top of page
  • Writer's picturePrisila Godahewa

💞 අමුතු දීගේ 💞#2 අමුතු දීගේ#2


(10වෙනි කොටස )

පිටරට පදිංචියට ආ මුල්ම දීනේ ...., විකුම්ගේ යාලුවාත් බිරිදත් අපිව ආදරයෙන් පිලිගැනීමත්....ශ්‍රි ලාංකිකයන් වන අපි විශේෂ දිනවලට කිරිබත් උයා කෑමට ගන්නට පුරුදු වී ඇති නිසා....අද කැනඩාවට ආ දින අපට කිරිබත් කන්නට ලැබීමත් මගේ සිත සතුටින් තැබීය.


"දීපිකා හැමදාම වැඩට යනවද.....?


"මේ දවස් වල නම් දවස් තුනයි වැඩ කරන්නේ....


"උබ ගෙදර ඉදන්ද වැඩ කරන්නේ.....විකුම් මංජුගෙන් ඇසීය .

"දීපිකා නැතුව තනියම ගෙදර ඉන්න කොට පාලු නැද්ද ...."


"ඔව්...තනියම ගෙදර ඉන්න කොට පාලු නිසා.... සමහර වෙලාවට ඔය ලංකාවේ දේශපාලන නිව්ස් එහෙම කම්මැලි උනාම බලනවා...දීපිකා හරි ආස නෑ මම ඒවා බලනවට...ඒ නිසා එයා නැති වෙලාවට තමයි ඒවා බලන්නේ....


"දැන් නම බඩ පිරෙන්න කිරිබත් කාපු නිසා නිදිමතයි .....අපි ටිකක් නිදාගන්න යන්නද මංජු...?


"ඔව්...දවස් දෙකක් විතර නිදාගන්න බැරි වුන නිසා දැන් හොදට නිදාගන්න ...පුතාට කෑම කවන කොටම භාගෙට නින්ද ගියා නේද...?."


"සාරදා අපිත් එහෙනම් ටිකක් නිදා ගමු නේද ?


"ඔව්...ඔය දෙන්නා බබාලා එක්ක නිදාගන්න... . මම ගෙදර ඉදන් ඔෆිස් වැඩ කරන්නේ…..උවමනාවක් උනොත් මට කතා කරන්න. මම ගෙදර ඉස්සරහ කාමරේ ඉන්නේ…

තැන්ක්‍යු මචං ...උබලා අපි වෙනුවෙන් කරන දේවල් වලට….."


"ඕවා මොනවාද ...අපි මේ රටට ආපුවෙලෙත් අපේ නංගිලා අපිව ගෙදර නවත්තගෙන උදව් කලා.....අර ශානියි පාලිතයි අදටත් දන්න කියන කවුරු හරි නිවාඩුවකට කැනඩා ආවත්..... ගෙදර නවත්තගෙන හොදට සලකනවා......දෙන්නම වැඩට යනව කියලා නෑ......ලංකාවේ අයට උදව් කරනවා.....එහෙම තමයි ලංකාවේ අය කවුරු හරි මේ රටට පදිංචි වෙන්න ආපුවාහම, මුලින් ටිකක් පිලිවෙලක් වෙනකම් ,ලංකාවේ අනිත් කට්ටිය උදව් කරනවා...."


"කොච්චර හොදද...තමන්ගේ රටේ අයට තමන්ගේ කමට උදව් කරන එක...."


"බලන්නකෝ...ඉස්සරහ කාලේ....යාලුවො සෙට් වෙන හැටි...කවදහරි ඔයගොල්ලන්ටත් ඒ වගේ උදව් කරන්න වෙයි......දැන් ඔයගොල්ලෝ ගිහින් නිදා ගන්න .මමයි අද රෑට කන්න උයන්නේ...රෑට අපි ජොලියක් දාමු....


"එහෙනම් ඔන්න අපි කාමරයට යනවා....


"සාරදා … අපි කාමරේ ඇදවල් දෙක එකට එකතු කරලා හතරදෙනා එක්කම එකට නිදා ගමු නේද..? නැත්නම් මේ දෙන්නා ඇදෙන් බිමට වැටෙන්න බැරි නෑ…."


"හරි..ඒක හොදයි තමයි ...ඔයා ඇද හදන්න ….මේ පුතාට නින්ද ගිහින්...…..


"දන්නවද සාරදා ..….අපි ළමයි දෙන්නත් ඇරන් මෙහෙට මේ විදිහට ආපු එක ලොකු දෙයක්...දුවට අවුරුද්ද පිරුනා විතරයිනේ..... රට ගමන ආවට මම හරි බයේ හිටියේ...දුව ගැන….. ෆ්ලයිට් එකෙන් බැස්සට පස්සෙ තමයි මගේ හිතට සැහැල්ලූවක් දැනුනේ ......


පුතාව ඇදේ බිත්තිය අයිනට දා.. ඊට පස්සෙ දුව, මම...., කොනේම විකුම් නිදියන්න ලෑස්ති විය... ….සැප ඇදේ ඝනකම් පොරොවන තුලට ගුලිවී අප හතර දෙනා නිදාගත්තේ කාමරයේ ජනෙල් රෙදිද වසා දමා කාමරයට වැටෙන හිරු එලියද නැතිකොටය.


දරු දෙදෙනා නිදාගත්ත පසු අප දෙදෙනාද ඇදේ ඇලවුනේ දවස් දෙකකට පසු ඇගේ පතේ තුබුන මහන්සිය හා නිදිමත බේරෙද්දීය.....විකුම්, ඔහු ලගම නිදා සිටින මාව සිප ගෙන තුරුල් කරගත්තේ හැමදාම කරනා ලෙස, බාගෙට නිදිමතෙනි.


"අපි ලොකු පිම්මක් පැන්නා සාරදා.... ළමයි දෙන්නත් එක්ක මෙහේ ඇවිත්….ඉතිරි අමාරු වැඩ ටික ඉස්සරහට තියෙන්නේ...මට ගොඩක් මහන්සි වෙන්න වෙයි ඉස්සරහ කාලේ….."


"දුව පොඩ්ඩක් ලොකු උනාට පස්සෙ මටත් ඔයාට උදව්වක් විදිහට රස්සාවක් කරන්න පුලුවන්.. ….ඔයා බය වෙන්න එපා...... අපි බලමු...කොහොම හරි අපි අපේ කාලයක තිස්සේ තිබුන ආසාව ඉශ්ට කරගත්තනේ….දැන් ඉතිං ඉස්සරහ කාලේ වෙන්න තියෙන දේවල් වලට මුහුන දෙමු….."


"නිදාගමු සාරදා ….හරි නිදිමතයි .


පිටරට පදිංචියකට මට යන්න, කාලයක තිස්සේ තිබුන ආසාව... ඉශ්ට කරගැනීමට ලැබුන එක ගැන ඇත්තේ ලොකු සතුටකි........


ඒත්…. ඉදිරි කාලයේ මොනවගේ ප්‍රශ්න, කරදර වලට.... අප දෙදෙනාට මේ පුංච් ළමයි දෙන්නෙකුත් එක්ක මුහුන දෙන්න වෙයිද කියලා ඇත්තේ නම් පොඩි සැකයක් සමග බයකි..... කෙසේ වෙතත් අපි අද දිනේ කැනඩාවට ආ එකම මට නම් අප ලද ජයග්‍රහණයක් විය.


දවස් දෙකක් තිස්සේ මේ ගමන එන්න උන මහන්සිය නිසා ,ඇදට වැටුන ගමන් මට නින්ද ගියේ පුදුම සනීපයටය. විකුම් මා ලග ගොරව ගොරවා නිදිය...දරු දෙදෙනාද එලෙසය.


#######


"සාරදා ….සාරදා ....හොදටම හවස් උනා නැගිටින්න . ඔයාට නින්ද ගිහින් තිබුන නිසා, දුව නැගිටලා ඔයාට කරදර කරන්න හදනකොට, මම දුවට කිරි එකක් හදලා පොවලා එයාගෙ නැපි එකද මාරු කලා.....දුවයි පුතයි එලියේ රවුමකුත් මම එක්ක ගිහිනුත් ආවා…..මංජුල කුස්සියේ උයනවා...දීපිකා තාම වැඩ ඇරිලා ඇවිත් නෑ….ඔයා නැගිටලා ටිකක් කුස්සියට යන්න… හරි නෑනේ......"


මට විකුම් ගැන දුක සිතෙයි...….ඔහු ලංඩන් සිට කරදරේ වැට් ලංකාවට ආපසු...... පුදුමාකාර ලෙස වෙනස් වී ඇත. ඔහුගේ අතින් මටයි පුතාටයි අවුරුදු ගානක් තිස්සේ උන වැරැද්ද නිසා එසේ මට උදව් කරනවා වන්නටද ඇතැයිද මට සිතේ….


මට මතකයි ඔහු ලංකාවට ඇවිත් හරියටම මාසයක් ගිය පසු මම මට ඔහුට දුව හම්බවෙන්න ඉන්න බව කිව් මොහොත……


දුව ලැබෙන්න ඉන්න බව මම විකුම්ට කිව්වෙ ….ඔහු ලංකාවට පැමින මාසෙ සම්පුර්ණ උන පසුයි…. එය සෝමාගේ අනුදැනුම මත සිදුවිය ……..විකුම්ට එය බොහොම අමාරුවෙන් මාසයක්ම සගවාගෙන සිට කිව් දිනය මට සිහි වී දෑසට කදුලුද එන්නේ විකුම්ට මම කල බොරුව නිසයි......


එය මම ඔහුට කිව්වෙ අපි කොළඹ ගෙය විකුනා, නුවර අපේ අලුත් ගෙදර පදිංචියට ගිය දිනය.....


අයියගේ පූර්න සහයෝගයෙන් කොළඹ මහගෙදර විකුනා, ඒ මුදල් වලින් නුවර අලුත් ගේ මිලදිගැනීමට හා විකුම්ට නුවර අලුත් බිස්නස් එකක් පටන් ගැනීමට හැකි විය.....වාහනයක් ගත්තේද ඒ මුදල් වලිනි........කොළඹ ගෙදර හොද ගානකට විකුනා ගැනිමට හැකි විම අපි හැමෝටම සතුටට කාරනයක් විය.......

මුලින්ම අපි ගෙට ගෙවදීම කල දින සෝමා හා අයියලාගේ ගෙදර මෙහෙකාරියන් දෙදෙනා විසින්..... අපේ අලුත් ගෙදර ගෙට ගෙවදීමේ වැඩ කටයුතු හ අවශ්‍ය කෑම බීම ආදිය හොදින්ම ලෑස්ති කර තිබුනි.


" හොදට අලුත් ගෙදර කිරි උතුරන වැඩේ කෙරුනා….අපි එහෙනම් කිරිබත් කමු නේද..?


"අනේ ඔව්...හිතුවට වඩා....ගෙදර වැඩේ හොදට සිද්ද වුනා...අයියලාගෙ ගෙදර ලගම මේ ගෙදර තියෙන එකත් ලොකු දෙයක්....


එදින මගේ අයියා, නෑනා , දුව, අම්ම, විකුම් , සෝමා, පුතා, සහ මෙහෙකාරියන් දෙදෙනා පමනයි එම අවස්ථාවට සහභාගි වූයේ….


"අප්පේ… කිරිබත් මේසෙට තියෙන ජාති….කැවුම්, කොකිස්, අතිරහ, කෙසෙල් ගෙඩි ...අක්කා වෙන්න ඇති මේවා ලෑස්ති කරන්න ඇත්තේ ...විකුම් ලස්සනට සරසා තිබු කෑම මේසය දැක ඇසිය.


"අනේ නෑ විකුම් මල්ලි...අපේ මේ ගෙදර වැඩ කරන අය මේවා හැදුවේ....මම ඉතිං අණ කරනවා විතරනේ....හරි හොද දෙන්නා....ඒගොල්ලො සෝමා එක්ක හොදටම යාලු වෙලා...හරි සතුටින් ඉන්නේ..සෝමා මෙහෙ පදිංචියට ආ එකට....


" අම්මා එහෙනම් හැමෝටම කිරි බත් කටක් කවන්නකෝ…"...අයියා කීවේ... අපේ පවුලේ මොන දේ කරත් ඒකාලයේ පටන් අම්මාගේ මුල්තැන ඇතුව කෙරෙනා නිසා වන්නට ඇත .


"ඒ උනාට දැන් මේ ගෙදර මූලිකයා විකුම්නේ....ඒ නිසා විකුම් පොල්තෙල් පහන පත්තු කරන්න ..."


"ආ...ඔව්...එහෙම හොදයි....අයියා කීය.


විකුම් කෑම මේසේ පහන පත්තු කල පසු අප සියලු දෙනාට අම්මා කිරිබත් කට බැගින් කැවීය. අපි සැවොම අලුත් ගේ තුල කිරිබත් ඉදුල් කලේ සතුටිනි.....


" අද මේ හොද දවසේ මටත් අලුත් ආරංච්යක් කියන්න තියෙනවා.."


මම එය සෝමාගෙ කීමට හැමෝම ඉදිරියේ කීවේ හිතේ චකිතයකිනි. මගේ පපුව ගැහෙනා ආකාරය මටම දැනේ....


" ඒ මොකක්ද ?..අක්කා ඇසු අතර හැමෝම මගෙ මුහුන බැලිය.


" මට ආයෙත් බබෙක් හම්බවෙන්න ඇවිත්…"


"හානේ....නංගි...ගොඩක් හොද ආරංච්යක්නේ....හරිම සතුටුයි....


"හානේ... ඇත්තද.....මට සාරදා කිව්වෙත් නෑනේ..….මට හරි සතුටුයි සාරදා ...විකුම් හැමෝම ඉදිරියේ මාව සිපගත්තේ කිසිම ගානක් නැති ලෙසය. ...අක්කත් එලෙස් මා සිප ගත් අතර අම්මා හා අයියා අමුතු ලෙස මා දෙස බලා හිද ....හිතේ සැකයකින් මා සිප ගත්තාදැයි මට සිතිනි.….


" හරිම සතුටු දායක ආරංචියක්නේ මේ හොද දවසේ අහන්න ලැබුනේ" අයියා මුකුත් නොදන්නා ගානට සතුටින් කීය.


දුව ලැබෙන්න ඉන්න බව විකුම් ඇතුලු හැමෝම එය දැන ගත්තේ එලෙසය..... ඒ මොහොත මතක් වී මගේ ඇස් කදුලින් අදත් තෙත් වෙයි.


විකුම් නොදන්න ඒ රහස ...අම්මත් අයියත් සෝමා මෙන්ම දන්නවාද කියා සැකයක් තවමත් මගේ හිතේ ඇත....


-හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

2 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page