top of page
  • Writer's picturePrisila Godahewa

💞 අමුතු දීගේ 💞#2 අමුතු දීගේ#2


(9 වන කොටස)

ගුවන් තොටුපොළේ පිටවීම් දොරටුව කිට්ටුව සිටි ලංකාවේ පෙනුම තිබුන කෙනා විකුම්ගේ යාලුවා වෙන්න ඇතැයි මට සිතුනා පමනයි...


"ආ….සාරදා අර ඉන්නේ මංජුල….."

අපි යමු ඒ පැත්තට …

.මංජුලද අප දැක සතුටින් අප ඉන්නා පැත්තට එයි.


"හාලෝ...මචං…...වෙල්කම් ටු කැනඩා….කොහොමද .. කොහොමද කොහොමද ... … විකුම් බදාගෙන ආදරයෙන් පිලිගත් ඔහු මා ලගට විත් මාවත් පිලි ගත්තේ සතුටිනි.


" හෙල්ලෝ ...සාරදා ගැන අහලා ෆොටෝ දැකලා තිබුනට අදමනෙ දැක්කේ….ඉතිං ...ඉතිං ..මහන්සි ඇති නේද ..පැය ගානක ගමනක්නේ….ඊටත් බබාලත් එක්ක එන එක තමයි අමාරුම වැඩේ...…" පුතා ලගට ගිය මංජුල ඔහුව සිප පුංච් සෙල්ලම් කාර් රතයක් ඔහු අතේ තියමින්‍ය..….


"කොහොමද පුතා ඔයාට බඩගිනිද ?.....

පුතා ඔලුව දෙපැත්තට වැනුවේ බඩගිනි..නෑ කියන්නටය . එය දැක අපට සිනා ගියේය.


" මචං උබ දැන් අක්බා වගේ රැවුල වවලා......හැබැයි හොදයි ....කෝ....දීපිකා ආවෙ නැද්ද …"


"නෑ...එයා ඕගොල්ලන්ට හොදට මොනවා හරි උයලා කන්ඩ දෙන්න ඕනෙ කියලා ගෙදර හිටියා...දැන් ගෙදර ගිහාම අපට බලාගන්න පුලුවන් නේ එයාව…."


විකුම් අන්න...අපේ යාලුවො සෙට් එක ..ඉන්දු ,ශාන්ති , ලක්මිණි, සන්දයා ,චාමලි ,අනුශා ඔක්කොම බලාගෙන ඉන්නේ උබව දකින්න ආසයි කියලා ......


"මාත් සෙට් එකම දකින්න තමයි ආසාවෙන් ඉන්නේ .....


"අපි හෙට දිහාවට සෙට් එකටම එන්න කියලා පාර්ටි එකක් දාමු...


"ඔව් ඉතිං ....මේ රටවල හැම සෙනසුරාදා ඉරිදටම පාර්ටිනේ....."


"ඔව්..බං එහෙම නැත්නම් මේ රටවල තනියම ඉන්න කොට, වැඩ කරලා ඔලුව අවුල් වෙලා ඉන්න නිසා.....කට්ටිය එකතු වෙලා ජොලියක් දාලා තමයි ට්‍රෙස් නැති කරගන්නේ....


"මටත් ආසයි ...පරන කට්ටියම දකින්න...."


ටොරොන්ටෝ ගුවන් තොටුපොලෙන් එලියට ආ අපට මුලින්ම ඇගට දැනුනේ සනීප ශීතලකි….නමුත් මේ කාලය "වින්ටර්" ශීත කාලගුණය නොවුනත් ලංකාව වගේ රටක සිට මෙරටට ආ කෙනෙක්ට සිතෙන්නේ මෙය….ශීත කාලගුණය කියායි….ඒ තරමට සීතලක් ඇත. මගේ ඇගටනම් එය දැනුනේ සනීප ගතියකි.


"අපි කතා කර කරම "කාර්" පාර්ක් එකට ආවා….ඔයගොල්ලෝ එහෙනම් මෙතැන ඉන්න ...මම ගිහින්... වෙහිකල් එක ඇරගෙන මෙතනට ආවාම කට්ටියම නගින්න…."


ගුවන් තොටුපොළේන් එලියට ආපසු දකින්න ලැබෙන හැම දෙයකම ඇත්තේ නැවුම් දසුන්, අත්දැකීම් ජීවිතයට එකතු කරන සුන්දර වටපිටාවකි....... විවිධ රටවල සුදු ජාතිකයින් මෙන්ම කලු ජාතිකයින්ද…...වාහන.......පාරවල්.....අවට ඇති මහ උස හැම ගොඩනැගිල්ලක්ම ඇති කලේ තේජවන්ත බවකි….පිටරට ගමනක් මුලින් ආ මට මේ දකින හැම දේකම අපූර්ව සුන්දරත්වයක් පෙන්නුම් කරයි...... හිතට ආවේ සතුටක් සේම බයකි….අදින් පසු මේ රටේ අපට ජීවත් වීමට….පිලිවෙලක් වීමට සිදුවන්නේ මෙවැනි සුදු මිනිසුන් හා විවිධ රටවලින් පැමිනි විජාතිකයින් සමග බව දැනි හිතට බයක් වැනි හැගීමක්ද ඇතිවෙයි......


" සාරදා ... ඔයා පිටිපස්සේන් බබාලත් එක්ක නගින්න ."


විකුම් .......යාලුවා සමග ඉස්සරහ කාලේ අපි මෙහි පදිංචි වීමට කරගත යුතු දේ ගැන කතාකරමින් යයි...... ඉස්සරහ කාලේ අපිට මෙහ් පදිංචි වී ජීවත් වීමේදි, නොයෙකුත් කරදර කම්කටොලු වලට මුහුන දීමට අනිවාර්යයෙන්ම සිදුවෙන බව අපි දනිමු......පුංච් දරුවන් දෙදෙනෙකු සමග පැමිනි මේ ගමනේ අවසාන බලාපොරොත්තුව මෙරට පදිංචි වීම උනත් ...දැඩි කරදර වලට මුහුන දීමට සිදුවන බව දැන සිටියත්....... ඒවාට එඩිතරව මුහුන දීමට අප දෙදෙනාම කතා බහ කරගෙන ලෑස්ති වී පැමිනි සිටියෙමු.


වාහනය නාගරිකරනය වු ටවුම මැදින් පැයක පමන කාලයක් පැමින, ඇතින් ඇතීන් ගෙවල් දොරවල් කඩසාප්පු තිබෙන පැත්තක් හරහා ගොස් නවීන පන්නයට සාදන ලද ගෙවල් සංකිර්ණයක් පැත්තට හැරවිය..... ඒවා අතර අලුතින් සාදන ලද තනි තට්ටුවේ ගෙවල් හා තට්ටු දෙකේ ගෙවල්ද ඇත......එහිත් විනාඩි පහක් පමන තවත් වාහනය පදවා ගොස් මංජුල නැවැත්වුවේ අලුතින් සාදන ලද ගෙයක් ඉදිරිපිටය.......


එම ගෙවල් වටා ලංකාවේ මෙන් තාප්ප බැද නැත….හැම ගෙයක් ඉදිරිපිටම ලස්සනට සාදන ලද පොඩි ගෙවත්තක් ඇත......ඒවා හැම ගෙයකම වත්තට සමානව පිහිටා ලස්සනට මල් වවා...පිලිවෙලට කපන ලද තනකොල වලින් ගෙමිදුල අලංකාරව ඇති හැටි දකින විට..... පරන ඉංගිරිසි පොත්පත් වල අදින ලද පින්තූර මතක් වෙයි........ මිදුල් වලින් වටවු ගෙවල් තිබුනත්, එම ගෙවල් වල මිනිසුන් ඉන්නවාද යැයි කීමට බැරු ලෙසක් පෙන්වයි......සියලු ගෙවල් වල ප්‍රදාන දොරවල් වසා….මිනිස් පුලුටක් දකින්න නොලැබේ...., ගෙවල් ඉදිරිපිට වාහනද නවතා ඇත..... අපේ ලංකාවේ මෙන් ගෙවල් දොරවල් ඇර ගෙමිදුලවල් වල ඕපාදූප කතාකරන මිනිස්සු නැත..... ඔවුන් සියල්ලෝ පිලිවෙලට වැඩ කරමින් තමන්ගේ වැඩක් බලාගෙන ගෙවල් ඇතුලේ ඉන්නා ගානයි.....අවශ්‍ය තාවයකට මිස නිකම් පාරේ, එලියේ කාලය කා දමන බවක් නොපෙනේ....මේ රටවල් දියුණු වීමට හේතුවත් එයම වෙන්න ඇතැයි මට සිතේ....


වාහනයෙන් බැස ගත් මංජුල හා විකුම් අපේ බෑග් ගෙට ගෙනියන්න සැරසේ….


"එන්න… සාරදා ...අපි ගෙට යමු….දීපිකා එයි දැන්


ප්‍රදාන දොරටුව ඇරගෙන එලියට ආ..... කිසිදින මම දැක නොතිබුනු දිපිකා .... සිනා මුසු මුහුනෙන් අප පිලිගත්තේ හිත හොදින් බව නම් පෙනේ....... ඇය අපට ගෙට එන්නට ආරාදනා කලේ පුතාගේ අතින් ආදරයෙන් අල්ලාගෙනය..


" ආ....දුවට අතේම නින්ද ගිහින් නේද …? එන්න මම ඔයගොල්ලන්ගෙ කාමරය පෙන්නන්නම්….ඒකෙන්ම දුව ගිහින් තියන්න සාරදා ......


අලුත්ම පන්නයට නිමවු…. වටින කියන බටහිර පන්නයට නිමකරන ලද බඩුබාහිරාදීන් ගෙන් ගෙය අලංකාරව සරසා තිබුනි.


"මේ ඇදෙන් බබාව තියන්න…"


ලස්සනට දොර ජනෙල් රෙදි, ඇද ආවරන දා සකසන ලද කාමරයේ විශාල ඇදක් හා පොඩි ඇදක් තිබුනි . ඒ ඇදන් දෙකටම වටිනා ඇද ඇතිරිලි දමා තිබුනේය.


"සාරදා බබාව, තියලා ඇවිත් තේ එකක් බොන්න ….පස්සෙ වොශ් එකක් දාගන්න පුලුවන් නේ….දීපිකා දුව ඇදේ තියෙන කම් බලා ඉද කීය .


"හරි...යං එහෙනම් ..පුතානම් ආපු ගමන් වටපිට බලන්න පටන් ඇරන් වගේ…."

පුතා, දීපිකා ලස්සනට සරසා තිබු "බොන්සායි "මල් බදුනක් අතගානු දැක විගහට මම පුතා අතින් අල්ලා ඔහු එයින් වලකා මගේ ලගට කර ගත්තේය.


"උනුවෙන් කෝපි හැදුවා….වොශ් දාලා ඇවිත් උදේට කන්න බැරියෑ….දැන් මේක බොන්න .....සීතලත් ඇතිනේ......පුතාට කෝපි දෙනවද සාරදා …?


"ආ...ඔව් එයාට ඕන දෙයක් පුරුදුයි. මම නිවලා පොවන්නම්…."


"ඉතිං ….මහන්සිද සාරදා …?


"ටිකක් විතර...මේ දෙන්නත් එක්ක ආපු නිසා….."


"ඔයා එහෙනම් , බබාලවත් හෝදගෙන, ඔයත් වොශ් දාලා එන්න….මම කෑම ලෑස්ති කරන්නම්… දැන් නම් උදේටයි දවල්ටයි දෙකටම එක්ට කන්න පුලුවන් ….දවල් උනානේ…."


"එන්න පුතා ...අපි ඇදුම් මාරු කරගෙන එමු…."

විකුම් මංජුත් එක්ක බරටම කතාව. ඉස්සරහ කාලේ කරන්න ඕන දේවල් වෙන්න ඇති .


"විකුම්...ඔයත් කෝපි බීලා, වොශ් එකක් දාගෙනම එන්න. "


"පුලුවන් නම් ඔයා...පුතාව හොදලාම ඔයා වොශ් එකක් දාගන්නකෝ…."


"මම පොඩ්ඩක් එලියට ගිහින් එන්නම්...ඔයා දුව නැගිටින්න ඉස්සර පුතා හෝදලා ගන්න....ලංකාවේ ඔයගොල්ලන්ගෙ ගෙදරට කෝල් එකක් ගන්න ෆොන් එකට සිම් එකක් දාගන්න ඕනේ.... මංජුට කියලා ....."


පුතාව හොදින් සෝදා ඇලුත් ඇදුම් ඇන්දුවෙම්...මම වොශ් දා ගෙන එනකම් ඇදට වෙලා නංගි බලාගන්න කිව් නිසා..... පුතා ….මංජුල දුන් පුංචි කාර් එකත් අතේ තියාන සද්ද නැතුව නංගි ලගින් ඇදේ ඇලවි උන්නේය. අවුරුදු හතරක් වයසැති පුතා කියන දෙයක් අහන හොද දරුවෙක් උන එක ගැන මට ඇත්තේ සතුටකි. ඔහු නංගිව හොදින්ම පරිස්සම් කරයි ආදරය කරයි.


මමත් විගහට බාත්රූම් එකට ගොස් හොදින් හෝදාගෙන අලුත් ගෙදරට අදින ඇදුමක් දාගත්තෙමි...... ඇගට දැනුනේ...පුදුම සනීපයකි. දවස් දෙකකට කිට්ටු වෙන්න කාලයක් ඇදගෙන හිටි ඇගට තද වුන ඇදුම් ගලවන්න ලැබීම හිතත් සැහැල්ලුවක් විය.


මම කාමරයට එනවිට විකුම් කාමරයට විත් ඇදේ වාඩිවී ලංකාවට කෝල් එකක් ගන්න උත්සහ කරමින් ඉදියි.


"ෆෝන් එක හදා ගත්තද විකුම් ...?


"ඔව්....අපි තව ටිකකින් අයියලාට කෝල් කරමු. ඒගොල්ලො බලාගෙන ඇති අපි මෙහෙට කරදරයක් නැතුව ආවද දැන ගන්න....."


"ඔව්....අම්මත් බයවෙලා ඇති....දුවගෙ අසනීපෙ නිසා...."


" විකුම්.... ඔයත් ඉක්මනටම හෝදගෙන එන්න….අපි කන්න යමු ...මට හරි බඩගිනියි . කාලා දුවට කිරි දෙන්න ඕනේ...එයානම් දිගටම ඔහොම නිදියයි වගේ…නැගිට්ටහම එයාව හෝදනවා......"


"සාරදා...අපිට මෙහෙ ගොඩක් දවසක් ඉන්න බෑ…..මේ මිනිස්සු උදව්වක් විදිහට එන්න කිව්වට අපි පුලුවන් ඉක්මනට පොඩි යුනිට් එකක් ඇරගෙන යමු….කරදර කරන්න හොද නෑනේ….


"අනේ ඔව්...විකුම් මට හරි බයයි පුතයි දුවයි ගෙදර බඩු ඇදලා කඩයිද කියලා ...දීපිකා ගේදර ලස්සනට තියාගෙන ඉන්නවා….….අපි පුලුවන් ඉක්මනට ගෙයක් හොයා ගෙන ගමු…."


"මම මංජුලට කිව්වා ….පුලුවන් ඉක්මනට ගෙයක් හොයලා දෙන්න කියලා …අපි වියදමට සල්ලි ගෙනාවත් කිව්වා...."


"ඔයා එහෙනම් හෝදගෙන එන්න...මම පුතාට මොනව හරි තියෙන දෙයක් කවලා නිදිකරන්නමි…..අපිටත් ටිකක් නිදාගන්න තිබුනොත් හොදයි….හරි නිදිමතයි මහන්සියි ඇග හෝදගත්තට පස්සෙ …"


"එන්න පුතේ අපි කන්න යමු….මගෙ හොද පුතානේ….මේ අපේ ගෙදර නෙමේ ...පුතා ඇන්ටිගෙ ගෙදර බඩු අදින්න කඩන්න එපා හොදද පුතේ...නංගිට අදින්නත් දෙන්නත් එපා….හොදද පුතේ….මගෙ හොද පුතා හරි හොදයි අම්මා කියන දේ අහනවා කියලත් මම දන්නවානේ....අපි ලගදිම වෙන ගෙදරකට යනවා...එතකොට පුතාට ගේ ඇතුලෙත් සෙල්ලම් කරන්න පුලුවන් ..….."


"එන්න සාරදා ….ඔයා පුතාට මොනවා හරි විකුම් එන්න ඉස්සෙල්ලා කවන්න….ඊට පස්සෙ අපට කන්න පුලුවන් නේ….


ලංකාවේ ගෙවල් වලට වඩා වෙනස් මේ ගෙවල් ......කාමර වෙන වෙනම නිමකර සාදා තිබුනත්.... සාලේ කොටස් දෙකකට...කුස්සිය සාලෙට පේන ආකාරයට විවුර්ත් ලෙස සාලෙම කොටසක් ලෙස නිමවා ලස්සනට කබඩ් ගසා සාදා ඇත......


කුස්සියේ මැද තිබුනු කබඩ් ගසා ඇති මේසයේ උඩ, දීපිකා….කිරිබත් , කුකුල්මස් කරියක්, සීනි සම්බෝල සහ කඩෙන් ගේන ලද ලුනුම්‍රිරිස් බෝතලයක් තියා තිබුනි.


"පුතා කිරිබත් කයිද සාරදා ….?


"අපොයි ඔව්...එයා හරි ආසයි කිරිබත් කන්න. මම චිකන් කෑල්ලක් මිරිස් පිහිදලා එයාට අනලා කවන්නමි….කෑවට පස්සෙ එයත් නිදාගනි...දැනටත් ඇස්වලින් නිදිමත බේරෙනවා….මේ…..


" ඔව් …..කාලා ඔයදෙන්නත් ටිකක් නිදාගන්න ....පැය ගානක් හරියට නිදාගෙන නෑනේ….මට අද දවල් ඩියුටි….මම තව පැයකින් විතර යන්න ඕනේ….ඔයගොල්ලෝ නැගිටින වෙලාවට මම එනවා..….අපි හවසට ආගිය තොරතුරු කතා කරමුකෝ….."


"අනේ...තෑන්ක්ස් අපි වෙනුවෙන් මහන්සි වෙනවට...


"මොන කරදරයක්ද…? අලුතින් එන අපේ ලංකාවේ කට්ටියට අපි උදව් කරන්න එපෑ…..


"අපි වගේම ඔයගොල්ලොත් නිතර බත් කිරිබත් ගෙදර හදනවද..?


"අපෝ ඔව්...අපි ලංකාවේ හිටිය විදිහටම එළවලු බත් මාලු උයාගෙන කනවා….විශේෂයෙන් මටත් වඩා මංජුලට ලංකාවේ විදිහට රසට උයාගෙන කන්න ඕනේ….මටත් වඩා රසට එයාට උයන්න පුලුවන් ...අද හවසට එයා උයයි….මම වැඩ ඇරිලා එන වෙලාවට එයා මට මහන්සි නිසා උයලා තියෙනවා…..ඒ නිසා මට හරි ලේසියි ."


"කොච්චර දෙයක්ද...හස්බන්ඩ්ට උයන්න පුලුවන් එක...විකුම්ටත් ටිකක් උයන්න පුලුවන් ...ඒයා ඉංගල්ඩ් ඉන්න කාලේ යාලුවො එක්ක උයාගෙන කාලා තිබුනනේ….හැබැයි එයා නම් උයන්න හරි කම්මැලියි…..ඒ කාලේ ඔය මැක් බනිස්, සැලඩ්, සැන්ඩ්විච් තමයි වැඩිපුර කාලා තියෙන්නේ…….


" ආ....ඔය එන්නෙ විකුම්….එන්න කන්න....මේ ඔයාව බලන්න අපේ පරන, ගොඩක් යාලුවො බලාගෙන ඉන්නවා....අපිට හෙට ඒගොල්ලො හම්බවනවා.....එතකොට විස්තර කතා කරමුකෝ... මම තව ටිකකින් වැඩට යනවා….ආවහම අපි විස්තර කතා කරමු..... මට යන්න පරක්කු වෙනවා….මම යන්නද…? ඔයා මේගොල්ලො ගැන බලනවද…?


" හා..දීපිකා ඔයා එහෙනම් යන්න ….මම බලන්නම් මේ ගොල්ලෝ ගැන...ඔයා පරිසමට කාර් එක ඩ්‍රයිව් කරගෙන යන්න.


"එහෙනම් මම යන්නම් සාරදා .."


දීපිකා හා මංජුලා ලංකාවේ විදිහට ජීවත් වෙන හොදගතිගුන තිබෙන කාලෙකට උඩදි කසාද බැදපු දෙදෙනෙකි..... ඇයගේ බොරු ආටෝප,..ලොකු කතා,...සෝබන කතාබහ නැති එක නිසා මම ඇයට කැමති විය..... අද ඇවිත් ගත උන පැය ඇතුලත තේරුම් ගත් දෙයක් තමයි ... ඔවුන් දෙදෙනා ලංකාවේ සිරිත්විරිත් අනුගමනය කරමින් ජීවත් වන දෙදෙනෙක් බවයි....


*හෙට හමුවෙමු *.


*ප්‍රිසිලා ගොඩහේවා *

1 view0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentarios


bottom of page