top of page
  • Writer's picturePrisila Godahewa

අමුතු දීගේ 💞#2 අමුතු දීගේ 💞#2

(13 කොටස )



දුව හම්බවෙන්න මම ඉස්පිරිතාලෙට ඇතුලත් වී ගෙවුනු දෙවන දින,.... මා සිසේරියන් සැත්කමට භාජනය කර දුව ලබාගත්තේ ..අපේ අයියා හොදින් අදුනන,පවුද්ගලික රෝහලක වෛද්‍යවරයෙකි..... ඔහු කලින් කියා තිබු ලෙසටම සිසේරියන් සැත්කමට මා භාජනය කලාය.....ඒ බව මම කලින් දැන සිටිය නිසා, මම ඒ ගැන හිතේ බයෙන් හා සැකයකින් සිටියත් විකුම්ට ඒ බව කියන්න නොගියෙමි....... මා සිසේරියන් සැත්කමට භාජනය කරන්නට හේතුව උනේ…..දුව පිලිසිද ගත් බව දැනගත් දිනවල සිට මා අධිරුධිර පීඩනයෙන් දැඩි ලෙස පෙලුන බැවිනුත් දරු ගැබේ තිබු තව වෙනස් කම් හේතුවෙනුත්ය. වෛද්‍යවරුන් කී ලෙස මම ඒ කාලයේ බොහෝ පරිස්සම් වී උන්නෙමි…….


නමුත් විකුම් දැන සිටියේ මම අධිරුධිර පීඩනයෙන් පෙලුන බව පමනකි..... එනිසා ඔහු මට නිතර විවේකයෙන් ඇදට වී සිටිමට සලස්වා පුතාගේ වැඩ කටයුතු බලාගත්තේ මට විවේකයක් පහසුවක් සලසා දීමටය. ......නමුත් විකුම් සිටියේ මා ගැන බයෙන්‍ බව මම දැන උන්නෙමි….... ඒ ඔහු මීට ප්‍රතම මගේ දරු ප්‍රසූති අවස්ථාවේ ලංකාවේ නොසිටි හෙයින් හා ඒ ගැන වැඩි දැනුමක් නොතිබු බැවිනි..... විකුම් ලංකාවේ නොසිටි කාලයේ මා පුතා හම්බවෙන්න ඉස්පිරිතාලෙට ඇතුලත් කල මොහොතේ සිට මා පසු පස සිටි අයියා මෙවරද මා සමග සිටින්නට අමතක නොකලාය. එය මගේ සිතට ලොකු සහනයක් විය.


මට මාසෙකට කලින්, දරුප්‍රසූතිය සිදු වී ඇති නිසා..... දුව ඉපදුණ මොහොතේ දොස්තර වරුන් වැඩි සැලකිල්ලකින් ඇයව බලා ගන්නා බවයි... විකුම්ට වැටහි තිබුනේ...... මගේ හෝ බඩේ සිටි දරුවාගෙ තිබු අසනීප තත්වයක් නිසා එය එලෙස වන්නේ යැයි විකුම්ට වෛද්‍යවරයන් විශේෂයෙන් කියන්න අවශ්‍ය තාවයක් නොවුනෙන් ඔවුන් එය විකුම්ට සදහන් නොකල අතර මා ගැන බයෙන් සිටි විකුම්ට ඒ ගැන අහන්න සිහියක්ද නොවීය..... මගේ අයියා හොදින් අදුනන වෛද්‍යවරයා නිතර මාත් දුවත් ගැනත් තොරතුරු අසනීප තත්ත්වයන් කතා කලේ අයියා සමගය..... එබැවින් විකුම් පුතා බලාගෙන පැත්තකට වි සිටිම මටත් සෝමාටත් හිතට සහනයක් විය. මීට වසර තුනකට උඩදී පුතා මට හම්බවෙන්න සිටි කාලයේදි වගේම අයියා මෙවරත් මගේ ලගින් සිටිම මට සතුටට කාරනයක් විය....


"ප්‍රයිවට් හොස්පිටල් එකකට බබා හම්බවෙන්න ආපු එක හොදට ගියා නේද….ඕන වෙලාවක සාරදාව බලන්න යන්න එන්න පුලුවන් නිසා...ලේසියි .


" සීසර් එකෙන් පස්සෙ සාරදාව රූම් එකකටත් දැම්මා ...තාම බබාව රූම් එකට ගෙනාවේ නැත්තේ ඇයිද දන්නෑ…මට බයත් එක්ක….." අක්කා කීය.


"තව ටිකකින් ඩොක්ටර් ආවාම අහමු….අලුත් බබාට කොහොමද කියලා …..මේ පාර සාරදාට දුවෙක් හම්බුන එක නිසා එයා සතුටින් ඉන්නේ.....ඒ උනාට සාරදා බය වෙලත් ඉන්නෙ, දුවට කරදරයක්ද කියලා....…..දෙවියන්ගේ පිහිටෙන් බබාට කරදරයක් නොවුනොත් හොදයි …."

අයියා මා ඉස්පිරිතාලෙට රැගෙන ආ මොහොතේ පටන් විකුම් සමග සිටිම ඔහුගේ හිතට සහනයක් බව මට පෙනින...


දුව හම්බවෙන්න ඉන්දෙද්දි මා මාස පතා දොස්තර හමුවන්න ගිය කාලයේ ඔහු නිතර නිතර මගේ ලේ සාම්පල් තොරතුරු බලා අහපු ප්‍රශ්නයක් තමයි .....


"ඔබේ සැමියා ඔබේ ලේ නෑදෑයෙක් ද යන්නයි.....🙄🙄


ඒ හැම මොහොතකම මම වෛද්‍යවරයාට සගවපු කාරනය උනේද එයයි..... සෝමා හා මම පමනක් දන්නා ඒ කාරණය මට සගවන්නට සිතුනේ මා කල ලොකු බොරුව විකුම් දැනගෙන අපේ පවුල් ජීවිතය විනාශ වී යැයි බියෙනි.


දුව බිහිවි සුමාන දෙකක කාලයක් මට රෝහලේ නවතින්න සිදුවුනේ....දුවගේ තිබු හර්දරෝගයක් සම්බන්දයෙන් වෛද්‍යවරුන්ගේ දැඩි අදීක්ශනය යටතේ ඇය නොමේරු දැරුවන් සිටින වාට්ටුවේ පරිස්සමට තබා තිබුන බැවිනි....


දුව ඉපදී සුමාන දෙකකට පසු මට දුවත් සමග ගෙදර යෑමට හැකි විය...

අවුරුදු තුනක් වයසැති පුතාට අලුතින් ගෙදරට ආ නංගි ගැන තිබුනෙ පුදුමාකාර තරම් ආදරයකි......


"ඔන්න පුතේ ඔයා නංගිට ආදරේ උනාට කමක් නෑ...එයාව අතේ කුනු පිටින් එහෙම අල්ලන්න එපා හොදේ....


" අම්මි.....නංගි කවද්ද ඉක්මනට ලොකු වෙන්නේ මාත් එක්ක සෙල්ලම් කරන්න .."


නංගි ගෙදරට ගෙනා දින සිට.....අපි හැමෝටම නිතර සිනා යන ලෙස ඔහු එසේ අසන්නේ ඇය දෙස ආදරයෙන් බලා හිදිමින්‍ය.


######

" සාරදා ….අපි මොනවද අද හවස ඉන්දුලාගෙ ගෙදර ගෙනියන්නේ..?


"ආ….ඔව්..අපි මොනවහරි ගෙනියන්න ඕනෙ නේ..... එහෙනම් අපි....ගෙදරට ලස්සන ඕනමන්ට් එකක් ගෙනියමු....."


මොකක් හරි හොද දෙයක් ගෙනියමු...අක්කලාගෙ යාලුවො නේ....


"හවස හොදට ඇදගෙන යන්නත් වෙයි.... අදුනන්නේ නැති අය එන නිසා…"


"ඔව්..අපි ලංඩන් ඉන්න කාලෙත් ගෙදර පාර්ටි වලට යනකොට හොදට ඇදලා කෝට් එහෙම දාලා යන්නේ...අද හවසට මම කෝට් එක දාලා යන්නේ….ඔයත් හොදට ඇදලා, බබාලත් හොදට අන්දගන්න…..අපි කැබ් එකක යමු......"


"විකුම්….අපිත් වාහනයක් ගත්තොත් හොදයි නේද?.....අයියට කියලා, ලංකාවෙන් සල්ලි ගෙන්න ගෙන හරි පොඩි කාර් එකක් ගමු.....?


" ඔව්..... මමත් ඔයාට කියන්න කියලා හිටියේ… යාලුවන්ට නිතරම කරදර කරන්න බෑනේ….අපි යන හැම තැනම එක්ක යන්න කියලා......එහෙම නැත්නම් කැබ්ස් වල යන කොටත් ලොකු ගානක් යනවනේ......."


"අනේ මන්දා අතේ තිබුන සල්ලි වලින් භාගයකටත් වැඩිය, ගෙදර ඇඩ්වාන්ස් එකට දුන්නනේ….තව ටිකයි වියදමට තමයි ඉතුරුවෙලා තියෙන්නෙත්...…."


"බලමු...ඉක්මනට ජොබ් එකක් හොයා ගන්න ඕනේ.... …..


එදින හවස අප , විකුම්ගෙ අක්කලාගෙ යාලුවන් වන, ඉන්දුලාගෙ ගෙදර යනවිටත්.... ඔවුන්ගේ යාලු පවුල් පහ හයක්ම ඔවුන්ගේ ගෙදරට ඇවිත් සිටියාහ..... අපි එහි ගියේ ටිකක් පරක්කු ද වෙලාය...... හේතුව දරුවොත් සමග ගොඩ වෙලාවක් එහි ඉන්න වෙන නිසා එය ඔවුන්ටත් කරදරයක් වෙයි කියා සිතාය ...... .


මම දුවව කවාපොවා හෝදා…. කිරි බෝතලයක්ද හදාගෙන එහි ගියේ පුලුවන් ඉක්මනට ඇය එහිදි නිදි කරන අදහසිනි.... පුතාගෙන් නම් කරදරයක් නැත….ඔහු ඔහුගේ සෙල්ලම් බඩුවක් සමග තනියෙන් සෙල්ලම් කරමින් පැත්තකට වී ඉන්නා බව දන්නා නිසා මට ඇත්තේ සැනසිල්ලකි.


අපි එහි යන විට ඇවිත් සිටි හැමෝම වගේ ශ්‍රි ලාංකිකයන් වීම මට සතුටක් විය. ඔවුන් සැවොම සිංහල ඉංගිරිසි කවලමේ කතා කරමින් සැහැල්ලුවෙන් සිටිනා අය බව පෙනේ….


" හෙල්ලෝ....හැමෝම අදුනගන්න මේ අපේ කට්ටියට අලුතින් එකතු වුන දෙන්නා...විකුම් හා සාරදා ….ලංකාවේ ඉදන් ඇවිත් දැන් සුමාන දෙකක් විතර වෙනවා….ඔයගොල්ලන්ට මතකනේ චාමලි... ගිය අවුරුද්දේ මෙහේ ඉදලා ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගියේ....ඒයාගේ මල්ලි විකුම්, ඉංග්ලන්ඩ් වල ස්ටඩි කරපු කෙනෙක්…..සාරදා ගැරැජුවට් කෙනෙක්.....ලංකාවේ හොද ඉස්කෝලෙක උගන්නපු කෙනෙක් ….අපේ හොද යාලුවො අදුනගන්න ඔයගොල්ලෝ ..….ඉන්දු අපිව ඇවිත් සිටි හැමෝටම අදුන්නලා දුන්නාය .


සාරදා ...මේ...සන්දයා , රුක්ශි , ශාන්ති , මානෙල්, රමනි….සැන්ඩ්‍රා....අපේ හොද යාලුවො ..."

හැමෝම මාව පිලිගත්තේ සිප ගනිමින්‍ය.


විකුම්වත් ගාමිනි ඒ විදිහටම පිරිමි යාලුවන්ට අදුන්වා දුන්නේය. ඒ අය ආරි...නිමල් ,පාලිත, කාලිංග ,රොහාන්‍ ය.. ඔවුන්ද ඉතා හිත හොද යාලුවන් බව මට වැටහුනි.


එදින රාත්‍රියේ ඉන්දුලාගෙ ගෙදර කෑම මේසය පිරෙන්න කෑම දීසි තිබුනි.... ඒවා ඒ ඇවිත් සිටි යාලුවො එකිනෙකා කතා කරගෙන ගෙනාපු ඒවා බව කිවේ...මානෙල්‍ ය. .... මෙහි සිටින හැමෝටම රසට උයන්න පුලුවන් බව නම් කෑම දීසි දෙස බැලීමේදි කීමට හැක..... මහ ගොඩක් එලවලු මස්, මාළු වලින් කෑම මේසය පිරි තිබුනි. ඒවා කැනඩාවට ආවේනික හා ශ්‍රි ලංකාවට ආවේනික කෑම වර්ග විය. Potluck ලෙස ඒ කෑම මේසය හදුන්වන බව දැන ගත්තේද එදිනය.


බත් කාපු පසු කන්න අතුරුපසද ඔවුන් හවුලේ හදාගෙන ගෙනත් තිබුනි….ශාන්ති ෆෘට් සැලඩ් එකක්, රුක්ශි පෑන්කේක්, මානෙල් අනම් මනම් දාපු 😃 මාශ්මෙලෝ පුඩිමක්, සන්දයා සව් දීසියක් ආදියයි…..හැමෝම එකමුතු කමෙන් ඒවා ගෙනත් රස බලපු අතර, පාර්ටිය ඉවර වු පසු ඉතිරි කෑම ගෙවල් වලට ගෙනියන්න පෙට්ටි වලට දා හැමෝටම දුන්නේ ශාන්තිය......


පසුව කුස්සියේ පිගන් කෝප්ප සොදා පිරිසිදු කිරිමටද ගැහැනු අය හැමෝම ඉන්දුට උදව් කලහ.... පිරිමි අයද එහෙ මෙහේ ඉදගෙන සිටි පුටු අසකර ගෙදර නැවත යතා තත්ත්වයට පත් කර යන්නටද අමතක නොකලේය.


මෙවැනි උත්සව සෑම සති අන්තයකම කාගේ හෝ ගෙදරක පවත්වන බවත්....මෙලෙස හවුලේ හැමෝම කෑම සාදාගෙනවිත් කාබී නටා සතුටු වන බවත් කාලෙක සිට කරන දෙයක් බවත්මට වැටහුනි.....එහි ආරංභය...තමන්ගේ රටෙන්... නෑදෑයෝ.. යාලුවන්ගෙන් ඈත්ව වෙනත් රටක ජීවත්වන හැමෝම.... තමන්ගේ කාන්සිය පාලුව තනිකම මකා ගන්න මේ ක්‍රමය කාලයක තිස්සේ කරන බවත් මට පැහැදිලි ව්ය. .....ඇත්තටම මටත් විකුම්ටත්.. අද දින ආ මේ ගමනේදි.... මේ සියලු දෙනා සමග එකට එකතු වි කතා බහ කරමින් ගෙවු පැය හතරක විතර කාලය හිතට ලොකු සැහැල්ලූවක් , සතුටක් ඇති වුනා වගේම.... ලංකාවේ නෑදෑයින් යාලුවන් අතර සිටියා සේ බවක්ද දැනින....


පසුගිය රෑ ආපසු අපි ගෙදර එනවිට රෑ දොලහත් පසුවී තිබුනි. දුවයි පුතයි ඉන්දුලාගෙ ගෙදර වේලාසන නිදාගත් නිසා මට එදින රෑ අනිත් ගැහැනු යාලුවන් සමග සතුටුසාමිචියෙ යෙදෙන්න අවස්ථාව ලැබුනි . . විකුම්ද අනිත් පිරිමි කට්ටිය සමග සිංදු කියමින් නටමින් කතාබහ කරමින් සතුටින් සිටිම මගේ හිතට ඇති කලේ සතුටකි..


-නැවත අපි ලබන අගහරුවාදා හමුවෙමු-


*ප්‍රිසිලා ගොඩහේවා *

2 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentarios


bottom of page