top of page
  • Writer's picturePrisila Godahewa

අමුතු දීගේ 💞#2 අමුතු දීගේ#2 💞

(14 වන කොටස)

"අපි ලංකාවේ හිටපු කාලේ වගේ නෙමේ....මේ රටේදි නම් හැම සෙනසුරාදා ඉරිදම වගේම අපට කම්මැලි නැතුව කොහේ හරි ...කාගෙහරි ගෙදරක ගිහින් සතුටු වෙන්න පුලුවන් ...නේද විකුම් ...


"ඔව්...ඒක හොදයි කියලා මටත් හිතෙනවා...සුමානයක්ම මහන්සි වෙලා ප්‍රශ්න එක්ක ජීවත් වෙන අපට සෙනසුරාදා ඉරිදට හරි මේ වගේ ස්තුටින් සැහැල්ලුවෙන් ඉන්න ලැබෙන එක ඔලුවට හොදයි ....


"අර ඊයේ මානෙල්ගෙ බර්ත්ඩේ එක දවසේ....හැමෝම ඊට පහුවෙනිදට තිබුන ප්‍රිසිලාගේ බර්ත්ඩේ එකටත් විශ් කරලා ....එයාගෙ දුවලත් මල් ඇරගෙන ඇවිත් ....එයාගෙ බර්ත්ඩේ එකත් සෙලිබ්බ්‍රෙට් කරපු විදිහ හරි ලස්සනයිනේ ....."


"එහෙම තමයි .... මානෙල් හැම අවුරුද්දේම එයාගෙ බර්ත්ඩේ එක ගන්නවලු.......සමහරු එහෙම නෑ....."


"ඔව්....එදා හැමෝම කතා උනේ...මේ දවස් වල කොරොනා වයිරසය නිසා එක ගෙදරකට පාර්ටි එකකට උනත් එකතු වෙන්න පුලුවන් සීමිත ආගන්තුකයින් ප්‍රමාණයක් විතරයි නිසා...පාර්ටි එකක් ඉවර උනාම දෙතුන් දෙනෙක් තරහ වෙනවලු අපට පාර්ටි එක කිව්වෙ නෑ.. ......අර ගොල්ලන්ට මේ ගොල්ලන්ට කියලා ....කියලා .....ඉතිං ඔය පාර්ටි දැම්මට මොකද ඊට පස්සෙ හොද යාලුවොත් තරහ වෙනවලු.....


"ඕක තමයි ප්‍රශ්නය....හොද වෙලාවට අපට වැඩිය යාලුවො නැති එක....කවදාහරි ලොකුවට පාර්ටි එකක් ගන්න වෙලාවට, අවුරුද්දකට විතර එක පාරක් හැමෝටම කියලා...පාර්ටි දාලා...ඔය අනිත් දවසට ලගම අය එක්ක සද්ද නැතුව එකතු වෙන එක තමයි හොද....."


"තාම අපි මේ රටට අලුත් නිසා...හොදයි ...පස්සෙ කාලෙක අපටත් ඔය ප්‍රශ්න එයි.. .

කාලයක් ලංඩන් වල ඉගෙනීමේ කටයුතු කල විකුම්, ආපසු ලංකාවේ පදිංචියට එන විට අපේ පුතාට අවුරුදු දෙක පසුවී මාස තුනක් පමණ ගත වී තිබුනි…...ඔහුට පාසැල් ගිය කාලයේ යාලුවන් දෙතුන් දෙනෙකු ඇරෙන්න වෙන අලුත් යාළුවන් සිටියේ නැති ගානය. ඔහු ලංකාවට ආ විගස අපි නුවර පදිංචියට ගියායින්….ඔහුගේ පාසැල් ගිය කාලයේ කොළබ යාලුවන් ආශ්‍රය කිරිමට අවස්තාවද ලැබුනේ නැත….. අපි නුවර පදිංචි වී සිටිය නිසත් විකුම් පටන් ගත් බිස්නස් එක නිසාත් ඔහු ඒ වෙනුවෙන් කාර්‍ය්බහුල වී සිටි බැවින් ඔහුට යාහලුවන් ආශ්‍රය කිරිමට අවශ්‍යතාවයක් නොතිබුනි ගානය..... ඊටත් වඩා, ලංඩන් වලදි ඔහු... යාලුවො නිසා අමාරුවේ වැටුන කෙනෙක් නිසා... ලංකාවේ පරණ යාලුවන්ගෙන්ද ඔහු ඈත් වී සිටින බවක් මට දැනින……

අප කැනඩාවට ආ පසු දැන් ඔහුට යලිත් හොද යාලුවන් ටිකක් මෙරටේදී හමුවිම මට සතුටක් විය......


"සාරදා ...අර එදා හම්බුන යාලුවන්ගෙන් ජයන්ත කියල හිටිය කෙනා, මට ශොපින් සෙන්ටර් එකක කොම්පියුටර් විකුනන ශොප් එකක සේල්ස් ජොබ් එකක් සෙට් කරා…. හෙට ඉන්ටර්විව් ඒකට ගිහින් බලන්න ඕනේ…"


"අනේ ඒක නම් ලොකු දෙයක්…..මොනවහරි ජොබ් එකක් හම්බුනොත් අපට ගෙදර කුලිය හරි ඒකෙන් ගෙවා ගන්න පුලුවන් වෙයිනේ…


"දවස් තුනයි එතන වැඩ තියෙන්නේ කිව්වා….අනිත් දවස් තුනකටත් මොනව හරි වෙන ජොබ් එකක් හොයා ගන්න ඕනේ... ...මම ලංඩන් වලදි එක එක ජොබ් කරලා තිබුන නිසා මට ඕන වැඩක් කර ගන්න පුලුවන් ….


"අපට මෙහෙදි හම්බවුන ලංකාවේ යාලුවො හැමෝම හොදයි වගේ…..අපිත් ඒගොල්ලන්ට හොදින් හිටියොත් හැමදාම අපට සතුටින් ඉන්න පුලුවන් …"


"හැමදාම යාලුවො එක්ක හොදින් ඉන්න නම හැමෝම එක්ක ගානට ඉන්න ඕනේ...ඕනෑවටත් වඩා කුලුපග වෙන්න ගියොත් තමයි යාලුකම් උනත් වැරදියට තේරුම් ගන්නේ …"


"ඒක නම් ඇත්ත…..අනුන්ගේ ඕපාදූප කතා අහන්නේ නැතුව… අනිත් අයගෙ ඕපාදූප කියන්නේ නැතුව,... ගානට .... .තමන්ගේ පාඩුවේ හිටියම හැමදාම හොදින් ඉන්න පුලුවන් …"


"හොද වෙලාවට මම වැඩිය දැන් කා එක්කවත් ෆෝන් එකේ..... අවශ්‍ය තාවයකට මිසක් ,නිතර කතා කරන්නෙ නැති නිසා...ශේප් එකේ ඉන්න පුලුවන් ...


"අර ඔයාට ජොබ් එක සෙට් කරපු ජයන්ත කියන කෙනා….හරිම විහිලුයිනේ….එයා නිසා තමයි මුලු පාර්ටි එකම නැගලා ගියේ…"


"ඒක නම් ඇත්ත බඩ රිදෙනවා හිනා වෙලා….තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක උනා පාර්ටි එකේදි එයාගෙ කතා අහලා…."


"එයාගෙ වයිෆ් සැන්ඩ්‍රා නම් පැත්තකට වෙලා හිනා වෙවී ඉන්නවා...


"ඇයි අර අක්බාර , ෆාතිමා...ඒ දෙන්නත් නියමයි විහිලු වලට….ෆාතිමාගේ වැඩේ..කිචි කිචි ගාලා හිනාවෙන එක....


"අර අනෝමගෙ පුතත් අපේ දුවගෙ වයසෙමයි…. එයා පුතාව ඩේකෙයාර් එකකට දාලා ඒගොල්ලන්ගෙ හොටෙල් එකක වැඩත් එයා බලාගන්නවලු...….මම කිව්වා එයාට.... මටත් ජොබ් එකක් හොයලා දෙන්න කියලා…"


"ඒ උනාට සාරදා ...තාම දුව පොඩියිනේ….ඔයා තව කාලයක් ඉදලම වැඩකට යන්න…."


"මට ඕනේ ඉක්මනටම ඔයාට උදව්කරන්නයි….අපි දෙන්නම වැඩ කරොත් අපේ වියදම, කරදරයක් නැතුව පිරිමහගන්න පුලුවන් වෙනවනේ …."


"ඉස්සරහ කාලේ පුතාව ඉස්කෝලේකට දාන්නත් අපි ලෑස්ති වෙන්න එපෑ…ඒකටත් සල්ලි ඕන වෙයි......"


"ඔව් ...එයාට අවුරුදු පහත් සම්පුර්ණ වෙන්න ලගයිනේ….එයා ආසාවෙන් ඉන්නේ ඉස්කෝලේ යන්න…"


" දුවට...මේ කැනඩාවේ සීතල දරාගන්න අමාරුයි වගේ… ඉස්සරහ කාලේ වින්ටර් නිසා එයාට තවත් අමාරු වෙයිද දන්නෑ ….ඊයේ රෑත් පපුව හිරවෙන්න ගත්තා…මට බයත් හිතුනා....අපි මෙහෙ ඉන්න... හොද හාර්ට් ස්පෙශලිස්ට් කෙනෙක්ට දුවව පෙන්නමු නේද විකුම්….."


"ඔව්..මම හොද ස්පෙශලිස්ට් කෙනෙක්ට පුලුවන් ඉක්මනට ඇපොයින්ට්මන්ට් එකක් දාන්නම්….අනේ මන්දා ලංකාවේ දොස්තරලා අහපු ප්‍රශ්නම අහයිද දන්නෑ…."

විකුම් වගේම මමත් ඉන්නේ ඒ ගැන නම් සැකෙන්‍ ය.


" මම ඉංගලන්ඩ් ඉදලා ආපු ගමන්නෙ... ඔයා ප්‍රෙග්නට් උනේ….මට හිතෙන්නෙම දුවගෙ මේ පපුවෙ අමාරුවට හේතුව ….මම ඩ්‍රග්ස් ගත්ත නිසා කියලා … ඒ නිසා.....මට දුව දකිනකොට හරි දුකයි මම නිසානේ එයාට එහෙම උනේ කියලා "


විකුම් හිතන්නේ එයා කාලයක් පිටරටදි ගත් මත් කුඩු නිසා...දුවව පිලිසිද ගැනීමේදී එය දුවට බලපාන්න ඇතැයි කියායි….. ඒ අනුව දුව අසනීප උනා කියලයි... ….හැබැයි ගුරුවරියක් නිසා මම දන්නවා….දුවගෙ මේ පපුවෙ අමාරුවට හේතුව මගේ අතින් උන වැරද්ද නිසා බව…..මම කොහොමද ඒය විකුම්ට කියන්නේ…..මගේ වැරද්දක් නිසා දුවට ඔය අසනිපේ හැදුනේ කියලා ….අනේ දෙවියනේ මම වගේ පව් කාරියක්...තමන්ගේ සැමියාට බොරු කියා…. අනුන්ගෙ දරුවෙක් මම, ඔහුගේ බව කියා…. ඔහුගෙන් දුවගෙ දුක සැප බලවාගන්න හැටි….ඔහු දන්නවානම් මේ ඉන්නේ ඔහුගෙ දුවක් නොවන බව….මගේ පවුල ආරාක්ශා කර ගැනිමට මම කිව් බොරුව නිසා….දෙවියෝ මට විතරක් නෙමේ….විකුම්ටත් දඩුවම් දුන් හැටි…අනේ මගේ පුංච් දුවටත්...මම නිසා දඩුවම් ලැබි ඇති හැටි……


"ඔයා ඒකට දුක් වෙන්න එපා විකුම් …. ඒක ඔයාගෙ වැරැද්දක් නෙමේ….අපි හැමෝම කරපු පවක් නිසා උන දෙයක් කියලයි මම හිතන්නේ…."


"දුව ගැන හොද විමසිල්ලෙන් ඉන්න ඕනේ හැම තිස්සෙම...."


"ලගදි අයියා කතා කරලා කිව්වා නේද ...අම්මට සනීප මදි කියලා ….දැන් අම්මට කොහොමද සාරදා ….?


"ආ….දැන් අපේ අම්මට හොදයි....එතකොට ….ඔයගොල්ලන්ගෙ අම්මට කොහොමද .. විකුම් .....? කාලෙකින් රානි අම්මා දැක්කෙත් නෑ…..කතා කරන්නත් බැරි උනා…."


"අපි දවසක කතා කරමු...අම්මට ඔස්ට්‍රේලියාව හිතට අල්ලලා….අක්කා කිව්වා අම්මට අම්මගෙ වයසේ යාලුවො වගයක් හම්බවෙලා දැන් කොයිවෙලෙත් ගෙදරත් නෑ කියලා ….."


"ඒක හොදයි .. අම්මගෙ කම්මැලි කම් යවා ගන්නත් එක්ක……"


"ගියපාර අම්මා කතා කල වේලේ කියනකම් මම දැනගෙන හිටියේ නෑ….නේ......අපේ මහගෙදර විකුනපු සල්ලි වලින් මට අයිති කොටස අම්මා බැංකුවේ දාලා බව….."


"මට නම් අම්මා කිව්වා….ඔයා කුඩුගහලා නාස්ති වෙලා හිටිය නිසා ඒ සල්ලි ගැන ඔයාට කිව්වෙ නෑ කියලා .. ...කවදාහරි දුවගෙයි පුතාගෙයි පොත් වලට ඒ සල්ලි දානවා කියලා අම්මා කිව්වා …"


" එහෙම නෙමේ සාරදා ….අපි ඒ සල්ලි මෙහෙට ගෙන්න ගෙන ….අපි කාමර දෙකකවත් පොඩි ගෙයක් ගමු...... ඒ සල්ලි වලින් මූලික ගෙවීම කරගත්තොත් අපට අවුරුදු තිහකට බෑන්ක් ලෝන් එකක් දාලා අපේම ගෙයක් ගන්න පුලුවන් …."


"නෑ….තව ටික කාලයක් අපි මේ විදිහට කුලියට ඉදලා….පස්සෙ දරුවො ටිකක් ලොකු උනාම ගෙයක් ගන්න වැඩේ බලමු….


-හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

13 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments

Couldn’t Load Comments
It looks like there was a technical problem. Try reconnecting or refreshing the page.
bottom of page