර ඔස්ට්‍රේලියාවට ගිහින් එමු…"


"මටත් ලොකු උවමනාවක් තිබුනා…..අම්මව බලලා එන්න….අම්මව දැන් මෙහේ ගෙන්න ගන්නත් බැරි එකේ අපි ගිහින් බලලා එන එක හොදයි…..දරුවන්ටත් ආච්චිව නැන්දව නෑදෑයෝ පෙන්නන්න එපෑ……


######


කැනඩාවට විත් අවුරුදු තුනකට පසු අපිට දෙසැම්බර් නිවාඩුවට ඔස්ට්‍රේලියාවේ… විකුම්ගේ අක්කලාගේ ගෙදර ගොස් එහි රට තොට ඇවිද …..නෑදෑයින් දැක බලා එන්නට ලැබීම අප හතරදෙනාට හොද අවස්තාවක් හා සතුටක් විය..….මේ වන විට දුවට අවුරුදු හතරක් සම්පූර්ණ වී තිබීමත්......පුතාට අවුරුදු හත සම්පුර්ණ වී තිබීමත් නිසා මට දැන් ඔවුන් බලා කියා ගැනීම අපහසු නොවීය…...පුතා කවදත් මට කරදර නොකල දරුවෙක් විය...... නංගිවත් බලාගෙන මට ගෙදර වැඩටද ඔහු පුලුවන් විදිහට උදව් කිරීම නිසා….මට බොහෝ දුරට දැන් විවේකය ලැබි ඇත.


නිවාඩුවට ඔස්ට්‍රේලියාවට ගිය ගමනේදි විකුම්ගේ මව ,....ලංකාවේ ඔවුන්ගේ මහ ගෙදර විකුනා ලැබුන මුදලින්..... විකුම්ගේ කොටස, මා අතේ තබා එම මුදල් දුවගෙත් පුතාගෙත් බැංකු පොත් වලට දාන්න කියා දුන්නේය…...ඇය එම මුදල් විකුම්ගේ සහෝදරිය චාමලි,... ලවා බැංකුවෙන් ගෙන්වාගෙන…. අප නිවාඩුව ඉවරවි ඔස්ට්‍රේලියාවෙන් එන්නට ප්‍රතම …... දෙන්නට ලෑස්ති කර තිබු බවක් පෙනින.


"අම්මේ අපි තාම කුලියට ඉන්න නිසා මේ සල්ලි වලින් අපි ඩවුන් පේමන්ට් එකක් ගෙවලා ලීස් කරලා ගෙයක් ගන්නද…? හැමදාම කුලියට ඉන්න කොට හරි වියදමක් යනවා…."


"සාරදාට හොද විදිහක් කරන්න …..සාරදා නිසා තමයි ඔයා අද ඔය විදිහට හොදට ඉන්නේ….මගේ යුතුකම මම කලා...ඔයගොල්ලන්ට කැමති දෙයක් ඔය සල්ලි වලින් කරන්න ….නාස්ති කර ගන්නෙ නැතුව….මම දන්නවා සාරදා ….පිලිවෙලට වැඩ කරලා පවුල ගොඩගන්න හදන බව….ඒකයි මම සාරදාට සල්ලි දුන්නේ….විකුම්ගේ මව මා ගැන තබා ඇති විශ්වාසය ගැන මට ඇත්තේ දුකකි…..මා ඇය සිතන තරම් විශ්වාසවන්ත කෙනකු නොවන බව මා දනිමි..... නමුත් විකුම්වත් හොද තැනකට ගෙන දරුවන්වත් පිලිවෙලට හදාගෙන මගේ පවුල ලස්සන කරගන්නට මම වෙන වෙහෙසනම් ,ඇත්තටම සත්‍යක් බව මමද දනිමි....... මගේ අතින් නොදැනුවත්ම විකුම්ට උන එකම වැරැද්ද ඇරෙන්න මම ඉතා හොද කෙනෙක් බව මුලු ලෝකයාම දන්නා ලෙස, මගේ හිතද දනිමි..... ඒ වගේම අනිත් හැම දේකදීම මම ඉතා විශ්වාසවන්තව ගුනගරුකව වැඩ කරන කෙනෙක්ද වෙන්නෙමි.


අද වන විට මම ඉතා හොද බිරිදක් ලෙස සැමියාටත්.....හොද මවක් ලෙස දරුවන්ටත්....හොද යෙහෙලියක් ලෙස යහලුවන්ටත්....නෑදෑයන්ට හොදින් සලකන දියනියක් ලෙසද ජීවත් වන්නෙමි...එය ඉදිරියටත් එසේම වෙනු ඇත.


##########


කැනඩාවට පදිංචියට ආපසු...... දුවගේ අසනිපයට අවශ්‍ය බෙහෙත් හෙත් ,හොදින් පිලිවෙලට දෙන්නට ලැබීමත්.... ,.විශේශ දොස්තරවරුන් හමුවී පෙන්විමට හැකිවීමත් නිසා…...කාලෙකින් දුවට ඇගේ තිබුනු අසනීපය ඉස්මතුවී නොඒම..... අපේ හිතට ලොකු අස්වැසිල්ලක් විය......


ඇය දැන් ඉතා හුරුබුහුටි මගේ පෙනුමම ඇති ලස්සන චූටි දියනියක් වී හිදී..... උසේ තරමට මහත...උරහිස ලගට වැවුනු තද කලු කොන්ඩය...…බොහෝ පැහැපත් දිලිසෙන සමකින් යුක්ත ඇය දකින ඕන කෙනෙකුගේ සිත් ගන්නා හුරතල් හුරුබුහුටි දියනියක්ය......ලේ නෑයන් නිසා,..... පෙනුමෙන් බොහෝ දුරට මාත් නිරංජනුත් සම වී සිටිම නිසා...දුවටත් අපි දෙදෙනාගේම පෙනුම ලැබී තිබීම මට විශේෂ දෙයක් නොවිනි…..දුව දෙස බලා සිටිනා හැම මොහොතකම මට නිරංජන් සිහිපත්වේ….ඔහුගේ ...හිනහෙන දෑස...මුහුනේ හැඩරුව දුවට එලෙසම පිහිටා ඇත...ඇය දකින කවුරු උනත් කියන්නේ….


" පුතා තාත්තා තා වගේමයි….දුව නම් අම්මාගෙම කපාපු පලුව කියායි...එය ඇසීම නම් මට සතුටට කාරනයක් වෙයි….


-හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

5 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page