top of page
  • Writer's picturePrisila Godahewa

අමුතු දීගේ 💞#2 අමුතු දීගේ 💞#2


(11 වෙනි කොටස)


"ඇයි සාරදා …..ඔයා දුකෙන් .....ඇයි මේ කදුලු ....?"


"නෑ...දුව ගැන මට බයයි විකුම් .....ඒකයි… ..ඊටත් වඩා ඔයා ගැනත් දුකයි.....ඔයා ගොඩක් මහන්සි වෙනවා දරුවෝ දෙන්නා බලාගන්නත්...."


"එහෙම තමයි සාරදා ....අම්මලා තාත්තලා උනාම.... තමන්ගේ ළමයි එකමුතු කමෙන් බලාගෙන ලොකු මහත් කරලා හොද තැනකට ගන්න ඕනේ....එක්කෙනෙක් කරනකම් අනෙක් කෙනා බලාගෙන ඉන්නේ නැතුව....

ඔයා දන්නවානේ....මම ඉංග්ලන්ඩ් ඉදන් හොදටම නාස්ති වෙලා ලංකාවට ආපු වෙලේ....ඔයගොල්ලන්ගෙ ගෙදර අයයි.....ඔයයි.... මාව කොන් නොකර මට හොදට සැලකුව නිසා තමයි .....මට මේ තරම් හොදට වෙනස් වෙන්න, ජීවත් වෙන්න ආශාව ආවේ....මට ඒ නිසා තමයි ඔයාගේ වටිනාකම තවත් දැනුනේ වැඩි උනේ.......මොනවා උනත් ඕන මිනිහෙක්ට අන්තිමට කරදරයක වැටිනම,.... සලකන්න ඉන්නේ තමන්ගෙම බිරිඳ විතරයි කියලා මම හොදටම තේරුම් ගත්තා .....ඔයාට තැන්ක්ස් මාව හොද කෙනෙක් කලාට....


විකුම් මගේ ලගට විත් මගේ කරවටේ අත දමා මගේ කමුලක් ආදරෙන් සිප කීය...... මම ඔහුගේ ඉන වටා අත දමා ඇගට තුරුල් වී.....ඔහුගේ ගෙලේ මුල මුහුන තියා.... ඔහුව ටික වේලාවක් සිපගෙන එලෙසම සිටියේ.... විකුම්ට මම කියා තිබෙන ලොකු බොරුව සිහිවී ඇති උන දුක ඉවසාගැනිමට නොහැකිවය.


"යං….පුතා ගැන තමයි වැඩියම ඇහැ ගහගෙන ඉන්න ඕනේ..... මේ ගෙදර බඩු ඇදල කඩල දාන්න බැරි නෑ….තාම හරියට තේරෙන්නේ නෑනේ...."


එදින රාත්‍රියේ මංජුල අපට ලංකාවේ විදිහට රසට කෑම වේලක් උයා තිබුනේ..... ,දීපිකා වැඩ ඇරි ගෙදර එන්නටත් ප්‍රතමය.


" ඔයගොල්ලන්ට ,දවස් දෙකක් විතර එක දිගටම එලියෙන් වෙනස් විදිහ කෑම කාලා ඇතිවෙලා ඇති කියලා හිතලා මම ලංකාවේ කෑම වේලක්ම ඔයාලට හැදුවා…..මොනව කෑවත්...ලෝකේ වටේ තරු පහේ හෝටල් වලින් කාලා ආවත්.....අන්තිමට අපට පුරුදු පොල්සම්බෝල , කරවල , පරිප්පු එක්ක බත් කටක් කෑවාහම තමයි.....බඩයි හිතයි දෙකම පිරෙන්නේ......."


"ඒක නම් ඇත්ත....අපට පුරුදු අපේ ගමේ කෑම තරම් මටත් වෙන මොනවත් රස නෑ.....


"උබට..... රසට උයන්න පුලුවන් බව මම දන්නවා... ….ඉස්සර අපිත් එක්ක මැලේශියාවේ හිටපු කාලේ අපට මංජුල උයලා කන්න දෙන දවසට..... අපි හරි ආසාවෙන් කන්නේ…..කොහොම හරි ලංකාවේ එලවලු අලජාති.... පොලවල් වලින් හරි හොයාගෙන ඇවිත් හදනවා.....මාර රසයි....."


"අන්න ...දීපිකා ආවා….


"මම ඉක්මනට වොශ් එකක් දාගෙන එන්නම් සාරදා …."


"මේ බලන්නකෝ ....මංජුල

මඤ්ඤොක්කා උයලා . කරවල බැදලා...ගම් කුකුල්මස් උයලා… තක්කාලි සම්බෝලයකුත් හදලා......අම්මෝ හරියට කන්න බැරිවුන දවස් දෙකටම හරියන්න අද කත හැකී….." විකුම් කෑම උයා ඇති භාජන ඇර බලා තරු මරයි....


"මේ රටවල අපේ ගමේ එළවලු ඇති කියලා මම හිතුවෙත් නෑ…..එහෙනම් අපටත් ලංකාවේ විදිහටම උයාගෙන කන්න පුලුවන් නේද.. …"


"අපොයි ඔව්…..මෙහෙ තියෙනවා.... අපේ රටවලට ආවේනික එලවලු වර්ග තියෙන... ආසියානු රටවල මිනිස්සු නිතර යන එන පොලවල්.... ඒවගෙන් අපට අවශ්‍ය ලංකාවේ හැම එලවළුවක්ම ගන්න පුලුවන් ...ටිකක් දුර තියෙන්නේ....අපි සුමානෙකට දෙකකට සැරයක් ගිහින් ඒ එළවලු ගෙනත් තියා ගන්නවා......


"ඔයගොල්ලෝ වෙනම පදිංචියට ගිහාම..... සාරදා අපටත් ලංකාවේ විදිහට උයලා කන්න දෙන්නකෝ…."


"අනේ ඔව්..මාත් ආසයි රසට උයන්න ....ඔයගොල්ලෝ එන්නකෝ මගේ කෑමත් කන්න...


"ඔන්න විකුම්.....අපි ඔයගොල්ලන්ට නවතින්න බලපු ෆ්ලැට් එක තව දවස් හතරකින් හම්බවෙනවා....එතකොට ඔයගොල්ලන්ට එතන පදිංචි වෙලා පිලිවෙලක් වෙන්න පුලුවන් ....


"ලොකු දෙයක්...ඔයගොල්ලෝ අපට නවතින්න ගෙයක් වේලාසන හොයලා බලලා තිබුන එක....


" එහෙනම් ඉක්මනටම අපට ගෙදරට බඩුමුට්ටු ගන්න වෙයි නේද…?


" නෑ….ඔක්කොම ගෙදර ලොකු බඩු ඒ ගෙදර තියෙනවා ...ඇදන්,.මේස, ෆ්‍රිජ් එක, පුටුසෙට් වගේ හැම දෙයක්ම….….ඔය උයාගෙන කන්න ඕන කරන පෑන්ස්, පිගන් බඩු, බෙඩ්ශීට්, වගේ දේවල් තමයි ගන්න වෙන්නේ…..


"විකුම් කිව්ව නිසා….මම මෙහෙට එවපු පෙට්ටි වල ගෙදරට ඕන කරන පොඩි පොඩි බඩු ඔක්කොම එව්වා...ඒ පෙට්ටි ආවාම ඒවයෙ බඩු ගන්න පුලුවන් නිසා... එතකම් ශේප් කරගෙන ඉන්නවා….."


"ඔව්...ඔව්...එතකම් ඕන කරන බඩු මම දෙන්නම් ...මොනවටවත් සල්ලි වැඩිය නාස්ති කරගන්න එපා... ….මුලින්.වියදම් අඩුවෙන්ම කරගන්න බලන්න …."


එදින රාත්‍රියේ අප හතර දෙනා එකතු වී මංජුල උයලා තිබුන කෑම රස බැලුවේ කුස්සිය හා සාලය එකටම සම්බන්ධ වී තිබෙන ලොකු පැන්ට්‍රි කබඩ් එක ලග වාඩි වීය.


"පුදුම රසයි මංජුගෙ කෑම ටික.... බඩ පැලෙන්න කෑවා..."


රාත්‍රියේ අපි සැවොම එකට එකතු වී කෑම කා දීපිකා සමග කුස්සිය අස් කරන්න මාත් උදව් විය.....පසුව. ගොඩ වෙලාවක් අපි කතා කරමින් ඉද නිදා ගන්න යන්න ලෑස්ති උනෙමු.


" මට හෙට වැඩට යන්න තියෙනවා....ඔයගොල්ලෝ හෙට මංජුත් එක්ක ඔයගොල්ලන්ට අපි බලපු, ගෙදර බලලා ....රවුමක් එහෙම ගිහින් එන්න...මට හරි මහන්සියි මම නිදා ගන්න යනවා.... ඇදට ගිහින් තමයි .... රෑට ලංකාවේ යාලුවො නෑදෑයෝ එක්ක ෆොන් එකේ කතා කරන්නේ.... , FB ගිහින්....කතා අරණේ ප්‍රිසිලාගේ අමුතු දීගේ කතාවත් බලන්නෙත් ඒ වෙලාවට තමයි .....😃😃


අපි කැනඩාවට විත් දවස් හතරකට පසු අපට කුලියට ගෙයක් ගන්න පුලුවන් උනේ...මංජුයි දීපිකාගෙයි උදව්වෙනි.….ගෙදර අවශ්‍ය කරන ලොකු බඩු තිබුන නිසා අපට එය පහසුවක් විය . .. දීපිකා අනෙක් අවශ්‍ය කරන පොඩි බඩු අපට දුන් නිසා ලොකුවට ඇදගෙන යන්න කියා දෙයක් නොවීය.


"හෙට බදාදා හොද දවසක්…...උදේ අපි යුනිට් එකට ගිහින් කිරිබත් උයලා ගෙට ගෙවිදීම කරමු….ඔය මුලින් ආපු ගමන් ඔය විදිහ හොදයි …."


ඔවුන් අපට තට්ටු නිවාසයක තනි කාමරයේ ගෙයක් පුලුවන් ඉක්මනට සොයා දීම් අපට ලොකු පහසුවක් විය....... දීපිකාලගෙ ගෙදර හිටිය දින හතර ඔවුන් පුලුවන් උපරිමයෙන් අපට සැලකුවත්....., පුංච් ලමයි දෙන්නෙක් එක්ක අනුන්ගෙ ගෙදරක ඉදීම පුදුම අපහසුවකිනි පසුවුන දවස් කිහිපයක් විය...... දුව පුංච් නිසා කාර්ට් එකේ තියාගෙන හිටියත්,.... පුතා නිතර ගෙදර බඩු අදින නිසා ඔවුන් දෙදෙනා ඒවායින් ඈත් කර තබාගෙන මම හිටියේ බොහොම පරිස්සමටය...... ගෙදර ඉවුම් පිහුම් වැඩ මංජුල හා දීපිකා කරපු නිසා මට එහි කරන්න දෙයක් නොවිය.... .සියලු දෙනා ආහාර ගත් පසු මම බලෙන්ම වලං පිගන් සෝදා දෙන වැඩය කලෙමි....ඒ නිකන් කකා බිබි සිටිය නොහැකි නිසයි.... . දීපිකා වැඩට ගියාට පසු මම පුලුවන් විදිහට ගෙවල් අතුපතුගා තියන්න වෙහෙසුනේ දුවයි පුතයි නිදාගත් අවස්ථා වලය..... අපට නවාතැන පහසුකම් දෙන ඔවුන් වෙනුවෙන් මොනවා හරි උදව්වක් කර දීම මගේ හිතට සහනයක් විය.


කැනඩාවට ඇවිත් දෙවන දවසේ අපට දීපිකාලා සොයා දුන් තට්ටු නිවාසය බලන්න යන්න අවස්ථාව ලැබුනු මොහොතේ .... . මොන ආකාරයේ හරි තනි ගේක පදිංචි වීමේ අවස්ථාව තදින්නම මට දැනී තිබුනෙන් මම ඒ ගෙට එකපයින්ම කැමති විය... . ගෙට අත්තිකාරමක් බැද තව දින දෙකකින් එහි පදිංචියට එන බව පවසා ගෙදර ගියේ හිතේ සතුටින් .


"අපි ලංකාවෙන් එනකොට, කැනඩාවට එවපු පෙට්ටි ටික මෙහෙට ඇවිත්….කියලා ශිපිං කොම්පැණි එකෙන් කෝල් කරලා කිව්වා ...ඒකත් හොදට ගියා..... අපි බදාදා අපේ අලුත් යුනිට් එකටම ඒවා ගෙන්න ගමු….අපට ..... ,ළමයින්ට අවශ්‍ය කරන ගොඩක් බඩු ඒවායේ තියෙන නිසා අපට මුකුත් මෙහෙන් අමතර බඩු ගන්න වෙන්නෙ නෑ...


" ඒකත් ලොකු දෙයක් නේද සාරදා … ඒ වගේම අපට මෙච්චර ඉක්මනට මේ යුනිට් එකට යන්න ලැබෙන එකත් ලොකු දෙයක් ….


"අපි එනකොට ගෙනාපු සල්ලි වලින් නේද ගෙට ඇඩ්වාන්ස් එක දුන්නේ... නේද විකුම් …?"


"ඔව්… සල්ලි ටිකක් වැඩිපුර ගෙනාපු එක හොදට ගියා….ගේ පුංචි උනත් නිදහස්නේ….ඉන්න පුලුවන් නේ….දරුවෝ පොඩි නිසා කාටවත් කරදර කරන්න හොද නෑනේ..... මම බයේ හිටියේ පහුගිය දවස් වල......


"අපොයි ඔව්...තනි කාමරේ පුංච් ගෙයක් උනත්,... ඒක අපේ ගෙදර නිසා දරුවොත් එක්ක හිතේ නිදහසින් ඉන්න පුලුවන් … මොනවා උනත් දුවගෙ අසනීප තත්ත්වය උඩ කාටවත් කරදර නොකර නිදහසේ ඉන්න පුලුවන් වෙන එක හොදයි ...


-හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

4 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page